17.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සූර්ය වංශයේ රාජකීය තත්ත්වයක් දිනා ගැනීම සඳහා තමා සතු සියල්ල පියාට කැප
කරන්න. සූර්ය වංශික රාජකීය තත්ත්වයක් යනු වායු සමීකරණය කරන ලද ස්ථානයකට ප්‍රවේශ
පත්‍රයක් ලබා ගැනීමකි.
ප්‍රශ්නය:
දරුවන් වන ඔබ
තරම් ලෝකයේ සිටිනා වෙනත් කිසිම කෙනෙක් වාසනාවන්ත නොවන්නේ මන්ද?
පිළිතුර:
අසීමිත පියා දරුවන් වන ඔබ ඉදිරිපිටටම පැමිණ සිටියි. ඔබ ඔහුගෙන් අසීමිත උරුමයක් දිනා
ගනියි. මේ මොහෙතේදි, ඔබ අසීමිත පියාට, ගුරුවරයාට හා සත් ගුරුට අයිතිව සිටිමින්
ඔහුගෙන් අසීමිත උරුමයක් උරුම ගර ගනු ඇත. ලෝකයේ සිටිනා මිනිසුන් ඔහු ගැන දන්නේවත්
නැහැ; ඉතින්, ඔවුන් ඔබ තරම් වාසනාවන්ත වන්නේ කෙසේද ?
ගීතය:
ඔබට සමීපව
සිටිනා කෙනා ඉතාමත් වාසනාවන්ත වූ අයෙකි...
ඕම් ශාන්ති.
බ්‍රහමිණ්
වංශයේ සැරසිල්ල වූ දරුවන් ඔබ, තමන් දැන් බ්‍රහමිණ් වංශයට අයත් බවත් දේවතා වංශයේ
කොටස්කරුවෙක් බවට පත්වෙන බවත් දැනගෙන සිටියි. පියා දැන් මෙහි සිට දරුවන් වන ඔබට
උගන්වයි. අසීමිත පියා ඔබ ඉදිරියේ සිටිනා නිසා හා ඔබ ඔහුගෙන් අසීමිත උරුමයක් දිනා
ගන්නා නිසා තවත් මොනවාද ඔබට අවශ්‍ය කරන්නේ? භක්ති මාර්ගය ආරම්භ වූයේ කවදාද කියා
කිසිම කෙනෙක් දන්නේ නැහැ. භක්ති මාර්ගයේ සිටිනා භක්ති වන්තයින් දෙවියන්ව සිහිපත්
කරනවා. එනම්, මනමාළිය මනමාලයාව සිහිපත් කරනවා. කොහොමනමුත්, පුදුමය නම් ඔවුන් ඔහු
ගැන නොදැන සිටීමයි! තමාගේ මනමාලයා කවුදැයි නොදන්නා මනමාළියක් ඔබ කවදා හෝ දැක
තිබෙනවාද? ඇය ඔහුව දන්නේ නැති නම් කොහොමද ඔහුව මතක් කරන්නේ? පරමාත්ම පියා, සියලුම
දෙනාගේම පියායි. දරුවන් පියාව සිහිපත් කරනවා. කොහොමනමුත්, ඔහු පිළිබඳව මනා
අවබෝධයකින් තොරව සිහිපත් කිරීම නිශ්ඵල ක්‍රියාවකි. ඔහුව සිහිපත් කිරීමෙන් ඔවුනට
කිසිම දෙයක් නොලැබුණේ මෙම හේතවු නිසයි. ඔවුන් ඔහුව සිහිපත් කළත් ඒ කිසිම කෙනෙක්
තමන්ගේ අරමුණු හා ඉලක්ක සපුරා ගත්තේ නැහැ. දෙවියන් කියන්නේ කවුද, ඔහුගෙන් තමාට
ලැබුණේ මොනවාද මේ කිසිම දෙයක් ඔවුන් දන්නේ නැහැ. ක්‍රිස්තූස්වහන්සේ, බුදුන්වහන්සේ
වැනි සියලුම ආගමික නායකයන් ආගම් වලට ගුරුහරුකම් දෙන්නන් වන අතර ඔවුන්ගේ අනුගාමිකයන්
ඔවුන්ව සිහිපත් කරනවා. කොහොමනමුත්, ඔවුන් සිහිපත් කිරීමෙන් තමන්ට ලැබෙන්නේ
කුමක්දැයි යන්න ඒ අනුගාමිකයන් දන්නේ නැහැ. භෞතික අධ්‍යාපනයක් එයට වඩා යහපත් විය
