16.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ස්ථීතිය පරීක‍්ෂා කරන්න: ඔබගේ හදවත ඒකායන පියාට පමණක් බැඳී තිබේ ද, එසේ නොමැති නම්, එය කර්මික නෑ සබඳකම් වල බැඳී තිබේ ද?

ප්‍රශ්නය:
තමාට යහපතක් සිදුකර ගැනීම සඳහා, ඔබ දිනපතා වාර්ථාවක් තබා ගත යුත්තේ, කුමන කරුණු දෙක පිළිබඳවද?

පිළිතුර:
ඔබගේ යෝගාව සහ ක්‍රියාකාරකම් පිළිබඳව දිනපතා වාර්ථාවක් තබා ගන්න. ඔබ සේවයට යම් පළුද්දක් කළාද කියා පරීක‍්ෂා කර බලන්න. සෑම විටෙකම ඔබගේ හදවතින් විමසන්න: මා පියාව කෙතරම් සිහිපත් කළා ද? මා මගේ කාලය, සාර්ථක ලෙස භාවිත කරනවා ද? මා අන් අය දෙස බලනවාද? මගේ හදවත, යම් කෙනෙකුගේ නමට හෝ රූපයට බැඳී තිබේද?

ගීතය:
ඔබගේ හදවත් කැඩපතේ, ඔබගේ මුහුණ බලන්න.

ඕම් ශාන්ති.
මෙසේ කීවේ කවුරුන්ද? අසීමිත පියා පැවසුවේ : ඕ ජීවාත්මයනි. ජීවාත්ම, ජීවමාන ජීවයි. ජීවාත්මය පිටව ගොසින්, යැයි කියයි. මෙහි අරුත නම්, ජීවමාන ජීවය, පිටව ගොස් ඇති බවයි. පියා දැන් මෙතැන පෞද්ගලිකවම අසුන් ගෙන විස්තර කර දෙයි : ඕ ජීවාත්මයනි මතක තබාගන්න, ඔබ මෙම වර්තමාන උපත දෙස පමණක් නොබැලිය යුතුයි, මන්ද, ඔබ තමෝප්‍රධාන් වූ දා සිට, ඉනිමඟ දිගේ පහළට පැමිණෙමින් තව තවත් අපවිත්‍ර වූවා. එබැවින් ඔබ නිසැකයෙන්ම පාපයන් සිදුකරන්නට ඇති. මෙය වටහා ගත යුතු කරුණකි. පෙර උපත් වල, කෙතරම් පාපයන් තවමත් ඔබගේ හිස මත ඉතිරි වී තිබෙනවාද කියා, ඔබ කියන්නේ කෙසේද? ඔබ තමන්ව පරීක‍්ෂා කර බැලිය යුතුයි. ඔබට කෙතරම් වේලාවක් යෝගාවේ සිටීමට පුළුවන්ද? ඔබ පියා සමඟ හොඳින් යෝගාවේ සිටින තරමට අනුව, ඔබගේ පාපයන් දුරු වී යයි. බාබා පවසන්නේ : මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙන බව මා සහතික වනවා. ඔබ සෑම කෙනෙක්ම තමන්ගේම හදවත් පරීක‍්ෂා කර බැලිය යුතුයි: මා කෙතරම් වේලාවක් පියා සමඟ යෝගාවේ සිටිනවාද? ඔබ කෙතරම් වෙලාවක් යෝගාවේ සිට පිවිතුරු වන්නේ ද, ඒ අනුව ඔබගේ පාපයන් කැපී යනු ඇත. ඔබගේ යෝගාව ද වැඩි වෙයි. ඔබ පිවිතුරු නොවන්නේ නම්, ඔබට යෝගාවේ සිටින්නට නොහැකි වෙයි. ඔබගෙන් ඇතමෙක්, මුළු දවසටම විනාඩි 15 ක් වත් යෝගාවේ නොසිටියි. තමන්ගෙන් විමසන්න: ඔබගේ හදවත බැඳී තිබෙන්නේ ශිව බාබාටද, ශාරීරික ජීවයන්ටද? එය කර්මික සම්බන්ධතාවයන්ට බැඳී තිබෙනවාද? මායා, කුණාටු ගෙන එන්නේ ඔය දරුවන්ට පමණයි. ඔබගේ ස්ථීතිය කෙබඳුද කියා ඔබටම වටහා ගත හැක. ඔබගේ හදවත ශිව බාබාට ද, කිසියම් ශාරීරික ජීවයන්ට බැඳී තිබෙනවා