17.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මලක් වෙලාදැයි කියා පරීක්ෂා කර බලන්න. ශාරීරික අහංකාරයෙන් කටුවක් නොවන බවට වගබලා ගන්න. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔය කටු මල් කරවීමටයි.

ප්‍රශ්නය:
පරමාත්ම පියා කෙරෙහි නොබිඳුනු සෙනෙහසක් පවත්වා ගත හැකි වන්නේ කුමන ශ්‍රද්ධා කරුණ මතද?

පිළිතුර:
තමන් ජීවාත්ම සන්තාවක්ය යන ශ්‍රද්ධා විශ්වාසය පළමුව ඔබ තුළ ඇති වුණු විට පරමාත්ම පියා කෙරෙහි සෙනෙහස උපදිනු ඇත. ශාරීරික පියා මෙම භාග්‍ය රථයේ සිටිනවාය යන නොබිදුණු විශ්වාසය ඔබලා තුළ තිබිය යුතුයි. ඔහු අපට මොහු හරහා උගන්වනවා. මෙම විශ්වාසය බිදුණු විට සෙනෙහස අඩු වනු ඇත.

ඕම් ශාන්ති.
කටු මල් කරනා පරමාත්ම දෙවියන් කතා කරයි; ගෙවත්තේ හිමිකරු පරමාත්ම දෙවියන් කතා කරයි. ඔය දරුවන් දැන් මෙහි පැමිණ සිටින්නේ කටු වලින් මල් වීමට බව ඔබලා දන්නවා. ඔබ සෑම කෙනෙක්ම මීට පෙර කටු ලෙසින් සිටි බවත් දැන් මල් වෙමින් සිටිනා බවත් ඔබ සෑම කෙනෙක්ම දන්නවා. පරමාත්ම පියාව ඉතාමත් ඉහළින් වර්ණනා කෙරෙනවා: ඔවුන් කියන්නේ: පාරිශුද්ධ කරුවාණනි වඩිනු මැනව කියලයි. ඔහු තමයි තොටියා. ගෙවතු හිමිකරු. ජීවාත්මයන්ගේ ගැලවුම්කරුයි. විවිධ නම් වලින් ඔහුව හැඳින්වූවත් සෑම තනකින්ම ඔහුව පෙන්වන්නේ එකම රූපයකිනුයි. ඤාන සාගරය, සතුටේ සාගරය කියා ඔහුට ප්‍රශස්ත ගී ගයනවා. තමන් දැන් සිටින්නේ එම එකම එක පියා සමඟ පමණක් බව ඔබලා දන්නවා. ඔබලා මෙහි පැමිණ සිටින්නේ කටු වන් මිනිසුන්ගෙන් මල් වන් දේවතාවරුන් වීමටයි. මෙය ඔබගේ අරමුණ හා ඉලක්කයයි. දැන් ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ හදවත දෙස බලා තමාගෙන්ම අසා දැන ගත යුතුයි: මා ලඟ දිව්‍යමය ගුණධර්ම තිබෙනවාද? මම සියළුම ගුණධර්ම වලින් පිරී සිටිම්ද? පෙර කල ඔබලා දේවතාවරුන්ගේ ගුණ ගායනා කරමින් තමන් කටු ලෙසින් සැලකුවා. ඔබ තුල තිබුණු පස් පව් නිසාම ඔබලා මම කිසිම ගුණයක් නැති කෙනෙක්, කියා කිව්වා. ශාරීරික අවධානයත් ඉතාමත් තදබල අහංකාරයක්. තමන් ජීවාත්ම සත්තාවක් කියා සැලකූ විට පරමාත්ම පියා කෙරෙහි දැඩි සෙනෙහසක් ඉපදේවි. අශාරීරික පියා මෙම රථයේ සිටිනා බව ඔබලා දැන් දන්නවා. මෙම විශ්වාසය තිබිලත් පසුව එය බිඳී යනවා. මෙම භාග්‍ය රථය වන ප්‍රජාපිතා බ්‍රහ්මාගේ ශරීරය තුළ සිටිනා ශිව් බාබා