16.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මේ ඔබ විසින් ජීව මරණය පිළිබඳව ඉගෙනුම ලබන පුදුම සහගත වු සත්සන් පංතියයි.
මේ ජීව මරණය අත්දැකිය හැකි අය හංසයකු මෙනි.
ප්රශ්නය:
දැන් ඔබගේ
වැඩි සැළකිල්ලට භාජනය විය යුතු කරුණ කුමක්ද ?
පිළිතුර:
විනාශයට පෙර පරිපුර්ණත්වයට පත්වීම කෙරෙහි ඔබ දැඩි සැළකිල්ලක් දැක්විය යුතුයි.
ගියාන් සහ යෝගා දෙකින්ම හොඳින් ශක්තිමත් දරුවන් තමා තුළින් එන පුරුද්දක් ලෙස
සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දිව්‍ය තත්ත්වයට පත් වේ. ඔවුන්ට සේවය නොකර කිසිම
තැනක සිටිය නොහැක. එබැවින් ඔවුන් සේවය පිණිස බහිරවයකු සේ සෑම තැනම දුවයි. ඔවුන් තුළ
සේවය සඳහා මෙලෙස සැළකිල්ල ඇත්තා සේම තම පරිපුර්ණත්වය කෙරෙහිද සැළකිල්ලක් ඇත.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා පැමිණ ආධ්‍යාත්මික වූ ඔබ වන දරුවන්ට කතා කරයි. ඒ ජීවය දැන් ඉන්නේ ශරිරයක්
තුළයි. ඉතින්, ඔබ තමයි ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් මන්ද, ඔබව හදාගනු ලැබුවේ ඔහු
විසින් බැවිනි. හැමෝම කියනවා ඔබ ස්වාමිපුරුෂයා හා භාර්යාව සහෝදරයා සහ සහෝදරියකු බවට
පත් කරනවා කියලා. දරුවනි, බාබා පැහැදිලි කර දීලයි තියෙන්නේ ඔබලා නියම සහෝදර
සහෝදරියන් බව. දැන් නව ලෝකය නිර්මාණය වෙමිනුයි යන්නේ. එබැවින් පළමුවෙන් බ්රහමින්ලා
හෙවත් ටොප්-නොට් අවශ්‍ය වෙනවා. ඔබ ශුද්‍ර තත්ත්වයෙනුයි සිටියේ දැන් ඔබ බ්‍රහ්මණ
තත්ත්වයට පරිවර්ථනය වෙලා ඉන්නේ. බ්රහ්මින්ලා අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.
ප්‍රජාපිතා බ්රහ්මා යන නාමය පැතිර යනවා. ඒ නාමයට කෙරෙන ගෞරවයක් ලෙස ඔබ සියලු දෙනා
අවබෝධ කර ගත යුතුයි ඔබලා සියල්ලන්ම සහෝදර සහෝදරියන් බව. බ්‍රහ්ම කුමර සහ කුමාරිවරු
වන ඔබ අනිවාර්යෙන්ම සහෝදර සහෝදරියන්ද වනවා. ඔබ සැවොම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්.
