17.08.25    Avyakt Bapdada      Sinhala Murli     16.11.2006    Om Shanti    Madhuban


ඔබගේ ස්ව-අභිමානයේ ගරුත්වය පවත්වාගන්න, කාලයේ වැදගත්කම දැන නිති-සූදානමින් සිටින්න.


අද දින, සෑම තැනකම සිටින, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබීමට සුදුසු සහ ස්ව-අභිමන් අසුනේ තැන්පත්ව සිටින දරුවන්ව බාප්දාදා දකිනවා. සියලුම දරුවන් ඔවුන්ගේ ආසන මත තැන්පත්ව සිටින නමුත් ඇතැම් දරුවන් ඒකාග්‍රතාවයේ මනෝ ස්ථිතියේ තැන්පත්ව සිටින නමුත් සමහර දරුවන් ඔවුන්ගේ සිතිවිලි වලින් ටිකක් කලබල වී සිටිනවා. වත්මන් කාලයට අනුව බාප්දාදා දකින්න ප්‍රිය කරන්නේ, සෑම දරුවෙක්ම නිරන්තරයෙන් ඒකාග්‍රතාවයේ ස්වරූපයකින් සහ ස්ව-අභිමානයේ ප්‍රතිමූර්තියක් ලෙසටයි. ඔය සියලුම දරුවන්ටත් අවශ්‍ය වන්නේ ඒකාග්‍රතාවයේ මනෝ ස්ථිතියේ ස්ථාවරව සිටීමටයි. ඔබ සියලු ආකාරයේ ස්ව-අභිමාන ගැන දන්නවා, එමෙන්ම ඔබ ඒවා ගැන සිතයි, නමුත් විටෙක ඔබ ඔබගේ ඒකාග්‍රතාවය චංචල කරගනී. ඔබට නිරන්තර ස්ථාවර ස්ථිතියක් තිබෙන්නේ ඉතා අඩුවෙනි. ඔබ එය අත්විඳියි, එමෙන්ම මෙම ස්ථිතිය තිබීමටත් ඔබට අවශ්‍යයි, නමුත් එය විටෙක පමණක් වන්නේ ඇයි? එයට හේතුව කුමක්ද? එය නිරන්තර අවධානය යොමු කිරීම නොමැති වීමයි. ඔබගේ ස්ව-අභිමන් කරුණු වල ඔබ ලැයිස්තුවක් සාදන්නේ නම්, එය ඉතා දීර්ඝ එකක් වෙයි. ප්‍රථම ස්ව-අභිමානය වන්නේ ඔබ සිහි කරමින් සිටි පියාගේ ඍජු දරුවන් වීමය; ඔය සෑම කෙනෙක්ම ඔහුගේ අංක එකේ දරුවෙකි. බාප්දාදා සෑම තැනකින්ම, කෝටි ගණනකින් අතලොස්සක් වන, ඔය සියලුම දරුවන්ව තෝරාගෙන, ඔහුට අයත් කරගෙන තිබේ. මහද්වීප පහෙන්ම, පරම පියා ඔය දරුවන්ව ඔහුට ඍජුවම අයත්කර ගත්තා. මෙය ඉතා ශ්‍රේෂ්ඨ ස්ව-අභිමන් කරුණකි. ලෝක නිර්මාණකරුගේ ප්‍රථම නිර්මාණය ඔබයි. ඔබ මෙම ස්ව-අභිමානය දන්නවා නේද? බාප්දාදා සමගම, ඔහු ඔය සියලුම දරුවන්ව මුළු ලෝකයේම ජීවාත්මයන්ගේ ආදි මුතුන් මිත්තන් බවට පත් කර තිබේ. ඔබ ලෝකයේ ආදි මුතුන්මිත්තන්ය; ඔබ වන්දනීයත්වයට සුදුසුයි. බාප්දාදා ඔය සෑම සියලු දරුවෙක්ව, ලෝකයට ආධාරක මූර්තියක් සහ නිදසුනක් බවට පත්කර තිබේ. ඔබට මෙම කුල්මත් බව තිබෙනවාද? එය විටෙක සුළුවෙන් අඩුවෙයි. ඒ ගැන සිතන්න. එය වඩාත්ම මිල කළ නොහැකි සිංහාසනයයි; එය, මුළු චක්‍රය පුරාම වෙනත් කිසිම කෙනෙකුට ලබාගත නොහැකි වඩාත්ම වටින සිංහාසනයකි. ඔය සෑම කෙනෙකුටම පරමාත්ම දෙවියන්ගේ සිහසුන, ආලෝක කිරුළක් සහ අවධානයේ තිලකයක් ලබා දී ඇත. ඔබට මතකද: “මම කවුද? මගේ ස්ව-අභිමානය කුමක්ද?” ඔබට කුල්මත් බවක් දැනෙනවා නේද? එම ස්වර්ණමය යුගී සිහසුන කෙතරම් මිල කළ නොහැකි වටිනා එකක් වුනත්, පරමාත්ම දෙවියන්ගේ හදවත් සිංහාසනය ලැබෙන්නේ ඔය දරුවන්ට පමණයි.

