16.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ හැසිරීම ඉතා මිහිරි සහ රාජකීය විය යුතුයි. කෝපයේ නපුරු භූතයා කිසිසේත් නොසිටිය යුතුයි.

ප්‍රශ්නය:
උපත් 21කට ප්‍රතිලාභයක් ලැබීම සඳහා, ඔය දරුවන් නියත වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ කුමකටද?

පිළිතුර:
මෙම ලෝකයේ ජීවත් වන අතර සහ සෑම දෙයක්ම කරන අතර, ඔබගේ බුද්ධිය, සත්‍ය ආදරවන්තයා සමඟ යෝගාවේ සම්බන්ධ වී තිබිය යුතුයි. පියාගේ ගෞරවයට හානි වන කිසිම නරක පුරුද්දක් තබා නොගන්න. නිවසේ වාසය කරන අතර, එකිනෙකාට බොහෝ සෙනෙහස ඇතිව එකට වාසය කරන්න, එවිට ඔබට ඉතා හොඳ දිව්‍යමය ගුණදම් තිබෙන බව අන් අය දකියි.

ගීතය:
පිබිදෙන්න, මනාලියනි, පිබිදෙන්න! නව යුගය අත ළඟය.

ඕම් ශාන්ති.
ඔය මිහිරිතම, ආධ්‍යාත්මික දරුවන්ට ගීතය ඇසුණා. එහි අරුතද ඔය දරුවන්ට නිසැකවම වැටහෙන්නට ඇති. පියා පැමිණ ඔබට අලුත් දේ පවසයි. නව යුගයේ, නව ලෝකයේ මෙම දේවල්, වසර 5000කට පෙරද ඔය දරුවන් ඇසුවා. ඔබ දැන් නැවත වරක් එම දේවල්වලට සවන් දෙනවා. අතරමැදදි, ඔබට ඇසුණේ භක්ති මාර්ගයේ දේවල් පමණයි. මෙම දේවල් ස්වර්ණමය යුගයේ නොපවති. එහි ඔබට තිබෙන්නේ ඥාන මාවතේ ප්‍රතිලාභයයි. ඔය දරුවන් දැන් නව ලෝකය වෙනුවෙන් සැබෑ ආදායමක් උපයා ගනිමින් සිටිනවා. දැනුම, ආදායම් මාර්ගයක් බව කියැවෙයි ඉගෙන ගැනීමෙන් සමහරු නීතිඥයන් හෝ ඉංජිනේරුවන් වෙයි. එයද ආදායමක් ගෙන දෙයි. ඔබ, මෙම ඉගෙනුම තුළින් රජවරුන්ගෙත් රජවරුන් බවට පත් වෙයි. මෙය ඉතා විශාල ආදායමකි. ඔය දරුවන් තුළ දැන් විශ්වාසය ඇත. ඔබට යම් සැකයක් තිබේ නම්, ඔබ දියුණුවත්ම, එය විශ්වාසය බවට පෙරලෙයි. ’තත්පරයකදී, ජීවන-මුක්තිය‘, සිහි කර තිබේ. ඔබ බාබාට අයත් වන අතර ඔබ උරුමයට අධිපතියන් වෙයි. දිව්‍ය ලෝකයේ නිර්මාණකරු වන පරම පියා, ඔබව අධිපතියන් බවට පත් කිරීමට පැමිණ සිටියි. මෙම විශ්වාසය ඔය දරුවන් තුළ තිබිය යුතුයි. ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින බවද ඔබ දන්නවා. එක්කෙනෙක් භෞතික පියෙක් වන අතර අනෙකා, ඔබ පරම පියා, පරමාත්ම ජීවය ලෙසින් අමතන, ආධ්‍යාත්මික පියාය අහෝ දෙවි පියාණනි. භෞතික පියෙකුට, පරම පියා යැයි, කිසි විටෙක ඇමතිය නොහැක. සියල්ලන්ටම සාමය සහ සතුට පිරිනමන්නා, ඒකායන ආධ්‍යාත්මික පියා පමණයි. