17.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම ආධ්‍යාත්මික රෝහල ඔබව කල්ප භාගයකට සදා නිරෝගී කරවයි. මෙහි ජීවාත්ම
අවධානයෙන් අසුන් ගන්න.
ප්‍රශ්නය:
ඔබගේ ව්‍යාපාර
ආදිය කරගෙන යන අතර ඔබගේ බුද්ධියෙන් ඔබ සිහි කළ යුත්තේ කුමන උපදෙසද?
පිළිතුර:
පියාගේ උපදේශය වන්නේ ඔබ කිසිඳු ශාරීරික හෝ සූක‍්ෂම ජීව සිහි නොකළ යුතුයි. ඔබගේ
පාපයන් දුරු වන්නේ ඔබට ඒකායන පරම පියාගේ සිහි කිරීම තිබෙන විට පමණයි. මේ සඳහා කාලය
නොමැති බව, ඔබගෙන් කිසිවෙකුට කිව නොහැක සෑම දෙයක්ම කරන අතර ඔබට සිහිපත් කිරීමේ
සිටිය හැක.
ඕම් ශාන්ති.
පරම පියා,
මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට ‘සුබ උදෑසනක්’ කියයි. ‘සුබ උදෑසනක්’ පැවසීමෙන් පසුව,
පරම පියාව සිහි කරන ලෙස ඔය දරුවන්ට කියා තිබේ. ඔබ කන්නලව් කරන්නේ: අහෝ
පාරිශුද්ධකරු, පැමිණ අපව පිවිතුරු කරන්න! එබැවින් පරම පියා ප්‍රථමයෙන් පවසන්නේ:
ආධ්‍යාත්මික පියාව සිහි කරන්න. සියල්ලන්ගේම ආධ්‍යාත්මික පියාණන්, ඒකායන කෙනා පමණයි.
පියෙක් සෑම තැනකම සිටින බව, කිසිම විටෙක සලකන්නේ නැත. එබැවින් දරුවනේ, පළමුව ඔබට
හැකි තරම් පරම පියාව සිහි කරන්න. කිසිම ශාරීරික හෝ සූක‍්ෂම ජීව සිහි නොකරන්න: ඒකායන
පියා පමණක් සිහි කරන්න. මෙය ඉතා පහසුයි, එහෙම නේද? ඔවුන් කාර්යබහුල බවත් ඔවුන්ට
කාලය නොමැති බවත්, මිනිසුන් කියයි. කෙසේවෙතත්, ඔබට මේ සඳහා සෑම විටම කාලය තිබේ. පරම
පියා ඔබට ක්‍රමය පෙන්වයි. ඔබගේ පාපයන් විනාශ වන්නේ පරම පියා සිහි කිරීමෙන් පමණක්
බවත් ඔබ දන්නවා. ප්‍රධානතම දෙය මෙයයි. ඔබගේ ව්‍යාපාර කරගෙන යාමට කිසිවෙකු ඔබට තහනම්
නොකරයි. ඒ සියල්ල කරන අතර, ඔබගේ පාපයන් විනාශ කළ හැකි සේ, පරම පියාව සිහි කරන්න,
එපමණයි. ඔබ අපවිත්‍ර බව ඔබට වැටහෙනවා. තාපසයන්, පූජකවරු, ඍෂිවරු සහ මුනිවරු යන
සියලු දෙනාම ආධ්‍යාත්මික උත්සායන් දරයි. කෙනෙක් ආධ්‍යාත්මික උත්සාහවල යෙදෙන්නේ,
පරමාත්ම දෙවියන්ව මුණ ගැසීම සඳහාය. ඔබට ඔහුගේ හැඳින්වීම ලැබෙන තුරු, ඔබට ඔහුව මුණ
ගැසිය නොහැක. ලෝකයේ කිසිම කෙනෙකුට පරම පියාගේ හැඳින්වීම නොමැති බව, ඔබ දන්නවා.
සියලු දෙනාටම ශරීරයේ හැඳින්වීම තිබේ. ඕනෑම විශාල දෙයක හැඳින්වීම කෙනෙකුට විගසින්
ලැබෙයි. ජීවාත්මයන්ගේ හැඳින්වීම පරම පියා ඔබට පහදා දෙන්නේ, ඔහු පැමිණි විට පමණයි.