බාප්දාදා අවසාන දරුවාව පවා සෑම විටම දකින්නේ, දේවතාවක් වීමට සිටින සුරදූතයෙක් ලෙසයි. මේ මොහොතේ, ඔබ බ්‍රහ්මින් කෙනෙකි, බ්‍රහ්මින් කෙනෙකුගෙන් ඔබ සුරදූතයෙක් වී, සුරදූතයෙකුගෙන් ඔබ දේවතාවක් විය යුතුයි. ඔබගේ ස්ව-අභිමානය ඔබ දන්නවාද? ඔබට ශරීර අවධානය සහ ඔබගේ සිරුරේ අහංකාරකම තිබෙන්නේ ඔබගේ ස්ව-අභිමානය අමතක වන නිසා බව, බාප්දාදා දන්නවා. ඔබ තවමත් අසහනයට පත්වෙයි. ඔබ ශරීර අවධානයට පත් වූ විට හෝ ඔබට ශරීරයේ අහංකාරකම තිබෙන විට, ඔබ බොහෝ අසහනයට පත්වන බව බාප්දාදා දකිනවා. ඔබ සියලු දෙනාම මෙය අත්දකිනවා නේද? ඔබගේ ස්ව-අභිමානයේ ගරුත්වය තබා ගැනීම සහ ඔබගේ ස්ව-අභිමානයේ නොසිටීමෙන් අසහනයට පත්වීම - ඔබ මේ දෙකම දන්නවා. සියලුම දරුවන් අතරින්, ඔබගෙන් වැඩි දෙනෙක් ඉතා හොදින් දැනුමින්-පිරිපුන් වී ඇති බව බාප්දාදා දකිනවා, නමුත් සියලු බලයන්ගෙන් පිරිපුන් විම අතින්, ඔබ බලයෙන් පිරිපුන් නොමැත. මෙයින් ඔබට තිබෙන්නේ ප්‍රතිශතයක් පමණයි.

බාප්දාදා සෑම දරුවෙක්වම දරුවෙක් සහ ඔහුගේ සියලු සම්පත් වල පාලකයෙක් බවට පත්කර ඇත. ඔහු ඔබ සියලු දෙනාට සියලු සම්පත් ලබා දී තිබේ. ඔහු සමහරුන්ට අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දී නැහැ, මන්ද, ඒවා ගණන් කළ නොහැකි සම්පත්, ඒවා අසීමිත සම්පත්ය. මේ නිසයි ඔහු සෑම දරුවෙක්ව, දරුවෙක් සහ අසීමිත බවේ පාලකයෙක් බවට පත් කර තිබෙන්නේ. එබැවින් දැන් තමන්ව පරීක්ෂා කර බලන්න. ඔහු අසීමිත පියාය, ඔහු සීමිත පියෙක් නොවෙයි. ඔහු අසීමිත පියා වන අතර සම්පත්ද අසීමිතයි. එබැවින් ඔබට ඒවා අසීමිත ලෙස තිබෙනවාද? ඔබට ඒවා සෑම විටම තිබෙනවාද, නැත්නම් ඒවාගෙන් සමහරක්, විටෙක සොරකම් කරනවා හෝ නැති වනවාද? බාබා ඔබගේ අවධානය මෙයට යොමු කරවන්නේ ඇයි? ඔබ අසහනයට පත් නොවීම සදහා, ඔබට ඔබගේ ස්ව-අභිමන් ආසනයේ තැන්පත්ව සිටීමට හැකි වීමට සහ අසහනයට පත් නොවීම සදහා. ඔබ උපත් 63ක් අසහනයට පත්වීම අත්දැක තිබෙනවා. ඔබට එය තවත් අත්විදීමට අවශ්‍යද? ඔබට වෙහෙසක් නොදැනෙයිද? දැන් ඔබගේ ස්ව-අභිමානය පවත්වාගන්න, එනම්, ඔබගේ උසස්ම-උසස් ගෞරවය පවත්වාගන්න. ඇයි? බොහෝ කාලය ගෙවී