ලඟටයි තමන් පැමිණ සිටින්නේ කියා ඔබ කියනවා. අප සෑම ජීවයකගේම පරමාත්ම පියා එකම එක ශිව් බාබායි. ඔහු මෙම රථයේ සිටියි. මෙම විශ්වාසය හොඳින් තහවුරු විය යුතුයි. මායා ගැටළු ගෙන එන්නේ මෙතැනටයි. කුමරියක් විවාහ ගිවිස ගත් විට තම සැමියාගෙන් තමාට විශාල සතුටක් ලැබේවි කියා ඇය විශ්වාස කරනවා. නමුත් ඇය මොන සතුටක් ලබන්නද? ඇය එසැනින්ම අපිරිසිඳු වෙනවා. කුමරියක් ලෙසින් සිටින්නාතාක් කල් ඇයගේ මව පියා ආදී සෑම කෙනෙක්ම ඇයගේ ශුද්ධත්වයට වන්දනා කරනවා. කිළිටි වුණු සැනකින්ම ඇයට අන් සියළු දෙනාටම වැද වැටීමට සිදු වෙනවා. අද සෑම කෙනෙක්ම ඇය වන්දනා කරනා අතර හෙට ඇයට ඒ සෑම දෙනාටම වන්දනා කිරීමට සිදු වේවි. සංගම් යුගයේ සිටිනා ඔය දරුවන් ඉතාමත් උසස් මිනිසුන් බවට පත් වෙමින් සිටිනවා. හෙට ඔබලා කොහි සිටීවිද? මෙම නිවස ආදිය අද කුමක්ද? සෑම තැනකම නොයෙකුත් ආකාරයේ දූෂිත ක්‍රියා සිදු වෙනවා. මෙය හඳුන්වන්නේ වෛශ්‍යාලයක් ලෙසිනුයි: සෑම කෙනෙක්ම ඉපදෙන්නේ පාපයෙන්. ශිව් දේවස්ථානයේ සිටියේ ඔබලා පමණයි. මීට වසර පන්දහසකට පෙර ඔබලා ඉතාමත් සතුටින් සිටියා. එහි දුකක් කියා දෙයක නාමයක්වත් තිබුනේ නැහැ. එවන් තත්ත්වයකට පත්වීමට ඔබ දැන් මෙහි පැමිණ සිටිනවා. ශිව් දේවාලය ගැන මිනිස්සු කිසිවක්ම දන්නේ නැහැ. ශිව් දේවාලය කියන්නේ දෙව්ලොවටයි. දෙව්ලොව ස්ථාපනය කළේ ශිව් බාබායි. සෑම කෙනෙක්ම බාබා කියා කියනා නමුත්, පරමාත්ම පියා සිටිනේනේ කොහිද කියා ඔවුන්ගෙන් අහන්න බලන්න. ඔවුන් කියාවි ඔහු සෑම තැනකම සිටිනවා කියලා. බල්ලන් බළලුන් මාළුන් කිඹුලන් ආදී සතුන් තුළත් ඔහු සිටිනවායි කියා ඔවුන් කියනවා. මහා විශාල වෙනසක්. පරමාත්ම පියා කියනවා: එක් කාලෙක ඔබලා උතුම්ම උතුම් මානව ජීවයන් සේ සිටියා. නමුත් උපත් 84 ක් ගෙන පැමිණ දැන් ඔබ පත්ව සිටින්නේ කුමන තත්ත්වයකට ද? ඔබලා අපායවාසීන් වෙලා. මෙන්න මේ නිසා තමයි සෑම කෙනෙක්ම: අහෝ පාරිශුද්දකරුවාණනි. පැමිණෙන්න කියා කන්නලව් කරන්නේ. පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවීමටයි. මෙම අවසන් උපතේදී වත් වස පානය කිරීම නතර කරන්නැයි කියා ඔහු කියනවා. කෙසේවෙතත්, ඒත් ඔවුන්ට එය තේරෙන්නේ නැහැ. සියළුම ජීවාත්මයන්ගේ පරමාත්ම පියා දැන් කියනවා: පාරිශුද්ධ වන්න. සෑම කෙනෙක්ම බාබා කියා කියනවා. පළමුවෙන්ම ජීව එම බාබාව සිහි කර පසුව