කරුණු දෙකක් තිබේ ජීවාත්ම සහ ශරීරය. සෑම ජීවාත්මයක්ම තාරකාවක් වන අතර ඉතාමත්ම
සියුම්ය; එය කිසිවෙකුට නොපෙනෙයි. ඔබ මෙහි පැමිණ අසුන්ගත් විට, ඔබ අසුන් ගත යුත්තේ
ජීවාත්ම අවධානයෙන්ය. මෙය රෝහලක්ද වෙයි. එය, ඔබ කල්ප භාගයකට සදා නිරෝගී වන රෝහලයි.
ජීවාත්ම අවිනාශීය, ඒවා කිසිදා විනාශ නොවේ. සෑම ජීවාත්මයක් තුළම සම්පූර්ණ චරිත
කොටසක් තිබේ. ජීවාත්මය පවසන්නේ: මාව කිසිදා විනාශ කළ නොහැක. මේ සියලුම ජීවාත්ම
අවිනාශීය. ශරීර විනාශ වන සුළුයි. ජීවාත්ම වන ඔබ අවිනාශී බවත්, ඔබ උපත් 84 ක් ගන්නා
බවත්, මෙය නාටකය බවත්, දැන් ඔබගේ බුද්ධිය තුළ තිබේ. කුමන කාලයක, කුමන ආගමික
නිර්මාතෘ පැමිණෙන්නේද, එමෙන්ම ඔවුන් උපත් කොපමණ ගන්නේද කියාත් ඔබ දන්නවා. සිහිකර
ඇති උපත් 84, නියත වශයෙන්ම එක් ධර්මය ගැන විය යුතුයි; එය සියලු දෙනාටම විය නොහැක.
සියලුම ආගම් එකම කාලයේ පැමිණෙන්නේ නැත. අප අසුන්ගෙන අන් අය ගැන කිසිවක් ගණනය කරන්නේ
කුමටද? අහවල් කෙනා, අහවල් කාල වකවානුවේ ආගමක් ස්ථාපිත කිරීමට පැමිණෙන බව අප දන්නවා.
ඉන්පසුව එහි ව්‍යාප්තිය සිදුවෙයි. සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය
යුතුයි. පරම පියා පැමිණ, ලෝකය සතෝප්‍රධාන් ස්වර්ණමය යුගය බවට පත් කරවන්නේ, ලෝකය
තමෝප්‍රධාන් වූ විටයි. ඔබ, භාරතයේ ජනතාව, පැමිණ, නව ලෝකයේ පාලනය කරන බව, ඔය දරුවන්
දැන් දන්නවා. එහි වෙනත් කිසිම ආගමක් නොතිබෙයි. ඔය දරුවන් අතරින්ද, උසස් තත්ත්වයක්
හිමි වීමට ඇති අය, සිහිපත් කිරීමේ සිටීමට වැඩි උත්සාහයක් දරණ අතර ඔවුන්ගේ පුවත්ද
ලියයි: බාබා, මා මෙතරම් වෙලාවක් සිහිපත් කිරීමේ සිටිනවා. ලැජ්ජාව නිසා සමහරු තම
පුවත් ලියන්නේම නැහැ. ඔවුන් සිතන්නේ: බාබා කුමක් කියයිද? කොහොම වුණත්, බාබා දන්නවා.
පාසැලක ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට මෙසේ කියයි: ඔබ පාඩම් නොකරන්නේ නම්, ඔබ අසමත් වෙයි.
ඔවුන්ගේ දරුවන් ඉගෙනගන්නා තරමට අනුව, භෞතික දෙමාපියන්ද මෙය වටහාගන්නවා. මෙය ඉතා
විශාල පාසැලක්. මෙහිදි ඔබට අංක අනුපිළිවෙලට අසුන්ගැනීමට සලස්වන්නේ නැහැ. එය
අංකානුරූප බව ඔබගේ බුද්ධියට වැටහෙනවා. බාබා දැන් හොඳ දරුවන්ව වෙනත් ස්ථාන වලට
යවනවා. ඔවුන් වෙනත් ස්ථානයකට ගිය විට, තව අය මෙසේ ලියයි: අපට මහාරතී කෙනෙක් ඕනෑ.
එවිට ඒ අයට වඩා ඔවුන් වඩා දක‍්ෂ මෙන්ම ප්‍රසිද්ධ බව වැටහෙයි. එය අංකානුරූපයි.