ගොස් තිබේ. ඔබගේ 70 වන සංවත්සරය ඔබ සමරනවා නේද? එබැවින් තමන්ව හදුනාගැනීම යනු, ඔබගේ ස්ව-අභිමානය හදුනාගැනීම සහ ඔබගේ ස්ව-අභිමානයේ ස්ථාවරව රැදී සිටීමයි. කාලයට අනුව, දැන් ‘නිරතුරුව’ (සදා) යන වචනය ඔබගේ ප්‍රායෝගික දිවියට එකතු කරගන්න. එම වචනය වැදගත් බව සැලකීම පමණක් නොකරන්න, නමුත් එය ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ වැදගත් කරවන්න. “මා මෙසේ රැදී සිටිය යුතුයි, මා මෙසේ රැදී සිටිනවා, මා එය කරනවා..., මා එය කරන්නම්...” මේවා දරුවන් සහ එබැවින් අසීමිත බවේ පාලකයන්ගේ (බාලක් සෝ මාලික්) වදන් නොවෙයි. ඔබ සියලු දෙනාගේ හදවත් වලින් දැන් නොකඩවා මතු විය යුතු වදන් වන්නේ: “මට ලබා ගැනීමට අවශ්‍ය වූ දේ මා ලබා ගත්තා.” අසීමිත පියාගේ අසීමිත සම්පත් ඇති දරුවන්ට මෙසේ කිව නොහැක: “මා ලබා ගනිමින් සිටිනවා.” “මා දැනටමත් ලබා ගෙනයි තිබෙන්නේ.” ඔබට බාබාව හිමි වූ දා සිට, ඔබ මෙසේ පවසා ඇත: “මගේ බාබා”. ඔබ මෙය පිළිගෙන ඇත, ඔබ මෙය දන්නවා, ඔබ එය පිළිගෙන තිබේ. ඔබගේ හදවත් වල නොකඩවා මතු විය යුත්තේ මෙම වදන් පමණයි: “මා ලබා ගෙන තිබේ.” ඔය දරුවන්ට ස්ව-අභිමානය තිබෙන්නේ ඇතැම් විට පමණක් බැවින්, ඔබ කාලයේ වැදගත්කම ඔබගේ අවධානයේ තබා ගන්නේ ඉතා අඩුවෙන් බව, බාප්දාදා දන්නවා. එකක් තමන් වෙනුවෙන් අභිමානය වන අතර අනෙක කාලයේ වැදගත්කමයි. ඔබ සාමාන්‍ය නැහැ, ඔබලා ආදිතම මුතුන් මිත්තන්. ඔය සෑම කෙනෙක්ම ලෝකයේ ජීවාත්මයන්ට ආධාරකයකි. ඒ ගැන සිතන්න. ඔබ ඉන්නේ කැලඹීල්ලක නම්, ලෝ වැසියන්ට කුමක් වෙයිද? ලෝකයේ ආධාරක වන්නේ මහාරතීන් ලෙස හදුන්වන අය පමණයි කියා නොසිතන්න. පැමිණ ඇති අළුත් අය සිටිනවා නම්, එමෙන්ම අද, අළුත් අය බොහෝ දෙනෙක් පැමිණෙන්නට ඇති, එසේ නම් අළුත් අය, ඔවුන්ගේ හදවතේ “මගේ බාබා” පිළිගෙන තිබෙනවාද? ඔබ මෙය පිළිගෙන තිබේද? පැමිණ ඇති ඔය අළුත් අය මෙය පිළිගන්නවාද? එය දන්නා අය පමණක් නොවෙයි, නමුත් “මගේ බාබා” පිළිගන්න අය? ඔබගේ අත් ඔසවන්න! ඒවා ඉහළට ඔසවන්න! අළුත් අය අත් ඔසවනවා. ඔය වැඩිමහල් අය මෙයින් ස්ථිරයි නේද? තම හදවත් වල “මගේ බාබා” පිළිගෙන ඇති අයට, එමෙන්ම පියාද “මගේ දරුවා” පිළිගෙන තිබේ, ඔබ සියලු දෙනාට වගකීමක් තිබේ. ඇයි? ඔබ තමන් බ්‍රහ්ම කුමාරි හෝ බ්‍රහ්ම කුමාර් කෙනෙක් බව පවසන වෙලාවේ සිට, හෝ ඔබ බ්‍රහ්ම කුමාර් හෝ බ්‍රහ්ම කුමාරී කෙනෙක් හෝ ශිව කුමාර් හෝ ශිව කුමාරී කෙනෙක් කියා පැවසුවත්, නැත්නම් ඔබ දෙදෙනාටම අයත් බව පැවසුවත්, ඒ වෙලාවේ සිට ඔබ බැදී සිටියි. එවිට ඔබට වගකීමේ ඔටුන්නක් තිබෙයි. ඔබට මෙය තිබෙනවා නේද? පාණ්ඩවයන් කතා කරන්න! ඔය සියලු දෙනාට වගකීමේ ඔටුන්නක් තිබෙනවාද? එය බරක් බව දැනෙන්නේ නැහැ නේද? එය සැහැල්ලුයි නේද? එය ආලෝකයේ එකකි. ආලෝකය බොහෝ සැහැල්ලුයි. (බරක් නැත). කාලයේ වැදගත්කමට අවධානය යොමු කරන්න. කාලය පැමිණීමට පෙර, විමසන්නේ නැහැ. දැන් පවා සමහර දරුවන් පවසන්නේ හෝ සිතන්නේ, ඔවුන්ට සුළු ඉගියක් තිබිය යුතු බවයි, ඔවුන්ට තිබෙන්නේ වසර 20ක්ද, 10ක්ද කියා, ඔවුන් දැන සිටිය යුතු බව. කෙසේවෙතත්, බාප්දාදා පවසන්නේ : අවසන් විනාශ කාලය පසෙකට දමන්න, තමන්ගේ සිරුරේ විනාශය ගැන ඔබ දන්නවාද? ඔබ අහවල් දින ඔබගේ සිරුර දමා යයි කියා ඔබගෙන් කිසිවෙකු දන්නවාද? ඔබ දන්නවාද? මේ දිනවල පිටව ගිය බොහෝ බ්‍රහ්මින්වරු වෙනුවෙන් භෝග් පිළිගන්වනවා. සහතිකයක් නොමැත. එබැවින් කාලයේ වැදගත්කම දැන සිටින්න. මෙම කුඩා යුගය, කාලයෙන් කෙටියි, නමුත් එය විශාලතම ලැබීම්, ලබා ගැනීමට ඇති යුගයයි, මන්ද, ශ්‍රේෂ්ඨතම පියා මෙම කුඩා යුගයෙදි මෙහි පැමිණෙන බැවින්; ඔහු වෙනත්, දීර්ඝ යුගවලදි පැමිණෙන්නේ නැහැ. මුළු කල්පයේම ලැබීම් වෙනුවෙන්, බීජ වැපිරීමට ඔබට කාලය තිබෙන්නේ මෙම කුඩා යුගයේදීය. ඔබට ලෝක රාජධානිය හිමි වුනත්, ඔබ වන්දනීය වුනත්, මුළු කල්පය වෙනුවෙන්ම බීජ වැපිරීමේ කාලය මෙයයි, එමෙන්ම එය දෙගුණයක් ඵල ලැබීමේද කාලයයි. මෙකල, ඔබගේ භක්තියේ ඵලය ඔබට ලැබෙන අතර ඔබට මෙකල ක්ෂණික, දිස්වන ඵලයත් ලැබෙයි. ඔබ යමක් සිදුකර, ඔබට ක්ෂණයකින් ප්‍රායෝගික, පෙනෙන ඵලය ලැබෙන අතර ඔබ අනාගතයටද එය නිර්මාණය කරගනී. මුළු කල්පය පුරාම එවන් වෙනත් යුගයක් තිබෙනවාද? පරම පියා දරුවන්ගේ අත්ල මතට ශ්‍රේෂ්ඨතම තෑගී ලබා දුන්නේ මෙකලයි. ඔබගේ තෑග්ග ඔබට මතකද? දෙව්ලොව රාජධානියේ භාග්‍යය. බාබා සෑම දරුවෙකුටම, ඔබගේ අත්ල මතට, නව ලෝකයේ දෙව්ලොව තෑග්ග ලබා දී ඇත. වෙනත් කිසිම කෙනෙක් මෙතරම් විශාල තෑග්ගක් ලබා නොදෙන අතර තවද, වෙනත් කිසිම කාලයක එය ලබා දිය නොහැක. ඔබට එය ලැබෙන්නේ මෙකලයි. ඔබ මේ කාලයේ මාස්ටර් සර්ව බලධාරීන් වෙයි. වෙනත් කිසිම යුගයකදි, මාස්ටර් සර්ව බලධාරීයෙකු වීමේ තත්ත්වය ඔබට ලැබෙන්නේ නැත. එබැවින් ඔබගේ ස්ව-අභිමානය පවත්වා ගැනීමට මෙන්ම, කාලයේ වැදගත්කම ගැන දැනුවත් වීමට ඔබගේ සිත යොමු කරන්න. තමන් (ස්වයම්) සහ කාලය (සමය): තමන්ට ගෞරවය සහ කාලයේ වැදගත්කම. නොසැලකිලිමත් නොවන්න. වසර 70ක් ගෙවී ගොසින්ය; ඔබ දැන් නොසැලකිලිමත් වන්නේ නම්, ඔබ බොහෝ සෙයින් ඔබගේ ලැබීම් අඩුකර ගනියි. ඔබ වැඩියෙන් ප්‍රගතිය ලබන තරමට, නොසැලකිලිමත්කම වැඩිවෙයි; “මා ඉතාම හොදයි, මා ඉතා හොදින් ගමන් කරනවා, මා එහි ළගා වෙයි. බලන්න, මාව දමා නොයයි; එය සිදුවෙයි.” මෙය නොසැලකිල්ල මෙන්ම රාජකීය අලසකමයි. නොසැලකිල්ල සහ කම්මැලිකම. ‘ඇතැම් විට’ (කබි) යන වචන කම්මැලිකම දනවන අතර ‘දැන්’ (අබි) යන වචනය, මහා පුණ්‍යකර්මයක් ගෙන දෙන ක්ෂණික දානය දනවයි.

එබැවින් අද, පළමුවන වාරය නේද? එබැවින් බාප්දාදා ඔබගේ අවධානය මෙයට යොමු කරනවා. මේ වාරයේ ඔබගේ ස්ව-අභිමානයෙන් ඔබ පහළට නොපැමිණිය යුතු අතර කාලයේ වැදගත්කමද ඔබ අමතක නොකළ යුතුයි. අවදියෙන්, දක්ෂව සහ ප්‍රවේසමින්. ඔබ සෙනෙහස ලබනවා නේද? කෙනෙක් සෙනෙහස පාන කෙනෙක් තුළ සුළු දුර්වලතාවයක් හෝ පළුද්දක් පවා දැකීම, දරා ගත නොහැක. අන්තිම දරුවා කෙරෙහි පවා බාප්දාදා තුළ ගැඹුරු සෙනෙහසක් තිබෙන බව, බාප්දාදා ඔබට පැවසුවා, මන්ද, ඒ කෙනා බාබාගේ දරුවෙක් නිසා. එබැවින් මේ වාරයේ, එය භාරතයේ අයගේ වාරය වුවද, ද්විත්ව විදේශිකයන්ගේද අඩුවක් නැත. ද්විත්ව විදේශිකයන් නොමැති වාරයක් නැති බව බාප්දාදා දැක තිබෙනවා. මෙය ඔවුන්ගේ විශ්මයයි. දැන් ද්විත්ව විදේශිකයන්, ඔබගේ අත් ඔසවන්න! බලන්න කී දෙනෙක් ඉන්නවාද කියා. ඔබගේ විශේෂ වාරය දැනටමත් අවසන් වී ඇත, ඒ තිබියදී ඔබලාගෙන් කී දෙනෙක් සිටිනවාද කියා බලන්න. සුබ පැතුම්. සාදරයෙන් පිළිගන්නවා. බොහෝ බොහෝ සුබ පැතුම්.