ද? එය කර්මික නෑ සබඳතාවයන්ට බැඳී තිබෙනවා නම්, තව බොහෝ පාපයන් ඉතිරි වී ඇති බව ඔබ වටහා ගත යුතුයි. මායා එවිට ඔබව වලකට ඇද දමයි. තමන් සමත් වෙයිද නොවෙයි ද, ඔවුන් හොඳින් ඉගෙන ගන්නේ ද නැද්ද කියා, ශිෂ්‍යයින්ට ඇතුලාන්තයෙන් වටහා ගත හැක; ඔවුන් අංකානුරුපිතයි. ඔය ජීවාත්ම, තමන්ට යහපතක් සිදුකළ යුතුයි. පියා ඔබට මෙම උපදෙස ලබා දෙයි : ඔබට පිවිතුරු පුණ්‍යවන්ත ජීවයක් වී, උසස් තත්ත්වයක් හිමි කරගැනීමට අවශ්‍ය නම්, පළමු කාරණය වන්නේ, ඔබ පිවිතුරුව රැඳී සිටීමය. ඔබ පහළට පැමිණියේ පිවිතුරුවයි, එමෙන්ම ඔබ ආපසු නිවසට යා යුත්තේද පිවිතුරුවය. අපවිත්‍ර අයට කිසිම විටෙක උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැක. ඔබ කෙතරම් පියාව සිහිපත් කරනවාද, එමෙන්ම ඔබ කුමක් සිදුකරන්නේද, කියා නිරන්තරයෙන් ඔබගේ හදවතින් විමසන්න. පසුපස අසුන් ගෙන සිටින ශිෂ්‍යයින්ගේ යටි සිත්, නිසැකයෙන්ම ඔවුන්ට වද දෙනවා ඇති. උසස් තත්ත්වයක් හිමි කරගැනීම සඳහා, ඔබ වෙර දැරිය යුතුයි. හැසිරීමද යහපත් විය යුතුයි. පියා සිහිපත් කර, ඔබගේ හිස මත තිබෙන පාපයේ බර ඉවත් කරගන්න. සිහිපත් කිරීමේ සිටීමෙන් හැර, ඔබගේ පාපයේ බර ඉවත් කරගත නොහැක. එබැවින් පියා සමඟ බොහෝ සේ යෝගාවේ සිටිය යුතුයි. උසස්ම උසස් පියා පවසන්නේ : ඔබගේ පියා වන මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. එම කාලය ලං වෙනවා. ඔබට ඔබගේ සිරුර විශ්වාස කළ නොහැක. හදිසියේ අනතුරු සිදුවනවා. දැන් අකල් මරණයන්ගේ පූර්ණ වාරයයි. එබැවින් තමන්ට යහපතක් සිදු කිරීමට, ඔබ සෑම කෙනෙක්ම තම තමන්ව පරීක‍්ෂා කර බැලිය යුතුයි. ඔබගේ යෝගාව සහ දවස පුරා ක්‍රියාකාරකම් පරීක‍්ෂා කර බැලීමට, වාර්ථාවක් තබා ගන්න. මුළු දවස පුරා, ඔබ කෙතරම් පාපයන් සිදුකළාද? පාපයන් පළමුවෙන්ම ඇතුළු වන්නේ, ඔබගේ සිතිවිලි සහ වචන වලටයි, ඉන්පසුව ක්‍රියා වලටය. ඔය දරුවන්ට දැන් යහපත් ක්‍රියා කිරීමට ධර්මිෂ්ඨ බුද්ධි ලබා දී තිබේ. ඔබ කවුරුන් හෝ මුලා කළාද? ඔබ අනවශ්‍ය ලෙස බොරු කීවාද? ඔබ යම් අවසේවයක් සිදු කළාද? කෙනෙකුගේ නමේ සහ රුවේ සිරගත වීමෙන්, ඔබ යාගයේ පියාට අපහාස ගෙන එයි. පියා පවසන්නේ : කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න. ඒකායන පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. ඔබ සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, ඔබගේ තත්ත්වය කෙබඳු වෙයිද ගැන, ඔබ බොහෝ සැලකිලිමත් විය