ප්‍රදර්ශන වලටද බොහෝ ආකාරයේ මිනිසුන් පැමිණෙනවා, එබැවින් ඔවුන්ව පරීක‍්ෂා කිරීමට
මඟපෙන්වන්නන් සිටගෙන සිටිය යුතුයි. පැමිණ ඇත්තේ කුමන ආකාරයේ මිනිසුන්ද කියා,
මිනිසුන්ව පිළිගන්න අය දැනගනී. එවිට විස්තර කරන අයට, එම කෙනා සංඥාවක් ලබා දිය
යුතුයි: ඔබට මේ මිනිසුන්ට විස්තර කළ හැක. ප්‍රථම ගණයේ, දෙවන ගණයේ සහ තුන්වන ගණයේ අය
සිටින බව ඔබට වටහාගත හැක. ඔබ එහි සියලු දෙනාටම සේවය කළ යුතුයි. වැදගත් පුද්ගලයෙක්
පැමිණි විට, සියලු දෙනාම ඔහුට අනිවාර්යෙන් බොහෝ සත්කාර පුද කරයි. නීතිය මෙයයි. පියා
හෝ ගුරුවරයා, පංතියේදි දරුවන්ව ප්‍රශංසා කරයි. මෙයත් විශේෂ අවධානය යොමු කිරීමයි.
නාමය කීර්තිමත් කරන දරුවන්ට විශේෂ අවධානය ලබා දී ඔවුන්ව වර්ණනා කෙරෙයි. අහවලා ධනවත්
මෙන්ම ආගමට නැඹුරු වූ බව කීමත්, ඔහුව වර්ණනා කිරීමක්. උසස්ම උසස් වන්නේ පරමාත්ම
දෙවියන් බව ඔබ දැන් දන්නවා. ඔහු සැබවින්ම උසස්ම උසස් බව මිනිසුන් පවසන නමුත්, ඔහුගේ
චරිත කතාව ඔබට පවසන ලෙස ඔබ ඔවුන්ට කී විට, ඔහු සෑම තැනකම සිටින බව ඔවුන් කියයි;
ඔවුන් ඔහුව මුළුමනින්ම පහළට දමයි. උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන් බවත් ඔහු පරම
දනව්වේ නිවැසියා බවත්, දේවතාවන් සූක‍්ෂම කලාපයේ වැසියන් බවත්, ඔබට දැන් පහදා දිය
හැක. මෙහි ඇත්තේ මනුෂ්‍යයන්ය. එබැවින් උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන්, අශාරීරික
කෙනාය. ඔබ දියමන්ති මෙන් සිටි බවත් ඔබ දැන් සිප්පි කටු මෙන් වී ඇති බවත්, එබැවින්
ඔබ පරමාත්ම දෙවියන්ව තමන්ටත් වඩා පහළින් පෙන්වා ඇති බව ඔබ දැන් දන්නවා. ඔබ ඔහුව
හඳුනන්නේවත් නැහැ. ඔය භාරතයේ ජනතාවට එම හැඳින්වීම ලැබෙන අතර පසුව එම හැඳිනගැනීම අඩු
වෙනවා. ඔබ දැන් නොකඩවා සියලු දෙනාට පියාගේ හැඳින්වීම ලබා දෙනවා. බොහෝ දෙනෙකුට
පියාගේ හැඳින්වීම ලැබෙයි. ඔබගේ ප්‍රධාන පිංතූර වන්නේ, ත්‍රිමූර්තිය, චක්‍රය සහ
වෘක‍්ෂයයි. ඒවා තුළ බොහෝ අවබෝධය තිබේ. ලක‍්ෂ්මි සහ නාරායන සත් යුගයේ අධිරාජවරුන්
බව, ඕනෑම කෙනෙක් පවසයි. හොඳයි, එසේ නම් සත් යුගයට පෙර තිබුණේ කුමක්ද? ඔබ මෙය දන්නේ
මෙකල පමණයි. එය දැන් කලි යුගයේ අවසානය වන අතර එය මිනිසුන්ව මිනිසුන් පාලනය කරන
කාලයයි. දැන් රාජධානි නොමැත එය විශාල වෙනසකි. සත් යුගය ආරම්භයේ රජවරු සිටි අතර දැන්
කලි යුගයේ ද රජවරු සිටියි, නමුත් ඔවුන්ගෙන් කිසිවෙක් පිවිතුරු නැත. සමහරු එම නම්බු
නාම මිලදී ගනී. කිසිවෙක් සැබෑ මහරාජා කෙනෙක් නොවෙයි; ඔවුන් එම නම්බු නාමය මුදල් වලට
ගනී. නිදසුනක් ලෙස පතියාලා, ජෝඩ්පූර්, බිකනීර් ආදියේ මහරාජාවරු සිටියි. ඒ නම් ඔවුන්
සඳහන් කරයි. ඒ නම් සදාතනිකව පැවතී ඇත. මුලදි පිවිතුරු අධිරාජවරු සිටි අතර දැන්
අපවිත්‍ර අය සිටියි. ‘රජවරු’ ‘අධිරාජවරු’ යන වචන දිගටම පැවතෙයි. ලක‍්ෂ්මි සහ නාරායන
ගැන ඔබ පවසන්නේ, ඔවුන් සත් යුගයේ පාලකයන් වූ බවයි. රාජධානිය හිමි කරග්තේ කවුද?