ඉතිං ඔබ දැන් කළ යුත්තේ කුමක්ද කියා ඔබට ඇසුණාද? මේ වාරයේ කළ යුත්තේ කුමක්ද පිළිබදව ඔබට ගෙදරවැඩ ලබා දී ඇත. තමන්ව අවබෝධ කරගන්න. අන් අයව නොවෙයි, තමන්ව පමණක් අවබෝධ කරගෙන සැබෑ රත්රන් වන්න, මන්ද, “මගේ බාබා” කියා පවසන අය, පරම පියා සමග ආපසු යන බව, බාප්දාදා විශ්වාස කරන නිසා. ඔවුන් පෙරහැරේ කොටසක් ලෙස නොයයි. ඔබ ශ්‍රීමත් හස්තය අල්ලාගෙන බාප්දාදා සමග ආපසු යයි, ඉන්පසුව ඔබ බ්‍රහ්ම පියා සමග ප්‍රථම රාජධානියට පැමිණෙයි. නව නිවසක සතුටක් තිබේ. එය එක මාසයක් පැරණි වුනත් එය මසක් පැරණි බව කියයි. ඔබ බ්‍රහ්ම පියා සමග රාජධානියට යන විට, ඔබගේ නව නිවසට, නව ලෝකයට, නව විදි, නව චාරිත්‍ර හා ක්‍රමවේද වලට යා යුතුයි. බ්‍රහ්ම පියා කෙරෙහි ඔබ තුළ බොහෝ සෙනෙහස තිබෙන බව ඔබ සියලු දෙනාම කියයි. එසේ නම් සෙනෙහසේ ලක්ෂණය කුමක්ද? ඔහු සමග සිටීම, ඔහු සමග ආපසු යාම සහ ඔහු සමග පහළට පැමිණීම. සෙනෙහස ඔප්පු කිරීම මෙයයි. ඔබ මෙයට කැමතිද? ඔහු සමග සිටීම, ඔහු සමගම ආපසු යාම සහ ඉන්පසුව ඔහු සමග පහළට පැමිණීමට ඔබ කැමතිද? ඔබ කැමති දෙයක් ඔබ අත්හරින්නේ නැහැ නේද? එබැවින් සෑම දරුවෙක් වෙනුවෙන් පියාගේ සෙනෙහසේ වගකීම වන්නේ, ඔවුන් ඔහු සමග ආපසු යාම එමෙන්ම, පසුව ඔහුගේ පිටුපසින් යාම නොවෙයි. තවමත් යම් දෙයක් ඉතිරිව ඇත්නම්, එවිට ඔබට ධර්මරාජ්ගේ දඩුවම් වෙනුවෙන් නතර වීමට සිදුවෙයි. එසේ වුනොත්, ඔබගේ අත, ඔහුගේ හස්තයේ නොතිබෙයි, ඔබ පසුපසින් පැමිණෙයි. සතුට තිබෙන්නේ කුමකද? ඔහු සමග සිටීමේ නේද? එබැවින් ඔබ ස්ථිර පොරොන්දුවක් සිදුකර තිබෙනවාද? ඔහු සමග ආපසු යාමට ඔබගේ පොරොන්දුව ස්ථිරයිද, නැත්නම්, ඔබ පසුපසින්ද යන්නේ? බලන්න! ඔබ ඉතා හොදින් අත් ඔසවයි. එසවූ අත් දැකීමට බාප්දාදා සතුටු වනවා නමුත් ඔබ එසවිය යුත්තේ ශ්‍රීමත් වල අතයි. ශිව බාබාට අතක් නැත, එමෙන්ම ජීවාත්මය වන බ්‍රහ්ම බාබාටත් අත් නොතිබෙයි. ඔබටත් ඔය භෞතික අත් නොතිබෙයි; ඔබ ශ්‍රීමත් වල අත අල්ලාගෙන, ආපසු එකට යා යුතුයි. ඔබ ආපසු එකට යනවා නේද? අඩු තරමින් හිස වනන්න! අච්චා, ඔබ අත් වනනවා. බාප්දාදාගේ පැතුම වන්නේ එකදු දරුවෙක් වත්, දමා නොයා යුතු බවයි, සියලු දෙනාම එකට ආපසු නිවහනට යා යුතු බවයි. ඔබ නිති-සූදානමින් සිටිය යුතුයි. අච්චා.

