17.09.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අබු නම් වූ ස්ථානය උසස්තම වන්දනීය ස්ථානය යන රහස සෑම කෙනෙක් හටම පවසන්න. පරමාත්ම දෙවියන් විසින් සියලු දෙනා හට විමුක්තිය ලබා දෙන විට ඔහු සිටියේ අබු දේශයෙහියි.

ප්‍රශ්නය:
බොහෝ මිනිසුන් මෙහි එක්රොක්වන සෑම පුද්ගලයෙකු විසින්ම තේරුම් ගන්නා එක් කරුණක් තිබෙනවා. එය කුමක්ද?

පිළිතුර:
මීට පෙරත් පරමාත්ම පියා විසින් උගන්වා ඇති රාජයෝගා දැනුම දැන් නැවතත් ඔහු විසින් උගන්වනවා යන ප්‍රධාන කරුණ ඔවුන් වටහා ගත් විට සහ ඔහු සර්ව ව්‍යාප්ත නොවන බව ඔවුන් තේරුම් ගත් විටයි. පරම පියා මේ කාලයේදී අබු කරා පැමිණ මුළු ලෝකය පුරාම සාමය පතුරුවාලනවා. මෙහි අජීවී සිහිවටනය වන්නේ දිල්වාලා දේවාලයයි. ආදී දේව් ජීවමාන ස්වරූපයෙන් මෙහි අසුන්ගෙන සිටිනවා. මෙය ජීවමාන දිල්වාලා දේවාලයයි. ඔවුන් මේ ප්‍රධානම කරුණ තේරුම් ගතහොත්, අබු බොහෝ ප්‍රශංසනීයත්වයට ලක්වන අතර බොහෝ මිනිසුන් මෙහි එක්රොක් වී ඒමට පටන් ගනීවි. අබු නාමය එසේ ප්‍රසිද්ධ වන විට බොහෝ දෙනා මෙහි පැමිණෙයි.

ඕම් ශාන්ති.
මෙහිදී බාබා විසින්ම ඔබට රාජයෝගා ගැන කියා දෙනවා. නමුත් අනෙක් ස්ථාන වල, බාබා ඔවුන්ට උගන්වන්නේ නැහැ. ඔවුන් ඔවුන් හටම උගන්වා ගත යුතුයි. ඔවුන්ම ඉගෙන ගත යුතුයි. බාබා මෙහි හිඳගෙන දරුවන් හට උගන්වනවා. මෙහි වෙනස දවසත් රැයත් වගෙයි. මෙහි මිනිසුන් බොහෝ සෙයින් ඔවුන්ගේ නෑදෑයන් හා මිතුරන් සිහි කරමින් සිටිනවා. ඔවුන් හට එතරම් බාබා සිහි කිරීමට බැහැ. මේ නිසා තමයි ඔවුන් හට ආත්ම අවධානයට පත් වීමට තරමක් අපහසු වන්නේ. නමුත් ඔබ නම් අනිවාර්යෙන්ම මෙහිදී ඉතා ඉක්මණින් ජීව අවධානයට පත් විය යුතුයි. කිසිම දෙයක් තේරුම් ගත නොහැකි බොහෝ දෙනා මෙහි සිටිනවා. මෙහිදී අපට සේවය කරන්නේ ශිව බාබා විසිනුයි. ඔහු අපට මෙසේ කියනවා ඔබ ජීවයක් බව සලකා බාබා සිහිපත් කරන්න. ඔබ අනිවාර්යෙන්ම ඔබ ඉදිරියෙහි සිටින, මොහුගේ ශරීරයට ඇතුල් වී සිටින මේ පියා සිහිපත් කළ යුතුයි. දරුවන් බොහෝ දෙනෙකුට ශිව බාබා මෙම බ්‍රහ්මා බාබාගේ ශරීරය මාර්ගයෙන් ඔබට උගන්වනවා කියන විශ්වාසය නැහැ. අනෙක් මිනිසුන් මෙසේ අසනවා අපට විශ්වාසය ඇතිකර ගත හැක්කේ කෙසේද? සමහර විට මෙහි සිටින සියලු දෙනාත් අප වගේමයි. ඔවුන් හට බාබා කෙරෙහි හොඳ විශ්වාසයක් තිබෙනවා නම් ඔවුන් ඉතා ආදරයෙන් බාබා සිහිපත් කර බලවත් තැනැත්තන් බවට පත් වනවා. ඒ වගේම ඔවුන් විසින් විශාල සේවයක් පවා ඉටු කෙරෙනවා. ඔබ විසින් මේ මුළු ලෝකයම පාරිශුද්ධත්වයට පත්කළ යුතුයි. ඔබ තුළ යෝගා වල යම් අඩුවක් තිබෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබ තුළ මෙම දැනුම ගැනත් පුංචි අඩුපාඩුවක් තිබෙනවා යන්නයි. බොහෝ දෙනා මෙම දැනුමට සවන් දෙනවා. නමුත් ඔවුන් ඒ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් විසින් හොඳින් දැනුම ධාරණය කරගනු ලබනවා නම් ඔවුන් අන් අය හටත් එය කියා දෙනවා. බාබා ඔබට විස්තර කර දී තිබෙනවා, මිනිසුන් දිගින් දිගටම සම්මන්ත්‍රණ ආදිය පවත්වන බවත් ඔවුන්ට එහිදී අවශ්‍යවන්නේ සාමය ලෝකයෙහි ඇති වීම බවත්. ඔවුන් මෙම සාමය තිබුණේ කවදාද, එය නිර්මාණය වූයේ කෙසේද ආදී කිසිම දෙයක් දන්නේ නැහැ ඔවුන් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මෙහි මුලින් තිබුණු සාමයම ඔබ විසින් නැවතත් ලබා ගත යුතුයි. බාබා මෙහි පැමිණ සිටිනවා. ඒ වගේම ලෝකයේ සාමය හා සතුට අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව දන්නේ ඔබ පමණයි. දිල්වාලා කෝවිලෙහි ආදී දේව් (පළවනම දේවතාව) ගේ පිළිමයකුත් ලෝක සාමය පිළිබඳව වූ තවත් දර්ශනත් ඔබට දැකගත හැකියි. ඔවුන් ඔබට ඒ නොයෙකුත් ආකාරයේ සම්මන්ත්‍රණ ආදියට ආරාධනා කරන විට ඔබට කුමන ආකාරයේ සාමයක්ද අවශ්‍ය වන්නේ යන්න ඔබ විසින් ඔවුන්ගෙන් ඇසිය යුතුයි. ලක්ෂ්මී හා නාරායන් මෙහි සිටින විට මෙම ලෝකයෙහි සාමය පැවතී තිබුණා. දිල්වාලා කෝවිලෙහි මෙහි නිවැරදි වූ පිළිමයක් තනා තිබෙනවා. ඔවුන්ට මෙම ලෝකයෙහි සාමය තිබුණා කියා යම් සාක්ෂියක් අවශ්‍යයි. ලක්ෂ්මී හා නාරායන්ගේ පින්තූරයෙන් පමණක් ඔවුන් මෙය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් හට දැන් තිබෙන්නේ ගල් බුද්ධියක්. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම ලක්ෂ්මී හා නාරායන් මෙම ලෝකයේ සාමය තිබුණු බවට වන ප්‍රථම සාක්ෂිය බව පෙන්නුම් කළ යුතුයි ඉතින් ඔවුන්ට එම රාජ්‍යය දැක ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් දිල්වාලා කෝවිලට පැමිණ මෙය තේරුම් ගත යුතුයි. මෙහි අනුරුවක් එහි පෙන්වා තිබෙනවා. එමනිසා, ඔවුන් අබූ වලට පැමිණ මෙය දැක ගත යුතුයි. මෙම සිහිවටන කෝවිල නිර්මාණය කළ අය හෝ එය තනන ලද අය හෝ මෙය තේරුම් ගෙන නැහැ. ඔවුන් එය දිල්වාලා කෝවිල ලෙස නම් කොට ආදී දේව් යන අනුරුවත් එහි තැන්පත් කර තිබෙනවා. ඒ වගේම එහි වහලයෙහි සත් යුගය පවා පෙන්වා තිබෙනවා. එම කෝවිල පණ නැති දෙයක්. නමුත් ඔබ සියලු දෙනා පණ ඇති කෝවිල් වැනිය. ඔබ එවැනි කෝවිලක් ලෙස හැඳින්විය හැකියි. නමුත් කොතරම් මිනිසුන් ප්‍රමාණයක් එහි රොක් වනවාද යන්න ඔබ දන්නේ නැහැ. මිනිසුන් එවිට මේ ගැන නොයෙකුත් ප්‍රශ්න ඇති කර ගන්නවා. මෙය විස්තර කිරීම සඳහා ඔබ බොහෝ සෙයින් උත්සාහ දැරිය යුතුයි. දරුවන් බොහෝ දෙනෙක් මෙය තේරුම් ගන්නේ නැහැ. බොහෝ සමීප වී හිඳගෙන දොර ළඟටම වී අසාගෙන සිටින අය සිටිනවා නමුත් ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ! නොයෙකුත් ආකාරයේ මිනිසුන් මෙම ප්‍රදර්ශන නැරඹීමට මෙහි එනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ මාර්ගයන් හා නොයෙකුත් සංවිධානයන් පවා බිහි වී තිබෙනවා. වෛශ්නාව් (විශ්ණුගේ පිරිසිඳු නිර්මාංසාහාරී භක්තිවන්තයින්) අනුගමනය කරන අය පවා වෛශ්නාව් කියන්නේ කවුද කියා තේරුම් ගන්නේ නැහැ. ක්‍රිෂ්ණාගේ රාජ්‍යය තිබෙන්නේ කොහේද? ඔවුන් මෙය දන්නේ නැහැ. ක්‍රිෂ්ණාගේ රාජ්‍යය හැඳින්වූයේ සත් යුගය ලෙසයි, පාරාදීසය ලෙසයි. ඔබ ආරාධනා ලබන ඕනෑම තැනකට ගොස් සේවය සිදු කරන්න කියා බාබා ඔබට කියා තිබෙනවා. මෙසේ කියන්න මෙම ලෝකයේ සාමය තිබුණේ කවදාද? මෙම අබූ ප්‍රාන්තය තමයි උසස්තම වන වන්දනීය ස්ථානය. බාබා දැන් මුළු ලෝකයටම විමුක්තිය ලබා දීම සඳහා අබූ කරා පැමිණ සිටිනවා. ඔබට මෙම සාමය ගැන යම් සාක්ෂියක් අවශ්‍ය වනවා නම්, අබූ කන්ද කරා පැමිණ දිල්වාලා කෝවිල නරඹන්න. මෙම ලෝකයෙහි තිබුණු සාමය කුමක්ද කියා දැන ගැනීමට එය හොඳම සාක්ෂියයි. මිනිසුන් මෙය ඇසීමෙන් සතුටට පත් වෙයි. ජෛන ආගමේ සිටින අය පවා මෙය අසා සතුටු වෙයි. ප්‍රජාපිතා බ්‍රහ්මා ඔබගේ පියා, ඒ වගේම ආදී දේව් කියා ඔබ විසින් විස්තර කළා වුවත් ඔවුන් එය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ අපට බ්‍රහ්ම කුමාරීන් විසින් කියන දෙය තේරෙන්නේ නැත කියායි. එමනිසා, දරුවනි, ඔබ විසින් අබූ ප්‍රදේශය බොහෝ සෙයින් ප්‍රශංසනීයත්වයට ලක් කළ යුතුයි. එය තමයි උසස්තම වූ වන්දනීය ස්ථානය කියා ඔබ විසින් විස්තර කර දිය යුතුයි. ඒ වගේම ඔබ බොම්බායටත් ගොස් අබූ ප්‍රදේශය හොඳම වන්දනීය ස්ථානය වන්නේ කෙසේද කියා විස්තර කර දිය යුතුයි. ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය අබූ කරා පැමිණ සත් යුගය මෙහි ස්ථාපිත කරන්නේ කෙසේද කියා ඔබ විස්තර කර දිය යුතුයි. ඔහු විසින් නිර්මාණය කළ සත් යුගයෙහි අනුරුවකුත් ආදී දේව්ගේ අනුරුවකුත් ඒ එහි පෙන්වා දී තිබෙනවා. නමුත් මිනිසුන් මෙය තේරුම් ගන්නේ නැහැ. එමනිසා, මෙය ඔවුන්ට කියා දෙන්නේ ඔබට තේරෙන්නේ නැති නිසා කියා ඔවුන්ට පැවසිය යුතුයි. ප්‍රථමයෙන්ම ඔවුන්ගෙන් මෙසේ අසන්න මෙම ලෝකයේ ඔබට අවශ්‍ය වන්නේ කුමන ආකාරයක සාමයක්ද? ඔබ කිසිම විටෙක මෙය අත්දැක තිබෙනවාද? මෙසේ විස්තර කරන්න මෙම ලෝකයෙහි එකල සාමය තිබුණා. එම සාමය තිබුණේ ලක්ෂ්මී හා නාරායන් සිටි රාජ්‍යයේයි. ඒ කාලයේ එහි තිබුණේ ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මය පමණයි. එම රාජ්‍යය එම වංශය අවසන් වන තුරුම මෙහි තිබුණා. අබූ කරා පැමිණෙන්න එවිට අප ඔබට එම රාජ්‍යයේ පින්තූරයක් පෙන්වන්නම්. මෙම ලෝකය දැන් පැරණි වූ අපිරිසිඳු ලෝකයක් බවට පත් වී තිබෙනවා. එය නව ලෝකය ලෙස හැඳින්විය නොහැකියි. මෙහි ඒ නව ලෝකයේ අනුරුවක් ඔබට දැකගත හැකියි. ඒ නව ලෝකය දැන් මෙහි ස්ථාපිත වීමටයි යන්නේ. ඔබ මෙය තේරුම් ගන්නා නිසා තමයි ඔබට ඒ ගැන කතා කිරීමට හැකි වී තිබෙන්නේ. ඔබ සියලුම දෙනාට මෙය තේරුම් ගත නොහැකි වන නිසා සියල්ලන්ටම මෙය විස්තර කර දිය නොහැකියි. මෙය ඉතා පහසු කරුණක් වුවත් සෑම කෙනෙක්ම එය තේරුම් ගන්නේ නැහැ. ඒ සත් යුග රාජ්‍යය ඔවුන් පෙන්නුම් කර තිබෙන්නේ එහි වහලය මතයි. ආදම් ලෙස හඳුන්වන ආදී දේව් පවා එහි පහළින් පෙන්වා තිබෙනවා. ඒ වගේම ඔහු ඔබගේ මහළු සීයා ලෙසත් හැඳින්විය හැකියි. ඔබ මේ ආකාරයෙන් ඔහුගේ ප්‍රශංසනීයත්වය ගායනා කළහොත් ඔහුත් බොහෝ සතුටට පත් වෙයි. මෙම අනුරුව ඉතා නිවැරදි අනුරුවක්. ඔවුන්ට කියන්න ඔබ ක්‍රිෂ්ණා ප්‍රශංසනීයත්වයට ලක් කරනවා කියා. මන්ද, ඔවුන් කිසිම කෙනෙක් ක්‍රිෂ්ණා මෙම ලෝකයේ අධිරාජ්‍යයා වන්නේ කෙසේද, ලෝක පාලකයා වන්නේ කෙසේද කියා දන්නේ නැහැ. මෙසේ කියන්න ඔබට එම සත් යුගයේ අනුරුවක් දැක ගැනීමට අවශ්‍ය නම් අබූ කරා පැමිණෙන්න. එවිට අප ඔබට එහි අනුරුවක් පෙන්වන්නම්. ඒ වගේම ඔහු මෙම සංගම් යුගයෙහිදී රාජයෝගා හදාරන්නේ කෙසේද කියාත් අප පෙන්වන්නම්. එමගින් තමයි ඔහු මේ සම්පූර්ණ ලෝකයේම පාලකයා බවට පත් වන්නේ. ඒ වගේම මෙම සංගමයෙහිදී අනෙක් අය තපස්යා කරන්නේ කෙසේද කියා අප පෙන්වන්නම්. ප්‍රායෝගික වශයෙන්ම සිදු වූ මේ සියලු දෙයෙහි සිහිවටන ඔබට එහිදී දැකගත හැකියි. ඒ වගේම ඒ ලක්ෂ්මී හා නාරායන්ගේ රාජ්‍යය ස්ථාපිත කරන ශිව බාබාගේ අනුරුවකුත් එහි තිබෙනවා. ඒ වගේම අම්බා (හින්දු ආගමෙහි දෙවියෙක්) හටත් ඔවුන් කෝවිලක් තනා තිබෙනවා. අම්බා හට අත් 10ක් හෝ 20ක් නැහැ. සෑම කෙනෙක් හටම තිබෙන්නේ අත් දෙකක් පමණයි. අබූ කරා පැමිණෙන්න එවිට මේ සියලු දේ අප ඔබට පෙන්වන්නම්. බාබා අබූ කරා පැමිණ මුළු ලෝකයම දිව්‍යලෝකයක් බවට පත්කොට සෑම කෙනෙක් හටම විමුක්තිය ලබා දුන්නා. අබූ වූ කලී උසස්තම වන්දනීය ස්ථානයයි. සෑම ආගමකම සිටින පුද්ගලයෙකුටම ගැලවීම ලබා දෙන්නේ ඔහු විසිනුයි. ඔහු තමයි අප සියල්ලන්ගේම පියා. අබූ වලට පැමිණෙන්න. එවිට අප ඔබට ඔහුගේ සිහිවටනයක් පෙන්වන්නම්. අබූ ගැන හොඳින් වර්ණනා කොට මේ සිහිවටන සියල්ලක්ම ඔවුන් හට පෙන්වන්න. සමහර ක්‍රිස්තියානි අයට පවා මේ භාරතයේ පැවති පැරණි