18.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, තමා කෙරෙහි අනුකම්පා සහගත වන්න. පරමාත්ම පියා විසින් දෙනු ලබන උපදෙස්
පිළිපදින්න. අසීමිත සතුටක් ඔබට හිමිවේවි. මායාගේ ශාපයෙන් ඔබ ආරක්ෂා වේවි.
ප්‍රශ්නය:
මායාගේ ශාපයට
ලක්වන්නේ කෙසේද? ශාපලත් ජීවයක ගති ස්වභාවය කුමක්ද?
පිළිතුර:
1) පරමාත්ම පියාට ගරුත්වයකින් තොරව, මෙම ඉගෙනීම(ඥාන මිණිමුතු) නොසලකා හැර තමාගේම මත
අදහස් ඔස්සේ යනවා නම් ඔබ මායාගේ ශාපයට හසු වේවි. 2) යක්ෂ හැසිරීමක් තබාගෙන දිව්‍යමය
ගතිගුණ වලින් තොරව සිටිනවා නම් එය ඔබ ඔබටම අකාරුණික වීමකි. එවිට ඔබගේ බුද්ධිය අගුලු
වැටේ. එවන් දරුවන්ට පරමාත්ම පියාගේ හද සිහසුන ගත නොහැකියි.
ඕම් ශාන්ති.
තමන් දැන්
ජීවාත්ම අවධානයට පත්වී පරමාත්ම පියාව සිහිකළ යුතුයි යන විශ්වාසය ඔය අධ්‍යාත්මික
දරුවන් තුළ තිබෙනවා. මායා, රාවන් ඔබට ශාප කර ඔබව දුකට පත්කරවනවා. ශාපය යන්න දුක්ඛිත
වචනයක්, උරුමය යන්න සතුටේ වචනයක්. විශ්වාසවන්ත කීකරු දරුවන් මෙය ඉතාමත් හොදින්
තේරුම් ගන්නවා. අකීකරු දරුවන් පරමාත්ම පියාගේ දරුවන් වනනේ නැහැ. ඔවුන් තමන් කවුරුන්
කියා සිතාගෙන සිටියත් පරමාත්ම පියාගේ හද සිහසුනේ අසුන් ගැනීමට ඔවුන්ට හැකිවන්නේ
නැහැ; උරුමයක් දිනාගැනීමට ඔවුනට බැහැ. මායාට කීකරු වී පරමාත්ම පියාව සිහිනොකරන අයට
අන් අයට යමක් කියා දෙන්නත් බැහැ; ඔවුන් තමන්ටම ශාප කර ගන්නවා. මායා ඉතාමත් බලවත් බව
ඔය දරුවන් දන්නවා. අසීමිත පියාට ඔබ කීකරු වුණේ නැතිනම් ඉන් අදහස් වන්නේ ඔබ මායාට
කීකරු වන බවයි; මායාගේ බලපෑමට ඔබ හසු වෙනවා. දෙවියන්ගේ උපදෙස් හිස මුදුනින්
සෙනෙහසින් පිළිගත යුතුයි කියා කියනවා. මෙන්න මේ නිසා තමයි පියා කියන්නේ : දරුවනි,
මා සිහි කිරීමට උත්සාහ දරන්න. එවිට ඔබට මායාගේ ඇකයෙන් බිමට බැස බාබාගේ ඇකයට යා
හැකියි. පරමාත්ම පියා බුද්ධිමතුන්ගේ බුද්ධියයි. පරමාත්ම පියාට ඇහුම් කන් දුන්නේ
නැතිනම් ඔබගේ බුද්ධිය අගුළු වැටී යාවි. ඒ අගුල ඇරිය හැක්කේ එකම එක පියාට පමණයි.
ශ්‍රීමත් අනුගමනය නොකරනා අයගේ තත්ත්වය කොයි වගේ වේවිද? මායාගේ මත අනුගමනය කිරීමෙන්
ඔබට කිසිම තැනක් දිනා ගත නොහැකි වේවි. ඥානයට ඇහුම් කන් දුන්නත් ඔබට එය ධාරණය කර
ගැනීමට හැකි වන්නේත් නැහැ, අන් අයට ධාරණය කර ගැනීමට දිරිමත් කරවීමට හැකි වන්නේත්
නැහැ. එසේනම්, ඔබගේ තත්ත්වය කොයි වගේ වේවි ද? පරමාත්ම පියා දුප්පතුන්ගේ ස්වාමියායි.
