16.09.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්ය. ශාන්ත දේශය, එනම්, අමරණීය දේශය වෙත වූ මඟ ඔබ සෑම කෙනෙකුටම පෙන්විය යුතුයි.

ප්‍රශ්නය:
ඔය දරුවන් සිටින්නේ කුමන කුල්මත් බවකින්ද? ඒ කුල්මත් බවින් ඔබගේ දෙතොලින් පිට වන විශ්වාසයේ වදන් මොනවා ද?

පිළිතුර:
පරමාත්ම පියා සිහි කිරීමෙන් තමන් උපතින් උපතට පාරිශුද්ධ වනවාය යන කුල්මත් බව ඔය දරුවන් තුළ තිබෙනවා. කොපමණ බාධක පැමිණියත් දෙව්ලොව අනිවාර්යෙන්ම ස්ථාපනය වීමට යනවාය කියා ඔබලා විශ්වාසයෙන් යුතුව පවසනවා. නව ලෝකයේ ස්ථාපනයත් පැරණි ලෝකයේ විනාශයත් අනිවාර්යෙන්ම සිදු වීමටයි යන්නේ. කල් තබාම තීරණය වුණු නාටකය මෙයයි. මේ පිළිබඳ කිසිම සැකයක් නොමැත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ඔය ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කර දෙයි. තමන් ජීවාත්මයන් බවත් මේ කාලයේ දී තමන් ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන් වී ඇති බවත් ඔබලා දන්නවා. ඔබ මෙම තත්ත්වයට පත් වී අන් අයවත් එම තත්ත්වයටම පත් කරවනවා. මෙම කරුණු කාරණා හොඳින් ධාරණය කර ගන්න. මායාගේ කුණාටු ඔබට මේ සියල්ල අමතක කරවනවා. සෑම දිවා රැයකම ඔබ මේ දේවල් ගැන සිතා බැලිය යුතුයි. අවිනාශී ජීවිතයක් සඳහා මෙම අවිනාශී මිණිමුතු අපට දී ඇත්තේ ආධ්‍යාත්මික පියා විසිනුයි. එම නිසා ආධ්‍යාත්මික පියා පහදා කියනවා: දරුවනි, ඔබලා දැන් මුක්ති දේශයට මඟ පෙන්වනා ආධ්‍යාත්මික මඟ පෙන්වන්නනුයි. අමරණීය දේශය කරා යා හැකි වන සත්‍ය අමරණීයත්වයේ කතාන්දරය මෙයයි. ඔබ අමරණීය දේශය වෙතට යාම සඳහා පාරිශුද්ධත්වයට පත් වෙමින් සිටිනවා. අපිරිසිඳු දූෂිත ජීව, අමරණීය දේශයට යන්නේකෙසේද? මිනිස්සු අමරනාථයට වන්දනා ගමන් යනවා. දෙව් ලොවත් අමරණිය දේශය කියා හඳුන්වනවා. අමරනාථ පමණක් එහි වාසය කරනවා විය නොහැකියි. ඔය ජීවාත්මයන් සෑම කෙනෙක්ම අමරණීය දේශයට යනවා. අමරණීය දේශය, පරමදාමය ඇත්තේ ජීවාත්මයන්ටයි. පසුව ඔබලා අමරණීය දේශයට ගිහින් ශරීරය ලබා ගන්නවා. ඔබගේ දේශයට ඔබව ගෙන යන්නේ කවුරුන්ද? පරමාත්ම ජීවය වන පරමාත්ම පියා තමයි ඔය සෑම ජීවයක්වම ආපසු එහි ගෙන යන්නේ. එතැනත් අමරණිය දේශය කියා හැඳින්විය හැකියි. කෙසේ වෙතත් එය හැඳින්විය හැකි නිවැරදිම නම නම් ශාන්ත දේශය යන්නයි. සෑම කෙනෙක්ම එහි යා යුතුයි. නාටකයේ දෛවය වෙනස් කළ නොහැකියි. මෙම කරුණ ඉතාමත් හොඳින් ඔබගේ සිහියේ ධාරණය කර ගන්න. පළමුවෙන්ම තමන් ජීවාත්මයන් බව සලකන්න. පරමාත්ම ජීවය වන පරමාත්ම පියාත් ජීව සත්තාවක්. වෙනස ඇත්තේ ඔහුව පරමාත්ම පියා, පරමාත්ම ජීවය කියා හැඳින්වෙනවා. ඒ වගේම ඔහු අපට කරුණු කාරණා පහදා දෙනවා. මහා ඥාන සාගරය පාරිශුද්ධත්වයේ සාගරය කියා හැඳින්විය හැක්කේ ඔහුවම පමණයි. ඔය දරුවන්ව පාරිශුද්ධ කරවීම සඳහා ඔහු දැන් ඔබට ශ්‍රීමත් දෙනවා: නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. උපතක් උපතක් පාසා ඔබගේ ඇති පාප සියල්ල ඉන් දුරු වී යනු ඇත. එම සිහි කිරීම තමයි යෝගාව කියන්නේ. ඔබලා දරුවනුයි. එමනිසා ඔබලා පියාව සිහි කළ යුතුයි. ඒ සිහි කිරීමෙන් පමණයි ඔබගේ ඔරුව එගොඩ වී යන්නේ. ඔබ මෙම වස බිමෙන් ශිව භූමියට ගොස් එතැනින් විෂ්ණු දේශයට යනවා. අපි මෙහිදී ඉගෙන ගන්නේ එහි යාමටයි. මෙහාට නොවෙයි. මෙහි රජවරුන් වන අය එසේ වන්නේ දන් දීමෙන්. ඇතැම් අය ඉතාමත් හොඳින් දිළින්දන්ව රැක බලා ගන්නවා. පිරිසක් රෝහල් සාදනා අතර තවත් පිරිසක් ධර්ම ශාලා සාදනවා. අනිත් අය මුදලින් දන් දෙනවා. සින්ද් හි මුල්චන්ද්තුමා දුප්පතුන්ට මුදල් දන් දුන්නා. ඔහු ඉතාමත් හොඳින් දුප්පතුන් රැක බලා ගත්තා. එවන් දානපතියන් රැසක් සිටිනවා. ඔවුන් හිමිදිරියේම අවදි වී දුප්පතුන්ට ආහාර දානය කිරිම සඳහා උදෑසනින්ම නිවසින් පිට වෙනවා. මේ දින වල බොහෝ රැවටීම් සිදු වෙනවා. දානයක් වුවත් දිය යුත්තේ ඒ සඳහා සුදුසු අයෙකුටයි. ඇතැම් දානපතිවරුන්ට ඒ තරම්වත් ප්‍රඥාවක් නැහැ. එළියේ අසුන් ගෙන හිඟා කමින් සිටිනා කෙනෙකුට යමක් දීම සැබෑ දීමක් වන්නේ නැහැ. ඒ ඔවුන්ගේ රැකියාවයි. දුප්පතුන්ට දන් දෙන්නන්ට හොඳ තත්ත්වයක් හිමි වෙනවා. ඔබ සෑම කෙනෙක්ම දැන් ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්ය. ප්‍රදර්ශනයක් හෝ කලාගාරයක් විවෘත කරනා විට දෙව්ලොවට මඟ පෙන්වන්නන් හෝ නව ලෝක රාජ්‍යයට මඟ පෙන්වන්නන් ඔබලා බව කියවෙන නමක් එයට යෙදිය යුතුයි. කෙසේ වෙතත් මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මෙය කටු කැළයකි. දෙව්ලොව දේවතාවරුන් වාසය කරනා මල් වත්තයි. පරමාත්ම පියා සිහි කිරීමෙන් තමන් දැන් උපතක් ‍උපතක් පාසා පාරිශුද්ධත්වයට පත් වෙමින් සිටිනවාය යන කුල්මත් බව ඔය දරුවන් තුළ තිබිය යුතුයි. කෙතරම් බාධක පැමිණියත් දෙව්ලොව අනිවාර්යෙන්ම ස්ථාපනය