හැකියි. අවම වශයෙන් තමන්ගේ අවසාන ඵලය කුමක්ද යන්න ගැනවත් ඔවුන්ගේ සිහියේ යමක්
තිබෙනවා. ඔබට පියාගෙන් ලැබෙන්නේ මොනවාද? ගුරුවරයාගෙන් ලැබෙන්නේ මොනවාද? වෙන කිසිම
කෙනෙක්ට මෙය තේරුම් ගන්න බැහැ. මෙහිදී පළමුවෙන්ම ඔබ පියාට අයත් වෙනවා. පසුව
ගුරුවරයාටත් ඉන් අනතුරුව සත්ගුරුටත් අයත් වෙනවා. ගුරු කෙනෙක් ගුරුවරයාටත්, පියාටත්
වඩා උසස්ය. තමන් පියාට අයත්ය යන විශ්වාසය දැන් දරුවන් වන ඔබ තුළ තිබෙනවා. බාබා
හරියටම මීට වසර 5000කට පෙර කළ ආකාරයෙන්ම නැවතත් වතාවක් පැමිණ අපව ලෝකයේ හිමිකරුවන්
බවට පත්කරවනවා. සාම දේශයේ හිමිකරුවන් බවට පත් කරවනවා. පියා කියනවා ආදරණීය දරුවනි,
ඔබ මගෙන් ඔබට අයිති උරුමයන් දිනා ගනු ඇති, එහෙම නේද? සෑම කෙනෙක්ම කියනවා ඔව් බාබා!
ඇයි අපි එය ලබා නොගන්නේ? හොඳයි ඔබ කැමති ද වංශයේ රාජකීිය තත්ත්වයක් ලබා ගන්න? පියා
ත්‍යාගයක් රැගෙන විත් තිබෙනවා. ඔබ සුර්ය වංශයේ ලක්ෂ්මිද විවාහ කර ගන්නේ, නැත්නම්
චන්ද්‍ර වංශයේ සීතාවද? අඩුම තරමින් තම මුහුණ දෙසවත් බලන්න! ශ්‍රී නාරායන හෝ ශ්‍රී
ලක්ෂ්මි විවාහ කර ගැනීමට තරම් ඔබ සුදුසුද? එලෙස සුදුසුතාවයක් ලබා ගන්නේ නැතිව ඔබ
කෙහොමද ඔවුන් විවාහ කර ගන්නේ? පියා දැන් පසුගිය කල්පයේදීත් කළ ආකාරයෙන්ම නැවතත්
වතාවක් මෙහි සිට සියලු දෙයම පැහැදිලි කර කියා දේ. ඔබ නැවත වතාවක් අපට උගන්වනවා. ඔබ
නැවත වතාවක් ඔබගේ උරුමය දිනා ගැනීමට පැමිණ තිබෙනවා. ඔබගේ අරමුණ හා ඉලක්කය වන්නේ
අසීමිත පියාගෙන් අසීමිත උරුමයක් දිනා ගැනීමයි. එය සූර්යවාංශික රාජකීය තත්ත්වයයි.
චන්ද්‍රවංශය දෙවෙනි ස්ථානයට තිබෙන්නක්. විවිධ මට්ටම් තිබෙනවා වායු සමීකරණය කරන ලද
පළමු පෙළ හා දෙවනි පෙළ ආදි වශයෙන්. එමනිසා, සත් යුගයේ සම්පූර්ණම අධිරාජ්‍යම
වායුසමීකරණය කරන ලද එකක් වශයෙන් සලකන්න. පසුව පළමු පෙළ ඒවා තිබෙනවා. පියා කියනවා
දැන් සූර්යවංශයේ වායු සමීකරණය කරන ලද අධිරාජ්‍යක් දිනා ගන්නවාද, නැතිනම්
චන්ද්‍රවංශයේ පළමු පෙළ එකක් දිනා ගන්නවාද? එයටත් පහළට වැටෙනවා යනු දෙවන පෙළ අනු
පිළිවෙලක් ලබා ගැනීමයි. එවිට ඔබ පසු අවදියක පැමිණ අධිරාජ්‍යයේ පාලනය භාරගනු ඇත.
නැතිනම් තෙවෙනි පන්තියේ පුරවැසියන් වෙනුවෙනුත් ප්‍රවේශපත්‍ර වෙන් කර තිබෙනවා. පළමු
පෙළ, දෙවෙනි පෙළ වශයෙන් විවිධ වූ පන්ති තිබෙනවා. කොහොමනමුත්, එහිදි සතුටක් තිබෙනවා.
