18.05.25    Avyakt Bapdada      Sinhala Murli     25.03.2005    Om Shanti    Madhuban


මාස්ටර් ඥාන සූර්යෙක් වී ඔබගේ අත්දැකීම්වල කිරණ විහිදුවන්න.
භාග්‍යය පිරිනමන්නෙක් සහ තපස්වි කෙනෙක් වන්න.


අද දින, පූජනීය හංසයින් වන, සෑම තැනකම සිටින ඔහුගේ දරුවන් සමග හෝලි සැමරීමට බාප්දාදා ඇවිත්. ඔය දරුවන්ද ඔබගේ සෙනෙහස් රැහැනින් බැදී සිටිමින්, හෝලි සැමරීමට මෙහි ඇවිත්. හමුවක් සැමරීම සදහා ඔබ බොහෝ සෙනෙහසින් මෙහි ඇවිත්. බාප්දාදා ඔය සියළුම දරුවන්ගේ භාග්‍යය දෙස බලමින් සිටියා. එය ඉතා විශාල භාග්‍යයක්: ඔබ පූජනීයම අය වන තරමට, එම ප්‍රමාණයට ඔබ උසස්ම අයද වෙයි. මුඵ චක්‍රය දෙසම බලන්න. ඔබට වඩා උසස් භාග්‍යයක් වෙනත් කිසිවෙකුට නොමැත. ඔබගේ භාග්‍යය ඔබ දන්නවාද? වත්මන් කාලයේදි පවා ඔබ දේවමය පෝෂණයෙන්, මෙම දේවමය ඉගෙනුමෙන් සහ දේවමය ආශිර්වාද වලින් පෝෂණය කරනු ලබනවා. අනාගතයේද, ලෝක රාජධානියට අයිතියක් ඇති අය වන්නේ ඔබයි. ඔබ එය බවට පත් විය යුතුයි. එය නියම වී ඇති අතර ඔබට එම විශ්වාසය තිබේ. පසු කාලීනවද, ඔබ වන්දනීය වූ විට, ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම මෙන් වෙනත් කිසිවෙක් නිවැරදිව, නිසි ආකාරයට වැදුම් ලබන්නේ නැත. එබැවින් වර්ථමානයේ, අනාගතයේ සහ වන්දනීය ස්වරූපයේ උසස්ම වන්නේ ඔබයි, එනම් උච්චතම ලෙස උසස් අය ඔබයි. ඔබගේ අජීවී ප්‍රතිමාවන්ගේ සෑම ක්‍රියාවක්මත් වන්දනීයත්වයට පාත්‍ර වෙයි. ආගම් ස්ථාපිත කළ බොහෝ දෙනෙක් සහ මහා ආත්ම බොහෝ සිට ඇති නමුත්, නිවැරදි අන්දමට නිසියාකාරව වන්දනාවට ලක් වන්නේ, පරමාත්ම දෙවියන්ගේ ඔය උසස්ම-උසස් දරුවන් පමණයි. එයට හේතුව වන්නේ ඔබ මේ කාලයේ කර්ම යෝගීවරයෙක් ලෙස සෑම ක්‍රියාවක්ම නිවැරදිව සිදු කිරීමයි, එමෙන්ම එහි ඵලය වන්නේ ඔබ නිවැරදි අන්දමට වන්දනාවට ලක් වීමයි. ඔබ සංගම යුගයේ සිදු කරන උත්සාහයන්ගේ ප්‍රතිලාභය ඔබට ලැබෙයි. ඉතිං, උසස්ම-උසස් පරමාත්ම දෙවියන්, ඔය දරුවන්ට උසස්ම-උසස් ලැබීම් හිමි කර ගැනීමට මගපාදයි.

