15.09.24 Avyakt Bapdada
Sinhala
Murli 31.12.2001 Om Shanti Madhuban
මෙම නව වසරේ “ඔබ
සාර්ථක වේවා” යන ආශිර්වාදයෙන්
පරම පියාගේ සහ ඔබගේ හෙළිදරව්ව සමීපයට ගෙන එන්න.
අද දින, නව යුගයේ
නිර්මාණකරු, නව යුගයේ මාස්ටර් නිර්මාණකරු වන ඔහුගේ දරුවන් සමග නව වසර සැමරීමට පැමිණ
සිටිනවා. ලෝකයේ සියලුම දෙනා නව වසර සමරයි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම නව යුගය
නිර්මාණය කරනවා. සෑම දරුවෙකුටම නව යුගයේ සතුට තිබෙනවා. නව යුගය පැමිණීමට ඉතා ආසන්න
බව ඔබ දන්නවා. ලෝකයේ මිනිසුන් නව වසර එක දිනයක් පමණක් සමරන අතර ඔබ සියලු දෙනාම මුළු
සංගම යුගය පුරාම නව යුගය සමරයි. නව වසරේ ඔබ සතුටින් සමරා එකිනෙකාට තෑගි ලබා දෙයි.
ඔබ දෙන්නේ කුමන තෑගිද? මෙම තෑගි කෙටි කාලයකට පමණයි. නව යුගයේ නිර්මාණකරු වන පියා ඔය
දරුවන්ට රැගෙන එන්නේ කුමන තෑග්ගද? ඔහු ඔබට රත්තරං තෑග්ගක්, ස්වර්ණමය යුගය ගෙන එන
අතර ඔබ සියලු දෙනාම එය මගින් රත්තරං බවට පත් වෙයි. මෙය මගින් ඔබ අළුත් වෙයි. කෙටි
වෙලාවකින් නව වසර ආරම්භ වෙයි, නමුත් සෑම දෙයක්ම නැවත අළුත් වන්නේ නැහැ. ඔබගේ නව
යුගයේ සොබා දහම පවා අළුත් වෙයි. ජීවාත්මද අළුත් ඇදුම් (සිරුරු) හදා ගනී. සෑම දෙයක්ම
අළුත් වෙයි, එනම්, ඒවා සියල්ලක්ම සතෝප්‍රධාන් සහ ස්වර්ණමය යුගී වෙයි. එබැවින් නව
වසර සමරන අතර ඔබගේ මනසින් සහ බුද්ධියෙන් ඔබ සිහි කරන්නේ නව යුගය පමණයි. ඔබ නව යුගය
සිහි කරනවා නේද? එසේ නැත්නම් ඔබ අදට විතරක් සිහි කරන්නේ නව වසර පමණයිද?
බාප්දාදා ප්‍රථමයෙන්
ඔබට නව යුගය වෙනුවෙන් සුබ පතන අතර එය සමගම ඔහු ඔබට නව වසර වෙනුවෙන්ද සුබ පතයි,
මන්ද, ඔබ සියලු දෙනාම පැමිණ සිටින්නේ නව වසර සැමරීමටයි, එහෙම නේද? සමරන්න! බොහෝ සේ
සමරන්න! බාප්දාදාගෙන් ඔබට ලැබී ඇති අවිනාශී තිළිණය වෙනුවෙන් අවිනාශී සුබ පැතුම්
සමරන්න. නිරන්තරයෙන් එකිනෙකාට සුබ පැතුම් වල සුභාශිංසන ලබා දෙන්න. මේවා සත්‍ය සුබ
පැතුම්ය. ඔබ සුබ පැතුම් ලබා දෙන විට ඔබ සතුටට පත් වන අතර අන් අයද සතුටු වෙයි. ඔවුන්
සතුටු වෙනවා නේද? එබැවින් අවංක හදවතක සුබ පැතුම් වන්නේ එකිනෙකාට ලබා දෙන සුභාශිංසන
වල සුබ පැතුම් සහ පිවිතුරු හැගීම්ය. සුබ පැතුම් යනු බොහෝ ශ්‍රේෂ්ඨ සුබ පතන ආකාරයක්
