16.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ සෙනෙහස තිබෙන්නේ ඒකායන පියාටයි, මන්ද ඔහුගෙන් ඔබට අසීමිත උරුමයක් ලැබෙන නිසා. ඔබ සෙනෙහසින් යුතුව ඔහුට පවසන්නේ ’මගේ බාබා!‘ කියා.

ප්‍රශ්නය:
පියා විසින් පවසන ලද වදන්, කිසිම මනුෂ්‍යයෙකුගේ වදන් සමඟ සංසන්දනය කළ නොහැක්කේ ඇයි?

පිළිතුර:
මන්ද, පියා පවසන සෑම වචනයක්ම ශ්‍රේෂ්ඨ වදනක් බැවින්. මෙම ශ්‍රේෂ්ඨ වදන් අසන අය, ශ්‍රේෂ්ඨත්වයට පත් වෙයි ඔවුන් වඩාත්ම උසස් මනුෂ්‍යයන් බවට පත්වෙයි. පියාගේ ශ්‍රේෂ්ඨ වදන් ඔබව ලස්සන මල් බවට පත් කරවයි. මනුෂ්‍යයින් විසින් පවසන වචන, ශ්‍රේෂ්ඨ වදන් නොවෙයි. ඇත්ත වශයෙන්ම ඔබ පහළට පැමිණියේ ඒවා නිසයි.

ගීතය:
ලෝකය වෙනස් වුණත්, අපි නොවෙනස්ව සිටින්නෙමු.

ඕම් ශාන්ති.
ගීතයේ පළමුවන වැකිය අරුත්බර වුවත්, ගීතයේ ඉතිරි කොටස් නිෂ්ඵලය. එය ගීතාවේ, ’දෙවියන් පවසයි‘, ’මන්මනභව‘ සහ ’මධ්‍යජීභව‘ යන වදන් නිවැරදි වනවා හා සමානය. එයට කියන්නේ, පිටි ගෝනියක ඇති ලුණු ස්වල්පයක් කියාය. දෙවියන් යනු කවුරුන්ද කියා ඔය දරුවන් ඉතා හොඳින් දන්නවා. ශිව බාබාට දෙවියන් යැයි කියයි. ශිව බාබා පැමිණ, ශිවාලය නිර්මාණය කරයි. ඔහු පැමිණෙන්නේ කොහාටද? ගණිකා මඩම තුළටයි. ඔහුම පැමිණ පවසන්නේ ඕ මගේ සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැතිව සිට, දැන් හමු වූ ආධ්‍යාත්මික දරුවනේ, කියා. ඔහුට සවන් දෙන්නේ ඔය ජීවයන්ය. ජීව වන ඔබ දන්නවා, ඔබ අවිනාශි බව සහ ඔබගේ සිරුරු විනාශ වන සුළු බව. උත්තරීතර ජීවය, උත්තරීතර පියා පවසන මෙම ශ්‍රේෂ්ඨ වදන් වලට, දැන් සවන් දෙන්නේ ජීවාත්ම වන අපයි. අපව ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් බවට පත් කරවන ශ්‍රේෂ්ඨ වදන් පවසන්නේ, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පමණයි. කිසිම මහත්මයෙක් හෝ ගුරුන් ආදීන්, ශ්‍රේෂ්ඨ වදන් පවසන්නේ නැත. ඔවුන් ’ශිවෝහම්‘ කියා කියන විට, එයත් සත්‍ය වදනක් නොවෙයි. ඔබ දැන් පියාගෙන් ශ්‍රේෂ්ඨ වදන් වලට සවන් දෙමින් ලස්සන මල් බවට පත් වනවා. කටු සහ මල් අතර විශාල වෙනසක් තිබේ! ඔබට කතා කරන්නේ මනුෂ්‍යයෙක් නොවන බව, ඔය දරුවන් දැන් දන්නවා. ශිව බාබා මෙම කෙනා තුළ සිටිනවා. ඔහුද ජීවාත්මයක් වන නමුත්, ඔහුට උත්තරීතර ජීවාත්මය යැයි