පූජනීය (holy) යනු පාරිශුද්ධත්වයයි: වැඩියෙන්ම පූජනීය මෙන්ම ශ්‍රේෂ්ඨතම වන්නේ ඔබයි. මෙම බ්‍රහ්මින් දිවියේ අත්තිවාරම පාරිශුද්ධත්වයයි. ඔබගේ සිතිවිලි වල හෝ සුළු අපවිත්‍රබවක් හෝ ඇත්නම්, ඔබට ශ්‍රේෂ්ඨ වීමට එය ඉඩ නොදෙයි. සතුට සහ සාමයේ මව, පාරිශුද්ධත්වයයි. සියළු ලැබීම් වලට යතුර, පාරිශුද්ධත්වයයි. ඔබ සියළු දෙනාගේම පාඨය මෙය වන්නේ මේ නිසයි: “පිවිතුරු වන්න එමෙන්ම යෝගී වන්න.” හෝලි උත්සවයෙදි පවා ඔවුන් පලමුව යමක් පුළුස්සා ඉන්පසුව සමරයි. එය පලමුව පුළුස්සා දමන්නේ නැතිව ඔවුන් සමරන්නේ නැහැ: අපවිත්‍රතාවය පුළුස්සා දැමීම. ඔබ යෝගා ගින්නේ ඔබගේ අපවිත්‍රතා පුළුස්සා දමයි. එබැවින් එහි සිහිවටනයක් ලෙස, ඒ මිනිස්සු ගින්නක යමක් පුළුස්සා, එය පිලිස්සීමෙන් පසුව ඔවුන් පිවිතුරු වී ඇති විට, ඔවුන් සතුටින් සමරයි. ඔබ පිවිතුරු වීමේ සිහිවටනයක් ලෙස, ඔවුන් හමුවක් සමරයි, මන්ද ඔබ සියළු දෙනාමත් ඔබගේ අපවිත්‍රතා පුළුස්සා දමා පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ පැහැයෙන් රතු පැහැ ගැන්වූ විටයි, ඔබ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇති කර, සියළු ජීවාත්ම සමග හමුවක් සමරන්නේ. මෙහි සිහිවටනය වන්නේ ඔබ සුභදායක, සතුටු හමුවක් තිබීමය. මෙම අවධානය තබා ගැනීමට කියා බාප්දාදා ඔය සියළුම දරුවන්ට සිහි කර දෙන්නේ මේ නිසයි: නිරන්තරයෙන් සියළු දෙනාගෙන් ආශිර්වාද ලැබ සියළු දෙනාට ආශිර්වාද ලබා දෙන්න. ඔබගේ ආශිර්වාද වල සුබ පැතුම් වලින් සුභ හමුවක් සමරන්න. ඔබ කෙරෙහි යමෙක් තුල නරක පැතුම් තිබුණත්, එම ජීවාත්මය සිටින්නේ අපවිත්‍රතාවයේ බලපෑම යටතේය. ඔබ එම නරක පැතුම් වලට ඔබගේ මනස තුල ඉඩ ලබා දෙන්නේ නම්, එවිට ඔබ සතුටින් රැදී සිටිවිද? ඔබ සතුට අත්විදිනවාද? එසේ නැත්නම් මෙවන් නිෂ්ඵල සිතිවිලි වල යම් දුකක් අත්දකිනවාද: “ඇයි? මොකක්ද? කොහොමද? කවුද?” එම නරක පැතුම් පිලිගැනීම යනු, තමන්ට අසාමය සහ දුක අත්විදීමට සැලැස්වීමයි. එවිට ඔබ බාප්දාදාගේ මෙම ශ්‍රීමත් වලට අකීකරු වනවා: සතුට දී, සතුට ගන්න. එසේ නම් ආශිර්වාද ලබා දෙන්නේ සහ ආශිර්වාද ගන්නේ කෙසේද කියා ඔය සියළුම දරුවන් ඉගෙන ගෙන තිබෙනවා නේද? ඔබ මෙය ඉගෙනගෙන තිබෙනවාද?

