16.08.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ අරමුණ සහ ඉලක්කය වන්නේ ආශ්චර්යමත්, වර්ණවත් ලෝකයේ (දිව්‍ය ලෝකයේ)
අධිපතියන් වීමය. එබැවින් එම සතුටින් නිරන්තරයෙන් ප්‍රබෝධමත්ව සිටින්න, මැලවෙන්න
එපා.
ප්‍රශ්නය:
භාග්‍යවන්ත
දරුවන්ට නිරතුරුවම තිබෙන උද්යෝගය කුමක්ද?
පිළිතුර:
අපව නව ලෝකයේ රජ කුමර කුමරියන් බවට පත් කරවීමට අසීමිත පියා අපට උගන්වනවා. මෙම
යුද්ධය තුළ, දිව්‍යලෝකය මුසු වී ඇති බව, එම උද්යෝගයෙන්ම ඔබට සෑම කෙනෙකුටම විස්තර කළ
හැක. දිව්‍යලෝකයේ දොරටු විවෘත වන්නේ මෙම යුද්ධයෙන් පසුවයි. මෙම සතුටින් රැඳී
සිටින්න, එමෙන්ම විශාල සතුටකින් අන් අයටත් විස්තර කර දෙන්න.
ගීතය:
බාබා, ලෝකය
බොහෝ විචිත්‍රයි.
ඕම් ශාන්ති.
මෙය විචිත්‍ර
ලෝකයක් බව බාබාට කීවේ කවුරුන්ද? වෙනත් කිසිම කෙනෙකුට මෙහි අරුත වටහා ගත නොහැක. මෙම
නාටකය ඉතාම වර්ණවත් බව පියා දැන් විස්තර කර දී ඇත. චිත්‍රපටි යනාදියේ බොහෝ වර්ණවත්
ජවනිකා, සහ දර්ශන ආදිය තිබේ. දැන් කිසිම කෙනෙක් මෙම අසීමිත ලෝකය නොදනී. ඔබ අතරින්ද,
මුළු ලෝකයේම ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ ඔබට ඇති දැනුම, ඔබ දරන උත්සාහයට අනුව
අංකානුරූපයි. දිව්‍ය ලෝකය කෙතරම් වර්ණවත්ද කෙතරම් අලංකාරද කියා ඔබට වැටහෙනවා. වෙනත්
කිසිවෙක් මෙය නොදනී. එම ලෝකය කෙතරම් ආශ්චර්යමත්ද කෙතරම් ලස්සනද කියා වෙනත්
කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. ලෝකයේ විශ්මයන් ගැන ප්‍රශංසා කෙරෙයි. මෙය දන්නේ ඔබ
පමණයි. එම විශ්මිත ලෝකය වෙනුවෙන්, ඔබගේම භාග්‍යයට අනුව, උත්සාහ දරන අය වන්නේ ඔබලාය.
ඔබගේ අරමුණ සහ ඉලක්කය එයයි. ලෝකයේ විශ්මය එයයි දියමන්ති සහ මැණික් එබවූ මාලිගා
තිබෙන, බොහෝ සෙයින් වර්ණවත් ලෝකයකි, එය. ඔබ තත්පරයකින් ආශ්චර්යමත් පාරාදීසියට යයි.