මෙම බාබාව සිහි කරනවා. ඒ බාබා අශාරීරික කෙනා වන අතර මේ බාබා ශාරීරික කෙනෙක් වෙනවා. පරමාත්ම ජීවය මෙහි සිට අපිරිසිඳු ජීව වන ඔබලාට සියල්ල පැහැදිලි කර කියා දෙනවා. මුලින් ඔබලාත් සිටියේ පිරිශුද්ධවයි. පරමාත්ම පියා සමඟ සිටි ඔබලා පසුව තම තමන්ගේ චරිත කොටස් රඟ දැක්වීමට මෙහි පැමිණියා. මෙම චක්රය ඉතාමත් හොදින් අවබෝධ කරගන්න. ඔබලා දැන් ස්වර්ණම යුගයෙන් නව ලෝකයට යාමටයි සිටින්නේ. ඔබගේ ආශාව දෙව්ලොව වෙත යාමටයි. ඔබ ක්‍රිෂ්ණා මෙන් දරුවෙක් ඉල්ලා සිටියා. මම දැන් පැමිණ සිටින්නේ ඔබව ඒ තත්ත්වයට පත්කරවීමටයි. එහි සෑම දරුවෙක්ම ක්‍රිෂ්ණා වගෙයි. ඔවුන් සතෝප්‍රධානේ මල්. ඔබලා දැන් ක්‍රිෂ්ණා දේශයට යමින් සිටිනවා. ඔබලා දෙව්ලොව පාලකවරුන් වෙමින් සිටිනවා. තමන්ගෙන්ම අසා දැනගන්න: මම මලක් වෙලාද? ශාරීරික අහංකාරයෙන් මම කටුවක් වෙලාද? මිනිසුන් තමාව සළකන්නේ ජීව වශයෙන් නොව ශරීර වශයෙනුයි. තමන් ජීවයක් යන්න අමතක කිරීමෙන් ඔබලාට පරමාත්ම පියාවත් අමතක වී ගිහින්. පරමාත්ම පියාගෙන්ම පියාගැන දැනගැනීමෙන් ඔබට ඔහුගේ උරුමය දිනාගත හැකි වෙනවා. සෑම කෙනෙක්ම තමන්ගේ උරුමය දිනාගන්නේ අසීමිත පියා ගෙනුයි. තම උරුමය නොලබනා එකදු ජීවාත්මයක් වත් නැහැ. මෙහි පැමිණ සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවා නිර්වාන දේශය වන නිවහන වෙතට නැවතත් ගෙන යන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. ආලෝකය ආලෝකයට මුසුවුනා. බ්‍රහ්ම ලෝකය හා එක්වුනා කියා ඔවුන් කියනවා. ඔවුන්ට කිසිම ඥානයක් නැහැ. ඔය ජීවාත්මයන් පරමාත්ම ජීවයෙන් වෙන්වී දැන් නැවතත් ඔහුගේ ඇසුරට පැමිණ සිටිනවා. වසර 5000 කින් මෙම සත්‍යය ඇසුර සත්‍ය වශයෙන්ම ඔබලා ලබන්නේ එකම එක වතාවකුයි. ස්වර්ණමය හෝ රිදී යුග වල දී සත්සන් පන්ති නැහැ. කෙසේ වෙතත් භක්ති මාර්ගයේ දී එවන් සත් සන් රැසක් පැවැත්වෙනවා ඇත්තෙන්ම කියනවා නම් එකම එක පියා පමණයි සත්‍යය වන්නේ. ඔබලා දැන් සිටින්නේ ඔහුගේ ඇසුරේයි. තමන් පරමාත්ම දෙවියන්ගේ ශිෂ්‍යයින් යන්නත් පරමාත්ම දෙවියන් තමන්ට උගන්වනවා යන අවධානයත් ඔබලා තුල දැන් තිබිය යුතුයි. මෙයත් ඔබගේ මහා වාසනාවකි. අපේ බාබා සිටින්නේ මෙහියි. ඔහු පරමාත්ම පියා, ගුරුවරයා හා ගුරු වෙනවා. මෙම චරිත තුනම ඔහු රඟ දක්වන්නේ මෙම කාලයේ දීයි. ඔහු ඔය දරුවන්ව තමාට අයිති කරවා ගන්නවා. පරමාත්ම