18.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දෙවියන්ගේ පවුලට අයත් වීමේ සහ ඔබගේ අදෘෂ්‍යමාන දිව්‍යමය රාජධානිය ස්ථාපිත කිරීමේ ආධ්‍යාත්මික කුල්මත්භාවයේ සිටින්න.

ප්‍රශ්නය:
දවස පුරාම සතුටින් සිටීම සඳහා ඔය දරුවන්ට තිබිය යුතු ස්ථීර පුරුද්ද කුමක්ද?

පිළිතුර:
උදේ පාන්දරින් අවදි වී, දැනුමේ සාගරය ආවර්ජනය කිරීමේ පුරුද්ද ඔබට ඇති විට, දවස පුරාම ඔබ අසීමිත සතුටින් සිටිවි. පියාගේ ශ්‍රීමත් වන්නේ දරුවනි, අම්රිත් වේලාවේ අවදි වී, ඔබගේ පියාට මිහිරිව කතා කරන්න. ඔබ අයත් වන්නේ කුමන පවුලටද, එමෙන්ම ඔබගේ වගකීම කුමක්ද කියා සිතන්න. දෙවියන්ගේ මෙම පවුලට ඔබ අයත් වන බවත්, ඔබ ඔබගේ නව රාජධානිය ස්ථාපිත කරනවා කියා ඔබගේ බුද්ධියේ තිබෙන විට, දවස පුරාම ඔබගේ සතුට රැඳී තිබෙයි.

ඕම් ශාන්ති.
මෙය ආධ්‍යාත්මික පවුලක් බව ඔබ දන්නවා. අන් සියල්ලක්ම ලෞකික පවුල්ය. මෙය ආධ්‍යාත්මික පවුලකි. මෙය, ආධ්‍යාත්මික පියාගේ පවුලයි. ලෞකික පවුලක, මව, පියා සහ දරුවන් සිටියි. කෙසේවෙතත්, එය සීමිත පවුලකි. ඔබ දැන් අසීමිත පවුලේය. දරුවන් ගයන්නේ මවත් ඔබයි, පියාත් ඔබයි. එය නිර්මාණකරුගේ නිර්මාණය වන පවුලක් මෙනි. ඇත්තවශයෙන්ම දරුවන් ඔහුගේ නිර්මාණයයි, නමුත් ඔවුන් එය නොදනී. මෙය සැබවින්ම අසීමිත පියාගේ පවුල බව, ඔය දරුවන් දැන් දන්නවා. මෙය ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයයි. මෙසේ සිහි කර තිබෙන්නේ මෙය ගැනයි ආදරණීය බුද්ධි ඇති අය, ජය ගනී. ගීතාවේ එවන් පවුලක් ගැන සඳහන් කර නැත. ඔබ දෙවියන්ගේ පවුලයි. ඔබ අදෘෂ්‍යමාන රාජධානිය ස්ථාපිත කරනවා. කිසි කෙනෙක් මෙය නොදනී. ඔබට මෙම කුල්මත්භාවය තිබේ. පියාව සිහිපත් කරන අය කුල්මත්ව සිටියි. ඔබ ශරීර අවධානයට පත් වන විට, කුල්මත්භාවය අඩු වෙයි. මෙය දෙවියන්ගේ පවුලයිි. අප නිවසට ගොස් ඉන්පසුව දිව්‍යමය රාජධානියට යා යුතුයි. එහි දේවතා පවුල තිබේ. අනෙක අසුරාගේ පවුල වන අතර, මෙය පරමාත්ම දෙවියන් සතු, ඔබේ පවුලයි. ආධ්‍යාත්මික බාප්දාදාගේ දරුවන්, සහෝදර සහෝදරියන්ය එපමණයි! මෙය ආධ්‍යාත්මික පවුල් මාවතයි. ස්වර්ණමය යුගයෙදි, එය දෙවියන්ගේ පවුල බව ඔබ නොකියයි එය