එබැවින් ඔබ ඇනිවාර්යෙන්ම සහෝදර සහෝදරියන් වනවා. අසංවේදී අයට මේවා හොඳින් තේරුම් කර
දිය යුතුයි. ඔවුන් අසංවේදී වගේම අන්ධ භක්තියේ ගැලිලයි ඉන්නේ. තමන් වඳින්නේ කාටද,
තමන් තුළ භක්තිය තියෙන්නේ කා සමඟද කියලා ඔවුන් දන්නේ නැහැ. මිනිස්සු ලක්ෂ්මී හා
නාරයන් වඳිනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඔවුන් එන්නේ මොන කාලයටද, ඔවුන් නිර්මාණය
වෙන්නේ කෙසේද සහ ඔවුන් ගියේ කොහේද කියලා. කවුරු හරි නේරු ගැන දන්නා කෙනෙක් ඔබට
ඔහුගේ ඉතිහාසයත් භූගෝලයත් ගැන කියල දෙයි. ඔවුන්ගේ පැවැත්ම ගැන දන්නේ නැත්නම් ඉන්
ඇති ප්‍රයෝජනය කුමක්ද ? ඔවුන් එම පිළිමයන්ට වඳිනවා නමුත් ඔවුන්ගේ ජීවිත කථාව දන්නේ
නැහැ. ඔවුන් මිනිසා ගැන ඉතිහාස කතා දන්නවා. නමුත් වන්දනා කරන අයගේ ඉතිහාසය දන්නේ
නැහැ. ශිවාට වඳින අය ගොඩක් ඉන්නවා. ඔවුන් ඔහුට වන්දනා කළද, ඔවුන් කියනවා ඔහු මුතු
සහ ගල් කැට තුළ සිටින බව. ඒව දූවිලි වන් කටකතා. ඒකද ඔහුගේ ජීවිත කථාව ? ඔහුව
මාළුවකු හෝ කිඹුලෙකු ලෙස සම කළ හැකිද ? ඔවුන් කියනවා ඔහු කොටස් මිලියන 8.4ක් වශයෙන්
ඉන්නවා කියලා. ඒක තමයි අසංවේදීභාවය කියන්නේ. ඔවුන් තමන්ටම අපිරිසිඳුයි කියනවා.
’අපිරිසිඳු‘ කියන වචනය ඔවුන්ට මිහිරි වෙලා. අපිරසිඳු වෙනවා කියන්නේ කවුරු හෝ පාපයේ
ගැලීමයි. ඔබට කියන්න පුළුවන් අපට කතා කරන්නේ බ්‍රහ්ම කුමාර සහ කුමාරීන් කියා මන්ද,
ඔබ බ්රහ්මා විසින් හදාගත් දරුවන් බැවිනි. ඔබ පාපයෙන් උපත ලැබුවේ නැහැ. ඔබ උපත
ලැබුවේ කටින්. බ්රහ්මින්ලා වන ඔබ සහෝදර සහෝදරියන්. එමනිසා, එකිනෙකා අතර කිසිම
දූෂිත දැක්මක් නොතිබිය යුතුයි. දූෂිත සිතිවිලි වල ප්‍රධානතම ස්වභාවය රාගයයි. ඔබ
කියන්නේ ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් බැවින් සහෝදර සහෝදරියන්ද වන බවයි. ශිව
බාබාගේ දරුවන් ලෙස ඔබ අවබෝධ කර ගනුයේ සියල්ලන්ම සහෝදරයන් බවයි. මෙය ඔබ තුළ ඉතා
දැඩිව තිබිය යුතුයි. ලෝකයා මේ කිසිවක් දන්නේ නැහැ ඔවුන් නිකම් ඔහේ මේ දේවල් කියනවා.
ඔබට ඔවුන්ට කිව හැකියි හැම දෙනාම කතා කරන, සියලුම ජීවයන්ට ඉන්නේ එකම පියෙකු බව.