අධිෂ්ඨානයෙන් පොරොන්දුවක්, අධිෂ්ඨානය ඇතිව පොරොන්දුවක් වන්න: මා සතුට දී, සතුට ලබා ගත යුතුමයි. මා ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගත යුතුයි. ඔබ මෙම පොරොන්දුව වුණාද? ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? අද සිට ඔබ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කිරීමේ එඩිතරකම ඇති අය, “මා ආශිර්වාද දී ආශිර්වාද ගන්නවා” ඔබගේ අත් ඔසවන්න! එය ස්ථිරද? දුර්වල නොවන්න. ඔබ නොඉදී (දුර්වලව) රැදී සිටින්නේ නම්, කුරුල්ලන් කන්නේ නොඉදුණු පලතුරුය. සාර්ථකත්වයේ යතුර අධිෂ්ඨානයයි. ඔබ සියළු දෙනාට මෙම යතුර තිබෙනවාද? ඔබට එය තිබෙනවාද? ඔබට සෑම විටම යතුර තිබෙනවද? මායා එය සොරා ගන්නේ නැහැ නේද? ඇයත් මෙම යතුරට ප්‍රිය කරනවා. ඔබ සිතන විට, නිරන්තරයෙන් මෙම සිතිවිල්ල ඉස්මතු කර ගන්න: එය යටපත් නොකරන්න, එය ඉස්මතු කරගන්න: මා අනිවාර්යෙන් මෙය කළ යුතුයි. මා අනිවාර්යෙන් මෙය විය යුතුයි. එය දැනටමත් නිමා කර ඇත. ඔබගේ බුද්ධියේ විශ්වාසය තිබීමෙන් ජය ගැනීම ලෙස මෙය හැදින්වෙයි. නාටකයේ ජයග්‍රහණය දැනටමත් තීරණය වී තිබේ. ඔබට තිබෙන්නේ එය නැවත ඒ ආකාරයෙන්ම කිරීම පමණයි. මෙම නාටකය කල් තියා තීරණය වූ එකකි. එය දැනටමත් නිර්මාණය වී ඇති අතර, එය නැවත සිදු කිරීමෙන් ඔබ එය නැවත නිර්මාණය කරයි. එය අපහසුද? එය ඇතැම් විට අපහසු වනවාද? එය අපහසු බව දැනෙන්නේ ඇයි? ඔබම පහසු දේවල් අපහසු කරයි. ඔබ සුළු වැරදි සිදු කරයි. ඔබ සිදු කරන වරද කුමක්ද කියා ඔබ දන්නවාද? ඒ වෙලාවට බාප්දාදාට බොහෝ දයාවක් පමණක් නොවෙයි, ඔබ කෙරෙහි සෙනෙහසක්ද දැනෙයි. ඔහු තුල එම සෙනෙහස තිබෙන්නේ කුමන ස්වරූපයෙන්ද? එක අතකට ඔබ පවසන්නේ පරම පියා ඔබත් සමග ඒකාබද්ධ වී ඇති බවයි. ඔහු ඒකාබද්ධ වී සිටිනවද? ඔබ සමග නොවෙයි, නමුත් ඔබ සමග ඒකාබද්ධ වී. ඔහු ඒකාබද්ධද? ද්විත්ව විදේශිකයන්, ඔහු ඒකාබද්ධයිද? පිටුපස සිටින අය, ඔහු ඒකාබද්ධයිද? ගැලරියේ අසුන්ගෙන සිටින අය, ඔහු ඒකාබද්ධයිද?

මධුබන්, පාන්ඩව භවන්, ග්‍යාන් සරෝවර් සහ මෙහි නිවාසීන්ද වෙනම ශාලාවක සිට මුරලියට සවන් දෙන බවට පුවත අද බාප්දාදාට අසන්නට ලැබුණා, එබැවින් බාප්දාදා ඔවුන්ගෙන්ද විමසන්නේ: බාප්දාදා ඒකාබද්ධයිද? ඔවුන් අත් ඔසවනවා. ඔහු ඒකාබද්ධ බැවින්, සර්ව බලධාරි බාප්දාදා ඒකාබද්ධ බැවින්, එසේ නම් ඔබ තනි වන්නේ ඇයි? ඔබ දුර්වල වුණත්, බාප්දාදා සර්ව බලධාරියාය. ඔබ දුර්වල වන්නේ ඔබ තනි වූ විටයි. ඒකාබද්ධ ස්වරූපයේ සිටින්න. බාප්දාදා සෑම දරුවෙකුටම සෑම මොහොතකදීම සහයෝගය ලබා දෙයි. ශිව පියා පරමදාමයේ සිට පැමිණ සිටින්නේ ඇයි? ඔහු ඇවිත් සිටින්නේ කුමක් සදහාද? ඔහු ඇවිත් සිටින්නේ ඔය දරුවන්ට සහයෝගය ලබා දීමටයි. බලන්න, බ්‍රහ්ම පියා පවා ශාරීරික බවින් සූක්ෂ්ම විය. කුමක් සදහාද? ශාරීරික ස්වරූපයට වඩා සූක්ෂ්ම ස්වරූපය තුලින් ඔහුට උපරිම සහයෝගය සියළු දෙනාටම ලබා දිය හැක. එබැවින්, බාප්දාදා ඔහුගේ සහයෝගය ලබා දීමට ඉදිරිපත් වන බැවින් ඔබ තනිව සිටින්නේ ඇයි? ඔබ තමන්ට වෙහෙස වීමේ නියැලෙන්නට ඉඩ දෙන්නේ ඇයි? ඔබ උපත් 63ක් වෙහෙස වීය. එම වෙහෙස වීමේ සංස්කාර ඔබව දැන් පවා ඇද ගන්නවාද? සෙනෙහසේ ගැලී සිටින්න. සෙනෙහස තුල මුසු වී සිටින්න. සෙනෙහස, ඔබට වෙහෙස වීමෙන් නිදහස් වීමට මගපාදයි. ඔබ වෙහෙස වීම ප්‍රිය කරනවාද? එසේ නැත්නම් ඔබගේ පුරුදු ඔබට බල කරනවද? ඔබ පහසු යෝගීවරුන්ය. බාප්දාදා ඔය දරුවන්ට පරම දනව්වේ සිට විශේෂ තෑග්ගක් ගෙනවිත් තිබෙනවා. ඔහු ගෙනා තෑග්ග කුමක්ද කියා ඔබ දන්නවාද? ඔහු දෙව්ලොව ඔහුගේ අත්ල මත රැගෙන විත් තිබෙනවා. ඔහු ඔය දරුවන්ට රාජධානියේ භාග්‍යය රැගෙන පැමිණි බව පෙන්වන පිංතූරයක්ද ඔබට තිබේ. මේ නිසයි ඔබට වෙහෙස වීමට සිදු වන විට, බාප්දාදා එයට අකමැති වන්නේ.