මිනිස්සු දුප්පතුන්ට දානමාන දෙනවා. පරමාත්ම පියාත් පැමිණ අසීමිත දානයක් ඔබට දෙනවා.
ශ්‍රීමත් පිළිපැද්දේ නැතිනම් ඔබගේ බුද්ධිය මුළුමනින්ම අගුළු වැටි යාවි. එවිට ඔබ
ලබන්නේ කුමක්ද? පරමාත්ම පියාගේ දරුවන් වන්නේ ශ්‍රීමත් අනුගමනය කරනා අය පමණයි. පියා
කාරුණිකයි. මෙහෙන් පිටවී ගිය සැනකින්ම මායා ඔබව මුළුමනින්ම කා දමනා බව ඔහුට
තේරෙනවා. දිවිනසා ගන්නා කෙනෙක් කරන්නේ තමාවම විනාශකර ගැනීමක්. පරමාත්ම පියා
පැහැදිලිකර කියා දෙනවා: තමාට කාරුණිකවන්න. ශ්‍රීමත් අනුමනය කරන්න, තමාගේම මත අදහස්
නොවෙයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ යාවි. ලක්ෂ්මි නාරායනගේ
මුහුණු දෙස බලන්න; ඔවුන් හරිම ප්‍රබෝධමත්. එවන් උසස් තත්ත්වයක් දිනා ගැනීමට උත්සාහ
දරන්න! පරමාත්ම පියා ඔබට අවිනාශි ඥාන මිණිමුතු ලබාදෙනවා. ඉතින් ඇයි ඔබ ඒවා නොසලකා
හරින්නේ? මෙම මුතු මැණික් වලින් තම සාක්කු පුරවා ගන්න. ඇහුම් කන් දුන්නත් ඔබෙන්
ඇතැම් අය පරමාත්ම පියා සිහි නෙකරනා නිසා දැනුමින් පිරෙන්න බැරිව යක්ෂ හැසිරීම් ඇතිව
සිටිනවා. පරමාත්ම පියා නැවත නැවතත් ඔබට කියන්නේ : තමා කෙරෙහි කාරුණික වන්න.
දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න. දැන් මෙය යක්ෂ සමාජයයි. පරාමාත්ම පියා පැමිණ සිටින්නේ
එය සුර දේවතාවරුන්ගේ දේශයක් කිරීමටයි. දිව්‍යලෝකය සුර දේවතාවරුන්ගේ දේශයයි.
මිනිස්සු ඉබාගාතේ සැරිසරනවා. සන්යාසීවරුන්ගෙන් මනසට සහනයක් ලබාගත හැකියි කියා සිතා
මිනිස්සු ඔවුන් ළඟට යනවා. ඇත්තටම කියනවා නම් මෙම වචන වැරදියි; ඒවායේ අර්ථයක් නැහැ.
සාමය අවශ්‍ය වන්නේ ජීවාත්ම සත්ථාවන්ටයි. ජීවාත්මයන්ටම සාමයේ ස්වරූපය තිබේ. ජීවාත්මය
සාමකාමී කරගත හැක්කේ කෙසේද කියා ඔවුන් අහන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඉල්ලන්නේ: මනස
සාමකාමී කර ගත හැක්කේ කෙසේද කියලයි. කෙසේවෙතත්, ඔවුන් මනස හා බුද්ධිය කුමක්ද කියා
දන්නේත් නැහැ, ජීවාත්මය කුමක්ද කියා දන්නේත් නැහැ; ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ.