කියයි. අපවිත්‍ර ජීව දැන් කන්කලව් කරන්නේ අහෝ උත්තරීතර ජීවය, එන්න! පැමිණ අපව පිවිතුරු කරන්න. ඔහු උත්තරීතර පියාය, අපව උත්තරීතර ජීව බවට පත් කරවන කෙනාය. ඔබ වඩාත්ම ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයින්, දේවතාවන් වශයෙන් හැඳින්වෙන අය බවට පත් වෙමින් සිටිනවා. ’උත්තරීතර ජීවාත්මය‘ යන වදන ඉතාමත්ම මිහිරියි. ඔහු සර්ව ව්‍යාප්ත බව, ඔවුන් කියන විට, එහි මිහිරි බවක් නැත. ඔබගේ අභ්‍යන්තරයේ, බොහෝ සෙනෙහසින් යුතුව, පියාගේ සිහිපත් කිරීම තිබෙන්නේ, ඔබගෙන් ඉතා සුළු දෙනෙකුට පමණයි. භෞතික සැමියන් සහ භාර්යාවන්, එකිනෙකාව භෞතික වශයෙන් සිහි කරයි. මෙහි, ඔය ජීව, බොහෝ සෙනෙහසින් යුතුව, උත්තරීතර ජීවය සිහි කළ යුතුයි. භක්ති මාර්ගයේ එතරම් සෙනෙහසකින් ඔවුන්ට, ඔහුව වන්දනා කළ නොහැක. එම සෙනෙහස නැත. ඔහුව නොදන්නා විට, ඔවුන් ඔහුට ආදරය කරන්නේ කෙසේද? ඔය දරුවන් තුළ දැන් ඔහු කෙරෙහි බොහෝ සෙනෙහසක් තිබේ. ඔය ජීව පවසන්නේ මගේ බාබා. සියලු ජීව සහෝදරයන්ය. සෑම සහෝදරයෙක්ම පවසන්නේ, බාබා අපට ඔහුගේ හැඳින්වීම ලබා දී ඇති බවයි. කෙසේවෙතත්, එයට සෙනෙහස කියා කිව නොහැක. ඔබට යමක් ලබා දෙන කෙනෙකු වෙනුවෙන් ඔබ තුළ සෙනෙහසක් තිබෙයි. දරුවන් තම පියාට ආදරය කරන්නේ ඔහුගෙන් උරුමයක් ලැබෙන නිසාය. උරුමය වැඩි වන තරමට, ඔහුගේ දරුවන් තුළ තිබෙන සෙනෙහසද වැඩි වනු ඇත. ඔවුන්ගේ පියාට දේපළ නොමැති නමුත් සීයාට තිබේ නම්, පියා කෙරෙහි එතරම්ම සෙනෙහසක් නොතිබෙනු ඇත. සීයා කෙරෙහි වැඩි සෙනෙහසක් තිබෙයි, මන්ද ඔහුගෙන් ඔවුන්ට යම් කිසි මුදලක් ලැබෙයි කියා ඔවුන් විශ්වාස කරන බැවින්. දැන්, මෙම කෙනා අසීමිත පියාය. ඔබට දැන් පියා උගන්වන බව ඔය දරුවන් දන්නවා. මෙය විශාල සතුටට කාරණාවකි දෙවියන් මගේ පියාය. කිසි කෙනෙක් පියා, නිර්මාපකයාව නොදනී. ඔහුව නොදන්නා නිසා, ඔවුන් තමන්ට, පියවරුන් කියා කියයි. ඔබ දරුවෙකුගෙන් තම පියා කවුරුන්ද කියා විමසුවොත්, ඔහු අවසානයේදී, ’මමයි‘ කියා කියනු ඇත. සියලුම පියවරුන්ගේ පියා වන්නේ එම කෙනා බව, ඔය දරුවන් දැන් නිසැකයෙන්ම දන්නවා. අපට දැන් හමුවී ඇති අසීමිත පියාට, තමන්ගේම පියෙක් නොමැත. ඔහු උසස්ම-උසස් පියාය. එබැවින් ඔය දරුවන් ගේ ඇතුලාන්තයේ බොහෝ සතුට තිබිය යුතුයි. මිනිසුන් එම වන්දනා ගමන් වල යන විට