ඔහුගේ ස්වභාවය ඔවුන්ට පෙන්වන්න. ප්‍රධාන ආගම් කිහිපයකම මේ අශාරිරික පියා ගැන
කියැවෙනවා. ඔහු අශාරිරික ජීවයන්ගේ පියා. ශාරිරික ලෝකයේ මනුෂ්‍යයන්ගේ පියා
ප්‍රජාපිතා බ්‍රහ්මායි. ඔහුගේ දරුවන්ගේ ගණන නිරන්තරවම වැඩි වෙනවා. සියලුම ජීවයන්
නිතරම විවිධාකාර ආගම් කරා දිව යනවා. ජීවය මේ ශරිරයෙන් පරිබාහිරයි. ශරිරය දෙස බලා
ඔබට කිව හැකියි මේ තැනැත්තා ඇමෙරිකාවෙන්, මේ තැනැත්තා අර රටෙන් මේ රටෙන් කියලා. මේ
විධියට ජීවයට කවුරුත් කියන්නේ නැහැ. සෑම ජීවයක්ම ඔවුන්ගේ සාම දනව්වේ ඉන්නේ. ඔවුන්
මෙහෙට පැමිණ තමන්ගේ කොටස රඟපෑමට පහළට පැමිණිය යුතුයි. ඕනෑම ආගමක කෙනෙකුට ඔබට කියන්න
පුළුවන් අළුත් ජීව උඩ සිට පහළට පැමිණි විට සෑම කෙනෙක්ම මේ ලෝකයේ නැවත උපත් ලබනවා
කියලා. බාබා කියනවා ඔබත් මනුෂ්‍යයෝ, මනුෂ්‍යයෝ ලෝකයේ මුල, මැද හා අග දැන ගත යුතුයි.
එය නිර්මාණය කරන්නේ කවුද, ලෝක චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද සහ සෑම චක්‍රයකටම ගත
වන කාලය කොපමණද කියලත් ඔවුන් දැන ගැනීම අවශ්‍යයි. ඔබ පමණයි මෙය දන්නේ දේවතාවන්
දන්නේ නැහැ. සාමාන්‍ය මනුෂ්‍යයෝ වන ඔබ පසුව දේවත්වයට පත් වෙනවා. බාබා තමයි සාමාන්‍ය
මනුෂ්‍යයින් දේවත්වයට පත් කරවන්නේ. බාබා ඔහුව ඔබට හඳුන්වාදී නිර්මාණය ගැන විස්තර
කරලා දෙනවා. ඔබ අවබෝධ කර ගත යුතුයි ඔබ බීජය වන බාබාගේ දරුවන් වන විට ඔබත් බීජයක් වන
බව. කල්ප වෘක්ෂයේ වෙනස් වීම බාබා දන්නා සේම ඔබත් එය දැන ගත යුතුයි. මනුෂ්‍යයෙකුට
මෙය තවත් මනුෂ්‍යයෙකුට කියා දිය නොහැකියි. ඔබ සියලුම දෙනා මනුෂ්‍යයෝ නමුත් බාබා
කියනවා ඔබ බ්‍රහ්මාගේ දරුවෙක් වන තෙක් ඔබට මධුභන් එන්න බැහැ කියලා. පාඩම් මාලාව
සම්පූර්ණයෙන්ම ගෙන සියලු දේ ඉතා පැහැදිලිව අවබෝධ කර ගන්නා තුරු ඔබට බ්රහමින්ලා
එකතුවන තැනක වාඩි විය නොහැකියි. මේකට කියන්නේ ’ඉන්ද්‍රාගේ සමාජය‘ කියලා. වැසි ජලය
නොවෙයි ඉන්ද්‍රා වස්සන්නේ. ඔබයි ඉෂ්ඨ දේවතා තත්ත්වයට පත්වන්නේ. විවිධාකාර ඉෂ්ඨ
දේවතාවන් ගැන සිහිපත් කෙරෙනවා. කවුරු හෝ, ඉතාමත් ලස්සන කෙනෙකුට මිනිස්සු කියනවා
’මෙයා හරියට ඉෂ්ඨ දේවතාවක් වගෙයි‘ කියලා. ඔවුන් ඒ ලස්සන තමා තුළ රඳවා ගැනීමට බොහෝ
සෙයින් වෙහෙසෙනවා. ස්වර්ණමය යුගයේදී ඔබ ඉෂ්ඨ දේවතාවන්. දැනුම නැමැති සාගරයේ ස්නානය
කිරිමෙන් ඔබ දැන් ඒ දේවත්වයට පත්වෙමින් යනවා. ඔබ අවබෝධ කර ගත යුතුයි ඔබ වෙනස් වනුයේ
කුමන තත්ත්වයකටද කියලා. නිතරම පාරිශුද්ධත්වයෙන් යුක්ත, නිතරම ලස්සන රැඳී ඇති, ඒ
මගියා වන බාබා ඔබවත් දැන් එවන් තත්ත්වයකට පත් කරවනවා. ඔහු නිතරම ලස්සනයි. ඔහු කිසි
විටෙක කැත වන්නේ නැත. අළුත් ජීව දැන් පහළට පැමිණි විට ඔවුන් කැත ශරීර වලට ඇතුළු
වෙනවා. දැන් සියලුම දෙනා ලස්සන කළ හැක්කේ කාටද ? ඒ බාබා එය කළ හැකි එකම කෙනාය. ලෝක
චක්‍රය භ්‍රමණය විය යුතුයි. ඔබ නැවතත් ලස්සන විය යුතුයි. ඔබට උගන්වන බාබා පමණයි
දැනුම් සාගරය වන්නේ. දැනුමේ සාගරය සහ සෙනෙහසේ සාගරය වන්නේ ඔහුයි. ඒ උත්තරිතර පියාට
ගයන ප්රශස්ති ගායනා භෞතික පියාට ගැයිය නොහැක. ඒ ප්රශස්ති අයත් වනුයේ අසීමිත
පියාටයි. හැමෝම ඔහුට කතා කරනවා පැමිණ ඔබගේ ගුණයන්ගෙන් යුතු වූ අය බවට පත් කරවන්න.
ඔබ දැන් මේ තත්ත්වයට ඔබ දරණ උත්සාහය අනුව පත් වෙනවා. ඉගෙනීම සම්බන්ධව හැමෝම එක වගේ
නැහැ, වෙනස්. හරියට රෑ දහවල් වගේ. ඔබ වෙත එන බොහෝ අය බ්රහමින්ලා වෙනවා. කෙසේවෙතත්,
සමහරු හොඳින් ඉගෙන ගන්නා අතර සමහරු අඩුවෙන් ඉගෙන ගන්නවා. හොඳින් ඉගෙන ගන්නා අය අන්
අයට ඉගැන්වීමටත් සුදුසුකම් ලබනවා. ඔබ දන්නවා පාසැල් විශාල ප්‍රමාණයක් හදනවා. බාබාත්
කියනවා සැමට ලෝකයේ මුල, මැද හා අග ගැනත්, එහි නිර්මාපකයා ගැනත් තේරුම් ගත හැකි
පාසැල් හදන්න. බාබා එන්නේ භාරතයටයි. එනිසයි මේ පාසැල් අපි භාරතයේ පිහිට වන්නේ. කාලය
ගත වන විට ඔවුන් පිටරට වලත් විවෘත කරයි. මිනිසුන් විශාල පිරිසකට පැමිණ ඉගෙන ගත හැකි
විශ්ව විද්‍යාල සහ පාසැල් අවශ්‍යයි. සියල්ලන්ගේම ඉගෙනීම හමාර වු විට හැමෝම
දිව්‍යලෝකයට මාරු කරනවා. එවිට ඔවුන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවත්වයට පත්
වෙනවා. ඔබ දැන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවත්වයට පත් විය යුතුයි. දෙවියන්ට
මනුෂ්‍යයින් දේවත්වයට පත් කරවන්න එතරම් කාලයක් ගත වන්නේ නැහැ. මේ ලෝකය මනුෂ්‍ය ලෝකය
නමුත් ඒ ලෝකය දෙව්ලොවයි. මනුෂ්‍යයින් හා දේවතාවන් අතර වෙනස දිවා රෑ වගෙයි. දවාල
කියන්නේ දේවත්වය, රැය මනුෂ්‍යභාවය හෙවත් භක්තිවන්තයින්. ඔවුන් වන්දනා කරන්නන්. ඔබ
වන්දනා කරන්නන්ගෙන් වැඳුම් ලබන්නන් බවට පත් වෙනවා. ස්වර්ණම යුගයේදි භක්ති ග්රන්ථ
හෝ භක්ති කිසිවක් නැහැ. එහි ඔවුන් හැමෝම දේවතාවන්. මනුෂ්‍යයෝ භක්තිවන්තයින්.
