15.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අමරණීය බාබා ඔබට දැනුමේ තෙවැනි ඇස ලබා දීමට පැමිණ ඇත. ඔබ දැන් තුන් කාලය සහ
තුන් ලෝකය පිළිබඳව දන්නවා.
ප්‍රශ්නය:
ආධ්‍යාත්මික
පියා, ඔය ජීවයන්හට උරුමයක් ලබා දෙන්නේ කුමන පදනමක් මතද?
පිළිතුර:
ඔබගේ ඉගෙනුමෙහි පදනමට අනුව පියාගේ උරුමය හිමි කරගන්නේ, හොඳින් ඉගෙනගෙන, ශරීර අවධානය
අත්හැර, ජීව අවධානයෙන් සිටීමට උත්සාහ දරන දරුවන්ය. ලෞකික පියෙක් උරුමයක් ලබා දෙන්නේ
ඔහුගේ පුතුන්ට පමණක් වන නමුත් මෙම ලෝකයට එපිටින් සිටින පරමාත්ම පියාට, ජීවාත්ම සමඟ
සම්බන්ධතාවයක් තිබේ, එබැවින් ඔහු ජීවාත්මයන්ට උරුමයක් ලබා දෙයි.
ගීතය:
අවිහිංසක
ස්වාමියා මෙන් අසහාය කෙනෙක් නොමැත!
ඕම් ශාන්ති.
මෙම මරණීය
දේශයෙන්, අමරණීය දේශයට යාම සඳහා, ආධ්‍යාත්මික දරුවන්, ආධ්‍යාත්මික පියාගෙන්,
අමරණීයත්වයේ කතා පුවතට සවන් දෙයි. නිර්වාණ දේශයට, අමරණීය දේශය යැයි කිව නොහැක.
මරණීය දේශය යනු, ඔබ අකල් මරණ අත්නොවිඳින තැනයි. එයට අමරණීය දේශය යැයි කියන්නේ
එනිසාය. අමරණීයත්වයේ ස්වාමියා ලෙසින්ද හැඳින්වෙන, ආධ්‍යාත්මික පියා, ඔබව අමරණීය
දේශයට රැගෙන යාම සඳහා, ඔබට අමරණීයත්වයේ කතා පුවත නිසැකයෙන්ම පවසන්නේ මරණීය
දේශයේදීය. කතාපුවත් තුනක්, භාරතයේ සුප්‍රසිද්ධය අමරණීයත්වයේ කතා පුවත, සත්‍ය
නාරායනගේ කතා පුවත සහ තෙවැනි ඇසේ කතාව. භක්ති මාර්ගයේ කිසිම කෙනෙකුට, තෙවැනි අසේ
කතා පුවතේ අරුත, නොවැටහෙයි. දැනුමේ මහා සාගරය වන අමරණීය බාබා හැර, වෙනත් කිසිවෙකුට,
ඔබට දැනුමේ තෙවැනි ඇස ලබා දිය නොහැක. ඔවුන් බොරු කතා නිකමට පවසයි. එය තුළින්, ඔබ
තුන් කාලය සහ තුන් ලෝකය පිළිබඳව දැනුවත් වන, දැනුමේ තෙවැනි ඇස, ඔබට දැන් ලැබෙන බව,
ඔය මිහිරි ආධ්‍යාත්මික දරුවන්ට දැන් වැටහෙයි. ඒ සමඟම ඔබ අශාරීරික ලෝකය, සූක‍්ෂම
කලාපය සහ ශාරීරික ලෝකයේ මුල, මැද සහ අවසානය ගැනද දන්නවා. ඔය දරුවන් තමන් තුන් කාලය
පිළිබඳව දන්නා අය බව සලකන්නේ මේ නිසාය. ඔය දරුවන් හැරුණු කොට, ලෝකයේ කිසිම කෙනෙක්,
තුන් කාලය පිළිබඳව දන්නා අය නොවෙයි. කිසිම කෙනෙක් තුන් කාලය එනම්, ලෝකයේ ආරම්භය,
මැද සහ අවසානය පිළිබඳව නොදනී. බොහෝ දෙනෙක් අශාරීරික ලෝකය, සූක‍්ෂම සහ ශාරීරික කලාප
පිළිබඳව දන්නා නමුත්, තුන් කාලයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳව කිසිම කෙනෙක්
නොදනී. ඔය සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන් දැන් ආධ්‍යාත්මික පියාට සවන් දෙනවා. ඔබ
දැන් ඔහුගේ දරුවන් වී ඇත. ඔය ආධ්‍යාත්මික දරුවන්, ආධ්‍යාත්මික පියාව මුණගැසෙන්නේ
එක් වරක් පමණයි. පියා උගන්වන්නේ ඔය ජීවයන්ටයි. ශරීර අවධානයෙන් සිටීම නිසා අන් සෑම
කෙනෙක්ම පවසන්නේ මා මේ දේ ඉගෙන ගනිමින් සිටිනවා මා මේ දේ කරනවා. ඔවුන් ශරීර අවධානයට
පත් වනවා. දැන් සංගම යුගයෙදී, ආධ්‍යාත්මික පියා පැමිණ, ඔය ආධ්‍යාත්මික දරුවන්ට ඉතා
හොඳින් ඉගෙන ගන්නා ලෙස පවසයි. සෑම දරුවෙකුටම, පියාගෙන්, ඇගේ හෝ ඔහුගේ උරුමය හිමි
කරගැනීමට අයිතියක් තිබේ, මන්ද, සියල්ලන්ම ආධ්‍යාත්මික දරුවන් බැවින්. ලෞකික
සම්බන්ධතාවයන්හිදී, උරුමයකට අයිතියක් තිබෙන්නේ පුතුන්ට පමණයි. මෙම ලෝකයට එපිටින්
සිටින ඒකායන කෙනා සමඟ ඇති සම්බන්ධතාවයේදී, සියලුම දරුවන්ට, එනම්, සියලුම ජීවයන්ට,
උරුමයක් හිමි වෙයි. ඔහු ඔබට අමරණීයත්වයේ කතා පුවතද පවසයි. ඔහු කඳු මුදුනක, ගල්
ගුහාවක් තුළදී, පාර්වතීට කතා පුවත පැවසූ බව, කියැවෙයි. එය වැරදියි. නිවැරදි දේ
මෙන්ම වැරදි දේ කුමක්ද කියා ඔය දරුවන් දැන් දන්නවා. සත්‍යය කුමක්ද කියා ඔබට
පවසන්නේ, සත්‍ය බාබා පමණයි. පියා එක් වරක් පැමිණ, ඔබට සත්‍යය පවසා, ඔබව සත්‍ය දේශයේ
අධිපතියන් බවට පත් කරවයි. මෙම මුසාවේ දේශය, ගිණි ගැනීමට තිබෙන බව, ඔබ දන්නවා. ඔබ
දැන් දකින කිසිම දෙයක් ඉතිරි නොවෙයි. ඉතිරිව ඇති කාලය, ඉතාමත්ම කෙටියි. ලෞකික
පියෙක් යාග හෝමයක් නිර්මාණය කරන ආකාරයෙන්ම, මෙයත් ශිව බාබාගේ දැනුමේ යාග ගින්නයි.
ඇතමුන් රුද්‍රාගේ යාග හෝමයක් නිර්මාණය කරන අතර තවත් සමහරුන් ගීතාවේ යාගයක් නිර්මාණය
කරයි. සමහරුන් රාමායනයේ යාගහෝමයක් නිර්මාණය කරයි. මෙය, ශිව බාබා, හෝ රුද්‍රාගේ
දැනුමේ යාග හෝමයයි. අවසන් යාගහෝමය මෙයයි. ඔබ දැන් අමරණීය දේශයට යන බව, ඔබ දන්නවා.
දැන් ඉතිරිව ඇති කාලය, තව විනාඩි කිහිපයක් පමණයි. කිසිම මනුෂ්‍යයෙක් මෙය නොදනී.
