17.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මම ඔය දරුවන් වෙනුවෙන් දිව්‍යලෝකය මගේ අත්ලෙහි ගෙනැවිත් තිබෙනවා. මා සිහිපත් කරන්න. එවිට දිව්‍යලෝකයේ ස්වාධිපත්‍යය ඔබ ලබනවා ඇත.

ප්‍රශ්නය:
සෑමවිටම අසීමිත සතුට අත්විඳිය හැක්කේ කොයි දරුවන්ට ද?

පිළිතුර:
1.අසීමිත අත්හැරීම ඇතත්, එසේම සැමගෙන් අත්මිදී ඒකායන කෙනා හා සම්බන්ධ වූවන් හට සදාකල් සතුටින් සිටිය හැකියි. 2. පියා අනුගමනය කරන්නන් සහ සේවය කිරීමෙහි උනන්දුවක් දක්වන්නන්ගේ සතුට කිසිදාක නැති වී යන්නේ නැහැ.

ගීතය:
ඔබගේ අහස් සිහසුන අතහැර මහ පොළවට බැස එන්න...

ඕම් ශාන්ති.
ඔබ සුමිහිරිතම ආධ්‍යාත්මික දරුවන් ගීතය ඇසුවා. මෙය කිව්වේ කවුද? පියා දරුවන්ගෙන්
ඇසුවා: ඔබ ගීතයට සවන් දුන්නාද? මිනිස්සුන්ට මහත් දුකක් ඇති වූ විට ඔහුට කතා කරනවා. සතුටු දේශයක්, පිවිතුරු ලොවක් නිර්මාණය කළේ පරම පියා විසින් බව ඔය දරුවත් දන්නවා. එනම්, ඔහු විසින් දෙවි දේවතාවරුන්ට රාජධානියක් ස්ථාපිත කළා. හරියටම කීවොත් දෙවි දේවතාවරු දිව්‍ය ලෝකයේ අධිපතීන් වාගේයි. ලක්ෂ්මි සහ නාරායත කොයිතරම් ධනවත්ද කියා. එසේම ඔවුන්ගේ රාජධානිය මොනතරම් විශාලද කියාත් ඔබට බලාගන්න පුළුවන් වෙයි. ඔවුන්ගේ රාජධානිය තුළ කිසිම කලකෝලාහලයක් නැහැ. ඔය දරුවන්ට එවන් වූ ප්‍රාප්තයක් පරම පියා ලබාදී තිබෙන නිසා ඔබ තුළ මහත් සතුටක් තිබිය යුතුයි. කෙසේවෙතත්, ඔබ දරණ උත්සාහයට අනුව සියල්ලක්ම අනුක්‍රමික වෙනවා. ඥානය සම්පූර්ණයෙන් නොගැනීම නිසා එහිදී සතුට අත්විඳින්නත් (බාහිර ලෝකයේ) බැහැ. මෙහිදීත් බැහැ. ඔවුන් ලෝක දෙකටම අයිතිය නැති අය බවට පත්වෙනවා. මන්ද, පියාගෙන් උරුමයන් දිනා ගනිමින් යන අතර ඔවුන් ඇද වැටෙනවා. පරමාත්මය පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපනය කරනා බව කිසිම කෙනෙක් දන්නේ නැත්තේ ඔහු අදෘෂ්‍යමාන ස්වරූපයෙන් පැමිණෙන නිසායි. ඔවුන් සැවොම ගණඳුරේ සිටින නිසායි. දෙවියන් මෙකල මෙහි අනිවාර්යෙන්ම සිටිය යුතුයි කියා ඔවුන් පවසන්නේ. මධ්‍යම රාත්‍රියේ ගණඳුර වී යැයි කියති. රාත්‍රියේ ගණඳුර සහ දවල් කාලයේ අතිශය ආලෝකය ඇත. භක්ති මාර්ගයේ රාත්‍රිය දැන් අවසන් වීමට යන බවද දුක හැරෙන්න වෙන කිසිවක් එහි නැති බවද ඔය දරුවත් දන්නවා. මිනිසුන් සිතා සිටින්නේ භක්ති කිරිමෙන් පසුව ඔවුන්ට දෙවියන් හමුවේවි කියායි. පරම පියා ඇවිත් සියල්ලන්ටම විමුක්තිය ලබා දෙනවා කියා ඔය දරුවන් දන්නවා. ඔය දරුවන් අනුක්‍රමිකව සිටිනවා. සමහරුන්ගේ සතුටේ රසදිය