ඔවුන් කුමක් කීවත් කළත්, ඒ සියල්ල අයිති භක්ති මාර්ගයටයි. භක්ති මාර්ගයේ අය දිගටම
පහළට බසිමින් පැමිණ දැන් තමෝප්‍රධාන් වෙමින් සිටිනවා. කෙනෙකුට මහත් වූ ධන වස්තුවක්
තිබුණා වුවත්, ඔහු ඒත් සිටින්නේ රාවන් රාජ්‍යයේයි. මෙම පින්තූර ආදිය භාවිත කර
පැහැදිලි කර දෙන ආකාරය ඔය දරුවන් පුහුණු කළ යුතුයි. සෑම මධ්‍යස්ථානයකම සිටිනා
දරුවන්ට පියා පහදා දෙනවා. කෙසේවෙතත්, සියලු දෙනා සිටින්නේ ඒ ඒ අයගේ මට්ටම් වලයි. රජ
තත්ත්වයක් දිනා ගැනීමට ඇතැම් දරුවන් කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. ඉතින් පුරවැසියන්
අතර ඔවුන් කුමන මට්ටමක් දිනා ගනීවිද? ඔවුන් සේවය කරන්නේත් නැහැ, තම තත්ත්වය දිනා
ගැනීමට තරම් තමා කෙරෙහි කරුණාවකුත් නැහැ. නාටකයේ ඔවුන්ට හිමි චරිත කොටස් එපමණක් බව
තමයි එවිට තේරුම් ගැනීමට තිබෙන්නේ. තමාට යහපතක් සලසා ගැනීමට නම් දැනුම හදාරනවාත්
සමගම ඔබ යෝගාවේ ද නිරත විය යුතුයි. යෝගාවේ නොසිටියහොත්, කිසිම ප්‍රයෝජනයක් නැහැ.
යෝගාවෙන් තොරව පාරිශුද්ධ වෙන්න බැහැ. මෙම ඥානය ඉතාමත් පහසුයි, නමුත් ඔබ තමාටත්
යහපතක් උදාකර ගත යුතුයි. යෝගාවෙන් තොරව පාරිශුද්ධ වන්නේ කෙසේද? ඥානයයි යෝගාවයි
එකිනෙකට වෙනස්. දරුවන් බොහෝමයක්ම යෝගාවෙන් ඉතාමත් දුර්වලයි. ස්මරණයේ නිරත වීමට තරම්
ඔවුන්ට කල්පනාවක් නැහැ. ස්මරණයෙන් තොරව පාප දුරු වන්නේ කෙසේද? විශාල දඬුවම් විඳීමට
සිදු වේවි. පසුතැවිලි වීමට සිදු වේවි. භෞතික ආදායමක් උපයා ගන්නේ නැති අයට ඒ
වෙනුවෙන් දඬුවම් ලැබෙන්නේ නැහැ, නමුත් මේ නිසා ඔබේ හිස මත පාප බරක් පැටවෙනවා. ඒ
වෙනුවෙන් දඬුවම් විඳීමට සිදුවෙනවා. බාබාගේ දරුවන් වීමෙන් අනතුරුවත් ඔබ අගෞරව කරනා
අය වෙනවා නම් ඒ වෙනුවෙන් විශාල ලෙස දඬුවම් විඳීමට සිදු වෙනවා. පරමාත්ම පියා කියනවා
: තමා කෙරෙහි කාරුණික වී යෝගාවේ නිරත වන්න. නැතිනම්, ඔබට නිරපරාදේ සියදිවි නසා
ගැනීමට සිදු වේවි. නැතිනම් එයත්, කොහේ හෝ ඉහළකින් බිමට වැටී නමුත් මිය නොයා ඔත්පල
වෙනවා වගේයි. අපරාදේ මම එහෙම පනින්න ගියේ කිය කියා පසුව ඒ පුද්ගලයාට ඇඬූ කඳුලින්
තමයි ඉන්න සිදු වන්නේ. ඔහු මිය ගියේත් නැහැ ඉතින් ඇති ඵලය කුමක්ද? මෙහිදීත් සිදු
වන්නේ ඒ දෙයමයි. ඔබ ඉතාමත් ඉහළට නැගිය යුතුයි. ශ්‍රීමත් අනුගමනය කළේ නැතිනම් බිමට
වැටේවි. තව දුරටත් ඉදිරියට යන විට තමන් කුමන ආකාරයක තත්ත්වයක් දිනා ගනීවිද කියා