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම සිටින්නේ සතුටින්ය. අනෙක් සියලුම ජීවාත්ම, සාම දේශයේ වාසය කරයි. ස්වර්ණමය යුගයෙදී ඔබට සෑම දෙයක්ම, සාමය, සතුට, ධනය, නිරෝගී සිරුරක් ආදිය තිබේ. එබැවින් සෑම කෙනෙක්ම වඩාත්ම ආදරණීය පියාට අඬ ගසයි. තාපසයන් සහ පූජකයන් ගැඹුරු භක්තියේ යෙදෙන නමුත්, ඔවුන් එම ආධ්‍යාත්මික උත්සාහය දරන්නේ කවුරු වෙනුවෙන්ද කියා ඔවුන් නොදනී. ඔවුන් ආධ්‍යාත්මික උත්සාහ දරන්නේ බ්‍රහම් පදාර්ථය වෙනුවෙන්, එහි මුසු වීම සඳහාය, නමුත් ඔවුන්ට එය තුළට මුසු වීමට නොහැක. බ්‍රහම් පදාර්ථය සිහි කිරීමෙන්, පාපය කපා දැමිය නොහැක. පියා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. සර්ව බලධාරියා වන්නේ මාද, නැතහොත් වාසස්ථානයක් වන බ්‍රහම් පදාර්ථයද? බ්‍රහම් පදාර්ථය, සියලුම ජීවාත්ම වාසය කරන මහා භූතයයි. එබැවින්, ඔවුන් බ්‍රහම් පදාර්ථය, දෙවියන් ලෙස සලකා ඇත. භාරතයේ ජනයා, හින්දුස්ථානයේ වාසය කරන බැවින්, ඔවුන්ගේ ආගම හින්දු ආගම ලෙස සලකන ආකාරයෙන්, වාසස්ථානයක් වන බ්‍රහම් පදාර්ථය, දෙවියන් ලෙසින් ඔවුන් සලකා තිබේ. එය බ්‍රහ්මාන්ද්ය, මක්නිසාද ජීවාත්ම, ආලෝක තිත් ලෙසින්, බිත්තර හැඩයක ස්වරූපයෙන් වාසය කරන නිසයි, එයට බ්‍රහ්මාන්ද් යැයි කියන්නේ. මෙය මනුෂ්‍ය ලෝකයයි. බ්‍රහ්මාන්ද්, මනුෂ්‍ය ලෝකයෙන් වෙන්ව පිහිටා තිබේ. ජීවාත්මයක් යනු කුමක්ද කියා, කිසිවෙකු නොදනී. නළල මධ්‍යයේ ආශ්චර්යමත් තරුවක් දිළිසෙන බව, ඔවුන් පවසයි. ඉන්පසුව ඔවුන් පවසන්නේ ජීවාත්ම, මහපටැඟිල්ලක හැඩය ගන්නා බවය. කෙසේවෙතත්, පියා පවසන්නේ ජීවාත්මයක් ඉතාමත්ම සූක්ෂම තිතක් වන අතර මෙම ඇස් දෙකින් එය දැක ගත නොහැකිය. එය දැක බලා, අල්ලා ගැනීමට මිනිසුන් බොහෝ වෙර දරණ නමුත් කිසිවෙකු එය පිළිබඳව කිසිවක් නොදනී. භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කිරීමට ඔබ දැන් පියාගේ උදව්කරුවන් විය යුතු බව, ඔය දරුවන් දන්නවා. පියා පැමිණෙන්නේ භාරතයේ පමණයි. මිනිසුන්, ශිවාගේ උපන් දිනය සමරන්නේ භාරතයේ පමණයි. ක්‍රිස්තු තුමා හිඳ, පිටව ගොස් ඇති නිසා, ක්‍රිස්තියානුවන්, නත්තල සමරයි. ක්‍රිස්තු තුමා පැමිණියේ කෙදිනද කියා, ඔවුන් දන්නා නමුත්, භාරතයේ ජනතාව, පරම පියා පැමිණියේ කෙදිනද හෝ ක්‍රිෂ්ණා පැමිණියේ කෙදිනද කියා නොදනී. ඔවුන් කිසි කෙනෙක් ගැන, කිසි දෙයක් නොදනී. ගායනා කරන සියලු ප්‍රශංසාව, ක්‍රිෂ්ණා පිළිබඳවයි. ඔවුන් ඔහුව තොටිල්ලක නලවා, ඔහුට බොහෝ ආදරය කරන නමුත්, ඔහු ඉපදුනේ කවදාද කියා ඔවුන් නොදනී. ඔහු තඹ යුගයෙදී ගීතාව පැවසූ බව ඔවුන් කියන නමුත් ක්‍රිෂ්ණා, තඹ යුගයෙදී නොසිටියේය. දිව්‍යමය ක්‍රියාකාරකම් තිබෙන්නේ, ඒකායන පියාගේ පමණයි. ඔවුන් ඔහු ගැන මෙසේ පවසන්නේ ඒ නිසාය ඔබගේ ක්‍රම සහ විදි දන්නේ ඔබම පමණයි. ක්‍රිෂ්ණා, ස්වර්ණමය යුගයේ රජ කුමරෙකි. යෝගා බලය තුළින් ඇයට දරුවෙක් ලැබීමට යන බව, ඔහුගේ මවට කල් තියා දර්ශනයක් ලැබෙයි. එහිදී, ඔවුන්ගේ සිරුරු හලන්නේද එම ආකාරයෙන්මය. සෑම කෙනෙක්ම සිරුරක් හලා දමා, තව එකක් ගනී. සර්පයාගේ නිදසුන තිබේ. ඇත්ත වශයෙන්ම සන්යාසීන්ට එම නිදසුන ලබා දිය නොහැක. ඔබ අසුන්ගෙන, පාපයේ ගැලෙන මිනිසුන්ට මෙම ඤානය ගුමු නද දී, ඔවුන්ව තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් කරවයි. මෙම ඥානය ගුම් නද දී, මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පත් කිරීම, ඔබගේ ව්‍යාපාරයයි. ඉබ්බාගේ නිදසුන මෙම කාලය පිළිවඳවයි. ක්‍රියා සිදු කිරීමෙන් අනතුරුව, ඔබට ඇති ඕනෑම වෙලාවක, පියා සිහිපත් කරන්න. මෙය ඔබගේ අවසන් උපත බව ඔබ දන්නවා. නාටකය, දැන් අවසන් විය යුතුයි. ශරීර පවා දැන් පැරණියි. සිරුරේ කර්ම ගිණුම් දැන් පියවිය යුතුයි. ඔබ සතෝප්‍රධාන් වන විට, ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට ලඟා වෙයි. එවිට ඔබට තව දුරටත් ඔබගේ වර්තමාන සිරුරු තුළ සිටීමට නොහැකි වෙයි. ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට ලඟා වුණු විට, ඔබ ඔබගේ සිරුරු හලා දමන අතර, එවිට යුද්ධය ඇරඹෙයි. සියලුම ශරීර විනාශ වන අතර සියලුම ජීවාත්ම මදුරු රැළක් මෙන් ආපසු නිවසට යනු ඇත. පිවිතුරු නොවී කිසිවෙකුට ආපසු නිවසට යා නොහැක. රාවණ විසින් ස්ථාපනය කරන ලද, දුක් දේශය මෙය වන අතර, ශිව දේවාලය (ශිවාලය) රාමා (පරමාත්ම දෙවියන්) විසින් ස්ථාපනය කරන ලදි. ඇත්ත වශයෙන්, පරම පියාගේ නම වන්නේ ශිවාය, රාමා නොවෙයි. සියලුම දේවතාවන් ස්වර්ණමය යුගයේ, ශිව දේවාලයේ වාසය කරයි. පසුව භක්ති මාර්ගයේදී, ඔවුන් එහි ශිවාගේ ප්‍රතිමා තබා, ශිවා වෙනුවෙන් දේවාල තනයි. මෙය ශිව බාබාගේ සිහසුනයි. ජීවාත්මය, මෙම සිහසුන මත අසුන් ගෙන සිටියි. පියාද පැමිණ, මෙම කෙනා අසලින් අසුන්ගෙන, ඔබට උගන්වයි. ඔහු සෑම විටෙකම මෙහි සිටින්නේ නැත. ඔබ ඔහුව සිහි කරන විට ඔහු පැමිණෙයි. පියා පවසන්නේ මා ඔබගේ අසීමිත පියාය. ඔබට උරුමය හිමි කරගැනීමට තිබෙන්නේ මගෙන්ය. බ්‍රහ්මා, අසීමිත පියා නොවෙයි. එබැවින් ඔබ සිහිපත් කළ යුත්තේ මාවයි. බාබා, ඥානයේ මහා සාගරය මෙන්ම සෙනෙහසේ මහා සාගරය බවත් ඔය සුමිහිරි