කඳ ඉහළින් තිබෙනවා. ඔවුන් සතුටින් බොහෝ උත්සාහ දරණවා. ඔවුන් සේවය සඳහා ගොස්, මිනිසුන්ට පැහැදිලි කිරීමට දැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසායි බාබා ප්‍රදර්ශන සහ සල්පිල ආදිය සූදානම් කරන්නේ. එමනිසා, ඔබ අන් අයට කියා දෙන විට ඔබේ සතුටේ රසදිය කඳ ඉහළ යා හැකියි. මෙහි ධනය ඇත්තන් හිතන්නේ ඔවුන් දිව්‍ය ලෝකයේ ඉන්නවා කියායි. ඒ අයට ඥානය ගැනීම අපහසු කාරණයක්. ඒ නිසා තමයි. පියාගේ ප්‍රාප්තයන්ට හිමිකම් ලබන්න බුද්ධිමත් වන්නේ කෝටි සංඛ්‍යාවෙන් අතමිටක තරම් වූ පිරිසකට පමණයි කියා සඳහන් කර තිබෙන්නේ. මෙසේ කියා තිබෙනවා: පියා අනුගමනය කරන්න. එමනිසා, ඔබ පියාගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඉතා හොඳින් ශ්‍රීමත් අනුගමනය කරනා අය පියාව අනුගමනය කිරීමත් කරනවා. උදාහරණයක් වශයෙන් මේ දරුවා (බ්‍රහ්මා) පියාව හොඳාකාරව අනුගමනය කරනවා. දරුවන් ඔවුන්ගේ පියාගේ උපදෙස් අනුගමනය නොකළ විට, ඔවුන්ගේ පියා කියන්නේ එහෙනම් තමන්ට ඕන විදියට කරගෙන යන්න කියලයි. රාවණ උපදෙස් අනුගමනය කරන අය සහ රාමාගේ උපදෙස් අනුගමනය කරන අයට එකට ඉන්න බැහැ. භාරතයෙහි ආදී සනාථන දේවි දේවතා ධර්මය තිබූ වග දරුවන්ට වැටහෙයි. ඔවුන් උපත් 84ක් ගෙන දැන් අපිරිසිඳු වී සිටිනවා. මේ නිසයි, ඔවුත් අහෝ පාරිශුද්ධකරුවාණෙනි එන්න කියා හඬනගා කතා කරන්නේ. ඔය දරුවන්ට වැටහෙනවා තවත් ඉතිරිව ඇත්තේ ස්වල්ප දිනයක් පමණයි කියා. දේවතා රාජධානිය ස්ථාපනය කරන්න මදක් කල් ගන්නවා. මෙය අදෘෂ්‍යමානයි. මෙහි යුද්ධය පිළිබඳ ගැටළුවක් ඇත්තේ නැහැ. කෙනෙක් සමග යුද්ධ කර දිනාගන්නා රාජ්‍යයක් නොවෙයි මෙය. දුක නැතිකර සතුට ප්‍රදානය කරන පරම පියා තමයි ඔබව රජවරුන්ගේත් රජවරු බවට පත් කරවන්නේ. සන්යාසීන් ගුරුන් වැනි අයට දුක නැතිකර සතුට ලබා දෙන්නක් විය නොහැකියි. ඔවුන්ගේ අත්හැරීම සීමා සහිත වන අතර ඔබගේ අත්හැරීම අසීමිත එකකි. මෙහි ඔබට අනන්ත අප්‍රමාණ සතුටක් ලැබෙනවා. ලක්‍ෂමි දෙවඟනටත් නාරායන දේවතා වරයාටත් අසීමිත සතුට තිබෙනවා. අපිරිසිඳු මිනිසුන් තමන්ගේ හිතට එන ඕනෑම දෙයක් නොකඩවා කියනවා. ඔබ කතා කරන සෑම වචනයකම අර්ථයක් තිබෙනවා. එය වෙන කිසිම දෙයක් සමග සසඳන්න බැහැ. පැරැණි ලෝකයේ තමයි සැසඳීම් තිබෙන්නේ. පැරැණි ලෝකයේ තිබු දේවල් මොනවාද කියා නව ලෝකයේදී ඔබ නොදනී. නව ලෝකය ස්ථාපනය වන්නේ කවදාද පැරැණි ලෝකය විනාශ වන්නේ කවදාද යන්න ඔබට මෙහිදී කියා දී තිබෙනවා. සෑම දැනුමක්ම මෙහිදී ඔබට තිබෙනවා. දිව්‍ය ලෝකය ස්ථාපනය