ඔබටම දැක ගත හැකි වේවි. හොඳින් සේවය කරනා හා කීකරු දරුවන් ඉහළ තත්ත්වයක් දිනා
ගන්නවා. නැතිනම්, ඔවුන් දැසි දස්සන් වෙනවා. දැඩි දඬුවම් විඳීමට සිදු වෙනවා. ඒ
මොහොතේදී දෙදෙනාම ධර්මරාජ් ස්වරූපය ගන්නවා. කෙසේවෙතත්, ඇතැම් දරුවන් මේ කිසිවක්ම
තේරුම් ගන්නේ නැතිව නොනවත්වාම වැරදිම කරනවා. මෙහිදී දඬුවම් විදිය යුතුයි. වැඩි
වැඩියෙන් සේවය කළ තරමට ඔබ වඩාත් වැඩදායක කෙනෙක් වේවි. නැතිනම් ඔබගෙන් ඇති ඵලක්
නැහැ. පරමාත්ම පියා කියනවා : අන් අයට යහපත සැලසීමට ඔබට නොහැකි නම්, අවම තරමින්
තමාටවත් යහපත සලසා ගන්න. බන්ධන වල සිටිනා මව්වරුන් පවා තමාට යහපත සලසා ගන්නවා. ඒ
වුණත්, පරමාත්ම පියා ඔබට කියන්නේ ප්‍රවේසමින් සිටින්න කියලයි. ඔබ කෙනෙකුගේ නම රූපයේ
පැටළුණහොත් මායාගෙන් හොඳටම රැවටේවි. ඇතැම් අය බාබාට කියනවා ඒ අය ඇතැම් පුද්ගලයින්
දෙස බලනා විට ඔවුන්ට නරක සිතිවිලි පහළ වෙනවා කියලා. පරමාත්ම පියා පැහැදිලි කර
කියනවා : ඔබගේ භෞතික ඉන්ද්‍රියන් හරහා කිසිම විටෙක නරක ක්‍රියාවක් කරන්න එපා.
අපිරිසිඳු බැල්මකින් හෝ නරක චරිතයකින් පිරි කෙනෙක් ඔබගේ මධ්‍යස්ථානයට පැමිණියහොත්
ඔහුට ඇතුල් වීමට ඉඩදෙන්න එපා. කෙනෙක් පාසලකදී නරක ලෙස හැසිරුණහොත් දැඩි දඬුවම්
ලැබෙනවා. ඔහුගේ හැසිරීම කෙතරම් නරක හැසිරීමක්ද පාසැලෙන් ඉවත් කරන්න සිදුවන්නේ ඒ
නිසයි කියා ඒ ගුරුවරයා සැමටම කරුණු ඉදිරිපත් කරාවි. දූෂිත බැල්මක් ඇති කෙනෙක් ඔබගේ
මධ්‍යස්ථානයට පැමිණියහොත් ඔහුව පන්නා දමන්න. පරමාත්ම පියා කියනවා : ඔබ කිසිම විටෙක
අපිරිසිඳු දැක්මකින් නොසිටිය යුතුයි. සේවය නොකර පරමාත්ම පියාව සිහි නොකර සිටිනවා
නම් අනිවාර්යෙන්ම ඔබ තුළ කුමන හෝ අපිරිසිඳුතාවයක් තිබෙනවා විය හැකියි. සේවය කරනා
අයගේ නම් කීර්තියට ලක්වේවි. සුළු හෝ නරක සිතිවිල්ලක් තිබුණහොත්, නැතිනම් පොඩි හෝ
නරක බැල්මකින් කවුරු හෝ දෙස බැලුවහොත් තමන් මායාගේ ප්‍රහාරයට ලක්වී ඇති බව ඔබ
තේරුම් ගත යුතුයි. එය මුළුමනින්ම නතර කර දැමිය යුතුයි. නැතිනම්, එය තව තවත් වර්ධනය
වී විශාල හානියක් ඇති කරාවි. පියාව සිහිපත් කර ආරක්ෂා වී සිටින්න. බාබා සෑම
දරුවෙකුටම අනතුරු අඟවනවා : තම වංශයේ නම අපහාසයට ලක් නොකිරීමට වගබලා ගන්න. හුදෙක්
නාමිකව පමණක් විවාහ වී එකට වාසය කරමින් සිටිනා අය බාබාගේ නමට කීර්තියක් ගෙන එනවා.