පියා කියනවා: ඔබගේ පාප දුරුකරගත හැක්කේ ස්මරණයෙන් පමණයි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වන අතර පසුව ඔබට ආලෝක කිරුළක් හිමි වෙනවා. එය සංකේතයක් පමණයි: දකින්න ආලෝකයක් එහි නැහැ. එය පාරිශුද්ධත්වයේ සලකුණයි. වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය ලද නොහැකියි. එකම එක පියා පමණයි එය ඔබට දෙන්නේ. ඔහු ලඟ මුළු ඥාන සම්භාරයම තිබෙනවා. පරමාත්ම පියා කියනවා: මම ලෝක මානව වෘක්ෂයේ බීජයයි. මෙය උඩු යටිකුරු වුණු ගසයි. මෙය කල්ප වෘක්ෂයයි. මීට පෙර, දිව්‍යමය මල් ගසක් තිබුණා. දුර්ගුණ පහ නිසා එය දැන් කටු කැළයක් වෙලා. ප්‍රධානම දුර්ගුණය ශාරීරික අවධානයයි. එහි කිසිම ශාරීරික අවධානයක් නැහැ. එහි සිටිනා අය තමන් ජීව බව තේරුම් ගන්නා නමුත් පරමාත්ම ජීවය වන පරමාත්ව පියා ගැන දන්නේ නැහැ. ඔවුන් දන්න එකම දෙය තමන් ජීවාත්මයක් බව පමණයි. ඔවුන්ට වෙන කිසිම ඥානයක් නැහැ. උපත් ගණනාවකට පසුව දැන් ඔබගේ සම ඉතාමත් පැරණි දිරාපත් සමක් බවට පත්ව ඇති බව පෙන්වා දී තිබෙනවා. දැන් ඔබ එය හලා දැමිය යුතුයි. (ගැරඩියෙකු සේ) මේ කාලය වන විට ජීව සත්තාවත් ශරීරයත් දෙකම අපිරිසිඳු වෙලා. ඔය ජීවයන් පාරිශුද්ධ වුණු විට තම ශරීර අතහැර දමා යාවි. සියළුම ජීව නිවස බලා යාවි. මෙම නාටකය අවසානයක් කරා පැමිණෙමින් තිබෙනා බව ඔබලා දැන් දන්නවා. අපි දැන් පරමාත්ම පියා සමඟ ආපසු නිවස බලා යා යුතුයි. එමනිසා, අපි නිවහන සිහි කළ යුතුයි. මෙම ශරීර අත්හැරිය යුතුයි. ශරීර දිරාපත් වුණු විට, ලෝකයත් විනාශ වන අතර පසුව ඔබලා ඔබගේ නව නිවහනට ගොස් අළුත් නෑ හිතමිතුරන් සාදා ගනීවි. අනිත් අය ආපසු මෙහිම නැවත උපදිනා අතර ඔබලා මල් ලෝකයේ ඉපදෙනු ඇත. දේවතාවරුන් පාරිශුද්ධයි. මල් ලෙස සිටි තමන් කටුවී දැන් නැවතත් මල් ලෝකයට යාමට සිටිනා බව ඔබලාට තේරෙනවා. තවත් ඉදිරියට යන අතර බොහෝ දේ දැක ගැනීමට ලැබේවි. ඒ සියල්ල සෙල්ලම්. මීරා ධ්‍යානයට සම වැදී නැටුවත් ඇයට කිසිම ඥානයක් තිබුණේ නැහැ. මීරා දෙව්ලොවට ගියේ නැහැ. ඇය තවමත් මෙහි කිසියම් තැනක සිටිනවා ඇති. මෙම බ්‍රහමිණ් කුළයට අයත් කෙනෙක් නම් ඇය කොහෙන් හෝ ඥානය ලබාවි. ධ්‍යානයේ දී නැටුවා කියා ඇය දෙව්ලොව වෙතට යැවෙන්නේ නැහැ. බොහෝ අය ඒ ලෙසින් නර්තන කරනවා. එවන් ධ්‍යාන දර්ශන දැක බලා ගෙන ආපසු මෙම පියවි සිහියට එන