දේවතා පවුලකි. දෙවියන්ගේ මෙම පවුල, බොහෝ බලසම්පන්නයි. ඔබ දැන් අයත් වන්නේ දෙවියන්ගේ පවුලට බවත්, ඔබ දිව්‍යමය රාජධානිය ස්ථාපිත කරන බවත්, ඔබ දැන් දන්නවා. තමන්ටම මෙසේ කතාබස් කොට, දැනුමේ මහා සයුර මත ගාන්න. උදේ පාන්දරින් අවදි වී, සිහිපත් කිරීමේ සිටින්න, එවිට ඔබට දැනුමේ මහා සයුර ආවර්ජනය කිරීමේ පුරුද්ද වර්ධනය වී, ඔබ දිගටම උද්යෝගිමත්ද වෙයි. සෑම කෙනෙක්ම නින්දේ සිටියදී, ඔබ අවදි වන වෙලාව එයයි. උදේ පාන්දරින් අවදි ව, මෙම දේවල් ගැන සිතන්න, එවිට ඔබ කෙතරම් සතුටින් රැඳී සිටියිද කියා බලන්න. ඔබට ලැබෙන කුමන හෝ ශ්‍රීමත් පිළිපදින්න, එවිට ඔබට බොහෝ සතුට ලැබෙයි. ඔබට දෙවියන් සතු ඔබගේ පවුල සිහිවී, අසුරයාගේ පවුලෙන් ඔබගේ හදවත ඉවත් වෙයි. නව නිවසක් සම්පූර්ණයෙන්ම සූදානම් වන විට, පැරණි නිවසට ඇති සියලුම බැඳීම් ඉවත් වෙයි. නව නිවස සූදානම් වන තෙක්, විටින් විට පැරණි නිවසට සුළු අළුත්වැඩියාවන් කිරීමට සිදු වෙයි. ඉන්පසුව හදවත ඉන් ඉවත් වෙයි. මෙම පැරණි ලෝකයටත් එසේමයි. මෙය දැන් පැරණි නිවසක් බවත්, ඔබගේ නව නිවසට ඔබට යාමට තිබෙන බවත්, ඔබ දැන් දන්නවා. එවිට ඔබ අළුත් ඇඳුමක් පළඳිවි. මෙම සිරුර පවා පැරණිය. ඔබ දැන් ඔබගේ අනාගත උපත් 21 සඳහා ඔබගේ භාග්‍යය හිමි කරගනිමින් සිටිනවා. ඔබ මෙහි පාලනය කරන්නේ නැත. ස්ථාපනය සිදුවන්නේ මෙහිදීය. මෙම දේවල් ගැන දන්නේ ඔබ පමණයි. මෙය ගීතාවයි මෙය රාජ යෝගාවයි. මෙයට පහසු රාජයෝගාව යැයි කියයි. රාජයෝගාවේ පුහුණුවෙන් ඔබ මේ අන්දමින් බොහෝ වාර ගණනාවක්, ඔබගේ දේවතා රාජධානිය ස්ථාපිත කර ඇත. ඔබට එහිදි මෙම දේවල් මතක් නොවනු ඇත. මෙම දේවල් ගැන ඔබට එහිදි සිහි වූයේ නම්, ඔබට එම සතුට නොදැනෙන අතර ඔබ කණස්සල්ලට පත් වනු ඇත. මෙකල ඔබට අදෘෂ්‍යමාන කුල්මත්භාවයක් තිබේ. මෙය, උසස්ම-උසස් බාබාගේ පවුලයි. මෙයට අදෘෂ්‍යමාන, දෙවියන්ගේ පවුල් විධිය යැයි කියයි. එය ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයයි. තවද එය දෙවියන්ගේ යාගහෝමයයි. මෙය පවුලකි. අපි බොහෝ ආදරණීය විය යුතුයි. ඔබ අනාගතයෙදී බොහෝ ආදරණීය වෙයි. ඔබ රුප් සහ බසාන්ට්ය. ජීවාත්මය, රුප් මෙන්ම බසාන්ට්ද වෙයි. මෙතරම් කුඩා