කෙසේවෙතත්, ඇතැම් අය කිලිටි වෙනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ මුක්තිය දිනා ගැනීමටයි.
තමන්ව නරක තත්ත්වයට ඇද දමාගන්න නොවෙයි. නරකම දුර්ගුණය කාම රාගයයි, ඊළඟට කේන්තිය. ඔබ
මෙහි පැමිණෙන්නේ පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගැනීමටයි, නමුත් ඒ වෙනුවට මායා ඔබට
පහර දුන් විට ඔබ ශාප ලද්දෙක් වෙනවා. එවිට ඔබ මුළුමනින්ම ඇද වැටෙනවා. ඔබ ඔබටම ශාප
කරගන්නවා. එමනිසා, පරමාත්ම පියා පහදා කියනවා : ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි.
එවන් පුද්ගලයෙක් පැමිණියහොත් ඉක්මණින්ම ඔහුව පිටකර යවන්න. ග්‍රන්ථවල පෙන්වා
තිබෙනවා, ඇතැම් අය අමෘතය පානය කිරීමට පැමිණියත් එතනින් පිටවුන වහාම යක්ෂයින් වන
ඔවුන් යක්ෂ ක්‍රියා කරනවා. එවන් අයට නැවතත් මෙම ඥානය තවත් කෙනෙකුට කියා දිය හැකි
වන්නේ නැහැ. එය හරියට ඔවුන්ගේ බුද්ධිය අගුළු වැටී ඇත්තාක් සේයි. පරමාත්ම පියා
කියනවා : සේවයේ කාර්ය බහුල වන්න. පරමාත්ම පියාගේ සිහියේ දිගටම රැඳී සිටීමෙන් ඔබ
අවසානයේදී නිවහන කරා යාවී. “රාත්‍රියේ සංචාරය කරන්නාණෙනි, වෙහෙසට පත්නොවන්න” කියා
ගීතයක් තිබෙනවා. ජීවාත්ම සත්ථාවන් නිවහන කරා යා යුතුයි. ගමනේ යෙදෙන්නේ
ජීවාත්මයනුයි. නිහඬ දේශය කරා ගමනේ යන්නන් වන්නේ ඔය ජීවාත්ම සත්ථාවන් බව සෑම දිනකම
ඔබට කියාදී තිබෙනවා. එමනිසා, නොකඩවා ඔබගේ පියාවත්, නිවහනත්, උරුමයත් සිහිකරන්න.
මායා ඔබව කුමන හෝ ආකාරයකින් රවටනවාදැයි කියා පරීක්ෂා කර බලන්න. මම මගේ පරමාත්ම
පියාව සිහිකරනවාද? ඉහළම ඉහළ පියා මත ඔබගේ ඇස තබාගෙන සිටීම උසස්ම උසස් උත්සාහයයි.