කරනා පියාව ඔබ දැන් හමුවෙලා. එබැවින් ඉතා හොඳින් ඔබේ ප්‍රාප්තයන් ඔබ විසින් අත්කරගත යුතුයි. පෙර කල්පයේ ඉතා හොඳින් උත්සාහ දැරූ අය තම උරුමය ලබා ගනීවි. ඔවුනුත් අනුපිළිවෙලින් සිටිනවා. මෙය කටු ලෝකයයි. සෑම කෙනෙක් ළඟම නොම්මර එකේ කටුව තිබෙනවා. මේ පැරැණි ලෝකය අපිරිසිඳුයි. එවිට නව ලෝකය ඉතාමත් හොඳයි. දිව්‍ය ලෝකය යනු කුමක්ද කියා කිසිවකු නොදනී. ඔවුන් අහවල් අහවල් කෙනා ස්වර්ගස්ථ වුණා කියා කියන්නන් වාලේ කියනවා. යම් කෙනෙක් වාසය කළ හැකි දිව්‍ය ලෝකය ඇත්තේ කොහේද? භාරතයෙහි දිව්‍ය ලෝකය තිබුණු බව ඔබ දන්නවා. අපාය තිබෙන්නේ භාරතයේයි.ඒ මිනිස්සු මේ වචන අල්ලා ගෙන මෙහි දිව්‍ය ලෝකය සහ අපාය සමකාලීනව තිබුණා කියා කියාගනී. එනම්, බොහෝ වශයෙන් ධනය ඇත්තන් දිව්‍ය ලෝකයෙහි සිටිනවා කියා කියති. කෙසේවෙතත්, එය එසේ නොවෙයි. භාරතය අළුත් වී ස්වර්ණමය යුගයේදී තමයි එයට දිව්‍ය ලෝකය කියා හඳුන්වන්නේ. දැන් තිබෙන අපිරිසිඳු ලෝකය තමයි අපාය. ඇත්තේ එකම එක ලෝකයයි. ලක්ෂ්මි සහ නාරායනගේ අධිරාජ්‍යය පවතින්නේ නව ලෝකයේදීයි. රාවණ අධිරාජ්‍යය පටන් ගැනෙන්නේ පැරණි ලෝකයේදීයි. පියා කියනවා: මම ඔබගේ උපත් 84හි රහස කියා දෙන්නම්. මෙම රාජයෝගා මගින් මම ඔබව රජවරුන්ගේ රජවරු බවට පත් කරවමි. දිව්‍ය ලෝක පාලකයන් බවට පත් කරවමි. එමනිසා. අපාය නිසැකවම විනාශ වී යා යුතුයි. මිනිස්සු ආගමික ග්‍රන්ථ වල ක්‍රිෂ්ණාගේ නම ඇතුල් කර එහි යුද්ධයක්ද පෙන්වා තිබෙනවා. පාණ්ඩව සේනාවක් කියා දෙයක් නැහැ. මේ දිනවල මිනිස්සු කුමාරින්වත්, මව්වරුන්වත් යොදාගෙන ගිණිඅවි භාවිත කරන ආකාරය ඔවුන්ටත් කියා දෙනවා. මෙහිදීනම්, ඔබගේ අත්වල කිසිම ආයුධ ඇත්තේ නැහැ. ශිව ශක්ති සේනාව යනු කුමක්දැයි යන්න ගැන ඔවුන් මොනවාද දන්නේ? ශිව බාබාට කවදාවත් බැහැ ඔබ ලවා ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරවා ගන්න. යුද්ධයක් ගැන මෙහිදී ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. ශිව බාබාගේ සේනාව ආධ්‍යත්මික සේනාවක් බව ඔබ දන්නවා. ශිව බාබා අපව ද්වීතීය ප්‍රචණ්ඩත්වයෙන් තොර වූවන් බවට පත්කරවනවා. 100%ක් ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. එහි ඇත්තේ 100%ක්ම ප්‍රචණ්ඩකාරිත්වයයි. එක බෝම්බයකින් දසදහස් ගණනක් විනාශ කර දමනවා. අසීමිත අවිහිංසාවත්, හිංසාවත් අතර ඉතාමත් විශාල වෙනසක් තිබෙනවා. ඔබ දැන් සිටින්නේ අසීමිත වූ නිශ්ශබ්දතාවයකයි. යුද්ධය සඳහා වැඩි වැඩියෙන් සුදානම් වන තරමට ඔවුන් වැඩි