16.08.26    Avyakt Bapdada      Sinhala Murli     16.03.2011    Om Shanti    Madhuban


ඔබගේ මනසින් සේවය කිරීමෙන් පදාර්ථ පිවිතුරු (සතෝගුණී) කිරීමේ සේවය සිදු කරන්න.
සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති කර, සංස්කාර සුසංයෝග කිරීමේ නර්ථනය සිදු කරන්න.


අද පූජනීයතම පියා, ඔහුගේ දරුවන් සමග හෝලි සැමරීමට ඇවිත්. ඔබ සියලු දෙනාද පැමිණ ඇත්තේ හෝලි සැමරීමටයි. දුර ඈත අසුන්ගෙන සිටින, සෑම තැනකම සිටින සියලුම දරුවන්ද අසුන්ගෙන සිටින්නේ හෝලි සැමරීමටයි. ඔබ පැමිණ සිටින්නේ කුමන හෝලි වර්ණය සැමරීමටද? වඩාත්ම උසස් වර්ණය වන්නේ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණය බව ඔබ දන්නවා. මෙම වර්ණය ඔබව වඩාත්ම ශ්‍රේෂ්ඨ අය බවට නිරන්තරයෙන් පත් කරවයි. පරම පියා උසස්ම උසස් වන සේම, පරමාත්ම දෙවියන්ගේ ඇසුර ඔබවත් උසස්ම අය බවට පත් කරවයි. සෑම දරුවෙකුගේම නළල මැද භාග්‍යයේ තාරකාවක් දිලිසෙන අයුරු ඔහු දකිනවා. කල්පය පුරාම මෙම භාග්‍යයේ තාරකාව ඔය භාග්‍යවන්ත දරුවන් හැර වෙනත් කිසිවෙක් හිමි කර නොගනී. මෙම ශ්‍රේෂ්ඨ භාග්‍යය වන්නේ, ද්විත්ව පිවිතුරු, එනම්, පූජනීය වන්නේ ඔය දරුවන් පමණයි. ධර්මිෂ්ඨ ජීවාත්ම ද සිටින නමුත් ඔවුන්ගේ සිරුරු පිවිතුරු නැහැ. අනාගතයේ ඔය බ්‍රහ්මින් ජීවාත්ම පිවිතුරු වන අතර ඔබට පිවිතුරු ශරීර තිබෙයි. මෙහි සලකුණ වන්නේ ඔබ ද්විත්ව පිවිතුරු වන අතර ඔබට ද්විත්ව කිරුළක් ලැබීමයි. මුළු කල්පයේම, ද්විත්ව කිරුළු ලැබෙන්නේ ඔබට පමණයි. සංගම යුගයේ පරම පියාගේ ඇසුරේ වර්ණය තිබීමෙන් ඔබ දෙගුණයක් පිවිතුරු වෙයි. සංගම යුගයේ පරමාත්ම දෙවියන්ගේ වර්ණය, ඔබව දෙගුණයක් පිවිතුරු කරවයි. පරම පියා සමග සිටින නිසා සහ පියා සමග ඒකාබද්ධ වීම නිසා, මෙම හෝලියේදී ඔබ දෙගුණයක් පිවිතුරු වෙයි. ඔබගේ හදවත් තුළ ඔබට නිරන්තරයෙන් පරම පියාගේ ඇසුර තිබෙයි. මෙම ආශ්‍රය කෙතරම් ශ්‍රේෂඨද යත්, එය ඔබව බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. මිනිසුන් හෝලි සමරන්නේ භෞතික වර්ණ සමග වන නමුත් ඔබ පරම පියාගේ ඇසුරේ වර්ණයෙන් පූජනීයත්වයට පත් වෙයි. තවද මෙය ද්විත්ව හෝලියයි. ඔබගේ හෝලිය ලෝකයේ අද්විතීය වන අතර පරම පියා එයට ප්‍රිය කරයි. ඔබට කුල්මත් බවක් තිබෙන්නේ, ඔබගේ හෝලිය, පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් වර්ණ ගැන්වී ඇති නිසාය, එය කෙබඳු ආකාරයකට ඔබව කල්ප භාගයකට පිවිතුරු කරයිද යත්, දැන් පවා ඔබගේ ප්‍රතිමා විනයානුකූලව පිදුම් ලබයි. එතරම් සෙනෙහසකින් වෙනත් කිසිවෙකුගේ ප්‍රතිමා වන්දනාවට ලක් වන්නේ නැත. ඔබට ඔබගේම ප්‍රතිමා දැක ගත හැක. වෙනත් අයද වන්දනාවට ලක් වන නමුත් මෙතරම් දීර්ඝ කාලයක් හෝ මෙතරම් විනයකින් ඔවුන්ව වන්දනා නොකරයි. ඔබ නිරතුරුවම ඔබගේ උනන්දුව සහ උද්යෝගය පවත්වා ගනී. ඔබ එය පවත්වා ගන්නවා නේද? ඔබ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් රැඳී සිටිනවාද? එසේ නම් අත් ඔසවන්න! ඔබ එය සෑම විටම පවත්වා ගන්නවාද, නැත්නම් විටෙක පමණක්ද? තමුන් නිරන්තරයෙන් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සිටින සහ අන් අයටත් උනන්දුව සහ උද්යෝගය ලබා දෙන බව පවසන අය, අත් ඔසවන්න! මෙය විටෙක පමණක් නොව, සෑම විටම කරන අය! ඔබ ‘නිරන්තරයෙන්’ යන වචනයට යටින් ඉරක් ගසා තිබෙනවා නේද? කෙසේවෙතත්, ඔබගේ මනෝ ස්ථිතිය කුමක් වූයේද, ඔබගේ බැතිමතුන් උත්සවයක ස්වරූපයෙන් සමරන්නේ එයයි. ඔබ තමන්ව පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් වර්ණවත් කළ බැවින් ඔවුන්ද වර්ණ ගාගනී, නමුත් ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන් නිසා ඔවුන් බොහෝ මුදල් වැය වන භෞතික වර්ණ ගා ගන්නා අතර එහි ප්‍රතිඵලය වන්නේ සමහරක් හොඳ වන අතර අනෙක්වා එතරම් හොඳ නැත; ඔවුන් සමරන්නේ ඒ ආකාරයටයි. ඔවුන් අනිවාර්යෙන්ම ඔබගේ උද්යෝගයේ සිහිවටනය සමරයි. පරමාත්ම දෙවියන්ට අයත් වීම සඳහා, ඔබ පළමුවෙන්ම ඔබගේ පැරණි සංස්කාර පුළුස්සා දැමිය යුතුයි, ඉන්පසුව, පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් වර්ණවත් වීම නිසා ඔබ සෑම විටම සමරයි. ඔවුන්ද පළමුව යමක් පුළුස්සා ඉන්පසුව සමරයි, කෙසේවෙතත්, ඔබගේ සැමරීම සහ ඔවුන් සමරන ආකාරය අතර දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන් වන අතර ඔබ සිටින්නේ ජීවාත්ම අවධානයෙනි. ඔවුන්ට ශරීර පිළිබඳ අවධානය තිබෙන අතර ඔබට තිබෙන්නේ ජීවාත්ම පිලිබඳ අවධානයයි.

හෝලි යනු අතීතය, අතීතයේ තැබීම, යන බාප්දාදාගේ උපදේශය ඔබට තිබේ. ඔවුන්ද “හෝ ලී” (එය දැනටමත් සිදුවී අවසානයි) ගැන කතා කරයි, නමුත් ඔවුන් එහි අරුත ප්‍රායෝගික ස්වරූපයකට දමන්නේ නැත. ඔබ සියලු දෙනා සෑම දෙයක්ම “හෝ ලී” බවට පත් කරයි, එනම්, ඔබ අතීතය, අතීතයේම තබයි. ඔබ මෙය සිදු කරනවා නේද? නැත්නම් ඔබ එය කරන්නේ ඇතැම් විට පමණයිද? ඔබ අතීතය සිහි කරන විට, ඔබට බොහෝ නිෂ්ඵල සිතිවිලි ඇති වන අතර ඔබගේ කාලයද අපතේ යයි. දීර්ඝ කාලයක ඔබගේ සංස්කාර, ස්ව කැමැත්තට පටහැනිව වුවද, නොකඩවා ක්‍රියාත්මක වෙයි. මෙම සංගම යුගයේ සෑම විනාඩියක්ම උපත් 21ක ප්‍රතිලාභයක් නිර්මාණය කිරීමට උපකාරී වෙයි; සෑම සිතිවිල්ලක් සහ සෑම විනාඩියක්ම බොහෝ සේ වටින්නේය. මේ ගෙවී ගියේ එක තත්පරයක් පමණක් නොවෙයි, නමුත් එය බොහෝ උපත් ගණනාවක ප්‍රතිලාභයේ වෙනසක් නිර්මාණය කරයි. මෙම සංගම යුග කාලයේදී, ඔබ සුළු වශයෙන් වත් කාලය හෝ සිතිවිලි අපතේ නොහැරිය යුතු බව, බාප්දාදා ඔබට මින් පෙරද පවසා තිබේ. ඔබ නිරතුරුවම පරමාත්ම දෙවියන්ගේ වර්ණයෙන් පැහැ ගැන්වී ඇත්නම්, එනම්, ඔබ නිරන්තරයෙන් පියාව ඔබගේ සහකරු ලෙස තබා ගන්නේ නම්, එවිට ඔබට සෑම සිතිවිල්ලක් සහ සෑම මොහොතක්ම, එනම්, සංගම යුගයේ සෑම විනාඩියක්ම වටිනා බවට පත් කිරීමට හැකි වෙයි. එබැවින් ඔබගේ සෑම විනාඩියක් සහ සෑම සිතිවිල්ලක්ම වටින්නේද කියා පරීක්ෂා කර බලන්න. නැත්නම් ඒවා අපතේ යනවාද? මන්ද, මෙය එක විනාඩියක් පමණක් නොවෙයි, සෑම විනාඩියක් සහ සෑම සිතිවිල්ලක්ම උපත් 21ක් සමග සම්බන්ධ වී තිබේ; ඒවාට ඒතරම්ම වටිනාකමක් තිබේ. එබැවින් ඔබගේ හදවත තුළ ඔබ නිරතුරුවම මෙතරම් වටිනාකමක් තබා ගන්නේද කියා සිතන්න. සංගම යුග කාල වකවානුව ගැන කියා තිබෙන්නේ: “දැන් නොවෙයි නම්, කිසිදා නොවෙයි.” මෙම වටිනාකම නිරන්තරයෙන් ඔබගේ සිහියේ තබා ගන්න. ඉතිං ඔබ සියලු දෙනාම අද හෝලි සැමරුවා, එනම්, ඔබ තමන්ව පරම පියාගේ නිරන්තර ඇසුරේ වර්ණයෙන් වර්ණවත් කළා. ඉතිං ඔබ දවස පුරාම පරම පියාගේ වර්ණයෙන් වර්ණවත් වී සිටියාද කියා ඔබ පරීක්ෂා කළාද? ඔබ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ සිටියාද, නැත්නම් ඔබගේ කාලය සහ සිතිවිලි වෙනත් තැනකට ගියාද? ඔබ මෙය පරීක්ෂා කළාද? එකඟතාවයෙන් හිස වනන්න. ඔබගේ අත් වනන්න එපා, නමුත් හිස වනන්න.