භක්තිවන්තයින් වන ඔබ පසුව දේවත්වයට පත් වෙනවා. එයට කියන්නේ දෙව්ලොව කියලයි. මෙහෙට
කියන්නේ යක්ෂ ලෝකය කියලයි. ඒ රාම රාජ්‍යය, මේ රාවණ් රාජ්‍යයයි. මේ කිසිවක් මීට පෙර
ඔබගේ බුද්ධියේ තිබුණේ නැහැ. රාවණ් රාජ්‍යය මොකක්ද, රාවණ් එන්නේ මොන කාලයටද මේ
කිසිවක් ඔබ දන්නේ නැහැ. මිනිස්සු කියනවා ලංකා සහ ද්වාරක් මුහුදෙහි ගිලී යන බව. ඔබ
තේරුම් ගන්න මේ මුළු ලංකා (රාවණ් රාජ්‍යයම) ගිලෙන්නයි යන්නේ. මේ මුළු මහත් ලෝකයම
තමයි ඒ අසීමිත ලංකා. මේ දූපත ගිලී ඒ වටාම ජලයෙන් පිරී යනවා. දිව්‍යලෝකය ගිලෙන්නේ
නැහැ. එහි ඇත්තේ අසීමිත ධනයක්. බාබා විස්තර කරල කියනවා මුස්ලිම්වරුන් පැමිණ සෝමනාථ
කෝවිල කොල්ලකෑව හැටි. එහි කිසිවක් ඉතිරි නොවන සේ ඔවුන් එය කොල්ලකෑවා. එහි භාරතයේ
අසීමිත ධනයක් තියෙනවා. භාරතයට කියන්නේ දෙව්ලොව කියලා. එයට දැන් දෙව්ලොව කියන්න
පුළුවන්ද ? දැන් ඒක අපායයි. එය නැවත දිව්‍යලෝකය විය යුතුයි. ඔබ දැන් අවබෝධ කර ගන්න
දිව්‍යලෝකය නිර්මාණය කරන්නේ කවුද, අපාය නිර්මාණය කරන්නේ කවුද කියලා. ඔබත් ඇසුවා
රාවණ් රාජ්‍යය අවසන් වෙන්නේ කොපමණ කලකින්ද කියලා. රාවණ් රාජ්‍යයේ ආගම් විශාල
ප්‍රමාණයක් තිබෙනවා. රාම රාජ්‍යයේ තිබෙන්නේ සුර්ය හා චන්ද්‍ර වංශ පමණයි. ඔබ දැන්
ඉගෙන ගන්නේ කිසිවෙකුගේ බුද්ධියෙහි නොමැති ඉගෙනීමක්. ඒවා තිබෙන්නේ රාවණ් රාජ්‍යයේ.
රාම රාජ්‍යය තිබෙන්නේ සත් යුගයේ. බාබා කියනවා මම දැන් ඔබව ධනවත් කරවනවා. නමුත් පසුව
ඔබ නැවත දුප්පත් වෙනවා. ඔබ දුප්පත් කියන්නේ ඇයි ? මන්ද, ඔබ අපිරිසිඳු වෙලා. ඔබ
දේවතාවන්ගේ වටිනාකම ගායනා කරන අතර ඔබ දුප්පත්කම ගැනත් ගායනා කරනවා. බාබා පැහැදිලි
කරනවා ඔබ වැඳුම් ලබන්නන්ගේ තත්ත්වයට සිටි කාලයේදී, ලෝකයේ අළුත් මිනිසුන් ඉතාම සුළු
කොටසයි සිටින්නේ. මුළු ලොවෙහිම අධිරාජ්‍යයෝ ඔබයි. ඔබ දැන් අති විශාල සතුටක්
අත්දැකිය යුතුයි. ඔබ සහෝදර සහෝදරියන් විය යුතුයි. මිනිස්සු කියනවා ඔබ නිවෙස්වල කලබල
ඇති කරනවා කියලා. නමුත් ඒ අයම තමයි මේ ඉගෙනුම ලබා ගන්නේ. ඔවුන් මෙහි පැමිණි විට මේ
දැනුම ඔවුන් ඉතා හොඳින් අවබෝධ කර ගන්නවා. මන්ද, එහි නියම අර්ථය ඔවුන් තේරුම් ගන්නා
බැවිනි. එකිනෙකා සහෝදර සහෝදරියන් යැයි අවධානයට ගන්නා තුරු ඔවුන් පාරිශුද්ධත්වයක්
රකින්නේ කෙසේද ? සෑම දෙයක්ම රැඳී තිබෙන්නේ පාරිශුද්ධත්වය මතයි. බාබා මේ වැඩියෙන්ම
පහළට වැටුණු ඉතාමත් අපිරිසිඳු දේශයට ඇතුළු වෙනවා. මිනිසුන්ගේ ආහාරත් ඉතා අපිරිසිඳු
වෙනවා. බාබා කියනවා මම ඇතුළු වන්නේ උපත් ගණනාවකින් තම අවසාන උපතට පැමිණි කෙනාගේ
ශරීරයටයි. මොහු තමයි උපත් 84ම ගනු ලැබුවේ. අවසානයට සිටි කෙනා මුලටම එන අතර පසුව
අවසානයට සිටි කෙනා මුලටම පැමිණෙනවා. උදාහරණයට දිය හැක්කේ එක්කෙනයි. ඔබේ වංශය
නිර්මාණය වෙලා තියෙනවා. ඉතා පැහැදිලිව අවබෝධ කර ගත හැකි ප්‍රමාණයට බොහෝ දෙනා ඔබ වෙත
එනවා. මේ වෘක්ෂය ඉතා කුඩා වන අතර එය කුණාටු බොහොමයකට හසු වෙනවා. සත් යුගයේදි කුණාටු
සම්බන්ධව ගැටළුවක් ඇති වන්නේ නැහැ. අළුත් ජීව නිරන්තරයෙන්ම උඩ සිට පැමිණෙනවා.
මෙහිදී කුණාටු වලට හසු වූ විට ඔවුන් පහළට වැටෙනවා. එහි මායාගේ කුණාටු නැහැ. මෙහි
ඔවුන් කුණාටු නිසා පහළටම වැටිලා යනවා. මේ දෙවල් සත් යුගයේදී සිදු වන්නේ නැහැ. අනෙක්
මිනිසුන් එක් තැනක වැටී එතැනම මියැදෙනවා. නමුත් ඔබගේ යුද්ධය තිබෙන්නේ මායාත් සමඟයි.
ඇය ඔබව දැඩි පීඩනයන්ගෙන් දුර්වල කරවනවා. මේවා සත් යුගයේදී පවතින්නේ නැහැ. මේ දේවල්
අනෙක් ආගම්වල සිදු වන්නෙත් නැහැ. කිසි කෙනෙකු රාවණ් රාජ්‍යය හෝ රාම රාජ්‍යය ගැන
දන්නේ නැහැ. එම ආගමික පංති වලට යන අයට මේ ජීව මරණය ගැන අවබෝධයක් නැහැ. මෙහි ඔබව
හදලයි තියෙන්නේ. ඔබ කියනවා, ඔබ ශිව බාබාගේ දරුවන් ඔබගේ උරුමය දිනා ගන්නවා කියලා.