වන අතර ඕනෑම ජීවාත්මයකට කෙබදු අන්දමක හැගීම් තිබුණත්, එම ජීවාත්මය තුළ සුබ පැතුම්
නොතිබුණත්, එම ජීවාත්මය තුළ යහපත් චේතනා නොතිබුණත්, ඔබගේ සුබ පැතුම් වලට එම
ජීවාත්මයේ චේතනාව වෙනස් කළ හැක. එයට ඔහුගේ ස්වභාවයත් වෙනස් කළ හැක. ඇත්ත වශයෙන්ම
ස්වභාවය යන වචනයේ අරුත වන්නේ යහපත් (ස්ව/සූ) හැගීම්ය (භාව). නිරන්තරයෙන් අඛණ්ඩව සෑම
මොහොතකදී සියලුම ජීවාත්මයන්ට මෙම අවිනාශි සුබ පැතුම් ලබා දෙන්න. අන් අය ඔබට කුමක්
දුන්නත්, ඔබ කළ යුත්තේ නොකඩවා සියලු දෙනාටම සුබ පැතුම් ලබා දීමය. ඔබ අවිනාශී
ජීවාත්මයකගේ අවිනාශී ජීව අවධාන ස්ථිතියක නොකඩවා රැදී සිටීමෙන් එම ජීවාත්මය
අනිවාර්යෙන්ම පරිවර්ථනය වෙයි. එසේ නම් ඔබ මෙම නව වසරේ ගෙන එන්නේ කුමන විශේෂත්වයද?
ඔබ තුළ, අන් සියලු දෙනා තුළ සහ සේවයේ? එය නව වසර ලෙස හදුන්වන බැවින් ඔබ යම් අළුත්
දෙයක් කරනවා නේද? එසේ නම් ඔබ ගෙන එන්නේ කුමන නවතාවයද? ඔබගේ නවතාවයට ඔය සෑම කෙනෙක්ම
සැලසුමක් සාදා තිබෙනවාද? එසේ නැත්නම් ඔබ නිකම්ම නව වසර සමරනවාද? ඔබ හමුවක් සැමරුවා,
ඔබ නව වසර සැමරුවා නමුත් නවතාවය වෙනුවෙන් ඔබ කුමන සැලසුමක්ද සෑදුවේ?
මේ වසර වෙනුවෙන්
බාප්දාදා විශේෂයෙන් සෑම දරුවෙකුටම සංඥාවක් ලබා දෙනවා. කාලයට අනුව, සෑම දරුවෙක්ම, ඔබ
මෙහි බාබා ඉදිරියේ පෞද්ගලිකව ශාරීරික ස්වරූපයෙන් අසුන්ගෙන සිටියත්, ඔබ මේ දේශයේ
වුනත්, විදේශයක වුනත්, විද්‍යාවේ පහසුකම් තුළින් සවන් දෙමින් බලමින් සිටියත් -
එමෙන්ම සෑම කෙනෙක්ම ඉතා සැප පහසුවෙන් අසුන්ගෙන බොහෝ සතුටින් සවන් දෙන බව බාප්දාදා
දකිනවා - එබැවින් මුළු ලෝකයේම සිටින ඔය සියලුම උපරිම ලෙස ආදරණීය, සුමිහිරි දරුවන්ට
බාප්දාදාගේ සංඥාව වන්නේ: “දැන් ඔබගේ මෙම බ්‍රහ්මින් දිවියේ, අම්රිත් වේලාවේ සිට
රාත්‍රී කාලය දක්වා ඔබගේ ඉතිරි කිරීමේ ගිණුම සහ රැස් කිරීමේ ගිණුම වැඩි කරගන්න.” ඔය
සෑම කෙනෙක්ම ඔබගේ කාර්යයට අනුව සැලසුමක් සෑදිය යුතුයි. දැන් ඔබගේ බ්‍රහ්මින් දිවියේ
ඔබට ලැබී ඇති සෑම සියලු සම්පතකම ඉතිරුම් ගිණුම සහ එක්රැස් කිරීමේ ගිණුම වැඩි
කරගන්න, මන්ද, සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ වසර අවසානය දක්වා ප්‍රතිඵලය
බාප්දාදා අද දුටුවා. ඔහු දුටුවේ කුමක්ද? ඔබ දැනටමත් මෙය දන්නවා. ඔය ගුරුවරු එය
දන්නවා. ඔය ද්විත්ව විදේශිකයන් එය දන්නවා. මහාරතීන් එය දන්නවා. ඔබගේ රැස් කිරීමේ
ගිනුමේ ඔබට කෙතරම් තිබිය යුතුද, අනුව... බාබාට කිව හැකි වන්නේ කුමක්ද? ඔබටම එය කිව
හැක, මන්ද, සියලු සම්පත් රැස් කිරීමට ඇති කාලය, මේ දැන් සංගම යුගය බව, බාප්දාදා
දන්නවා. මෙම කෙටි යුගයේදි ඔබ කෙතරම් රැස් කරගන්නේද, මුළු කල්පයටම ඔබට අඛණ්ඩව එයට
අනුව ඔබගේ ප්‍රතිලාභය ලැබෙයි. ඔබ සියලු දෙනාට පාඨයක් තිබේ. ඔබගේ පාඨය කුමක්ද? “දැන්
නොවෙයි නම්...” එයට පසුව පැමිණෙන්නේ කුමක්ද? “දැන් නොවෙයි නම්, කිසිදා නොමැත.” ඔබගේ
හිස තුළ ඔබ මෙම පාඨය ඉතා හොදින් තබා ගන්නවා. කෙසේවෙතත්, ඔබගේ හදවතේ සහ ඔබගේ සිහි
කිරීමේදි ඔබට සිහි වී අමතක වෙයි. සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම සම්පත, මෙම බ්‍රහ්මින්
දිවියේ ශ්‍රේෂ්ඨත්වයේ පදනම වන්නේ, සිතිවිලි සම්පත, කාලයේ සම්පත, බලයන්ගේ සම්පත සහ
මෙම දැනුමේ සම්පතයි. භෞතික ධනයේ සම්පත සාමාන්‍ය දෙයක්. ශ්‍රේෂ්ඨ සිතිවිලි සම්පතින්
ඔය සෑම බ්‍රහ්මින් කෙනෙකුටම තමන්ව සහ සේවය, ශ්‍රේෂ්ඨ කර ගත හැකි වන්නේ කුමන
ප්රමාණයකටද කියා බාප්දාදා දුටුවා. දැන් ඔය සෑම කෙනෙක්ම ඊටත් වැඩියෙන් මෙය වැදගත්
බව සැලකිය යුතුයි.
ඔය බ්‍රහ්මින්වරුන්ගේ
එක පිවිතුරු සහ ශ්‍රේෂ්ඨ සිතිවිල්ලක කෙතරම් බලය තිබෙන්නේද යත්, ඔබට ජීවාත්මයන්ට
බොහෝ සහයෝගය ලබා දිය හැක. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ඔබගේ සිතිවිලි වල බලයේ
වැදගත්කම ඔබට වැඩි කරගත හැක. දුර ඈතින් අසුන් ගෙන සිටින අතර මිනිසුන්ට රොකට්ටුවක්
සෑදීමට, විද්‍යාවේ නව නිපැයුමක් කිරීමට, සහ ඔවුන්ට අවශ්‍ය ස්ථානයකට සහ අවශ්‍ය විටෙක
තත්පරයකදි ළගා විය හැක. ඔබගේ පිවිතුරු සහ ශ්‍රේෂ්ඨ සිතිවිලි හා සසදන විට රොකට්ටුවක්
කුමක්ද? ඒවා පිරිපහදු කළ අන්දමකින් සරළව භාවිතා කර බලන්න. ඔබගේ ක්‍රමවේදයේ
ප්‍රතිඵලය ඉතාම ශ්‍රේෂ්ඨයි. කෙසේවෙතත්, දැන් ඇතුලාන්තය බැලීමේ ගිණි මැලයේ
අසුන්ගන්න. මෙම නව වසරේ සියලුම සම්පත් තමන් වෙනුවෙන් ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමයකට
සැලසුමක් සාදන්න. ඔබගේ රැස් කිරීමේ ගිණුම වැඩි කරගන්න. මුළු දවස පුරාම විටින් විට
ඔබගේ ඇතුලාන්තය පරීක්ෂා කිරීමේ ගිණි මැලයේ සිටීමට තමන්ට කාලය වෙන් කර කරගන්න. මෙය