බාප්දාදා නිරන්තරයෙන් ඔබට සංඥා කරයි: ඔබගේ මනසේ පිවිතුරු සතෝගුණී සිතිවිලි වලින් අඛණ්ඩව පදාර්ථ (පංච මහා භූතයන්) සතෝගුණී (පිවිතුරු) කරන්න. ඔබගේ මනසින් සේවය කිරීමට ඔබට මතක් වෙනවාද? මන්ද පදාර්ථ දැන් ඔවුන්ගේ කාර්යය විශාල ලෙස සිදු කිරීමට යනවා. එය ඉතා සුළු කාරණාවක්, නමුත්, මනුෂ්‍ය ජීවාත්ම, පදාර්ථ වලට බොහෝ කරදර කර තිබෙනවා, ඒ නිසා ඔවුන්ද කරදර සිදුකිරීම ආරම්භ කරයි, මේ නිසයි පරම පියා මෙසේ පවසන්නේ: ඔබ මායා පරාජය කිරීමට අවධානය යොමු කරන ආකාරයටම - ඔබ මෙයට අවධානය යොමු කරනවා නේද? ඔබ මායාට මෙසේ පොරොන්දු වී තිබේ: “පැමිණීම ඔබගේ වගකීම වන අතර අපගේ වගකීම වන්නේ ඔබව ජයගැනීමයි.” ඔබ සියලු දෙනාම මෙය පොරොන්දු වී තිබෙනවා, එහෙම නේද? ඔබට මායා ජයගැනීමට අවශ්‍යයි නේද? ඒ අන්දමින්ම ඔබ පදාර්ථද ජයගත යුතුයි, මන්ද, ඔබට රාජධානිය පාලනය කිරීමට අවශ්‍යයි නේද? ඔබගේ රාජධානිය පැමිණෙනවා නේද? ඔබට මෙම කුල්මත් බව තිබෙනවාද? කුමක් සිදුවෙයිද කියා මිනිසුන් සිතමින් සිටින අතර ඔවුන් සිටින්නේ බියෙන්, නමුත් එය දැන් අම්රිත් වේලාව, සංගම යුගය බව ඔබ සියලු දෙනා දන්නවා, එමෙන්ම අමිරිත් වේලාවට පසුව පැමිණෙන්නේ කුමක්ද? උදෑසන: “අපගේ රාජධානිය එම උදෑසන පැමිණීමට යනවා.” ඔබට මෙම කුල්මත් බව තිබෙනවා නේද? එය “අපේ රාජධානියද” නැත්නම් මහාරතීන්ට පමණක් රාජධානියක්ද? එය ඔබ සියලු දෙනාගේ රාජධානියයි. කුමක් සිදුවෙයිද කියා ඔබ කණස්සළු වන්නේ නැහැ. හොඳම දේ සිදුවීමට යන බව ඔබ දන්නවා. ඔබගේ රාජධානියේ පදාර්ථද සතෝප්‍රධාන් විය යුතුයි. මෙම අපවිත්‍ර පදාර්ථ පිවිතුරු කරන්නේ කවුද? නැත්නම් පදාර්ථ තිබෙන ආකාරයෙන්ම තිබුණාට කමක් නැද්ද? ඔබගේ රාජධානියට එය හරි යයිද? හරි යයිද? “ඔව්” හෝ “නැහැ”: කියා කියන්න. එය හරි යයිද? එසේ නම් පදාර්ථ පිවිතුරු කරන්නේ කවුද? ඔබ මෙය සිදු කරනවා නේද? මේ නිසයි “හදිසියේ” වන පළමු ජවනිකාව, කුඩා එකක් පමණක්, ආරම්භ වූවා පමණයි. (බොහෝ හානි සිදුකළ භූමිකම්පාවක් සහ සුනාමියක් ජපානයේ ඇති විය.) දැන් තව වැඩියෙන් සහ මීට වඩා විශාල ජවනිකා පැමිණීමට යන අතර ඒවා හදිසියේ පැමිණෙයි. ඔබ කිසිදා නොසිතූ දේ පවා සිදුවීමට යනවා.

බාප්දාදා බොහෝ කාලයක සිට ඔබට ‘හදිසියේ’ යන පාඩම උගන්වමින් හිඳ ඇත. කෙසේවෙතත්, දැන් මෙය ප්‍රායෝගික ස්වරූපයකින් දැකීමෙන් ඔබගේ කාර්යය ඔබ ඇරඹිය යුතු අතර බිය නොවිය යුතුයි. වටේම ගින්දර තිබුණු නමුත් ඒ තිබියදි දෙවියන්ගේ දරුවන් ආරක්ෂිතව සිටි බවට කතාවක් ඔබ කියයි. එබැවින් දැන් වුනත් ඔය දරුවන් ආරක්ෂිතයි නේද? ප්‍රශ්න පත්‍ර අනිවාර්යෙන් පැමිණෙයි, නමුත් ඔබ දෙගුණයක කාර්යයන් සිදු කළ යුතුයි. ප්‍රථමයෙන් ඔබ නොබියව සිටිමින් සෑම දේකටම මුහුණ දිය යුතුයි. දෙවනුව, ඔබගේ බැතිමතුන්ට සහ දුකින් සිටින ඔබගේ සහෝදර සහෝදරියන්ට සේවය කරන්නේ කවුද? ඔබ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් පැහැ ගැන්වී තිබේ, එබැවින් දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් වර්ණවත් වීමෙන් ඔබ ලබා ඇති සියලු දේ, ඔබ බොහෝ සෙනෙහසින් ඔබගේ සහෝදර සහෝදරියන්ට සහ බැතිමතුන්ට බෙදා දිය යුතුයි. දුක ඇති කාලයට සිහි කරන්නේ කාවද? ඔහු දෙවියන් බව ඔවුන් සැලකුවත් නැතත්, බලෙන් වුවද, ඔවුන් අනිවාර්යෙන් කියන්නේ: “අහෝ පියාණෙනි!” “අහෝ දෙවියනි!” එබැවින් පරමාත්ම දෙවියන්ගේ දරුවන් වන ඔබලා, දුකින් සිටින අයට ආධාරක විය යුතුයි. ඔබගේ සුබ පැතුම්, පිවිතුරු හැඟීම් සහ පරම පියාගෙන් ඔබට ලැබී ඇති කිරණ වලින් ඔවුන්ට ආධාරක වන්න. කෙසේ වුවද, ඔවුන් ඔබගේ පවුලේ අය නේද? පවුලක, එකිනෙකාට සහයෝගය ලබා දෙයි. එහි නාමයම වන්නේ “සහයෝග”, ශ්‍රේෂ්ඨ යෝගාවයි. ආධාරක වීමේ අරුත මෙයයි. තමන් වෙනුවෙන් වේලාවක් නියම කරගැනීමට කියා ඔබට පණිවිඩයක් ලබා දෙන ලදී. මෙසේ නොසිතන්න: එය සිදුවෙයි. ඔබට ට්‍රැ‌‌ෆික් කන්ට්‍රෝල් සහ අම්රිත් වේලාව වෙනුවෙන් නියම කරන ලද වේලාවක් තිබෙනවා නේද? ඒ අයුරින්ම, ඔබගේ කාර්යයට අනුකූලව, දැන්, කාලයට අනුව, ඔබගේ මනසින් සිදු කරන මෙම සේවය උපරිම ලෙස අත්‍යාවශ්‍යයි. එබැවින් මෙයට කාලය සාදා ගන්න. සානුකම්පිත වන්න! යහපත සළසන්න! ඔබගේ ස්ව-අභිමානය කුමක්ද? ලොවට සෙත සළසන්නන්. එබැවින් ඔබට අනුකම්පාවක් දැනෙනවාද? නැත්නම් ඔබ මෙසේ සිතනවාද: එය සිදුවෙයි? ඔබ මේ ගැන නොසැලකිලිමත් නොවිය යුතුයි, මන්ද ඔබ සකාශ් ලබා දෙන්නේ කාට වුනත්, ඔවුන් ඔබගේ බැතිමතුන් වෙයි. එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ මෙයට අවධානය යොමු කරනවාද? ඔබ මෙයට අවධානය යොමු කරන බව සහ එය වැඩි වෙයි කියා සිතන අය, අත් ඔසවන්න! ඔබ අත් ඉහළට සහ පහළට දමනවා. ඒ සියල්ල රූපවාහිනියේ දිස් වනවා. ඔබගෙන් මේ තරම් සංඛ්‍යාවක් ඔබගේ ස්ව-අභිමානය, ප්‍රායෝගික ස්වරූපයකට දමන්නේ නම්, එවිට, දැන් වුනත්, සංගම යුගයෙදි ජීවාත්ම, ඔබගේ ප්‍රශංසා ගීත ගායනා කරයි: “අපූරුයි දෙවියන්ගේ දරුවන්, අපූරුයි! ඔබ අපට බොහෝ ආධාර ලබා දී තිබේ!” ඔබට මෙකල එය ආධාර ලබා දීමේ කාරණාවකි, ඉන්පසුව කල්ප භාගයක් ඔවුන් නොකඩවා ඔබ වෙනුවෙන් ගීත ගායනා කරයි. ඔබ ඔවුන්ගේ මුතුන්මිත්තන් වෙයි. ඔබ මුතුන් මිත්තන්ය. ගසේ පිංතූරයේ බ්‍රහ්මින්වරු අසුන්ගෙන සිටින්නේ කොහේද? ඔබ එය යට අසුන්ගෙන සිටිනවා නේද? එබැවින් ඔබ පූර්වජයන්ද නොවෙයිද? ඔබට බැතිමතුන්ගේ හඬ ඇසෙනවාද? තමන්ට ටිකක් අනතුරු අඟවන්න. දුකින් සිටින අයට ඔබ ආධාරක විය යුතුයි. දුකින් සිටින අයට ඔබ ආධාරක විය යුතු බව, ඔබ සිතන විට, ඔබට ඔවුන්ගේ හඬ ඇසෙයි.