යුතුයි. ඔබ අතින් දැන් වැරදිම් සිදු වන්නේ නම්, අවසානයේදී ඔබට බොහෝ පසුතැවිලි වන්නට සිදුවෙයි. පහත් තත්ත්වයක් හිමි වීමට ඇති අය, පහත් තත්ත්වයක් හිමි කරගන්නා බව, වටහා ගන්න. ඔබ කළ යුත්තේ කුමක් ද කියා වටහාගැනීමට, ඔබගේ බුද්ධිය භාවිත කරන්න. සෑම කෙනෙකුටම මෙම මන්ත්‍රය ලබා දෙන්න: පියාව සිහි කරන්න. ඔය දරුවන්ට අරමුණක් ලබා දී තිබේ. ලෝකයේ මිනිසුන්ට මෙම දේවල් වටහාගැනීමට නුපුළුවනි. පළමුවන සහ ප්‍රධානතම දෙය වන්නේ, පියා සිහිපත් කිරීමයි. ඔබට නිර්මාපකයා සහ නිර්මාණයේ දැනුම ලැබී තිබේ. වෙනත් අයට විස්තර කර දීම සඳහා, ඔබට දිනපතාම අළුත් කරුණු ලැබෙයි. විස්තර කිරීම සඳහා, ඔබට විවිධ ස්වරූප පිළිරුවද භාවිත කළ හැක. මෙම පිංතූරය, ඉනිමගේ පිංතූරය අසලින් තබා, ඔබ විවිධ වංශ වලට ඇතුළු වන අන්දම විස්තර කරන්න. වෙනත් අයට විස්තර කර දෙන්නේ කෙසේද කියා ඔබ දවස පුරාම ආවර්ජනය කළ යුතුයි. සේවය කිරීමෙන්ද පියාගේ සිහිපත් කිරීම ඇතිවෙයි. පියාගේ සිහිපත් කිරීම තුළින් පමණයි ඔබගේ පාපයන් දුරු වන්නේ. ඔබ තමන්ට සෙත සලසාගත යුතුයි. උපත් 63 ක පාපයන්, ඔබ මත තිබෙන බව, පියා විස්තර කර දී තිබේ. පාපයන් සිදු කිරීමෙන්, ඔබ සතෝප්‍රධාන් බවින්, තමෝප්‍රධාන් වී තිබේ. ඔබ දැන් මාහට අයත් බැවින්, කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න. බොරු කීම, රාක‍්ෂක ගති තිබීම, පවුල් කඩා දැමීම, ඕපාදූප කතා කීරීම, දබර වීම යන සියල්ල, බොහෝ පාඩු ගෙන දෙයි. ඒවා ඔබගේ යෝගාව, පියාගෙන් ඉවතට බිඳ දමයි. එබැවින් බොහෝ පාපයන් සිදු වෙයි. සමහර මිනිසුන් රජයට ද්‍රෝහී වෙයි. ඔවුන් රජයේ රහස්, සතුරාට ලබා දී විශාල හානි සිදුකරයි. එබැවින් ඔවුන්ට ඉතා තදින් දඬුවම් ලැබෙයි. ඔය දරුවන්ගේ මුවින් නිරන්තරයෙන් දැනුමේ මිණි මුතු මතුවිය යුතුයි. ඔබ වැඩකට නැති පුවත් ගැන, එකිනෙකාගෙන් නොඇසිය යුතුයි. දැනුමේ දේවල් ගැන පමණක් කතා කරන්න. පියා සමඟ යෝගාවේ සිටින්නේ කොහොමද? ඔබ කෙනෙකුට විස්තර කර දෙන්නේ කෙසේ ද? දවස පුරාම මෙම කාරණා ගැන පමණක් සිතන්න. ගොස් පිංතූර ඉදිරිපිට අසුන් ගන්න. ඔබගේ බුද්ධියේ දැනුම තිබේ. භක්ති මාර්ගයේ මිනිසුන් බොහෝ විවිධ ප්‍රතිමා වලට වන්දනාමාන කරන නමුත්, ඔවුන් ඒවා පිළිබඳව කිසිම දෙයක් නොදනී. එය අන්ධ විශ්වාසය සහ ප්‍රතිමා වන්දනාවයි. භාරතය මේ දේවල් වලට බොහෝ සේ ප්‍රසිද්ධයි. මෙම දේවල් අන් අයට පහදා දීමට ඔබ බොහෝ උත්සාහ දරණවා. ප්‍රදර්ශන වලට විවිධ අන්දමේ මිනිසුන් පැමිණෙයි. ඒවා දැක වටහා ගැනීම වටින බව ඇතමෙක් සිතයි. ඔවුන් නරඹන නමුත් කිසිම විටෙක මධ්‍යස්ථානයකට නොයයි. දවසින් දවස ලෝකයේ තත්ත්වය නරක අතට හැරෙනවා. බොහෝ කලහ ඇත. විදේශයන්හි බොහෝ දේ සිදුවෙයි; අහන්නවත් එපා. මිනිසුන් බොහෝ දෙනෙක් මිය යනවා. මෙම ලෝකය තමෝප්‍රධාන්ය. බෝම්බ නිෂ්පාදනය නොකළ යුතු බව ඔවුන් කියන නමුත්, අනෙක් අයට බොහෝ බෝම්බ තිබෙන බැවින්, ඔවුන්ද ඒවා නිපදවිය යුතු බවත් එසේ නොමැති නම් ඔවුන්ට යටත්ව සිටීමට සිදුවන බවද ඔවුන් කියයි. මතුවන සියලුම අදහස්, විනාශය සඳහාය. විනාශය සිදුවිය යුතුයි. ශංකර්, සිතට සංඥා ලබා දී, මෙය සිදුකරවන බව කියැවෙයි. කෙසේවෙතත්, සිතට සංඥා දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. අපි නාටකය පිළිබඳව දැඩිව විශ්වාස කරන්නෙමු. මායා ඉතා බලවත්ය. ඇය මගේ දරුවන්වත් දුසිරිතට ඇද දමයි. ඔබට බොහෝ වාරයක් කියා තිබෙන්නේ කිසිම කෙනෙකුගේ සිරුරට ආදරය නොකරන ලෙසටත්, කෙනෙකුගේ නමෙහි හෝ රූපයේ සිරගත නොවන ලෙසත්ය, නමුත් මායා කෙතරම් තමෝප්‍රධාන්ද කිවහොත්, ඇය ඔබව කාගේ හෝ සිරුරක සිර ගත කරවයි. ඔබටත් එය නොදැනෙන ආකාරයෙන් ඇය ඔබව නාසයෙන් හසු කරගනී. ඔය දරුවන්ට ශ්‍රීමත් පිළිපදින ලෙස පියා බොහෝ වාර ගණනක් පහදා දෙන නමුත්, ඇතමෙක් එය නොපිළිපදියි. රාවනගේ උපදෙස් ඔබගේ මනසට සැනෙකින් ඇතුළු වෙයි. රාවන, ඔබව සිරගෙයින් නිදහස් නොකරයි. පියා පවසන්නේ : තමන් ජීවාත්මයක් බව සලකා, පියාව සිහිපත් කරන්න. අපි දැන් නිවසට යාමට ඉතා ආසන්නයි. චක්‍ර භාගයක් පැවති අසනීපයෙන් අපව දැන් නිදහස් කෙරෙනවා. ඔබ එහි සිටින විට ඔබගේ සිරුර, රෝග වලින් නිදහස්ය. මෙහි, ඔබ බොහෝ සේ රෝගීය! මෙම ලෝකය දැන් අපායේ උපරිම අගාධයයි. ඒ මිනිසුන් ගරුඩා පුරාණය හදාරති (ග්‍රන්ථයක්), නමුත් එය කියවන අය හෝ අසා සිටින අය හෝ ඒ පිළිබඳව කිසිවක් වටහා නොගනී. බාබාම පවසන්නේ, පෙරකල, ඔහුට භක්තිය පිළිබඳව විශාල කුල්මත්භාවයක් තිබුණු බවයි. භක්තිය තුළින් ඔහුට දෙවියන්ව මුණ ගැසිය හැකි බව ඇසීමට, ඔහු සතුටු වූ අතර, එබැවින් ඔහු දිගටම භක්තියේ යෙදුණා. ඔබ අපවිත්‍ර වූ නිසයි මෙසේ කන්නලව් කළේ: අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! ඔබ භක්තියේ යෙදුණු එක හොඳයි. එසේ නම් ඔබ දෙවියන්ව සිහි කරන්නේ ඇයි? දෙවියන් පැමිණ භක්තියේ ඵලය ලබා දෙන බව විශ්වාසයක් තිබුණා. ඔහු ලබා දෙන්නේ කුමන ඵලයක්ද? කිසිවෙක් මෙය නොදනී. පියා පවසන්නේ : ගීතාව හදාරන අයට විස්තර