වැඩියෙන් කෑකෝ ගසන්න පටන් ගන්නවා. විනාශය තුළ නොයෙකුත් කැළඹීම් තිබෙනවා. මෙම ස්ථාපනය සඳහා එවන් වූ නිශ්ශබ්දතාවකයි ඔබ සිටින්නේ. ඔබගේ උරුමය යෝග බලයෙත් පියාගෙන් ලබා ගන්නවා. ඇල්ෆා-පියා. සිහිපත්කිරීම තුළින් ඔබ දිව්‍ය ලෝක ස්වාධිපත්‍යය ලබනවා ඇත. එය ඉතාමත් පහසුයි. පරම පියා ඉතාමත් ආදරණීයයි. ඔහු පැමිණෙන්නේ ඈත පෙදෙසක සිටයි. පියෙක් පිටරටක සිට එන විට තෑගිබෝග රැගෙන ඒවි යැයි සිතා ඔහුගේ දරුවන් ඉතාමත් සතුටු වෙනවා. මේ අසීමිත පියා වේ. ඔහු එන්නේ එකම එක වතාවයි. ඔහු රැගෙන එන තෑගි මොනවා ද? ඔහු කියනවා:මම ඔබ වෙනුවෙන් මගේ අල්ලේ දිව්‍ය ලෝකය ගෙන ආවා. උදාහරණයකට කීවොත් හනුමන්ත සංජීවී ඖෂධ ශාක වැවුණු කන්දම අල්ලේ ඔසවාගෙන ආවා කියනවා. කිසිවකුටත් කන්දක් ඔසවන්න බැහැ. ඒ ලෙසින් පියා කියනවා: මම මාගේ අත්ලේ ඔබට දිව්‍ය ලෝකය ගෙනාවා කියා. දිව්‍ය ලෝකය කෙනෙකුට අතේ ගෙන යන්න බැහැ එය වටහාගත යුතු කාරණාවක්. බාබා ඔබට ගෙනැවිත් තිබෙන්නේ නොම්මර එකේ තෑග්ගක් බව ඔය දරුවන් දන්නවා. පියා කියනවා: මම දැන් ඔබව පිවිතුරු ලෝකයේ අධිපතීන් බවට පත් කරවන්නයි ඇවිත් සිටින්නේ. එමනිසා, ඔබ පාරිශුද්ධ විය යුතුයි. මේ රාජයෝගයයි. ගීතාවේ දෙවියන් විසින් තාරතයේ පෞරාණික රාජයෝගය උගන්වා අධිරාජ්‍යය ලබා දුන්නා යැයි සඳහන් වී තිබෙන පරිදි ඔහු යළිත් වතාවක් පැමිණ රාජයෝග උගන්වනවා. ඔබ කියන්නේ ඔබ දිව්‍ය ලෝකය ස්ථාපනය කරන පරම පියාගේ දරුවන් කියායි. පරම පියා නව ලෝකය ස්ථාපනය කරන විට යම් කෙනෙක් එහි ස්වාධිපත්‍යය නිසැකවම ලබනු ඇත. පරම පියා දිව්‍ය ලෝකයේ වාසය කරන්නන්ට පමණක් දෙනවා නොව, ඔහු අන් සියලු දෙනාටත් දෙනවා. නාටකය අනුව ඉතිරි සියලු දෙනාටත් මුක්තියේ කොටස ලැබෙනවා: සෑම කෙනෙකුටම ගැලවීම ලැබෙනවා. සැමටම ගැලවීම ලබා දෙන්නා එකම එක පියා හැර අන් කිසිවකු නොවේ. ඔබගේ ප්‍රදර්ශන ආදියට පැමිණෙන සියලුම වැදගත් පුද්ගලයින්ව ඔබ එකතු කරගත යුතුයි. ගීතාවේ දෙවියන් වන්නේ ක්‍රිෂ්ණා නොවෙයි. ශිවා යැයි කියා ඇත්තටම පිළිගන්නා අය ලවා කිසියම් දෙයක් ලියවා ගත යුතුයි. මිනිස්සු ඇහුම්කන් දෙන්නේ එවන් වැදගත් කෙනෙක් කීවොත් පමණයි. දුප්පත් කෙනෙක්ට කිසිම කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නැහැ. අන්න ඒ නිසා. කලින් සඳහන් කළ ආකාරයේ වැදගත් අය ලවා ඔබ ප්‍රදර්ශන වලදී කිසියම් දෙයක් ලියවා ගත යුතුයි. අදින් වසර 5000කට පෙර භාරතය දිව්‍ය ලෝකයක් වශයෙන් තිබුණා. එමෙන්ම එය ලක්ෂ්මි නාරායනගේ අධිරාජ්‍යය ද වුණා. දැන් මුළු