ඉතිං ඔබ සියලු දෙනා හෝලි සැමරුවාද? ඔබට මුළු සංගම යුගයම හෝලියයි. ඔබ නිරතුරුවම පරමාත්ම දෙවියන්ගේ වර්ණයේ ඇසුරේ සිටියි. සිහිවටනය, දිනයක් හෝ දෙකක් සමරන නමුත්, ඔබ මුළු සංගම යුගයේම පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ සිටියි. ඔබට මෙම කුල්මත් බව තිබෙනවා නේද? දුප්පත්, අසරණ මිනිසුන් නිරන්තරයෙන් යදිනවා: “දෙවියනේ අපට මේක කරලා දෙන්න! අපට අරක කරලා දෙන්න!” කෙසේවෙතත්, සිහිනෙන් වත් ඔබට දුක් ජවනිකාවක් උපත් 21කට ඇති නොවන බවට සහතිකයක් ඔබට ලැබී තිබෙනවා. ඔබගේ සිතිවිලි වලින් වත් දුක් රළ නොපැමිණෙයි. ඔය සෑම කෙනෙකුටම සෑම කලටම රාජධානිය හිමි කරගැනීමට අවශ්‍ය නම්, එසේ නම් ඔබට ස්වර්ණමය යුගයේ පවුලේ සහකරුවන්, රාජකීය පුරවැසියන් සහ සාමාන්‍ය පුරවැසියන් මෙකළ නිර්මාණය කරගත හැක. ඔබට උපත් 21කට සහතිකයක් තිබෙනවා. සේවය කිරීමට කාලය ටිකක් සාදාගන්න, මන්ද, ඔබට කොහොමත් සිතිවිලි වල බලය තිබෙනවා. පියාගෙන් ඔබට ලැබී ඇති දේවල් සරළව ඔබගේ සහෝදර සහෝදරියන්ටත් ලබා දෙන්න.

