17.08.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාප් සහ දාදාගේ කතාන්දරය හරිම ලස්සනයි. පියා, වැඩිමහල් සොයුරාගේ (දාදා) සිරුරට ඇතුළු වන විට, ඔය බ්‍රහ්ම කුමර කුමරියන්ට උරුමයට අයිතියක් හිමිකරගත හැක.

ප්‍රශ්නය:
නාටකය තීරණය වී ඇති බව ඔබ දන්නා නමුත්, ඔය දරුවන් අනිවාර්යෙන් තබාගත යුතු අරමුණ කුමක්ද?

පිළිතුර:
උත්සාහ දරන්න සහ පිම්මේ ඉදිරියට යන්න. එනම්, පියාගේ සිහිපත් කිරීමේ සිටීමට සහ විනාශය සිදුවීමට පෙර, කර්මතීට් වීමේ අරමුණ ඔබ නියත වශයෙන්ම තබාගත යුතුයි. කර්මතීට් වීම යනු, කලි යුගී බවින් ස්වර්ණමය යුගී විමය. උත්සාහ දැරීමට මෙම කෙටි කාලය තිබෙන අතර එබැවින් විනාශය සිදුවීමට පෙර ඔබගේ ස්ථීතිය අචල සහ නොසෙලවන තත්ත්වයට පත් කළ යුතුයි.

ඕම් ශාන්ති.
ඕම් ශාන්ති. මෙසේ පවසන්නේ කුමන දෙදෙනාද? එක්කෙනෙක් බාබා වන අතර අනෙක් කෙනා දාදාය. මිනිසුන් කතාන්දරයක් ආරම්භ කරන්නේ ’එකමත් එක රටක රජ කෙනෙක් සහ රැජිනක් සිටියා.’ දැන් මෙම දේවල් අළුත් කරුණුය. එක්කෙනෙක් බාබා වන අතර අනෙකා දාදාය. ඔබ පවසන්නේ වසර 5000කට පෙර එක් ශිව බාබා සහ බ්‍රහ්ම බාබා වන අනෙකා, සිටියා. සැවොම ශිවාගේ දරුවන්ය. සියලුම ජීවාත්ම, එක් පියාගේ දරුවන්ය. ඔවුන් කොහොමත් එය වෙයි. බ්‍රහ්මගේ දරුවන් වන බ්‍රහ්මණයන්ද සිටියා. ප්‍රජාපිතා බ්‍රහ්මගේ දරුවන්, බ්‍රහ්ම කුමර කුමරියන් විය. ඔවුන්ට ඉගැන්වූයේ කවුද? ශිව බාබා. බ්‍රහ්ම කුමර කුමරියන්, ප්‍රජාපිතා බ්‍රහ්මගේ දරුවන් රාශියයි. ඔය බ්‍රහ්ම කුමර කුමරියන් විශ්වාස කරන්නේ ඔබ සැබවින්ම ශිව බාබාගේ දරුවන් බවත්, එමෙන්ම ඔහුගේ මුනුපුරන්ද බවයි. ඔබ කොහොමත් ඔහුගේ දරුවන් වන නමුත් ඔබ දැන් බ්‍රහ්මගේ මාර්ගයෙන් සීයාගේ උරුමය ලබා ගැනීමට ඔහුගේ මුනුපුරන් වී ඇත. ඔබ දැන් ශිව බාබා ලෙස හඳුන්වන සීයාගෙන් උරුමයක් ලබා ගන්නවා. කෙසේවෙතත්, ඔබලා බ්‍රහ්ම කුමර කුමරියන් නිසා, ඔබ මෙම කෙනාට දාදා යැයි කියයි. උරුමය ලැබෙන්නේ බ්‍රහ්ම දාදාගෙන් නොවෙයි, සීයාගෙනි. එම පියාගෙන් පාරාදීසියේ නිවැසියන් වීමේ උරුමය ඔබට ලැබෙයි. චක්‍රයෙන් භාගයකට ඔබට උරුමයක් හිමි වන අතර ඉන්පසුව ඔබට රාවණගෙන් සාපයක් ලැබී, ඔබ දිගින් දිගටම පහළට පැමිණෙයි. ඔබට පහළට පැමිණීමේ නරක දශා තිබෙනවා වැනිය. ඔබගේ නරක දශා, රාහුගේ දශා, අවසන් බව, ඔය දරුවන්ට වැටහෙයි. නරකම දශා වන්නේ රාහුගේ දශාවන්ය. උසස්ම දශා වන්නේ ගුරුගේ දශාය. එකල, රාහුගේ දශා තිබුණු කල, පාපයන් පහ නිසා ඔබ අවලස්සන විය. පියා දැන් ඔබට නැවත වරක් පවසන්නේ පාපයන් දන් දෙන්න, එවිට ග්‍රහණයේ දශාවන් ඉවත් වෙයි. මින් හැඳින්වෙන්නේ ඔබ ගැනයි. ඔවුන් මෙය වටහාගෙන තිබෙන්නේ සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණය ලෙසිනි. ග්‍රහණයක් තිබෙන විට, මිනිසුන් දානයක් ඉල්ලයි. මෙහි පියා ඔබට පවසන්නේ පාපයන් පහ දන් දෙන්න, එවිට නරක දශා ඉවත් වෙයි. මෙම පාපයන් නිසා ඔබලා පාපකාරී ජීව බවට පත් වී ඇත. ප්‍රධාන දේ වන්නේ ශරීර අවධානයයි. පළමුව ඔබ සතෝප්‍රධාන්ව සිටි අතර ඉන්පසුව ඔබ සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා ගියහ. ඔබ උපත් 84ක් ගත්තා. දේවතාවන් සැබවින්ම උපත් 84ක් ගන්නා බවට ස්ථීර විශ්වාසය ඔබට තිබේ. පියාව මුණ ගැසෙන ප්‍රථමයන් විය යුත්තේ ඔවුන්ය. ජීව, බොහෝ කාලයක් පරමාත්ම ජීවයෙන් වෙන්ව සිටි බව සිහි කර තිබේ. පියා පවසන්නේ ස්වර්ණමය යුගයට, ප්‍රථමයෙන් මා යැවූ අය ඔබලා වන අතර දැන් මාව මුලින්ම හමුවීමට පැමිණ ඇත්තේ ඔබලාය. පෙර කල ඔබ නිකම්ම මෙය ගායනා කළ නමුත්, පියා දැන් මෙහි අසුන්ගෙන මෙහි නිවැරදි අරුත පවසයි. පියා මෙහි අසුන්ගෙන, සියලුම වේද, ග්‍රන්ථ, තපස්යා, ජප කිරීම් සහ පාඨ ආදියේ සාරය පහදා දෙයි. චක්‍රය වටහා ගැනීම ඉතාම පහසුයි. එය දැන් කලියුග සහ ස්වර්ණම යුගවල සංගම යුගයයි. යුද්ධය අත ලඟයි. ස්වර්ණමය යුගය ස්ථාපිත කරන බවට විශ්වාසයද ඔබට තිබේ. කලි යුගයේ පවතින සියලුම දෙනාගේ ශරීරය විනාශ වන අතර සියලුම ජීවාත්ම පිවිතුරු වී, ඔවුන්ගේ කර්ම ගිණුම් පියවා, ආපසු නිවසට යයි. මෙය සෑම කෙනෙකුටම ගිණුම් පියවීමේ කාලයයි. ජීවාත්ම, ඔවුන්ගේ සිරුරු අතහැර ආපසු නිවසට යයි. මෙය මෙකල ඔබගේ බුද්ධි තුළ තිබේ. ඔබ කර්මතීට් වන තුරු, සංගම යුගයේ සිටීවි. එම පැත්තේ ජීවාත්ම බිලියන ගණනක් සිටින අතර මේ පැත්තේ ඔබගෙන් සුළු පිරිසක් සිටියි. බුද්ධිය තුළ විශ්වාසය වර්ධනය වෙමින් පවතින බොහෝ දෙනෙක්ද ඔබ අතර සිටියි. විශ්වාසනීය බුද්ධී ඇති අය, ජය ගන්නා අතර ඉන්පසුව විෂ්ණුගේ ගෙල වටා මාලය බවට පත් වෙයි. එකක් රුද්‍රාක‍්ෂ මාලාව වන අතර අනෙක රුන්ඩාගේ මාලාවයි. රුද්‍රාක‍්ෂ මාලාවේ මුහුණු සහිත කුඩා පබුළු තිබේ. එය, ජීවාත්ම වන අප පැමිණ, පියාගේ ගෙල වටා මාලය වී, ඉන්පසුව අංක පිළිවෙලට මෙහි පැමිණෙන අන්දමේ සංකේතයකි. අට, 108 සහ 16,108 මාලාවන්ද තිබේ. පන්දහසේ සිට දස දහසක්ද, 16 දහසක්ද තිබෙන්නේ කියා, ගණනය කළ නොහැක. මෙම මාලා සිහි කර තිබේ. බාබා පවසන්නේ මේ සියලුම දේවල් ගැන ඔබ සිතන්නේ ඇයි? පෙර කල්පයේ ස්වර්ණමය සහ රිදී යුගයන් වල, කොපමණ සංඛ්‍යාවක් රජවරුන් වූවාද, රජවරුන් එම සංඛ්‍යාවම දැනුදු සිටියි. 