ජීවාත්මයක්, අවිනාශී චරිත කොටසක් රඟ දක්වයි! ඔබ මේ කාලයේදී රුප් සහ බසාන්ට් වෙයි. පියා, දැනුමේ මහා සාගරයයි. ඔහු මෙම සිරුරට ඇතුළු වන විට, ඔහු අනිවාර්යෙන්ම දැනුම ලබා දෙයි. ඔහු දැනුමේ වර්ෂාව, වස්සන බව ඔබ දන්නවා. සෑම මැණිකක්ම, රුපියල් සිය දහස් ගණනක් වටි. ඔය ජීවයන්ට දැන් පියාගේ හැඳින්වීම ලැබී තිබේ. පියා ඔබට මතක් කර දී තිබේ. උපත් 84හි චක්‍රය, බ්‍රමණය වන ආකාරය, ඔබගේ බුද්ධිය තුළ ඇත. ඔබට ස්ව-දර්ශන චක්‍රධාරීන් යැයි කියන්නේ මේ නිසාය. විෂ්ණු හෝ ලක‍්ෂ්මි සහ නාරායනවත් ස්ව-දර්ශන චක්‍රධාරීන් නොවෙයි ඔවුන්ට මෙම දැනුම නොමැත. ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය ගැන දැනුම, ජීවාත්මයට දැන් ලැබී තිබේ. මිනිසුන් ත්‍රිමූර්තිය ගැන කතා කරන නමුත්, ඔවුන් එහි ශිවාව පෙන්වන්නේ නැත. ඔබ ත්‍රිමූර්තියේ බොහෝ පිංතූර දැක ඇති. ඒවායේ බොහෝ විට බ්‍රහ්මව පෙන්වා ඇත්තේ උඩු සහ යටි රැවුලක් ඇතිවයි ඔවුන් නිකමට ඔහුව ඒ අන්දමින් පෙන්වා ඇති නමුත්, සූක‍්ෂම කලාපයේ බ්‍රහ්මට උඩු හෝ යටි රැවුලක් නොතිබෙනු ඇත. ප්‍රජාපිතා පවතින්නේ මෙහිය. මෙම කෙනා බොහෝ මහලුයි -මීමුත්තාය. මෙය, ප්‍රජාපිතා බ්‍රහ්මගේ පාරම්පරික වෘක‍්ෂයයි. පියා ලෝකය නිර්මාණය කරන්නේ, බ්‍රහ්මගේ මාර්ගයෙනි. එබැවින් බ්‍රහ්ම, වැඩිමහල්ය. ඔවුන් ඔහුව පෙන්වන්නේ මහල්ලෙක් ලෙසින්ය. ඔහු උපත් 84රේ චක්‍රය වටා ගොස් ඇත. ඔබට දැන් මෙම දේවල් වැටහෙයි. සියල්ලන්ම පියාගේ දරුවන් බවත් ඔබ දන්නවා. ජීවාත්මයන්ට පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. භාරතයට, දැන් බොහෝ සේ යහපතක් සැලසෙනවා. සියලුම ජීවාත්ම පිවිතුරු වී, විමුක්ති දේශයට යයි. ඔබ දැන් භාරතයට සේවය කරමින් සිටිනවා, විශේෂයෙන් භාරතයටත් සාමාන්‍යයෙන් ලෝකයටත්. මෙම දේවල් වැටහෙන ඉතා සුළු පිරිස ඔබලායි. සාරංශය ලෙසින්, ඔබට විස්තර කෙරෙන්නේ දරුවනි, මන්මනභව වන්න! ඔබට වෙන් වෙන් වශයෙන්ද විස්තර කෙරෙනවා. ඔබට කුමක් තිබුණත්, දේවතා රාජධානිය ස්ථාපිත කිරීම සඳහා, එය භාවිත කරන්න. බාපු ගාන්ධිජී කළේ කුමක්ද? ඔහුටද අවශ්‍ය වුණේ රාම රාජධානිය තිබීමටයි. මෙය බොහෝ ආශ්චර්යමත් නාටකයකි! ඔබ දැන් නොබැඳි නිරීක‍්ෂකයන් ලෙසින් මෙම නාටකය නරඹයි. ඔවුන් එක් කාල වකවානුවකින් යමක් ගෙන, එය වෙනත් කාල වකවානුවකට දමා ඇති අන්දම දැක, ඔබ විනෝද වෙයි! පියා පවසන්නේ නාටකයට අනුව, ලෝකය ඉතාමත්ම අයහපත් තත්ත්වයකට ලඟා වී තිබේ. පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ විමුක්තිය පිරිනැමීමටයි. ඔය දරුවන් දැන් සිටින්නේ කුල්මත් වීය. එම කෙනා මුළු ලෝකයේම අශාරීරික බාපුජීය (පියා). මෙම බ්‍රහ්ම, කාගේ දරුවෙක්ද? ශිව බාබාගේ. ඔහු කාගේ දරුවාද? මව්වරුන් පවසන්නේ, ශිව බාබා ඔවුන්ගේ දරුවා බවයි. මේවා, ශිව බාබාගේ ක්‍රිඩාය. ධ්‍යානගතවීම් සහ දර්ශන ආදියේ, මායාගේ බොහෝ බලපෑම් තිබේ, විශේෂයෙන්ම, ශිව බාබා ඔවුන් තුළට ඇතුළු වී කතා කරන බව, ඔවුන් පවසන විට. ඒ සෑම දෙයක්ම නරක භූතාත්ම වල බලපෑමයි. ඔය දරුවන් ප්‍රවේසම් විය යුතුයි. මෙම නරක භූතාත්මයන්ගේ රෝගය කෙබඳුද යත්, එය ඔබට දෙලොවෙහිම පාඩුවක් සිදු කරයි. ඔබට කිසිම විටෙක දර්ශනයක් ලබා ගැනීමට ආශාවක් නොතිබිය යුතුයි. ඒ සියලුම සිතිවිලි, භක්ති මාර්ගයේ ඒවාය. දැනුම මාවත, ඉතා පැහැදිලිව වටහා ගත යුතුයි. මායා බොහෝ ආකාර වලින් ඔබව මුලා කරයි. දර්ශන ආදිය දැකීමෙන් කිසිම ඵලක් නැත. පියා පවසන්නේ මා මෙම කෙනාගේ මාර්ගයෙන් ඔබගේ විවාහ ගිවිසගැනීම සිදු කරනවා. පියාගේ අණසක වන්නේ ශාරීරික ජීව සිහි නොකරන්න! තමන් ජීවාත්මයක් බව සලකා, පරමාත්ම පියා සිහිපත් කරන්න. ඔබ තමන්ගේම යහපත වෙනුවෙන් පරමාත්ම පියාව සිහි කළ යුතුයි. මෙය ඉතා හොඳින් වටහාගත යුතු කරුණකි. ඔබගෙන් ඕනෑම කෙනෙකුට, ඔබගේ තොරතුරු බාබාට ලිවිය හැක. ඔවුන්ගේ යහ පැවැත්ම ගැන, අසීමිත පියාට ලිපියක් ලියන්නට තරම් නුවණක්වත් ඇතැම් දරුවන්ට නැත. ඔබගේ ලෞකික පියාට ඔබ ලිපියක් නොලියන්නේ නම්, ඔහුට නින්ද නොයයි. මෙම කෙනා, අසීමිත පියාය. මසක් හෝ මාස එකහමාරක් ඔහුට ඔබගෙන් ලිපියක් ලැබී නැති බව ඔහු දුටු විට, ඔබ පාරලෞකික පියාට නොලියන්නේ, ඇතැම් විට, මායා ඔබව ගිල දමා ඇති නිසා කියා ඔහුට වැටහෙයි. ඔබ අඩු තරමින් මෙසේ හෝ ලිවිය යුතුයි බාබා, මම නිරතුරුවම නාරායන වීමේ කුල්මත් බවින් පසු වනවා. මා නිරතුරුවම ඔබ මට පෙන්වා දී ඇති ක්‍රමය භාවිත කරනවා. එවිට ඔබ හොඳින් සහ සතුටින් සිටින බව, බාබා වටහාගන්නවා. ඔබ නොලියන්නේ නම්, ඔබ අසනීපයෙන් මෙන්ම සිහිපත් කිරීමේ නොසිටින බව, ඔහු සිතයි. එසේ නැත්නම් ඔබ ඔබගේ තොරතුරු බාබාට ලබා දෙයි මා මෙම සේවය සිදු කළා. මා මෙම කෙනාට විස්තර කළ නමුත්, එය මුළුමණින්ම ඔහුගේ බුද්ධිය තුළ පතිත වුණේ නැත. එවිට ඔබ එම පුද්ගලයාට විස්තර කළ යුත්තේ කෙසේද කියා, බාබා ඔබට කියයි. ඔය දරුවන්ට ගීතය ඇසුණා. ගීතය රචනා කළ අය, ගීතයේ අරුත නොදනී. ඒ සියල්ලම භක්ති මාර්ගයයි. ඔවුන් කියන කිසිම දෙයක අරුත ඔවුන් නොදනී. ප්‍රධානතම දෙය වන්නේ, ඔවුන් පරමාත්ම පියාව නොදැන සිටීමය. පියාව හඳුනාගැනීමෙන් භාරතයට විමුක්තිය ලැබෙයි. පියාව හඳුනා නොගැනීම නිසා, භාරතය මුළුමනින්ම පහත් වී ඇත. පියා දැන් ඔය දරුවන්ට පහදා දෙයි මා ඔබ ජීවන-මුක්තියටත්, අන් සියලු දෙනාව මුක්තියටත් ගෙන යමි. භාරතයට, ජීවන-මුක්තිය ඇති විට, අන් සෑම දෙනාටම මුක්තිය තිබේ. පියා හැර වෙනත් කිසිවෙකුට මෙම පරිවර්ථනය ගෙන ආ නොහැක. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන්නේ, ඒකායන පියා පමණයි. සියලු දෙනාටම නිසැකයෙන්ම විමුක්තිය ලැබෙයි. එය සෑම චක්‍රයකදීම සංගම යුගයෙදි සිදු වෙයි. ඔය ජීවාත්මයන්ගේ ආධ්‍යාත්මික පියා, එක්කෙනෙක් බව ඔබ දන්නවා. ඔහුව සිහිපත් කරන්නේ ජීවාත්මයි. භක්ති මාවතේ ඔබට පියවරුන් දෙදෙනෙක් සිටියි. ස්වර්ණමය යුගයෙදී, ඔබට සිටින්නේ එක් පියෙක් පමණයි. සංගම යුගයෙදී, ඔබට පියවරුන් තිදෙනෙක් සිටියි. ප්‍රජාපිතා බ්‍රහ්ම, ඔබගේ පියාය. ශිවාද, බාබාය. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියාය. ඔබගේ උරුමය, ඔබ ඔහුගෙන් හිමි කරගත යුතුයි. ඔබගේ පාපයන් දුරු වන්නේ ඔහු සිහි කිරීමෙන් පමණයි. බ්‍රහ්මව සිහිපත් කිරීමෙන්, ඔබගේ පාපයන් දුරු වන්නේ නැත. ඔබ ශිව බාබාව පමණක් සිහි කළ යුත්තේ මේ නිසාය. අප දැන් අයත් වන්නේ ඔහුටයි. මෙය ආධ්‍යාත්මික පියාගෙන්, ආධ්‍යාත්මික දරුවන් වෙනුවෙන් ඇති සැබෑ, සත්‍ය දැනුමයි. අන් සියලුම දෙනා සිටින්නේ ශරීර අවධානයෙන්ය. ශරීර අවධානයේ සිටින, අපවිත්‍ර මිනිසුන් කුමක් සිදු