පෙට්ටි කිහිපයක් තියෙනවා. ධනවත් කෙනෙක් වායු සමීකරණය කරන ලද කොටසකට ප්‍රවේශ පත්‍ර
ලබා ගනීවි. ඔබ අතරින් වඩා ධනවත් වන්නේ කවුද? තමා සතු සියල්ල පියාට ලබා දුන් අයයි.
’බාබා මේ සියල්ලම ඔබගේයි’. ’ව්‍යාපාරිකයා, අභරණ වෙළෙන්දා හා විජ්ජාකරු’ යන නාමයන්
දී තිබෙන්නේ භාරතයේ පමණයි. මේ සියල්ල පියාට අයත් කීිර්ති නාමයනුයි. ක්‍රිෂ්ණාගේ නම
නොවෙයි. ක්‍රිෂ්ණා තමාගේ උරුමය දිනාගෙන, සත් යුගයේ තම ත්‍යාගය දිනා ගත්තා. ඔහුද
පියාට අයත්ව සිටියා. ඔහු කොහිදී හෝ එම ත්‍යාගය ලබන්න ඇති. ලක්ෂ්මි හා නාරායන
ඔවුන්ගේ ත්‍යාගය සත් යුගයේදි ලබනවා. ඔවුන් අනිවාර්යෙන්ම තමන්ගේ ත්‍යාගය අතිතයේදී
නිර්මාණය කරගත යුතුමය යන්න ඔබ දැන් ඉතා පැහැදිලිව වටහාගෙන තිබෙනවා. නේරුතුමා විසින්
ලබා ගත් දේ ඉතාමත් හොඳයි! ඔහු අනිවාර්යෙන්ම යහපත් ක්‍රියා කර ඇති. ඔහු භාරතයේ
කිරුළක් නොමැතිව සිටි අධිරාජ්‍යවරයෙකි. භාරතය ගැන සඳහන්වූණු කීර්ති ප්‍රශංසා
රාශියක් තිබෙනවා. භාරතය තරම් උසස් වූ දේශයක් වෙන කොතැනකවත් නැහැ. උත්තරිතර පියාගේ,
උත්තරීතර ජීවාත්මයේ උපන් ස්ථානය භාරතයයි. මෙම රහස කිසි කෙනෙකුගේ සිහියේ රැෙඳන්නේ
නැහැ. කල්ප භාගයක් පුරාවටම සාමය හා සතුට ලබා දෙන්නේ උත්තරීතර ජීවය පමණයි. භාරතය
පළමු ගණයේ වන්දනා ස්ථානයයි. කොහොමනමුත්, නාටකයට අනුව එකම එක පියා අමතක කර දැමූ නිසා
දැන් ලෝකයටම සිදු වී ඇති දෙය කුමක්දැයි සිතා බලන්න! ශිව බාබා නැවත වතාවක් පැමිණ
තිබෙන්නේ අන්න ඒ නිසායි. කවුරු හෝ කෙනෙක් මෙයට උපකරණය බවට පත්වෙනවා. පියා කියනවා
දැන් අශාරීරික වන්න! තමන් ජීවාත්මයක් යන විශ්වාසය තබා ගන්න. ජීවාත්ම වන තමන් කාගේ
දරුවන්ද යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. එය මහත් පුදුමයක්! ඔවුන් කියනවා ඕ දෙවි
පියාණනි, අපට අනුකම්පා කරන්න! මිනිස්සු ශිවාගේ උපන් දිනය සැමරුවත් ඔහු පැමිණෙන්නේ
කවදාදැයි කියා දන්නේ නැහැ. මෙය වසර 5000ක කරුණක්. සත් යුගය නම් වු නව ලෝකය ස්ථාපනය
කරන්නේ පියා පැමිණි විට පමණයි. සත් යුගයේ කාල පරාසය වසර සිය දහස් ගණනක දෙයක්
නොවෙයි. ඝණ අන්ධකාරය පවතිනවා. බොහේ දෙනා පැමිණ ගිතාවේ පණිවිඩයට ඇහුම් කන් දෙනවා.
කොහොමනමුත්, එය ඉගෙන ගන්නා අයවත්, උගන්වනා අයවත් ඉන් කිසිම දෙයක් තේරුම් ගන්නේ
නැහැ. පියා සෑම දෙයක්ම ඉතා පැහැදිලිව කියා දෙනවා. පියාව පමණක් සිහිපත් කරන්න! නිවසේ
ජිවත් වන අතරේ නෙළුම් මලක් මෙන් පාරිශුද්ධව වසන්න. සියලුම ආභරණ විෂ්ණුට දී තිබෙනවා.