ඔබ ක්‍රීඩා කරමින් නර්තනය ආදිය කරයි. එය අනිවාර්යෙන්ම ආශ්චර්යමත් ලොවකි. මෙහි ඇත්තේ
මායාගේ රාජධානියයි. මෙයද බොහෝ සේ ආශ්චර්යමත්ය! මනුෂ්‍යයින් නොයෙක් දේවල් කරයි. අප
නාටකයක රඟපාන බව ලෝකයේ කිසිම කෙනෙක් නොදනී. මෙය නාටකයක් බව ඔවුන් වටහාගත්තා නම්,
ඔවුන්ට නාටකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුමද තිබෙයි. පියා බොහෝ චාම් බව ඔය
දරුවන්ට වැටහෙනවා. මායා ඔබට සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම අමතක කරවයි. ඇය ඔබව නාසයෙන්
අල්ලාගෙන ඔබට සෑම දෙයක්ම අමතක කරවයි. එක් මොහොතකදී ඔබ සිහිපත් කිරීමේ සිටින අතර
බොහෝ ප්‍රබෝදමත්ව සිටියි ’ඔහෝ! අපි ලෝකයේ විශ්මය වන දිව්‍ය ලෝකයේ, අධිපතියන් බවට
පත්වනවා.‘ ඉන්පසුව ඊලඟ මොහොතේ, ඔබට මෙය අමතක වී ඔබ මැලවෙනවා. ඇතැම් අය බොහෝ සේ
මැලවෙයි! දුගී අයවත් (බීල් අය) මෙතරම් මැලවෙන්නේ නැත. ඔවුන් දිව්‍ය ලෝකයට යන බවවත්,
අසීමිත පියා අපට උගන්වන බවවත් ඔවුන්ට වැටහෙන්නේ නැතුවා සේය. ඔවුන් සම්පූර්ණ මලමිනි
බවට පත්වනවා සේය. එම සතුට සහ කුල්මත්භාවය රැඳෙන්නේ නැත. ලොවෙහි විශ්මයේ ස්ථාපනය
දැන් සිදුවෙමින් පවතිනවා. ලෝක විශ්මයේ රජකුමරා, ශ්‍රී ක්‍රිෂ්ණාය. ඔබටද මෙය
වැටහෙනවා. දැනුමෙහි දක‍්ෂ අය, ක්‍රිෂ්ණාගේ උපන් දිනය (ජනමාෂ්ටමි) ගැන විස්තර කරනු
ඇත. ලෝක විශ්මයේ රජකුමරු වූයේ ශ්‍රී ක්‍රිෂ්ණාය. එම ස්වර්ණමය යුගය ගියේ කොහාටද? ඔබ
ස්වර්ණමය යුගයේ සිට ඉනිමග දිගේ පහළට පැමිණියේ කෙසේද? ස්වර්ණමය යුගය, කලි යුගය වූයේ
කෙසේද? මෙය ඇතුළු වන්නේ, ඔය දරුවන්ගේ බුද්ධියට පමණයි. ශ්‍රී කිෂ්ණා පැමිණෙන බව, ඔබ
සතුටින් විස්තර කළ යුතුයි. ක්‍රිෂ්ණාගේ රාජධානිය නැවත වරක් ස්ථාපිත වනවා. භාරතයේ
මිනිසුන් මෙය ඇසීමට සතුටු විය යුතුයි. කෙසේවෙතත්, එම උද්යෝගය තිබෙන්නේ භාග්‍යවන්ත
අයට පමණයි. ලෝකයේ මිනිසුන් මෙම මාණික්‍යයන් වුවද ගල් යැයි සිතා විසිකර දමයි. මෙම
මාණික්‍ය, දැනුමේ අවිනාශී මාණික්‍යයි. මෙම දැනුමේ මැණික් වල මහා සයුර වන්නේ පියාය.
මෙම දැනුමේ මැණික් බොහෝ සේ වටින්නේය. ඔබ මෙම දැනුමේ මැණික් ධාරණය කර ගත යුතුයි. ඔබ
දැන් ඍජුවම දැනුමේ මහා සාගරයට සවන් දෙමින් සිටිනවා. එබැවින් වෙනත් කිසිම දේකට සවන්
දීමට අවශ්‍ය නැත. මෙම මාණික්‍ය, ස්වර්ණමය යුගයේ පවතින්නේ නැත. එහි LLB ලා
(නීතිඥයින්) නොමැති අතර කිසිවෙකු ශල්‍ය වෛද්‍යවරයෙක් ආදිය වන්නේද නැත. මෙම දැනුම
එහි පවතින්නේ නැත. එහි ඔබ ප්‍රතිලාභය අත්විඳියි. එබැවින් ඔය දරුවන් ක්‍රිෂ්ණාගේ
උපන් දිනය ගැන ඉතා හොඳින් විස්තර කළ යුතුයි. මේ ගැන බොහෝ මුරලි පවසා තිබේ. ඔය
දරුවන් දැනුමේ සාගරය මත ගෑ යුතුයි එවිට පමණයි කරුණු මතුවන්නේ. ඔබට දේශනයක් දීමට
අවශ්‍ය නම්, උදේ පාන්දරින්ම අවදි වී, එය සටහන් කරගෙන ඉන්පසුව එය නැවතත් කියවන්න.
