15.08.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙතරම් කුඩා ජීවාත්මයක්, මෙතරම් විශාල සිරුරක් ක්‍රියා කරවන්නේ කෙසේද කියා
උදේ පානදරින්ම අවදිවී සිතා බලන්න. “ජීවාත්මය වන මා තුළ අවිනාශී චරිත කොටසක් පටිගත
වී තිබේ.”
ප්‍රශ්නය:
ශිව බාබාට
තිබෙන පුරුද්ද මෙන්ම නොතිබෙන පුරුද්ද කුමක්ද?
පිළිතුර:
දැනුමේ මිණි මුතු වලින් ජීවාත්ම සැරසීමේ පුරුද්ද ශිව බාබාට තිබෙන නමුත් ඔහුට ශරීර
සැරසීමේ පුරුද්ද නොමැත, මන්ද, ඔහු පවසනවා : මටම කියා සිරුරක් මට නොමැත. මා මෙම
කෙනාගේ සිරුර ණයට ගන්නා නමුත්, ඔහුගේම සිරුර සරසන්නේ එම ජීවාත්මයයි. මා එය නොකරමි.
මා සෑම විටෙකම අශාරීරිකයි.
ගීතය:
ලෝකය වෙනස්
වුවත්, අප වෙනස් වන්නේ හෝ වෙනතක හැරෙන්නේ හෝ නැත.
ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙම
ගීතයට සවන් දුන්නා. එය ඇසුවේ කවුද? ඔබගේ සිරුරු වල කන් වලින් එය ඇසුවේ ඔය
ජීවාත්මයි. ජීවාත්මයක් කෙතරම් කුඩාද කියා ඔය දරුවන්ට දැන් වැටහෙනවා. සිරුරක් තුළ
ජීවාත්මයක් නොමැති විට, සිරුරෙන් ඵලක් නැත. මෙතරමම් කුඩා ජීවාත්මයක ආධාරයෙන්,
මෙතරම් විශාල ශරීරයක් ක්‍රියාත්මක වෙයි! මෙම රථය තුළ සිටින ජීවාත්මය ගැන මේ ලෝකයේ
කිසිම කෙනෙක් නොදනී. මෙය, ජීවාත්මයේ, අමරණීය පිළිරුවේ සිහසුනයි. ඔය දරුවන්ට මෙම
දැනුම ලැබෙයි. එය බොහෝ විනෝදජනක මෙන්ම අරුත්බරයි. ඔබ අරුතෙන් පිරුණු යමක් ඇසූ විට,
ඔබ ඒ ගැන දිගින් දිගටම සිතයි. ඔය දරුවන්ද දිගින් දිගටම සිතන්නේ මෙතරම් කුඩා
ජීවාත්මයක් මෙතරම් විශාල සිරුරක් තුළ සිටීන අන්දම ගැනයි. ජීවාත්මය තුළ, උපත් 84 ක
චරිත කොටස් පටිගත වී තිබේ. ශරීරය විනාශ වන අතර ජීවාත්මය ඉතිරි වෙයි. මෙය සිතා බැලිය
යුතු දෙයකි. උදේ පාන්දරින් අවදි වී, මෙම දේවල් ගැන සිතන්න. ජීවාත්මයක් ඉතා කුඩා
බවත් එයට සදාතනික චරිත කොටසක් ලැබී ඇති බවත් ඔය දරුවන්ට දැන් සිහිපත් වී තිබේ.
