18.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, රුද්‍රාගේ මෙම ඥාන යාග ගින්න නිර්මාණය කර ඇත්තේ රුද්‍ර දෙවියන්
විසින්මයි.ඔබසතු සෑම දෙයක්ම එයට දානය කරන්න.මන්ද ඔබ දැන් නිවහන කරා යා යුතුයි.
ප්‍රශ්නය:
සංගම යුගයේදී
සිදු වන අරුම පුදුම සෙල්ලම් මොනවාද?
පිළිතුර:
දෙවියන් විසින් නිර්මාණය කළ යාග ගින්නට යක්ෂයින් අකුල් හෙලන්න පටන් ගන්නවා.මෙම
අරුමපුදුම සෙල්ලම සිදු වන්නේ සංගම් යුගයේ දී පමණි.කල්පයේ වෙනත් කිසිම කලෙකදී මෙවන්
යාගයක්නිර්මාණය වී නැහැ.ස්ව ආධිපත්‍යය දිනා ගැනීම සඳහා අශ්වයා බිලි දෙන්නේ
මෙහිදීයි.බාධක ඇතිවන්නේ මෙතැනදීයි.
ඕම් ශාන්ති.
ඔබ වාඩිවී
සිටින්නේ කොහිද?මෙම ස්ථානය පාසලක් හෝ විශ්ව විද්‍යාලයක් කියාත් හැඳින්විය
හැකියි.මෙය ලෝක විශ්ව විද්‍යාලයක් වන අතර එයට ඇත්තේ ආධ්‍යාත්මික ශාඛාවනුයි.ලොකුම
විශ්ව විද්‍යාලය විවෘත කර ඇත්තේ පරමාත්ම පියා විසිනුයි.රුද්‍ර යාගය කියා ග්‍රන්ථ වල
සඳහන් කර තිබෙනවා.ශිව බාබා විසින් මෙම පාඨශාලාව හෝ විශ්ව විද්‍යාලය විවෘත කර ඇති බව
ඔබ දන්නවා.ඔබට උගන්වන්නේ ඉහළම ඉහළ පරමාත්ම පියායි.තමාට උගන්වන්නේ පරමාත්ම දෙවියන්ය
යන්න ඔබගේ සිහියේ තිබිය යුතුයි.ඔහු විසින් නිර්මාණය කරනා යාගය මෙයයි.එහි නම ඉතාමත්
ප්‍රසිද්ධයි:රාජාෂ්ව අශ්ව මේග රුද්‍ර ඥාන යාගය.ඔබ ඔබව බිලි දෙන්නේ ස්ව ආධිපත්‍යය
දිනා ගැනීමටයි.ඔබ තම ඇසට හසුවන සෑම දෙයක්ම තම ශරීරයම පවා මෙයට බිලි දෙනවා.ජීවාත්මය
බිලි දිය නොහැකියි.සියලුම ශරීර යාගයට පිදෙන අතර ජීවාත්මයන් ආපසු නිවස කරා යනවා.මෙය
සංගම් යුගයයි.සියලුම ජීවාත්මයන් නිවස බලා යද්දී ශරීර විනාශ වී යනවා.මේ සියල්ල ඇත්තේ
නාටකයේයි.ඔබ සෑම කෙනෙක්ම නාටකයට අනුව ඉදිරියට ඇදෙනවා.පරමාත්ම පියා කියනවා:මම මෙම
යාගය නිර්මාණය කළේ ඔබගේ රාජධානියටයි.මෙය නිර්මාණය වී ඇත්තේ නාටක සැලැස්මට අනුවයි.මම
එය නිර්මාණය කළා කියා කියන්න බැහැ.නාටක සැලැස්මට අනුව ඔය දරුවන්ට ඉගැන්වීම සඳහා මෙම
ඥාන යාගය නිර්මණය වී ඇත්තේ හරියටම මීට කල්පයකට පෙර සිදු වුණු ආකාරයෙන්මයි.මා විසින්
එය නිර්මාණය කළා කියා කීමේ කිසිම අර්ථයක් නැහැ.එය නිර්මාණය වී ඇත්තේ නාටක සැලැස්මට
අනුවයි.එය සෑම කල්පයකදීම නිර්මාණය වෙනවා.මෙම නාටකය කල්තබාම තීරනය වූවක්.නාටක