බාප්දාදා ඔබට මින් පෙරද පවසා තිබෙන්නේ: බ්‍රහ්මින් පවුලේ අය සමග ඔබ සංස්කාර සුසංයෝග කිරීමේ නර්ථනය සිදු කරනවාද කියා නිරන්තරයෙන් පරීක්ෂා කර බලන්න. ඔබ එම නර්ථනය සිදු කරන්නේ කවදාද කියා, ඔබට දිනයක් නියම කරන ලෙසට බාප්දාදා ඔබගෙන් ඉල්ලීමක් කළා. එය නියම කළ හැකිද? කළ හැකිද? පළමු පේළියේ අය කතා කරන්න! අත් ඔසවන්න! එය කළ හැකිද? ඔය පාණ්ඩවයන්ද ඔබගේ අත් එසවිය යුතුයි. පාණ්ඩවයන් නොමැතිව විමුක්තියක් තිබිය නොහැක. අච්චා.

එය දැන් අවසන් වාරයයි. තව එක හමුවක් පමණක් ඉතිරිව තිබෙනවා. ඒ සඳහා ඔය සෑම කෙනෙක්ම තමන් වෙනුවෙන් ඔබ ඇති කිරීමට යන අධිෂ්ඨානගත සිතිවිල්ල නියම කරගෙන, එය ලියා තබාගත යුතුයි. ඔවුන්ගේ පැරණි සංස්කාර භාවිතා කිරීම නතර කිරීම සඳහා මුළු බ්‍රහ්මින් පවුලට කෙතරම් කාලයක් ගත වෙයිද? එය ඔබගේ සංස්කාරය වුනත් අන් අයගේ සංස්කාර වුනත්, ඒවා ඔබ මත බලපෑමක් ඇති නොකළ යුතුයි. මෙම දිනය නියම කළ හැකිද? අත් ඔසවන්න! අච්චා. සියලු දෙනාගේ ජායාරූපයක් ගන්න, මන්ද, ඔබ එම ‘හදිසියේ’ ජවනිකාව දුටු අයුරින්ම, සෑම දෙයක්ම සිදු වීමට යන්නේ හදිසියෙන්, මේ නිසයි බාප්දාදාට සුදානම් වීම දැක ගැනීමට අවශ්‍ය. ඔබ අන් අයට සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ලබා දෙයි, අන් අයට සේවය කිරීමට ඔබ වැඩසටහනක් සෑදූ බව බාප්දාදා දුටුවා. එබැවින් ඔබට සෑම ජීවාත්මයක් වෙනුවෙන් නිරන්තරයෙන් සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇත්නම් - එය කොහොමත් අංකානුරූපී විය යුතුයි. ඔබගේ මාලාවේ සිහිවටනයේ සෑම කෙනෙක්ම අංක එකද? ඔවුන් අංකානුරූපයි, ඒ වුවද, ඔවුන් මාලාවේ ඇමිණී සිටිනවා නේද? ඔවුන්ට අංකයක් ලැබුණේ ඇයි? ඔවුන්ට අපහසු සංස්කාර තිබෙනවා, ඔවුන්ගේ සංස්කාර දෙස බැලීම වෙනුවට ඔබ තුළ ඔවුන් කෙරෙහි සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබේ. කෙසේ වුවද, ඔවුන්ද බ්‍රහ්මින් පවුලේ කොටසක්. ඔවුන් කෙබඳු අන්දමේ වුනත් කම් නැත, ඔවුන් ‘මගේ පවුල’ නොවේද? ඔබ ‘මේරා බාබා’ (මගේ බාබා) කියන ආකාරයටම, ඔවුන් ‘මගේ පවුලේ අයයි’. ඔබගෙන් බහුතරයක් අත් එසවීම හොඳයි. ඉතිං ඔබ සියලු දෙනාටම මෙම උනන්දුව සහ උද්යෝගය තිබෙනවා, ඒ නිසයි ඔබ අත් එසවූයේ. එබැවින් එකිනෙකා සමග සහයෝගී වී, සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වල ද්‍රිෂ්ඨිය, ආකල්පය සහ අවධානය තිබීමෙන්, මෙම නර්ථනය සිදු කිරීම මහ ලොකු දෙයක් නොවෙයි. මෙයින් හොඳ අංකයක් හිමි කරගන්නා සහ දිනය වන විට මෙය ප්‍රායෝගිකව සිදු කරන ඕනෑම කෙනෙකුට අද්විතීය සහ ආදරණීය ත්‍යාගයක් ලැබෙයි. ත්‍යාගය කුමක්ද කියා බාබා ඔබට දැන් කියන්නේ නැහැ, නමුත් ඔහු ත්‍යාගයක් ලබා දෙනවා. ඇයි? සේවය කිරීමට ඔබ කාලය සාදා ගත යුතුයි නේද? සංස්කාර වල ව්‍යාකූලත්වය ඔබගේ කාලය ගනී, මේ නිසයි ඔබගේ කාලය වෙනුවෙන් අවශ්‍යතාවයක් තිබෙන්නේ. මෙය හොඳද?