එතරම් සතුටක් නොමැත්තේ එහි ලැබීමක් නොමැති නිසාය. ඔවුන් එහි යන්නේ දර්ශනයක් ලබා ගැනීම සඳහා පමණයි. ඔවුන් බොහෝ වෙහෙස වූවාට එහි කිසි ඵලක් නැත. ඔවුන්ගේ නළල ගෙවෙන අතර, ඔවුන්ගේ සියලුම මුදල්ද අවසන් වෙයි. ඔවුන් බොහෝ මුදල් වියදම් කළත් කිසි දෙයක් ලබන්නේ නැත. භක්ති මාර්ගයේ ආදායමක් ඉපයෙන්නේ නම්, භාරතයේ මිනිසුන් බොහෝ ධනවත් වෙයි. ඔවුන් දේවාල ආදිය තැනීමට රුපියල් බිලියන ගණන් වැය කරයි. ඔබට සෝමනාථ වෙනුවෙන් තිබුණේ එක් දේවාලයක් පමණක් නොවෙයි සෑම රජෙකුටම දේවාලයක් තිබුණා. ඔබට බොහෝ ධනය ලබා දෙන ලදි. වසර 5000 කට පෙර, ඔබව ලෝක අධිපතියන් බවට පත් කෙරුණා. මෙය පවසන්නේ පියා පමණයි. අදට වසර 5000 කට පෙර, මා ඔබට රාජයෝගාව උගන්වා, ඔබව ඔවුන් මෙන් පත් කරවූවා. බලන්න ඔබ දැන් කවුරු බවට පත් වී සිටිනවාද කියා! මෙය ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. අප බොහෝ උසස්ව සිටියා! උපත් 84 ක් ගැනීමෙන් අප දැන් බිමටම වැටිලා අප සිප්පි කටු මෙන් නොවටිනා අය බවට පත් ව සිටියි. අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන බාබා වෙතට අප දැන් යනවා. ජීවාත්ම, තම පියාව මුණගැසෙන එකම වන්දනා ගමන මෙය බැවින්, ඔබගේ ඇතුලාන්තයේ එම සෙනෙහස තිබිය යුතුයි. ඔය දරුවන් මෙහි පැමිණෙන විට, ඔබට නැවත වතාවක් ලෝකයේ ආධිපත්‍යය ලබා දෙන පියා වෙතට ඔබ යනවා, යන අවධානය ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. පියා අපට මෙම ඉගැන්වීම් ලබා දෙයි දරුවනි, දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න! පියා, සර්ව බලධාරියා, පාරිශුද්ධකරුවා වන මා, සිහි කරන්න! මා සෑම චක්‍රයකදීම පැමිණ ඔබට පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වනු ඇත. ඔබ අසීමිත පියා වෙතට යන බව, ඔබගේ හදවත් තුළට ඇතුළු විය යුතුයි. පියා පවසන්නේ මා අදෘෂ්‍යමානයි. ජීවය පවසන්නේ මා අදෘෂ්‍යමානයි. ඔබ, ශිව බාබා සහ බ්‍රහ්මා දාදා වෙතට යන බව ඔබට වැටහෙනවා ඔවුන් සිටින්නේ ඒකාබද්ධ වීය. අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන කෙනාව හමු වීමට අප යනවා. අභ්‍යන්තරයේ අසීමිත සතුට තිබිය යුතුයි. මෙහි, මධුබාන් වලට පැමිණීමට, ඔබ ඔබගේ නිවෙස් වලින් පිටත් වන විට, ඔබගේ ඇතුලාන්තයේ සතුට බුබුළු දැමිය