ඔබට අමතක වන කරුණු එකතු කරගත යුතුයි. ඔබට ඒවා ඉතා හොඳින් ධාරණය කරගැනීමට හැකි වෙයි.
කෙසේවෙතත්, ඔවුන් ලියාගත් සෑම දෙයක්ම, සෑම කෙනෙකුටම පැවසීමට නොහැක එක් කරුණක් හෝ තව
එකක් අමතක වනු ඇත. එබැවින් ක්‍රිෂ්ණා වූයේ කවුරුන්ද කියා ඔබ විස්තර කළ යුතුයි. ඔහු
ලෝකයේ අධිපති විය. භාරතය, පාරාදීසිය විය. ශ්‍රී ක්‍රිෂ්ණා එම පාරිදීසියේ අධිපති
විය. ක්‍රිෂ්ණා පැමිණෙනවා, යන පණිවිඩය අප ඔබට ලබා දෙනවා. දෙවියන්ම රාජයෝගාව ඉගැන්වූ
අතර, ඔහු දැන් පවා මෙය උගන්වනවා. ඔහු අපට පාරිශුද්ධ වන්න, උත්සාහ දැරීමට
දිරිගන්වනවා, අපව ද්විත්ව කිරුළු පලන් දේවතාවන් බවට පත් කරවීම සඳහා. මේ සෑම දෙයක්ම
ඔය දරුවන්ගේ අවධානයේ තිබිය යුතුයි. මෙය පුහුණු වූ අයට ඉතා හොඳින් විස්තර කිරීමට
හැකි වනු ඇත. ක්‍රිෂ්ණාගේ පිංතූරයේ ලියා ඇති දේවල් නොම්මර එකේ ඒවාය. මෙම යුද්ධයෙන්
පසුව දිව්‍ය ලෝකයේ දොරටු විවර වෙයි. මෙම යුද්ධය තුළ, දිව්‍ය ලෝකය මුසු වී තිබේ. ඔය
දරුවන් විශාල ප්‍රීතියෙන් රැඳී සිටිය යුතුයි. ජනමාෂ්ඨමි දිනයේ, මිනිසුන් අළුත්
ඇඳුම් ආදිය අඳිති. කෙසේවෙතත්, අපි එම පැරණි සිරුරු අතහැර දමා අළුත්, පිවිතුරු
සිරුරු ගන්නා බව ඔබ දැන් දන්නවා. මෙසේ කියැවෙයි සම්පූර්ණයෙන්ම පිවිතුරු සිරුරක්,
එනම් රත්තරං සිරුරක්. එහි ජීවාත්ම පිවිතුරු වන අතර ශරීරද පිවිතුරුයි. වර්තමානයේ ඒවා
පිවිතුරු නැත. ඒවා අංක පිළිවෙලට, එය බවට පත් වනවා. ඒවා පිවිතුරු වන්නේ සිහිපත්
කිරීමේ වන්දනාව තුළින් පමණයි. බාබාව සිහි කිරීමටවත් නුවණ නොමැති බොහෝ දෙනෙක් සිටින
බව, බාබා දන්නවා. සිහිපත් කිරීමේ සිටීමට, ඔබ උත්සාහ දරන විටයි, ඔබගේ වදන් බලවත්
වන්නේ. එම බලය දැන් කොහිද? යෝගාව නොමැත. ඔබ ලක‍්ෂ්මි හෝ නාරායන් බවට පත්වන බව, ඔබගේ
මුහුණු වලින් දිස්විය යුතුයි. ඔබ ඉගෙන ගත යුතුයි. ශ්‍රී ක්‍රිෂ්ණාගේ උපන් දිනය ගැන
විස්තර කර දීම ඉතාමත්ම පහසුයි. ’ලස්සන සහ අවලස්සන කෙනා‘ යැයි කියන්නේ ක්‍රිෂ්ණා
