16.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැන් සැබෑ රාජයෝගීන්ය. ඔබට රාජ ඍෂිවරයන් යැයි ද කියයි. රාජ ඍෂිවරයන් යනු
පාරිශුද්ධ අයයි.
ප්‍රශ්නය:
ඔය දරුවන්ට,
රාවණගේ මඩ වගුරෙන් මිනිසුන්ව ගලවා ගැනීමට හැකි වන්නේ කවදාද?
පිළිතුර:
ඔබම එම මඩවගුරෙන් ඉවතට පැමිණි විටයි. මඩවගුරෙන් ඉවතට පැමිණි අයගේ ලක‍්ෂණය වන්නේ,
ඔවුන් සියලු ආශාවන්ගෙන් මිදී සිටීමයි. ඔවුන් පියා හැර වෙනත් කිසිවෙක් සිහි නොකරයි.
හොඳ ඇඳුම් හෝ හොඳ ආහාර වලට කිසිම ගිජුකමක් නොතිබිය යුතුයි. ඔබට සම්පූර්ණ චාම් බව
තිබේ. ඔබට ඔබගේ එම සිරුරද අමතක වී ඇත. ’මා ජීවාත්මයක්, කිසි දෙයක් මට අයත් නැහැ.’
රාවණගේ මඩ වගුරෙන් මිනිසුන්ව ඉවත් කළ හැකි වන්නේ, එවන් ජීව අවධානයෙන් සිටින දරුවන්ට
පමණයි.
ගීතය:
සෙනෙහසේ මහා
සයුර ඔබයි. අපි එක් බිඳුවකට පිපාසිත වන්නෙමු.
ඕම් ශාන්ති.
විටෙක, ගීතය
වාදනය කළ විට, එහි අරුත කුමක්ද කියා දරුවන්ගෙන් විමසන ලදි. දැන් මට කියන්න, ඔබට
මාවත අමතක වූයේ කවදා සිටද? (ඇතැමුන් තඹ යුගයේ සිටද, ඇතැමුන් ස්වර්ණමය යුගයේ සිටද
පැවසූහ.) ඔවුන්ට තඹ යුගයේ සිට මාවත අමතක වූ බව පැවසූ අය වැරදියි. ඔබට ස්වර්ණමය
යුගයේ සිට මාවත අමතක විය. ඔබට මාවත පෙන්වා දිය හැකි කෙනාව හමු වන්නේ දැන්ය. ඔබට
මාවත පෙන්වා දිය හැකි කෙනාව, ඔබ ස්වර්ණමය යුගයෙදී හඳුනන්නේ නැත. එහි කිසි කෙනෙක්
පියාව හඳුනන්නේ නැත එනම්, ඔවුන්ට ඔහුව අමතක වී ඇත. අමතක වීමත් නාටකයේ නියමිත වී
තිබේ. එබැවින් ඔබට මාර්ගය පෙන්වා දීමට ඔහු දැන් පැමිණ සිටියි. ඔවුන් පවසන්නේ
දෙවියණේ, අපට මාර්ගය පෙන්වන්න! අපට ස්වර්ණමය යුගයේ සිට පියාව අමතක වී ඇත. බාබා මෙම
ප්‍රශ්න අසන්නේ ඔබගේ බුද්ධිය ක්‍රියා කරවීමටයි. මෙම දැනුම අසහායයි. දැනුමේ මහා සයුර
වන්නේ පියා පමණයි. පියා ඔබට පෞද්ගලිකවම මුහුණට මුහුණලා පවසයි දැනුමේ මහා සාගරය
මෙන්ම සතුටේ මහා සාගරය වන්නේද මා පමණයි. පාරිශුද්ධකරු සැබවින්ම ඒකායන පියා පමණක්
