15.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ ස්වභාවය, පියාගේ මෙන් සැහැල්ලු එකක් බවට පත් කරගන්න. ඔබට කිසිම
අහංකාරකමක් නොතිබිය යුතුයි. ඔබගේ බුද්ධිය, අහංකාරකම නොව, දැනුමින් පුරවාගන්න.
ප්‍රශ්නය:
සමහර දරුවන්
සේවය කරන විට, ළදරුවන්ටත් වඩා ළදරුවන් වන්නේ කෙසේද?
පිළිතුර:
ඇතැම් දරුවන්, දිගටම සේවය කරමින් අන් අයට දැනුම ලබා දෙන නමුත්, ඔවුන් පියාව සිහිපත්
කරන්නේ නැත. ඔවුන් කියන්නේ බාබා, මට ඔබව සිහිපත් කිරීමට අමතක වනවා. එබැවින් ඔවුන්
ළදරුවන්ටත් වඩා ළදරුවන් කියා බාබා කියයි, මන්ද දරුවන්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ පියාව
අමතක නොවන බැවින්. ඔබව රජකුමර, කුමරියන් බවට පත්කරවන පියාව, ඔබ අමතක කරන්නේ ඇයි? ඔබ
ඔහුව අමතක කරන්නේ නම්, ඔබගේ උරුමය හිමි කරගන්නේ කෙසේද? ඔබගේ දෑතින් ක්‍රියා වල
යෙදෙන අතරතුර, අඛණ්ඩව පියාව සිහිපත් කරන්න.
ඕම් ශාන්ති.
මෙම ඉගෙනුමේ ඉලක්කය සහ අරමුණ ඔය දරුවන්ගේ ඉදිරියේ ඇත. පියා සාමාන්‍ය සිරුරක් තුළ
සිටින බවත්, එය පැරණි සිරුරක් බවත් ඔබ දන්නවා. එහිදී, ඔවුන් මහළු වූ විටත් සතුටින්
සිටියි, මන්ද ඔවුන් නැවතත් කුඩා දරුවන් වීමට යන බව, දන්නා නිසා. මෙම කෙනාද දන්නා
අතර, ඔහු කවුරුන් වීමට යන්නේද කියා, දන්නා නිසා, එම සතුට ඔහුට තිබේ. ක්‍රියාකාරකම්,
දරුවෙකුගේ මෙන් වන අතර, දරුවෙකුගේ මෙන් පහසු වෙයි. අහංකාරකමක් ආදිය නැත. බුද්ධිය,
දැනුමින් පිරී තිබේ. මෙම කෙනාගේ (බ්‍රහ්ම බාබාගේ) බුද්ධිය මෙන්, ඔබගේද එසේම විය
යුතුයි. බාබා අපට ඉගැන්වීමට පැමිණ ඇති අතර, අප මෙය බවට පත් වනවා. එබැවින් ඔබගේ
සිරුරු අතහැර, ඉන්පසුව එය බවට පත් වීමේ සතුට, ඔය දරුවන්ට තිබිය යුතුයි. අප රාජයෝගාව
ඉගෙනගන්නවා. ඔබ කුඩා දරුවෙක් වුවත්, මහළු කෙනෙක් වුවත්, ඔබ සෑම කෙනෙක්ම ඔබගේ සිරුරු
අත්හරියි. සෑම කෙනෙකුගේම ඉගෙනුම එකයි. මෙම කෙනා පවසන්නේ මමද රාජයෝගාව ඉගෙනගන්නවා.