සැලැස්මට අනුව මෙම යාගය නිර්මාණය වන්නේ මුළු කල්පයට එකම එක වතාවයි.මෙය අලුත් දෙයක්
නොවෙයි.සැබවින්ම මීට වසර5000කට පෙර ස්වර්ණමය යුගය තිබුණු බව ඔබගේ බුද්ධියේ දැන්
තිබෙනවා.කල්පය දැන් නැවතත් කැරකීමටයි යන්නේ.නව ලෝකය නැවතත් වතාවක් ස්ථාපනය වෙමින්
පවතිනවා.ඔබ දැන් ඉගෙන ගන්නේ නව ලෝකයේ ස්වාධිපත්‍යය දිනා ගැනීමටයි.ඔබ අනිවාර්යෙන්ම
පාරිශුද්ධ විය යුතුයි.නාටකයට අනුව මීට පෙර කල්පයේත් මෙම තත්ත්වයට පත් වුනු අය
නැවතත් ඒ තත්ත්වයට පත් වේවි.නාටකය නැරඹිය යුත්තේ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙසිනි.ඔබත්
තමන් වෙනුවෙන් උත්සාහයක් දැරිය යුතුයි.දරුවන්ට මාවත පෙන්වා දිය යුතුයි.ප්‍රධානම දෙය
පාරිශ්ද්ධත්වයයි.පැමිණ තමන්ව පාරිශුද්ධ කරවා මෙම අපිරිසිදු ලෝකයෙන් එහාට ගෙන
යන්නැයි කියා ඔබ පරමාත්ම පියාට කන්නලව් කළා.පියා දැන් පැමිණ සිටින්නේ ඔබව ආපසු ගෙදර
ගෙන යාමටයි.ඔය දරුවන්ට කරුණු රාශියක් දී තිබෙනවා.ඒ වුණත් පරමාත්ම පියා
කියන්නේ:ප්‍රධානම දෙය මන්මනාභව යන්නයි.පාරිශුද්ධ වීම සඳහා ඔබ පරමාත්ම පියාව සිහි
කරනවා.මෙය අමතක කරන්න එපා.ඔබ ඔහුව සිහි කළ තරමට ඔබටම යහපතක් උදා කර ගත හැකි වේවි.තම
වර්ධන සටහන පවත්වා ගන්න.නැතිනම් අවසානයේදී ඔබ අසමත් වේවි.තමන් විසින් දැරූ උත්සාහයේ
තරමට තමන් සතෝප්‍රධාන්ව සිටි බව ඔය දරුවන්ට තේරෙනවා.උසස්වන අතර විශාල උත්සාහයක්
දැරිය යුතුයි:ඔවුන් පියාව සිහි කළ යුතුයි.ඉතිරි වී ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බව ඔබට
තේරෙනවා.ඔබගේ සතුටේ දින දැන් නැවතත් පැමිණෙමින් තිබෙනවා.සැබවින්ම අපගේ සතුටේ දින
දැන් පැමිණෙමින් තිබෙනවා.පරමාත්ම පියා පැමිණෙන්නේ එකම එක වතාවයි.ඔහු දුක් දේශය
විනාශ කර අපගේ සතුටේ දේශයට අපව යවනවා.තමන් දැන් සිටින්නේ දේව පවුලක බවත් පසුව දේවතා
පවුලකට යන බවත් ඔය දරුවන් දැන් දන්නවා.වර්ණනා කෙරෙන්නේ මේ කාලයයි.මෙම සංගම් යුගය
උසස් වීමට තිබෙනා යුගයයි.අසීමිත පියා තමන්ට උගන්වන බව ඔය දරුවන් දන්නවා.තවත්
ඉදිරියට යන අතර සන්යාසිවරුන් පවා ඔබ කියනා දෙය පිළිගනීවි.ඒ කාලයත් ඒවි.දැනට ඔබට
එතරම් බලපෑමක් කරන්න බැහැ.අධිරාජ්‍යය ස්ථාපනය වෙමින් පවතිනවා:තවත් කාලය
තිබෙනවා.අවසානයේදී සන්යාසීන් පවා මෙහි පැමිණ මෙම ඥානය අවබෝධ කර ගනීවි.ලෝක චක්‍රය