පිළිබඳවයි. ඔවුන්, ක්‍රිෂ්ණා, නාරායන් සහ රාමාවද තද නිල් පැහැ ගන්වා ඇත. පියාම
පවසන්නේ මුලදි දැනුමේ කොත මත අසුන් ගෙන දිව්‍ය ලෝකයේ අධිපතියන් වූ මගේ දරුවන්, ගියේ
කොහාටද? ඔවුන් රාගයේ කොත මත අසුන් ගෙන, අඛණ්ඩව අංක පිළිවෙලට පහළට ඇද වැටුණා. ලෝකය
සතෝප්‍රධාන් සිට සතෝ, රජෝ සහ තමෝ බවට පරිවර්ථනය වෙයි. ඒ අන්දමින්ම මනුෂ්‍යයින්ගේ
තත්ත්වයද ඒ හා සමාන වෙයි. රාගයේ කොත මත අසුන් ගැනීමෙන් ඔවුන් සියල්ලම අවලස්සන වී
ඇත. මා දැන් පැමිණ ඇත්තේ සියල්ලන්ව ලස්සන කරවීමටය. ජීවාත්ම, ලස්සන කළ යුතුයි. ඔබගේ
සිතිවිලි, වචන සහ ක්‍රියා කෙසේද කියා ඔබගේ හැසිරීමෙන් බාබා වටහාගන්නවා. ඔබ ක්‍රියා
සිදු කරන අන්දමින් එය වැටහෙනවා. ඔය දරුවන්ගේ ක්‍රියාකාරකම් සැබවින්ම පළමු පංතියේ
විය යුතුයි. ඔබගේ මුවින් නිරන්තරයෙන් මැණික් පිට විය යුතුයි. ක්‍රිෂ්ණාගේ උපන් දිනය
ගැන විස්තර කිරීම ඉතාමත්ම හොඳයි. ’ලස්සන සහ අවලස්සන කෙනා‘ යන මාතෘකාව අරගන්න. ඔවුන්
ක්‍රිෂ්ණාව තද නිල් පැහැ ගන්වන්නේ ඇයි, එමෙන්ම නාරායන් සහ රාධේවත් තද නිල් පැහැ
ගන්වන්නේ ඇයි? ශිව ප්‍රතිමාව ද සාදන්නේ තද පැහැති ගලකිනි. කෙසේවෙතත්, ඔහු තද පැහැ
නොවෙයි. බලන්න ශිවා කවුරුන්ද කියා, එමෙන්ම ඔවුන් ඔහුව පෙන්වා ඇත්තේ කෙසේද කියා! මෙම
දේවල් වටහා ගන්නේ ඔය දරුවන් පමණයි. ඔවුන් ඔහුව තද පැහැයෙන් පෙන්වන්නේ ඇයිද කියා ඔබට
විස්තර කළ හැක. ඔය දරුවන් කුමන සේවයක් කරනවාද කියා බාබා දැන් බලනවා. පියා පවසන්නේ
මෙම දැනුම සියලුම ආගම් වල අයටයි. පියා මෙසේ පවසන බවත්, ඔබ ඔවුන්ට කිව යුතුයි මා
සිහිපත් කරන්න, එවිට ඔබගේ බොහෝ උපත් ගණනාවක පාපයන් කැපී යයි. ඔබ පාරිශුද්ධ විය
යුතුයි. ඔබට ඕනෑම කෙනෙක් මත රාඛියක් බැඳිය හැක. ඔබට යුරෝපීයන් මත වුවද ඒවා බැඳිය
හැක. ඔවුන් කවුරුන් වුවත් ඔබ ඔවුන්ට කිව යුත්තේ මේවා දෙවියන්ගේ වදන්ය. ඔහු මෙය
අනිවාර්යෙන්ම පවසන්නේ කාගේ හෝ ශරීරය තුළින්ය. ඔහු පවසන්නේ මා පමණක් සිහි කරන්න.