100දෙනෙක් රජවරුන් වෙනවාද, 200 හෝ 300ක් රජ වනවාද කියා ඔබ නොඇසිය යුතුයි. පියා පවසන්නේ ඔබ සමීපයට පැමිණෙන තරමට, ඔබට සෑම දෙයක්ම වඩාත් හොඳින් වැටහෙයි. අද අපි මෙහි සිටින අතර හෙට විනාශය සිදු වූවාට පසුව, ස්වර්ණමය යුගයේ දේවතාවන් සුළු පිරිසක් සිටියි. වර්ධනය සිදුවන්නේ පසුවයි. ඔබට ස්වර්ණමය යුගයේ සලකුණුද දැකිය හැක. සිය දහස් ගණනක් හෝ ඊට වැඩි ගණනක්ද නැත්නම් සිය දහසක්ද, ලක‍්ෂ 9ක්ද ලක‍්ෂ 10ක්ද සිටින්නේ කියා ඔබට නිවැරදිව කිව නොහැක. ඔව් ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදි වීමට සුදුසු වන විට, ඔබට තව දර්ශන ඇති වෙයි. දැන් තව බොහෝ සේ වටහාගැනීමට තවමත් කාලය ඉතිරි වී තිබේ. ඔබට දිගටම බොහෝ දර්ශන පෙනෙයි. යුද්ධය සඳහා බොහෝ සූදානම් වීම් සිදුවෙමින් පවතිනවා. සෑම දෙයක්ම අඛණ්ඩව මිල අධික වෙයි. විදේශයන්හි බොහෝ බදු අය කෙරෙයි. සෑම දෙයක්ම මිල අධික වෙයි. ඉන්පසුව සෑම දෙයක්ම ඉතා ලාභ වෙයි. ස්වර්ණමය යුගයෙදී ඔබට කිසි දෙයකට මුදල් වැය කිරීමට සිදු නොවෙයි. සියලුම ආකර ආදිය පිරී තිබෙයි. නව ලෝකයේ බොහෝ භෞතික සැප සම්පත් තිබේ. ලක‍්ෂ්මි සහ නාරායනට බොහෝ භෞතික සැප පහසුකම් තිබිණ. ශ්‍රීනාථ දේවාලයේ ඔවුන් සියලුම ප්‍රතිමා වලට බොහෝ විවිධ වර්ග වල ආහාර පූජා කරයි. එහි බොහෝ සේ පෝෂ්‍යදායක ආහාර පිස, ඔවුන්ම ඒවා ආහාරයට ගනී. ඔවුන් පවසන්නේ දේවතාවන්ට භෝග් පූජා කළ බවයි. ඔවුන් පවසන්නේ අපි දේවතාවන්ට භෝග් පූජා නොකළේ නම්, ඔවුන් සිත් තැවුලට පත්වනවා. මෙහි සිත් තැවුල් වීම ගැන ප්‍රශ්නයක් නැත. ඔබ කිසිවෙකු සමඟ සිත් තැවුල් ඇති කරගන්නේ නැත. නාටකයට අනුව විනාශය සිදු විය යුතු බව, ඔබ දන්නවා. කලි යුගය වෙනස් වී ස්වර්ණමය යුගය බවට පත් වෙයි. නාටකයට අනුව නව චක්‍රය නැවත ආරම්භ වන බව අපට වැටහෙනවා. ඔබත් නාටකයෙන් බැඳී සිටියි. පියා පැමිණ ඇත්තේ නාටකයට අනුවයි. නාටකයේ විනාඩියක්වත් වෙනස් විය නොහැක. බාබා පැමිණ, ඔබ ඔහුව දුටු ආකාරයෙන්, ඊලඟ චක්‍රයේද එය කිසිදු වෙනසකින් තොරව ඒ අන්දමින්ම සිදුවෙයි. ග්‍රන්ථ වල ඔවුන් චක්‍රයට දීර්ඝ කාල පරාසයක් දී තිබේ. විනාශය සැබවින්ම අත ලඟ බව, දැන් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. ඔබ දැන් වේගයෙන් පිම්මේ දිව යයි. ඔබ පියා සිහිකර, නියත වශයෙන්ම කර්මතීට් තත්ත්වයට පත් විය යුතු බව ඔබ දන්නවා. එනම්, ඔබ කලි යුගී බවින් සත් යුගී බවට පරිවර්ථනය විය යුතුයි. ඔබ දැන් උත්සාහ නොදරන්නේ නම්, ඔබගේ තත්ත්වය