බවත් ඔබ දන්නවා. භක්ති මාර්ගයේ අය පවා මෙය විශ්වාස කරයි. පිවිතුරු ලෝක වන්නේ, සාමයේ
දේශය සහ සතුටේ දේශයි. සතුටේ දේශය සහ දුක් දේශය, චක්‍රයෙන් භාගයකට එකක් බැගින්
තිබෙයි. ඔය දරුවන් මෙය ඉතා හොඳින් දන්නවා. පියා සෙනෙහසේ මහා සාගරයයි, සෑම කෙනෙක්ම
පියා ලෙසින් ඔහුට කන්නලව් කරන්නේ මේ නිසාය. කෙසේවෙතත්, ඔහු කවරෙක්ද, මෙන්ම ඔහු
පැමිණෙන්නේ කෙසේද කියා, ඔවුන්ට අමතකව ගොසින්ය. එය සැබවින්ම දේවතාවන්ගේ රාජධානියව
පැවති කාලය, වසර 5000කට පෙර කාරණාවකි. ස්වර්ණමය යුගයේ විමුක්තිය තිබෙන නමුත් පහත්
වීම සිදුවන්නේ කෙසේද කියා කිව හැක්කේ කාටද? ඔබ තඹ යුගයේ සිට පහත් තත්ත්වයක සිට ඇති
බව මෙන්ම, ඔබ කන්නලව් කරන්නේ මේ නිසා බවත්, පැමිණ ඔබට පවසන්නේ පරමාත්ම පියා පමණයි.
මෙය අළුත් දෙයක් නොවන බව ඔබට වැටහෙයි. පියා සෑම චක්‍රයකදීම පැමිණෙයි. අශාරීරික පියා
දැන් ජීවාත්මයන්ට පහදා දෙනවා. කිසිම කෙනෙක් තමන්ගේ ජීවාත්මය නොහඳුනයි. ඔහුගේ මුළු
චරිත කොටසම, ජීවය තුළ පටිගත වී ඇති ආකාරය පිළිබඳව, කිසි කෙනෙකුට ඔබට කිව නොහැක.
ඔවුන් බොහෝ වාර ගණනාවක් එය බවට පත් වී ඇති බව මෙන්ම එම චරිත කොටස රඟපා ඇති බව,
ඔවුන් කිසි විටෙක පවසන්නේ නැත. ඔවුන් නාටකය පිළිබඳව කිසිසේත් නොදනී. ඔවුන් වසර සිය
දහස් ගණනක් ගැන කතා කළද ඒ වුවත්, එය නාටකයමයි. අඩු තරමේ ඔවුන් නාටකය නැවත නැවත
සිදුවන බව පවසයි! ඔය දරුවන්ට පෞද්ගලිකවම මෙම දැනුම ලබා දෙන්නේ පියා පමණයි. ඔහු ඔබට
කතා කරන්නේ, මෙම මුඛය තුළිනි. ශිව බාබා ඔබව ඔහු සතු කරගෙන ඇති බවත්, ඔහු බ්‍රහ්මාගේ
මාර්ගයෙන් ඔබව බ්‍රහ්මණයන් බවට පත් කර ඇති බවත් ඔබ දන්නවා. මෙම කෙනා ශිව බාබාගේ
දරුවා මෙන්ම බිරිඳද වෙයි. බලන්න දරුවන් කොපමණ සංඛ්‍යාවක් රැක බලා ගැනෙනවාද කියා!
මෙම කෙනා පිරිමියෙක් නිසා, සරස්වතීව දරුවන්ව බලාගැනීමට උදව්කරුවෙක් බවට පත්කර තිබේ.