හක් ගෙඩිය හා මල ද ඔහුට දී තිබෙනවා. ඇත්තෙන්ම කියනවා නම් ඒවා දේවතාවන්ට දෙන්න බැහැ.
මේවා එතරම් ගැඹුරු හා වැදගත් කරුණුයි! ඒවා බ්‍රහමිණ් වරුන්ගේ ආභරණයි. නමුත් ඒවා
බ්‍රහමිණ් වරුන්ට ලබා දෙන්නේ කෙසේද ? අද ඔවුන් බ්‍රහමිණ් ලෙස සිට හෙට දවස තුළ ඔවුන්
ශුද්‍රයින් බවට පත් වෙනවා. බ්‍රහ්ම කුමාරයෙක් ශුද්‍ර කුමාරයෙක් බවට පත් වෙනවා.
මායාට වැඩි වෙලාවක් ගත වන්නේ නැහැ. වැරැද්දක් කර පියාගේ ශ්‍රීමත් අනුගමනය නොකළොත්,
ඔබගේ බුද්ධිය නරක් වුණොත්, මායා ඔබට ඉතාමත් තදින් පහර දි ඔබගේ මුහුණ වෙනතකට යොමු
කරනවා. මිනිස්සු තරහ ගිය විට ඔබගේ මුහුණ අනෙක් පැත්ත හැරෙන්න තමයි ගහන්නේ කියලා
කියනවා! මායාත් ඒ වගේමයි. පියා අමතක කළ විට එක තත්පරයකින් මායා පැමිණ ඔබට පහර දෙන
අතර ඔබගේ මුහුණ වෙනතකට හරවනවා. ඔබ එක් තත්පරයකින් ජීවන මුක්තිය ලබා ගන්නවා. එම ජීවන
මුක්තිය මායා එක තත්පරයකින් විනාශ කර දමනවා. මායා ඉතාමත් හොඳ දරුවන් රාශියක් එලෙස
අල්ලා ගන්නවා. කෙනෙක් වැරැද්දක් කරනවා දුටු සැනින්ම ඇය ඔහුට පහර දෙනවා. පියා පැමිණ
ඔබගේ මුහුණ පැරණි ලෝකයෙන් අනිත් පැත්තට හරවනවා. පැරණි ගෙයක වාසය කරමින් සිටි දිළිඳු
පියෙක් නව නිවසක් සාදන විට, අළුත් නිවස ඉක්මනින් සුදානම් වී තමන් පැරණි නිවස කඩා
දමා අළුත් නිවස වෙත යනවා වැනි හැඟීමක් දරුවන්ගේ සිතට නැඟෙනවා. පියා දැන් දරුවන් වන
ඔබ වෙනුවෙන් පාරාදීසය තම අත්ල මත තබාගෙන පැමිණ සිටිනවා. ඔහු කියනවා ආදරණිය දරුවනි!
ඔහු කතා කරන්නේ ජීවාත්මයන්ටයි. ඔහු මෙම ඇස් මඟින් දරුවන් වන ඔබව දකිනවා. පියා
පැහැදිලි කර කියා දෙනවා මමත් නාටකයට යට වී සිටින්නෙක්. නාටකයෙන් තොරව මට ඕනැම දෙයක්
කරන්න පුළුවන් කියා දෙයක් නැහැ. දරුවෙක් ලෙඩ වු විට එම දරුවාගේ ලෙඩ සනීප කරවන්න හෝ
ශෛල්‍යකර්මය නතර කරවන්න හෝ මට පුළුවන් කියා දෙයක් නැහැ. සෑම කෙනෙක්ම තමන්ගේ කර්ම වල
විපාක විඳිය යුතුයි. පැරණිතම අය වන්නේ ඔබ වන නිසා ඔබ මත සෑහෙන බරක් පැටවී තිබෙනවා.