වීමට යන බව ඔබලා දන්නවා. නව ලෝකයේ ස්ථාපනයත් පැරණි ලෝකයේ විනාශයත් අනිවාර්යෙන්ම සිදු වීමටයි යන්නේ. මෙය කල් තබාම තීරණය වුණු නාටකයකි. ඒ පිළිබඳ කිසිම සැකයක් ඇත්තේ නැහැ. ඒ ගැන ඔබ තුළ සුළු හෝ සැකයක් නොතිබිය යුතුයි. සෑම කෙනෙක්ම - අහෝ පාරිශුද්ධකරුවාණනි - කියා කියනවා. ඉංග්‍රීසි බසින් ඔවුන් කියනවා: පැමිණ අපව දුකින් බේරා ගන්න කියලා. පංච මහා පාපයන් අපව දුකට පත් කරවලා. එය පාපයෙන් තොර ලෝකයයි. සතුටේ දේශයයි. ඔය දරුවන් දැන් දෙව්ලොව බලා යා යුතුයි. දෙව්ලොව ඇත්තේ ඉහළ අහසේයි කියා මිනිස්සු සිතනවා. ඉහළින් ඇත්තේ මුක්ති දේශය බව ඔවුන් දන්නේ නැහැ. ජීවන මුක්තිය සඳහා සෑම කෙනෙක්ම මෙහි පැමිණිය යුතු බව පරමාත්ම පියා ඔබට කියා දී තිබෙනවා. මෙය හොඳින් ධාරණය කරගෙන දැනුම පමණක් ආවර්ජනය කරන්න. ශිෂ්‍යයින් ගෙවල් වලදී තමන් විසින් සම්පූර්ණ කළ යුතු විභාග ප්‍රශ්න පත්‍රයත් ඒ හා සම්බන්ධ දේත් ගැන පමණයි කල්පනා කරන්නේ. තමාගේම යහපතට ඔය දරුවන් දැන් ඔබලාගේ ජීවාත්මයන්ව සතෝප්‍රධාන් කර ගත යුතුයි. මුක්ති දේශයට යාමට නම් ඔබ පාරිශුද්ධ විය යුතුයි. පසුව ඥානය මගින් ඔබලා දේවතාවරුන් වෙනවා. ජීවයක් කියනවා: මම සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නීතිවරයෙක් වීමට යනවා. ඔහු තම ශරීරය අතහැරිය විට එම ජීවයට නැවතත් මුල පටන්ම සියල්ල ඉගෙන ගැනීමට සිදු වෙනවා. ලෝක පාලකවරුන් බවට පත් වීමට උත්සාහ දරන්නේ ජීවයනුයි. පරමාත්ම පියා කියනවා: තමන් ජීව සත්තාවක් බව හොඳින් සිහි තබා ගන්න. දේවතාවරුන්ට මෙය කීමට අවශ්‍ය නැහැ. ඔවුන් කොහොමත් පාරිශුද්ධ නිසා ඔවුන්ට පියාව සිහි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට ඇත්තේ තමන් විසින් කළ දෙයෙහි ප්‍රතිලාභය විඳීම පමණයි. පරමාත්ම පියාව සිහි කිරීමට ඔවුන් අපිරිසිඳු අය නොවෙයි. ඔය ජීව සත්තාවන් අපිරිසිඳුයි. මෙන්න මේ නිසා තමයි ඔබ පරමාත්ම පියාව සිහි කළ යුත්තේ. ඔවුන්ට අවශ්‍ය නැහැ. නාටකය මෙයයි. දවස් දෙකක් එක වගේ නැහැ. මෙම නාටකය නොනවත්වාම ඉදිරියට ගමන් කරනවා. සෑම චරිත කොටසක්ම මුළු දවස පුරාවටම තත්පරයක් තත්පරයක් පාසා වෙනස් වෙමින් යනවා: එසේම පටිගත වෙනවා. පරමාත්ම පියා ඔය දරුවන්ට කියන්නේ: කිසිම දෙයක් සම්බන්ධයෙන් හිත කලබල කර ගන්න එපා. මේවා දැනුමේ කරුණුයි. ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය කරගෙන යන්න. ඒ වගේම ඔබගේ අනාගත උසස් තත්ත්වය සඳහා සම්පූර්ණ උත්සාහය දරන්න. ඔබගේ පවුලේ අයත් සමග ඔබ ගෘහ ජීවිතය කරගෙන යා යුතුයි. කුමාරීන් ගෘහ ජීවිතයක් පටන් ගෙන නැහැ. ගෘහවාසියෙක් යනු දරු පවුලක් රකිනා අයෙකුයි. පරමාත්ම පියා සෑම කෙනෙකුටම උගන්වනවා: අර්ධ කුමාරීන්ටත් කුමාරීන්ටත්. අර්ධ කුමාරීන් යන්න මිනිසුන්ට තේරෙන දෙයක් නොවෙයි. ඒ කියන්නේ ඔවුන්ට ඇත්තේ ඇඟෙන් භාගයක් ද? කුමාරි කෙනෙක් යනු පාරිශුද්ධ කෙනෙක් බවත් අර්ධ කුමාරිවරියක් යනු අපිරිසිඳු වී දැන් නැවතත් පාරිශුද්ධ වෙමින් සිටිනා කෙනෙක් බවත් ඔබලා දැන් දන්නවා. ඔබගේ සිහිවටන ස්මාරක මෙහි තිබෙනවා. පරමාත්ම පියා ඔය දරුවන්ට පහදා දෙනවා. ඔහු ඔබට උගන්වනවා. අශාරීරික ලෝකය ගැන දන්නා ජීවයක් වන්නේ ඔබලා බව ඔබට තේරෙනවා. සූර්ය හා චන්ද්‍රවංශ රාජ්‍යයන් පාලනය වූයේ කෙසේද? දුන්නක් හා ඊතලයක් පෙන්වා ඇත්තේ ඇයිදැයි කියා ඔබ දන්නවා. යුද්ධයක් ගැන ප්‍රශ්නයක් නැහැ. යක්ෂයින් හෝ කිසිම හොර මැරකමක් ගැන සැකයක් නැහැ. සීතාව පැහැර ගන්නා රාවණ කෙනෙකුත් නැහැ. එම නිසා පරමාත්ම පියා පහදා කියනවා: සුමිහිරි දරුවනි, දෙව්ලොවට, මුක්තියට හා ජීවන මුක්තියට මඟ පෙන්වන්නන් ඔබලායි. ඒ පුද්ගලයින් භෞතික මඟ පෙන්වන්නන් වන අතර අපි ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන් වෙනවා. ඔවුන් කලියුග බ්‍රහමිණ්වරුනුයි. අපි ඉහළම ඉහළ උතුම් තත්ත්වයක් දිනා ගැනීමට ඉගෙන ගන්නවා. අපි දැන් සිටින්නේ ඉතාමත් උතුම් වූ සංගම් යුගයේයි. බාබා නොයෙකුත් ක්‍රම වලින් කරුණු පහදා දෙනවා. එසේ තිබියදීත් ඇතැම් අය ශාරීරික අවධානයට ලක් වී සියල්ල අමතක කර දමනවා. එවිට ජීවාත්ම සත්තාවක් වීමේ හෝ පරමාත්ම පියාගේ දරුවෙක් වීමේ කුල්මත් බව රැඳෙන්නේ නැහැ. වැඩි වැඩියෙන් ස්මරණයේ සිටි තරමට ඔබගේ ශාරීරික අවධානයද වැඩි වැඩියෙන් බිඳී යාවි. නිතරම තමාව රැක ගන්න. තමාව පරීක්ෂා කර ගන්න: මගේ ශාරීරික අවධානය බිඳී ගිහින්ද? අපි දැන් නිවස බලා යමු. පසුව අපි ලෝක පාලකවරුන් වෙමු. අපට ඇත්තේ වීරවරුන්ගේත් වීරවරියන්ගේත් චරිත කොටස් ය. වීරයින් හා වීරවරියන් යන නම දෙන්නේ ජය ලබන්නෙකුටයි. මේ කාලයේදී ඔබ ජය ලද නිසා ඔබට ඒ නාමය ලැබෙනවා. මීට පෙර ඔබට එවන් නමක් තිබුණේ නැහැ. පැරදුණු අයට වීරවරුන් වීරවරියන් කිව නොහැකියි. තමන් දැන් වීරවරුන් හා වීරවරියන් බවට පත් වීමට යන බව