ඔබගේ සියලුම ශාරීරික නෑදෑයින් අමතක කර දමා, තමන් ජීවාත්මයක් බව සලකන්න. බාබා බොහෝ
විස්තර කරන නමුත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ. එබැවින් එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති බව
පියා වටහාගන්නවා. ශිව බාබා ඔවුන්ට උගන්වන බව, ඔවුන් වටහා ගත යුතුයි. ඔහුට රථයක්
නොමැතිව ඉගැන්විය නොහැක. සංඥාවක් පමණක් දීම සෑහේ. සමහර දරුවන්ට විස්තර කිරීමේ හොඳ
පුහුණුවක් තිබේ. බාබා සහ මමා උසස් තත්ත්වයක් හිමි කරගන්නා බව ඔබට වැටහෙනවා. මමාද
සේවය කළා. මෙම කාරණාද විස්තර කළ යුතුයි. මායාගේ බොහෝ විවිධ ස්වරූප තිබේ. මමා ඔවුන්
තුළට ඇතුළු වන බව හෝ ශිව බාබා ඔවුන් තුළට ඇතුළු වන බව බොහෝ දෙනෙක් කියයි.
කෙසේවෙතත්, අළුත් කරුණු ලබා දෙන්නේ නියමිත රථය තුළින් පමණයි. එසේ නැත්නම් ඒවා වෙනත්
කෙනෙකුගේ මාර්ගයෙන්ද ලබා දෙයිද? එය සිදුවිය නොහැක්කක්. ඇත්ත වශයෙන්ම තමන්ගේම කරුණු
බෙදාගන්නා බොහෝ දියණියන් සිටියි. සඟරාවේ බොහෝ ලිපි තිබේ. මමා හෝ බාබා ඔවුන් තුළට
ඇතුළු වී උපදෙස් ලබා දෙනවා නොවෙයි. නැත. පියා මෙහි ඍජුවම පැමිණෙයි, ඒ නිසයි ඔහුට
සවන් දීමට ඔබ මෙහි පැමිණෙන්නේ. මමා හෝ බාබා කවුරුන් හෝ තුළට ඇතුළු වන්නේ නම්, ඔබ
එහි අසුන් ගෙන ඔවුන් සමඟ ඉගෙනගනී. නැහැ සෑම කෙනෙකුටම මෙහි පැමිණීමට ආකර්ෂණයක්
දැනෙයි. දුර සිටින අය වැඩියෙන් ආකර්ෂණය වෙයි. එබැවින් ජනමාෂ්ටමි දිනයෙදී ඔය දරුවන්ට
විශාල සේවයක් කළ හැක. ක්‍රිෂ්ණා උපත ලැබුවේ කවදාද? කිසිවෙකු මෙය නොදනී. ඔබගේ ඒප්‍රන
දැන් පිරෙමින් පවතිනවා. එබැවින් ඔබ සතුටින් සිටිය යුතුයි. කෙසේවෙතත්, ඇතමෙකුට සුළු
සතුටක්වත් නොමැති බව බාබා දකිනවා. ඔවුන් ශ්‍රීමත් පිළිනොපැදීමට භාරයක් වනවා සේය.
සේවයට ලැදි දරුවන් සේවය සහ සේවය ගැන පමණක්ම සිතයි. ඔවුන් සිතන්නේ ඔවුන් බාබාගේ සේවය
නොකරන්නේ නම්, එනම් ඔවුන් මෙම මාර්ගය අන් අයට නොපෙන්වන්නේ නම්, ඔවුන් අන්ධයින්
වැනිය කියාය. මෙම කරුණු වටහා ගත යුතුයි. ඔබගේ බැජයේ ක්‍රිෂ්ණාගේ පිංතූරයක් තිබේ.