කළ හැක්කේ ඔබටයි, අන් අයට ඔබ වෙනුවෙන් මෙය කළ නොහැක. හෙළිදරව්වේ වසරට පෙර, බාප්දාදා
මෙම වසර හදුන්වන්නේ, “ඔබ මේ වසරේ සාර්ථක වේවා” කියා. සාර්ථකත්වයේ (සෆල්තා) පදනම
වන්නේ සෑම සම්පතක්ම වටිනා ලෙස (සෆල් කර්නා) භාවිතා කිරීමයි. ඒවා වටිනා ලෙස භාවිතා
කර, සාර්ථකත්වය ලබා ගන්න. සාර්ථකත්වය, ඉබේටම හෙළිදරව්ව ගෙන එයි. ඔබ ඉතා හොදින් වචන
වලින් සේවය කර තිබෙනවා, නමුත් දැන්, සාර්ථකත්වයේ ආශිර්වාද වලින්, පියාගේ සහ ඔබගේ
හෙළිදරව්ව වඩාත් සමීපයට ගෙන එන්න. සෑම බ්‍රහ්මින් කෙනෙකුගේම ජීවිතය සෑම සම්පතකින්ම
පිරිපුන් වී ඇති බව, ජීවාත්ම අත්විදිය යුතුයි. වත්මන් ජීවාත්මයන්ට අවශ්‍ය වී ඇත්තේ
ඔය අත්දැකීම් වල ප්‍රතිරූ වලින් අත්දැකීමක් ලබා ගැනීමටයි. ඔවුන්ට අවශ්‍ය, අත්දැකීම්
වැඩියෙන් ලබා ගැනීමට සහ අඩුවෙන් සවන් දීමටයි. අත්දැකීම් ලැබීමේ පදනම වන්නේ සම්පත්
රැස් කිරීමේ ගිණුමයි. දැන් දවස පුරාම, විටින් විට, ඔබගේ මෙම වාර්ථා සටහන පරීක්ෂා කර
බලන්න. මා කෙතරම් ප්‍රමාණයකට සියලු සම්පත් රැස් කරගෙන තිබෙනවාද? ඔබගේ රැස් කිරීමේ
ගිණුම දෙස බලන්න. එක විනාඩියකදි ඔබට කෙතරම් සිතිවිලි තිබේද? සිතිවිලි වල වේගය,
වේගවත් නේද? සිතිවිලි කීයක් වටින ඒවාද, කෙතරම් අපතේ ගියාද? කීයක් බලවත්ද? කීයක්
සාමාන්‍යද? ඔය සෑම කෙනෙකුටම පරීක්ෂා කර බැලිය හැකි යන්ත්‍රයක් තිබෙනවා නේද? එසේ
නැත්නම් ඔබට එය නොමැතිද? ඔය සෑම කෙනෙකුටම පරීක්ෂා කරන මැෂිමක් තිබෙනවාද? ඔය
ගුරුවරුන්ට එය තිබෙනවාද? ඔබගේ මධ්‍යස්ථාන වල පරිගණක සහ ඊමේල් තිබෙන සේම, ඔබට මෙම
පරීක්ෂා කරන මැෂිම තිබෙනවාද? ඔය ද්විත්ව විදේශිකයන්ට එය තිබෙනවාද? එය ක්‍රියා
කරනවාද, නැත්නම් කැඩී ගොසින්ද? ඔය පාණ්ඩවයන්ට මෙම පරීක්ෂා කරන මැෂිම තිබෙනවාද? ඔය
සියලු දෙනාටම එය තිබෙනවාද? ඔබගෙන් කාට හෝ එය නොමැති නම් ඔබට ඉල්ලුම් පත්‍රයක් එවිය
හැක. කාර්යාලයක් ආරම්භ කරන විට, ඔබ ප්‍රථමයෙන් සිතන්නේ, පරිගණකයක්, ඊමේල්, යතුරු
ලේඛණයක්, ෆොටෝකොපි යන්ත්‍රයක් වැනි වත්මන් ලෝකයේ ඔබට කාර්යාලයට අවශ්‍ය උපකරණ
පිළිබදවයි. ඔබට ඒ සියල්ල අවශ්‍යයි නේද? ඒ අන්දමින්ම, බ්‍රහ්මින් දිවියේ සහ ඔබගේ
හදවත් කාර්යාලයේ, ඔබට ඒ සියලුම යන්ත්‍රෝපකරණ තිබෙනවාද, නැද්ද?