යුතුයි. පියා අපට ඉගැන්වීමට පැමිණ ඇති අතර, ඔහු අපට දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්නා අන්දම පෙන්වා දෙනවා. ඔබගේ නිවෙස් වලින් පිටත් වන විට, ඔබට මෙම සතුට ඔබගේ ඇතුලාන්තයේ තිබිය යුතුයි. ගැහැණු ළමයෙක්, ඇගේ අනාගත සැමියා මුණ ගැසීමට යන විට, ඇය ආභරණ ආදිය පැලඳ ගනී, ඇගේ මුහුණ පිබිදී යයි දුක ලබා ගැනීම සඳහා ඇගේ මුහුණ පිබිදෙයි! ඔබගේ මුහුණු පිපෙන්නේ නිරන්තර සතුට ලබා ගැනීම සඳහාය. එබැවින් එවන් පියෙක් හමු වීමට පැමිණීම ගැන, බොහෝ සතුට තිබිය යුතුයි. අපට දැන් අසීමිත පියාව හමු වී තිබේ. අප ස්වර්ණමය යුගයට ගිය විට, අපගේ අංශක අඩු වී ගෙන යයි. ඔය බ්‍රහ්මණයින් දැන් දෙවියන්ගේ දරුවන්ය. දෙවියන් මෙතැන අසුන් ගෙන ඔබට උගන්වයි. ඔහු අපගේ පියා මෙන්ම ගුරුවරයාද වෙයි. ඔහු අපට උගන්වන අතර අපව පිවිතුරුද කර ඉන්පසුව අපව ඔහු සමඟ ආපසු නිවසට රැගෙන යයි. ජීවාත්ම වන අපි, දැන් මෙම රාවණගේ අපිරිසිඳු රාජධානියෙන් නිදහස් කෙරෙනවා. ඔබගේ ඇතුලාන්තයේ බොහෝ සතුට තිබිය යුතුයි. පියා ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන බැවින් ඔබ ඉතා හොඳින් ඉගෙන ගත යුතුයි. ශිෂ්‍යයින් හොඳින් ඉගෙන ගන්නා විට, ඔවුන් හොඳ ලකුණු ලබා සමත් වෙයි. දරුවන් පවසන්නේ බාබා, මා ශ්‍රී නාරායන් වනවා. මෙය සත්‍ය නාරායන් වීමේ සත්‍ය කතා පුවතයි. එය සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන් බවට පරිවර්ථනය වීමේ සත්‍ය කතාවයි. ඔබ උපතින් උපතට එම ව්‍යාජ කතා වලට සවන් දෙමින් සිටියා. පියාගෙන් මෙකල, එක් වරක් පමණයි, ඔබ සත්‍ය කතාවට සවන් දෙන්නේ. එය ඉන්පසුව, භක්ති මාර්ගයේ දිගටම පැවතෙයි. ශිව බාබා රාත්‍රියේ උපත ලැබූ බව කියැවෙන අතර, ඒ නිසා ඔවුන් ඔහුගේ උපන් දිනය සෑම වසරකදීම සමරයි. කෙසේවෙතත්, ඔහු පැමිණියේ කවදාද, ඔහු පැමිණි විට කළේ කුමක්ද, කියා කිසිවෙකු නොදනී. අච්චා, ඔවුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනයද සමරයි. ඔහු පැමිණියේ කවදාද, පැමිණියේ කෙසේද හෝ පැමිණි විට කළේ කුමක්ද කියා ඔවුන් නොදනී. ඔවුන් කියන්නේ, ඔහු කාන්ස් ගේ දේශයේ පැමිණි බවයි. ඔහු අපවිත්‍ර ලොවක උපත ලබන්නේ කෙසේද? ඔබ අසීමිත පියා වෙතට යෑම ගැන, ඔය දරුවන් බොහෝ සතුටට පත් විය යුතුයි. මේ- මේ කෙනා ඔහු වෙතට ඊතලය