ජීවාත්මය වන මා, බොහෝ චමත්කාරයී! මෙය නව දැනුම වන අතර, ලෝකයේ කිසිවෙකු එය ගැන
නොදනී. පැමිණ ඔබට මේ බව පවසන්නේ පියා පමණයි. මෙතරම් කුඩා ජීවාත්මයක් ඔහුගේ චරිත
කොටස රඟදක්වන අන්දම ගැන ඔබ දිගින් දිගටම සිතිය යුතුයි. ශරීරයක් සෑදී තිබෙන්නේ පංච
මහා භූතයන්ගෙනි. ශිව බාබාගේ ජීවාත්මය පැමිණ, ආපසු යන්නේ කෙසේද කියා බාබා නොදනී. ඔහු
නිරන්තරයෙන් මෙම සිරුර තුළ සිටින්නේ නැත. එබැවින් ඔබ මෙම දේවල් ගැන සිතා බැලිය
යුතුයි. ඔය දරුවන්ට පියා ලබා දෙන මෙවන් දැනුමක් වෙනත් කිසිවෙකුට ලබා ගත නොහැක. මෙම
ජීවාත්මයට (බ්‍රහ්ම බාබාගේ) මෙම දැනුම සැබවින්ම පෙර නොතිබූ බව ඔබ දන්නවා. වෙනත්
ආධ්‍යාත්මික රැස්වීම් වලදී මෙවන් දේ ගැන කිසිම කෙනෙක් කිසිසේත් සිතන්නේ නැත.
ජීවාත්ම හෝ පරමාත්ම ජීවය ගැන සුළු හෝ දැනුමක් වෙනත් කිසිම කෙනෙකුට නැත. සිරුර
තුළින් අන් අයට මන්ත්‍ර ලබා දෙන්නේ ජීවාත්මය බව, කිසිම පූජකයෙක් හෝ සන්යාසී කෙනෙක්
නොදනී. ජීවාත්ම තම ශරීර තුළින් ග්‍රන්ථ හදාරයි. කිසිම මනුෂ්‍යයෙක් ජීව අවධානයෙන්
නොසිටියි. එබැවින් පියා පීළිබඳ දැනුම කිසිවෙකුට තිබෙන්නේ කෙසේද? ඔය දරුවන් දන්නවා
පියා මෙසේ පවසන්නේ ඔය ජීවාත්මයන්ට බව සුමිහිරි දරුවනි, ඔබ බොහෝ නුවණැත්තන් බවට පත්
වනවා! මෙම සිරුර තුළ සිටින ජීවාත්මයට, පරම පියා, පරමාත්ම ජීවය මෙතැන අසුන් ගෙන
උගන්වන බව, වටහාගන්නා එකදු මනුෂ්‍යයෙක් වත් නැත. මෙම කාරණා පැහැදිලිවම වටහාගත
යුතුයි. කෙසේවෙතත්, ඔබ ඔබගේ ව්‍යාපාරවල කාර්ය බහුල වන විට ඔබට අමතක වෙයි. පළමුවෙන්ම
පියා, ජීවාත්මය පිළිබඳ දැනුම ලබා දෙයි. කිසිම මනුෂ්‍යයෙකුට මෙම දැනුම නොමැත.
ජීවාත්ම, උත්තරීතර ජීවාත්මයෙන් බොහෝ කාලයක් වෙන් වී සිටි බව, සිහපත් කෙරෙයි. මෙහි
ගිණුමක් තිබේ. සිරුර තුළින් කතා කරන්නේ ජීවාත්මය බව ඔය දරුවන් දන්නවා. ජීවාත්මය
සිරුර තුළින් හොඳ හෝ නරක ක්‍රියා සිදුකරයි. පියා පැමිණ ඔය ජීවාත්ම බොහෝ ලස්සන
කරවයි. පළමුවෙන්ම පියා පවසන්නේ ඔබ උදේ පාන්දරින් අවදි වූ විට, ඔබගේ සිරුර තුළින්
සවන් දෙන ජීවාත්මය, කුමක්ද කියා සිතන්නට පුරුදු වන්න. ජීවාත්මයන්ගේ පියා,
පාරිශුද්ධකරු සහ දැනුමේ මහා සාගරය කියා අමතන, පරම පියා, පරමාත්ම ජීවයයි. එබැවින්
ඔවුන් පවසන අන්දමට, කිසිම මනුෂ්‍යයෙකුට, සතුටේ මහා සයුර හෝ සාමයේ මහා සයුරක් යැයි
කියන්නේ කෙසේද? ලක‍්ෂ්මි සහ නාරායන් සෑම විටෙකම පාරිශුද්ධත්වයේ මහා සාගර යැයි ඔබ
කියන්නේද? නැත! ඒකායන පියා පමණයි නිරන්තරයෙන්ම පාරිශුද්ධත්වයේ මහා සාගරය වන්නේ.