බාප්දාදාට අවශ්‍ය වන්නේ, සෑම දරුවෙක්ම වෙහෙස වීමෙන් මිදී සෙනෙහසේ ගැලී සිටීම, දැකීමටයි. එසේ නම් ඔබ අද දිනයේ, ඔබගේ මනසින් හෝලි පුළුස්සා දමා, වෙහෙස වීමෙන් සහ මායා සමග සටන් කිරීමෙන් නිදහස් වෙනවද? ඔබ එය පුළුස්සා දමනවාද? යමක් පුළුස්සා දැමීම යනු එහි නම සහ සලකුණු, සම්පූර්ණයෙන්ම අතුරුදහන් කිරීමයි. යමක් ඔනෑම වෙලාවක පිලිස්සූ විට, එහි නම සහ සලකුණු මුළුමනින්ම අවසන් වෙයි. එසේ නම් ඔබ එවන් හෝලියක් සමරනවාද? ඔබ අත් වනන අතර ඔබගේ අත් දැක බාප්දාදා සතුටු වනවා, නමුත්... නමුත් තිබේ. බාබා ඔබට නමුත් ගැන කිව යුතුද? ඔබගේ මනසේ අත වනන්න. ඔබගේ භෞතික අත් වැනීම ඉතා පහසුයි. ඔබ එය කළ යුතු බව, ඔබගේ මනස පිලිගන්නේ නම්, එවිට එය දැනටමත් නිමා කර ඇත. අළුත් අය බොහෝ දෙනෙක් ඇවිත්. හමුවක් සැමරීමට ප්‍රථම වතාවට පැමිණි අය, අත් ඔසවන්න! ද්විත්ව විදේශිකයන් අතරත් ප්‍රථම වතාවට පැමිණි අය සිටිනවා.