විස්තර කිරීමට ඔබට එය භාවිත කළ හැක. ඔහුව තද නිල් පැහැයෙන් පෙන්වා ඇත්තේ ඇයිද කියා,
ඕනෑම කෙනෙකුගෙන් විමසන්න. කිසිවෙකුට ඔබට මෙය කීමට හැකි වනනේ නැහැ. රාමාගේ බිරිඳව
පැහැර ගත් බව ග්‍රන්ථ වල ලියා තිබේ. කෙසේවෙතත්, එහිදී එවන් දේවල් සිදු වන්නේ නැත.
සුරංගනාවන්ගේ දේශයේ වැසියන් වූයේ ඔය භාරත ජනතාව පමණයි. දැන් ඔබ මරණීය දේශයේ වැසියන්
වී තිබේ. ඔබ දැන් දැනුම කොතෙහි අසුන් ගෙන, දිව්‍යමය ගුණදම් ධාරණය කරගෙන, සුරඟන
දේශයේ වැසියන් බවට පත් වෙයි. ඔය දරුවන් සේවය කළ යුතුයි සෑම කෙනෙකුටම මෙම පණිවුඩය
දෙන්න. මේ සඳහා බොහෝ වැටහීම අවශ්‍ය වෙයි. දෙවියන් අපට උගන්වනවාය, යන කුල්මත්භාවය
බොහෝ සෙයින් තිබිය යුතුයි. අප දෙවියන් සමඟ ජීවත් වනවා. අප දෙවියන්ගේ දරුවන් වන අතර
අප ඔහු සමඟ ඉගෙනගැනීමද සිදු කරනවා. ඔබ බෝඩිමක ජීවත් වන විට, බාහිර ලෝකයේ දේවලින් ඔබ
පැහැ ගැන්වෙන්නේ නැත. මෙයත් පාසැලක්. ක්‍රිස්තියානුවන්ට අඩු තරමේ ආචාරශීලි බව වත්
තිබේ, නමුත් දැන් මිනිසුන්ට ආචාරශීලී බවක් නොමැති අතර ඔවුන් අපවිත්‍ර සහ
තමෝප්‍රධාන්ය. ඔවුන් දේවතාවන් ඉදිරියට ගොස් ඔවුන්ගේ හිස් නමයි. ඔවුන්ගේ වර්ණනාව අති
මහත්ය. ස්වර්ණමය යුගයේ ඔවුන් සියලු දෙනාටම දිව්‍යමය චරිත තිබුණා. දැන් ඔවුනට රකුසු
ගති තිබේ. මේ අන්දමින් දේශන පවත්වන්න, එවිට සෑම කෙනෙක්ම ඔබට සවන් දීමෙන් බොහෝ සතුටට
පත් වෙයි. ක්‍රිෂ්ණා ගැන කියැවෙන්නේ ඔහු කුඩා නමුත් ලොකු කතා කියන බවයි. ඔබ දැන්
බොහෝ සෙයින් ශ්‍රේෂ්ඨ වීම සඳහා, ශ්‍රේෂ්ඨ වදන් වලට සවන් දෙනවා. ඔබට ඕනෑම කෙනෙකුට
රාඛියක් බැඳිය හැක. සෑම කෙනෙකුටම පියාගේ පණිවුඩය ලබා දෙන්න. දිව්‍ය ලෝකයේ දොරටු
විවර වන්නේ, මෙම යුද්ධය තුළින්ය. ඔබ දැන් අපවිත්‍ර බවින් පිවිතුරු විය යුතුයි. ඔබ
පියාව සිහිපත් කළ යුතුයි. ශාරීරික ජීව සිහි නොකරන්න. සෑම කෙනෙකුටම විමුක්තිය
පිරිනමන්නේ ඒකායන පියා පමණයි. මෙය කලි යුගී ලෝකයයි. ඔබ දරන උත්සාහයට අනුව, අංක
පිළිවෙලට ඔය දරුවන්ගේ බුද්ධිය මෙම දැනුම ධාරණය කරගනී. පාසැල්වල, ශිෂ්‍යත්වයක් දිනා
ගැනීමට ඔවුන් විශාල උත්සාහයක් දරයි. මෙහිද දිනාගැනීමට විශාල ශිෂ්‍යත්වයක් තිබේ.