ඔවුන් නැවතත් පාපයේ ගැලෙන ක්‍රියාවන් කරනවා. ඉහළට නැග්ගොත් දෙව්ලොව මිහිර විඳිය හැකි වන අතර පහළට වැටුණොත්... කියා කියනවා. මෙම ඥාන හා යෝගා ඉගෙන ගත්තා නම් දෙව්ලොව පාලකවරුන් බවට ඔබට පත්විය හැකි බව පියා ඔබට අවධානයෙන් කියා සිටිනවා. පියාව අතහැරිය හොත් ඔබ පාපයේ ආගාධයටම ඇද වැටෙනවා. පුදුමයටත් පත් වී පියාට අයිතිව සිටි අය සිටියා. ඔවුන් දැනුමට ඇහුම් කන් දී අන් අයටත් කියා දුන්නා. ඉන් පස්සේ යන්නම යන්න ගියා. මායාගේ හිංසනයට ඔවුන් තදින්ම හසුවෙලා. දැන් පරමාත්ම පියාගේ ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබලා දේවතාවරුන් වෙමින් සිටිනවා. ජීවයත් ශරීරයත් දෙකම උසස් විය යුතුයි. දේවතාවරුන් පාපයෙන් උපදින්නේ නැහැ. ඒ ලෝකය පාපයෙන් තොර ලෝකයයි. දුර්ගුණ පහ එහි පවතින්නේ නැහැ. දෙව්ලොව නිර්මාණය කළේ ශිව් බාබායි. දැන් එය අපායයි. ඔබලා දැන් නැවතත් වතාවක් දෙව්ලොව වාසීන් වීමට මෙහි පැමිණ සිටිනවා. හොඳින් ඉගෙන ගත් අය දෙව්ලොවට යාවි. නැවතත් වතාවක් ඉගෙන ගන්නා ඔබලා කල්පයක් කල්පයක් පාසා නොකඩවාම අධ්‍යයනයේ නිරත වේවි. මෙම කල්පය දිගටම කැරකෙනවා. කිසිම කෙනෙකුව මුදවා ගත නොහැකි කල්තබාම තීරණය වුණු නාටකය මෙයයි. ඔබ දකිනා සෑම දෙයක්ම, මදුරුවෙක් මෙතැනින් පියඹා ගියත්, තව කල්පයකින් පසුවත් ඒ මදුරුවා ඒ ලෙසින්ම මෙතැනින් පියඹා යාවි. මෙය තේරුම් ගැනීමට ඉතාමත් හොඳ බුද්ධියක් අවශ්‍යයි. මෙම නාටකයේ රඟ දැක්වීම දැන් සිදු වෙමින් පවතිනවා. මෙය ක්‍රියා ක්ෂේත්‍රයයි. උත්තරීතර දනව්වේ සිට ඔබ මෙහි පැමිණෙන්නේ ඔබගේ චරිත කොටස රඟ දැක්වීමටයි. ඔබෙන් ඇතැම් අය මෙම ඉගෙනීමෙන් ඉතාමත් දක්ෂ අය වන අතර අනිත් අය තවමත් ඉගෙන ගනිමින් සිටිනවා. ඇතැම් අය හොඳින් ඉගෙන ගෙන පැරණි අයටත් වඩා හොඳ දක්ෂ අය වෙනවා. සෑම කෙනෙකුටම උගන්වන්නේ ඥාන සාගරයයි. පරමාත්ම පියාට අයිති වුණු සැනකින්ම ලෝක උරුමය ඔබට හිමි වෙනවා. ඔව්, අපිරිසිඳු වුණු ඔය ජීවාත්ම සත්තාවන් අනිවාර්යෙන්ම පාරිශුද්ධ වීය යුතුයි. පාරිශුද්ධ වීමේ පහසුම මඟ නම් නොකඩවාම අසීමිත පියාව සිහි කිරීමයි. පැරණි ලෝකය ගැන ඔබ තුළ කිසිම ආසාවක් නොතිබිය යුතුයි. පසුව මුක්ති දේශය හා ජීවන මුක්ති දේශය තිබෙනවා. අපි එකම එක පියාව හැරෙන්න වෙන කිසිම කෙනෙක්ව සිහි කරන්නේ නැහැ. උදේ පාන්දරින් අවදි වී අශාරීරිකව පැමිණි මා අශාරීරිකව