කැරකෙන්නේ කෙසේද යනඥානයවෙන කිසිම කෙනෙක්ට නැහැ.පාරිශුද්ධත්වය නිසා බාධක කීයක් නම්
එනවා දැයි කියා ඔය දරුවන් දන්නවා.අහිංසකයින් පහර කනවා.තමාව ආරක්ෂා කරන්නැයි කියා
ද්‍රවුපති කන්නලව් කළා.ඇත්තෙන්ම කියනවා නම් ඔබ සෑම කෙනෙක්ම ද්‍රවුපතීන්.සීතාවන් හා
පාර්වතීන්.පියාව සිහි කිරීමෙන් අහිංසකව කලකිරීමෙන් කුඳු ගැසී සිටින්නන්ට පවා
පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගත හැකියි.ඔවුන්ට පියා සිහි කළ හැකියි.පරමාත්ම
දෙවියන් පැමිණ යාගය නිර්මාණය කළායින් පසුව බොහෝ බාධක ඇති වෙන්න පටන් ගත්තා.දැනටත්
බාධක තිබෙනවා.විවාහයට කුමාරින්ලාට බල කරනවා.නැතිනම්,ඔවුන්ට ගුටිබැට දී ගෙවල් දොරවල්
වලින් පිටමං කරනවා.මෙන්න මේ නිසා තමයි ඔවුන් කන්නලව් කරන්නේ:අහෝ
පාරිශුද්ධකරුවාණනි.වඩිනු මැනව.එමනිසා අනිවාර්යෙන්ම ඔහුට ඔබව පාරිශුද්ධ කළ හැකි
ආකාරයේ රථයක් අවශ්‍ය වෙනවා.ගංඟා නදියේ වතුරින් කිසිම කෙනෙකුට පාරිශුද්ධ වෙන්න
බැහැ.පරමාත්ම පියාට පමණයි පැමිණ ඔබව පාරිශුද්ධ කරවා ඔබලා පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන්
බවට පත් කල හැක්කේ.මෙම අපිරිසිදු ලෝකයේ විනාශය දැන් අතළඟ බව ඔබට පෙනෙන්නම
තිබෙනවා.එමනිසා,ඇයි ඉතින් ඔබ පරමාත්ම පියාට අයිති වී තමාව ඔහුට බාර නොකරන්නේ?ඔබ
අහනවා:මම කොහොමද මාව බාර කරවන්නේ?කොහොමද මම සියල්ල භාර දෙන්නේ?බාබා
කියනවා:දරුවනි,ඔබට මේ බාබාව පේනවා නේද?මොහු සියල්ලම කරමින් ඔබටත් උගන්වනවා.මා කරනා
දේ දකිනා අන් අයද එයම කරාවි.පරමාත්ම පියා මොහු ලවා මේ දේවල් කරවා ගත්තා.ඔහු සියල්ලම
යාගයට බිලි දුන්නා.සියල්ල පාරිශුද්ධ කිරීමේ කිසිම අපහසුතාවයක් නැහැ.මොහු වැඩිය
ධනවත්මත් නැහැ.දුප්පත්මත් නැහැ.සාමාන්‍ය තත්ත්වයෙන් සිටිනවා.යාගයක් නිර්මාණය කළ විට
කෑම බීම ආදී සෑමදේමත් අවශ්‍ය වෙනවා.මෙය පරමාත්ම දෙවියන්ගේ බලි යාගයයි.පරමාත්ම
දෙවියන් පැමිණමෙම ඥාන යාගය සාදා තිබෙනවා.ඔහු ඔබට උගන්වනවා.මෙම යාගයේ කීර්තිය හරි
ඉහළයි.ඔබලාගේ ශරීර පැවැත්මත් රැකෙන්නේ මෙම පරමාත්ම දෙවියන්ගේ යාගයෙනුයි.එනම් තමන්
එයට භාර වුනු භාරකරුවෙක් වශයෙන් නිතර ඔබ සැලකිය යුතුයි.මේ සියල්ල අයිති
දෙවියන්ටයි.මම කන්නේ ශිව් බාබාගේ යගියාවේ කෑමයි.මෙය අවබෝධාත්මක කරුණක්.සෑම කෙනෙකුටම