රාජධානිය ස්ථාපිත වන්නේ කෙසේද කියා, ඔබ දැන් දන්නවා. පරම පියා පවසන්නේ : මා දැන්
ඔබට උපත් 21 කට උගන්වනවා. ඒ මිනිසුන් ඉගෙනගෙන, එම උපතෙදීම නීතිඥයින් ආදීන් වෙයි. ඔබ
දැන් ඉගෙනගන්නා අතර අනාගතයෙදි අධිරාජවරු සහ අධිරාජිනියන් වෙයි. නාටක සැලසුමට අනුව
නව ලෝකය ස්ථාපිත කෙරෙනවා. එය දැන් පැරණි ලෝකයයි. ඉතා හොඳ විශාල මාලිගා තිබෙන නමුත්,
දියමන්ති සහ මැණික් එබවූ මාලිගා ගොඩනැගීමට කිසිවෙකුට බලය නැත. ස්වර්ණමය යුගයේ ඔවුන්
සියලුම මාලිගා ගොඩනැගුවේ දියමන්ති සහ මැණික් ඔබ්බවාය. ඒවා ගොඩනැගීමට වැඩි කාලයක් ගත
වන්නේ නැහැ. මෙහිදීද භූමිකම්පාවක් සිදුවන විට ඔවුන් බොහෝ කොන්ත්‍රාත්කරුවන් වැඩෙහි
යොදවා, මුළු නගරයක්ම වසර කිහිපයකදී නැවත ගොඩනගයි. නව දිල්ලිය ගොඩනැගීමට වසර 8 ක් හෝ
10 ක් ගත වන්නට ඇති, නමුත් මෙහි කම්කරුවන් සහ එහි කම්කරුවන් අතර වෙනසක් තිබේ. මෙකල
ඔවුන් නොකඩවා නව නිපැයුම් නිපදවයි. ගොඩනැගීමේ විද්‍යාවට බොහෝ බලය තිබේ. ඔවුන්ට නිම
කරන ලද සෑම දෙයක්ම ලබා ගත හැකි අතර ඉතා විගසින් තට්ටු නිවාස සාදයි. ඔවුන් මෙහිදි
ඒවා ඉතා විගසින් ගොඩනගන අතර මේ සෑම දෙයක්ම එහිදි ප්‍රයෝජනවත් වෙයි. මේ සියල්ල ඔබත්
සමඟ යයි; එම සංස්කාර ඉතිරිව තිබෙයි. විද්‍යාවේ සංස්කාර පවා ඔබ සමඟ යයි. ඉතිං පරම
පියා දැන් නොකඩවා ඔබට පහදා දෙයි : ඔබට පිවිතුරු වීමට අවශ්‍ය නම් පරම පියා සිහි
කරන්න. පරම පියා පවසන්නේ, ‘සුබ උදෑසනක්’ කියා, ඉන්පසුව ඔහු ඔබට උගන්වයි : දරුවනේ,
ඔබ අසුන්ගෙන සිටින්නේ පරම පියාගේ සිහි කිරීමේද? ඔබගේ හිස මත බොහෝ උපත් ගණනාවක බර
තිබෙන නිසා, ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, පරම පියා සිහි කරන්න. ඔබ ඉනිමග දිගේ
පහළට පැමිණෙන අතර උපත් 84 ක් ගනී. දැන් එක උපතකදී ඉහළ නැගීමේ අවස්ථාව තිබේ. ඔබ
අඛණ්ඩව පරම පියාව වැඩියෙන් සිහි කරන තරමට, ඔබට වැඩියෙන් සතුට ඇති වන අතර ඔබට
ශක්තියද ලැබෙයි. ප්‍රථම අංකයේ තබන බොහෝ දරුවන් සිටියි, නමුත් ඔවුන් සිහිපත් කිරීමේ
කොහෙත්ම නොසිටියි. ඔවුන් දැනුම අතින් දක‍්ෂ වුවද, සිහි කිරීමේ වන්දනා ගමනේ දක‍්ෂ
නැත. පරම පියා ඔය දරුවන්ව ප්‍රශංසා කරයි. මේ කෙනාද සිටින්නේ අංක එකටයි, එබැවින් ඔහු
නියත වශයෙන්ම උත්සාහ දරණවා ඇති. ඔබ සෑම විටම සිතිය යුත්තේ, ඔබට විස්තර කර දෙන්නේ
ශිව බාබා බව, එවිට ඔබගේ බුද්ධියේ යෝගාව එහි සම්බන්ධ වී තිබෙයි. මේ කෙනාද ඉගෙන