මනුෂ්‍යයන් නිකම්ම අසුන්ගෙන භක්ති මාර්ගයේ ග්‍රන්ථ ගැන කතා කරයි. ඔවුන්ට කිසිම
ප්‍රායෝගික අත්දැකීමක් නැත. තම සිරුරු තුළින් පියාට ප්‍රශංසා කරන්නේ ජීවාත්ම බව,
ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔහු අපගේ බොහෝ සේ මිහිරි බාබාය. සතුට පිරිනමන්නා ඔහු පමණයි.
පියා පවසන්නේ ඕ ජීවයනි, දැන් මගේ උපදෙස් පිළිපදින්න! අවිනාශී ජීවාත්ම වන ඔබලාට,
සදාතනික පියාගෙන් සදාතනික උපදෙස් ලැබෙයි. එම විනාශ වන ශාරීරික ජීවයන්ට උපදෙස්
ලැබෙන්නේ, විනාශ වන ශාරීරික ජීවයන්ගෙනි. ස්වර්ණමය යුගයේදී ඔබට මෙහි උපයාගන්නා
ප්‍රතිලාභය ලැබෙයි. එහි කිසිම කෙනෙකුට වැරදි උපදෙස් ලැබෙන්නේ නැත. ඔබට දැන් ලබා දෙන
ශ්‍රීමත්, සදාතනිකයි එය චක්‍රයෙන් භාගයක් පවති. මෙය අළුත් දැනුමයි. මෙය ග්‍රහණය
කරගෙන ඉන්පසුව ඒ අනුව ක්‍රියා කිරීමට හැකි අන්දමේ බුද්ධියක් කෙනෙකුට තිබිය යුතුයි.
මුල සිටම භක්තියේ යෙදී සිටි අයට පමණයි මෙය හොඳින් ධාරණය කරගැනීමට හැකි වන්නේ. ඔබගේ
බුද්ධියට මෙය හොඳින් ධාරණය කරගැනීමට නොහැකි නම්, ඔබ අනිවාර්යෙන්ම ආරම්භයේ සිට
භක්තියේ යෙදී නැති බව ඔබ වටහා ගත යුතුයි. පියා පවසන්නේ ඔබට කිසිම දෙයක් වැටහෙන්නේ
නැතිනම් පියාගෙන් විමසන්න, මන්ද ඔහු සදාතනික ශල්‍ය වෛද්‍යවරයා බැවින්. ඔහුට පරමාත්ම
ජීවය යැයිද කියයි. ජීවාත්ම පිවිතුරු වන විට ඔවුන්ව ප්‍රශංසා කෙරෙයි. ජීවාත්මයන්ව
ප්‍රශංසා කරන විට, ඔවුන්ගේ සිරුරුද ප්‍රශංසාවට ලක් වෙයි. ජීවයක් තමෝප්‍රධාන් වන
විට, ඔහුගේ සිරුරත් ප්‍රශංසාවට ලක් නොකෙරෙයි. මෙකල, ඔය දරුවන්ට බොහෝ ගැඹුරු බුද්ධි
ලැබෙයි. ඒවා ලබාගන්නේ ඔය ජීවාත්මයි. ඔය ජීවාත්ම බොහෝ මිහිරි විය යුතුයි. සෑම
කෙනෙකුටම සතුට ලබා දෙන්න. බාබා බොහෝ මිහිරියි! ඔහු ජීවයන්වත් බොහෝ මිහිරි කරවයි.