මෙම දේවල් ග්‍රන්ථවල සඳහන් කර නැත. මෙය ප්‍රායෝගිකයි. රාජයෝගාව ඉගැන්වූයේ පියා
පමණක් වන අතර, රාජයෝගාව උගන්වනු ලැබූ අය, රජවරුන් වී උපත් 84ක් ගත්තා. මිනිසුන්
බොහෝ දෙනෙක් බයිබලය, කුරානය, වේද සහ ග්‍රන්ථ හදාරන නමුත්, ඔවුන්ට කිසි දෙයක්
වැටහෙන්නේ නැත. ඔබ මහාභූත සමඟ යෝගාවේ සිටින යෝගීන් නොවෙයි. ඔබ යෝගාවේ සිටින්නේ පියා
සමඟයි, එනම්, ඔබ පියා සිහිපත් කරයි. ඔබ දැන් රාජයෝගීන්ය. ඔබ රාජ ඍෂිවරයන්, එනම්,
යෝගිරාජ්ය (මහා යෝගීවරයෙකුගේ නම්බු නාමය). පිවිතුරු අයට යෝගීවරුන් යැයි කියයි.
දිව්‍ය ලෝකයේ රාජධානිය හිමි කරගැනීම සඳහා ඔබ යෝගීවරුන් වී ඇත. පළමුවෙන්ම පියා
පවස්නනේ පිවිතුරු වන්න! එවන් ජීවයකට යෝගීවරයෙක් යැයි කියයි. ඔබ සියලු දෙනාම
රාජයෝගීවරුන්ය. මින් හැඳින්වෙන්නේ, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වන ඔය
බ්‍රහ්මණයන්ය. ඔබට රාජයෝගාව උගන්වනු ලබනවා. එබැවින් ඔබ ශිෂ්‍යයන්ය. ශිෂ්‍යයන්ට
කිසිදා ඔවුන්ගේ ගුරුවරයා අමතක වෙයිද? ශිව බාබා ඔබට උගන්වන බව ඔබ දන්නවා. කෙසේවෙතත්,
ඒ තිබියදී, මායා ඔබට අමතක කරවයි. ඔබට උගන්වන ගුරුවරයාව ඔබට අමතක වෙයි. එම
කුල්මත්භාවය තිබිය හැකි වන්නේ, පරමාත්ම දෙවියන් ඔබට උගන්වන බව ඔබට වැටහෙන විට
පමණයි. ICS විභාගයට ඉගෙනගන්නා ශිෂ්‍යයන්ට බොහෝ කුල්මත්භාවයක් තිබේ! ඔය දරුවන් උපත්
21කට රාජයෝගාවේ අධ්‍යාපනය ඉගෙනගනිමින් සිටිනවා. ඔබට, පසුවත් (ස්වර්ණමය යුගයෙදී)
ඉගෙනගැනීමට සිදුවෙයි. ඔබට රාජකීය අධ්‍යාපනයක් ලැබෙන අතර භාෂාව ආදියද ඉගෙනගනී.
ස්වර්ණමය යුගයේ ආරම්භයේ සිට ඔබට මෙම මාවත අමතක වන බව, ඔය දරුවන්ට වැටහෙයි. ඉන්පසුව
ඔබ සෑම උපතකදීම එක පියගැට පෙළක් පහළට පැමිණෙයි. ඔබ ඉහළ නඟින්නේ කෙසේද එමෙන්ම පහළ
බසින්නේ කෙසේද යන සියල්ල ඔබට දැන් මතක් වෙයි. මෙම ඉනිමඟ හොඳින් සිහියේ තබාගන්න! අපි
උපත් 84ක් සම්පූර්ණ කර ඇති බැවින් අප දැන් ආපසු නිවසට යා යුතුයි, එබැවින් සතුට
තිබේ. මෙය අසීමිත නාටකයකි. ජීවය ඉතාමත්ම කුඩාය. ඔහුගේ චරිත කොටස රඟපෑමෙන් ජීවාත්මය
වෙහෙසට පත් වෙයි, එබැවින් ඔහු මෙසේ පවසයි බාබා, මට විවේකයෙන් සිට, සාමය සහ සතුට ලබා
ගැනීම සඳහා මාර්ගය පෙන්වන්න! ඔබ සතුටු දේශයේ සිටින විට, ඔබට සාමය සහ සතුට යන දෙකම
එහි තිබේ. එහි කැලඹීම් නැත ජීවයට සාමය තිබේ. සාමය සඳහා ස්ථාන දෙකක් තිබේ සාම දේශය
සහ සතුටු දේශය. දුක් දේශයේ අසාමය තිබේ. මෙය ඉගෙනුමකි. බාබා ඔබව සාම දේශය හරහා සතුටු
දේශයට ගෙන යන බව ඔබ දන්නවා. ඔබට එය පැවසීමට අවශ්‍ය නැත. ඔබ මෙහි පැමිණියේ ඔබගේ චරිත
කොටස් රඟපෑමට බවත්, ඔබ දැන් ආපසු නිවසට යා යුතු බවත් ඔබ දන්නවා. ඔබට මෙම සතුට තිබේ.