විද, බාබා පැමිණ ඇති බව ඔවුන්ට කියූ අන්දම ගැන ඇතමෙක් ඔවුන්ගේ අත්දැකීම් පවසයි. එම දිනයේ සිට, ඔවුන් පියාව පමණක් දිගටම සිහිපත් කළා. මෙම වන්දනා ගමන, ඔබට ශ්‍රේෂ්ඨතම පියා වෙතට යෑමටයි. බාබා ජීවමාන වන අතර, ඔහු ඔහුගේ දරුවන්ව මුණ ගැසීමට පැමිණෙයි. එම වන්දනා ගමන් භෞතික ඒවාය. මෙහි පියා ජීවමානයි. ජීව වන අප, සිරුරක් තුළින් කතා කරන අයුරින්ම, උත්තරීතර ජීවය වන පියාද, සිරුරක් තුළින් කතා කළ යුතුයි. මෙම ඉගෙනුම ඔබගේ අනාගත උපත් 21 ක ජීවිකාව වෙනුවෙන්ය. වෙනත් ඉගෙනුම් මෙම එක් උපත සඳහා පමණයි. එබැවින් ඔබ ඉගෙන ගත යුත්තේ කුමන ඉගෙනුමද, එමෙන්ම ඔබට තිබිය යුත්තේ කුමන රාජකාරියද? පියා පවසන්නේ දෙකම කරන්න! සන්යාසීන් කරන අන්දමින්, ඔබ ඔබගේ නිවස සහ පවුලේ අය අතහැර, වනාන්තරයක ජීවත් වීමට නොයා යුතුයි. මෙම මාවත, පවුල් මාවතයි. මෙම ඉගෙනුම, දෙකම සඳහාය. සෑම කෙනෙක්ම ඉගෙන ගන්නේ නැත. ඇතමෙක් ඉතා හොඳින් ඉගෙන ගන්නා අතර, ඇතමෙක් ටිකක් අඩුවෙන් ඉගෙන ගනී. ඊතලය සැනෙකින් සමහරකු විදින අතර, අන් අය, උමතු වූවන් මෙන් දිගටම කතා කරයි. ඇතමෙකු පවසන්නේ ඔව්, මා වටහා ගැනීමට උත්සාහ දරන්නම්. වෙනත් අය පවසන්නේ කොහේ හෝ ස්ථානයක හුදකලාව අසුන් ගෙන, මා මෙම කරුණු වටහා ගත යුතුයි. ඉන්පසුව ඔවුන් පිටව ගොස් අතුරුදහන් වෙයි. දැනුමේ ඊතලය කෙනෙකුට වදින්නේ නම්, ඔහු සැනෙකින් සෑම දෙයක්ම වටහාගනි. ඇතමෙක් කියන්නේ ඔවුන්ට කිසි වෙලාවක් නැති බවයි. ඉන් ඔබට වටහාගත හැකි වන්නේ, ඊතලය ඔවුන්ට වැදුනේ නැති බවයි. බලන්න ඊතලය ඔහුට වැදුණු සැනින්ම බාබා සෑම දෙයක්ම අත්හල අන්දම! ඔහුට ආධිපත්‍යයක් ලැබෙන්නට යන බව ඔහු විශ්වාස කළා. එබැවින් ඔහු සිතුවේ, ’එය සමඟ සසඳන විට, මේ සෑම දෙයක්ම මොනවද? මට පියාගෙන් රාජධානිය හිමි කර ගැනීමට අවශ්‍යයි‘. පියා පවසන්නේ දැන්, ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය කරගෙන යන්න, නමුත් පැමිණ මේ සෑම දෙයක්ම සතියක් හොඳින් වටහාගන්න. ඔබ තම පවුලේ අය බලාගත යුතු අතර, ඔබගේ නිර්මාණය රැකිය යුතුයි. ඒ මිනිසුන් (සන්යාසීන්) ඔවුන්ගේ පවුල නිර්මාණය කර, ඉන්පසුව නිවස අතහැර පැන යයි. පියා පවසන්නේ ඔබගේ නිර්මාණය ඇති කළේ ඔබයි. එබැවින් ඔවුන්ව ඉතා හොඳින් රැක බලා ගන්න. ඔබගේ බිරිඳ සහ දරුවන් ඔබට සවන් දෙන්නේ නම්, ඔවුන් කීකරු මෙන්ම වටිනා අයයි. එසේ නොකරන්නේ නම්, ඔවුන් අකීකරු සහ නොවටින්නේය. වටින්නේ කවුරුන්ද නොවටිනා අය කවුරුන්ද කියා ඔබට කිව හැක. පියා පවසන්නේ ඔබ ශ්‍රීමත් අනුගමනය කරන්නේ නම්, ඔබ ශ්‍රේෂ්ඨ වන්නේය. එසේ නැත්නම් ඔබට උරුමයක් ලබා ගත නොහැක. පිවිතුරු වන්න, වටිනා දරුවෙක් වී, පියාගේ නාමය කීර්තිමත් කරන්න. ඊතලය ඔවුන්ට වදින්නේ නම් ඔවුන් මෙසේ කියයි හොඳයි! මා දැන් සැබෑ ආදායමක් උපයා ගන්නම්. පියා පැමිණ සිටින්නේ ඔබව ශිවාලයට රැගෙන යාමටයි. ශිවාලයට යෑමට ඔබ සුදුස්සෙක්ද විය යුතුයි. මේ සඳහා උත්සාහයක් තිබේ. ඔවුන්ට කියන්න දැන් ශිව බාබා සිහි කරන්න. මරණය ඔබගේ ඉදිරියේ ඇත. ඔවුන්ටද සෙතක් සැලසිය යුතුයි. ඔවුන්ට කියන්න දැන් පියාව සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. ඔය දියණියන්ගේ වගකීම වන්නේ ඔබගේ පවුලේ අය මෙන්ම ඔබගේ සැමියාගේ පවුලේ අයවත් ඉහළ නැංවීමයි. ඔබට එහි පැමිණෙන්ට කියා ආරාධනාවක් ලැබී ඇති නිසා, ඔවුන්ට යහපතක් සැලසීම ඔබගේ වගකීමයි. දයාවන්ත වන්න. අපවිත්‍ර සහ තමෝප්‍රධාන් මනුෂ්‍යයින්ට සතෝප්‍රධාන් වන මාර්ගය පෙන්වන්න. සෑම දෙයක්ම අළුත් බවින් පරණ වන බව ඔබ දන්නවා. අපායේ සෑම ජීවාත්මයක්ම අපවිත්‍රයි. එබැවින් පිවිතුරු වීමට ඔවුන් ගංඟා නදියට නෑම සඳහා යයි. කෙසේවෙතත්, පළමුවෙන්ම ඔවුන් අපවිත්‍ර බවත්, ඔවුන් පිවිතුරු විය යුතු බවත්, ඔවුන්ට වටහා දිය යුතුයි. පියා ජීවයන්ට පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වි යයි. සියලුම පැවිද්දන් සහ පූජකයන්ට මගේ පණිවිඩය දෙන්න පියා පවසන්නේ මා සිහිපත් කරන්න! මෙම යෝගා ගින්නෙන් හෝ සිහිපත් කිරීමේ වන්දනාවෙන්, ජීව වලින් මිශ්‍ර ලෝහ අඛණ්ඩව ඉවත් වෙයි. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වී, මා වෙතට පැමිණෙයි. මා ඔබ සෑම කෙනෙක්ම මා සමඟ ආපසු නිවහනට ගෙන යන්නෙමි. ගෝණුස්සෙක් මෘදු යමක් හමුවන තුරු අඛණ්ඩව ඉදිරියට ඇදෙයි. ඉන්පසුව ඌ එම තැනට විදියි. ගලකට විදීමෙන් ඌට කුමක් ලැබෙයිද? ඔබටද පියාගේ හැඳින්වීම ලබා දිය හැක. ඔහුගේ බැතිමතුන් සිටින්නේ කොහිද කියා, පියා ඔබට පවසා තිබේ. ඔවුන් සිටින්නේ ශිව දේවාලවල, ක්‍රිෂ්ණාගේ දේවාලවල සහ ලක‍්ෂ්මි සහ නාරායන්ගේ දේවාල වලයි. බැතිමතුන් දිගටම මට වන්දනා කරයි. ඔවුන්ද