සොබාදහම පවා
බාප්දාදාට මෙසේ පැවසීමට පැමිණෙන බව, බාප්දාදා ඔබට මින් පෙරද පැවසුවා: “මා නිති
සූදානම්.” කාලය, ඔය බ්‍රහ්මින්වරු දෙස නැවත නැවතත් බලමින් සිටිනවා. ඔය
බ්‍රහ්මින්වරු සූදානම්ද? එය නැවත නැවතත් බ්‍රහ්මින්වරු වෙතට පැමිණෙනවා. එබැවින්
බාප්දාදා ඔබගෙන් විමසන්නේ: ඔබ ඉතා හොදින් අත් ඔසවන අතර බාප්දාදා සතුටු වනවා. දැන්
සෑම සිතිවිල්ලක්, තත්පරයක් සහ ගෙවී යන හුස්මක්ම ආශ්චර්යමත් (අපූරුයි! අපූරුයි!) වන
අන්දමට ඒ තරමට සූදානමින් සිටින්න. “ඇයි?” නොවෙයි, නමුත් “අපූරුයි, අපූරුයි!” වත්මන්
මොහොතේ එය විටෙක “අපූරුයි, අපූරුයි” (ආශ්චර්යමත්) වන අතර වෙනත් වෙලාවට එය “ඇයි?”
බවට පත් වෙයි. ඇතැම් විටෙක නැවතීමේ තිතක් තැබෙන අතර තවත් විටෙක ප්‍රශ්නාර්ථ ලකුණක්
හෝ විශ්මයේ ලකුණක් තබයි. ඔබ සියලු දෙනාගේ මනසද මෙසේ පැවසිය යුතුයි, අපූරුයි! ඔබ නෑ
සබදතාවයක් ඇති කරන ඕනෑම කෙනෙක්, බ්‍රහ්මින් කෙනෙක් හෝ සේවය කරන අය වුනත්, ඔවුන්
වෙතින් “අපූරුයි! අපූරුයි!” යන වදන් මතු විය යුතුයි. අච්චා.
අද, මීමුත්තා වන
බ්‍රහ්ම පියාට එක් පිවිතුරු බලාපොරොත්තුවක් තිබෙනවා. බ්‍රහ්ම පියා පවසන්නේ : මට
විශේෂයෙන් මගේ මී මුණුපුරන්ට එක දෙයක් පැවසීමට අවශ්‍යයි. එය කුමක්ද? ප්‍රථමයෙන් සෑම
දරුවෙකුගේම මුහුණ මත, සෑම විටම ආධ්‍යාත්මිකත්වයේ මද සිනහවක් තිබිය යුතු බව. ඔබට එය
ඇසුණාද? විවර වූ කන් දෙකෙන් එයට ඉතා ප්‍රවේසමින් සවන් දෙන්න. දෙවනුව, ඔබගේ වදන් වල
සෑම විටම මධුර බව තිබිය යුතුයි. එක වචනයක්වත් මධුර බව නොමැතිව නොතිබිය යුතුයි. ඔබගේ
මුහුණේ ආධ්‍යාත්මිකත්වය, වදන් වල මධුර බව, සහ ඔබගේ මනසේ සහ බුද්ධියේ නිරන්තරයෙන්
සුබ පැතුම්, දයාවන්ත හැගීම් සහ දානපතියෙක් වීමේ හැගීම් තිබිය යුතුයි. සෑම පියවරකදීම
පියාව අනුගමනය කරන්න. ඔබට මෙය කළ හැකිද? තරුණයින්, ඔබට මෙය කළ හැකිද? (මේ දේශයේ සහ
විදෙස් රටවල අයට ග්‍යාන් සරෝවර් වල තරුණ සම්මේලනයක් පැවැත්වෙමින් තිබුණා.) තරුණ
කණ්ඩායමෙන් බාප්දාදාට ඉතා හොද ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. කෝටි ගුණයක සුබ පැතුම්.