ඉන්පසුව මා ගොස්, රජකුමරෙක් වනවා. ඔබද පවසන්නේ, ඔබ ගොස් රජකුමරුන් කුමරියන් වනවා
කියාය, ඔබ ඉගෙනගන්නේ රජකුමර කුමරියන් වීමට බවයි. එවිට, ඔබගේ අවසාන සිතිවිලි ඔබව
ඔබගේ ගමනාන්තයට රැගෙන යනු ඇත. ඔබ යාචකයන්ගෙන් රජකුමරුන් වන බව ඔබගේ බුද්ධිය තුළ
විශ්වාසයක් තිබේ. යාචකයන්ගේ ලෝකය අවසන් වීමටයි යන්නේ. ඔය දරුවන් සිටිය යුත්තේ
ඉතාමත්ම සතුටින්ය. බාබා ඔය දරුවන්ව ඔහුට සමාන කරවයි. ශිව බාබා පවසන්නේ මා රජකුමරෙක්
හෝ කුමරියක් නොවන්නෙමි. මෙසේ කියන්නේ මෙම බාබායි මට එය වීමට අවශ්‍යයි. මම මෙම
ඉගෙනුම ඉගෙන ගන්නේ එසේ වීමටය. මෙය රාජ යෝගාවයි. ඔය දරුවන්ද පවසන්නේ, ඔබ රජකුමර
කුමරියන් වනවා කියාය. පියා පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම නිවැරදියි. ඔබගේ මුවේ රෝස
මලක් පිපේවා. (මෙය ප්‍රායෝගිකව සිදුවේවා). රජකුමර කුමරියන් වන විභාගය මෙයයි. දැනුම
ඉතාමත්ම පහසුයි. පියා සහ අනාගත උරුමය සිහිපත් කරන්න. උත්සාහයක් අවශ්‍ය වන්නේ මෙම
සිහි කිරීමටයි. මෙම සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තය
කරා රැගෙන යනු ඇත. සන්යාසීන් ලබාදෙන නිදසුනක් තිබේ. යමෙකුට නැවත නැවතත් මෙසේ
කියන්නට කියන ලදි මා හරකෙක්, මා හරකෙක්. එවිට ඔහු සැබවින්ම හරකෙක් කියා ඔහු විශ්වාස
කළේය. ඒ සෑම දෙයක්ම නිෂ්ඵලය. මෙහි, එය ආගම පිළිබඳ ප්‍රශ්නයකි. පියා ඔය දරුවන්ට
විස්තර කරයි දැනුම ඉතාමත්ම පහසුයි, නමුත් සිහිපත් කිරීමට උත්සාහය අවශ්‍යයි. බාබා
නිතරම කියන්නේ ඔබ ළදරුවෙක්. දරුවන් එවිට පැමිණිලි කර අසන්නේ මා ඇත්තටම ළදරුවෙක්ද?
බාබා පවසන්නේ ඔව්. ඔබ ළදරුවෙක්. ඔබට සැබවින්ම දැනුම තිබිය හැක, එමෙන්ම ඔබ දිවා
රාත්‍රියේ ප්‍රදර්ශන වල සේවය කරන නමුත්, මා පවසන්නේ ඔබ ළදරුවෙක් කියාය. පියා
පවසන්නේ මෙම බ්‍රහ්මාත් ළදරුවෙක්. මෙම බාබා පවසන්නේ ඔබ මට වඩා ශ්‍රේෂ්ඨයි. මේ කෙනාට
බොහෝ වගකීම් තිබේ. වගකීම් තිබෙන අයට සිතීමට බොහෝ දේවල් තිබේ. බාබාට බොහෝ පුවත්
ලැබෙයි. මේ නිසයි ඔහු උදේ පාන්දරින් අවදී වී, සිහිපත් කිරීමේ සිටීමට වෙර දරන්නේ.
උරුමය ලබා ගත යුත්තේ එම කෙනා ගෙනි. එබැවින් පියාව සිහි කරන්න. මා සියලුම දරුවන්ට
දිනපතාම විස්තර කරන්නේ සුමිහිරි දරුවනි, ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ බොහෝ දුර්වලයි.