මගේ දරුවන්ය. ඔවුන්ද මගෙන් රාජධානිය ලබා ගත් නමුත් දැන් වැඳුම් ලබන්නට සුදුසු අයගෙන්, වඳින්නන් බවට පත්ව සිටියි. ඔවුන් දේවතාවන්ගේද බැතිමතුන්ය. නොම්මර එකේ වන්දනාව වන්නේ, ශිවාගේ අමිශ්‍ර වන්දනාවයි. ක්‍රම ක්‍රමයෙන් පහතට වැටෙත්ම, ඔවුන් පදාර්ථ වන්දනාව ආරම්භ කළ. ශිවාගේ බැතිමතුන්ට විස්තර කර දීම පහසුයි මේ සියලුම ජීවයන්ගේ පියා වන ශිව බාබාය. ඔහු අපට අපගේ දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙනවා. පියා පවසන්නේ දැන් මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. මා ඔබට මෙම පණිවිඩය දෙනවා. පියා පවසන්නේ මා පාරිශුද්ධකරුය, දැනුමේ සාගරයයි. මා ඔබට මෙම දැනුම ලබා දෙනවා. තවද ඔබව පිවිතුරු කිරීම සඳහා මා ඔබට යෝගාද උගන්වන්නෙමි. මා ඔබට මෙම පණිවිඩය ලබා දෙන්නේ බ්‍රහ්මාගේ සිරුර මගිනි මා සිහි කරන්න! ඔබගේ උපත් 84 සිහි කරන්න! ඔබට බැතිමතුන්ව දේවාල වල සහ කුම්බමේලාවල මුණ ගැසිය හැක. එහිදී, පාරිශුද්ධකරු වන්නේ ගංඟා නදියද නැත්නම් උත්තරීතර ජීවයද කියා ඔබට පහදා දිය හැක. එබැවින් ඔබ යන්නේ කවුරුන් වෙතටද කියන සතුට ඔය දරුවන්ට තිබිය යුතුයි. ඔහු බොහෝ සේ සාමාන්‍යයි! ඔහු හෙළිදරව් කළ යුත්තේ කුමන ශෝභනයක්ද? ඔහු ශ්‍රේෂ්ඨ කෙනෙක් ලෙස පෙන්වීමට, ශිව බාබා කළ යුත්තේ කුමක්ද? ඔහුට කහ පාට සිවුරු ඇඳිය නොහැක. පියා පවසන්නේ මා සාමාන්‍ය සිරුරක් ගන්නෙම්. මා කළ යුත්තේ කුමක්ද කියා මට අවවාද කරන්න! මා මෙම රථය සැරසිය යුත්තේ කෙසේද? ඔවුන් හුසේන්ගේ අශ්වයා පදින විට, එය බොහෝ අලංකාර ලෙස සරසයි. මෙහි, ඔවුන් ශිව බාබාගේ රථය පෙන්නුම් කරන්නේ ගවයෙක් ලෙසිනි. තවද ඔවුන් ගවයෙකුගේ නළලේ ශිවාගේ රවුම් පිළිරුවක් තබයි. ශිව බාබා, ගවයෙක් තුළට ඇතුළු වන්නේ කෙසේද? ඔවුන් දේවාල වල ගවයෙක් පෙන්වා ඇත්තේ ඇයි? ඔවුන් කියන්නේ එය ශංකර්ගේ රථය කියාය. ශංකර්ට සූක‍්ෂම දේශයේ රථයක් තිබෙයිද? ඒ සෑම දෙයක්ම අයත් වන්නේ භක්ති මාර්ගයට වන අතර, එය නාටකයේ නියම වී තිබේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමාට මෙසේ පොරොන්දු වන්න 1) ඔබ දැන් සැබෑ ආදායමක් උපයා ගන්නා බවට 2) ශිවාලයට යෑම සඳහා, ඔබ තමන්ව සුදුසු කෙනෙක් කරන බවට 3) ඔබ වටිනා දරුවෙක් වී, ශ්‍රීමත් අනුගමනය කර, පියාගේ නම, කීර්තිමත් කරන බව.