සතෝප්‍රධාන්ව සිටි ඔබ දැන් තමෝප්‍රධාන් වී තිබෙනවා. දරුවන් වන ඔබ පියාව සොයාගෙන
සිටිනා අතර දැන් ඔහුගෙන් උරුමය දිනා ගනිමින් සිටියි. ඔබ එය දන්නවා. නාටකයේ හැටියට
සෑම කල්පයකදීම ඔබ තමාගේ උරුමය දිනා ගන්නවා. සුර්ය වංශයට හා චන්ද්‍ර වංශයට අයත් අය
අනිවාර්යෙන්ම පැමිණේවි. දේවතාවන් වශයෙන් සිටි අය ශුද්‍රයින් බවට පත් වී පසුව
අනිවාර්යෙන්ම බ්‍රහමින්වරුන් බවට පත් වී දේවතා වංශයේ කොටස්කරුවන් වනු ඇත. පියා හැර
වෙන කිසිම කෙනෙක්ට මේ දේවල් ඔබට කියා දෙන්න බැහැ. පියා දරුවන් වන ඔබ ඉතාමත් මිහිරි
අය වශයෙන් දකිනවා! ඔහු කියනවා ඔබ සියලු දෙනා මීට පෙර කල්පයේත් සිටි දරුවන්මයි. මම
සෑම කල්පයකදීම පැමිණ ඔබට උගන්වනවා. මේවා එතරම්ම පුදුම සහගත කරුණුයි! අශාරීරික පියා
කතා කරනවා. ඔහු කතා කරන්නේ ශරීරයක් හරහායි, එහෙම නේද? ජීවයක් තම ශරිරයෙන් ඉවත් වූ
විට එම ජීවයට කතා කළ නොහැකියි. ජීවය බැඳීම් අත් හරිනවා. පියා දැන් කියනවා ඔබ
අශාරීරික වේවා! හුස්ම හිර කර ගන්න අවශ්‍ය නැහැ. නැහැ, තමන් අවිනාශි ජීවයක්ය යන්න ඔබ
තේරුම් ගත යුතුයි. උපත් 84ක චරිත කොටසක් ජීවාත්මය නම් වූ මා තුළ පටිගත වී තිබෙනවා.
පරමාත්ම පියාම කියනවා මාගේ ජීවය විසින්ම කරනා සෑම ක්‍රියාවක්ම මා තුළ පටිගත වී
තිබෙනවා. භක්ති මාර්ගයේදිත් මගේ කොටස දිගටම කරගෙන යනවා. පසුව දැනුම් මාර්ගයේදි මම
පැමිණ ඔබට දැනුම ලබා දෙනවා. භක්ති මාර්ගයේ සිටිනා අයගේ මොනම දැනුමක්වත් නැහැ.
කවදාවත් මත්පැන් පානය නොකළ කෙනෙක් එහි රසය දන්නේ කෙසේද ? දැනුම ගත් විට පමණයි ඔහුට
එය දැන ගත හැකි වන්නේ. දැනුමෙන් මුක්තිය ලැබෙනවා. එමනිසා, මුක්තිය ලබා දෙන්නේ
අනිවාර්යෙන්ම දැනුම් සාගරය විය යුතුයි. පියා කියනවා මම සියලු දෙනාටම මුක්තිය ලබා
දෙන්නායි. සර්වෝද නායකයෙක් (සෑම කෙනෙක් වෙනුවෙන්ම අනුකම්පා කරන්නෙක්) සිටිනවා.
නොයෙකුත් ආකාරයේ අය සිටිනවා. ඇත්තෙන්ම කියනවා නම් එකම එක පියාට පමණයි සෑම කෙනෙක්
වෙනුවෙන් අනුකම්පා කළ හැකි වන්නේ. ඔවුන් පියාට කියනවා ඕ දෙවියනි, අපට අනුකම්පා
කරන්න! එමනිසා, සියලු දෙනා වෙතම අනුකම්පාවක් ඇත්තා ඔහුයි. අන් සෑම කෙනෙක් ලඟම ඇත්තේ
සීිමිත අනුකම්පාවක් පමණයි. පියා මුළු ලෝකයම සතෝප්‍රධාන් කරවනවා. පංච මහා භූතයින්
සතෝප්‍රධාන් වෙනවා. මෙය උත්තරීතර ජීවයේ කාර්යයි. ’සර්වෝදය’ යන්නෙහි අර්ථය ඉතාමත්
පුළුල් එකක්. ඔහු සෑම කෙනෙක්ටම අනුකම්පා කරනවා. ස්වර්ගය ස්ථාපනයේදි කිසිම කෙනෙක්
අසතුටින් නැහැ. එහි පළමු ගනයේ ලී බඩු සහ භෞතික සැප පහසුකම් සියල්ලම තිබෙනවා. කිසිම
කෙනෙක්ට දුකක් ඇති කරවන කිසිම ආකාරයක සතා සිව්පාවෙක් හෝ කුරුමිණියෙක්වත් එහි නැහැ.
මෙහි සිටින ඇතැම් වැදගත් පුද්ගලයින්ගේ නිවෙස්වල ඉතාමත් හොඳ පිරිසිඳු බවක් තිබෙනවා.
මැස්සෙක් දකින්නවත් නැහැ. මදුරුවෙක්ට එන්න තැනක්වත් නැහැ. ඒ කිසිම කෙනෙකුට ස්වර්ගය
වෙත එන්න ශක්තියක් නැහැ. අපිරිසිඳුතාවක් ඇති කරවන ආකාරයේ කිසිම දෙයක් එහි නැහැ.