කරදෙන්න. අපේ ආගමට අයත් වන්නේ ඔවුන්ය. ගීතාවේ සඳහන් කර ඇති පළමුවන සහ ප්‍රධානතම දෙය වන්නේ: ‘දෙවියන් පවසයි’. දැන්, ගීතාවේ දෙවියන් කවුද? දෙවියන්ගේ හැඳින්වීම අවශ්‍යයි. ජීවාත්මයක් යනු කුමක්ද, එමෙන්ම පරම ජීවාත්මය කවුරුන්ද, කියා ඔබ දැන් දන්නවා. මිනිසුන් දැනුමේ මෙම කාරණාවන් ගැන බොහෝ සේ බියට පත් වන නමුත්, ඔවුන් භක්තියට බොහෝ සේ කැමතියි. ඔවුන් දැනුමින් සැතපුම් තුනක් ඈතට දිවයයි. පිවිතුරු වීම බොහෝ සේ හොඳයි. දැන් පිවිතුරු ලෝකය ස්ථාපනය වී, අපවිත්‍ර ලෝකය විනාශ විය යුතුයි. කෙසේවෙතත්, ඔවුන් මෙයට ඇහුම්කන් දෙන්නේම නැත. පියාගේ උපදේශය වන්නේ : නරක දේට සවන් නොදෙන්න! ආදියයි. මායා එවිට කියන්නේ: බාබාගේ දේට සවන් නොදෙන්න! මායාගේ උපදේශය වන්නේ ශිව බාබාගේ දැනුමට සවන් නොදෙන්න! මායා ඔබට කෙතරම් තදින් පහර දෙන්නේද යත්, මෙම දැනුම ඔබගේ බුද්ධියේ රැඳී නොතිබෙයි. එවිට ඔබට පියාව සිහිපත් කිරීමට නොහැක. ඔබ සිහි කරන්නේ ඔබගේ මිත්‍රයින්, නෑදෑයින්, ශාරීරික ජීවයන්ය, එමෙන්ම ඔබ ශිව බාබාගේ අණ නොපිළිපදියි. පියා පවසන්නේ : නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, නමුත් ඔවුන් අකීකරු වී පවසන්නේ: මට මේ-මේ කෙනාව සිහිවෙනවා. ඔබ අන් අයව සිහිපත් කළොත් ඔබ වැටෙයි. එම දේවලට ඔබ තුළ නොකමැත්තක් තිබිය යුතුයි. මෙම ලෝකය සම්පූර්ණයෙන්ම අපිරිසිදුයි. අපට නව දිව්‍යලෝකයක් ස්ථාපනය වෙනවා. ඔය දරුවන්ට පියා සහ ලෝක චක්‍රය පිළිබඳ හැඳින්වීම ලැබී තිබෙනවා. එබැවින් ඔබ මෙම ඉගෙනුමෙහි නිරත වී සිටිය යුතුයි. පියා පවසන්නේ : ඔබගේ ඇතුලාන්තය දෙස බලන්න. නාරදගේ නිදසුන ඇත. එබැවින් පියා පවසන්නේ : ඔබ පියාව කෙතරම් සිහිපත් කරනවාද කියා තමන් දෙස බලන්න. ඔබගේ පාපයන් දුරු විය හැකි වන්නේ සිහිපත් කිරීම තුළින් පමණයි. ඔබ අවට තත්ත්වයන් කෙබඳු වුවත්, ඔබ ශිව බාබාව සිහිපත් කළ යුතුයි. වෙනත් කිසිවෙකුට ආදරය නොකරන්න. අවසානයේදී, ඔබ ඔබගේ සිරුර අත්හරින විට, ශිව බාබාගේ සිහිපත් කිරීම පමණක් තිබිය යුතුයි. ශිව බාබාව සිහිපත් කර, ස්ව දර්ශන චක්‍රය බ්‍රමණය කරන්න. ස්ව දර්ශන චක්‍රධාරීන් කවුරුන්ද කියා කිසිවෙකු නොදනී. ඔය බ්‍රහ්මණයින්ට මෙම දැනුම ලබා දුන්නේ කවුද? ඔය බ්‍රහ්මණයින්ව ස්ව දර්ශන චක්‍රධාරීන් බවට පත් කළේ කවුද? උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ආලෝකමත් තිතයි. එබැවින් ඔහුත් ස්ව දර්ශන චක්‍රධාරියෙක්ද? ඔව්. පළමුවැන්නා ඒකායන ඔහුයි. එසේ නැත්නම් බ්‍රහ්මණයින් වන අපව, එය බවට පත් කරවන්නේ කවුද? නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ සම්පූර්ණ දැනුම ඔහුට තිබේ. ඔය ජීවාත්මද එය බවට පත් වෙයි. ඔහුද ජීවාත්මයකි. භක්ති මාර්ගයේදී විෂ්ණු පෙන්වා ඇත්තේ මෙම චක්‍රය අතැතිවයි. අප කියන්නේ, උත්තරීතර ජීවාත්මය, ත්‍රිකාලදර්ශි, ත්‍රිමූර්ති සහ ත්‍රිනේත්‍රී බවයි. ඔහු අපව ස්ව දර්ශන චක්‍රධාරීන් බවට පත් කරවනවා. අපට මෙම දැනුම ලබා දීම උදෙසා, ඔහු නිසැකවම මිනිස් සිරුරකට ඇතුළු වෙයි. නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම අපට ලබා දිය හැක්කේ, නිර්මාපකයාට පමණයි. කිසිම කෙනෙක් නිර්මාපකයාව නොදන්නා බැවින්, ඔවුන් නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ලබා ගන්නේ කොහින්ද? ශිව බාබා, ස්වදර්ශන චක්‍රධාරී බව, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. ඔහු දැනුමේ සාගරයයි. අපි උපත් 84 හි චක්‍රයට ඇතුළු වන්නේ කෙසේද කියා ඔහු දනී. ඔහු පුනර්භව චක්‍රයට ඇතුළු නොවන නමුත්, ඔහුට එම දැනුම තිබේ, අපට ඔහු ලබා දෙන්නේ එයයි. එබැවින් පළමුවන ස්ව දර්ශන චක්‍රධාරියා වන්නේ ශිව බාබායි. අපව ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත් කළ හැක්කේ ශිව බාබාට පමණයි. ඔහු අපව පිවිතුරු කරයි, මන්ද, නිර්මාපකයා වනවා මෙන්ම, ඔහු පාරිශුද්ධකරුද වන නිසාය. පියෙක් ඔහුගේ දරුවන්ගේ ජීවිතය පිළිබඳව දන්නවා. ශිව බාබා ස්ථාපනය සිදු කරන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි. ඔහු කරන්කරවන්හාර්ය. ඔබ ඉගෙනගෙන, එමෙන්ම අන් අයටද ඉගැන්විය යුතුයි. පියා ඔබට උගන්වා, ඉන්පසුව ඔහු පවසන්නේ : ඔබ අන් අයටද ඉගැන්විය යුතුයි. ඔබව ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත් කරවන්නේ ශිව බාබාය. ඔහු පවසන්නේ : මට ලෝක චක්‍රය පිළිබඳ දැනුම තිබෙනවා. ඒ නිසයි මට එය, ඔබට ලබා දිය හැක්කේ. ඔබ උපත් 84 ක් ගන්නේ කෙසේද? ඔබ ඔබගේ උපත් 84 හි කතාව ඔබගේ බුද්ධිය තුළ තබා ගත යුතුයි. ඔබ මෙපමණක් ඔබගේ බුද්ධිය තුළ තබා ගත්තත්, ඔබට ලෝකයේ පාලකයන් විය හැක. දැනුම යනු මෙයයි. ඔබගේ පාපයන් දුරු වන්නේ යෝගාව තුළිනි. මුළු දවස පිළිබඳව වාර්ථාවක් තබා ගන්න. ඔබ සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, ඔබ වාර්ථාවක් තබා ගන්නේ කෙසේද? ඔබ දවස පුරාවටම කරන්නේ මොනවාද? ඔබට මෙපමණක් මතකයි නේද? ඔවුන් කොපමණ ග්‍රන්ථ හැදෑරුවාද, එසේ නැත්නම් කොපමණ පුණ්‍ය ක්‍රියා සිදු කළාද ආදි, වාර්ථාවක් තබා ගන්නා ඇතමෙක් සිටියි. ඔබ, පියාව කොපමණ වේලාවක් සිහිපත් කළාද, කී දෙනෙකුට පියාගේ හැඳින්වීම, සතුටින් රැඳී සිට, ලබා දුන්නාද කියා, ඔබ කියනු ඇත. පියාගෙන් ඔබට ලැබෙන කරුණු, නැවත නැවතත් ආවර්ජනය කරන්න. ඔබට ලැබෙන දැනුම ඔබගේ බුද්ධියේ තබා ගන්න. දිනපතාම මුරලියක් කියවන්න. එයත් ඉතාම හොඳයි. මුරලියකින් ඔබට ලැබෙන කුමන හෝ කරුණු නැවත නැවතත් ආවර්ජනය කරන්න. මෙහි වාසය කරන අයට වඩා, විදේශයන්හි ජීවත් වන අය, බොහෝ සේ වැඩියෙන් බාබාව සිහිපත් කරයි. බාබාව දැක නැති, බන්දනයන්හි සිටින බොහෝ දෙනෙක් සිටිති. ඔවුන් බොහෝ සේ බාබාව සිහිපත් කරයි. ඔවුන් නිරන්තරයෙන් කුල්මත්ව රැඳී සිටියි. නිවසෙහි අසුන් ගෙන සිටින අතර ඔවුන්ට දර්ශන ඇතිවෙයි. එසේ නැත්නම් මෙම දැනුමට සවන් දීමෙන් පමණක්ම ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වෙයි. එබැවින් පියා පවසන්නේ : ඔබ හිමි කරගන්නා තත්ත්වය කෙතරම් උසස් වෙයිද කියා බලාගැනීමට, තමන් දෙස අඛණ්ඩව බලන්න. ඔබගේ හැසිරීම කෙබඳු ද? යම් කෑම හෝ බීම වර්ග, ඔබව පොලඹවනවා ද? එවන් පුරුදු වර්ධනය නොකර ගන්න. ප්‍රධානතම දෙය වන්නේ නොකිලිටි සිහිපත් කිරීමේ සිටීමයි. ඔබගේ හදවතින් විමසන්න: ඔබ සිහිපත් කරන්නේ කාවද? ඔබ අන් අයව කෙතරම් වෙලාවක් සිහි කරනවා ද? ඔබ දැනුම ධාරණය කර, ඔබගේ පාපයන් දුරු කරගත යුතුයි. ඇතමෙක් කෙබඳු පාපයන් සිදුකර තිබේද යත්, අසන්නටවත් එපා! දෙවියන් පවසන්නේ : මෙසේ කරන්න! නමුත් ඔවුන් කියන්නේ: මා සිටින්නේ වෙනත් කෙනෙකුගේ බලපෑම යටතෙයි, එනම්, ඔවුන් සිටින්නේ මායාගේ බලපෑම යටතේය. අච්චා, මායාගේ බලපෑම යටතේ දිගටම ඉන්න. ඔබට ශ්‍රීමත් අනුගමනය කිරීමට හැක, එසේ නැත්නම්, ඔබගේම මනසේ උපදෙස් පිළිපැදිය හැක! එම තත්ත්වයේ සිට, ඔබ කෙතරම් දුරට සමත් වෙයිද කියා පරීක‍්ෂා කර බලන්න. ඔබ කුමන තත්ත්වයක් හිමි කරගනීද? එසේ නැත්නම් ඔබ උපත් 21 කට පාඩු විඳිවි. ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට ළඟා වුණු විට, ශරීර අවධානයේ සඳහනක්වත් නොතිබෙයි. මේ නිසයි ඔබට ජීවාත්ම අවධානයට පත් වන්නට කියා කියනු ලබන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම යාගයේ පියා, අපකීර්තියට පත් වන කිසිදු ක්‍රියාවක් සිදු නොකරන්න. පියා ඔබට ලබා දී ඇති ධර්මිෂ්ඨ බුද්ධියෙන් යහපත් ක්‍රියා සිදුකරන්න. කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න.