ලෝකය පුරාම ව්‍යාප්තව තිබෙන්නේ රාවණගේ අධිරාජ්‍යයයි. ඔහු සියල්ලන්ගේම හතුරා වෙයි. ඔහු සෑම වසරේම පිළිස්සෙනවා. ඒ වුණත් තවමත් ඔහු මැරිලා නැහැ. භාරතයේ ලොකුම හතුරා රාවණයි. මෙය දන්නේ ඔබ පමණයි. රාමා වන පරමාත්ම පියා රාවණ්ව පරාජය කිරීම සඳහා ඔබව උනන්දු කරවනවා. ඔහු කියනවා: මා සිහිකරන්න. එවිට ඔබගේ පාප දුරුවී ගොස් ඔබ වටිනා කෙනෙක් බවට පත්වනු ඇත. එවිට ඔබට නව ලෝකය අවශ්‍ය වෙනවා. පැරණි ලෝකය අනිවාර්යයෙන්ම විනාශ වන අතර නැවත වතාවක් එයම සිදුවනු ඇත. රාවණ රාජ්‍යය විනාශ වී රාම රාජ්‍යය ස්ථාපනය වන විට, මහා භාරත යුද්ධය ඇරඹෙනවා. වේදනාවේ හැඬීම් පටන් ගන්නේ රාවණ රාජ්‍යයේදීය. වේදනාවේ හැඬීම් වලට පසුව ජය ගෝෂාව ඇහෙන්න ලැබෙන අතර ලෝකය වෙනස් වනවා ඇත. පැරණි ගොඩනැගිල්ලක් විනාශ කර දමා නව ගොඩනැගිල්ලක් සාදා නැවත එයත් විනාශ කර දමන්නා සේ ස්ථාපන කාර්යයත් සිදුවෙනවා. ඔවුන් දිගින් දිගටම බෝම්බ ආදිය නිපදවනවා. සියලු දේ සූදානම් වෙමින් පවතිනවා. දැන් දශේරාව පැමිණ තිබෙනවා. මිනිස්සු රාවණ්ගේ පඹයෙක් සාදනවා. මෙය අසීමිත කරුණක්. ඔවුන් දැන් කරනා දේවල් කුමක්ද කියා ඔබේ බුද්ධියේ ඇත. ඔවුන්ට පැහැදිලි කර කියා දුන් විට, තමන් කරනා දේ හොඳින් තේරුම් ගනීවි. එවිට ඒ අයම පුදුමයට පත් වේවි. ඒ තරම් විශාල රාවණ් කෙනෙක් සිටිය නොහැකි බව ඔවුන්ට පහදා දෙන්න. පියා කියනවා:දැන් රාම රාජ්‍යය දිනාගන්න. පස්පව් දානය කරන්න. එවිට අපල සියල්ල දුරුවී යනු ඇත. මුළු ලෝකයම පස්පව් නම් වූ අපලයට හසු වී ඇති බව පියා පැහැදිලි කර කියා දෙනවා. සෑම කෙනෙක්ම සම්පුර්ණයෙන්ම අවලස්සන වෙලා. ඔය දරුවන් අසීමිත සතුටක් අත්විඳිය යුතුයි. තව ඉතිරිව ඇත්තේ ස්වල්ප දිනයයි. නිර්මාපක, අධ්‍යක්‍ෂක, ප්‍රධාන නළුවා සහ නාටකයේ මුල, මැද හා අග ගැන ඔබ දැන් දන්නවා. වෙන කිසිම කෙනෙක් එය දන්නේ නැහැ. ඔබගේ බුද්ධිය දැන් පිරිසිඳු හා පැහැදිලි එකක් බවට පත්වෙලා. ඔබ දැන් පියාට අයිතියි. අනිවාර්යෙන්ම ඔබව දිව්‍ය ලෝකයට යවනු ඇත. දැනුම ආදායම් මාර්ගයක් බව සඳහන් කර තිබෙනවා. මේ පියා විසින් පමණක් ඔබට ලැබෙන ආධ්‍යාත්මික ඥානය මෙයයි. මිනිසුන්ට මෙම ඥානය දෙන්න තවත් මිනිසෙකුට බැහැ. ලෝකයේ මිනිසුන්ට දැනුම දෙන්නේ තවත් මිනිසෙකි. මෙහි පරමාත්මය වන පරම පියා පැමිණ ඥානය ලබා දෙනවා. අන් සෑම කෙනෙක්ම භක්ති මාර්ගයේ බොරු කතාන්දර කියා දී සිටින අයයි. සත්‍ය නාරායන සහ රාමායනය කතාන්දර තිබෙනවා. ඔවුන් අතීතයේ සිටි අය ගැන නොයෙකුත් කතාන්දර සාදනවා. මෙය අධ්‍යාපනයක්, මෙම අධ්‍යාපනය තුළ ඉතිහාසය හා භූගෝලය ගැන කියා දෙනවා. මේ ලෝක ඉතිහාසය හා භූගෝලය ගැනයි. එය විශාල වූ දෙයක්. මීට වසර 5000කට ප්‍රථම ගීතාව හැදෑරූ අය කිසිම දෙයක් තේරුම් අරන් නැතැයි බාබා කියා තිබෙනවා. යාදවයින්, කෞරවයින් සහ පාණ්ඩවයින් යනු කවුරුන්දැයි ඔබට ප්‍රායෝගිකවම දැකගත හැකියි. යුරෝපයේ ජීවත් වන්නන් වන යාදවයින් විනාශය සිදු කරවන මිසයිල නිෂ්පාදනය කළා. විනාශයට පසුව සිදුවන්නේ කුමක්දැයි ඔවුන් කිසිම දෙයක් පෙන්වා නැහැ. සමූල ඝාතනයක් සිදුවුණා කියා ඔවුන් සිතනවා. ඔබ ආගමික ග්‍රන්ථ විශ්වාස කරනවා දැයි ඔවුන් ඔබෙන් අසනවා. ඔවුන්ට කියන්න: ඔව්, අප ආගමික ග්‍රන්ථ ගැන දන්නවා. ඒ වාගේම ඒවා විශ්වාස කරනවා. ඒ සෑම දෙයක්ම අයත්වන්නේ භක්ති මාර්ගයටයි. ඒ එකම එක පියා ඥාන සාගරය පමණයි ඥානය පවසන්නේ. භක්තිය දැන් අවසන් වන අතර දැන් දැනුම ජය ගැනීමටයි තිබෙන්නේ. පැරණි ලෝකයේ විනාශය දැන් ඔබ ඉදිරියේමයි. එය අළුත් දෙයක් නොවේ. අපගේ සෙනෙහස තිබෙන්නේ ඒ එකම එක පියා වෙතයි. අප අනෙක් සෑම කෙනෙකුගෙන්ම වෙන් වී ඒ ඒකායන තැනැත්තා හා සම්බන්ධ වෙනවා. පියා කියනවා: ඔබ ජීවාත්මයක් යැයි සලකා මා ස්මරණය කරන්න. භාරතයෙහි පැරණි රාජයෝග ලෙසින් හැඳින්වෙන්නේ මෙයයි. පරම පියා පමණයි මෙය උගන්වන්නේ. ක්‍රිෂ්ණා ජීවාත්මය පවා දැන් ඔහුගේ අවසාන උපතේයි ඉන්නේ. පියා ඔහුට කියනවා:ඔබ තමාගේම උපත් ගැනවත් දන්නේ නැහැ. මෙය තමයි ඔබගේ උපත් ගණනාවකින් අවසානම උපත. මේ නිසා තමයි මා ඔහු තුළට ඇතුල් වී සිටින්නේ. මා මොහු තුළ ඉඳිමින් දරුවන්ව බ්‍රහ්මාගේ මුවින් උපන් නිර්මාණය බවට පත්කර, ඔබට ඔබගේ රාජ්‍යය නම් වූ වාසනාව හිමිකර දෙනවා. පියා හැර වෙන කිසිම කෙනෙකුට ඔබට මෙසේ කියන්න බැහැ. පියා ඔහු විසින්ම මෙම මුඛය මාර්ගයෙන් ඔබට සෑම දෙයක්ම කියනවා. මුලදී මේ බාබා කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. ඔබත් කිසිම දෙයක් දැන සිටියේ නැහැ. උපත් 84 හි චක්‍රය කැරකෙන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කර දිය යුත්තේ භාරතයේ මිනිසුන්ටයි. පරම පියා පැමිණ ඔබට රාජයෝග උගන්වා ඔබව සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දේවත්වයට පත්කළා වූ, දිව්‍ය ලෝකයේ දොරටුව විවෘත වීමට හේතුවන එම යුද්ධය මෙය වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉතා හොඳින් ශ්‍රීමත් පිළිපදිනා අයව අනුගමනය කරන්න. අසීමිත සතුටෙහි ඉඳීම සඳහා අන් අයව තමාට සමාන කිරීමේ සේවයෙහි යෙදෙන්න.