පුහුණු වන්න ජීව වන අප, කිසිම අධර්මිෂ්ඨ ක්‍රියාවක් නොකළ යුතුයි. පරික‍්ෂා කර බලන්න
මා අධර්මිෂ්ඨ දෙයක් කරනවාද? ශිව බාබා අධර්මිෂ්ඨ දෙයක් කරයිද? නැත! ඔහු පැමිණෙන්නේ
වඩාත්ම ශ්‍රේෂ්ඨ, පරහිතකාමී සේවය කිරීම සඳහාය. ඔහු සෑම කෙනෙකුටම විමුක්තිය
පිරිනමයි. එබැවින් ඔය දරුවන්ද පියා සිදුකරන එම කාර්යයම සිදු කළ යුතුයි. ආරම්භයේ
සිටම බොහෝ භක්තියේ යෙදී සිටි අයට, මෙම දැනුම හොඳින් සනිටුහන් කරගැනීමට හැකි වෙයි
කියා ඔබට කියා තිබේ. දැන් වුවද දේවතාවන්ගේ බොහෝ බැතිමතුන් සිටියි. ඔවුන් තමන්ගේම
හිස ගසා දැමීමට වුවත් සූදානම්. අඩුවෙන් භක්තියේ යෙදී ඇති අය, බොහෝ භක්තියේ යෙදුණු
අය වටා ගැවසෙයි ඔවුන්ගේ ප්‍රශංසාව මොවුන් ගායනා කරති. ඔවුන්ගේ සියලුම දේවල් භෞතිකව
දැකිය හැක. මෙහි, ඔබ අදෘෂ්‍යමානයි. ලෝකයේ මුල, මැද සහ අවසානයේ මුළු දැනුමම ඔබගේ
බුද්ධිය තුළ ඇත. පියා අපට ඉගැන්වීමට පැමිණ ඇති බවත්, අප දැන් ආපසු නිවහනට යාමට
සිටින බවත් ඔය දරුවන් දන්නවා. සියලුම ජීවාත්මයන් වාසය කරන ස්ථානය, අපගේ නිවහනයි.
එහි ශරීර නොමැති බැවින්, එහි කිසි ශබ්දයක් තිබෙන්නේ කෙසේද? ජීවාත්මයක් නොමැතිව,
ශරීරයක් අජීවී වෙයි. මනුෂ්‍යයන් තම සිරුරු වලට බොහෝ ඇලී සිටියි. ජීවයක් සිරුරක්
අත්හල විට, ඉතිරි වන්නේ පංච මහා භූතයන් පමණයි, එහෙත් මනුෂ්‍යයන් එයට බොහෝ ආදරය
කරයි. බිරිඳක් ඇගේ සැමියාගේ චිතකයට නඟින්නට පවා සූදානම් එම සිරුරට බොහෝ සේ ඇල්මක්
තිබේ. මුළු ලෝකයටම, ඔබගේ ඇල්ම විනාශ කළ යුතු බව, ඔබට දැන් වැටහෙනවා. මෙම සිරුර
විනාශ වීමටයි යන්නේ, එබැවින් ඉන් සියලුම බැඳීම් ඉවත් කළ යුතුව ඇත. කෙසේවෙතත්, බොහෝ
ඇලීම් තිබේ. පිටත්ව ගිය ජීවයකගේ ස්මරණ දිනයේ, බ්‍රහ්මණ පූජකයන්ට ආහාර පූජා කෙරෙයි
(ඔවුන් පිටව ගිය ජීවයට වක්‍රානුසාරයෙන් ආහාර පූජා කරයි). එම ජීවාත්මයට කිසිවක් කෑමට
නොහැක. ඔය දරුවන් දැන් තමන්ව එම දේවල් වලින් ඉවත් කර ගත යුතුයි. සෑම කෙනෙක්ම නාටකයේ
තමන්ගේම චරිත කොටස රඟපායි. මෙකල, ඔබ බැඳීම් විනාශ කරන්නන් බවට පත් විය යුතුයි, යන
දැනුම ඔබට තිබේ. බැඳීම් ජයගත් රජතුමාගේ කතාපුවත තිබේ. සැබවින්ම බැඳීම් ජයගත් රජෙක්