දැන් බාප්දාදා නොකඩවා සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ වාර්ථාව දෙස බැලීමට යනවා. ඔබ පොරොන්දුවක් (වයිදා) වී, එය ඉටුකළා, ඉන් අදහස් වූයේ ඔබ ප්‍රයෝජනයක් (ෆයිදා) ගත් බවයි. පොරොන්දුවක් පමණක් නොවන්න, නමුත් එයින් ප්‍රයෝජනත් ලබා ගන්න. දැන් ඔබ අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරනවා නේද? මෙම අධිෂ්ඨානගත සිතිවිල්ලේ ස්ථිතිය තුළ ස්ථාවරව අසුන්ගෙන සිටින්න: “මා මෙය කළ යුතුයි. මා එකට ආපසු යා යුතුයි.” දැන් තමන්ගේ ඇතුලාන්තයේ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න. එම මනෝ ස්ථිතියේ අසුන්ගන්න. මෙසේ නොකියන්න: “මා එය කරන්නම්...මා එය කරන්නම්...” “මා එය කළ යුතුමයි” කියා කියන්න. අච්චා.

සෑම තැනකම සිටින ඔය ද්විත්ව සේවයක් කරන දරුවන්ට, සෑම තැනකම සිටින නිරන්තරයෙන් ඒකාග්‍රතාවයෙන් ස්ව-අභිමන් ආසනයේ තැන්පත්ව සිටින බාප්දාදාගේ නළලේ මාණික්‍යයන්ට, කාලයේ වැදගත්කම දැන ඒ අනුව තීව්‍ර උත්සාහයක් දරන බව ඔප්පු කර පෙන්වන සෑම තැනකම සිටින වටිනා දරුවන්ට, නිරතුරුව උනන්දුව සහ උද්යෝගයේ පියාපත් වලින් පියාසර කර අන් අයට පියාසර කිරීමට මග පාදන ඔය සියලුම ආලෝකමත් සහ සැහැල්ලු සුරදූත දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

දාදින්ට: සියලු දෙනාම ගමන් කරමින් ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා. ඔය සෑම කෙනෙක්ම ඔබගේ විශේෂත්වයේ අතැගිල්ල ලබා දීම ගැන බාප්දාදා සතුටු වනවා. දාදිජීට: ආදි මැණික් දැකීමට සියලු දෙනා සතුටු වනවා. ආරම්භයේ සිට සේවය සදහා ඔබ, ඔබගේ අස්ථි ලබා දී තිබෙනවා. ඔබගේ අස්ථි වලින් ඔබ සේවය කර තිබෙනවා. ඉතා හොදයි. බලන්න, කුමක් සිදුවුනත් කම් නැහැ, මෙම එක දෙය දෙස පමණක් බලන්න: ඇදක හෝ වෙන කොහේ සිටියත්, ඔබ පියාව අමතක කර නැහැ. පියා ඔබගේ හදවතේ මුසු වි සිටිනවා. එය එහෙමයි නේද? බලන්න, ඈ ඉතා ලස්සණට සිනහ වෙනවා. ඔව්, ඔබ වයසින් මහළු වන අතර ධර්මරාජ්ගේ දේශයට ඔබට “ට ටා” කීමට අවශ්‍යයි. ඔබට දඩුවම් විදීමට අවශ්‍ය නැහැ. ධර්මරාජ්ට පවා හිස නැමීමට සිදුවෙයි. ඔහුට ඔබව සාදරයෙන් පිළිගැනීමට සිදුවෙයි. ඔබ “ට ටා” කියයි, එමෙන්ම එබැවින් පියාගේ සිහිපත් කිරීමෙන් ඔබගේ සුළු ගිණුම් ඔබ මෙහිදී පියවනවා. කිසිදු දුක් විදීමක් නොමැත. රෝගයක් තිබෙන නමුත් දුකක සලකුණක්වත් නැත. (දාදී නිර්මල් ශාන්තාට කතා කරමින්) මේ කෙනා බොහෝ සිනහසෙනවා. සියලු දෙනාට ද්‍රිෂ්ඨි දෙන්න! අච්චා.