මේ සියල්ල මධුබන් නිවාසීන් නේද? (බාප්දාදා ඉදිරියේ අසුන්ගෙන සිටි අය දෙස බලමින්). ඔබ එයට කැමතිද? මන්ද, මධුබන් වල අය විශේෂයි. මධුබන් වාසීන් වෙනුවෙන් බාප්දාදාගේ හදවත තුළ බොහෝ සෙනෙහස තිබෙන අතර මධුබන් අය තුළත් බාප්දාදා කෙරෙහි සෙනෙහස තිබෙනවා. බාබා මෙසේ පවා කියයි: ඔබ තුළ පරම පියා කෙරෙහි සෙනෙහස තිබෙන අතර එය සෑම විටම තිබෙයි: එය මකා දැමිය නොහැක. මෙයින් ඔබ සදාකාලිකයි. ඔබ මධුබන් වාසීන් වී ඇත්තේ මේ නිසයි. මධුබන් වාසීන් කොහේ ගියත් මිනිසුන් ඔවුන්ව දකින්නේ කුමන බැල්මකින්ද? ඔවුන් මධුබන් සිට පැමිණි බව: ඔවුන් මධුබන් සිටයි! එබැවින් මෙයට අවධානය යොමු කර, අවසන් වාරයට පෙර, සියලු දෙනාටම ඔවුන්ගේ සටහන් දැමිය හැකි ස්ථානයක් මධුබන් වල නියම කරන්න. කෙසේවෙතත්, මෙය අවසන් වාරයට පෙර සිදු කළ යුතුයි.

ඔබ සියලු දෙනාම හෝලි සැමරුවාද? ඔබට දිනපතා හෝලි තිබේ. දැන් වුවද මෙය ඔබ පිටතින් සමරන දෙයක් පමණයි. එය සැමරීමට ඔබ යන්නේ කොහාටද? ඔබ එය මෙහිදි සමරනවා නේද? කෙසේවෙතත්, එය සිදුවන්නේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුවයි. සෑම තැනකම සිටින බාප්දාදාගේ ගැඹුරු සෙනෙහසට පාත්‍ර වන ආදරණීය දරුවන්, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ, ඔබගේ ස්ව-අභිමානය පවත්වාගන්නා අය, බාප්දාදා සෑම දරුවෙකුටම කෝටි ගුණයක සෙනෙහස සහ ස්මරණය ලබා දීමට අමතරව ඔහුගේ හදවතින් සෙනෙහස සහ ආදරය ලබා දෙනවා. සෑම තැනකම සිට බාබාව දකින සහ සවන් දෙන අය, සතුටින් සිටින බව බාප්දාදා දකිනවා. අච්චා.