ප්‍රථම වතාවට පැමිණ ඇති ඔය සියළු දෙනාට බාප්දාදා ඔබගේ භාග්‍යය නිර්මාණය කරගැනීම වෙනුවෙන් සුබ පතනවා, නමුත් ඔබ මෙම සුබ පැතුම් ඔබගේ අවධානයේ තබා ගත යුතුයි. අවසන් ප්‍රතිඵලය තවම නිකුත් වී නැති නිසා ඔය සෑම කෙනෙකුටම අවසානයේ පැමිණි නමුත් වේගයෙන් යාමට අවස්ථාවක් තිබෙනවා. අවසානයේ (අන්තිමට) පැමිණෙන අයට වුවද, එමෙන්ම ඔබ පැමිණියේ ආරම්භයේ පැමිණි අයට පසුවයි, එබැවින් අවසානයට පැමිණි අයට වේගයෙන් ගොස් ප්‍රථමයට පැමිණිය හැක. ඔබට අවසර තිබේ: ඔබට ඉදිරියෙන් යාමට පුළුවන්. සෑම විටම මෙම අරමුණ තබා ගන්න: මම, එනම් මා වන මෙම ජීවාත්මය, වේගයෙන් ගොස් පලමු පංතියේ කෙනෙක් විය යුතුයි. ඔව්, බොහෝ ප්‍රභූවරු (VIP) ඇවිත්. ඔබට ප්‍රභූවරුන්ගේ නම්බු නාම තිබේ. පැමිණ සිටින සියළුම ප්‍රභූන්, ඔබගේ අත් ඉහලට ඔසවන්න! (ඉන්දියාවේ සෑම තැනකින්ම පැමිණි ආගන්තුකයන් 150ක් බාප්දාදා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා.) සාදරයෙන් පිලිගන්නවා. ඔබගේ නිවසට සාදරයෙන් පිලිගන්නවා. සාදරයෙන් පිලිගන්නවා. දැන්, ඔබව හැදින්වීමට, ඔබ ප්‍රභූන් ලෙස හදුන්වනවා, නමුත් දැන් ප්‍රභූවරුන්ගෙන් ඔබ අති අති අති ප්‍රභූවරු (VVVIP) විය යුතුයි. බලන්න, දේවතාවන්, ඔබගේ අජීවී ප්‍රතිමා, අති අති අති ප්‍රභූවරුන්ය. එබැවින් ඔබත් අනිවාර්යෙන් එම පූර්වජයන් (මුතුන්මිත්තන්) මෙන් විය යුතුයි. ඔය දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. ඔබ සබැදියාවකට පැමිණ ඇත. පැමිණ ඇති ඔය ප්‍රභූවරු සිටගන්න. එතැන නිකම් අසුන්ගෙන හිද, ඔබ වෙහෙසට පත් වී ඇති, ඒ නිසා සිටගන්න. අච්චා.

වර්ථමානයේ බාප්දාදා නැවත නැවතත් ඔබගේ අවධානය කාරණා දෙකක් වෙතට යොමු කරවනවා: 1)

නවතින්න. නැවතීමේ ලකුණක් තබන්න. තිතක් තබන්න. 2) ඔබගේ තොග රැස් කරගන්න. දෙකම අවශ්‍යයි. විශේෂයෙන් සම්පත් තුනක් රැස් කරගන්න: 1) ඔබගේ උත්සාහයන් වල ප්‍රතිලාභය රැස් කරගන්න, එනම්, ඔබ‌ගේ උත්සාහ වල ප්‍රායෝගික ඵලය. 2) නිරන්තරයෙන් තෘප්තිමත්ව රැදී සිට අන් අයව තෘප්තිමත් කරන්න. නිකම්ම තෘප්තිමත් නොවන්න, නමුත් අන් අයවත් තෘප්තිමත් කර, එහි ප්‍රතිඵලයක් ලෙස ආශිර්වාද රැස් කරගන්න. ඇතැම් විට සමහර දරුවන් ඔවුන්ගේ ආශිර්වාද ගිනුමේ රැස් කරගන්නවා, නමුත් ගමන් කරන අතර ඔවුන් සුළු දේවල් නිසා අවුලට පත්වී, ඉන්පසුව අධෛර්යමත් වි, ඔවුන් ඒ වන විටත් රැස් කරගෙන ඇති සම්පත් අහිමි කරගනී. එබැවින් ඔබගේ ආශිර්වාද ගිනුමේ රැස්කරගන්න, එමෙන්ම එය කිරීමේ ක්‍රමවේදය වන්නේ, තෘප්තිමත්ව රැදී සිට අන් අයව තෘප්තිමත් කිරීමය. 3) සේවය කිරීමෙන් ඔබට ලැබෙන ඵලය සහ සම්පත් රැස් කරගන්න. සේවය කරන විට විශේෂයෙන් උපකරණයක් ලෙස නිහතමානිව සේවය කරන්න, පිවිතුරු සහ මුදු වදන් වලින් - අසීමිත සේවය. “එය මගේ නොවෙයි, නමුත් බාබාගේය. කරවන්හාර් (අන් අය ලවා සෑම දෙයක්ම සිදු කරවන කෙනා) බාබා, කරන්හාර් (සෑම දෙයක්ම කරන කෙනා) වන මගේ මාර්ගයෙන් සෑම දෙයක්ම සිදු කරවනවා.” අසීමිත සේවය මෙයයි. මෙම ගිනුම් තුන පරීක්ෂා කර බලන්න. “මා සම්පත් තුනම රැස් කරගෙන තිබෙනවාද?” “මගේ” යන සියළු අවධානය ඉවත් කළ යුතුයි. ආශාවන් පිලිබද දැනුම ගැන සම්පූර්ණයෙන් නොදැනුවත් වන්න. මේ වසරේ ඔබ කිරීමට යන්නේ කුමක්ද කියා සිතමින් සිටිනවා. දැන් වාරය අවසන් වන නිසා, ඔබ මාස 6ක් කුමක්ද කිරීමට යන්නේ? ප්‍රථමයෙන් ඔබගේ ගිනුම් වල රැස් කරගන්න. කිසිම කොනක සීමිත ආශා නොතිබෙන බවට, දැඩිව පරීක්ෂා කර බලන්න. “මම” සහ “මගේ” යන අවධානය නොතිබෙන්නේද කියා පරීක්ෂා කරන්න. ඔබ ගන්නා අයද? ගන්න අය නොවෙයි, භාග්‍යය පිරිනමන්නන් වන්න. කිසිම ආකාරයක අවශ්‍යතා ඇති අය නොවන්න - නම, ප්‍රසිද්ධිය, ගෞරවය ආදිය. දානපතියන්, භාග්‍යය පිරිනමන්නන් වන්න.