සාමය පමණක් ලැබීමෙන් සතුටක් නැත. අපට සතුටද තිබෙයි, යන ප්‍රීතිය ඇත. පියාව සිහි
කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වන බව ඔබ දන්නවා. සමහරුන් සිතේ සාමය අයදියි. මෙම වදන්
භාවිත කිරීම වැරදියි. නැත, අප පියා සිහිපත් කරන්නේ, අපගේ පාපයන් දුරු කර ගැනීමටයි.
මනසට සාමයෙන් සිටිය නොහැක කිසි කෙනෙකුට ක්‍රියා සිදුනොකර සිටිය නොහැක, යන අවබෝධය
තිබේ. ඔබට පියාගෙන්, පාරිශුද්ධත්වය, සාමය සහ සතුට යන උරුමය ලැබෙයි. එබැවින් එම සතුට
තිබිය යුතුයි. මෙය දුක් දේශයයි. මෙහි සතුට තිබිය නොහැක. මිනිසුන්ට සාම දේශය සහ
සතුටු දේශය අමතක වී ඇත. බොහෝ මුදල් ඇති අය විශ්වාස කරන්නේ ඔවුන්ට සතුට තිබෙන බවයි.
සන්යාසීන් ඔවුන්ගේ නිවෙස් අතහැර, වනගත වෙයි. එහි කැලඹීම් ආදිය නොමැති බැවින් ඔවුන්
සාමකාමීව සිටියි. කෙසේවෙතත්, ඒ තාවකාලික කාලයකට පමණයි. ඔබ ජීවාත්මයේ ආදිතම ධර්මයේ
ස්ථාවර වූ විට, ඔබ සාමයෙන් සිටියි. මෙහි ඔබට එකිනෙකා සමඟ අන්තර් සබඳතා තිබිය
යුතුයි. ඔබ චරිත කොටසක් රඟපෑ යුතුයි. ඔබ මෙහි පැමිණෙන්නේ ක්‍රියා සිදු කිරීමටයි.
ජීවාත්මය නිශ්චිතවම ක්‍රියා සිදුකළ යුතුයි. අසීමිත පියා මෙම පැහැදිලි කිරීම කරන බව,
ඔය දරුවන්ට වැටහෙයි. අශාරීරික දෙවියන් පවසයි ඔබ ජීව බවත්, ඔබගේ පියා පරමාත්ම ජීවය
බවත්, ඔබ දැන් දන්නවා. පරමාත්ම ජීවය යනු දෙවියන්ය. ජීව ඔහුට අඬගසති. පියා සෑම
කෙනෙකුටම විමුක්තිය පිරිනමන්නායි. පියා පවසන්නේ දරුවනි, දැන් ජීව අවධානයට පත් වන්න!