කිරීමට බොහෝ සේ සේවය තිබේ. මව්වරුන්ට බොහෝ සේවය කළ හැක. සියලුම පිංතූර භාවිත කරන්න.
ක්‍රිෂ්ණා, නාරායන්, රාමචන්ද්‍ර සහ ශිවාගේ තද නිල් පැහැති පිංතූර භාවිත කරමින්
අසුන්ගෙන ඒවා විස්තර කරන්න. ඔවුන් දේවතාවන්ව තද නිල් පැහැ ගන්වා ඇත්තේ ඇයි? අවලස්සන
සහ ලස්සන කෙනාව විස්තර කරන්න. ඔබ ශ්‍රීනාථ දේවාලයට ගියොත් ඔබට සම්පූර්ණයෙන්ම කළු
පැහැති පිංතූර දැක ගත හැක. එබැවින් එවන් පිංතූර එකතු කරගන්න. ඔබට ඔබගේ (බාබාගේ)
පිංතූරද පෙන්විය හැක. ලස්සන සහ අවලස්සන කෙනාගේ අරුත විස්තර කර දී ඔවුන්ට කියන්න ඔබ
දැන් රාඛියක් බැඳ ගත යුතුයි. රාගයේ කොතෙන් පහළට බසින්න. දැනුම කොතෙහි අසුන්
ගැනීමෙන් ඔබ ලස්සන වේවි. ඔබට මෙහිදීද සේවය කළ හැක. දේවතාවන්ව තද නිල් පැහැයෙන්
පෙන්වා ඇත්තේ ඇයිද කියා ඔබට ඉතා හොඳ දේශන දිය හැක. ශිව ප්‍රතිමාව කළු පැහැයෙන්
පෙන්වා ඇත්තේ ඇයි? ’ලස්සන සහ අවලස්සන කෙනා‘ යැයි කියා ඇත්තේ ඇයිද කියා අපි විස්තර
කර දෙන්නම්. කිසි කෙනෙක් මෙයින් කලබලයට පත් වන්නේ නැත. සේවය ඉතාමත්ම පහසුයි. පියා
දිගින් දිගටම විස්තර කරන්නේ දරුවනි, හොඳින් දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න. ඔබගේ
වංශයේ නාමය කීර්තිමත් කරන්න. ඔබ දැන් අයත් වන්නේ උසස්ම උසස් බ්‍රහ්මණ වංශයට බව ඔබ
දන්නවා. එවිට ඕනෑම කෙනෙකුට රාඛියක් බැඳීමේ අරුත ඔබට විස්තර කර දිය හැක. ඔබට
ගණිකාවන්ටද විස්තර කර දී ඔවුන්ටද රාඛි බඳින්නට පුළුවනි. පිංතූර ඔබ සමඟ තබා ගන්න.
පියා පවසන්නේ මා පමණක් සිහි කරන්න. මෙම අණට කීකරු වීමෙන් ඔබ ලස්සන වෙයි. බොහෝ
ක්‍රමවේද ඇත. කිසිම කෙනෙක් සිත් පීඩා ඇති කරගන්නේ නැත. ඕනෑම කෙනෙකුට විමුක්තිය ලබා
දිය හැක්කේ අන් කිසිවෙකුට නොව ඒකායන කෙනාට පමණයි. එය රාඛී උත්සවයක් නොවුවද, ඔබට
ඕනෑම වෙලාවක කෙනෙකුට රාඛියක් බඳින්නට පුළුවනි. එහි අරුත වටහා ගත යුතුයි. ඔබට ඕනෑම
විටෙක රාඛියක් බඳින්නට පුළුවන්. මෙය ඔබගේ ව්‍යාපාරයයි. ඔවුන්ට කියන්න, පියාට
පොරොන්දුවක් වන්නට කියා. ඔවුන්ට කියන්න පියා පවසන්නේ මා පමණක් සිහිපත් කරන්න, එවිට
ඔබ පිවිතුරු වෙයි. ඔබට ඉස්ලාම් පල්ලි වලට වුවද ගොස් ඔබ පැමිණ ඇත්තේ ඔවුන්ට රාඛියක්
බඳින්නට බව සහ ඔවුන්ටත් මෙම කාරණාවට අයිතියක් ඇති බව, විස්තර කළ හැක. පියා පවසන්නේ