විනාශය වෙයි. අහෝ ජීවාත්මයනි, ඔබ දැන් අපවිත්‍ර වෙලා. බොහෝ විවිධ ආකාරයේ මිනිසුන් පැමිණෙන බවත් ඔබ දන්නවා. වෙනත් ආගම් වලට හැරී ඇති අයත් අඛණ්ඩව මතුවෙයි. ඔවුන් පැමිණ, පියාගෙන් තම උරුමය හිමි කරගැනීමට තම තමන්ගේ උත්සාහයන් දරයි. ඔවුන් බ්‍රහ්මණ ධර්මයට ගොස් ඉන්පසුව දේවතා ධර්මයට යයි. ඔවුන් බ්‍රහ්මණ ධර්මයට නොපැමිණෙන්නේ නම්, දේවතා ධර්මයට යන්නේ කෙසේද? බ්‍රහ්මණයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවනවා. විනාශය අත ලඟ බව දුටු විට ඔවුන් මෙසේ කියයි ඔබ කියන දේ හරි. එවිට වර්ධනය ඇති වෙයි. බ්‍රහ්මණ වෘක‍්ෂය වැඩී, පිරෙයි, එවිට ඔබ සියලු දෙනාම ආපසු නිවසට යයි. ඉන්පසුව දේවතා වෘක‍්ෂය වැඩෙයි. ඔබ දැන් සංගම යුගයෙදී රාජ යෝගාව ඉගෙන ගන්නවා. මෙම සංගම යුගයට, යහපත ගෙන එන යුගය යැයි කියයි. සංගම යුගයේ ප්‍රශංසාව ලෙස, ගංඟාව, මහා සයුර මුණගැසීම පෙන්වයි. ඒ සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔබ සියලු දෙනාම මහා සයුරෙන් මතු වී ඇති, ඥාන ගංඟාවන්ය. ’පාරිශුද්ධකරු’ යන වචනය ’ඥානයේ මහා සාගරය’ යන ව්‍යවහාරය සමඟ සම්බන්ධයි. පාරිශුද්ධකරු වන්නේ ගංඟා නදිය කියා ඒ මිනිසුන් සිතන බැවින් ඔවුන් දිගින් දිගටම ගංඟා නදියේ ස්නානය කරති. මෙම ගංඟාවල් ස්වර්ණමය යුගයේ සිටම පැවත ඇත. මෙකල සමහර ස්ථාන වල මිනිසුන් ගංඟාවල ගිලෙයි. පදාර්ථයන් තමෝප්‍රධාන් වී ඇති අතර සාගරයද තමෝප්‍රධාන් වී ඇත. සාගරයේ සුළු උදම් රැළි ඇති වුවත්, ඒවා සෑම දෙයක්ම විනාශ කර දමයි. සත් යුගයේ භාරතයේ, යමුණා ගංතෙර සිටින්නේ අපගෙන් ටික දෙනෙක් පමණයි. දිල්ලිය, සුරංගනාවන්ගේ දේශය වූ අතර එය නැවතත් එය බවට පත් වීමටයි යන්නේ. සත් යුගයේ ශාරීරික ජීවාත්ම ටික දෙනෙක් පමණක් සිටින අතර, ඉන්පසුව සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් දිගටම වැඩිවෙයි. එය දැන් කලි යුගයේ අවසානයයි. මනුෂ්‍යයන් බොහෝ සිටියි! මෙය ඉතා හොඳින් වටහාගත යුතු අසීමිත නාටකයකි. තමන් නළුවන් බව මිනිසුන් සලකන නමුත් චක්‍රයේ කාල වකවානුව වසර 5000ක් බව, ඔවුන්ගෙන් කිසිවෙකු නොදනී. උපත් 84ක් සහ උපත් මිලියන 8.4ක් අතර විශාල වෙනසක් තිබේ. ඔබට දැන් ආලෝකය ලැබී තිබේ. ඔබට පියාගෙන් ඔබගේ උරුමය හිමි වනවා. පියා පවසන්නේ මන්මනාභව! පියාව සිහි කරන්න. ශිව දෙවියන් පවසයි ක්‍රිෂ්ණා, ඥානයේ මහා සයුර නොවෙයි. දෙවියන්ගේ ප්‍රශංසාව සහ දේවතාවන්ගේ ප්‍රශංසාව අතර ඉතා විශාල පරතරයක් තිබේ. පියා නිර්මාණය කරන නව නිර්මාණයේ ප්‍රශංසාව වන්නේ ඔවුන් සියලුම