පරමාත්ම පියා කියනවා : දරුවනි,දූෂිත දැක්ම නතර කර දමන්න. අපිරිසිඳු දැක්ම යනු
ශාරීරික අවධානයයි. පිරිසිඳු දැක්ම යනු ජීවාත්ම අවධානයයි. එමනිසා, ඔය දරුවන්ගේ දැක්ම
පරමාත්ම පියා කෙරෙහිම යොමු වී තිබිය යුතුයි. ඔබගේ උරුමය ඉතාමත් උසස් උරුමයක්. ලෝක
අධිරාජ්‍යය පොඩි දෙයක් නොවෙයි. යෝගාවෙන් හා අධ්‍යයනයෙන් රාජ්‍යක් දිනාගත හැකිවේයැයි
කියා ඔබ සිහිනයෙන්වත් සිතන්න නැතිව ඇති. හොදින් ඉගෙන ගෙන උසස් තත්ත්වයක් දිනා ගත්තා
නම් පියාට සෑහෙන සතුටක් දැනේවි. ගුරුවරයාත්, සත්ගුරුත් සතුටු වේවි. නොකඩවාම පියාව
සිහි කරන්න, ඔහු ඔබට ඕනෑ තරම් ආදරය කරාවි. පියා කියනවා : දරුවනි, මෙම දුර්ගුණ ඉවත්
කරන්න. නැතිනම්, ඔබ මගේ නම නිරපරාදේ අපහාසයට ලක්කරාවි. පරමාත්ම පියා ඔබව ලෝක
පාලකවරුන් බවට පත්කරවනවා. ඔහු ඔබගේ වාසනාව විවෘත කරනවා. 100% ක් වාසනාවන්තව සිටියේ
භාරතීය ජනතාව පමණයි. ඔවුන්ම 100% ක් අවාසනාවන්ත අයත් වුනා. ඔබව වාසනාවන්ත කරවීමට
නැවතත් වතාවක් ඔබට උගන්වමින් සිටිනවා. උසස් ගණයේ සියලුම පූජකවරුනුත් ඔබ ළඟට
පැමිණේවි කියා බාබා කියා තිබෙනවා. ඔවුන් යෝගා ඉගෙන ගෙන යන්න යාවි. ඔබගේ කලාගාර වලට
පැමිණෙන විදේශිකයන්ට කියන්න දැන් දිව්‍යලෝකයේ දොරටු විවෘත වෙමින් පවතිනවා කියලා.
කල්ප වෘක්ෂය පිංතූරය පැහැදිලි කර දෙන්න: බලන්න, ඔබ මෙවන් වෙලාවක පැමිණෙනවා. භාරතයේ
මිනිසුන්ගේ චරිතය මෙවන් වෙලාවක ඇරඹෙනවා. මෙම ඥානයට ඇහුම් කන්දී, ඔබගේ රටට ආපසු ගොස්
ඒ අයටත් කියන්න. පරමාත්ම පියාව සිහි කර තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වන්න
කියලා. ඔවුන් යෝගා ඉගෙන ගැනීමට කැමතියි. හත යෝගී සන්යාසීවරුන්ට යෝගා උගන්වන්න බැහැ.
ඔබගේ පණිවිඩය පිටරට වලටත් යාවි. ඔවුන්ට පහදා දීමට ඉතාමත් හොඳ ක්‍රමයක් අවශ්‍යයි.
සියලුම උසස් ආගමික පුද්ගලයින්ටත් දවසක මෙහි පැමිණීමට සිදු වේවි. එක් පුද්ගලයෙක් හෝ
මෙය පැහැදිලිව තේරුම් ගත හොත්, ඔහුගෙන් තවත් බොහෝ දෙනා එය අවබෝධ කර ගනීවි. එක්
අයෙකුගේ සිහියට එය ඇතුළු වුණු විට, ඔහු එය පුවත් පත් වලත් පල කරාවි. මෙයත් නාටකයේ
නියමිත දෙයක්. නැතිනම්, ඔවුන් පියා සිහි කිරීම කොහොම ඉගෙන ගන්නද? සෑම කෙනෙක්ම
පියාගේ හැදින්වීම ලබා ගත යුතුයි. කවුරු හෝ කෙනෙක් මතු වේවි. පෞරාණික දේ බැලීමට
මිනිස්සු කෞතුකාගාර වලට යනවා. ඔබගේ පෞරාණික දැනුමට ඇහුම් කන් දීමට ඔවුන් මෙහි
පැමිණේවි. බොහෝ දෙනෙක් පැමිණේවි. ඇතැම් අයට සියල්ලම ඉතාමත් හොඳින් පැහැදිලිව තේරුම්
ගත හැකිවේවි. මෙහි සිටිනා සෑම කෙනෙක්ම දෘෂ්ඨි ලබාවි, මෙම පණිවිඩය පිටරටටත් යාවි. ඔබ
කියාවි: පරමාත්ම පියාව සිහි කරන්න, ඔබ ඔබගේම ධර්මයේ උසස් තත්ත්වයක් ලබාවි. නැවත
උපත් ගන්නා අතර සෑම කෙනෙක්ම පහළට ඇද වැටිලා. පහළට ඇදවැටෙනවා යනු තමෝප්‍රධාන් වීමයි.