මෙයට උත්සාහය අවශ්‍යයි. චක්‍රයෙන් භාගයක්ම ඔබ තුළට මිශ්‍ර වී ඇති ලෝහ ඉවත් වන්නේ
මෙම සිහි කිරීම තුළින් පමණයි. ඔබ සැබෑ රත්තරං විය යුතුයි. සැබෑ රත්තරං වලට වෙනත්
ලෝහ මිශ්‍ර කරන අතර ඉන්පසුව එම රත්තරං වලින් ආභරණ සාදයි. මුලින් ඔබ සැබෑ රත්තරං වූ
අතර ඉන්පසුව ඔබ තුළට වෙනත් ලෝහ මිශ්‍ර විය. ඔබගේ චරිත කොටස් රඟපා ඇති බව දැන් ඔබගේ
බුද්ධිය තුළ ඇත. අපි දැන් අපගේ දෙමාපියන්ගේ නිවසට යනවා. විදේශයක සිට ඔබ ඔබගේ
දෙමාපියන්ගේ නිවසට ආපසු යන විට, සතුටක් ඇති වෙයි. බාබා ඔබට දිව්‍ය ලෝකය ගෙනැවිත්
ඇති බව ඔබ දන්නා බැවින්, ඔබටද සතුට තිබේ. අසීමිත පියාගෙන් ලැබෙන ප්‍රතිලාභය වන්නේ
අසීමිත රාජධානියයි, එනම්, විමුක්තියයි. සන්යාසීන් මුක්තියේ තිළිණයට වඩාත් ප්‍රිය
කරයි. කෙනෙක් මිය ගිය විට, ඔහු දිව්‍ය ලෝකයේ නිවැසියෙක් වී ඇති බව පැවසෙයි.
සන්යාසීන් පවසන්නේ, සෑම කෙනෙක්ම මුසුවන ආලෝකය තුළට, ආලෝකය මුසු වූ බවයි. කෙසේවෙතත්,
එය ජීවාත්ම වන අප, වාසය කරන ස්ථානයයි. සෑම කෙනෙකුටම මුසු විය හැකි ආලෝකයක් හෝ
ගින්නක් නැත. බ්‍රහම් යනු සියලුම ජීව වාසය කරන මහා භූතයයි. පියාද එහි වාසය කරයි.
ඔහුද කුඩා තිතක් පමණයි. යමෙකුට තිතක දර්ශනයක් ලැබුණේ නම්, ඔහුට කිසි දෙයක්
වටහාගැනීමට නොහැකි වනු ඇත. බොහෝ දරුවන් පවසන්නේ බාබා, සිහිපත් කිරීමේ සිටීමේ
අපහසුතාවයක් තිබේ. අපි තිතක් සිහි කරන්නේ කෙසේද? අපි චක්‍ර භාගයක්ම ප්‍රතිමාවක
විශාල පිළිරුව සිහි කරමින් සිටියා. පියාද පහදා දෙන්නේ ඔබට තිතකට වන්දනා කළ නොහැකි
බවයි. ඔබ තිතකට දේවාලයක් තනන්නේ කෙසේද? තිතක් පෙනෙන්නේවත් නැත, ඔවුන් විශාල
ශිවප්‍රතිමාව සාදා තිබෙන්නේ මේ නිසාය. කෙසේවෙතත්, ජීවාත්ම පිළිඹිමු කරන, බොහෝ කුඩා
සැලිග්‍රමද සාදයි. ඒවා බිත්තර හැඩයෙන් සාදයි. දෙවියන් තිතක් බව, ඔවුන්ට මින් පෙර
නොපැවසුවේ මන්ද කියා, සමහරුන් විමසයි. පියා පවසන්නේ එකල ඔබට එය පැවසීම, චරිත කොටසේ
නොතිබිණි. ඔබ ආරම්භයේදී ICS විභාගයට ඉගෙන නොගන්නේ ඇයි? ඉගෙනගන්නා අන්දම ගැන, නීති
නොමැත. යමෙක් එවන් ප්‍රශ්න විමසුවහොත් ඔවුන්ට මෙසේ කිව හැක හොඳයි, අපි බාබාගෙන්
අසන්නම්, එසේ නැත්නම් ජ්‍යෙෂ්ඨ සොහොයුරියකගෙන් ලියා විමසන්නම්. බාබාට ඔබට එය කීමට
අවශ්‍ය වූයේ නම්, ඔහු එය කරනු ඇත. එසේ නැත්නම්, ඔහු පවසන්නේ, ඔබ තව දුරටත් දියුණු