ගුණදම් වලින් පිරිපුන්ය. ඔබ දැන් එසේ වෙමින් සිටිනවා. දේවතාවන්ගේ ප්‍රශංසාව සහ පියාගේ ප්‍රශංසාව අතර දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. මෙය රාජ යෝගාවයි. දෙවියන් රාජ යෝගාව උගන්වන බව සිහිකර තිබේ. ඔහු අශාරීරික බැවින් ඔහු නිසැකයෙන්ම අශාරීරික බවින් ශාරීරික බවට පැමිණිය යුතුයි. දෙවියන්ගේ ප්‍රශංසාව බොහෝ තිබෙන බැවින් ඔහු නියත වශයෙන්ම මෙහි පැමිණිය යුතුයි. ඔහුගේ උපත, දිව්‍යමය මෙන්ම අසහායයි. වෙනත් කිසිවෙකුගේ උපත දිව්‍යමය බව සිහි නොකෙරෙයි. එක්කෙනෙක් ලෞකික පියා වන අතර අනෙක් කෙනා මිනිසුන් දෙවියන් ලෙස සිහි කරන, මේ ලෝකයට ඔබ්බෙන් සිටින පරමාත්ම පියාය. තුන්වැනි පියා, සූක‍්ෂම පියාය ඔහු ආශ්චර්යමත් පියෙකි. එම පියා ඔබව දරුකමට හදාගන්නා බැවින්, ඔබට මෙම සූක‍්ෂම පියා ඒ අතරමැද සිටියි. ප්‍රජාපිතා බ්‍රහ්මට බොහෝ දරුවන් සිටියි. ශිව බාබා පැමිණ, බ්‍රහ්මගේ මාර්ගයෙන් ඔබව ඔහු සතු කරගනී. බොහෝ දෙනෙක් බ්‍රහ්ම කුමර කුමරියන් බවට පත්වෙයි. භෞතික පියෙකුට විටෙක දරුවන් අටක් හෝ දහයක් සිටියි. අච්චා, ශිව බාබා, මේ ලෝකයට එපිටින් සිටින පියා වන අතර ඔහුට බොහෝ දරුවන් සිටියි. සියලුම ජීවාත්ම පවසන්නේ අපි සියලු දෙනාම සහෝදරයන්ය. අපට නැවත වරක් මෙම සංගම යුගයෙදී මෙම සූක‍්ෂම පියාව හමු වී තිබේ. ඔබට එහිදී මෙම ඥානය නොතිබෙයි. පියා පැමිණ නව ලෝකය නිර්මාණය කරන විට පමණයි, ඔබට ප්‍රජාපිතාව මුණ ගැසෙන්නේ. එබැවින් මෙය සූක‍්ෂම උපතක්. කිසි කෙනෙකුට මෙය වැටහෙන්නේ නැත. එම කෙනා ලෞකික පියෙක් වන අතර අනෙක් කෙනා එපිටින් සිටින පියා වන අතර, මේ, සංගම යුගයේ සූක‍්ෂම පියාය. ඔබට සත් යුගයේ සිටම ලෞකික පියවරුන් සිට ඇත. එහිදී කිසිවෙකු මේ ලෝකයට එපිටින් සිටින පියාව සිහි කරන්නේ නැත. එහි ඔබට සිටින්නේ එක් පියෙක් පමණයි. එහි කිසිවෙකු දෙවියන් සිහි කරන්නේවත් මෙසේ කියන්නේවත් නැත අහෝ දෙවියනේ! අහෝ පරමාත්ම ජීවය! තඹ යුගයේ භක්ති මාර්ගය ආරම්භ වන විට ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින අතර, සංගම යුගයෙදී ඔබට පියවරුන් තිදෙනෙක් සිටියි. ඔබට මෙකල ප්‍රජාපිතා බ්‍රහ්මව මුණගැසෙයි. ඔබ දැන් අයත් ඔහුටයි. ඔහු ඔබගේ සූක‍්ෂම පියා බව ඔබ දන්නවා. ඔබට දැන් මෙම දේවල් ඉතා හොඳින් වැටහී, සිහි වෙයි. තමන් ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. ස්වර්ණමය යුගයෙදී දෙවියන් සිහි කිරීමට අවශ්‍යතාවයක් නැත. දුක ඇති කල, සෑම කෙනෙක්ම මෙම ලෝකයට එපිට සිටින පියාව සිහිකරයි. මෙය වටහාගැනීමට