පාප්තුමා ආදී අයටවත් පරමාත්ම පියාව සිහිකරන්නැයි කියන්න බැහැ. ඔවුන් පියා ගැන
දන්නේවත් නැහැ. ඔබට ඉතාමත් හොඳ දැනුමක් තිබෙනවා. ලස්සන පිංතූර දිගින් දිගටම සාදනවා.
ලස්සන දෙයක් ඇති විට කලාගාරයක් තවත් ලස්සන වේවි. එය බැලීමට බොහෝ දෙනෙක් පැමිණේවි.
පිංතූර ප්‍රමාණයෙන් විශාල වුණු තරමට එය පැහැදිලි කිරීමට වඩාත් පහසුවේවි. මේ
ආකාරයෙන් පැහැදිලි කිරීමට ඔබ සතුටු විය යුතුයි. තමන් දැන් බ්‍රාහ්මිණ් වරුන් වී
සිටිනා නිසා වැඩි වැඩියෙන් සේවය කළ තරමට ඔබට ලැබෙන ගෞරවය තවත් වැඩිවේවි. මෙහිදිත්
එහිදීත් ඔබ ගෞරවයට පාත්‍ර වේවි. ඔබ වන්දනීය වේවි. මෙම දේව ඥානය ඔබ හොදින් ධාරණය කර
ගත යුතුයි. පරමාත්ම පියා කියනවා : සේවය සඳහා දුවගෙන යන්න. සේවය සඳහා පරමාත්ම පියා
ඔබව කොහේ යැව්වත් එතැන අනිවාර්යෙන්ම යහපතක් තිබෙනවා. ඔබගේ සිහියේත් මුළු දවස පුරාම
සේවය පිළිබඳ සිතිවිලිම තිබිය යුතුයි. පිටරටවල අයට පියාගේ හැඳින්වීම දීමට තවත් ඉඩ කඩ
තිබෙනවා. ඉතාමත් ආදරණිය පියාව සිහිකරන්න. කිසිම මනුෂ්‍යයෙක්ව ඔබගේ ගුරු කර නොගන්න.
සියල්ලන්ට යහපත සලසන්නා එකම එක පරමාත්ම පියායි. සමූලඝාතන රැසක් ඔබ ඉදිරියේ සිදුවීමට
නියමිතයි. තොග වෙළඳාම හා සිල්ලර වෙළඳාම කියා තිබෙනවා. පරමාත්ම පියා තොග වෙළෙන්දෙක්,
ඔහු ඔබට තම බූදලය තොග පිටින් උරුම කර දෙනවා. ඔහු කියනවා : උපත් 21 කටම ඔබගේ රාජ්‍ය
දිනා ගන්න. ප්‍රධානම පිංතූර ත්‍රිමූර්ති, කල්ප චක්‍රය, කල්ප ගස, ඉණිමඟ හා බහුරූපි
ප්‍රතිමාවයි. ගීතාවේ දෙවියන් කවුද යන්න පහදන පිංතූරයකුත් තිබෙනවා. ඒ පිංතූරය අංක
එකේ පින්තූරයක්. පරමාත්ම පියාගේ මුළු ගුණ වාර්ණානාවම එහි තිබෙනවා. පරමාත්ම පියා
ක්‍රිෂ්ණාව ඒ තත්ත්වයට ගෙන ආවා. පරමාත්ම පියා අපට ඒ උරුමය දුන්නා. කලියුගයේ විශාල
ජනගහණයක් සිටිනා නමුත් ස්වර්ණමය යුගයේ සිටින්නේ සුළු පිරිසකුයි. මෙම වෙනස ඇති කළේ
කවුරුන්ද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. සංචාරකයින් වැඩිපුරම යන්නේ ලොකු නගරවලටයි.