මල්වල පවා තිබෙන්නේ ස්වභාවික සුගන්ධයක්. බාබා ඔබට සූක්‍ෂම ලෝකයේ පානය සඳහා බීම ලබා
දෙනවා. කොහොමනමුත්, සූක්‍ෂම කලාපයේ කිසිම දෙයක් නැහැ. ඒ සියල්ල දර්ශන පමණයි. මෙහි
සිටිනා අතර ඔබට දර්ශන ලැබෙනවා. ගීතය ඉතාමත් හොඳයි. තමන් දැන් පියාව සොයාගෙන සිටිනවා
යන්න ඔබ දන්නවා. ඉතින් තවත් මොනවද ඔබට අවශ්‍ය? ඔබ අසීමිත පියාගෙන් අසීමිත උරුමයක්
දිනා ගන්නවා. එමනිසා, ඔබ පියාව සිහිපත් කළ යුතුයි. පියාගේ උපදෙස් ඉතාමත්
ප්‍රසිද්ධයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් අපි ඉතාමත් උසස් තත්ත්වයකට පත් වනු ඇත. අන්
සෑම දෙයක්ම එක් එක් අයගේ යක්ෂ උපදෙස්ය. සත් යුගයේදි නිරන්තර සතුටක් තිබුණාය යන්න
ඔවුන් නොදන්නේ අන්න ඒ නිසායි. ලක්ෂ්මි හා නාරායනගේ අධිරාජ්‍යයක් තිබුණා. ඔවුන්ගේ
ළමා කාලයේදී ඔවුන් රාධේ හා ක්‍රිෂ්ණා වෙනවා. ඔවුන්ගේ දිව්‍ය ක්‍රියාකාරකම් කිසිවක්
මිනිසුන් සිතුවමට නඟන්නේ නැහැ. සත් යුගයේදි ළමුන් ඉතාමත් හොඳයි, මුරණ්ඩුකම් කිසිවක්
එහිදි ඇති වන්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ දැන්
පැරණි ලොවින් මුහුණ ඉවතට හරවාගෙන සිටින නිසා එම මුහුණ නැවත වතාවක් තමා දෙසට හරවා
ගැනීමට මායාට ඉඩ සලස්වන අයුරින් කිසිම වැරැද්දක් නොකළ යුතුයි. ශ්‍රීමත් වලට අකීකරු
වෙන්න එපා. පියාගෙන් තම සම්පූර්ණ උරුමය දිනා ගන්න.
2. තමා සතු සෑම
දෙයක්ම පියා වෙනුවෙන් කැපකරන්න. නියම උරුමකරුවෙකු බවට පත් වී සත් යුගයේ වායු
සමීකරණය කරන ලද ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න. තම අරමුණ හා ඉලක්කය සිහියේ තබා ගනිමින්
උත්සාහය දරන්න.
වරදානය:
ඔබේම මුල්
අවධියෙන්, අව්‍යක්ත අවධිය පුහුණු වීමෙන්, සියලු අහිතකර අවස්ථාවන්ට මුහුණ දීමට ඔබට
හැකි වේවා.
ඔබ අව්‍යක්ත අවධිය
පුහුණු වීමේ පුරුද්ද නිර්මාණය කරන විට, ඔබට ඔබේ මුල් අවධියෙන් සියලු අවස්ථාවන්ට
මුහුණ දීමට හැකි වනු ඇත. මෙම පුරුද්ද ඔබව අධිකරණයට යාමෙන් ගලවා ගනු ඇත. එබැවින්, ඔබ
මෙය ඔබේ ස්වාභාවික පිළිවෙත සහ ස්වභාවය බවට පත් කළ විට, ස්වාභාවික විපත් ඇති වේ.
මෙයට හේතුව ඔබ සියලු අවස්ථා ජය ගැනීමට සහ සියල්ලට මුහුණ දීමට බලය ලබා ගත් විට, තිර
රෙදි විවෘත වන බැවිනි. මේ සඳහා, ඔබේ පැරණි පුරුදු, සංස්කාර සහ තත්ත්වයන් සඳහා ඔබට
සම්පූර්ණ නිරාශාව තිබිය යුතුය.