යෝග ක්‍රමය කුමක්ද කියා දැන ගැනීමේ උවමනාව තිබෙනවා. ඔවුන් හට මෙසේ කියන්න ඔබ අබූ කරා පැමිණෙන්න එවිට අප ඔබට මෙය පෙන්වන්නම්. ඒ දිව්‍යලෝකය යනු කුමක්ද කියා නිවැරදිවම එහි පෙන්නුම් කර තිබෙනවා. ඔබටත් එවැනිම දෙයක් නිර්මාණය කිරීම බොහෝ පහසු දෙයක්. එමනිසා, ඔබ ඉතා පැහැදිලි ලෙස ඔවුන්ට මෙය පෙන්වා දිය යුතුයි. කිසිම දෙයක් නොතේරෙන විදේශිකයන් පවා මෙය තේරුම් ගනීවි. අබූ ප්‍රදේශයෙහි නාමය පතුරුවා හැරියහොත් බොහෝ දෙනා මෙහි පැමිණේවි. එය ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වේවි. යම් කෙනෙක් ඔබට සම්මන්ත්‍රණයකට ආරාධනා කර ඔබගෙන් ලෝක සාමය ගෙන එන්නේ කෙසේද කියා ඇසුවහොත් ඔබ ඔවුන්ගෙන් මෙසේ ඇසිය යුතුයි ඔබ දන්නවාද මෙම ලෝකයේ සාමය තිබුණු කාල පරිච්ජේදය ? ඔබ අබූ කරා පැමිණෙන්න. එම ලෝකයේ තිබුණු සාමය කිනම් ආකාරයේද කියා ඔබ හට පෙන්වීමටත් ඒ ගැන විස්තර කිරීමටත් අපට පුළුවන්. මේ ආකාරයේ වෙන කිසිම අනුරුවක් ඔබට වෙන කොතැනකදී හෝ දැකගත නොහැකියි. අබූ වූ කලී ඔබගේ උසස්තම වන්දනීය ස්ථානයයි. බාබා වුවත් පැමිණියේ මෙම ස්ථානයටයි. ඔහු ලෝක සාමය නිර්මාණය කොට සෑම කෙනෙක් හටම විමුක්තිය ලබා දුන්නා. වෙන කිසිම කෙනෙක් මෙම කරුණු තේරුම් ගන්නේ නැහැ. ඔබ සියලු දෙනාමත් සිටින්නේ අනුපිළිවෙලකටයි. හොඳ මාහාරාතීන් මෙම කෞතුකාගාරය රැකබලා ගත්තා වුවත් ඔවුන් නියමාකාරයෙන් එය විස්තර කරනවාද යන්න දන්නේ බාබා පමණයි. බාබා මේ සියලු දේ හොඳින් තේරුම් ගන්නවා. ඔබ කොහේ සිටියා වුවත් බාබා ඔබ සියලුම දෙනා පෞද්ගලිකවම දන්නවා. ඔබ විසින් කරන උත්සාහය කුමක්ද, ඔබ විසින් ලබන තත්ත්වය කුමක්ද කියා ඔහු දන්නවා. ඔබ කවුරු හෝ මේ අවස්ථාවේදී මිය ගියහොත් ඔබ විසින් කිසිම ස්ථානයක් ලබන්නේ නැහැ. මෙම ස්මරණය නම් වූ වන්දනා ගමන කෙරෙහි ඔවුන් හොඳ අවධානයක් යොමු කළ යුතුයි කියා ඔවුන් තේරුම් ගන්නේ නැහැ. බාබා සෑම දිනකම මේ දේවල් ගැන කියා දෙනවා. මේ ආකාරයෙන් මිනිසුන් හට හොඳින් විස්තර කර ඔවුන් සියලුම දෙනා මෙහි ගෙන ආ යුතුයි. මෙහි සිහිවටනය නිරන්තරයෙන් මෙහි තිබෙනවා. බාබා කියනවා මා මෙහි සිටිනවා. ඒ ආදී දේව් නම් වූ ඔහුත් මෙහි සිටින නිසා මෙය පාරාදීසයක් වනවා. ඉන්පසු අබූ ප්‍රදේශය සෑම කෙනෙක්ම දන්නා ප්‍රදේශයක් බවට පත් වනවා. එය කුමන තත්ත්වයකට පත් වීමට යනවාද කියා සියල්ලන්ම දැන ගන්නවා! කුරුක්ෂේත්‍රා ප්‍රදේශය (මහා භාරතයෙහි සටන් බිමක් ලෙස සඳහන් කර ඇති ස්ථානයක්) නඟා සිටුවාලීමට නම් ඔවුන් බොහෝ සෙයින් මුදල් වියදම් කරනවා. ගණන් කළ නොහැකි තරම් මිනිසුන් එහි එක්රොක් වනවා. එතනින් එන්නේ අමුතුම ආකාරයේ දුර්ගන්ධයක්, එතන කසල ගොඩක් ඒ ගැන අහන්නවත් එපා! එහි බොහෝ සෙයින් මිනිසුන් එක්රොක් වනවා. එහි මිනිසුන් ගෙන ගිය බසයක් ගඟේ ගිලී විනාශ වූවා කියා ප්‍රවෘත්තියක් තිබුණා. ඒ සෑම දෙයක්මත් යම් ආකාරයක දුකක්. ඒ අකල් මරණ නොනවත්වා සිදු වනවා. නමුත් එහිදී මේ කිසිම දෙයක් සිදු වන්නේ නැහැ. මේ සියලු දේ ඔවුන්ට විස්තර කර දීමට ඔබට පුළුවන්. නමුත් මේ දේවල් ගැන කතා කරන කෙනා බොහෝ සිහි බුද්ධියෙන් යුතු වූ අයෙක් විය යුතුයි. බාබා ඔබගේ බුද්ධිය තුළට දැනුම පොම්ප කරනවා වැනි දෙයක් තමයි කරන්නේ. ලෝකයේ වෙන කිසිම කෙනෙක් මෙම කරුණු තේරුම් ගන්නේ නැහැ. ඒ මිනිසුන් සිතනවා දැන් ඔවුන් නව ලෝකයක් කරා පියාසර කිරීමට හදනවා කියා. බාබා කියනවා මේ පැරණි ලෝකය දැන් අවසන් වීමටයි යන්නේ. ඔවුන් කියනවා මෙම ලෝකය අවසන් වීමට තවත් අවුරුදු 40,000ක් තිබෙනවා කියා. නමුත් මෙහි තිබෙන්නේ අවුරුදු 5000ක් පමණක් බව ඔබ විසින් විස්තර විය යුතුයි. මේ පැරණි ලෝකයේ මරණය දැන් ඔබ ඉදිරියෙහි තිබෙනවා. ලෝකයේ සියලුම දෙනා දැන් සිටින්නේ බලවත් අන්ධකාරයේ. ඔවුන් අවිද්‍යාව නම් වූ නින්දෙහි නිදා වැටෙනවා. කුම්භකර්ණා කල්ප භාගයක් තිස්සේ අවදි වීත් කල්ප භාගයක් තිස්සේ නිදා වැටෙමිනුත් සිටිනවා. ඔබ එවන් කුම්භකර්ණයින් සේ සිටියා. මෙම නාටකය ඉතා අසිරිමත් වූ නාටකයක්. සෑම කෙනෙක්ටමත් මෙම කරුණු තේරුම් ගත නොහැකියි. බොහෝ දෙනා හට භක්තිවන්ත හැඟීම් තිබෙන නිසා අන් අය දැකීමෙන්ම ඔවුනුත් එය අනුගමනය කරමින් මෙහි පැමිණෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඔබත් කවුරු හෝ ඔවුන්ට ආරාධනා කරනවා. ඔවුන් මෙසේ කියනවා අප ශිව බාබා ළඟට යනවා. ඒ අසීමිත වූ පියා සිහි කිරීමෙන් පමණක් ඔබ ඔබගේ අසීමිත වූ උරුමය ලබා ගන්නවා. එපමණයි! ඔවුන් මෙසේ කියනවා ශිව බාබා, අප ඔබගේ දරුවන්. අප අනිවාර්යෙන්ම අපගේ උරුමය ඔබගෙන් ලබා ගන්නවා. ඔවුන්ගේ ඔරුව කෙසේ හෝ එගොඩ වනවා. ඔවුන්ගේ ඒ භක්තිවන්ත හැඟීම් නිසාම ඔවුන් ලබන තිළිණය දෙස බලන්න! භක්ති මාර්ගයේ ඇත්තේ තාවකාලික සතුටක් පමණයි. දරුවනි, ඔබ මෙහිදී ඔබගේ අසීමිත වූ පියාගෙන් ඒ අසීමිත වූ උරුමය ලබා ගන්නා බව ඔබ දන්නවා. නමුත් ඔවුන්ගේ ඒ භක්තිවන්ත හැඟීම් සඳහා ඔවුන් ලබන සතුට ඉතා තාවකාලිකයි. නමුත් මෙහිදී ඔබ විසින් ලබන තිළිණය ඔබ ලබන්නේ උපත් 21ක් සඳහායි. කොහොමනමුත්, නොයෙකුත් දර්ශන දැකීමෙන් පමණක් ඔබට කිසිම දෙයක් ලබාගත නොහැකියි. ඔබ සමහරු කියනවා ඔබට යම් දර්ශනයක් දැකගත යුතුයි කියා. ඔවුන් කිසිම දෙයක් තේරුම්ගෙන නැතැයි කියා බාබා එවිට තේරුම් ගන්නවා. ඔබට එසේ දර්ශන දැකීමට අවශ්‍ය නම් ඇති