ප්‍රතිඵලය හොදයි. ඔබට හොද අත්දැකීම් ලැබී තිබෙනවා. බාප්දාදා සතුටු වුණා. ඔබගේ
අත්දැකීම් ගැනත් බාප්දාදාට අසන්නට ලැබුණා. ඒවා අන් අයගේ මාර්ගයෙන් නොව, නමුත්
බාප්දාදාට ඒවා ඔබගෙන් ඍජුවම ඇසුණා. කෙසේවෙතත්, ඒවා අමරණීයව තබා ගැනීමේ ආශිර්වාදයෙන්
මෙම අත්දැකීම් අවිනාශීව තබා ගන්න. කුමක් සිදුවුණත්, නිරන්තරයෙන් අඛණ්ඩව ඔබගේ
ආධ්‍යාත්මික අත්දැකීම් වැඩි කරගන්න. ඒවා අඩු කර නොගන්න. ඔබ මාස තුනකට පසුව මධුබන්
වලට පැමිණියත් නැතත් - මන්ද, ඔබ විදේශ සිට මාස තුනකට පසුව පැමිණෙන්නේ නැහැ - ඔබගේ
ගිණුම පවත්වාගෙන එය බාප්දාදාට එවන්න, එවිට ඔහු එයට ලකුණු ලබා දෙයි, හෝ ඔහු එය
පිළිබදව ප්‍රතිශතයක් ලබා දෙයි. මෙය හොදද? එක අතකින් අතපොළසන් ගසන්න. අච්චා.
අද එය සුබ පැතුම් වල
දිනයක්. එබැවින් බාප්දාදාට වෙනත් සුබ පුවත් පිළිබදව අසන්නට සහ දකින්නට ලැබුණා.
ඔටුනු පැලදගත් කුඩා දරුවන් මෙහි අසුන්ගෙන සිටිනවා. ඔබට ඔටුන්නක් ලැබෙන්න තිබෙනවා,
නමුත් ඔවුන්ට එය දැනටමත් ලැබිලා. සිටගන්න! ඔටුනු පැලදගත් කණ්ඩායම දෙස බලන්න. කුඩා
දරුවන් (බච්චේ) යනු සෑම විටම ඔවුන්ගේ හදවත් වලින් අවංක (සච්චේ) අයයි. ඔබ අවංක හදවත්
ඇති අය නේද? එය හොදයි. කුඩා දරුවන්ගේ ප්‍රතිඵලයද හොද බව බාප්දාදා දුටුවා. සුබ
පැතුම්! අච්චා.
ද්විත්ව විදේශිකයන්:
බාප්දාදා ඔබගේ
ලිපි සහ තුණ්ඩු දුටුවා. ඒවා උද්යෝගයේ තුණ්ඩුය. කෙසේවෙතත්, ඇතැම් තුණ්ඩු වල තිබුණු
එක දෙයක් බාප්දාදා දුටුවා. සමහරු බොහෝ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඔවුන්ගේ පරිවර්ථනය
ගැන ලියා තිබුණා. ඔවුන්ගේ උද්යෝගය ගැන ඔවුන් ලියා තිබෙනවා. කෙසේවෙතත්, සමහරු
ඔවුන්ගේ නොසැලකිල්ලත් ටිකක් පෙන්වා තිබෙනවා. කිසිම විටෙක නොසැලකිලිමත් නොවන්න!
අවදියෙන් සිටින්න! බාප්දාදා අකමැති එක දෙයක් වන්නේ නොසැලකිල්ලයි. ඔහු අකමැති අනෙක්
දේ වන්නේ, ඔබ අධෛර්යමත් වීමයි. කුමක් සිදුවුණත් විශාල හදවතක් තිබිය යුතුයි.
අධෛර්යමත් හදවත් කුඩා හදවත්ය. සතුටු හදවතක්, විශාල හදවතකි. අධෛර්යමත් නොවන්න,
එමෙන්ම නොසැලකිලිමත් නොවන්න. නොකඩවා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් පියාසර කරන්න.