ඔවුන් පවසන්නේ මරණයේ දේශයේ සිට අමරණීයත්වයේ දේශයට යාමට, තව වසර 40,000ක් ඉතිරිව
තිබෙන බවයි. ස්වර්ණමය යුගයට, අමරණීය දේශය යැයි කියයි. පියා දැන් ඔබ ඉදිරියේ
පෞද්ගලිකවම අසුන් ගෙන, ඔබට අමරණීයත්වයේ කතා පුවත, තෙවැනි ඇසේ කතා පුවත සහ සත්‍ය
නාරායනගේ කතා පුවත පපසයි. භක්ති මාර්ගයේ සිදුවන සෑම දෙයක්ම ඔබ දැන තිබේ. භක්ති
මාර්ගයේ බොහෝ විස්තාරණය තිබේ. වෘක‍්ෂයේ බොහෝ විස්තාරණයක් තිබෙන ආකාරයෙන්ම, භක්ති
මාර්ගයේ පූජා විධි වලද, විස්තාරණයේ විශාල වෘක‍්ෂයක් තිබේ. යාගහෝම, උපවාස,
ශික්ෂාවන්, තපස් රැකීම්, ජප කිරීම ආදිය ඔවුන් බොහෝ දේ කරයි! මෙම උපතේ පමණක්
බැතිමතුන් වී ඇති බොහෝ දෙනෙක් සිටියි. මනුෂ්‍ය ජනගහණය එන්න එන්නම වර්ධනය වනවා. ඔබ
භක්ති මාර්ගයට ගිය කාලයේ සිට, වෙනත් ආගම් පැවත ඇත. සෑම කෙනෙකුටම තමන්ගේම ආගම සමඟ
සම්බන්ධතාවයක් තිබේ. සෑම එකකම චාරිත්‍ර වාරිත්‍ර වෙනස්ය. භාරතය, අමරණීයත්වයේ දේශය
විය. භාරතය, දැන් මරණීය දේශයයි. ඔබ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත්ව සිටි නමුත්,
ඔබ අපවිත්‍ර වූ බැවින්, ඔබට තව දුරටත් තමන් දේවතාවන් ලෙස හැඳින්විය නොහැක. ඔබ
දේවතාවන්ව සිටි බව ඔබට අමතකව ගොසින්ය. ක්‍රිස්තුන් වහන්සේ ප්‍රායෝගික වශයෙන්
ඔවුන්ගේ ආගම ස්ථාපිත කළ බවත්, එබැවින් ක්‍රිස්තියානුවන් පැවති ඇති බවත්, ඔවුන්
පවසනු ඇත. ඔවුන් යුරෝපීය ආගමට අයත් වනවා නොවෙයි. ඒ ආකාරයෙන්ම, හින්දුස්ථානයේ හෝ
භාරතයේ වාසය කරන ඔබ, අයත් වන්නේ දේවතා ධර්මයටයි. කෙසේවෙතත්, ඔබට තමන් දේවතාවන් යැයි
පැවසිය නොහැක. ඔබ, පහත් පාපතරයන් මෙන්ම දුප්පත් සහ දූෂිත බවත් ඔබට වැටහයි. භක්ති
මාර්ගයේ මිනිසුන් දුක් විඳින විට ඔවුන් පියාට කන්නලව් කරයි. ඔබ අඬ ගසමින් සිටි
පියා, ඔබගේ අසීමිත උරුමය ලබා දීම සඳහා ඔබට අමරණීයත්වයේ කතා පුවත දැන් පවසන බව,
දන්නේ ඔය බ්‍රහ්මණ දරුවන් පමණයි. අමරණීයත්වයේ දේශයට, දිව්‍ය ලෝකය යැයි කියයි. ඔබ
උත්සාහ දරන්නේ දෙව්ලොව නිවැසියෙක් වීමට බව ඔබ පවසයි. කලි යුගයේ කෙනෙක් මිය ගිය විට,
ඔවුන් පවසන්නේ ඔහු දෙව්ලොව වැසියෙක් වූ බවයි. ඔහු දෙව්ලොව යාමට කිසිම උත්සාහයක්