ආපසු යායුතුයි යන්න හොදින් පුහුණු කරන්න. එමනිසා ඇයි මම ශාරීරික අයෙක්ව සිහි කළ යුත්තේ? අම්රිත් වේලාවට අවදි වී මේ ලෙසින් තමා හා කතා බහක නිරත වන්න. අම්රිත් වේලාව කියා හඳුන්වන්නේ උදේ පාන්දර හෝරා කිහිපයයි. ඥාන සාගරයේ ඇත්තේ ඥාන අමෘතයයි. එමනිසා, ඥාන සාගරය කියනවා: උදේ පාන්දර වෙලාව ඉතාමත් හොඳයි. උදේ පාන්දරින් අවදිවී සෙනෙහසින් පරමාත්ම පියාව සිහි කරන්න: බාබා මම දැන් නැවතත් වතාවක් වසර 5000 කට පසුව ඔබව සොයා ගත්තා. පරමාත්ම පියා කියනවා: දැන් මා සිහි කරන්න ඔබගේ පාප දුරුවී යාවි. ඔබ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් විය යුතුයි. පරමාත්ම පියාව සිහි කිරීම පුරුද්දක් බවට පත් කර ගත් විට නිරන්තර සතුටකින් ඔබට සිටිය හැකි වන අතර ශරීරය පිළිබඳ අවධානය එයින් ඉවත්ව යනු ඇත. ශරීරය පිළිබඳ කිසිම අවධානයක් නොමැති වුණු විටෙක ඔබට විශාල සතුටක් දැනේවි. පාරිශුද්ධව සිටි කල ඔබලා ඉතාමත් සතුටින් සිටියා. මේ මුළු දැනුම ම ඔබගේ බුද්ධියේ රැඳිය යුතුයි. මුලින් පැමිණි අය අනිවාර්යෙන්ම උපත් 84 ක් ගනු ඇත. ඉන් අනතුරුව චන්ද්‍ර වංශයේ අය එයට වඩා අඩු උපත් ප්‍රමාණයක් ගන්නා අතර ඉස්ලාම් අය ගන්නේ ඊටත් අඩු උපත් ප්‍රමාණයකි. ගස දිගින් දිගටම වර්ධනය වෙනවා. ප්‍රධානම ධර්මය දේවතා ධර්මයයි. පසුව, එයින් ධර්ම තුනක් මතු වෙනවා. එයිනුත් ශාඛා අතු රිකිලි මතු වෙනවා. මෙම නාටකය ගැන ඔබ දැන් දන්නවා. මෙම නාටකය උකුණෙක් සේ හෙමින් හෙමින් ඉදිරියට ඇදෙනවා: තත්පරයෙන් තත්පරය එහි කාලය ගෙවී යනවා. එක් තත්පරයක මුක්තිය ගැන කියන්නේ අන්න ඒකයි. ජීව තම පරමාත්ම පියාව සිහි කරනවා: බාබා අපි ඔබගේ දරුවනුයි. ඒ නිසා අපි සිටිය යුත්තේ දෙව්ලොවයි. ඇයි අපි අපායේ සිටින්නේ? පරමාත්ම පියා දෙව්ලොව නිර්මාණය කරනවා නම් ඇයි අපි තවමත් අපායේ සිටින්නේ? පියා පැහැදිලි කර කියා දෙනවා: ඔබලා සිටියේ දෙව්ලොවයි. උපත් 84 ක් ගෙන පැමිණ දැන් ඔබලාට සියල්ලම අමතක වෙලා. දැන් නැවතත් වතාවක් මගේ උපදෙස් අනුගමනය කරන්න. පරමාත්ම පියාගේ උපදෙස් අනුගමනය කිරීමෙන් පමණයි ඔබගේ පාප දුරු වී යන්නේ. ජීව මත කහට බැඳිලා. ජීවයේ ආයිත්තම ශරීරයයි. ජීව පාරිශුද්ධ වුණු විට පාරිශුද්ද ශරීර ලබනවා. තමන් දෙව් ලොව සිටි බව ඔබලා දන්නවා. දැන් නැවතත් වතාවක් පරමාත්ම පියා පැමිණ සිටිනවා. ඔබගේ මුළු උරුමයම ඔබ ඔහුගෙන් දිනා ගත යුතුයි. දුර්ගුණ පහ අතහැර දැමිය යුතුයි. ශාරීරික අවදානය අත්හළ යුතුයි. සියල්ල කරනා අතර නොකඩවාම පරමාත්ම පියාව සිහි කරන්න. කල්ප බාගයක් පුරා ජීව තම ආදරවන්තයාව සිහි කරමින් සිටියා. ඒ ආදරවන්තයා දැන් පැමිණ සිටිනවා. ඔහු කියනවා: රාග ගින්නේ අසුන්ගෙන සිට දැන් ඔබලා අවලස්සන වෙලා. මා දැන් පැමිණ සිටින්නේ ඔබලා ලස්සන කරවීමටයි. යෝගා ගින්න ඇත්තේ මේ සඳහායි. ඥානයට සෑයක් කියන්නේ නැහැ. යෝග සෑය (ගින්න) කියා කියනවා. යෝග අග්නියේ අසුන් ගෙන සිටීමෙන් ඔබලාගේ පාප දුරු වී යනවා. ගියාන් කියන්නේ ඥානයටයි. ලෝකයේ මුල, මැද හා අග පිළිබඳව පරමාත්ම පියා අපට කියා දෙනවා. ඉහළම ඉහළ කෙනා පරමාත්ම පියායි. පසුව බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර් පැමිණෙනවා. ඉන් පසුව සූර්ය වංශික හා චන්ද්‍ර වංශිකයන් පැමිණෙනවා. ඉන් අනතුරුව අනිකුත් ආගම් අතර මැදින් පැමිණෙනවා. මෙම ගස ලොකුවට වැඩෙනවා. මේ කාලය වන විට මෙම ගසට මුල් මුලක් නැහැ. මෙන්න මේ නිසා තමයි නුග ගස ගැන කියන්නේ. දේවතා ධර්මය අතුරුදහන් වී ගිහින් තම ධර්මයෙන් හා කර්මයෙන් මිනිසුන් දූෂිත වෙලා. උසස් වීම සඳහා ඔය දරුවන් දැන් උසස් ක්‍රියා කරනවා. ඔබ ඔබගේ ඇස් ශිෂ්ඨ සම්පන්න කර ගන්නවා. දැන් තවදුරටත් ඔබලා දූෂිත ක්‍රියා නොකළ යුතුයි. කිසිම නරක බැල්මක් නොතිබිය යුතුයි. තමාව පරීක්සා කර ගන්න: ලක්ෂ්මී විවාහ කර ගැනීමට තරම් මා සුදුසු ද? මම මා ජීවයක් ලෙස සලකා පරමාත්ම පියාව සිහි කරනවාද? සෑම දිනකම තම වාර්තාව පිරික්සා බලා තමාගෙන්ම අසා දැන ගන්න: අද දවස පුරාවට මා ශාරීරික අවධානයට ලක් වී කුමන හෝ පාපයක් කළාද? එසේ කළා නම් 100% දඬුවම් විඳීමට සිදු වේවි. තම ප්‍රගති සටහන පවත්වා ගැනීමට මායා ඔබට ඉඩ තබ න්නේ නැහැ. දවස් දෙකක් තුනක් ලියා පසුව නතර කර දමනවා. පරමාත්ම පියා මේ පිලිබඳව සැලකිලිමත් වෙනවා. ඔහු කාරුණිකයි. ඔය දරුවන් ඔහුව සිහි කළ හොත් ඔබගේ පාප දුරුවේ යැයි කියා ඔහුට හිතෙනවා. මෙයට උත්සාහයක් අවශ්‍යයි. තමාට පාඩු කර නොගත යුතුයි. ඥානය ඉතාමත් පහසුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අම්රිත් වේලාවේදී අවදි වී පරමාත්ම පියා සමඟ සුමධුර කතා බහක නියැලෙන්න. අශාරීරික වීම පුහුණු කරන්න. එකම එක පියාව මිස වෙන කිසිම කෙනෙක් සිහි නොකිරීමට අවධානය යොමු කරන්න.