සිටියේ නැහැ. ඔවුන් බොහෝ කතා ගොතා ඇත. එහි අකල් මරණ සිදුවන්නේ නැත. එබැවින් යමක්
ගැන විමසීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැත. ඔබ බැඳීම් ජයගන්නන් බවට පත් කෙරෙන්නේ මේ
කාලයේදී. ස්වර්ණමය යුගයේ බැඳීම් ජයගත් රජවරුන් සිටියි. බැඳීම් තිබෙන්නේ රාවනගේ
රාජධානියේය. එහි රාවනගේ රාජධානිය නොමැති නිසා, අවගුණ නොමැත රාවනගේ රාජධානිය
අතුරුදහන් වෙයි. රාමාගේ රාජධානියේ සිදුවන කිසි දෙයක් ගැන කිසිවෙකු නොදනී. මෙම දේවල්
ඔබට කිව හැක්කේ පියාට මිස අන් කවරෙකුටත් නොවෙයි. පියා මෙම ශරීරය තුළ සිටියත්, ඔහු
ජීව අවධානයෙන් රැඳී සිටියි. නිවසක් ණයට හෝ කුලියට ගත්තද, එම නිවසටත් බැඳීමක් ඇත.
මිනිසුන් ඔවුන්ගේ නිවෙස් ඉතා හොඳින් ගෘහභාණ්ඩ වලින් අලංකාර කරගනී. එම කෙනාට කිසිවක්
සරසන්න අවශ්‍ය වන්නේ නැත මන්ද, පියා අශාරීරික බැවින්. ඔහුට ශරීරය සැරසීමේ කිසිම
පුරුද්දක් නැත. ඔහුට තිබෙන්නේ දරුවන්ව අවිනාශී මිණි මුතු වලින් සැරසීමේ පුරුද්ද
පමණයි. ඔහු ඔබට ලෝකයේ ආරම්භය, මැද සහ අවසානයේ රහස් විස්තර කර දෙයි. මෙම සිරුර
අපවිත්‍රයි. කෙසේවෙතත්, ඔහුට තව සිරුරක් ලැබෙන විට, එය පිවිතුරු එකක් වෙයි. මෙකල
මෙම ලෝකය පැරණි වන අතර එය විනාශ විය යුතුයි. ලෝකයේ කිසිම කෙනෙක් මෙය දන්නේ නැත.
ඔවුන්ට ක්‍රම ක්‍රමයෙන් එය දැනගන්නට ලැබෙයි. නව ලෝකය ස්ථාපිත කර, පැරණි ලෝකය විනාශ
කිරීම, පියාගේ කාර්යය පමණයි. පියා පැමිණ, බ්‍රහ්මාගේ මාර්ගයෙන් නිර්මාණය බිහි
කරන්නේ නව ලෝකය ස්ථාපිත කිරීමටයි. ඔබ සිටින්නේ නව ලෝකයේද? නැත නව ලෝකය ස්ථාපනය
කෙරෙමින් පවතිනවා. එබැවින් මුදුන් මල්කඩ වන බ්‍රහ්මණයන් ඉහළින්ම ඇත. ඔබ බාබා වෙත
මුහුණට මුහුණලා පැමිණෙන විට, ඔබ පියා වන දෙවියන් ඉදිරියට ඍජුවම පැමිණෙන බව
පළමුවෙන්ම මතක තබා ගන්න, කියා බාබා ඔබට විස්තර කර දී ඇත. ශිව බාබා අශාරීරිකයි. ඔබ
ඔහු ඉදිරියේ මුහුණට මුහුණලා සිටින්නේ කෙසේද? එබැවින් එම පියා සිහිකර, ඉන්පසුව මෙම
පියා ඉදිරියට පැමිණෙන්න. ඔහු මෙම කෙනා තුළ අසුන්ගෙන සිටින බව ඔබ දන්නවා. මෙම ශරීරය
අපවිත්‍රයි. ඔබ ශිව බාබාගේ සිහිකිරීම නොමැතිව යමක් කරන විට, පාපයන් එක්රැස් වෙයි.