බාප්දාදාට ද්විත්ව විදේශිකයන් කෙරෙහි මිලියන සහ බිලියන ප්‍රමාණයක බලාපොරොත්තු
තිබෙනවා. ද්විත්ව විදේශිකයන් ඉන්දියාවේ ජීවාත්ම පුදුමයට පත් කරන විශ්මයන් සිදු
කරයි. එය පැමිණෙයි. එම දිනය පැමිණෙයි. එය විගසින් පැමිණිය යුතුයි! එය පැමිණෙයි,
එහෙම නේද? එම දිනය පැමිණීමට යනවා නේද? එම දිනය පැමිණෙයිද? (එය ඉතා විගසින්
පැමිණෙයි). අඩු තරමින් “හා ජී” කියන්න. බාප්දාදා ඔබට බදුන් පුරා සුබ පැතුම් කල්
තියාම ලබා දෙනවා. ද්විත්ව විදේශිකයන්ට බොහෝ එඩිතරකම තිබෙන බව බාප්දාදා දකිනවා. එය
එවැනිද? විදෙස් රටවල අය කෙරෙහි බොහෝ බලාපොරොත්තු තිබෙනවා. ඔබ හොදයි. තරුණයන්ද
හොදයි. බොහෝ ගෘහවාසීන් සිටිනවා. කුමාරීන් බොහෝ දෙනෙක්ද සිටිනවා. තිබෙන්නේ
විශ්මයන්ය, වෙන කිසිවක් නොව විශ්මයන්ම පමණයි. මෙය හොදද? සින්දි පවුල්වල අය, කතා
කරන්න! ඔබ සිදුකරන්නේ කුමන විශ්මයන්ද? ඔබ සින්දි අය වන්නේ නමටයි, නමුත් ඔබ
බ්රහ්මින්වරුයි. ඔබ කුමක්ද කරන්නේ? කතා කරන්න! (අපි බාබාගේ නාමය කීර්තිමත් කරනවා).
ඔබ මෙය කරන්නේ කවදාද? (මේ වසරේ). ඔබගේ මුවේ ගුලාබ් ජමූන් තිබේවා! (එය සත්‍යයක්
වේවා). ඔබ එඩිතරයි. (ඔබගේ ආශිර්වාද අප සමගයි). ආශිර්වාද පිරිනමන්නා සිටින්නේ අප
සමගයි, එබැවින් ආශිර්වාදයක් ලොකු දෙයක් නොවෙයි. අච්චා.
මේ කල්පයේ ප්‍රථම
වතාවට මෙහි පැමිණි අය සිටගන්න! මෙහි ප්‍රථම වතාවට පැමිණි අයට බාප්දාදා පවසන්නේ: ඔබ
මෙහි ඇවිත් සිටින්නේ පමා වෙලා, නමුත් ඔබ ඉදිරියෙන් යා යුතුයි. ඔබව දකින සියලු දෙනා
සතුටු වන ආකාරයට ඉදිරියට යන්න. සියලු දෙනාගේ දෙතොල් වලින් මතු වන වදන් මෙසේ විය
යුතුයි: එය විශ්මයක්! එය විශ්මයක්! එය විශ්මයකි! ඔබට එතරම් එඩිතරකමක් තිබෙනවාද?
මෙහි පළමු වතාවට පැමිණි අය, ඔබට එඩිතරකම තිබෙනවා නේද? ඔබ නව වසර සැමරීමට මෙහි
ඇවිත්, එබැවින් ඔබ නව වසරේ විශ්මයක් සිදු කරනවා නේද? බාප්දාදා තුළ ඔය සියලුම දරුවන්
කෙරෙහි ගැඹුරු සෙනෙහස තිබේ. ඔබ බොහෝ නුවණැති දෙයක් සිදු කර තිබෙනවා. ඔබ “ප්‍රමාද
වැඩි” වීමට පෙර පැමිණ සිටිනවා. ඔබට දැන් අඩු තරමින් මෙම ශාලාවේ අසුන් ගැනීමට ආසනයක්
ලැබී තිබෙනවා. ඔබට නිදා ගැනීමට ඇදක් හෝ බිම ලබා දී තිබෙනවා. කෙසේවෙතත්, “පමා
වැඩියි” යන පුවරුව දැමූ පසුව ඔවුන්ට පෝලිමක සිටගෙන සිටීමට සිදු වෙයි. එබැවින් ඔබ
කල් තියා බාප්දාදාව හදුනාගෙන ඇති නිසා ඔබ යම් නුවණැති දෙයක් සිදු කර තිබෙනවා.
අච්චා.
සම්පූර්ණ සාර්ථකත්වයේ
ප්‍රතිරූ වන ලෝකයේ සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා
කරන තීව්ර උත්සාහ දරන දරුවන්ට, නිරන්තරයෙන් තම ගිණුම් පරීක්ෂා කරන පරීක්ෂකයන්ට සහ
අනාගතය සාදන්නන්ට, ඔවුන්ගේ සෑම ක්‍රියාවකින්ම නිරන්තරයෙන් පරම පියාව හෙළිදරව් කරන
එවන් ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, මී මුත්තාගෙන් මී මුණුපුරන්ට, බොහෝ බොහෝ, සෙනෙහස, සිහි
කිරීම, සුබ පැතුම් සහ නමස්කාරය බාප්දාදාගෙන්.