ඉතා පහසු දෙයකි. ස්වර්ණමය සහ රිදී යුගයන්වලදි ඔබට එක් පියෙක් සිටියි. තඹ යුගයෙදී ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින අතර, මෙකල ඔය දරුවන් දැන් අයත් වන්නේ, ඔහුගේ මාර්ගයෙන් ඔබට උරුමය හිමිවන සූක‍්ෂම පියාටයි. ඔය දරුවන් පමණයි පසුව දේවතාවන් බවට පත් වන බ්‍රහ්මණයන් වන්නේ. ඔබ විනාශය දකියි, ඔබගේ භෞතික දෑසින් එය දකීවි. ඔවුන් බෝම්බ හෙලන විට, මනුෂ්‍යයන් මිය යයි. ජපානය මතට බෝම්බය හෙලු විට, සියලුම මිනිසුන් මිය ගිය සැටි ඔබ දුටුවා. මෙහි සෑම විටම දිගින් දිගටම යුද්ධ තිබේ. ඔවුන්ම පවසන්නේ ඔවුන්ට වැඩි වැඩියෙන් එපා වන බවය. යුද්ධයක් වසර 10කට වඩා පවති. අසුරු සැනින් (තත්පරයකදි) බෝම්බ වලින් සෑම දෙයක්ම විනාශ වෙයි. යමක ගිණි පුපුරක් ඇති වූ වහාම මුළු නගරයක්ම විනාශ වෙයි. බෝම්බ ආදියද තිබෙයි. පියා, ස්ථාපනය සහ විනාශය සිදු කිරීමට පැමිණ ඇති බව, ඔය දරුවන්ට වැටහෙයි. එබැවින් මේ සියල්ල නියත වශයෙන්ම සිදුවෙයි. දැන් උත්සාහ දැරීමේ කාලයයි. මායා නැවත නැවතත් ඔබගේ බුද්ධියේ යෝගාව බිඳ දමයි. ඔබ තවමත් නොසෙලවෙන සහ අචල වී නොමැත. ඔබ පවසන්නේ බාබා, මායාගේ බොහෝ කුණාටු පැමිණෙයි. සමහරු පැය භාගයක්වත් පියාව සිහි කරන්නේ නැත. පියා පවසන්නේ ඔබලා කර්ම යෝගීන්ය. ඔබ මෙම සේවය පැය 8ක් කළ යුතුයි. ඔබට බාබාව පැය 8ක් සිහි කිරීමට හැකි වන අන්දමට බොහෝ උත්සාහ දරන්න. ඔහු සිහි කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වෙයි. මෙයට යෝගා ගින්න යැයි කියයි. මෙයට උත්සාහය අවශ්‍යයි. ඔබගේ පවුලේ අය සමඟ නිවසේ ජීවත් වන අතර පියාව සිහිකරන්න, එපමණයි. තම නිවෙස් සහ පවුලේ අය අතහැර, බාබාගේ දරුවන් වී ඇති අය, නිවසේ ඔවුන්ගේ පවුලේ අය සමඟ ජීවත් වන අය තරම් පියාව සිහි නොකරන බවද, බාබා ඔබට පවසා තිබේ ඔවුන් ඊට වඩා බොහෝ සේ බාබාව සිහි කරයි. අර්ජුන සහ ගැමියාගේ නිදසුන තිබේ. පියා සිහි කිරීමට උත්සාහය අවශ්‍ය වන අතර, චක්‍රයද වටහාගත යුතුයි. මහා භාරත යුද්ධය අනිවාර්යෙන්ම ඇතිවෙයි. එය සත් යුගයෙදී සිදු වන්නේ නැත. ඔය දරුවන් අන්ධයින්ට සැරයටිද විය යුතුයි. සෑම කෙනෙකුටම පියාව සහ චක්‍රය සිහි කරන අන්දම සහ ස්ව-දර්ශන චක්‍රධාරියෙක් වන අන්දම පෙන්වා දෙන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අඩු තරමේ පැය 8ක් සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දරන්න. ඔබගේ ස්ථීතිය නොසෙලවෙන සහ අචල කරගැනීම සඳහා, ඔබගේ සිහිපත් කිරීමේ අභ්‍යාසය වැඩි කරගන්න. නොසැලකිලිමත් නොවන්න.