දරුවන් දන්නවා. එබැවින්, ඔය දරුවන්ද සෙනෙහසේ මහා සාගර විය යුතුයි. සැමියාට සහ බිරිඳට, එකිනෙකා කෙරෙහි සැබෑ සෙනෙහසක් නැත ඔවුන් රාගය නමැති පාපය, සෙනෙහස ලෙස සලකයි. කෙසේවෙතත්, බාබා පවසා ඇත්තේ විශාලතම සතුරා වන්නේ රාගයයි. එහි ආරම්භයේ සිට, මැද හා අවසානය තෙක් එය දුක ඇති කරයි. දේවතාවන් පාපයෙන් තොර විය, මෙසේ පවසන්නේ එබැවින්ය මට ක්‍රිෂ්ණා මෙන් දරුවෙක් ඕනෑ. මට ක්‍රිෂ්ණා මෙන් සැමියෙක් ඕනෑ. ඔවුන් ක්‍රිෂ්ණාගේ දේශය සිහි කරයි. පියා දැන් ක්‍රිෂ්ණාගේ දේශය ස්ථාපනය කරමින් සිටිනවා. ඔබටත් ශ්‍රී ක්‍රිෂ්ණා මෙන් හෝ මෝහන් (සියලු දෙනා ආකර්ෂණය කරන කෙනා) මෙන් විය හැක. වෙනත් රජකුමර කුමරියන්ද සිටිනවා ඇති. ඔබ ඒ සියල්ල බවට මෙහිදී පත් වනවා. ඒවායේ ලැයිස්තුවක්ද තිබේ. මාලාවේ පබුළු අටක් තිබෙන අතර, පබුළු 108ක මාලාවක්ද තිබේ. මිනිසුන් මැණික් නවයක මුද්දක් පළඳියි. එම අට දෙනා කවුරුන්ද, එමෙන්ම මැද සිටින එක්කෙනා කවරෙක්ද? සියල්ලන්ටම වඩා මිහිරිතම පියා මඟින් අපි මැණික් බවට පත් වන බව දන්නේ ඔබ පමණයි. පියා පවසන්නේ දරුවනි, බොහෝ සෙනෙහසින් යුතුව එකිනෙකා සමඟ සම්බන්ධතා පවත්වන්න. එසේ නැත්නම් ඔබ බාබාගේ නමට අපහාස කරයි. සත්ගුරුට අපහාස කරන අයට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැක. සෑම කෙනෙකුටම මෙම මන්ත්‍රය දෙන්න ඒකායන පියා සිහි කරන්න, එවිට මිශ්‍ර ලෝහ ඉවත් වෙයි. ඔබ නිවසේ සෑම කෙනෙක් සමඟම බොහෝ සෙනෙහසින් සම්බන්ධතා පැවැත්විය යුතුයි, එවිට ඔබ තුළ කිසිම කෝපයක් නොමැති අතර ඔබට බොහෝ සෙනෙහස තිබෙන බව, සෑම කෙනෙක්ම විශ්වාස කරනු ඇත. මත්පැන් පානය කිරීම, දුම් බීම ආදිය නරක පුරුදු වන අතර එවන් සියලුම නරක පුරුදු අත්හල යුතුයි. දිව්‍යමය ගුණදම් ධාරණය කළ යුත්තේ මෙහිදීය. රාජධානියක් ස්ථාපිත කිරීමට උත්සාහයක් අවශ්‍යයි. වෙනත් ආගම් වල අය, රාජධානියක් ස්ථාපිත නොකරයි. ඔවුන් අවසානය දක්වාම, උඩ ඉහළ සිට පහළට පැමිණෙයි. ඔබ උපත් 21කට ඔබගේ ප්‍රතිලාභය නිර්මාණය කරගන්නා අතර, මෙහිදී මායාගේ බොහෝ කුණාටු පැමිණෙයි. කෙසේවෙතත්, ඔබ උත්සාහ දැරිය යුතු අතර දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගත යුතුයි. ඔබ කෝපයෙන් කතා කරන්නේ නම්, ඔබ තුළ නපුරු භූත ආත්මයක් සිටින බව මිනිසුන් කියනු ඇත. ඉන් කියැවෙන්නේ ඔබ අසීමිත පියාගේ ගෞරවයට හානියක් කළ බවයි. එවිට ඔබ උසස් තත්ත්වයක් හිමි කරගන්නේ කෙසේද? බොහෝ මිහිරි වී, සෑම ආකර්ෂණයකින්ම