ඔබ දැනුම පිළිබඳව ඉතාමත්ම හොඳ විය හැකි නමුත් ඔබ සෑම කෙනෙක්ම තමාගේම හදවතින් විමසිය
යුත්තේ, ඔබ කෙතරම් වේලාවක් බාබාගේ සිහිපත් කිරීමේ සිටිනවාද කියා. ඔව්, ඔබ දිවා
කාලයේදී ඔබගේ වැඩ කටයුතු වල බොහෝ කාර්ය බහුලව සිටිනවා විය හැක, නමුත් ඇත්ත වශයෙන්ම
ඔබගේ වැඩ වල යෙදී සිටින විට, ඔබට සිහිපත් කිරීමේ සිටිය හැක. මෙවැනි කියමනක් තිබේ
’ඔබගේ දෑත් වැඩ කරන අතර ඔබගේ හදවත සිහි කිරීමේ යොදවන්න‘. එනම්, ඔබගේ බුද්ධිය එහි
සම්බන්ධ වී තිබිය යුතුයි. භක්ති මාර්ගයේදී ඔවුන් වන්දනා කිරීමට ඉඳගත් විට, ඔවුන්ගේ
බුද්ධිය ඔවුන්ගේ වැඩ ආදිය වෙතට ඇදී යයි. එසේත් නැත්නම්, ස්ත්‍රියකගේ ස්වාමි පුරුෂයා
විදේශයක සිටින්නේ නම්, ඇයට එහි විශාල සම්බන්ධයක් තිබෙන බැවින් ඇගේ බුද්ධිය ඒ දෙසට
ඇදී යයි. එබැවින්, ඔබ ඉතා හොඳින් සේවය කළත්, බාබා පවසන්නේ, ඔබට ළදරුවෙකුගේ
බුද්ධියක් තිබෙන බවයි. බොහෝ දරුවන් මෙසේ ලියයි මට බාබාව සිහි කරන්න අමතක වනවා. ඔහෝ!
බබෙකුටවත් ඔහුගේ පියාව අමතක වන්නේ නැහැ! ඔබ ළදරුවන්ටත් වඩා බබාලයි. ඔබව රජකුමර
කුමරියන් බවට පත් කරවන පියා, ඔබගේ පියා, ගුරුවරයා මෙන්ම ගුරුය, ඒ තිබියදී ඔබ ඔහුව
අමතක කරනවා! බාබා අවවාද කරන්නේ, ඔවුන්ගේ සම්පූර්ණ වාර්තා ඔහු වෙතට එවන දරුවන්ට
පමණයි. ඔබ පියාව සිහිපත් කරන්නේ කෙසේද සහ කුමන වෙලාවටද කියා ඔබ පියාට ලිවිය යුතුයි.
එවිට පියාට ඔබට අවවාද කළ හැක. ඔබ කරන සේවයේ ස්වභාවයට (රැකියාව) අනුව, ඔබට සිහිපත්
කිරීමේ සිටීමට ඔබට කෙතරම් නිදහස් වෙලාවක් තිබෙනවාද කියා බාබාට වටහා ගත හැක. රජයේ
රැකියාවක් කරන අයට බොහෝ විවේකී වෙලාව තිබේ. රාජකාරී වැඩ ටිකක් අඩු වූ විගසම, ඔබට
පියාව සිහි කරීම කරගෙන යා හැක. ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන අතර, පියාගේ සිහි
කිරීමේ සිටින්න. බාබා ඔබට වෙලාව ලබා දෙයි. හොඳයි. රාත්‍රී 9.00 ට නින්දට ගොස්
ඉන්පසුව උදෑසන 2.00 ට හෝ 3.00 ට අවදි වී පියාව සිහිපත් කරන්න. ඇවිත් මෙහි අසුන්
ගන්න. ඔබ සිහිපත් කිරීම සඳහා අසුන් ගැනීම පමණක්, පුරුද්දක් කරගන්නවා වෙනුවට, බාබාට
අවශ්‍ය වන්නේ, ඔබ ඇවිදින සහ එහෙ මෙහෙ සැරිසරන විටද සිහිපත් කිරීමේ සිටිය යුතු බවයි.
ඔය දරුවන්ට බොහෝ විවේක කාලය තිබේ. පෙරදී ඔබ කඳු මුදුන් වලට ගොස් හුදකලාව අසුන් ගෙන
සිටියා. ඔබ අනිවාර්යෙන්ම පියාව සිහිකළ යුතුයි. එසේ නැත්නම් ඔබගේ පාපයන් දුරු වන්නේ
කෙසේද? ඔබට පියාව සිහිකළ නොහැකි නම් ඔබ බබාලටත් වඩා තොත්ත බබාලයි. සෑම දෙයක්ම රඳා
පවතින්නේ සිහිපත් කිරීම මතයි. උත්සාහයක් අවශ්‍ය වන්නේ පාරිශුද්ධකරු පියාව සිහි
කිරීමටය. දැනුම ඉතාමත්ම පහසුයි. ඔබ දන්නවා, චක්‍රයකට පෙර පැමිණි අය පමණයි නැවතත්
පැමිණ, මෙම දැනුම වටහා ගන්නේ කියා. ඔය දරුවන්ට දිගටම උපදෙස් ලැබෙනවා. ඔබ දැරිය යුතු
එකම උත්සාහය වන්නේ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ කෙසේද යන්නයි. පියාගේ
සිහිපත් කිරීමේ සිටීම හැර මෙය කිරීමට වෙනත් ක්‍රමයක් නැත. ඔබට බාබාට මෙසේ කිව හැක
බාබා මෙය මගේ ව්‍යාපාරය නිසා හෝ මෙම රැකියාව නිසා මට ඔබව සිහිපත් කිරීමට නොහැක.