සමහරු මෙය ලබා ගන්නා අතරතුර ඔවුන් වැටී තම උරුමය අතුරුදහන් කර ගන්නවා. හංසයින් වනවා
වෙනුවට ඔවුන් කොක්කු බවට පත් වෙනවා. කෙසේවෙතත්, අනුකම්පාසහගත බාබා නිතරම පැහැදිලි
කර දෙන බැවින් ඇතැම් ජීව නැවතත් ඉදිරියට යනවා. ස්ථාවරත්වයක් ආරක්ෂාකරගෙන සිටින අය
තමයි මහාවීර (හනුමන් - දක්ෂ යුධ භටයා) ලෙස හඳුන්වන්නේ. ඔබ සියලුම දෙනා නිර්භීත
රණශුරයින් (මහාවීර) වුවද ඔබත් තවම අනුපිළිවෙලයි. නිර්භීතවන්තම කෙනා තමයි මහාවීර
කියන්නේ. ආදී දේව්ටත් මහාවීර කියල කියනවා. ඔහු මාර්ගයෙන් තමයි රාජ්‍යපාලක නිර්භීත
රණශුරයින් උපත ලබන්නේ. ඔබ අනුපිළිවෙලට රාවණ් පරාජය කිරිම උදෙසා උත්සාහ කරනවා. රාවණ්
කියන්නේ පාපයන් පහ වේ. මේ කරුණු තමයි ඔබ අවබෝධ කර ගත යුත්තේ. බාබා දැන් ඔබේ
බුද්ධියේ අගුළු විවෘත කරනවා. පසුව ඒ අගුළු සම්පුර්ණයෙන්ම වැසී යනවා. ඔබේ අගුළු
විවෘත වෙන අවස්ථාවේදී තමයි ජීව සේවය කරන්නේ. බාබා කියනවා සේවය සඳහා පිටත් වන්න. ඔබ
එම කාණු පල්ලට වැටී ඇති අය ඉන් මුදවා ගත යුතුයි. එහෙත් ඉන් අදහස් කරන්නේ නැහැ ඔබත්
එම කාණු පල්ලෙහිම වැටිය යුතුයි කියලා. පාප ගංගාවෙහි ඇත්තේ අසීමිත දුකක්. ඔබ දැන්
අසීමිත සංතෘප්තිය කරා යනවා. ඒ අසීමිත සතුටක් ලබා දෙනුයේ ඔබ ගුණ ගැයු කෙනායි. දුක
දෙන රාවනගේ ගුණ ගායනා කරනවාද ? රාවණ්ටත් කියනවා යක්ෂයා කියලා. බාබා කියනවා ඔබ රාවණ්
රාජ්‍යයේ සිටියා. ඔබ දැන් පැමිණියා අසීමිත සතුට ලැබීමට. ඔබ අසීමිත සතුටක් ලබනවා.
ඔබේ ජීවය අසීමිත සතුට අත්දැකිය යුතුයි. ඔබ එවන් සතුටක් අත්දැකිය යුතු මෙන්ම ඔබ කරදර
වලටද ලක් වෙනවා. තත්ත්වයන් අනුපිළිවෙලයි. සෑම නළුවෙකුගේම තත්ත්වය විවිධාකාරයි. සෑම
දෙනා තුළම දෙවියන් සිටින්න බැහැ. බාබා සියලු කරුණු පැහැදිලි කර දෙනවා. ඔබ දරණ
උත්සාහයේ අනුපිළිවෙලට ඔබ බාබාගේ සහ ලෝක චක්‍රයේ මුල, මැද සහ අගත් දන්නවා. මෙය ඉගෙන
ගත් ප්‍රමාණයට තමයි ලකුණු හිමි වනුයේ. මේ ඉගෙනුම අසීමිතයි. දරුවනි, මේ සඳහා ඔබ අති
විශාල අවධානයක් යොමු කළ යුතුයි. එක් දිනකවත් ඔබ මේ ඉගෙනුම අත්නොහළ යුතුයි. ඔබ
ශිෂ්‍යයෝ. දෙවියන් වන ඔබේ පියාය ඔබට උගන්වන්නේ. දරුවනි, මේ සඳහා වු කුල්මත්භාවය