මිදෙන්න. මෙහි සෑම දෙයක්ම කරමින් ජීවත් වන අතර, ඔබගේ යෝගාව, ආදරවන්තයාට සම්බන්ධව තිබිය යුතුයි. බාබා පවසා ඇත්තේ මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් පිළිස්සී යනු ඇත. මෙයට යෝගා ගින්න යැයි කියයි. මෙහි, හත යෝගාව සඳහා අවශ්‍යතාවයක් නැත. ඔබගේ ශරීරය නිරෝගීව තබාගන්න, මන්ද එය ඔබගේ වඩාත්ම වටිනා ශරීරය බැවින්. එමෙන්ම පිවිතුරු ආහාර කන්න. දේවතාවන්ට පූජා කරන බෝග් වර්ග දෙස බලන්න. ගොස් ශ්‍රීනාථ ද්වාරාහි එය නරඹන්න. ඛෙංගාලයේ මිනිසුන්, බෝග් ලෙස, කාලිට එළුවෙක් පූජා කරයි. ඔවුන් පිටව ගිය ආත්මයන්ට මාළු ආදිය පවා කවයි. එසේ නැතහොත් පිටව ගිය ආත්මයන් පීඩාවට පත්වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි. යමෙක් චාරිත්‍රයක් ආරම්භ කළ අතර එය දිගටම පැවතෙයි. දේවතාවන්ගේ රාජධානියේ කිසිම පාපයක් සිදු වන්නේ නැත. එය රාමාගේ රාජධානියයි. මෙහිදී, ක්‍රියා, පාපකර්ම බවට පත් වෙයි. එහි ක්‍රියා අකර්මයි. බැතිමතුන්, හරිද්වාරයට යයි. ක්‍රිෂ්ණා, හරියි ලෙස හැඳින්වෙයි, නමුත් ක්‍රිෂ්ණා සිටින්නේ ස්වර්ණමය යුගයේය. ඇත්ත වශයෙන්ම හරියි යනු, දුක නැති කරන්නා වන ශිවාට කියන නමකි, නමුත් ඔවුන් ගීතාවේ ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර, ක්‍රිෂ්ණා, හරියි ලෙස සලකයි. ඇත්ත වශයෙන්ම සෑම කෙනෙකුගේම දුක නැති කරන්නා, ශිව බාබාය. හරියි වෙතට යන දොරටුව වන්නේ ස්වර්ණමය යුගයයි (හරිද්වාර්). භක්ති මාර්ගයේ මිනිසුන්, ඔවුන්ගේ සිත් වලට ඇතුළු වන ඕනෑම දෙයක් පවසයි. පියා පවසන්නේ මම පැරණි ලෝකය අලුත් කිරීමට සංගම යුගයේ පැමිණෙන්නෙමි. රාවණ ඔබගේ පැරණි සතුරාය. මිනිසුන් සෑම වසරකම ඔහුගේ පඹයෙක් පුළුස්සන අතර ඔවුන් බොහෝ මුදල්ද වියදම් කරයි. ඒ සියල්ල කාලය සහ මුදල් අපතේ හැරීමකි. ඔවුන් ඛෙංගාලයේ බොහෝ දේවතාවියන්ගේ ප්‍රතිමා සාදයි. ඔවුන් ඒවාට කවා, වන්දනා කර, ඉන්පසුව වතුරේ ගිල්වා දමයි. එය මත පදනම් වූ ගීතයක් තිබේ. ඔය දරුවන් බොහෝ මිහිරි විය යුතුයි. කිසිම විටෙක කෝපයෙන් කතා නොකරන්න. කිසිම විටෙක පියා සමඟ නොරොක් වන්නට එපා. ඔබ නොරොක් වී ඉගෙනුම නතර කරන්නේ නම්, ඉන් කියැවෙන්නේ ඔබ, ඔබගේම පාදයට පොරවක් දමන්නා සේය. ඔබ මෙහි පැමිණ ඇත්තේ ලෝකයේ අධිපතියන් වීමටයි. අධිරාජයා ශ්‍රී නාරායන වන අතර අධිරාජිනිය, ශ්‍රී ලක‍්ෂ්මිය. කෙසේවෙතත්, ශ්‍රී, ශ්‍රී යනු ශිව බාබාගේ නම්බු නාමයයි. දේවතාවන්, ශ්‍රී ලෙස හැඳින්වෙයි. ශ්‍රී යනු ශ්‍රේෂ්ඨ යන්නයි. ඔබ කවුරුන් ලෙස සිටියාද කියා ටිකක් සිතා බලන්න! මායා ඔබව හම ගසා, කවුරුන් බවට පත් කළාද කියා බලන්න. භාරතය, බොහෝ ධනවත්ව පැවතීය! එසේ නම් එය දුප්පත් වූයේ කෙසේද? සිදු වූයේ කුමක්ද? ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. ඔබ දේවතාවන්ව සිටි බවත්, ඉන්පසුව ක්ෂත්‍රීයයන් වූ බවත්, ඔබ දැන් දන්නවා. ඔවුන් පවසන්නේ ජීවාත්මය, පරමාත්ම ජීවය බවයි. එසේ නැත්නම් ’හම් සෝ‘හි අරුත ඉතා පහසුයි. ඒ මිනිසුන් පවසන්නේ, සෑම කෙනෙකුටම තිබෙන්නේ එක් මනුෂ්‍ය උපතක් බවයි, නමුත් පියා විස්තර කරන්නේ ඔය මනුෂ්‍යයන් උපත් 84ක් ගන්නා බවයි. එම උපත් අතරින්, වටිනාකමක් කිව නොහැකි තරම් අගනා වන්නේ, සංගම යුගයේ මෙම උපතයි. එය, අසීමිත පියාගෙන් ඔබ දිව්‍ය ලෝකයේ උරුමය හිමි කරගන්නා කාලයයි. ඔබ ඉතා රාජකීය පියාගේ, දරුවන්ය, එබැවින් ඔබ තුළ විශාල රාජකීයත්වයක් තිබිය යුතුයි. රාජකීය මිනිසුන් කිසිම විටෙක උස් හඬින් කතා නොකරයි. ලෝකයේ, සෑම නිවෙසකම බොහෝ කලහ තිබේ. දිව්‍ය ලෝකයේ එවන් කිසිවක් නැත. මෙම බාබා අයත් වූයේ වල්ලභචාරී වංශයටයි. ස්වර්ණමය යුගයේ දේවතාවන් සහ වර්තමානයේ අපවිත්‍ර වෛශ්නවයන් අතර විශාල වෙනසක් තිබේ. වෛශ්නවයන්, පාපයේ නොගැලී සිටිනවා නොවෙයි. රාවණගේ රාජධානියේ සෑම කෙනෙක්ම උපත ලබන්නේ පාපය තුළින්ය. ස්වර්ණමය යුගයේ ඔවුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි. ඔබ දැන් යෝගා බලයෙන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වන අතර ලෝකයේ අධිපතියන්ද වනවා. ඔබගේ හැසීරීම ඉතා මිහිරි මෙන්ම රාජකීයද විය යුතුයි. ඔබ ආගමික ග්‍රන්ථ ගැන තර්ක නොකළ යුතුයි. ඒ මිනිසුන් ආගමික ග්‍රන්ථ ගැන තර්ක කරන විට, ඔවුන් එකිනෙකාට පොලු වලින් පවා පහර දෙයි. ඒ අසරණ මිනිසුන්ට වරදක් කිව නොහැක ඔවුන්ට මෙම ඥානය සුළුවෙන්වත් නැත. මෙය ඔබට ආධ්‍යාත්මික පියාගෙන් ලැබෙන ආධ්‍යාත්මික ඥානයයි. ඔහු ඥානයේ මහා සාගරයයි. ඔහු සූක්ෂම ප්‍රතිරුවක් බැවින් ඔහුට ශාරීරික නමක් නොමැත. ඔහු පවසන්නේ මගේ නම, ශිවාය. මා භෞතික ශරීරයක් හෝ සූක්ෂම ශරීරයක් ගන්නේ නැත. මට ඥානයේ මහා සාගරය සහ ආනන්දයේ මහා සාගරය යැයි කියයි. හනුමාන්, සුළඟේ පුතනුවන් බව පවසමින්, ඔවුන් ග්‍රන්ථ වල ලියා ඇති දේවල් දෙස බලන්න. දරුවෙක් සුළඟින් උපදින්නේ කෙසේද? ඔවුන් දෙවියන් ගැන පවසන්නේ, ඔහු කිඹුලෙක් සහ මාළුවෙක් තුළට අවතරණය වන බවයි. ඔවුන් ඔහුට විශාල ලෙස අපහාස කර ඇත! බාබා