එවිට බාබා සැනෙකින් ඔබට අවවාද කරනු ඇත එය නොකරන්න, නමුත් මෙය කරන්න. ඔබගේ සෑම
දෙයක්ම රඳා පවතින්නේ සිහි කිරීම මතයි. ඉතා හොඳින් දැනුම ලබා දී, සෑම කෙනෙක්වම සතුටු
කරවන හොඳ දරුවන් බොහොමයක් සිටියි, නමුත් ඔවුන්ට කිසි යෝගාවක් නැත. පියාව සිහි කළ
යුතු බව ඔවුන්ට වැටහෙන නමුත්, ඔවුන්ට අමතක වෙයි. මේ සඳහා උත්සාහයක් අවශ්‍යයි. මෙම
පුරුද්ද ඔබ ධාරණය කරගත් පසු, ඔබ ගුවන් යානයක හෝ දුම්රියක වුවත් අසුන් ගෙන සිටින
විට, සිහිපත් කිරීමේ සිටීමේ අභ්‍යන්තර සැලකිල්ල ඔබට තිබෙයි. බාබා ඔබව අනාගත රජකුමර
කුමරියන් බවට පත් කිරීමේ සතුට, ඔබගේ ඇතුලාන්තයේ තිබෙයි. උදේ පාන්දරින් අවදිවී
පියාගේ සිහිපත් කිරීමේ අසුන් ගන්න. එවිට, ඔබ වෙහෙසට පත් වන්නේ නම්, ඔබට හාන්සි වී,
බාබාව සිහිපත් කළ හැක. පියා ඔබට බොහෝ ක්‍රම පෙන්වා දෙයි. ඔබට ඇවිදින අතර සහ එහෙ
මෙහෙ සැරිසරන අතර බාබාව සිහිපත් කිරීමට නොහැකි නම්, බාබා මෙසේ කියනු ඇත හොඳයි,
රාත්‍රියේ විශේෂ සිහිපත් කිරීමේ අසුන් ගන්න, එවිටවත් ඔබට අඩු තරමින් යමක් රැස්
කරගැනීමට හැකි වෙයි. කෙසේවෙතත්, භාවනා කිරීමට තමන්ව බලහත්කාරයෙන් කොහේ හෝ ස්ථානයක
අසුන් ගැන්වීම, හත යෝගාව මෙන් වන්නේය. ඔබගේ මාවත පහසු එකකි. ඔබගේ ආහාර ගන්නා අතර,
පියාව සිහි කරන්න. බාබා විසින් අපව ලෝකයේ පාලකයන් බවට පත් කෙරෙනවා. දිගින් දිගටම
තමන්ට කතා කරන්න මෙම ඉගෙනුම තුළින් මා එය බවට පත්වනවා. ඔබගේ ඉගෙනුමට සම්පූර්ණ
අවධානය යොමුකරන්න. ඔබට තිබෙන්නේ ඉතා අඩු විෂයන් ප්‍රමාණයකි. බාබා විස්තර කරන්නේ ඉතා
ටිකකි. ඔබට යමක් වටහා ගත නොහැකි නම්, බාබාගෙන් විමසන්න. තමන් ජීවයක් බව සලකන්න. මෙම
ශරීරය සෑදී තිබෙන්නේ පංච මහා භූතයන් ගෙනි. තමන් ශරීරයක් බව සැලකීම යනු, තමන් පංච
මහා භූතයන්ගේ අවතාරයක් බව සැලකීමය. මෙය රකුසු ලෝකය වන අතර එය දිව්‍යමය ලෝකයයි. මෙහි
සෑම කෙනෙක්ම සිටින්නේ ශරීර අවධානයෙන්ය. තමන් ජීවයක් බව කිසි කෙනෙක් නොදනී. සෑම
විටෙකම නිවැරදි දේ සහ වැරදි දේ තිබේ. තමන් අවිනාශී ජීවයක් බව වටහා ගැනීම නිවැරදි
වටහාගැනීමකි. ශරීරයේ බොහෝ අහංකාරකම තිබේ. පියා දැන් පවසන්නේ ඔබගේ සිරුර අමතක කර
දමන්න! ජීවාත්ම අවධානයට පත් වන්න! මෙයට උත්සාහයක් අවශ්‍යයි. ඔබ උපත් 84 ක් ගෙන
තිබේ. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. ඔබ උපත් 84 ක් ගෙන ඇති නිසා ඔබට එය ඉතා පහසු
බව දැනෙයි. සූර්ය වංශික දෙවි දේවතාවන් උපත් 84 ක් ගන්නා බව, ඔබ නිවැරදිව ලිවිය
යුතුයි. ඔය දරුවන් දිගටම ඉගෙන ගන්නා අතර, නිවැරදි කිරීම් ද දිගටම සිදු වෙයි. ලෞකික
ඉගෙනුමකදී වුවත් එය අංකානුරූපයි. ඔබ අඩුවෙන් ඉගෙනගන්නේ නම්, ඔබට අඩු වේතනයක්
ලැබෙයි. ඔය දරුවන් දැන් බාබා වෙතට පැමිණ සිටින්නේ, සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන්
බවට පත් වීම සඳහා, අමරණීයත්වයේ සත්‍ය කතාව අසන්නටයි. මෙම මරණයේ දේශය දැන් විනාශ
වීමටයි තිබෙන්නේ. අප දැන් අමරණීයත්වයේ දේශයට යා යුතුයි. ඔය දරුවන් තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් වන අන්දම ගැන, අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ කෙසේද යන්න ගැන,
සැලකිලිමත් විය යුතුයි. පාරිශුද්ධකරු පියා, සෑම දරුවෙකුටම එකම ක්‍රමවේදය පෙන්වයි.
ඔහු සරලව පවසන්නේ පියාව සිහිපත් කර ඔබගේ වාර්තාව ලියන්න, එවිට ඔබ බොහෝ සේ සතුටට පත්
වනු ඇත. ඔබට දැන් දැනුම තිබෙන අතර, ලෝකය ඇත්තේ ඝණ අන්ධකාරයේය. ඔබට දැන් ආලෝකනය
ලැබෙනවා. ඔබ ත්‍රිනේත්‍රී සහ ත්‍රි කාල දර්ශි වෙමින් සිටිනවා. බොහෝ දෙනෙක් පවසන්නේ,
ඕනෑම තැනකින් දැනුම ලබා ගත හැකි බවත්, මෙය අළුත් දෙයක් නොවන බවත්‍ය. ආ! නමුත්
වෙනින් කිසිවෙකුට මෙම දැනුම ලැබෙන්නේ නැති අතර, ඔවුන්ට කොහේදි හෝ දැනුම ලැබෙන්නේ
නම්, ඔවුන් එය සමඟ කිසිවක් නොකරයි. වෙනත් අය, සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් වීමට
උත්සාහ දරණවාද? කොහෙත්ම නැත! උදේ පාන්දර කාලය ඉතාමත්ම හොඳ බව පියා ඔය දරුවන්ට
කියයි. සෑම දෙයක්ම සාමකාමී නිසා සහ වාතාවරණය ඉතා යහපත්ව පවතින නිසා, ඔබට බොහෝ සේ
සතුට ලැබෙයි. නරකම වාතාවරණය තිබෙන්නේ රාත්‍රි 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලයේ.