අප ශිව බාබා වෙතට යනවා. ඉන්පසුව අපගේ ඊලඟ උපතෙදී අපට වෙනස් නෑදෑයින් සිටියි. එහිදී
අපි දේවතාවන්ගේ උකුල්තලයට යයි. දෙවියන්ගේ මෙම උකුල්තලය අපට ලැබෙන්නේ එක් වරක්
පමණයි. ඔබ කියන්නේ බාබා, මා දැන් ඔබට අයත්ය. ඔහුව දැක නොමැති අය බොහෝ සිටියි. ඔවුන්
පිට ජීවත් වන අතර, ඔවුන් ශිව බාබාට මෙසේ ලිපි එවයි බාබා, මා ඔබගේ හදාගත් දරුවා බවට
පත්ව ඇත. බුද්ධිය තුළ දැනුම තිබේ. ජීවාත්මය පවසන්නේ මා දැන් අයත් වන්නේ ශිව
බාබාටයි. මීට පෙර අප සිටියේ අපවිත්‍ර අයගේ උකුල්තලයේය. අනාගතයේදී අප පාරිශුද්ධ
දේවතාවන්ගේ උකුල්තලයට යනු ඇත. මෙම උපත ඉතා වටින්නේය. ඔබ සංගම යුගයෙදී, දියමන්තියක්
තරම් වටිනා වෙයි. සංගම යුගය, ගංඟා ජලය, සාගරය සමඟ සිදුවන මුණගැසීම නොවෙයි. එහි දිවා
රාත්‍රිය මෙන් වෙනසකි. විශාලතම ගංඟාව වන්නේ බ්‍රහ්මපුත්‍ර ගංඟාවයි. එය සාගරය
හමුවෙයි. ගංඟා, මුහුදට ගලයි. සාගරයෙන් මතු වුණු දැනුමේ ගංඟාවන් ඔබයි. දැනුමේ සාගරය
වන්නේ ශිව බාබාය. විශාලතම ගඟ වන්නේ බ්‍රහ්මපුත්‍ර ගඟයි. මෙම කෙනාගේ නම බ්‍රහ්මායි.
ඔහු සාගරයට බොහෝ සේ සමානයි. ගංඟා මතු වන්නේ කොහෙන්ද කියා ඔබ දන්නවා. ඒවා සාගරයෙන්
මතු වී, ඉන්පසුව නැවතත් සාගරයට මුසුවෙයි. සාගරයෙන් මිහිරි ජලය ඇදගනී. සාගරයේ දරුවන්
වන ඔබ පැමිණ, ඉන්පසුව සාගරයට මුසුවෙයි. ඔබ දැනුමේ සාගරයෙන් මතු වී ඇති අතර, ඉන්පසුව
ඔබ සියල්ලන්ම, ඔහු සමඟ ආපසු, ඔහු වාසය කරන ස්ථානයට යයි. ඔය ජීවාත්මයන්ද එහි සිටියි.
දැනුමේ සාගරය පැමිණ, ඔබව මිහිරි සහ පිවිතුරු කරවයි. ලුණු මිශ්‍ර වී ඇති ජීවාත්මයන්ව
ඔහු නැවතත් මිහිරි කරවයි. අවගුණ පහේ කිලිටි ලුණු ඔබගෙන් ඉවත් වී, ඔබ තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් වෙයි. පියා ඔබට බොහෝ උත්සාහ දැරීමට දිරි ගන්වයි. ඔබ දිව්‍ය ලෝකයේ
වාසය කරන විට, ඔබ බොහෝ සේ සතෝප්‍රධාන් විය. ඔබ දැන් සම්පූර්ණයෙන්ම කිලිටි වී ඇත.