පැමිණ, පැමිණිලි කරයි ඔබ රකුසු උපදෙස් පිළිපදිමින් මට බොහෝ අපහාස කළා. අවතරණ 24ක් ගැන පැවසීමෙන් සෑහිමට පත් නොවී, ඔබ මාව සෑම ගලක් සහ වැලි කැටයක් තුළට දැම්මා. සියලුම ග්‍රන්ථ ලියා තිබෙන්නේ තඹ යුගයේ සිටයි. ප්‍රථමයෙන් තිබුණේ, ශිවාගේ වන්දනාව පමණයි. ගීතාවද ලියන ලද්දේ පසුවයි. පියා දැන් ඔබට විස්තර කරයි මේ සියල්ල සදාතනික නාටකයකි. මා දැන් ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවීමට, පැමිණ සිටියි. එබැවින් ඔබ පියාව සම්පූර්ණයෙන්ම අනුගමනය කළ යුතුයි. ඔබට ඉතා හොඳ චරිතයක් තිබිය යුතුයි. කලි යුගයේ අවසානයේ පවතින දේ දැකීම සහ ඉන්පසුව ඔබ ස්වර්ණමය යුගයේ දකින්නට යන දේ, දැකීමත් විශ්මයකි. භාරතය, කලි යුගයේ දුගී වන අතර ස්වර්ණමය යුගයෙදී සමෘද්ධිමත් වෙයි. එකල, වෙනත් භූමි නොමැත. ගීතාවේ කතානාදය නැවත ඒ අන්දමින්ම සිදුවෙමින් පවතිනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අපි, රාජකීය පියාගේ දරුවන්ය. එබැවින් අපගේ හැසිරීම ඉතාමත්ම රාජකීය විය යුතුයි. උස් හඬින් කතා නොකරන්න. බොහෝ මිහිරි වන්න.

2. පියා සමඟ හෝ එකිනෙකා සමඟ කිසි විටෙක නොරොක් වන්නට එපා. කිසිම විටෙක, නොරොක් වී ඉගෙනුම නතර නොකරන්න. ඔබගේ සියලු නරක පුරුදු අත්හරින්න.

වරදානය:
ඔබ, පූර්ණ නැවතීමක් තැබීම මගින් උසස් ස්ථිතියක් ලබාගෙන, ඒ වෙනුවෙන් පදක්කමක් හිමිකර ගන්නා මහා වීරයෙකු වේවා!

මෙම සදාකාලික නාටකය තුළ පවතින ආධ්‍යාත්මික සේනාවේ සිටින සෙබළුන්ට කිසිවකු පදක්කම් පිරිනමන්නේ නැත; නමුත් නාටකයේ ස්වභාවය අනුව, උසස් ස්ථීතියක් හිමිකර ගැනීම හේතුවෙන් ඔවුන්ට ඉබේම එම පදක්කම ලැබේ. සෑම නළුවෙකුගේම භූමිකාව දෙස නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස බලා, ඉතා පහසුවෙන් පූර්ණ නැවතීමක් තැබිය හැකි අයට පමණක් මෙම පදක්කම හිමි වේ. මෙවැනි ජීවාත්මයන්ගේ අත්දැකීම් ඔවුන්ගේ ශක්තිමත් පදනම වන අතර, කිසිදු ගැටළුවකට හෝ බාධකයකට ඔවුන්ව නැවැත් විය නොහැක.

පාඨය:
අභියෝගාත්මක අවස්ථා නම් වු කඳු පර්වත තරණය කරන පියාසර පක්ෂියෙකු වී ඔබේ ගමනාන්තය වෙත ළඟා වන්න.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

එකිනෙකාගේ අදහස් පිළිගන්නා අතරම ඒවාට ගරු කරන්න. ඔබ මෙම කරුණු දෙකම ඉටු කිරීමට සමත් වූ විට, පරිපූර්ණත්වය සහ සාර්ථකත්වය යන දෙකටම ඔබ සමීප වේ; මන්ද යත්, එකිනෙකාට ගරු කිරීම යනු අනාගතය සඳහා යම් අයිතියක් තහවුරු කර ගැනීමක් වන බැවිනි.