දැරුවේ නැහැ නේද? ඔබ වයිකුන්ත්, අමරණීය දේශයට යාමට උත්සාහ දරමින් සිටිනවා. ඔබට
උත්සාහ දැරීමට දිරිගන්වන්නේ කවුද? අමරණීයත්වයේ ස්වාමියා ලෙස හැඳින්වෙන, අමරණීය
බාබා. මෙම යාග ගින්නට පාඨශාලාවක් යැයිද කියයි. වෙනත් කිසිම ඉගෙනුම් ස්ථානයක් යාග
ගින්නක් විය නොහැක. බ්‍රහ්මණ පූජකයන් අසුන්ගෙන මන්ත්‍ර ජප කරන වෙනත් යාග හෝම
නාර්මාණය කෙරෙයි. පියා පවසන්නේ මෙහි දෙකක් එකට තිබේ ඔබගේ කොලීජිය මෙන්ම යාග
ගින්නක්. මෙම දැනුමේ යාග ගින්නෙන්, විනාශයේ ගිණිදැල් මතු වන බව ඔබ දන්නවා. එය තුළට
මුළු ලෝකයම බිලි වීමටයි යන්නේ. ඉන්පසුව නව ලෝකය නිර්මාණය වෙයි. එයට විශාල මහාභාරත
යුද්ධය යැයි කියයි. ඒ හා සමාන වෙනත් යුද්ධයක් නැත. ඔවුන් මිසයිල වලින් යුද්ධ කළ බව
කියැවෙයි. යුද්ධය ඔබත් සමඟ නොවෙයි. එයට මහා භාරත යුද්ධය යැයි කියන්නේ ඇයි? භාරතයේ
තිබෙන්නේ එක් ධර්මයක් පමණයි. මරණය සිදුවන්නේ පිටතයි. මෙහි යුද්ධයක් පිළිබඳ
ප්‍රශ්නයක් නැත. පියා විස්තර කරන්නේ ඔබ වෙනුවෙන් නව ලෝකයක් අවශ්‍යයි. එබැවින්, ඔබ
වෙනුවෙන් මේ සියලුම අනේක ආගම් විනාශ වීමටයි යන්නේ. ඔය දරුවන්ගේ බුද්ධිය තුළ
බහු-රූපි පිළිරුවේ සියලුම දැනුම තිබේ. පෙර චක්‍රයේදී දේවතාවන් වීම සඳහා මෙහි පැමිණි
අය, නැවතත් පැමිණෙන බවත් ඔබට වැටහෙයි. මෙය බුද්ධිය සඳහා කාරණාවක්. බ්‍රහ්මණයන් බවට
පත් වී ඇති අපි සියලුම දෙනා, ඉන්පසුව දේවතාවන් වෙයි. ප්‍රජාපිතා බ්‍රහ්මාවද සිහි කර
තිබේ. පරම පියා, පරමාත්ම ජීවය, බ්‍රහ්මාගේ මාර්ගයෙන්, මනුෂ්‍ය ලෝකය නිර්මාණය කරයි.
බ්‍රහ්මාට, ’ප්‍රජාවගේ පියා’ යැයි කියන්නේ මේ නිසාය. කෙසේවෙතත්, ඔහු එය නිර්මාණය
කරන්නේ කෙසේද හෝ කවදාද කියා කිසිවෙක් නොදනී. ඔහු විසින් ඔවුන්ව නිර්මාණය කිරීමට
නම්, ආරම්භයේදී මනුෂ්‍යයන් සිටියේ නැද්ද? මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ
පාරිශුද්ධකරුවාණෙනි වඩින්න! පියා පැමිණෙන්නේ, මිනිසුන් අපවිත්‍ර වූ විටයි. ලෝකය
පරිවර්ථනය විය යුතුයි. පියා, නව ලෝකය වෙනුවෙන් ඔබව සුදුස්සන් බවට පත් කරවයි. ඔබ
සියලු දෙනා තමෝප්‍රධාන් පැරණි ලෝකයේ සිටින අතර, ඔබ දැන් සතෝප්‍රධාන් විය යුතුයි.