දුක දැන් බොහෝ සේ වැඩි වන අතර එය නොකඩවා වැඩි වෙයි. එබැවින් මාස්ටර් සුර්යයෙක් වී ඔබගේ අත්දැකීම්වල කිරණ විහිදුවා හරින්න. හිරු එකවර බොහෝ විවිධ අන්දමේ ලැබීම් ලබා දෙයි; එය ලබා දෙන්නේ එක ලැබීමක් පමණක් නොවෙයි. එය ලබා දෙන්නේ ආලෝකය පමණක් නොවෙයි, එය ශක්තියත් ලබා දෙයි. ඔබට බොහෝ ලැබීම් ඇති වීමට එය මගපාදයි. ඒ ආකාරයෙන්ම, ඔබ සියළු දෙනාමත් මෙම මාස හයේදි මෙම දැනුමේ සූර්යයන් වී, සතුට, ප්‍රීතිය, සාමය සහ සහයෝගයේ කිරණ විහිදුවා හැරිය යුතුයි. අන් අය ඔබගේ මුහුණු දුටු සැනින්, ඔවුන්ගේ දුක් රළ අතරින් වුවද ඔවුන්ට අඩු තරමින් සිනහසීමට හැකි විය යුතුයි. ඔබගේ ද්‍රිෂ්ඨිය තුලින් ඔවුන්ට ධෛර්යය ලැබිය යුතුයි. එබැවින් ඔබ මෙයට අවධානය යොමු කළ යුතුයි. ඔබ භාග්‍යය පිරිනමන්නන් සහ තපස්වී ජීවාත්ම විය යුතුයි. තපස්යාවේ ගිණිදැල් එක් හෝ වෙනත් අත්දැකීමක් ලබා දෙන අන්දමට, එවන් තපස්යාවේ යෙදෙන්න. ඔවුන් වචන වලට සවන් දෙනවා පමණක් නොවෙයි, ඔවුන්ට අත්දැකීමක් ලබා දෙන්න. අත්දැකීම් අමරණීයයි. වචන, නිකම් වචන පමණයි; ඒවාට ඔවුන් ටික කලක් ප්‍රිය කරයි, නමුත් ඒවා සදාකල් සිහි නොකරයි. එබැවින් අත්දැකීම් වල අධිකාරියෙක් වී, අත්දැකීමක් ලබා දෙන්න. ඔබ සමග නෑ සබදතාවයක් පවත්වන ඔනෑම කෙනෙකුට, බාප්දාදා සමග පවතින ඔබගේ සහයෝගයෙන් සහ සම්බන්දතාවය තුලින් ඔවුන්ට එඩිතරකම, උනන්දුව සහ උද්යෝගය ලබා දෙන්න. ඔවුන්ට බොහෝ වෙහෙස වී වැඩ කිරීමට සිදු නොකරන්න. ඔබ වෙහෙස නොවිය යුතු අතර ඔබ අන් අයටත් වෙහෙස වීමට ඉඩ නොතැබිය යුතුයි. ඔබ උපකරණයි, එහෙම නේද? ගාම්භීරව සිටින අයට පවා එම උනන්දුව සහ උද්යෝගය දැනෙන ආකාරයට, එවන් උනන්දුවේ සහ උද්යෝගයේ චිත්ත තරංග නිර්මාණය කරන්න. ඔවුන්ගේ මනසට සතුටින් නර්ථනය කිරීමට සලස්වන්න. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට ඇසුණාද? සෑම ස්ථානයකම ජීවාත්ම කී දෙනෙක් ස්ථිර කර තිබේද කියා අපි ප්‍රතිඵල වලින් බලමු. ඔබ කොතරම් ස්ථිර වී තිබේද, එමෙන්ම ඔබ වෙනත් ජීවාත්ම කෙතරම් සංඛ්‍යාවක් ස්ථිර කර තිබෙනවාද? බාබා සාමාන්‍ය වාර්ථා දෙස බලන්නේ නැහැ: “මා කිසිම වරදක් සිදු කළේ නැහැ, මා බොරු කීවේ නැහැ, මා කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු කළේ නැහැ, නමුත් මා කෙතරම් ජීවාත්ම සංඛ්‍යාවකට උනන්දුව සහ උද්යෝගය ලබා දුන්නාද, මා කී දෙනෙකුට අත්දැකීමක් සහ අධිෂ්ඨානයේ යතුර ලබා දුන්නාද?” මෙය හොදද? ඔබ එය කළ යුතුයි, නේද? ඔබ එය කරයි, කියා බාප්දාදා පැවසිය යුත්තේ ඇයි? නැහැ, ඔබ එය කළ යුතුයි. ඔබ එය නොකරන්නේ නම්, වෙන කවුරු එය කරයිද? ඔබට පසුව එන අයද? ඔබ සෑම කල්පයකදීම පරම පියාගෙන් උරුමයක් හිමි කර ගත්තා, ඔබ දැන් එය හිමි කර ගත් අතර ඔබ සෑම කල්පයකදී එය හිමි කරගනු ඇත. එවන් අධිෂ්ඨානගත දරුවන්ගේ සමූහයක් බාප්දාදා අනිවාර්යෙන් දකිවි. එය හොදද? ඔබ එය වන්නේ නම් අත් ඔසවන්න. ඔබගේ මනසේ අත ඔසවන්න. අධිෂ්ඨානගත විශ්වාසයේ අත් ඔසවන්න. ඔබ සියළු දෙනාම මෙයින් සමත් වී ඇත. ඔබ සමත් වෙලා නේද? අච්චා.

හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින ඔය සියළුම දරුවන්ට, දුර ඈත අසුන්ගෙන සිටින අතර පරම පියාගේ සෙනෙහස අතිවිදින දරුවන්ට, නිරන්තරයෙන් පූජනීය, එනම්, පාරිශුද්ධත්වයේ අත්තිවාරම ස්ථිර කරගෙන ඇති දරුවන්ට, ඔවුන්ගේ සිහින වලින් පවා අපවිත්‍රතාවයේ සියළු සලකුණු වලින් ඈත්ව සිටින මහාවීර සහ මහාවීරිනි දරුවන්ට, සෑම මොහොතකදීම ඔවුන්ගේ සියළු තැන්පත් ගිනුම් වල රැස් කරගන්නා පරිසමාප්ත සහ අංග සම්පූර්ණ දරුවන්ට, පියාට සමාන දරුවන්ට, නිරන්තර තෘප්තියේ මැණික් වන සහ අන් අයව තෘප්තිමත් කරන අයට බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය, ආශිර්වාද සහ නමස්කාරය.

දාදිලාට: දාදීන් ගුරු-බායින්ය. (ගුරූන් අසලින්ම ඊලගට සිටින අනුගාමිකයන්). එබැවින් බාබාගේ අසලින් අසුන් ගන්න. සහෝදරයන් අසුන්ගන්නේ එකටයි. එය හොදයි. බාප්දාදා දිනපතාම ඔබව සෙනෙහසින් සම්භාහනය කරයි. උපකරණ ඔබයි, එහෙම නේද? මෙම සම්භාහනය ඔබව ගමන් කරවනවා. එය හොදයි. ඔබ සියළු දෙනාගේ නිදසුන් දැකීමෙන් සියළු දෙනාට ධෛර්යය ලැබෙයි. සේවය කිරීමේදි, උපකරණයක් වීමේ හැගීමෙන්, ඔවුන් උපකරණ දාදීන් මෙන් ඉදිරියට ගමන් කරයි. එය හොදයි. කරවන්හාර් ඔබව ක්‍රියා කරවනවා යන, ඔබ සියළු දෙනා තුල ඇති ස්ථිර විශ්වාසය, සියළු දෙනාව චලනය කරවන ඒකායන කෙනා ඔබව චලනය කරවනවා - සේවය සිදු වීමට මග පාදන්නේ, උපකරණයක් වීමේ මෙම හැගීමයි. “මම” යන කිසිදු අවධානයක් තිබෙනවාද? ඔබ තුල “මම” යන කිසියම් හෝ හැගීමක් තිබෙනවාද? එය හොදයි. මුළු ලෝකයාම ඉදිරියේ සිටින උපකරණ නිදසුන් ඔබලා නේද? එබැවින් බාප්දාදාද විශේෂයෙන් අඛණ්ඩව සෙනෙහස සහ ආශිර්වාද ලබා දෙයි. අච්චා. බොහෝ දෙනෙක් පැමිණීම හොදයි නේද? අවසන් වාරය (හමුව) වේගයෙන් ගොස් ඇත.