ගන්නවා ඇති. කෙසේවෙතත්, ඔහු පවසන්නේ: බාබාව සිහි කරන්න. මෙම පිංතූර තිබෙන්නේ සියලු
දෙනාටම විස්තර කිරීමටයි. අශාරීරික කෙනා පරමාත්ම දෙවියන් ලෙස හැඳින්වෙයි. ඔහු පැමිණ
සිරුරක් හදා ගන්නවා. ඒකායන පරමාත්ම දෙවියන්ගේ දරුවන් සියලු දෙනාම ජීවාත්මයි,
සහෝදරයන්. ඔවුන් දැන් තම සිරුරු තුළ පෙනී සිටියි. ඔවුන් සියල්ලම අමරණීය පිළිරූය.
මෙම සිරුර, අමරණීය පිළිරුවක (ජීවාත්මයේ) සිහසුනයි. සෑම ජීවාත්මයක්ම නළලක් මැද වාසය
කරයි. එය අමරණීය සිහසුනක් ලෙස හැඳින්වෙයි. එය අමරණීය පිළිරුවේ අමරණීය සිහසුනයි.
සියලුම ජීවාත්ම අමරණීයයි; ඒවා ඉතාමත්ම සියුම්ය. පරම පියා අශාරීරිකයි. ඔහු තමන්ගේම
සිහසුන කොහේ සිට ගෙන එන්නද? පරම පියා පවසන්නේ : මෙය මගෙත් සිහසුනයි. මා පැමිණ, මෙම
සිහසුන ණයට ගන්නවා. මා පැමිණ, බ්‍රහ්මාගේ සාමාන්‍ය මහළු සිරුරේ අමරණීය සිහසුනේ
අසුන් ගන්නවා. මේවා සියලුම ජීවාත්මයන්ගේ සිහසුන් බව ඔබ දැන් දන්නවා. මින්
කියැවෙන්නේ මනුෂ්‍යයන් ගැන පමණයි; එය සතුන්ට බලනොපායි. මනුෂ්‍යයන් සත්වයින්ටත් වඩා
අන්ත වී ඇති අතර ඔවුන් අඩු තරමින් තමන්වවත් හැඩගසා ගත යුතුයි. මිනිසුන් ඔබගෙන්
සතුන් ගැන විමසන විට, ඔවුන්ට මෙසේ කියන්න: පළමුව අඩු තරමින් තමන්ව හදාගන්න. සත්
යුගයේ සතුන් පවා ඉතා හොඳ සහ අංක එකේ අයයි. එහි කසල ආදිය කිසිවක් නොතිබෙයි. පරවියන්
රාජ මාලිගාවේ අසූචි දමන්නේ නම්, දඩයක් තිබෙයි. එහි කසල කිසිවක් නොතිබෙයි. එහි,
ඔවුන් බොහෝ අවධානයෙන් සිටියි. සතුන්ට ඇතුළු වීමට නොහැකි ආකාරයෙන් ඔවුන් රැකවල්
දමයි. එහි බොහෝ පිරිසිදුකම තිබේ. ලක‍්ෂ්මි සහ නාරායන දේවාලයේද බොහෝ පිරිසිදුකම
තිබේ. ශංකර් සහ පාර්වති දේවාලයේ ඔවුන් පරවියෙක්ද පෙන්වා ඇත. එබැවින් ඔවුන් නියත
වශයෙන්ම දේවාලද අපිරිසිඳු කරනවා ඇති. ඔවුන් එවන් බොහෝ ගොතන ලද කතා ශාස්ත්‍රයන්හි
ලියා තිබේ. පරම පියා දැන් ඔය දරුවන්ට විස්තර කරයි. කෙසේවෙතත්, ඒවා ධාරණය කළ හැකි අය
ඉන්නේ ටික දෙනෙක් පමණයි. ඉතිරි අයට කිසිවක් වැටහෙන්නේ නැත. පරම පියා ඔය දරුවන්ට
විශාල සෙනෙහසකින් පහදා දෙයි : දරුවනේ, බොහෝ සේ මිහිරි වන්න. ඔබගේ මුවින් මැණික් මතු
කරන්න. ඔබ රුප් සහ බසාන්ට්ය. ඔබගේ මුවගින් ගල් මතු නොවිය යුතුයි. ජීවාත්ම වර්ණනා
කෙරෙයි. ජීවාත්මය පවසන්නේ : මා ජනාධිපති කෙනෙක්. මා අහවලාය. මෙය මගේ සිරුරේ නමයි.