වරදානය:
ඔබ සැබෑ ව්‍යාපාරිකයෙක් වී, බාහිර දස්කම් වලින් නිදහස් වී, ඒ අනුව පියා ප්‍රිය කරන කෙනෙක් වේවා.

බාහිර ලෞකික දස්කම් වලට බාප්දාදා ප්‍රිය නොකරයි. පරමාත්ම දෙවියන් අයිති වන්නේ, අහිංසකයන්ට බව කියයි. ඥාණවන්ත ස්වාමී (චතුර් සුජාන්) තුළ සෙනෙහස ඇත්තේ අහිංසක දරුවන්ට පමණයි. පරමාත්ම දෙවියන්ගේ ශබ්දකෝෂයේ විශේෂ ප්‍රභූවරු වන්නේ ඔය අවිහිංසක දරුවන්ය. ලෝකයාගේ බැල්ම නොවැටෙන අයයි පරම පියා සමග ගනුදෙනුවක් කර, දෙවියන්ගේ දෑසේ තාරකා වන්නේ. ඔබගේ හදවතින් “මගේ බාබා!” කියන්නේ ඔය අහිංසක දරුවන්ය. මෙම තත්පරයක එක වචනය තුළින්, අනේක සම්පත් වලට ගනුදෙනුවක් සිදු කරන සැබෑ ව්‍යාපාරිකයන් වන්නේ ඔබයි.

පාඨය:
සියලු දෙනාගේ සෙනෙහස ලබා ගැනීමට සෑම විටම මිහිරි වදන් කතා කරන්න.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

පරම පියාගේ සිහි කිරීමේ නිරන්තරයෙන් ගැලී සිටින අය, එනම්, ඔහු තුළ නිරන්තරයෙන් මුසු වි සිටින අය, පරම පියා නිරතුරුවම ඔවුන්ගේ දෑසේ සහ ඔවුන්ගේ මුවින් පවසන සෑම වචනයකම මුසු වී සිටියි. නිකම්ම ශරීර ලෙස පෙනෙනවා වෙනුවට ඔවුන් සර්ව බලධාරීන් (සියලු බල ඇත්තන්) ලෙස පෙනෙයි. ස්ථාපනයේ ආරම්භයේ ශ්‍රී ක්‍රිෂ්ණා සෑම විටම බ්‍රහ්මගේ ස්වරූපය තුළින් දිස්වූ ආකාරයෙන්ම, ඔය දරුවන් තුළින් සර්ව බලධාරි දිස්වනු ඇත.

නිවේදනය: අද තුන්වන ඉරු දිනයයි, එනම්, ලෝක භාවනා දිනයයි, මෙදින සියලුම රාජ යෝගී තපස්වි සහෝදර සහෝදරයන් ප:ව 6.30 සිට 7.30 දක්වා සාමූහික යෝගාවේ සිටියි. යෝගාව සිදු කරන වෙලාවේ, ආදි මුතුන් මිත්තෙක් වීමේ ස්ව-අභිමානයේ රැදී, කල්ප වෘක්ෂයේ මුලෙහි අසුන්ගෙන, බලවත් යෝගාවේ දානය ලබා දෙමින්, දිව්‍යත්වයෙන් ඔබගේ පෙළපත පෝෂණය කරන්න.