රාවන ඔබව පත් කර ඇත්තේ කුමකටද කියා බලන්න! සිහි කෙරෙන්නේ භාරතය පමණයි දියමන්තියක්
සේ වටිනා උපතක්. බාබා ඔබගෙන් දිගින් දිගටම අසන්නේ සිප්පි කටු පසුපස හඹා යමින් ඔබ
තමන්ව පීඩාවට පත් කරගන්නේ ඇයි? කෙසේවෙතත්, ඔබට සිප්පි කටු වැඩි ප්‍රමාණයක් අවශ්‍ය
නැත. දුප්පතුන්ට ඉතා ඉක්මනින් වැටහෙයි. ධනවත් අය සිතන්නේ ඔවුන්ට දැන් මෙහි දිව්‍ය
ලෝකය කියාය. ඔය දරුවන් දන්නවා, මෙකල සියලුම මනුෂ්‍යයින්ගේ උපත, සිප්පිකටු මෙන්
නොවටිනා බව. අපද එසේ සිටියා. බලන්න, දැන් බාබා අපව කවුරුන් බවට පත් කරවනවාද කියා.
මනුෂ්‍යයෙකුගෙන් නාරායන් බවට පරිවර්ථනය වීමේ අරමුණ සහ ඉලක්කය ඔබට තිබේ. භාරතය දැන්
දුප්පත් වී, සිප්පි කටුවක් තරම් වටී. භාරතයේ ජනයාවත් මෙය නොදනී. මෙහි ඔබ බොහෝ සේ
සාමාන්‍ය, දුර්වල සහ අහිංසක මව්වරුන්ය. වැදගත් මිනිසුන්ට මෙහි අසුන් ගෙන සිටීමට
සිතෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මහා සන්යාසීන්, ගුරුන් ආදි සිටින විශාල රැස්වීම් වලට
යයි. පියා පවසන්නේ මා දුප්පතුන්ගේ ස්වාමියාය. දෙවියන් දුප්පතුන්ව ආරක‍්ෂා කරන බව
කියැවේ. ඔබ කෙතරම් ධනවත්ව සිටියාද කියා ඔබ දැන් දන්නවා. ඔබ දැන් නැවත වතාවක් එය බවට
පත්වනවා. ඔබ කෝටිපතියන් වීමට යන බව බාබා ලියයි. එහි රණ්ඩු හෝ සටන් නොමැත. මෙහි
මුදල් නිසා බොහෝ කෝලාහල ඇතිවෙයි. එමෙන්ම බොහෝ සේ අල්ලස් ගැනීම්ද සිදුවෙයි.
මනුෂ්‍යයින්ට මුදල් අවශ්‍යයි. බාබා ඔබගේ නිධන් ගබඩා පුරවන බව ඔය දරුවන් දන්නවා.
චක්‍රයෙන් භාගයකට ඔබට ඇති තරම් මුදල් ගන්න. කෙසේවෙතත්, ඔබ සම්පූර්ණ උත්සාහය දැරිය
යුතුයි. කිසිම වැරදීමක් සිදු නොකරන්න. මෙසේ කියැවෙයි ’පියාව අනුගමනය කරන්න‘. පියාව
අනුගමනය කිරීමෙන් ඔබ මෙය බවට පත්වෙයි සාමාන්‍ය මිනිසෙක් හෝ ගැහැණියකගෙන් ලක‍්ෂ්මි
හෝ නාරායන් බවට. මෙය වැදගත් විභාගයක්. මෙහිදී සුළු හෝ වැරදීමක් සිදු නොකරන්න. පියා
ඔබට ශ්‍රීමත් ලබා දෙනවා. එබැවින් ඔබ එය පිළිපැදිය යුතුයි. නීති රෙගුලාසි වලට අකීකරු
නොවන්න. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් උසස් වනවා. ගමනාන්තය ඉතාමත්ම ඉහළ එකකි.