තරම් භක්ති කරන්න. නමුත් එමඟින් ඔබට කිසිම දෙයක් ලැබිය නොහැකියි. සමහර විට ඔබ හොඳ උපතක් ලබා ගනියි. මේ සම්පූර්ණ කරුණම අසහාය වූ කරුණක්. මේ මුළු ලෝකයම දැන් පරිවර්ථනයට ලක් වීමටයි යන්නේ. මේ මුළු ලෝකයම එම පරිවර්ථනයට ලක් කරන්නේ බාබා විසිනුයි. මෙහි සිහිවටනය එහි තිබෙනවා. එය ඉතා පැරණි වූ කෝවිලක්. දෙයක් කෙතරම් ලස්සන වුවත් එහි යම්කිසි තුවාලයක් තිබේනම්, එහි ලස්සන නැතිව යනවා. මෙහි ඇති සියලු දේ විනාශ වන සුළුයි. එමනිසා, බාබා විස්තර කරනවා ප්‍රථමයෙන්ම ඔබටම යම් ප්‍රයෝජනයක් ගෙන ඒමට නම් ඔබ ජීවාත්මයක් බව සළකා බාබා සිහිපත් කරන්න. එවිට ඔබගේ සියලු පාපයන් විනාශ වී යනු ඇත. එය ඔබ විසින් කරන හැදෑරීම මත බලපාන දෙයක්. නොයෙකුත් ස්ථාන වල පෙන්නුම් කර ඇති ආකාරයට මදුරා (ක්‍රිෂ්ණා උපන් ස්ථානය) හි හෝ කුන්ජ්ගාලි (ක්‍රිෂ්ණා නටන ලද විදි) හෝ මධුභන් කියා දෙයක් නැහැ. ඒ වගේම ගෝප් හා ගෝපීන් සමඟ කළ ක්‍රීඩාවක් ගැන හෝ එහි සඳහන් වී නැහැ. මෙම කරුණු තේරුම් ගැනීම සඳහා ඔබ විසින් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. සෑම කරුණක්ම ඉතා හොඳින් විස්තර විය යුතුයි. ඒ සම්මන්ත්‍රණ සඳහා යැවීමට අපට හොඳ යෝග ශක්තියෙන් යුතු වූ අයෙක් අවශ්‍යයි. ඒ මැජික් භාණ්ඩයක් වැනි වූ යෝගාව නොමැතිනම් මෙම හීය නියම ආකාරයෙන් වදින්නේ නැහැ. මේ නිසා තමයි බාබා කියන්නේ ඔබට අවශ්‍ය නම් තවත් වේලාව තිබෙනවා. ඔවුන් දැන්, දෙවියන් සෑම තැනකම සිටින අයෙක් නොවෙයි කියා පිළිගත හොත් බොහෝ දෙනා එක්රොක් වී මෙහි පැමිණෙයි. කොහොමනමුත්, ඔවුන්ට තවම වෙලාව පැමිණ නැහැ. ඔවුන්ට විස්තර කර දිය යුතු ප්‍රධානම කරුණ වන්නේ බාබා මෙම රාජයෝග දැනුම ඔබට දුන්නා ඒ වගේම දැනුදු ඔහු පැමිණ සිටින්නේ එය ලබා දීමට බවයි. බාබාගේ නාමය යොදනවා වෙනුවට ඔවුන් දැන් ඒ අවලස්සන වී ඇති තැනැත්තාගේ නාමය යොදා ගන්නවා. මෙය ඉතා විශාල වැරැද්දක්. මේ නිසා තමයි ඔබගේ ඔරුව ගිලී යන්නේ. බාබා දැන් ඔබට විස්තර කරනවා මෙම අධ්‍යාපනය තමයි ඔබගේ ආදායම කියා. ඔබ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් තත්ත්වයට පත් කරවීම සඳහා බාබා අනිවාර්යෙන්ම ඔහු විසින්ම මෙහි පැමිණ මෙය ඉගැන්විය යුතුයි. ඔබ මෙය ලබා ගැනීමට නම් අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඒ වගේම දිව්‍යමය ගුණධර්ම එක්කර ගත යුතුයි. කොහොමනමුත්, සැවොම සිටින්නේ අනුපිළිවෙලකටයි. සෑම මධ්‍යස්ථානයක්මත් අනුපිළිවෙලකිනුයි තිබෙන්නේ. එවැනි විශාල රාජ්‍යයක් තනනවා යනු නැන්දම්මාගේ ගෙදර යනවා තරම් පහසු වූ දෙයක් නොවේ! ඔවුන්ට මෙසේ කියන්න දිව්‍යලෝකය