පාඨය:
සෑම දෙයක්ම
කරන අතරතුර ඔබ උපකරණයක් ලෙස සලකන්න, එවිට ඔබ කිසිදු ක්‍රියාවක් කරන අතරතුර වෙහෙසට
පත් නොවනු ඇත
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
පිරිසිදු හදවත් ඇති
දරුවන් කෙරෙහි බාප්දාදාට බොහෝ සෙනහසක් ඇත. පිරිසිදු හදවත් ඇති අය නිරන්තරයෙන්
බාප්දාදාගේ හෘද සිංහාසනයේ වාඩි වී සිටිති. ඔවුන්ගේ ආකල්ප, දැක්ම, වචන, සබඳතා සහ
සම්බන්ධතා තුළ, ඔවුන් සෑම කෙනෙකුටම එක හා සමානව පහසු, සරළ සහ පැහැදිලි බව පෙනේ.
පහසුවෙහි ලකුණ නම් ඔබේ හදවත, හිස සහ වචන සමාන වීමයි. ඔබේ හදවතේ එක දෙයක් සහ ඔබේ වචන
වල වෙනත් දෙයක් තිබීම පහසුවෙහි ලකුණක් නොවේ. පහසු ස්වභාවයක් ඇති අය නිරන්තරයෙන්
නිහතමානී හදවත් ඇති, නිරහංකාර සහ පරාර්ථකාමී ය. ඔවුන්ට පහසු සහ සරළ හදවත් ඇත; ඔවුන්
සරළ වචන කතා කරන අතර සරළ ආකල්පයක් සහ දැක්මක් ඇත.
මාතේශ්වරීගේ අමිල,
ශ්‍රේෂ්ඨ වදන්
මනුෂ්‍ය ලෝකයේ, දේවතා
ලෝකයේ මෙන්ම අවතාර සහ භූතාත්මයන්ගේ ලෝකයේ ව්‍යාප්තිය.
බොහෝ මිනිසුන්ට මෙම
ප්‍රශ්නය තිබේ අප අවතාර ලෙස හඳුන්වන අපවිත්‍ර මනුෂ්‍ය ජීවාත්ම ගැන කතා කරන විට, ඒවා
සැබෑවක්ද, හිතළුවක්ද? නැත්නම් සැකයක් පමණක්ද? අද පැහැදිලිව විස්තර කෙරෙන්නේ,
මනුෂ්‍ය ජීවාත්ම පාපකාරී ක්‍රියා සිදු කරන විට, ඔවුන්ට බොහෝ අන්දමේ වද වේදනා විඳීමට
සිදුවනවා, එමෙන්ම ඔවුන් ඒවා විඳිය යුත්තේ මනුෂ්‍ය උපතකදීය, සතෙක්, පක්ෂියෙක් හෝ
වෙනත් සත්ත්ව කොට්ඨාශයකදි නොවෙයි. මනුෂ්‍යයෙක් සෑම විටම මනුෂ්‍යයෙක් පමණක් වෙයි.
මනුෂ්‍යයෙකුගේ ජීවාත්මය, සත්වයෙකුගේ ජීවාත්මයට වඩා වෙනස්ය. මනුෂ්‍යයෙක් කිසිම විටෙක
සත්වයෙක් නොවන අතර සත්වයෙක් කිසිම විටෙක මනුෂ්‍යයෙක් වන්නේ නැත. ඔවුන්ගේ ලෝකය
ඔවුන්ගේම වන අතර මනුෂ්‍ය ජීවාත්මයන්ගේ මේ ලෝකය අපගේමයි. සත්වයන්ට වඩා මනුෂ්‍ය
ජීවාත්මයන්ට සතුට සහ දුක අත්විඳීමට ඇති හැකියාව වැඩිය. අප පිවිතුරු ක්‍රියා සිදුකර
ඇති විට, අප මනුෂ්‍ය සිරුරු තුළින් සතුට අත්විඳින බැවින්, දුක අත්විඳින්නේද
අනිවාර්යෙන් මනුෂ්‍ය සිරුරු තුළින්ය. මෙම ඥානයට සවන් දෙන බුද්ධි තිබෙන්නේද සත්වයන්
තුළ නොවෙයි, මනුෂ්‍යයන් තුළයි. එබැවින් මෙම ලෝක නාටකයේ ප්‍රධාන චරිත කොටස් තිබෙන්නේ
මනුෂ්‍යයන්ටයි. සත්වයන් සහ කුරුල්ලන් ලෝක නාටකයේ සුන්දරත්වය වගෙයි. ස්වර්ණමය යුගයේ
ආරම්භයේ සිට කලි යුගයේ අවසානය දක්වා, මුළු චක්‍රය තුළ ඔය මනුෂ්‍ය ජීවාත්ම උපත් 84ක්