වන විට, ඔබට එය වැටහෙන බවයි. ඔහු සෑම දෙයක්ම ඔබට එකවර නොකියයි. මේ සියලු දේවල්
අළුත්ය. පියා මෙහි අසුන් ගෙන, වේද සහ ග්‍රන්ථ වල ඇති සාරය ඔබට පවසයි. ඒවාද භක්ති
මාර්ගයේ නියමිත වී තිබේ. ඔබට නැවතත් ඒවා ඉගෙන ගැනීමට සිදුවෙයි. භක්තියේ එම කොටස
රඟපෑ යුතුයි. අපවිත්‍ර වීමේ කොටසද රඟපෑ යුතුයි. ඔවුන් පවසන්නේ ඔවුන් භක්තියේ මඩ
වගුරේ සිර වී ඇති බවය. බාහිර වශයෙන් බොහෝ සුන්දරත්වයක් තිබේ. ඔවුන් මිරිඟුවක නිදසුන
දෙයි. භක්තියට විශාල ආකර්ෂණයක් තිබේ. පියා පවසන්නේ එය මිරිඟුවක් වැනිය. ඔවුන් එම මඩ
වගුරේ සිර වෙයි. ඉන්පසුව ඔවුන්ට ඉන් ගැලවීමට අපහසු වෙයි ඔවුන් මුළුමනින්ම එහි සිර
වෙයි. ඔවුන් වෙනත් අයව ඉන් මුදවාගැනීමට යන අතර, ඔවුන්ද එහි සිර වෙයි. බොහෝ දෙනෙක්
මේ අන්දමින් සිරවී ඇත. මෙම දැනුමට සවන් දීමෙන් විශ්මයට පත් වූ අය විය. ඔවුන් එයට
සවන් දී වෙනත් අයටද එය පවසා, අන් අයව මඩ වගුරෙන් ඉවත් කරගත්තා. කෙසේවෙතත්, ගමන් කරන
අතර, ඔවුන් එහි සිර විය. ඔවුන් ඉතා හොඳ අංක එකේ දරුවන් විය! එවිට ඔවුන්ට ඉන් මිදීමට
උපකාර කිරීම, ඉතා අපහසු වෙයි. ඔවුන් පියාව අමතක කරන විට, ඔවුන්ව එම මඩ වගුරෙන් ඉවත්
කිරීමට විශාල උත්සාහයක් අවශ්‍ය වෙයි. ඔබ ඔවුන්ට කොපමණ විස්තර කළත්, එය ඔවුන්ගේ
බුද්ධිය තුළ සනිටුහන් වන්නේ නැත. ඔබ මායා, රාවණගේ මඩවගුරෙන් කොතරම් ඈතට පැමිණ ඇතිද
කියා, ඔබට දැන් වටහා ගත හැක. ඉන් මිදී ඈතට යන තරමට, ඔබට තිබෙන සතුට වැඩිවෙයි. ඉන්
මිදී ඇති අයට, අන් අයව ඉන් මුදවාගැනීමට බලය තිබෙයි. සමහරු ඊතලයක් විදීමේ ඉතා දක‍්ෂ
වන අතර ඇතමුන් දුර්වලය. බිල් (ගැමියෙක්) සහ අර්ජුනගේ නිදසුන ඇත. අර්ජුන යනු, ඔහුගේ
ගුරු සමඟ වාසය කළ කෙනෙකි, අර්ජුන එක්කෙනෙක් පමණක් නොවෙයි. අර්ජුන වන්නේ, පියාට අයත්
වී, පියා සමඟ වාසය කරන අයයි. පියා සමඟ වාසය කරන අය සහ පිටත වාසය කරන අය අතර තරඟයක්
තිබේ. බිල් පිටත වාසය කළ අයෙක් වූ අතර, ඔහු ඉදිරියෙන් ගියහ. එක් අයෙකුගේ පමණක්
නිදසුනක් දෙන නමුත්, ඉන් බොහෝ දෙනෙක් පිළිබඳව හැඳින්වෙයි. ඊතලය, මෙම දැනුමයි. ඔබ
පියාව කොපමණ සිහිපත් කරන්නේද කියා, ඔබ සෑම කෙනෙකුටම තමන්ටම වටහා ගත හැක. ඔබ වෙනත්
කෙනෙක් සිහි කරන්නේද? ඔබට හොඳ ඇඳුම් අඳින්නට හෝ හොඳ කෑම කන්නට ගිජුකමක් නැහැ නේද?