2. ඔබගේ දැක්ම ඉතාමත් පිරිසිඳු හා පාරිශුද්ධ දෘෂ්ඨියක් කර ගන්න. දිව්‍යමය මල් වත්ත දැන් නිර්මාණය වෙමින් පවතිනවා. එමනිසා, මලක් වීමට සම්පූර්ණ උත්සාහය දරන්න. කටුවක් වන්න එපා.

වරදානය:
ඔබ ඔබ කෙරෙහිම අත්හදා බැලීම් කර බලවත් අවධියක ඔබේ මනසින් සේවය කිරීමේ සහතිකයක් ලබා ගන්න.

ලෝකයට ආලෝකයේ සහ බලයේ ආශිර්වාදය ලබා දීම සඳහා, ඔබ කෙරෙහිම මතකය අත්හදා බැලීමෙන් අම්රිත් වේලාවේදී වාතාවරණය බලවත් කරන්න, එවිට ඔබට ඔබේ මනසින් සේවය කිරීමේ සහතිකයක් ලබා ගැනීමට හැකි වනු ඇත. අවසාන මොහොතේ, අන් අයව එක් බැල්මකින් ඔබ්බට ගෙන යාමේ සහ ඔබේම ආකල්පයෙන් අන් අයගේ ආකල්ප වෙනස් කිරීමේ සේවය කිරීමට ඔබට සිදුවන්නේ ඔබේ මනසින් ය. ඔබ ඔබේ උසස් දැනුවත්භාවයෙන් සෑම කෙනෙකුටම බලවත්ව ලබා දිය යුතුය. මේ ආකාරයෙන් ඔවුන්ට ආලෝකය සහ බලය ලබා දීම පුහුණු වන විට, වාතාවරණය බාධක වලින් නිදහස් වන අතර මෙම බලකොටුව ශක්තිමත් වනු ඇත.

පාඨය:
බුද්ධිමත් ජීවාත්මයක් එකවර සේවා වර්ග තුනක් කරයි: සිතිවිලි, වචන සහ ක්‍රියාවන් හරහා.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

ඔබට තත්පරයකදි මුක්තිය සහ ජීවන-මුක්තිය ලබා ගත හැකි බවට අභියෝගය ඔබ නිකුත් කරයි. මෙය ප්‍රායෝගිකව සිදු කිරීම සදහා, ඔබගේ ස්ව-පරිවර්ථනයේ වේගය, තත්පරයක් බවට ළගා විය යුතුයි. අන් අය පරිවර්ථනය විය යුත්තේ ඔබගේ ස්ව-පරිවර්ථනය තුළින්ය. ඔය බ්‍රහ්ම කුමරුන් ඔවුන්ගේ ආකල්පය, ද්‍රිෂ්ඨිය, ක්‍රියා සහ වචන පරිවර්ථනය කරන බව, ඔවුන් අත්විදිය යුතුයි. මෙය සමගම, පාරිශුද්ධත්වයේ සහ ආධ්‍යාත්මික රාජකීයත්වයේ පෞරුෂත්වයේ අත්දැකීමක්ද ලබා දෙන්න. ඔවුන් පැමිණ ඔබව මුණ ගැසුණු සැනින්, ඔවුන් මෙම පෞරුෂත්වයට ආකර්ෂණය විය යුතුයි.