මේ නිසයි උදේ කාලය හොඳ වන්නේ. කලින් නින්දට ගොස් ඉන්පසුව පාන්දර 2.00 හෝ 3.00 ට
අවදි වන්න. සුව පහසුවෙන් අසුන් ගෙන, බාබාට කතා කරන්න. ලෝක ඉතිහාසය සහ භූගෝලය සිහි
කරන්න. ශිව බාබා පවසන්නේ මට නිර්මාපකයා සහ නිර්මාණයේ දැනුම තිබේ. මා ගුරුවරයා වී,
ඔබට උගන්වනවා. ඔය ජීව අඛණ්ඩව පියාව සිහි කරනවා. භාරතයේ අති පෞරාණික යෝගාව ඉතාමත්ම
සුප්‍රසිද්ධයි. එම යෝගාව පවත්වන්නේ කා සමඟද කියාත් ඔබ ලිවිය යුතුයි. එය ජීවය,
උත්තරීතර ජීවය සමඟ ඇති යෝගාවයි වෙනත් වචන වලින් කියතොත් එය සිහිපත් කිරීමයි. ඔබ
සම්පූර්ණ උපත් 84 ගන්නා පූර්ණ-වටේ යන්නන් බව ඔය දරුවන් දන්නවා. බ්‍රහ්ම වංශයට අයත්
අය පමණයි මෙහි පැමිණෙන්නේ. අප බ්‍රහ්මණයින් වන අතර, අපි දැන් දේවතාවන් වීමටයි
යන්නේ. සරස්වතීද මෙම කෙනාගේ දියණියයි. මම මහළුයි, නමුත් මා මෙම සිරුර අතහැර, රජෙකුට
උපත ලැබීමට යෑම ගැන බොහෝ සතුටු වෙමි. මා දැන් ඉගෙනගන්නා අතර, ඉන්පසුව මගේ මුවේ
රත්තරන් හැන්දක් තිබෙයි. මෙය ඔබ සෑම කෙනෙකුගේම අරමුණ සහ ඉලක්කයයි. සතුට නොතිබෙන්නේ
මන්ද? මිනිසුන් කුමක් කීවත්, ඔබගේ සතුට නැති කරගන්නේ ඇයි? ඔබ පියා සිහිපත් නොකරන්නේ
නම්, ඔබ සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් වන්නේ කෙසේද? ඔබ උසස් විය යුතුයි, නේද? ඔබට
එවන් උත්සාහ දැරිය හැකි බව පෙන්වන්න. ඔබ ව්‍යාකූලත්වයට පත් වන්නේ ඇයි? සෑම කෙනෙක්ම
රජෙක් නොවෙයි කියා, ඔබ අධෛර්යයට පත් වන්නේ ඇයි? සෑම කෙනෙක්ම රජෙක් වන්නේ නැත, යන
සිතිවිල්ල ඔබට ඇති වූ වහාම, ඔබ අසමත් වෙයි. ඔවුන් නීතිඥවරුන් හෝ ඉංජිනේරුවන් වීමට
කොලීජියක ඉගෙන ගන්නා විට, සෑම කෙනෙක්ම නීතිඥවරයෙක් වන්නේ නැති බව ඔවුන් නොකියයි.
ඔවුන් ඉගෙන ගත්තේ නැතිනම් ඔවුන් අසමත් වෙයි. මුළු මාලාවම සෑදී තිබෙන්නේ 16,108
ගෙනි. පළමුවෙන්ම පැමිණෙන්නේ කවුද? එය රඳා පවතින්නේ ඔබගේ උත්සාහයන් මතයි. ඔය සෑම
කෙනෙක්ම යාබද සිටින කෙනාට වඩා වැඩියෙන් උත්සාහ දරණවා. ඔබ දැන් ඔබගේ පැරණි සිරුරු
අතහැර ආපසු නිවසට යන බව, ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් තිබේ. ඔබට මෙපමණක් සිහිවන්නේ
නම්, ඔබගේ උත්සාහයන් තීව්‍ර වනු ඇත. සියල්ලන්ටම මුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන්නා