ඔබ මෙහිදී හොඳ දේවල් අඳින්නේ නම්, ඒවා එහිදී අඩු වනු ඇත. අප මෙහි චාම්ව සිටිය
යුතුයි. පියා පවසන්නේ ඔබගේ ඔය සිරුරු පවා ඔබ අමතක කළ යුතුයි. එය තමෝප්‍රධාන් පැරණි
සිරුරකි. ඔබ ලෝකයේ අධිපතියන් බවට පත්වනවා. සියලුම ආශාවන් පිළිබඳ දැනුම ගැන,
නොදැනුවත් වන්න. පියා පවසන්නේ ඔබ මෙහිදී ආභරණ නොපැළඳිය යුතුයි. ඔහු මෙසේ පවසන්නේ
ඇයි? මෙයට හේතු බොහොමයක් තිබේ. ඔබගේ ආභරණ නැති වූයේ නම්, ඔබ එය බීකේවරුන්ට දුන් බව
මිනිසුන් පවසනු ඇත, දෙවනුව, ඔබ එහෙ මෙහෙ ගමන් කරන අතර, සොරුන්ට එය ඔබගෙන් සොරා
ගැනීමට වුවද හැකිය. මෙකල, සොරකම් කරන ස්ත්‍රීන් බොහෝ සිටියි. ස්ත්‍රීන් පවා මංකොල්ල
කෑම ආරම්භ කර ඇත. ලෝකයේ තත්ත්වය දෙස බලන්න! මෙම ලෝකය, මුළුමනින්ම ගණිකා මඩමකට සමාන
බව ඔබ දන්නවා. අප මෙහි ශිව බාබා සමඟ, ශිව දේවාලයේ අසුන් ගෙන සිටිනවා. ඔහු සත්‍යයයි,
ජීවමාන ජීවයයි, එමෙන්ම ආනන්දයේ ප්‍රතිරූපයයි. ජීවාත්මයේ ප්‍රශංසාව තිබේ. මෙසේ
පවසන්නේ ජීවයයි මම ජනාධිපති කෙනෙක් වී ඇත. මම අහවල් කෙනාය. ඔය ජීවයන් පවසන්නේ මම
බ්‍රහ්මණයෙක්මි. මම, බාබාගෙන් මගේ උරුමය හිමි කරගන්නවා. ජීව අවධානයෙන් රැඳී
සිටින්න! උත්සාහයක් අවශ්‍ය වන්නේ මේ සඳහාය. ’මේ මගේ අහවල් කෙනාය. මෙය මගේය.’ ඔබට ඒ
සියලු දේ මතක් වන නමුත්, ජීවාත්ම වන ඔබ, සහෝදරයන් බව ඔබට අමතක වෙයි. මෙහිදී ’මගේ’
යන සියලු අවධානය ඉවත් කර ගත යුතුයි. මා ජීවයක් වන අතර මෙම කෙනාගේ ජීවයද මෙය දනී.