ඔය දරුවන්ට දැන් තේරෙනවා. ඔබගේ චරිත කොටස් ඉහළම ඉහළ චරිත කොටස් ය. සිප්පි කටු හා දියමන්ති අතර විශාල වෙනසක් තිබෙනවා. කෙනෙක් ළඟ මිලියන ගණන්, බිලියන ගණන් තිබුණත් ඒ සියල්ල විනාශ වීමටයි යන්නේ කියා ඔබලා දන්නවා. ඔය ජීව සත්තාවන් ධනවත් වෙමින් යන අතර අනිත් අය බංකොලොත් වෙමින් යනවා. මේ සියල්ල ධාරණය කර ගත යුතුයි. විශ්වාසය රඳවා ගන්න. මෙහි සිටිනා විට ඔබගේ කුල්මත් බව ඉහළින් තිබෙනවා. නමුත් එළියට ගිය සැනකින් සියල්ල ඇද වැටෙනවා. මෙහිදී අහන දේවල් ඔබ මෙහිම දමා යනවා. පරමාත්ම පියා කියනවා: සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් බවට ඔබලාව පත් කරවනා හැදෑරීම පරමාත්ම පියා තමන්ට උගන්වනවාය යන්න ඔබගේ සිහියේ තිබිය යුතුයි. මෙහි කිසිම අපහසුතාවයක් නැහැ. රාජකාරි කරන අතරතුරේදීත් මේ සඳහා කාලය සොයා ගත හැකියි. මෙයත් ඔබට ව්‍යාපාරයක්. නිවාඩු ගෙන ගිහින් බාබා සිහි කළ හැකියි. එය බොරු කීමක් වන්නේ නැහැ. නිකම් මුළු දවසම එතන අපතේ හරින්න එපා. අපගේ අනාතය ගැනත් අප සිතා බැලිය යුතුයි. උපක්‍රම රැසක් තිබෙනවා. පරමාත්ම පියාව සිහි කිරීමට උපරිම උත්සාහය දරන්න. තම ශාරීරික ජීවිකාව සඳහා ඔබ ව්‍යාපාරික කටයුතු ආදිය කරගෙන යා යුතුයි. ලෝක පාලකවරුන් බවට පත් වන්නේ කෙසේද යන්න පිළිබඳව මම ඔබට හොඳ උපදෙස් දෙනවා. ඔය දරුවනුත් මෙම උපදෙස් අන් අයට දෙන අයයි. උපදේශකවරුන් උපදෙස් දෙනවා. ඔබලා උපදේශකවරුනුයි: මෙම උපතේදීම මුක්තිය හා ජීවන මුක්තිය ලැබීමේ මඟ ඔබ සැමට පෙන්වා දෙනවා. නොයෙකුත් පාඨ සාදා මිනිස්සු බිත්ති වල එල්ලන්නාක් සේ ඔබත්: පූජනීය යන්න රාජයෝගී වන්න කියා ලිවිය යුතුයි. ඒ වුණත් එයින් පමණක් ඔවුන්ට කිසිවක් තේරෙන්නේ නැහැ. තමන් දැන් පරමාත්ම පියාගෙන් තම උරුමය හිමි කර ගන්නා බව ඔබලාට තේරෙනවා. මුක්ති දේශයේ උරුමයත් තිබෙනවා. ඔබ මට පාරිශුද්ධ කරුයි කියා කියනවා. එමනිසා, මා පැමිණ ඔබට පාරිශුද්ධ වීමට උපදෙස් දෙනවා. ඔබලාත් උපදේශකවරුනුයි. පරමාත්ම පියාගේ උපදෙස් ගෙන ශ්‍රීමත් අනුගමනය කරනා තෙක් ඔබට මුක්ති දේශයට යා නොහැකියි. ශ්‍රීමත් යනු ශිව බාබාගේ උසස් උපදේශයනුයි. ජීව සත්තාවන් ශිව බාබාගෙන් ශ්‍රීමත් ලබනවා. පාපකාරි ජීව, පින්වත් ජීව කියා කියනවා. පව්කාර ඇඟක් කියා කියන්නේ නැහැ. ජීව තම ශරීර හරහා පව් කරනා නිසා තමයි පව්කාර ජීවයන් කියා කියන්නේ. ශරීරයකින් තොරව