සෑම මනුෂ්‍යයෙක් මෙන්ම අන් සෑම දෙයක්ද, සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්ව හරහා යා යුතු බව,
පියා විස්තර කර තිබේ. ලෝකය පැරණි බවින් අනිවාර්යෙන්ම අළුත් විය යුතුයි. ඔබ අළුත්
ඇඳුම් අදින අතර පසුව ඒවාද පරණ වෙයි. ඔබට දැනුම ලැබී තිබේ. ඔබ දැන් සත්‍ය නාරායනගේ
කතා පුවතට සවන් දෙමින් සිටිනවා. සියලුම ග්‍රන්ථයන්ගේ මාණික්‍යය වන්නේ ගීතාවයි. අන්
සියල්ල එහි දරුවන්ය. බ්‍රහ්මාගේ දරු පරම්පරාව සිටින්නාක් මෙන්, ප්‍රධාන වන්නේ
ගීතාවයි. උසස්ම-උසස් වන්නේ මව සහ පියා වන අතර ඉතිරි සියල්ල දරුවන්ය. ඔබට දැන් මව සහ
පියාගෙන් උරුමයක් ලබා ගත හැක. අන් අය කෙතරම් ග්‍රන්ථ හැදෑරුවත්, වෙනත් කුමක් සිදු
කළත්, ඔවුන්ට මෙම උරුමය ලබා ගත නොහැක. ග්‍රන්ථ කියවන අය විශාල ආදායමක් උපයාගන්නවා
පමණයි. ඒ සියල්ල තාවකාලික කාලයකට පමණයි. ඔය දරුවන් මෙහිදී මෙයට සවන් දෙයි. එබැවින්
ඔබ උපත් 21කට කොතරම් විශාල ආදායමක් උපයාගන්නවාද කියා සළකා බලන්න! ඒ ගැන ටිකක්
සිතන්න! එහි, එක්කෙනෙක් යමක් පවසන අතර අන් සෑම කෙනෙක්ම ඔහුට මුදල් ලබා දෙයි. මෙහි,
පියා ඔය දරුවන්ට කතා කරන අතර, ඔබ උපත් 21කට බොහෝ සෙයින් ධනවත් වෙයි! එහි කතා කරන
කෙනාගේ සාක්කුවයි පිරෙන්නේ. භක්තිය ආදිය සිදු කිරීම, පවුල් මාවතේ අයගේ
ක්‍රියාකාරකමකි. ඔබ පවුල් මාවතට අයත් අයයි. දෙව්ලොව ලෝකයේදී ඔබ පිදුම් ලබන්නට
සුදුසුව සිටි බව ඔබ දන්නවා. එසේ නැත්නම්, උපත් 84හි ගණනය සිදු කරන්නේ කෙසේද? මෙය,
දැනුමේ මහා සාගරය වන උත්තරීතර පියාගෙන් පමණක් ලබා ගත හැකි ආධ්‍යාත්මික දැනුමයි.
පාරිශුද්ධකරු පියා, සියලු දෙනාටම විමුක්තිය පිරිනමන්නායි. ඔහු අප සියලුම දරුවන්ට
අමරණීයත්වයේ කතා පුවත පවසනවා. ඔබ උපතින් උපතට බොරු කතාවලට සවන් දෙමින් සිටියා. ඔබ
දැන් සත්‍ය කතාපුවතට සවන් දීමෙන්, දිව්‍යමය අංශක 16කින් පිරෙයි. හඳ, සොළොස් කලාවෙන්
පිරී ඇතැයි කියයි. සූර්යයා පිළිබඳව මෙසේ පවසන්නේ නැත. ඔය දරුවන් අනාගතයේදී සියලුම
ගුණධර්ම වලින් පිරුණු, සොළොස් කලාවෙන් සපිරිව සිටින බව දන්නවා. පසුව චක්‍රයෙන්