ඔබ ළඟට පැමිණ ඔවුන් පියාගේ හැදින්වීම ලබා ගනීවි. සේවය සඳහා ඔබට ඉතාමත් හොඳ කරුණු
ලැබෙනවා. පිටරට වලටත් ඔබ යා යුතුයි. එක් පැත්තකින් ඔබ නොනවත්වාම පරමාත්ම පියාගේ
හැඳින්වීම ලබාදෙමින් යන අතර අනිත් පැත්තෙන් සටන් කෝළාහල ඇති වේවි. ස්වර්ණමය යුගයේ
සිටින්නේ ඉතාමත් සුළු පිරිසක්. එමනිසා, අන් සියලු දෙනාම විනාශ වෙන්න ඇති. ලෝක
ඉතිහාසය හා භූගෝලය නැවතත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සිදුවුණු සෑම දෙයක්ම
නැවතත් සිදුවේවි. නමුත් එය පැහැදිලි කර දීමට කාට හෝ ප්‍රඥාව තිබිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සෑම විටම
ඔබගේ බැල්ම පරමාත්ම පියා කෙරෙහිම යොමුකර තබාගන්න. ජීවාත්ම අවධානයට පත්වීමට උත්සාහ
දරා මායාගේ රැවටිල්ලෙන් තමාව ආරක්ෂා කර ගන්න. අපිරිසිඳු දැක්මක් ඇතිව කිසිදු විටක
තම වංශයේ නමට අපහාස කර ගන්න එපා.
2. සේවය සඳහා දිව
යන්න. සේවයට ලැදිව කීකරුව සිටින්න. තමාටත් අන් අයටත් යහපත සලසන්න. නරක ලෙස
හැසිරෙන්න එපා.
වරදානය:
පදාර්ථයේ ඕනෑම
කැළඹීමක්, නැවතීමේ තිතක් තබා නවතාලීමේ අවධිය ලබා ගැනීමෙන් ඔබ පදාර්ථයේ අධිපතියෙකු
වේවා.
වර්තමාන කාලය යනු
කැළඹීම් වැඩි වීමට කාලයයි. අවසාන ප්‍රශ්න පත්‍රයේ, එක් පැත්තකින් පදාර්ථයේ බියකරු
ස්වරූප ඇති අතර අනෙක් පැත්තෙන් පංච දුර්ගුණ වල බියකරු ස්වරූප ඇත. තමෝගුණී
ජීවාත්මයන්ගෙන් සහ පැරණි සංස්කාරයන්ගෙන් ප්‍රහාර අවසාන මොහොතේ පැමිණ ඔවුන්ගේ
අවස්ථාව ලබා ගනු ඇත. එවැනි කාලයකදී, අසුරාගැනීමේ බලය තිබීම මෙන්ම, ඔබ එක් මොහොතක
භෞතික ස්වරූපයේ ස්ථාවර වීමටත්, ඊළඟ මොහොතේ සූක්ෂම ස්වරූපයේ ස්ථාවර වීමටත් සහ ඊළඟ
මොහොතේ අශාරීරික ස්වරූපයේ ස්ථාවර වීමටත් පුහුණු විය යුතුය. දකින්න, නමුත් නොදකින්න;
අසන්න, නමුත් නොඅසන්න. නැවතීමේ තිතක් තැබීමේ අවධිය ඇති විට, ඔබට පදාර්ථයේ
අධිපතියෙකු වී ඕනෑම පදාර්ථයේ කැළඹීමක් නවතාලිය හැකි වනු ඇත.
පාඨය:
බාධකවලින් තොර
රාජධානියකට අයිතියක් ලබා ගැනීම සඳහා, බාධක වලින් තොර සේවාධාරියෙකු වන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
නිරතුරුවම මෙම අවධානය
තබා ගන්න: ජීවාත්මය වන මා, එම පරමාත්ම ජීවය සමග ඒකාබද්ධ වී ඇත. පරමාත්ම ජීවයට, මෙම
ජීවාත්මය වන මා නොමැතිව සිටිය නොහැක, එමෙන්ම මාහට පරමාත්ම ජීවය නොමැතිව හෝ ඔහුගෙන්
වෙන්ව සිටිය නොහැක. මේ ආකාරයෙන් සෑම තත්පරයකදීම ස්වාමී ඔබ සමග සිටීම අත්විදීමෙන්,
ඔබගේ නිරන්තර ආධ්‍යාත්මික සුගන්ධයෙන් ඔබ අවිනාශිව රිදී සිටියි.