මා සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් කැපී යයි. පිවිතුරු වන්න, එවිට ඔබ පිවිතුරු
ලෝකයේ අධිපතියන් වෙයි. මෙම ලෝකය දැන් අපවිත්‍රයි. ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම
තිබුණා. එය දැන් කලි යුගයයි. ඔබට ස්වර්ණමය යුගයේ කුදා වෙතට යාමට අවශ්‍ය නැද්ද? මේ
අන්දමින් ඔවුන්ට පවසන්න, එවිට ඔවුන් අනිවාර්යෙන්ම විගසින් පැමිණ, ඔබගේ දෙපා මුල
වැටේවි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමේ මහා
සාගරයෙන් ඔබට ලැබෙන අවිනාශී දැනුමේ මිණි මුතු අගය කරන්න. දැනුමේ සාගරය මතගා, තමන්ම
මෙම මිණි මුතු ධාරණය කරගන්න. සෑම විටෙකම ඔබගේ මුවින් මිණි මුතු මතු වීමට සලසන්න.
2. සිහිපත් කිරීමේ
වන්දනාවේ සිට, ඔබගේ වදන් ශක්තිමත් කරගන්න. ජීවාත්මය පිවිතුරු වන්නේ සිහිපත් කිරීම
තුළින් පමණයි. එබැවින් සිහිපත් කිරීමේ සිටීමට නුවණ ධාරණය කරගන්න.
වරදානය:
ඔබ "මගේ" යන
අවධානයේ ඕනෑම සියුම් ආකාරයක් අත්හැර, එමඟින් නිරන්තරයෙන් බියෙන් තොර සහ සැහැල්ලු
අධිරාජ්‍යවරයෙකු වේවා.
අද ලෝකයේ ධනය තිබෙන
අතර බිය ද තිබේ. වැඩි ධනයක් ඇති තරමට, ඔවුන් නිදියන්නේ බියෙනි. "මගේ" යන අවධානය ඇති
තැන, නිසැකවම බිය පවතිනු ඇත. රන් මුවෙක් "මගේ" වුවද, ඇත්තේ බියකි. කෙසේවෙතත්, ඔබ
"මගේ එකම ශිව බාබා" යැයි පැවසුවහොත්, ඔබ බියෙන් තොර වනු ඇත. එබැවින්, මෙම "මගේ,
මගේ" ඕනෑම සියුම් ආකාරයක් පරීක්ෂා කර එය අත්හැරිය විට, ඔබට බියෙන් තොර සහ සැහැල්ලු
අධිරාජ්‍යවරයෙකු වීමේ ආශිර්වාදය හිමිවනු ඇත.
පාඨය:
අන් අයගේ
අදහස් වලට ගෞරවයක් ලබා දෙන්න එවිට ඔබ නිරායාසයෙන්ම ගෞරවය ලබනවා ඇත.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
එක් අතකින්, අසීමිත
නිරාශාව තබා ගන්නා අතර අනෙක් අතින් සකාර් පියා මෙන් පරම පියාගේ සෙනෙහසේ ගිලී
සිටින්න. මෙම මනෝ ස්ථිතියෙන් තත්පරයක් හෝ එක සිතිවිල්ලකින්වත් පහළට නොඑන්න. සෙනෙහසේ
ගිලී සිටින එවැනි දරුවන්ගේ හමුවක් පමණක් පියාව හෙළිදරව් කරනවා ඇත. ඔය උපකරණ
ජීවාත්මයන්, සෑම කෙනෙකුටම පවිත්‍ර සෙනෙහසේ සහ ලැබීම්වල උසස් පෝෂණය ලබා දී ඔවුන්ව
සුදුසු අය කරවන්න, එනම්, ඔවුන්ව යෝගීවරුන් කරවන්න.