භාගයකට පසු, ඔබ තුළට වෙනත් ලෝහ මිශ්‍ර වෙයි. ඔබ දැන් නැවත වරක් සියලුම ගුණදම් වලින්
පිරි, දිව්‍යමය කලා 16කින් පිරිපුන් දේවතාවන් බවට නැවත පත්වන බව, ඔබට වැටහෙයි. ජීව
වන අප, පළමුව නිවහනට ගොස් ඉන්පසුව පහළට විත් සිරුරු ගෙන, දේවතාවන් වී, ඉන්පසුව
චන්ද්‍ර වංශයට යයි. උපත් 84හි ගණනය තිබෙයි. ඔහු ඔබට දැන් උපත් 84හි සත්‍ය කතාපුවත
සහ ඔබ සෑම යුගයකම උපත් කොපමණ ගෙන තිබේද කියා පවසා තිබේ. භාරතයේ ජනයා, උපත් 84ක්
ගන්නා බව, ඔය දරුවන්ට කියා තිබේ. ඔබ මමා සහ බාබා ගැන කතා කරන බැවින්, පළමුවෙන්ම ඔබ
වටහාගත යුත්තේ ඔබ බ්‍රහ්මණයන් බවයි. ඔබ, බ්‍රහ්ම බාබාගේ මාර්ගයෙන්, ඔබගේ උරුමය ශිව
බාබාගෙන් හිමි කරගනී. බ්‍රහ්මාද අයත් වන්නේ ඔහුටයි. බ්‍රහ්මාගෙන් උරුමයක් ලබා ගත
නොහැක. ඔහු ඔබගේ සහෝදරයාය, ඔහු ශාරීරික ජීවයක්. ඔය සියලුම දරුවන් ඔබගේ උරුමය හිමි
කරගන්නේ එම කෙනාගෙනි, මෙම කෙනා (බ්‍රහ්මා) ගෙන් නොවෙයි. ඔබට උරුමයක් හිමි නොවන
කෙනාව ඔබ සිහි නොකළ යුතුයි. ශිව බාබා පමණක් සිහි කරන්න. ඔබ මෙසේ පවසන්නේ ඔහුටයි
මවත් පියාත් ඔබයි, අප ඔබගේ දරුවන්ය. ඔබ ඔහු වෙතට මෙහි පැමිණෙන විට, ඔබ ශිව බාබා
වෙතට යන බව ඔබගේ බුද්ධිය තුළ තිබෙයි. ඔබ සිහි කළ යුත්තේ ශිව බාබාවයි. ජීවාත්මයක්
තිතක් වන අතර, උපත් 84ක චරිත කොටසක් ජීවාත්මය තුළ පටිගත වී තිබේ. ජීවාත්මය, නළල
මධ්‍යයේ වාසය කරයි. එය තත්පරයකදී පියාසර කරයි. ජීවාත්මය වන මා, සිරුරක් හළා දමා
වෙනකක් ගනී. මා ගොස් නළල මැද අසුන් ගනිමි. ජීවය වන ඔබ, කුමක් වැනිද යන වැටහීම, ඔබගේ
බුද්ධිය තුළ තිබේ. ස්වර්ණමය යුගයෙදී එවන් කිසි දෙයක් දැකීමට ආශාවක් නොතිබෙයි.
ජීවයක් දැකිය හැක්කේ දිව්‍යමය දර්ශනයකින් පමණයි. එය, මෙම දෑසින් දැකිය හැකි දෙයක්
නොවෙයි. ඔවුන්ට දර්ශන ඇති වන්නේ භක්ති මාර්ගයේදී පමණයි. නිදසුනක් ලෙස,
රාමක්‍රිෂ්ණාගේ ගෝලයෙක් වන විවේකානන්ද, රාමක්‍රිෂ්ණා ඉදිරියේ අසුන්ගෙන සිටි
අන්දමත්, එම කෙනාගේ ජීවය, එම සිරුර අතහැර තමන් තුළට ඇතුළු වූ අන්දමත් පැවසුවේය.