හොඳයි, ජීවාත්ම කාගේ දරුවන්ද? ඒකායන පරමාත්ම ජීවයගේ. එබැවින් ඔබට අනිවාර්යෙන්ම
ඔහුගෙන් උරුමය හිමි විය යුතුයි. එසේ නම් ඔහු සෑම තැනකම සිටින්නේ කෙසේද? ඔබත් පෙර
කිසි දෙයක් නොදැන සිටි බව ඔබට දැන් වැටහෙනවා. ඔබගේ බුද්ධි දැන් බොහෝ සේ විවර වී
තිබේ. ඔබ දැන් ඕනෑම පූජනීය ස්ථානයකට ගිය විට, ඒ පිංතූර සියල්ල ව්‍යාජ බව ඔබට වටහාගත
හැක. පිංතූරවල පෙන්වා ඇති ආකාරයට, අත් දහයක් ඇති හෝ ඇතෙකුගේ හොඬවැලක් ඇති කිසිවෙක්
සිටිය හැකිද? ඒ සියල්ල භක්ති මාර්ගයේ මෙවලම්ය. ඇත්ත වශයෙන්ම භක්තියේ යෙදිය යුත්තේ,
සියල්ලන්ට විමුක්තිය පිරිනමන්නා වන, ඒකායන ශිව බාබා වෙනුවෙන් පමණයි. ලක‍්ෂ්මි සහ
නාරායන උපත් 84 ක් ගන්නා බව, ඔබගේ බුද්ධියේ තිබේ. ඉන්පසුව උසස්ම-උසස් පරම පියා
පැමිණ සියලු දෙනාටම විමුක්තිය පිරිනමයි. ඔහුට වඩා උසස් කෙනෙක් නැත. ඔබ අතරින්ද,
දැනුමේ මෙම කරුණු ධාරණය කර ගැනීමට හැකි වන්නේ අංක පිළිවෙලටයි. කෙනෙකුට ධාරණය
කරගැනීමට නොහැකි නම්, එම කෙනාගෙන් ඇති ඵලය කුමක්ද? අන්ධයින්ට සැරයටි වෙනවා වෙනුවට,
සමහරු ඔවුන්ම අන්ධ වෙයි. ගවයෙක් කිරි ලබා නොදෙන්නේ නම්, ඔවුන් ඌව ගව මඩුවක අගුල්
දමා තබයි. මෙහිදීද සමහරුන්ට දැනුමේ කිරි ලබා දිය නොහැක. කිසිසේත් උත්සාහ නොදරණ
සමහරු සිටිනවා. ඔවුන් අඩු තරමින් යම් කෙනෙකුට හෝ යහපතක් සිදුකළ යුතු බව ඔවුන්ට
වැටහෙන්නේ නැහැ. තමන්ගේම වාසනාව ගැන ඔවුන්ට කිසිඳු සැලකිල්ලක් නැත. ලැබෙන ඕනෑම
දේකින් ඔවුන් සතුටු වෙයි. පරම පියා මෙසේ පවසනු ඇති : එම කෙනාගේ භාග්‍යයේ එය නැත.