පියා විස්තර කරදෙන අතර, මම සවන් දෙමි. ඔහු පවසන දේ පළමුව ඇසෙන්නේ මටයි. මටද එය
පැවසිය හැකි නමුත්, මා මෙසේ පවසන්නේ, දරුවන්ගේ යහපත උදෙසාය විස්තර කරදෙන්නේ ශිව
බාබා බව, සෑම විටෙකම සලකන්න. දැනුමේ මහා සාගරය මතගෑම, දරුවන්ගේ වගකීමයි. ඔබ කරන දේ,
මමද කරමි. එසේ නැත්නම්, මම අංක එක හිමි කරගන්නේ කෙසේද? කෙසේවෙතත්, ඔහු තමාව
අදෘෂ්‍යමානව තබාගනී. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ‘මගේ’ යන
සියලුම අවධානය අත්හැර, තමන් ජීවාත්මයක් බව සලකන්න. ජීවාත්ම අවධානයෙන් සිටීමට උත්සාහ
දරන්න. මෙහිදී සම්පූර්ණ චාම් බවින් රැඳී සිටින්න. හොඳ ඇඳුම් පළඳින්නට සහ හොඳ කෑම
කන්නට ඇති ආශාවන් පිළිබඳව මුළුමනින්ම නොදැනුවත් වන්න.
2. ඔබගේ චරිත කොටස
රඟපාන අතර සහ ක්‍රියා සිදු කරන අතර, ඔබගේ ආදිතම ධර්මය වන සාමයේ ස්ථාවර වන්න. සාම
දේශය සහ සතුටු දේශය සිහි කරන්න. මෙම දුක් දේශය අමතක කරන්න.
වරදානය:
ඔබ ලෝක
දානපතියෙකු වී අධ්‍යාත්මික කුල්මත් වීම සහ දයාවේ ගුණධර්ම වලින් ලෝක පරිවර්තනය
සිදුකරත්වා.
ලෝක දානපතියෙකු වීමට
නම්, ප්‍රධාන ගුණධර්ම දෙකක් අත්‍යවශ්‍ය වේ. එකක් දේව, අධ්‍යාත්මික කුල්මත් වීම වන
අතර අනෙක කරුණාවයි. ඔබට එකවර අධ්‍යාත්මික කුල්මත් වීම සහ දයාව සමානව තිබේ නම්, එවිට
ඔබේ අධ්‍යාත්මික අවධිය නිර්මාණය වේ. එබැවින්, ඔබ කාර්යයක් කරන විට හෝ ඔබ යමක් පවසන
සෑම විටම, ඔබට අධ්‍යාත්මික කුල්මත් වීම සහ දයාව සමානව තිබේදැයි පරීක්ෂා කරන්න.
දේවතාවියන්ගේ පින්තූර වල, මෙම ගුණධර්ම දෙකම සමානව දක්වා ඇත. මේ මත පදනම්ව ඔබට ලෝක
පරිවර්ථනය සඳහා උපකරණයක් බවට පත්විය හැකිය.
පාඨය:
ඔබේ නාස්තිකාර
සිතිවිලි පරමාත්ම පියාට සෙනෙහෙබරව භාර දෙන්න. මෙය සැබෑ පරිත්‍යාගයකි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
ඔබට පහසු ස්වභාවයක්
ඇති තාක් දුරට, ඔබේ ස්මරණය ද පහසු වනු ඇත. ඔබ පැහැදිලි, එනම්, සෑම අවස්ථාවකදීම
පිරිසිදු වන තාක් දුරට, ඔබ පහසු සහ සරළ වනු ඇත. ඔබ කුමක් වුවත්, ඔබේ නිර්මාණයට එම
සංස්කාර ඇත. එමනිසා, සෑම ගුණධර්මයකම ප්‍රායෝගික ආදර්ශයක් වන්න.