ලෙස හඳුන්වන්නේ සත් යුගයයි. එම රාජ්‍යය පාලනය වන්නේ කෙසේද? ඔබට දේවී දේවතාවන්ගේ කණ්ඩායමක් දැක ගැනීමට අවශ්‍ය නම් අබූ කරා පැමිණෙන්න. මෙහි පෙන්වා ඇත් ආකාරයට එම රාජ්‍යය වහලෙහි පෙන්වා ඇති වෙන කිසිම තැනක් අපට දැකගත නොහැකියි. අජ්මිර්හිත් මෙවැනි අනුරුවක් පෙන්වා තිබෙනවා නමුත් එය වෙනයම් දෙයක්. මෙහි ආදී දේව් පවා සිටිනවා. මෙම සත් යුගය කවුරු, කෙසේ නිර්මාණය කරන ලද්දක්ද? එය කෙසේ ස්ථාපිත වූවාද යන්න දැනගත හැකි හොඳම සිහිවටනය මෙයයි. ’ජීවමාන දිල්වාලා කෝවිල‘ කියා ඔබට දැන් ඔබව හඳුන්වා ගත නොහැකියි. මිනිසුන් මෙය තේරුම් ගත් විට ඔවුන්ම කියනවා ඔබ මෙය ලිවිය යුතුයි කියා. කොහොමනමුත්, ඒ සඳහා තවම කාලය පැමිණ නැහැ. දැන් කාලයේ පුංචි දේවල් උදෙසා ඔවුන් කෙතරම් ඇණකොටා ගන්නවාද ! ඔවුන් දැන් සිටින්නේ බොහොම කෝපයෙන් ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන්. ඔබ හැර වෙන කිසිම කෙනෙක් ආත්ම අවධානයෙන් සිටින්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම මේ සඳහා උත්සාහ දැරිය යුතුයි. අනාගතයේ එන ඕනෑම දෙයක් හොඳයි කියා සිටිය නොයුතුයි. උත්සාහ කරන්නෙක් කියන්නේ නැහැ, ඔහු දිගටම උත්සාහ කරනවා කියා. පසුව, ඔහු අසමත් වුවහොත්, ඔහු කියාවි ’මගේ වාසනාව එයයි!‘ කියා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ආත්ම අවධානයට පත්වීම සඳහා සම්පූර්ණ උත්සාහය යොදන්න. මගේ වාසනාවේ සැටියට සියලු දේ සිදුවෙයි කියා කිසිම විටෙක සිතන්න එපා. සිහි බුද්ධියෙන් යුතු වූ අයෙක් බවට පත් වන්න.

2. මෙම ඥානයට සවන් දී එහි ප්‍රතිමූර්තියක් බවට පත් වන්න. යෝගා බලය හොඳින් ධාරණය කරගෙන සේවයෙහි යෙදෙන්න. ඒ උසස්තම වන්දනීය ස්ථානය වූ අබුහී ප්‍රශංසනීයත්වය සෑම කෙනෙක්ටම කියන්න.

වරදානය:
ඔබ "බාබා" යන එකම වචනය අවබෝධයෙන් සිහි කරමින් සේවයෙහි නිරතව සිටින සැබෑ යෝගීවරයෙක් සහ සැබෑ සේවාදායකයෙක් වේවා.

ඔය දරුවන් ඔබේ මුඛයෙන් හෝ ඔබේ මනසින් "බාබා" යන වචනය නැවත නැවතත් කියයි. ඔබ ඔහුගේ දරුවන් බැවින්, "බාබා" යන වචනය සිහි කරන විට හෝ සිතන විට එය යෝගාවකි. “බබා මෙහෙම කිව්වා, බාබා මෙය මෙහෙම කිව්වා” ලෙස කටින් පුන පුනා කීමත් සේවයක් වේ. කෙසේවෙතත්, සමහරු මෙම “බාබා” යන වචනය ඔවුන්ගේ හදවතින් පවසන අතර තවත් සමහරු එය ඔවුන්ගේ මොළයෙන් ඥානයෙන් කියති. එය හදවතින් පවසන අයගේ හදවතට සතුට හා බලයේ ස්වරූපයෙන් ක්ෂණික ලැබීම් ලැබේ. නිකම්ම ඔළුව පාවිච්චි කරන අයට කතා කරන අවස්ථාවේ සතුට ලැබෙන නමුත් එය සැමදා නොපවතී.

පාඨය:
සැබෑ සලබයන් යනු පරමාත්ම දෙවියන්ට, ගිනිදැල්ලට කැප වන අයයි.