2. දයාවන්ත වී, තමෝප්‍රධාන් මනුෂ්‍යයින්ව, සතෝප්‍රධාන් කරවන්න. සෑම කෙනෙකුටම යහපතක් සිදු කරන්න. මරණය පැමිණෙන්නට මත්තෙන්, සෑම කෙනෙකුටම පියා පිළිබඳව සිහිකර දෙන්න.

වරදානය:
සියලුම මිනිස් ජීවාත්මයන්ට කාල තුනේ දර්ශන ලබා දෙන දිව්‍ය කැඩපතක් වීමට ඔබට හැකි වේවා.

ඔය දරුවන් දැන් දිව්‍ය කැඩපත් බවට පත්විය යුතු අතර එමඟින් සියලුම මිනිස් ජීවාත්මයන්ට ඔවුන්ගේ කාල තුන පිළිබඳ දර්ශනයක් ලබා ගත හැකිය. ඔවුන් සිටියේ කුමක්ද, දැන් සිටින්නේ කුමක්ද සහ අනාගතයේදී ඔවුන් කුමක් වීමට යනවාද යන්න පැහැදිලිව දැකීමට ඔවුන්ට හැකි වේවා. ඔවුන් දැනගත් විට, එනම්, බොහෝ උපත් සඳහා ඔවුන් තුළ තිබූ පිපාසය සහ ආශාවන් දැන් ඉටු වීමට ඇති බව ඔවුන් අත්විඳින විට සහ දකින විට, විමුක්තියට හෝ ස්වර්ගයට යාමේ ඔවුන්ගේ ආශාව ඉටු වන බව ඔවුන් අත්විඳින විට, පරමාත්ම පියාගෙන් තම උරුමය ලබා ගැනීමට මෙහි පැමිණීමට ඔවුන් පහසුවෙන් ආකර්ෂණය වනු ඇත.

පාඨය:
එක ශක්තියක් සහ එක විශ්වාසයක් පිළිබඳ පාඩම නිරන්තරයෙන් ස්ථිර වේවා, එවිට ඔබට පහසුවෙන් සාගරය මැදින් (දුෂ්කරතාවයෙන්) එගොඩ වීය හැකි වනු ඇත.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

ඔබ, ඔබගේ පාරිශුද්ධත්වයේ රාජකීයත්වයේ රැදි සිටින විට, උරුමක්කාර ගුණාත්මක බවින් යුත් ජිවාත්ම හෙළිදරව් වෙයි. ඔබගේ ද්‍රිෂ්ඨියට කිසිම විටෙක සීමිත කිසිවකට ආකර්ෂණය වීමට ඉඩ නොදෙන්න. උරුමකරුවෙක් යනු අයිතියක් ඇති කෙනෙකි. නිරන්තරයෙන් අයිතියක් තිබීමේ මනෝ ස්ථිතිය ඇති අය, කිසිම විටෙක මායා මත යැපෙන්නේ නැහැ. සියලු අයිතීන් තිබීමේ පිවිතුරු කුල්මත් බව තිබීම තුළින්, ඔබට මෙහිදි සියලු අයිතීන් තිබීමේ ස්ථිතිය ඇති අතර එහිදීද සියලු අයිතීන් තිබෙයි.