ප්‍රධාන ද්විත්ව විදේශික ගුරුවරුන්ට: සියළු දෙනා පෝෂණය කිරීම සදහා ඔබ සියළු දෙනා එකට උපකරණ වෙයි, එමෙන්ම එය, ඔබ සියළු දෙනා රගපාන ඉතා හොද චරිත කොටසකි. ඔබම නැවුම් වී අන් සියළු දෙනාවත් නැවුම් කරයි. ඔබ හොද වැඩ සටහන් සාදයි. බාප්දාදා ඒවාට කැමතියි. ඔබ නැවුම් වීමෙන් පමණයි, ඔබ අන් අයව නැවුම් කරන්නේ. ඉතා හොදයි. ඔබ සියළු දෙනාට ඉතා හොද නැවුම් බවක් ලැබුණා. බාප්දාදාට සතුටුයි. ඉතා හොදයි. ඔම් ශාන්ති.

වරදානය:
ඔබ අන්ගාද් මෙන් අචල නොසැලෙන ස්ථිතියක රැදී සිට ඔබගේ දැනුමින් පිරිපුන් ස්ථිතියෙන් අහිතකර සිදුවීම් අභිබවා යත්වා.

රාවනගේ රාජධානියේ කිසිදු අහිතකර සිදුවීමකට හෝ පුද්ගලයෙකුට සුළුවෙන් වත්, ඔබගේ සිතිවිලි වලින් වත් ඔබව චංචල කිරීමට නොහැකි විය යුතුයි. මේ ආකාරයට අචල සහ නොසැලී සිටීමේ ආශිර්වාදයෙන්, ආශිර්වාද ලත් කෙනෙක් වන්න, මන්ද, පැමිණෙන බාධක එන්නේ ඔබව වැට්ටීමට පමණක් නොවෙයි, නමුත් ඔබව ශක්තිමත් කිරීමටයි. දැනුමින්-පිරිපුන් අය, කිසිම ප්‍රශ්න පත්‍රයක් දැක අවුලට පත් වන්නේ නැහැ. මායාට ඕනෑම ස්වරූපයකින් පැමිණිය හැක, නමුත් ඔබගේ යෝගාවේ ගින්න දල්වා තබා, ඔබගේ දැනුමින්-පිරිපුන් ස්ථිතියේ ඔබ සිටිය යුතුයි. එවිට සියලුම බාධක ඉබේටම අවසන් වී, ඔබට නොසැලෙන සහ අචල ස්ථිතියක ස්ථාවරව රැදී සිටීමට හැකි වෙයි.

පාඨය:
ඔබ පිවිතුරු සිතිවිලි සම්පත් රැස් කරගෙන ඇති විට, නිෂ්ඵල සිතිවිලි වෙනුවෙන් ඔබගේ කාලය අපතේ නොයයි.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

බ්‍රහ්ම පියා, ආදි දේව් සහ ප්‍රථම රජ කුමරු වුනේ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වයේ පදනම නිසයි. ඒ අන්දමින්ම ඔබ පියාව අනුගමනය කළ යුතු අතර, අංක එකේ පෞරුෂත්වයක් ඇති අයගේ ලැයිස්තුවටත් ඇතුළු විය යුතුයි, මන්ද, බ්‍රහ්මින් උපතේ සංස්කාර වන්නේ පාරිශුද්ධත්වය නිසා. ඔබගේ රාජකීයත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පදනම් වී ඇත්තේ පාරිශුද්ධත්වය මතයි.