විමුක්තිය ලබා ගැනීමට කෙනෙක් උත්සාහ දැරිය යුතුයි. ඔබ ජීවාත්ම අවධානයට පත් විය
යුතුයි. පරම පියා උසස්ම උසස් කෙනාය, නමුත් ඔහු අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර සිරුරකට
ඇතුළු වන අන්දම බලන්න! අපවිත්‍ර ලෝකයට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කරයි. රාවන, සියලු
දෙනාව සම්පූර්ණයෙන්ම දූෂිත කළ පසුව, පරම පියා පැමිණ, ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි.
උත්සාහ දරණ අය, රජවරු සහ රැජිනියන් වන අතර කිසිඳු උත්සාහයක් නොදරණ අය දුප්පතුන්
වෙයි. එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නිසා, ඔවුන්ට උත්සාහ දැරිය නොහැක. ඇතැම් අය
ඔවුන්ගේ වාසනාව බොහෝ යහපත් කරගනී. ඔබ සෑම කෙනෙකුටම තමන්ව පරීක‍්ෂා කර බැලිය හැක: මා
කුමන සේවයක්ද කරන්නේ? අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. රුප් සහ
බසාන්ට් වී සෑම විටම ඔබගේ මුවගින් මැණික් මතු වීමට ඉඩ හරින්න. බොහෝ සේ මිහිරි වන්න.
කිසිම විටෙක ඔබගේ මුවගින් ගල් (නරක වචන) මතු වීමට ඉඩ නොදෙන්න.
2. දැනුම සහ යෝගාවේ
දක‍්ෂ වී තමන්ට සහ අන් අයට යහපතක් සිදු කරන්න. ඔබගේ වාසනාව ශ්‍රේෂ්ඨ කර ගැනීමට
උත්සාහ දරන්න. අන්ධයින්ට සැරයටියක් වන්න.
වරදානය:
ඔබ කරුණු
තුනක් පිළිබඳ අවධානයේ තිලකය පැළඳ සම්පූර්ණයෙන්ම ජයග්‍රාහී වේවා.
තමා පිළිබඳ අවධානය,
පරමාත්ම පියා පිළිබඳ අවධානය සහ නාටකය පිළිබඳ මෙම ඥානයේ අවධානය: මෙම සියලු ඥානයේ
ප්‍රසාරණය මෙම කරුණු තුන පිළිබඳ අවධානය තුළ ගිලී තිබේ. ඒවා ඥාන වෘක්ෂයේ තුන් ආකාරයේ
අවධානයයි. ගසක් පළමුව බීජයක් වන අතර පසුව එම බීජයෙන් පත්‍ර දෙකක් වැඩෙන අතර පසුව
ගසේ ව්‍යාප්තිය සිදු වේ. එලෙසම, ප්‍රධාන දෙය වන්නේ පියා, බීජය සහ පසුව පත්‍ර දෙක
පිළිබඳ දැනුවත්භාවය තිබීමයි, එය ජීවාත්ම සහ නාටකය පිළිබඳ මෙම සියලු දැනුමයි. මෙම
කරුණු තුන පිළිබඳ අවධානය උකහා ගන්නා අයට ස්මරණයේ ප්‍රතිමූර්ති වීමේ ආශිර්වාදය ලැබෙන
අතර ඔවුන් සම්පූර්ණයෙන්ම ජයග්‍රාහී වේ.
පාඨය:
ඔබගේ ලැබීම්
නිරන්තරයෙන් ඔබ ඉදිරියේ තබා ගන්න, එවිට ඔබගේ සියලු දුර්වලතා පහසුවෙන් අවසන් වේ.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
සංගම යුගයෙදි,
බ්‍රහ්ම කුමර කුමරියන්ට තනි විය නොහැක. පරම පියාගේ ඇසුර සහ ඔබගේ ඒකාබද්ධ ස්වරූපය
පහසුවෙන් අත්දකින්න. මෙසේ නොසිතන්න, “ පියා කොහොමත් මගෙයි, ඔහු මා සමගයි.” නැහැ,
ඔහුගේ ඇසුරේ ප්‍රායෝගික අත්දැකීමක් තිබිය යුතුයි. එවිට මායාගේ කිසිදු පහරදීමක්,
පහරක් නොවන අතර මායා පරාජය වෙයි. කුමක් සිදු වුනත් බිය නොවන්න, එපමණයි. එඩිතර වී
පරම පියාගේ ඇසුරේ අවධානයෙන් සිටින්න. එවිට ජයග්‍රහණය ඔබගේ උපත් අයිතිය වෙයි.