ජීවයකට පව් කරන්නත් බැහැ. පින් කරන්නත් බැහැ. එමනිසා, හැකි උපරිමයෙන් දැනුම ආවර්ජනය කරන්න: ඔබට ඕනෑ තරම් කාලය තිබෙනවා. ඉතාමත් හොඳ උපක්‍රමයකින් ඔබට මෙම දැනුම ගුරුවරයෙකුට හෝ මහාචාර්යවරයෙකුට ඔහුගේ යහපත සඳහා කියා දිය හැකියි. ඒ භෞතික දැනුමින් ඇති ඵලය කුමක්ද? අපි ඔබට මෙය උගන්වනවා. තව ටික දවසයි ඉතිරි වී ඇත්තේ. විනාශය අත ළඟයි. මිනිසුන්ට මාවත පෙන්වා දීමේ ක්‍රම ගැන ඔබ තුළ මහත් උද්යෝගයක් තිබිය යුතුයි. දියණියකට ප්‍රශ්න පත්‍රයක් දී ඇසුවා: ගීතාවේ දෙවියන් කවුද? කියලා. ඇය ලිව්වේ: ගීතා දෙවියන් ශිව දෙවියන් බවයි. එවිට ඇය විභාගයෙන් අසමත් වුණා. ගීතාවේ දෙවියන් ශිවා යි කියා ලිවීමෙන් තමන් පිය ගුණ ලියනවා යි කියා ඇය සිතුවා. ඥාන සාගරය හා සෙනෙහසේ සාගරය ඔහුයි. ක්‍රිෂ්ණා ජීවයත් ඥානය ලබනවා. මෙසේ ලිවීම නිසා ඇය අසමත් වුණා. එවිට ඇය තමන් නැවතත් ඒ අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්නේ නැහැ. නමුත් මෙම ආධ්‍යාත්මික අධ්‍යාපනය නිරත වනවා යි කියා ඇය තම දෙමාපියන්ට ලිව්වා. ඒ දියණිය ඉහළම ගණයේ කෙනෙක්. තමන් ලියන පිළිතුර එය බවත් තමාව අසමත් කරවනා බවත් ඇය කල් තබාම කිව්වා. කෙසේ වෙතත් ඇත්ත ලිවිය යුතුයි. තව තවත් ඉදිරියට යන විට ඒ දියණිය ලිවූ දේ නිවැරදි බව ඔවුන් තේරුම් ගනීවි. ඔබගේ බලපෑම සෑම තැනකම පැතිරී ප්‍රදර්ශන හා කලාගාර වලට ඔවුන්ව ආරාධනා කළවිට ඇය නිවැරදි බව ඔවුන් තේරුම් ගනීවි. බොහෝ අය මෙහි පැමිණෙනවා. එමනිසා, මෙය කිසියම් අලුත් දෙයක් කියා සැමට ඉක්මනින් අවබෝධ කර ගත හැකි ආකාරයේ යමක් කිරීමට ඔබ සිතා බැලිය යුතුයි. මෙහාට අයිති අය අනිවාර්යෙන්ම තේරුම් ගනීවි.ඔබ සෑම කෙනෙකුටම ආධ්‍යාත්මික මඟ පෙන්වනවා. දුප්පතුන් දැඩි සේ දුක් විඳිනවා. කොහොමද ඔවුන්ගේ දුක් නිවිය හැක්කේ? ගැටුම් රාශියක්. ඔවුන් එකිනෙකාගේ සතුරන් වී එකිනෙකාව මරා ගන්නවා. පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට ඉතාමත් හොඳින් පහදා දෙනවා. දුප්පත් අම්මලා එතරම් දුරට ඉගෙන ගෙන නැහැ. ඔවුන් කියනවා: අපි නූගත් අයයි. පරමාත්ම පියා කියනවා: ඔබලා ඉගෙන ගත්තේ නැති එක හොඳයි. මෙතෙක් කල් ඒ ඉගෙන ගත් සියළුම වේද ග්‍රන්ථ අමතක කර දැමිය යුතුයි. දැන් මම කියනා දෙයට ඇහුම් කන් දෙන්න. අශාරීරික පරමාත්ම ජීවය. පරමාත්ම පියා හැරෙන්නවෙන කිසිම කෙනෙකුට විමුක්තිය දානය කළ නොහැකි