2. මෙම නාටකය නිර්මාණය වී ඇත්තේ සම්පූර්ණයෙන්ම නිවැරදිවයි. එබැවින් කිසිම කෙනෙක් සමඟ සිත් තැවුලට පත් නොවන්න. බුද්ධියේ විශ්වාසය ඇති අයෙක් බවට පත් වන්න.

වරදානය:
'බිඳ දැමීම', 'හැඩගැස්වීම' සහ 'ගොඩනැගීම' (සම්බන්ධතාව ඇති කිරීම) යන කරුණු තුන පිළිබඳව නිරන්තරයෙන් සිහිය තබා ගැනීමෙන් ඔබ සදා ජයග්‍රාහී වේවා.

මෙම සමස්ත අධ්‍යයනයේ සහ ඉගැන්වීම් වල සාරය කරුණු තුනකින් සමන්විත වේ: 1) කර්මය සමග බැඳුණු බැඳීම් බිඳ දැමීම 2) ඔබේ සංස්කාර සහ ස්වභාවය හැඩගස්වා ගැනීම. 3) ඒකායන පියා සමඟ සියලු සබඳතා ගොඩනඟා ගැනීම. මෙම කරුණු තුන ඔබව පරිපූර්ණ ජයග්‍රාහකයෙකු බවට පත් කරවයි. ඒ සඳහා, ඔබේ දෑසින් දැකිය හැකි විනාශයට පත්වන ඕනෑම දෙයක් දැනටමත් විනාශ වී අවසන් බව නිරන්තරයෙන් සිහියේ තබා ගන්න. ඒවා දෙස බලන අතරතුරම ඔබේ නව සබඳතා සහ නව ලෝකය ද දකින්න; එවිට ඔබ කිසිදා පරාජයට පත් නොවනු ඇත.

පාඨය:
යෝගීවරයෙකුගේ ලක්ෂණය වන්නේ ඔහු හෝ ඇය සැමවිටම පිරිසිදු හා පැහැදිලි වීමයි.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.

ඔබ තුළ යම් අපවිත්‍රත්වයක් තිබේ නම් හෝ බ්‍රාහ්මණ ජීවිතයට අදාළ චර්යා ධර්මයක් සිතින් හෝ බිඳ ගත්තේ නම්, එවිට සිංහාසනයේ අසුන් ගැනීම (උසස් තත්ත්වයට පත්වීම) වෙනුවට ඔබ පහත වැටෙන තත්ත්වයකට පත් වේ. ඔබ කිසිදු පාපකාරී ක්‍රියාවක් නොකර සිටියත්, නිකරුණේ සිදුවන ක්‍රියාවක් (නිෂ්ඵල ක්‍රියා) කළහොත්, පසුතැවිල්ලට වඩා ඔබට ඒ පිළිබඳව සැබෑ අවබෝධයක් ඇති වේ. එය වැරදි බවත් එය සිදු නොවිය යුතුව තිබූ බවත් ඔබට වැටහෙනු ඇති අතර, එය කටුවක් මෙන් ඔබේ සිතට ඇනෙනු ඇත. එබැවින්, සියලු ආකාරයේ නිෂ්ඵල දේ වලින් නිදහස් වන්න.