වන්නේ ඒකායන පියා බව, ඔය දරුවන්ගේ බුද්ධියේ තිබිය යුතුයි. අද ලෝකයේ මිනිසුන් බොහෝ
බිලියන ගණනක් සිටින අතර, එහි ඔබගෙන් 900,000 ක් පමණක් සිටියි. මෙය සාමාන්‍ය අගයක්
පමණයි. ස්වර්ණමය යුගයේ මීට වඩා කී දෙනෙක් සිටිය හැකිද? ස්ථාපනය කරන්නේ රාජධානියක්
නිසා, පුරවැසියන්ද සිටිය යුතුයි. බුද්ධිය පවසන්නේ ස්වර්ණමය යුගයේ වෘක‍්ෂය ඉතාමත්ම
කුඩා බවය එය සුන්දරයි. එහි නාමයම වන්නේ දිව්‍ය ලෝකයයි, පාරාදීසියයි. මුළු චක්‍රයම
ඔය දරුවන්ගේ බුද්ධියේ දිගින් දිගටම බ්‍රමණය වෙයි. ඔබ සෑම වෙලාවේම එය දිගටම බ්‍රමණය
කරන්නේ නම්, එය ඉතා හොඳයි. මේ එන කැස්ස, කර්මයේ විඳීමයි, මන්ද මෙය පැරණි සපත්තූවක්
නිසා. මට මෙහිදී අළුත් එකක් ලැබෙන්නේ නැත. ශිව බාබා පවසන්නේ මා පුනර්භවයක් නොගන්නා
අතර, මව් කුසකට ඇතුළු වන්නේද නැත. මා ඇතුළු වන්නේ මහළු ශරීරයකටයි. ඔබ දැන් ඔබගේ
විශ්‍රාමික තත්ත්වයේ සිටින අතර, ඔබ ශබ්දය ඉක්මවා ඔබගේ සාම දේශයට යා යුතුයි. දිවාකල
අවසන් වී, රාත්‍රිය බවට පරිවර්ථනය වී, රාත්‍රිය අවසන් වී, දිවා කලට පරිවර්ථනය වන
සේම, මෙම පැරණි ලෝකය, අනිවාර්යෙන්ම විනාශ වීමටයි යන්නේ. සංගම යුගය අවසන් වන විට,
ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම පැමිණෙයි. ඔය දරුවන් සිහිපත් කිරීමේ වන්දනාවට බොහෝ
අවධානයක් යොමු කළ යුතුයි. වර්තමානයේ මෙය බොහෝ සේ අඩුයි. මේ නිසයි බාබා ඔබට ළදරුවන්
කියා අමතන්නේ. ඔබ ඔබගේ ළදරු ස්වභාවය පෙන්වයි. ඔබට බාබා සිහි කිරීමට නොහැකි බව ඔබ
පවසන විට, ඔබට බබෙක් යැයි කියනු ඇත, එහෙම නේද? පියාව අමතක වන්නට තරම් ඔබ පුංචි
බබාලද? ඔහු මිහිරිතම පියා, ගුරුවරයා මෙන්ම ගුරුය. චක්‍රයෙන් භාගයක්ම ඔහු ඔබගේ
වඩාත්ම ආදරණීය කෙනාය, ඒ තිබියදී ඔබ ඔහුව අමතක කරනවා! චක්‍රයෙන් භාගයක්ම ඔබ දුකින්
සිටි විට, ඔබ ඔහු සිහිකළේ මෙසේ පවසමින්ය අහෝ දෙවියනේ! සිරුර තුළින් මෙසේ කියන්නේ
ජීවයයි. දැන් මා පැමිණ ඇති නිසා, ඉතා හොඳින් මා සිහිපත් කරන්න. තව බොහෝ දෙනෙකුට
මාවත පෙන්වන්න. ඔබ තව දුරටත් දියුණු වත්ම, බොහෝ ව්‍යාප්තිය සිදුවෙයි. පළාත්
ප්‍රසාරණය වනවා. අවුරොබින්දෝ ගෝස්ගේ නිදසුන තිබේ. අද ඔහුට බොහෝ මධ්‍යස්ථාන තිබේ. ඒ
සෑම දෙයක්ම අයත් වන්නේ භක්ති මාර්ගයට බව ඔබ දැන් දන්නවා. ඔබට දැන් දැනුම ලැබෙනවා.