එවන් කිසි දෙයක් සිදු වන්නේ නැත. ජීවයක් එක් සිරුරක් අතහැර වෙනත් සිරුරකට ඇතුළු වන
අන්දම යන සියල්ල ඔබට පහදා දී තිබේ. ඔබ දැන් අමරණීයත්වයේ දේශයට යාමට උත්සාහ දරන බව
ඔබ දන්නවා. අප අමරණීය දේශයේ උපත් ගනී. අප සෑම කෙනෙක්ම එහිදී මව් කුසක, මාලිගාවක
සිටීවි. මෙහි, ඔබ සිරමැදිරියක් වූ මව් කුසක, බොහෝ වේදනාවෙන් හඬ නඟයි. බාබා දැන් ඔබව
චක්‍ර භාගයකට සියලු දුක් වලින් මුදවාගනී. එබැවින් එවන් පියෙක්ව බොහෝ සෙනෙහසින්
සිහිපත් කළ යුතුයි! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. තමන්
ජීවාත්මයක් බව සලකා, ආධ්‍යාත්මික පියා සමඟ ඉගෙන ගෙන, ඔබගේ සම්පූර්ණ උරුමය හිමි
කරගන්න. සත්‍ය දේශයේ අධිපතියෙක් වීම සඳහා, සත්‍ය කතාපුවතට සවන් දී, එය වෙනත් අයටද
පවසන්න.
2. ඔබට අසීමිත
උරුමයක් හිමි කර දෙන, ඒකායන පියාව පමණක් සිහිපත් කරන්න, කිසිම ශාරීරික ජීවයක් සිහි
නොකරන්න. මෙම පැරණි ලෝකය ගිණි ගැනීමටයි යන්නේ. එබැවින් එය දකින නමුත් නොදකින්න.
වරදානය:
නිශ්ශබ්දතාවයේ
බලයෙන් ඔබේ වාර්තාව පිරිසිදු කර ගැනීමෙන්,පරමාත්ම දෙවියන්ගේ සහ දිව්‍ය පවුලේ සෙනහස
ලබත්වා.
ලියා ඇති ඕනෑම දෙයක්
එහි යමක් ලියා ඇති බව පවා කිව නොහැකි පරිදි මකා දැමිය හැකි වන විද්‍යාවේ නව
නිපැයුමක් නිර්මාණය කර ඇති අතර, ඒ ආකාරයෙන්ම, ඔබ ඔබේ වාර්තාව නිශ්ශබ්දතාවයේ බලයෙන්
පිරිසිදු කර ගත යුතු අතර එවිට ඔබ පරමාත්ම දෙවියන්ගේ සහ දිව්‍ය පවුලේ සෙනහසට පාත්‍ර
වනු ඇත. සෑම කෙනෙකුම අවංකකමට සහ පිරිසිදුකමට ප්‍රිය කරයි. මේ නිසා ඔබ කිසිදු නිෂ්ඵල
සිතිවිලි හෝ නිෂ්ඵල ක්‍රියා එක් දිනක සිට ඊළඟ දිනට රැඳී සිටීමට ඉඩ නොදිය යුතුය.
අතීතය අතීතය වීමට ඉඩ දී නැවත්වීමට ඉඩ දෙන්න, එවිට ඔබේ වාර්තාව පිරිසිදුව පවතිනු ඇත,
එවිට පරමාත්ම දෙවියන් සතුටු වනු ඇත.
පාඨය:
නාස්තිකාර
සිතිවිලි තිබීම හෝ අන් අය තුළ නාස්තිකාර සිතිවිලි ඇති කිරීමට උපකාරී වීම ද
අපිරිසිදුකමකි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
ඔබේ සිතිවිලි, වචන සහ
ක්‍රියාවන්හි පහසු බව, සරළ බව සහ ඉවසීම තිබීම අවශ්‍ය වේ. පහසු බව සහ සරළ බව තිබුණත්
ඉවසීම නොමැති නම්, ඔබ උසස් යැයි කිව නොහැක. පහසු බව සහ සරළ බව සමඟ ඉවසීම තිබේ නම්,
ඔබ බලයේ ප්‍රතිමූර්තියක් යැයි කියනු ලැබේ. ඔවුන් ශක්තීන් නිර්මාණය කර ඇත්තේ පහසු බව
සහ ඉවසීම යන ගුණාංග දෙකෙන්ම නිරූපණය වන ලෙසයි. වර්තමාන ප්‍රතිඵල වලදී, සමහර අවස්ථා
වල , වැඩි ඉවසීමක් ඇති අතර තවත් සමහර අවස්ථාවල දී, වැඩි පහසුවක් ඇත. දැන්, ඒ දෙකම
සමාන කර ගන්න.