කළත්, ඉන් සිදුවන්නේ, ඔවුන් තවත් අපවිත්‍ර වීමය. ඔවුන් කුමක් දන් දුන්නත්, කුමන පුණ්‍ය කර්ම සිදු කළත්, ඉන් වන්නේ ඔවුන් තවත් අපවිත්‍ර වීමය. මෙය රාවණගේ රාජධානියේ දිගටම සිදුවෙයි. පියා දැන් පැමිණ, නියෝගයක් නිකුත් කරයි. ඔහු පවසන්නේ දරුවනි, ප්‍රවේශම් වන්න! පාපයේ නොගැලෙන්න! රාගය පරාජය කරන්න! බොහෝ කුණාටු පැමිණෙයි. ඔබ ඒවා නිසා අසමත් නොවිය යුතුයි. ඔබට අවිදු මාවතේ කිසිදා ඇති නොවුණු, මායාගේ බොහෝ පාපකාරී සිතිවිලි ඇතිවෙයි. එවන් බොහෝ පාපකාරී සිතිවිලි පැමිණෙයි. ඇතමුන් පවසන්නේ අපි භක්ති මාර්ගයේ බොහෝ සතුටින් සිටියා. දැන් මට ඔබව සිහි කරන්නට අවශ්‍ය වුවත්, එය කළ නොහැක. මට තිතක් සිහි කළ නොහැක. ඔබ යම් විශාල දෙයක් වූයේ නම්, මට ඔබව සිහි කිරීමට හැකි වෙයි. බාබා පවසන්නේ ශිව බාබා යැයි පමණක් පවසා, මා සිහි කරන්න. මෙම පැරණි ලෝකය අමතක කර දමන්න! මාව, සාම දේශයේ සිහි කරන්න. ඔබ සිහි කළ යුත්තේ සාම දේශය පමණක් නොවෙයි. ඔබගේ පාපයන් දුරු වන්නේ පියාව සිහි කිරීමෙන් පමණයි. ජීවාත්ම, මිහිරි පියාට ආදරය කළ යුතුයි. ජීව, චක්‍රයෙන් භාගයක්ම ආදරවන්තයින්ය. ජීවාත්මය පවසන්නේ චක්‍රයෙන් භාගයක් මට ඔබව අමතක විය. ඔය බ්‍රහ්මණ ගුරුවරුන් මෙහෙට කවුරුන් රැගෙන ආවත්, ඔවුන්ව ඉතා ප්‍රවේසමින් ගෙන ආ යුතුයි ඔවුන් බුද්ධියේ ස්ථීර විශ්වාසය ඇති අය පමණක් විය යුතුයි. ඔවුන් මෙහි පැමිණ, පසුව අපවිත්‍ර වූයේ නම්, උපකරණ ගුරුවරයාට දඬුවම් ලැබෙනු ඇත. බ්‍රහ්මිණ් ගුරුවරයාට විශාල වගකීමක් තිබෙන්නේ මේ නිසාය. බාබා, මෙම රථය ගෙන තිබේ. ඔහු සෑම දෙයකින්ම අත්දැකීම් ඇත්තෙක්. මෙහි කිලිටි කිසිවක් ගැන ප්‍රශ්නයක් නැත. ඔබට සිනහසෙන්නට, ක්‍රිඩා කරන්නට හෝ එකිනෙකා සමඟ කතාබස් කිරීමට තහනමක් නැත. කෙසේවෙතත්, වෙනත් ජීවයක් වෙනුවෙන් සුළු ආදරයක් හෝ තිබේ නම්, එය වැඩී වී, ඔබ දිගින් දිගටම එම ජීවය සිහි කරනු ඇත, මේ නිසයි ඔබට එය ඉක්මවා යාමට යැයි කියන්නේ. ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ නිවසේද, ස්වර්ණමය යුගයේද? (නිවසේ). පියා ඔබට උගන්වන්නේ නිවසේදීය. මෙය, ඔබ සෑම කෙනෙකුගේම නිවසයි. ඔබ පිටත සිටින විට, මෙසේ නොකියනු ඇත. ඔබට මෙහිදී ඉතා හොඳ කුල්මත්භාවයක් තිබේ. ඔබ ශරීරයේ අහංකාරකම අත්හැරිය යුතුයි. ජීව අවධානයට පත් වන්න, එවිට කුලය, වංශය ආදි සියලුම ආකාරයේ භේද අවසන් වෙයි. පැරණි ලෝකය තමෝප්‍රධාන් වන අතර, භේද එන්න එන්නම වැඩි වනවා. පෙර කල, බ්‍රිතාන්‍ය රජය සමයේ, භාෂාව පිළිබඳ මෙතරම් ගැටුම් තිබුණේ නැත. දැන් දිනෙන් දින, ගැටුම් වැඩිවනවා. ස්වර්ණමය යුගයේ එක් භාෂාවක් පමණක් තිබෙයි. කිසිම ආකාරයක භේද නොතිබෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම ශාරීරික ජීවයන්ව සිහි නොකරන්න. එබැවින් කිසි කෙනෙකුට ආදරය නොකරන්න. එය ඉක්මවා ගොස් බොහෝ ප්‍රවේශමින් සිටින්න. මායාගේ පාපකාරී සිතිවිලි වලට බිය නොවන්න, ඒ වෙනුවට ජය ගන්න.

2. ධ්‍යානගතවීම් සහ දර්ශන වලදි මායාගේ බොහෝ බලපෑම් තිබේ. එබැවින් නරක භූතාත්ම වල එම බලපෑමෙන් තමන්ව ආරක‍්ෂා කරගන්න. පියාට ඔබගේ සැබෑ තොරතුරු ලබා දෙන්න.

වරදානය:
පහසු උත්සාහ දරන්නෙකු ලෙස ඔබ සෑම දෙයකම සාරය ධාරණය කරගෙන සර්ව සම්පූර්ණ වේවා.

ඔබ දකින සහ අසන ඕනෑම දෙයක සාරය තේරුම් ගන්න, ඔබ කතා කරන වචන සහ කරන ක්‍රියා සාරයෙන් පිරී යාමට ඉඩ දෙන්න, එවිට ඔබේ උත්සාහයන් පහසු වනු ඇත. එවැනි පහසු උත්සාහ දරන්නන් සෑම අවස්ථාවකම සර්ව සම්පූර්ණ වන්නෝ වෙති. ඔවුන් තුළ කිසිදු දෝෂයක් නොපෙනේ. ඔවුන් කිසි විටෙකත් කිසිදු අවස්ථාවක ධෛර්යයෙන් තොර වී "මට මෙය කළ නොහැක" වැනි වචන නොකියයි. එවැනි පහසු උත්සාහ දරන්නන් සරළ හදවත් ඇති අය වන අතර අනෙක් අයව ද සරළ හදවත් ඇති අය බවට පත් කරවයි.

පාඨය:
සියලු පහසුකම් භාවිතා කරන අතරතුර, ඒවායේ බලපෑමෙන් නොබැඳිව පරම පියාට ළබැඳිව සිටින්න.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

නියත සහ ස්ථාවර ස්ථිතියක් නිර්මාණය කිරීම සඳහා, සියල්ල දකින අතරතුර, ඒකායන පියා හැර වෙන කිසිවක් නොදකින්න. ඔබ දකින කිසිවක් පවතින්නේ නැත. එමනිසා, ඔබ ඕනෑම දර්ශනයක් දකින විට "ඇයි?" හෝ "කුමක්ද?" යන ප්‍රශ්න නොමැති නම් පමණක් ඔබට නියත සහ ස්ථාවරව සිටීමට හැකි වනු ඇත. නිෂ්ඵල සිතිවිලි ඇති වීමට හේතුව මෙයයි. "ඇයි?" යන මෙම ප්‍රශ්නය අවසන් වූ පසු පමණක් පරිපූර්ණත්වය පැමිණේ.