මෙය වඩාත්ම ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයින් වීමට ඇති දැනුමයි. ඔබ මුනෂ්‍යයින්ගෙන් දේවතාවන්
බවට පරිවර්ථනය වනවා. පියා පැමිණ, සියලුම අපවිත්‍ර කිලිටි ඇඳුම් පිරිසිඳු කරයි. මෙම
ප්‍රශංසාව අයත් වන්නේ ඔහුට පමණයි. ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමයි. දැනුම
ඉතාමත්ම පහසුයි. අන් අයට මුරලි කියවන්න. දිගටම පියාව සිහිපත් කරන්න. පියා සිහිපත්
කරන අතර, ඔය ජීවාත්ම පිවිතුරු වී, පෙට්‍රල් වලින් අඛණ්ඩව පිරෙයි. ඉන්පසුව ඔය ජීව
දිව යයි. ඔවුන්ට, ශිව බාබාගේ පෙළහරේ කොටසක් ලෙසින් හෝ ඔහුගේ දරුවන් ලෙසින් ඇමතිය
හැක. පියා පවසන්නේ මා දැන් පැමිණ සිටින්නේ ඔබව රාගයේ කොතෙන් ඉවත් කර, යෝගාවේ කොතේ
අසුන් ගන්වන්නටයි. ඔබට යෝගාව තුළින් නිරෝගිකමද, දැනුම තුළින් ධනයද ලැබෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ අරමුණ
සහ ඉලක්කය ඔබගේ ඉදිරියෙන් තබා ගෙන, සතුටින් සිටින්න. කිසිම විටෙක අධෛර්යට පත්
නොවන්න. සෑම කෙනෙක්ම රජෙක් බවට පත් වන්නේ නැත, යන සිතිවිල්ල කිසිම විටෙක ඇති කර
නොගන්න. උසස් තත්ත්වයක් හිමි කරගැනීමට උත්සාහ දරන්න.
2. වඩාත්ම ආදරණීය
පියාව, බොහෝ සෙනෙහසින් සිහිපත් කරන්න. මෙහිදී ළදරුවෙක් නොවන්න. උදේ පාන්දර වෙලාව,
සිහිපත් කිරීම සඳහා ඉතා හොඳ වෙලාවකි. නිහඬව, පහසුවෙන් අසුන්ගෙන, බාබාව සිහි කරන්න.
වරදානය:
ඔබ යාගයට සේවය
කිරීමේදී සර්ව සම්පූර්ණ සේවාදායකයෙකු වී සියලු ජයග්‍රහණවල ප්‍රසාදය ලබා ගනීවා.
සංගම් යුගයේදී සර්ව
සම්පූර්ණ සේවය කිරීමට අවස්ථාවක් ලැබීම යනු නාටකයේ නැගීමකි. සෙනෙහසින් යාගයේ සර්ව
සම්පූර්ණ සේවය කරන අයට සියලු ජයග්‍රහණ වල ප්‍රසාදය ස්වයංක්‍රීයව ලැබේ. ඔවුන් බාධක
වලින් නිදහස්ව සිටිති. ඔවුන් කරන ඕනෑම සේවාවක් සඳහා, ඔවුන්ට එම සේවයේ ඵලය දහස්
ගුණයකින් ලැබේ. සියුම් හා භෞතික “ලන්ගර්” (අඛණ්ඩ ආහාර පූජාව) සෑම විටම අඛණ්ඩව
පැවතිය යුතුය. ඕනෑම කෙනෙකුව සෑහීමකට පත් කිරීම සියල්ලටම වඩා ලොකුම සේවයයි. ආගන්තුක
සත්කාරය පිරිනැමීම යනු සියල්ලටම වඩා ලොකුම වාසනාව ලැබීමයි.
පාඨය:
ඔබේ ආත්ම
ගෞරවයේ ස්ථාවරව සිටින්න, එවිට සියලු ආකාරයේ අහංකාරය ස්වයංක්‍රීයව අවසන් වේ.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ලෝකයේ සිටින රාජකීය
මිනිසුන්, කිසිම විටෙක සුළු කාරණා හෝ සිදුවීම් වෙනුවෙන් ඔවුන්ගේ බුද්ධිය හෝ කාලය
භාවිතා නොකරයි. ඔවුන්ට පෙනෙන නමුත් නොපෙනෙයි, ඇසෙන නමුත් නෑසෙයි. ඒ ආකාරයෙන්ම ඔය
ආධ්‍යාත්මික රාජකීය ජීවාත්ම, රාජකීය නොවන ජීවාත්මයන්ගේ කාරණා වෙනුවෙන් ඔබගේ බුද්ධිය
හෝ කාලය භාවිතා නොකළ යුතුයි. ආධ්‍යාත්මික රාජකීය ජීවාත්ම, කිසිම විටෙක නිෂ්ඵල හෝ
සාමාන්‍ය වචන කතා නොකළ යුතුයි.