ගෙන තිබේ, නමුත් මිලියන 8.4ක උපත්, විවිධ සතුන් සහ කුරුල්ලන්ගේ විය හැක. පරමාත්ම
දෙවියන් හැර වෙනත් කිසිවෙකුට මෙම රහස අපට පහදා දීමට හැකි වන්නේ නැත. ජීවාත්මයන්ගේ
වාසස්ථානය, බ්‍රහම් තත්ත්වයයි, එනම්, අශාරීරික ලෝකයයි. සතුන්ගේ ජීවාත්ම වලට බ්‍රහම්
තත්ත්වයට යා නොහැක; ඔවුන් තම චරිත කොටස් රඟපාන්නේ මෙම විශ්වය ඇතුලතයි. ඔවුන්ටද මුසු
වීමේ සහ මතුවීමේ කොටස් සහ සතෝ, රජෝ හා තමෝ තත්ත්ව තුළින් යාමේ කොටස් තිබේ, මේ නිසයි
අප පදාර්ථවල ව්‍යාප්තිය තුළට වැඩිපුර නොයා, ප්‍රථමයෙන් අපගේ ජීවාත්ම වලට යහපතක්
සිදුකළ යුත්තේ, එනම්, ‘මන්මනභාව්’යි. දැන් අප මනුෂ්‍ය ජීවාත්ම ගැන බලමු. අපවිත්‍ර
ක්‍රියා සහ පාපයන් සිදු කරන ජීවාත්ම ඔවුන්ගේ අපවිත්‍ර සංස්කාර වලට අනුව උපත් සහ මරණ
චක්‍රය තුළට පැමිණෙයි. ආරම්භයේ සිට මැද හරහා අවසානය දක්වා, එනම්, මරණ මොහොත දක්වා,
ඔවුන් සිදු කළ පාපක්‍රියා වල දර්ශන ඔවුන්ට ලැබී සූක‍්ෂම අන්දමකින් ඔවුන් දඬුවම්
අත්විඳියි. කෙටි කලකදි බොහෝ උපත් ගණනාවක දුක අත්විඳ ඉන්පසුව ශරීර හැර ගොස් මව් කුසක
සිරගෙයක් තුළ තව දුරටත් දුක්විඳියි. ඉන්පසුව ඔවුන්ගේ සංස්කාර වලට අනුව එවන්
දෙමාපියන්ට දාව උපත ලබා, එහිදි ඔවුන්ගේ එම ජීවිතයේ සතුට සහ දුක අත්විඳියි. මෙය මුල,
මැද සහ අවසානය ලෙස හැඳින්වෙනවා. කෙසේවෙතත්, සමහර ජීවාත්ම සිරුරු නොගෙන, ඔවුන්ගේ
සූක‍්ෂම සිරුරු වලින් අවතාර ලෙස මෙම විශ්වය තුළ සැරිසරයි. මෙයත් දඬුවම් විඳීමේ
ස්වරූපයකි, එනම්, දුක් විඳීමේ ස්වරූපයක්. එම අපවිත්‍ර ජීවාත්මයට තවත් ජීවාත්මයක්
සමඟ යම් කර්මික ගිණුමක් තිබේ, එමනිසා, එම ජීවය තුළ අවතරණය වී, එම ජීවාත්මයට දුක ගෙන
දෙයි, එනම්, ඔහුගේ කර්මික ගිණුම පියවා ඉන්පසුව ගොස් වෙනත් සිරුරක් ගනී. සමහර
මනුෂ්‍ය ජීවාත්ම ඔවුන් ඇතුළු වන පුද්ගලයාට පහර දෙයි, ඔවුන් එම පුද්ගලයාට බොහෝ වේදනා
ගෙන දෙයි. කෙසේවෙතත්, මෙයත් කර්මික ගිණුම් පියැවීමේදි වේදනා විඳින ආකාරයකි. එබැවින්
සියලු දෙනාම සතුට සහ දුක අත්දකින්නේ මනුෂ්‍ය ශරීර තුළ පමණයි. මුක්ති දේශයේ සිට මෙම
ශාරීරික නාටකයට පැමිණෙන ජීවාත්මයන්ට අතරමැදදි ආපසු මුක්ති දේශයට යා නොහැකි බව, ඔබට
පහදා දී තිබේ. ඔවුන් සිදුකර ඇති පිවිතුරු හෝ අපවිත්‍ර ක්‍රියා වලට අනුව ඔවුන් සතුටේ
හෝ දුකෙහි සංස්කාර ගෙන, සතුට සහ දුකෙහි චක්‍රය තුළට පැමිණෙයි. සියලුම ජීවාත්ම
පුනරුත්පත්ති ගන්න නමුත් එසේ නොකරන්නේ පරමාත්ම දෙවියන් පමණයි. අච්චා.