2. නිෂ්ඵල පුවත් ගැන එකිනෙකාගෙන් විමසන්න එපා. ඔබ අතර, දැනුමේ දේවල් පමණක් කතා බහ කරන්න. බොරු කීම, රාක‍්ෂක ගති පෙන්වීම, සහ පවුල් ඉහිරවීම අත්හරින්න. ඔබගේ මුවින් දැනුමේ මිණි මුතු පමණක් මතු වන්නට ඉඩ හරින්න. නරක දේට සවන් නොදෙන්න, එමෙන්ම කතා නොකරන්න.

වරදානය:
ඔබ මායා දමනය කළ අයෙක් වී ඔබේ සතුරන් වන පංච දුර්ගුණ පරිවර්තනය කර ඔවුන් සහයෝගී කරවීමෙන් ලෝකය ජය ගන්නෙකු වේවා.

ජයග්‍රාහී පුද්ගලයෙකු නියත වශයෙන්ම තම සතුරාගේ ස්වරූපය පරිවර්තනය කරයි. එබැවින්, ඔබත් ඔබේ සතුරන් වන දුර්ගුණ පරිවර්තනය කර ඔවුන් නිරන්තරයෙන් ඔබට ආචාර කරන පරිදි ඔවුන්ගේ සහයෝගී ස්වරූප බවට පත් කරන්න. රාගය නැමති දුර්ගුණය සුබ පැතුම් බවටත්, කෝපය ආධ්‍යාත්මික කුල්මත්භාවය බවටත්, තණ්හාව පෙළඹවීමෙන් ඔබ්බට ගිය පැවැත්ම බවටත්, ඇලීම ස්නේහය බවටත්, ඔබේ ශරීරයේ අහංකාරය ආත්ම ගෞරවය බවටත් පරිවර්තනය කරන්න. එවිට ඔබ මායා ජය ගන්නෙකු සහ ලෝකය ජය ගන්නෙකු වනු ඇත.

පාඨය:
"මගේ" යන සිහිය වූ කලී, සැබෑ රත්තරන් වලට මිශ්‍ර කළ විට එහි වටිනාකම අඩු කරන මිශ්‍ර ලෝහයක් බඳුය. එමනිසා, "මගේ" යන ඕනෑම අවධානයක් අවසන් කර දමන්න.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ඕනෑම කාර්යයකදි හෝ සේවයකදි තමන් තනිවී ඇති බව හැගෙන විට, ඔබට වෙහෙසක් දැනෙයි. එවිට ඔබ අත් දෙකක් ඇති කෙනෙක්ව ඔබගේ සහකරු කරගෙන, අත් දහසක් ඇති ඒකායන කෙනාව අමතක කර දමයි. අත් දහසක් ඇති කෙනා, ඔහුගේ ඇසුර ලබා දීමට, තම නිවස අතහැර දමා ඔබ වෙතට පැමිණ ඇති විට, ඔහුව ඔබ සමග ඒකාබද්ධව තබා නොගන්නේ ඇයි? ඔබගේ බුද්ධියෙන් නිරන්තරයෙන් ඒකාබද්ධ වී සිටින්න, එවිට ඔබට නොකඩවා සහයෝගය ලැබෙයි.