පළමු වතාවට අද පැමිණියේ කවුද? නැගිටින්න! මේ සියලු දෙනා පළමු වතාවට ඇවිත්. අච්චා. ඔබ ප්‍රථම වතාවට මධුබන් වාසීන් වීමේ වාසනාව ලබාගෙන තිබෙනවා. ඔබගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා සහ බාප්දාදා, මෙහි ප්‍රථම වතාවට පැමිණීම වෙනුවෙන් ඔබට සුබ පතනවා. දැන් වුවද ඔබට තවමත් අවස්ථාවක් තිබෙන බව බාප්දාදා දකිනවා, මන්ද, ඔබ ටිකක් පමා වී ඇති නමුත්, ඔබට අවශ්‍ය නම්, ඔබ අවසානයේ පැමිණි නමුත් ඔබට වේගයෙන් ගොස් ප්‍රථම අංකයක් හිමි කරගෙන ප්‍රථම කොට්ඨාශයට පැමිණිය හැක. අද පැමිණ ඇති ඔය සියලුම දරුවන්ට බාප්දාදාගේ ආශිර්වාදය මෙයයි. පරම පියාගේ ශ්‍රේෂ්ඨ වදන් වලට අනුව ඔබ සරළව, අඛණ්ඩව ශ්‍රීමත් අනුගමනය කරන්නේ නම්, එවිට ශ්‍රීමත් වලට ඔබව ශ්‍රේෂ්ඨ කොට්ඨාශයට ගෙන යා හැකි වන අතර ඔබව ගෙන යයි. මෙතරම් විශාල පවුලක් තුළ ඔබට පියාගේ ආශිර්වාද ලැබී ඇති අතර ඔබට අවශ්‍ය තරම් ඉදිරියට ගමන් කිරීම සඳහා ඔවුන්ගේ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඔබට තිබේ. ඔවුන් සියලු දෙනාම හදවත් වලින් ඔබට ආශිර්වාද ලබා දෙයි. ඔබ කොහේ පංතියට ගියත් ඔබට නොකඩවා ආශිර්වාද ලැබෙන අතර මෙම ආශිර්වාද ඔබව තීව්‍ර උත්සාහ දරන්නන් බවට පත් කර, ඔබව ඉදිරියට ගමන් කරවයි: මෙම විශ්වාසය තබා ගන්න! අච්චා, දැන් බාප්දාදා පවසන්නේ: සියලු දෙනාටම ආශ්චර්යමත් සහ සුන්දර සුබ රාත්‍රියක්. අච්චා.

වරදානය:
ඔබගේ සෑම සිතිවිල්ලකින් සහ ක්‍රියාවකින්ම සාර්ථකත්වය අත්කර ගැනීමෙන් ඔබ අංග සම්පූර්ණත්වයේ පිළිරුවක් වේවා.

ඔබ නිර්මාණය කරන සිතිවිලි බලවත් වූ විට, සිතිවිලි වල සාර්ථකත්වය ලැබෙයි. බොහෝ සිතිවිලි ඇති කරන අයට ඒවා පවත්වා ගත නොහැක, ඒ නිසයි ඔබගේ නිර්මාණය විශාල වන තරමට ඔබ වඩාත් බලයෙන් හීන වන්නේ. එබැවින් ප්‍රථමයෙන්, ඔබ නිෂ්ඵලත්වය නිර්මාණය කිරීම නතර කරන්න, එවිට ඔබට සාර්ථකත්වය ලැබෙයි. ඔබගේ ක්‍රියා වලින් සාර්ථකත්වය ලබා ගැනීමේ ක්‍රමය වන්නේ, එම ක්‍රියාව සිදු කිරීමට පෙර, සෑම ක්‍රියාවකම මුල, මැද සහ අවසානය ගැන දැන සිටීමයි. මෙය සිදු කිරීමෙන් ඔබ අංග සම්පූර්ණත්වයේ පිළිරුවක් වෙයි.

පාඨය:
නිසි වෙලාවට තමන්ව දුකෙන් සහ මුලා වීමෙන් ආරක්ෂා කරගන්නා අය, දැනුමැති (වැටහීම ඇති) අයයි.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.

ඔය පූජනීය හංස දරුවන්ගේ ආහාර පාන මෙන්ම සහ-සම්බන්ධතා පිවිතුරු විය යුතුයි. අපවිත්‍ර බවේ නමක් හෝ සලකුණක්වත් තිබිය නොහැක, මන්ද, අපවිත්‍රතාවයේ හෝ අපිරිසිදුතාවයේ නමක් හෝ සලකුණක් පවා නොමැති පිරිසිදු ලෝකයකට ඔබ යන නිසා. ඔබ එවන් පූජනීය හංසයන් බවට පත් වූ විට, ඔබට අනාගතයේ “ පූජනීය ඔහු” (His holiness) ලෙස ආමන්ත්‍රණය කරයි.

විශේෂ නිවේදනයයි: මාසයේ තුන්වන ඉරුදින යෝගා අභ්‍යාසය.

අද, සියලු සහෝදර සහෝදරියන් ප:ව 6.30 සිට 7.30 දක්වා සාමූහික යෝගාවේ සිටින මාසයේ තෙවන ඉරු දිනයයි. ඔබගේ පරම පිවිතුරු ස්වරූපයේ ස්ථාවරව රැඳී සිට, පාරිශුද්ධත්වයේ දිව්‍යමය කිරණ විහිදුවා හරිමින් සකාශ් ස්වරූපයෙන් පිවිතුරු දිරිගැන්වීම් ලබා දීමේ සේවය සිදු කරන්න. සියලු ජීවාත්ම වෙනුවෙන් පිවිතුරු සහ යෝගී වන්න.