සිදුවූයේ පාඩුවක්ද ලාභයක්ද, එමෙන්ම ඔබ කෙතරම් පියාව සිහිපත් කළාද සහ ඔබ කීදෙනෙකුට
මාර්ගය පෙන්වූවාද යනාදිය පිළිබඳව දිනපතා වාර්තාවක් තබන්න. ඔබ අන්ධයින්ට සැරයටියන්ය.
ඔබට දැනුමේ තෙවැනි ඇස ලැබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියා මෙන්ම
මිහිරි වී, සෑම කෙනෙකුටම සතුට ලබා දෙන්න. කිසිම අධර්මිෂ්ඨ ක්‍රියාවක් සිදු නොකරන්න.
සෙත සැළසීමේ වඩාත්ම ශ්‍රේෂ්ඨ ක්‍රියාව සිදුකරන්න.
2. සිප්පිකටු පසුපස
හඹාගොස් තමන්ව පීඩාවට පත් කර නොගන්න. උත්සාහ දරා ඔබගේ ජීවිතය දියමන්තියක් මෙන්
වටිනා එකක් කරගන්න. නොසැලකිලිමත් නොවන්න.
වරදානය:
ඔබේ බුද්ධියේ
නිරන්තර විශ්වාසය ඇතිව ඔබේ ශ්‍රද්ධා විශ්වාසයේ පාදය නොසැලී සිටීමට ඉඩ දීමෙන් ඔබ
සැහැල්ලුවෙන් සිටිත්වා.
විශාලතම රෝගය
කනස්සල්ල වන අතර වෛද්‍යවරුන් සතුව එයට කිසිදු ඖෂධයක් නොමැත. කනස්සල්ල ඇති අය
ජයග්‍රහණ පසුපස කොතරම් හඹා ගියත්, එම ජයග්‍රහණ දුරින් දිව යයි. එමනිසා, ඔබේ
ශ්‍රද්ධා විශ්වාසයේ පාදය නිරන්තරයෙන් නොසැලී සිටීමට ඉඩ දෙන්න. ඔබට එක ශක්තියක් සහ
එක් ආධාරකයක් ඇති විට සහ නොසැලී සිටින විට, ජයග්‍රහණය සහතික කෙරේ. සහතික කළ
ජයග්‍රහණය ඔබව නිරන්තරයෙන් සැහැල්ලු කරවයි. ඔබේ විශ්වාසයේ පාදය සොලවන විට මායා
විවිධ ආකාර වලින් පැමිණේ. කෙසේවෙතත්, මායාව සෙලවීම ඔබට කරවිය හැකි නමුත්, ඔබේ
ශ්‍රද්ධා විශ්වාසයේ පාදය සෙල වීමට ඔබට ඉඩ දිය නොහැක. එවිට ඔබට සැහැල්ලුවෙන් සිටීමේ
ආශිර්වාදය හිමිවනවා ඇත.
පාඨය:
සෑම කෙනෙකුගේම
විශේෂතා දැකීම දිගටම කරගෙන යනවිට ඔබ විශේෂ ජීවාත්මයක් වනු ඇත.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
ඔබ ගෝපිවරුන් සහ
ගෝපිකාවන්ගේ දිව්‍ය ක්‍රියාකාරකම්, පියා සමඟ සියලු නෑ සබඳතාවන්හී සතුට අත්විඳීම සහ
ඔහු තුළ ගිලී සිටීම ලෙස සිහිපත් කර ඇත. මෙයින් අදහස් කරන්නේ ඔහුගේ සෙනෙහසේ මුසු වී
සිටීමයි. ඔබ ගැඹුරු සෙනෙහසින් යම් කෙනෙක් මුණගැසෙන විට, එම සෙනෙහසින් වන මුණගැසීම
පිළිබඳ වචන මෙසේය: “ඔවුන් එකිනෙකා සමග මුසු වෙයි”, නැතහොත් “දෙදෙනෙකු මුණගැසුණු අතර
එක් අයෙකු වීය.” ඉතින්, පියාගේ සෙනෙහසේ මුසු වීම යනු ඔබේ ස්වරූපය පියා හා සමාන බවට
පත් වීමයි.