2. සෙනෙහෙවත් බුද්ධියක් ඇතිව සෑම අයෙකුගෙන්ම වෙන්වී තමන්ව එක් පියා හා සම්බන්ධ කරගන්න. ද්විත්ව අවිහිංසාවාදියකු වී නිශ්ශබ්දතාවයේ ඉඳිමින් ඔබේ අධිරාජ්‍යය ස්ථාපනය කරන්න.

වරදානය:
ඔබ සැබෑ සේවාධාරියෙකු වී, අත්හැරීම සහ තපස්යාව තුළින් ඔබ කරන සේවයේ සාර්ථකත්වය අත්කර ගනිත්වා!

ඔබ කරන සේවයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට ඇති ප්‍රධාන මාර්ගය වන්නේ අත්හැරීම සහ තපස්යාවයි. අත්හැරීම යනු ඔබේ මනසේ ඇති සිතිවිලි පවා අත්හැර දැමීමයි. යම් සිදුවීමක් නිසා, විනය නීති මාලාවක් නිසා හෝ බල කිරීමක් මත යමක් අත්හැරීම සැබෑ අත්හැරීම නොවේ; සැබෑ අත්හැරීම යනු මෙම ඥානයේ ප්‍රතිමූර්තියක් ලෙස සිටිමින්, ඔබේ සිතිවිලි පවා අත්හැර දැමීමයි. තපස්වී කෙනෙකු වීම යනු නිරන්තරයෙන් පරමාත්ම පියාගේ සෙනහස තුළ ගිලී සිටීමයි; එනම් ඥානය, සෙනහස, පරම ආනන්දය, සතුට සහ සාමය යන සාගරය තුළ ඒකාබද්ධ වී සිටීමයි. මෙවැනි අත්හැරීම සහ තපස්යාව තුළ සිටින්නන් පමණක් තමන් කරන සේවයේ සාර්ථකත්වය අත්කර ගනී; මන්ද ඔවුන් සැබෑ සේවාධාරීන් වන බැවිනි.

පාඨය:
ඔබේ තපස්යාව තුළින් සාමයේ කම්පන ලොව පුරා පතුරුවා හැරීම යනු ලෝක සේවාධාරියෙකු වීමයි.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

පරිපූර්ණ සහ පරිසමාප්ත ජීවාත්ම වන ඔබගේ අවසාන ස්වරූපය වන්නේ, කර්ම බන්ධනයන්ගෙන් මුළුමනින්ම නිදහස් වූ කර්මතීත් ස්ථිතියයි. මෙවැනි ස්ථිතියක් ගොඩනඟා ගැනීම සඳහා, බ්‍රහ්ම බාබා මෙන් සියලු සීමා ජයගත් ජයග්‍රාහී මැණික් බවට පත් වන්න; එවිට පමණක් ඔබට එම අවසාන කර්මාතීත් ස්ථිතිය අත්විඳිය හැක. විවිධ ආකාරයේ සීමාවන් යනු "මගේ, මගේ" යන හැඟීමේ විවිධ ස්වරූපයන්ය. "මම සහ මගේ, ඔබ සහ ඔබේ" යන වචන හතර, "බාබා" යන එකම වචනය තුළ ඒකාබද්ධ වූ විට, පරිපූර්ණත්වය ඔබට සමීප වනු ඇත.