දරුවන් සමග හමුවක්
සැමරීමෙන් පසුව සෑම තැනකම සිටින සියලුම සාර්ථකත්වයේ තාරකාවන්ට බාප්දාදා නව වසර
වෙනුවෙන් සුබ පැතුම් ලබා දුන්නා, මෙම සංගම යුග කාලය පැරණි වසරට සමුදීමක් සහ නව වසරට
සුබ පැතුම් ලබා දීමක්, මන්ද, සංගම කාල වකවානුවක් යනු සමුගැනීමක් මෙන්ම සුබ පැතුම්
ලබා දීමකි. ඉතිං, ඔබ නිරන්තරයෙන් සාර්ථකයි, එමෙන්ම සාර්ථකව රැදී සිටිවි. අසමත් වීමේ
නමක් හෝ සලකුණක්වත් කිසිසේත්ම නොතිබෙයි. ඔබ බාප්දාදාගේ උපරිම ලෙස ආදරණීය, බොහෝ කලක්
නැතිව සිට දැන් හමුවූ උපරිම ලෙස මිහිරි, ඔහුගේ දෑස් වල ආලෝකයි. ඔබ සියලු දෙනා නියත
වශයෙන්ම අංක එක වීමට යනවා. මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇතිව නිරන්තරයෙන් සෑම පියවරක්ම
පියාට සමාන කරගන්න. කෝටි ගුණයක, මිලියන සහ බිලියන ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්,
සුබ පැතුම්! බාප්දාදාගේ ඉතාම, ඉතාමත්ම මිල කළ නොහැකි වටිනා දියමන්ති වලට දියමන්ති
උදෑසනක්, දියමන්ති උදෑසනක්, දියමන්ති උදෑසනක්.
වරදානය:
සේවය කිරීමට
ඔබ තුළ උනන්දුව සහ උද්යෝගය තිබීමෙන් ඔබ ආරක්ෂාව අත්විද ඒ අනුව මායා පරාජය කරන්නෙක්
වේවා.
භෞතික සේවය මෙන්ම
ආධ්‍යාත්මික සේවය කිරීමට දිව යන සහ නිති සූදානමින් සිටින දරුවන්ගේ සේවය කිරීමට ඇති
උනන්දුව සහ උද්යෝගය, ඔවුන්ගේ ආරක්ෂක මාර්ගයක් වෙයි. සේවයේ කාර්යබහුලව රැදී සිටින
අය, මායාගෙන් ආරක්ෂිත වෙයි. ඔබට කාලය නොමැති බව මායා දකින විට ඇය පිටවී යයි. පරම
පියාට සහ මෙම සේවය වෙනුවෙන් සෙනෙහස ඇති දරුවන්ට එඩිතරකමේ ස්වරූපයෙන් අතිරික්ත උදව්
ලැබෙන අතර එමගින් ඔවුන් පහසුවෙන් මායා පරාජය කරයි.
පාඨය:
මෙම දැනුම සහ
යෝගාව ඔබගේ ජීවිතයේ, ස්වභාවයේ කොටසක් බවට පත් කරගන්න, එවිට ඔබගේ පැරණි ස්වභාවය
අවසන් වෙයි
දැන්වීම: අද තුන්වන
ඉරු දිනය, ජාත්‍යන්තර භාවනා යෝග දිනයයි. සියලුම බ්‍රහ්මින් දරුවන් සාමූහිකව
ප:ව 6.30 සිට 7.30
දක්වා යෝග තපස්යාවේ අසුන් ගෙන තෘප්තිමත් මැණික් ලෙසින් විශේෂයෙන් තෘප්තියේ කිරණ
වාතාවරණයට බෙදා හැරිය යුතුයි. අතෘප්තිමත් ජීවාත්මයන්ට තෘප්තිමත්ව රැදී සිටීමේ බලය
ලබා දී, ඔබගේ මනසින් ඔවුන්ට සේවය කරන්න.