බව ඔබ කිව යුතුයි. ආධ්‍යාත්මික දැනුමක් නොමැති අය විමුක්තියක් දානය කරන්නේ කෙසේද? මුක්තිය දානය කරනා ඥාන සාගරය වන්නේ එකම එක කෙනායි. මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. මෙහාට අයිති අය තේරුම් ගැනීමට උත්සාහ දරාවි. එක් ප්‍රභූවරයෙක් හෝ මතු වුවහොත් හඬ පැතිරි යාවි. දුප්පත් තුල්සිදාස්ට කිසිවෙක් සවන් දුන්නේ නැහැයි කියා කියනවා. සේවය කිරීමේ මංපෙත් රැසක් බාබා පෙන්වා දෙනවා. ඔබලා ඒවා ක්‍රියාවට නැංවිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අනාගතයේ උසස් තත්ත්වයක් දිනා ගැනීමට නම් ඔබගේ ව්‍යාපාරික කටයුතු දිගටම කරගෙන යන අතර පියාව සිහි කිරීමටත් සම්පූර්ණ උත්සාහය දරන්න. මෙම නාටකය තත්පරයක් තත්පරයක් පාසා නොනවත්වාම ඉදිරියටම ඇදෙනවා. එමනිසා, නාටකයේ කිසිඳු ජවනිකාවක් නිසා හිත කලබල කර ගන්න එපා.

2. මෙම ආධ්‍යාත්මික ඉගෙනීම හොඳින් ඉගෙන ගෙන අන් අයටත් උගන්වන්න. සෑම කෙනෙකුටම යහපත ගෙන එන්න. පාරිශුද්ධ වන්නේ කෙසේද කියා සෑම කෙනෙකුටම උපදෙස් දී නිවහනට යාමේ මඟ පෙන්වා දීමේ උද්යෝගය ඔබ තුළ තිබිය යුතුයි.

වරදානය:
සියලු සබඳතා වල සහයෝගීතාවය අත්විඳීමෙන් ඔබ නිරන්තර සහ පහසු යෝගීවරයෙකු වේවා.

උපකාර ලබා ගැනීම, එනම්, සෑම මොහොතකම පරමාත්ම පියා සමඟ විවිධ සම්බන්ධතා අත්විඳීම යනු පහසු යෝගාවක් තිබීමයි. ඕනෑම අවස්ථාවක සම්බන්ධතාවයක වගකීම ඉටු කිරීමට පරමාත්ම පියා බැඳී සිටී. මුළු චක්‍රය පුරාම, ඔබට සියලු අත්දැකීම් වල පතල ඇත්තේ දැන් පමණි. එබැවින්, නිරන්තරයෙන් සියලු සබඳතා වල උපකාර ලබාගෙන නිරන්තර සහ පහසු යෝගීවරයෙකු වන්න, මන්ද, සියලු සබඳතා වල අත්දැකීම්වල සහ ලැබීම්වල ගැලුණු අයට පැරණි ලෝකයේ වාතාවරණයෙන් ඔබ්බෙහි පහසුවෙන් රැඳී සිටීමට හැකි වේ.

පාඨය:
සියලු බල වලින් පිරී සිටීම බ්‍රහ්මණ ස්වරූපයේ විශේෂත්වයයි.

අව්‍යක්ත සංඥාව: දැන් සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.

තපස්යාවේ ප්‍රතිරුවක් වීම යනු ඔබේ තපස්යාව හරහා සෑම තැනකම පැතිරෙන සාමයේ බලයේ කිරණ අත්විඳීමයි. තපස්යාවේ ප්‍රතිමූර්තියක් යනු අන් අයට දානය කිරීමේ හැකියාවයි. සූර්යයා ලෝකයට ආලෝකය සහ අනෙකුත් විනාශ වන භෞතික ලැබීම් වල අත්දැකීම ලබා දෙනවා සේම, ශ්‍රේෂ්ඨ තපස්වී ජීවාත්මයන්, ඔවුන්ගේ බලවත් ගිණිකඳු ස්මරණය තුළින් ලැබීම් වල කිරණවල අත්දැකීම ලබා දෙයි.