වැඩි විය යුතුයි. ශිව බාබා නම් දෙවියන් වහන්සේ කතා කරනවා. භක්තියේ ඔවුන් ශිව යන
නාමය හෙමින්ම ක්‍රිෂ්ණා බවට පරිවර්ථනය කළා. ක්‍රිෂ්ණා දෙවියන්ට පසුව සිටින බැවින්,
වැරදීමකින් ඔවුන් හිතුවා කතා කරන්නේ ක්‍රිෂ්ණා කියලා. බාබා ගොඩනංවන දෙව්ලොවෙහි මොහු
තමයි පළමු කෙනා. ඔබ දැන් මේ දැනුම ලබනවා. ඔබ දරණා උත්සාහය අනුව, ඔබ ඔබටත් අන් අයටත්
යහපතක් සළසනවා. එවන් ජීවයන් සේවය නොකර සතුටක් අත්දකින්නේ නැහැ. ඔබ යෝගා සහ ගියාන්
වලින් බලවත් වු විට ඔබ ක්‍රියා කරන්නේ හරියට බහිරවයෙකු මෙනි. සාමාන්‍ය මනුෂ්‍ය
තත්ත්වයෙන් දේවත්වයට පත්වීමේ පුරුද්ද ඔබ තුළට කාවැදිය යුතුයි. ඔබ මරණය පැමිණීමට පෙර
මෙයින් සමත් විය යුතුයි. ඔබට බොහෝ සෙයින් සේවය කිරිමට ඇත. පසුව අවසානයට යුද්ධය
ඇරෙඔනු ඇත. ස්වභාවික උපද්‍රවත් නොකඩවා පැමිණෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ නිර්භීත
රණශුරයකු (මහාවීර) වී ඔබ අවසානයට යන සෑම මොහොතකම උත්සාහ දරා වේගයෙන් ඉදිරියට යන්න.
මායාගේ කුණාටු වලින් සැලෙන්න එපා. බාබා මෙන් අනුකම්පා සහගත වි මනුෂ්‍යයින්ගේ
බුද්ධියෙහි ඇති අගුළු විවෘත කිරිමේ සේවයෙහි යෙදෙන්න.
2. සෑම දිනකම දැනුමේ
සාගරය ස්නානය කර සුර දූතයන් බවට පත්වන්න. දිනකට හෝ මෙම ඉගෙනීම අතපසු කර ගන්න එපා.
ඔබ දෙවියන්ගේ ශිෂ්‍යයන්ය යන කුල්මත්භාවය පවත්වා ගන්න.
වරදානය:
ඔබ පරිණතභාවයේ
දේවතා හෝ දෙවඟනක් වී පරිණතභාවයේ ගුණයෙන් සම්පූර්ණ ලකුණු රැස්කර ගනිත්වා.
වර්තමානය වන විට
පරිණතභාවයේ විශාල අවශ්‍යතාවයක් ඇත්තේ මිනිසුන් බොහෝ දේ කතා කිරීමේ පුරුද්ද වර්ධනය
කර ගෙන ඇති අතර ඔවුන් තම මනසට එන ඕනෑම දෙයක් පවසන බැවිනි. සමහරු හොඳ වැඩ ටිකක් කර ඒ
ගැන කතා කළ විට එහි ඵලය අඩකින් අඩු වේ. ඔවුන් අඩක් පමණක් රැස් කරන අතර පරිණත අය (සහ
ඒ ගැන කතා නොකරන) සම්පූර්ණයෙන් එකතු කර ගනියි. එමනිසා, පරිණතභාවයේ දේවතා හෝ
දෙවඟනෙකු වී ඔබේ සම්පූර්ණ ලකුණු රැස් කරන්න. ඒ ගැන කතා කිරීමෙන් ඔබේ ලකුණු අඩු වේ.
පාඨය:
තිතක ස්වරූපයේ
ස්ථාවරව සිටින්න, එවිට ඔබට ඕනෑම ගැටළුවකට තත්පරයකින් නැවතීමේ තිතක් තැබීමට හැකි වනු
ඇත.