මෙහි පැමිණ නවාතැන් ගන්න බැහැ.ඔහු සියල්ල භාර කළේ කොහොමද කියා ඔබ දැක්කා.බාබා
කියනවා:මොහු කරනා දෙය දුටු තවත් බොහෝ දෙනෙක් ඒ දේම කර තම තමන්ව යාගයට භාර
කෙරෙව්වා.මෙය කළ අයට ඔවුන්ගේ උරුමය හිමි වෙනවා.ජීවාත්මයන් නිවහන කරා යන අතර ශරීර
විනාශ වන බව ඔබගේ බුද්ධියට දැන් අවබෝධ කර ගත හැකියි.මෙය අසීමිත යාග ගින්නක්.සෑම
කෙනෙක්වම එයට බිලි වේවි.තම සිහියෙන් සියල්ලම භාර කර බැඳීම් දමනය කළ අයෙක් වන්නේ
කෙසේදැයි කියා ඔය දරුවන්ට කියා දී තිබෙනවා.සෑම දෙයක්ම දුහුවිල්ලක් බවට පත් කරවනා
මෙම යාගය ඉතාමත් විශාල යාග ගින්නක් බව ඔබලා දන්නවා.එහිදී නැවතත් යාගයක් ඇති වන්නේ
නැහැ.ආපදා ව්‍යසන සිදු වන්නේත් නැහැ.භක්ති මාර්ගයේ සියලුම යාග හෝම අවසන්වීයාවි.ඥාන
සාගරය වන්නේ පරමාත්ම දෙවියන්ම පමණයි.මානව ලෝක ගසෙහි බීජය ඔහුයි.සත්‍යය හා ජීවමය ජීව
සත්තාව ඔහුයි.ශරීරය අජීවියි.ජීවාත්මය සජීවියි.ඔහු ඥාන සාගරයයි.ඥාන සාගරය මෙහි සිට
ඔය දරුවන්ට උගන්වනවා.අන් අය ගීත ගය ගයා සිටිනවා පමණයි.නමුත් බාබා පැමිණ ඔබට මුළු
දැනුමම කියා දෙනවා.දැනුම “වැඩි වෙනවා” කියා දෙයක් නැහැ.ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද
යන්න පමණයි කියා දීමට තිබෙන්නේ.මෙහි පියාම ඔබට උගන්වනවා.ඔහු කියනවා,මම සාමාන්‍ය
ශරීරයකට ඇතුළු වෙනවා.භාග්‍ය රථයත් කවුරුත් දන්නවා.පරමාත්ම දෙවියන් අනිවාර්යෙන්ම
ඇතුලු වන්නේ මිනිසෙකුට විය යුතුයි.පරමාත්ම දෙවියන්ට ඇත්තේ එක නමයි.ශිවා.අන් සෑම
කෙනෙකුගේම නම් වෙනස් වෙනවා.ඔහුගේ නම වෙනස් වන්නේ නැහැ.කෙසේවෙතත්.භක්ති මාර්ගයේදී
ඔහුට නම් රැසක් දී තිබෙනවා.මෙහි ඔහු හඳුන්වන්නේ ශිව් බාබා කියලයි.ශිවා යනු
උපකාරකයායි.දෙව්ලොව නව ලෝකය නිර්මාණය කළ හැක්කේ පරමාත්ම දෙවියන්ටම පමණයි.එමනිසා,ඔහු
උපකාරකයායි.එහෙම නේද?භාරතයේ දෙව්ලොව තිබුනු බව ඔබ දන්නවා.දැන් එය අපායක්.පසුව එය
අනිවාර්යෙන්ම දෙව්ලොව වේවි.සුබම සුබ වූ සංගම් යුගය කියන්නේ මෙයටයි.පරමාත්ම පියා
බෝට්ටුකරු වී ඔබව මේ පැත්තෙන් අනිත් පැත්තට ගෙන යන්නේ දැන් මේ කාලයේදී යි.මෙය
දුකින් පිරි පැරණි ලෝකයයි.පසුව නාටකයට අනුව අනිවාර්යෙන්ම නව ලෝකයක් පහළ වේවි.ඒ සඳහා
ඔබ උත්සාහ දැරිය යුතුයි.ඔබ නැවත නැවතත් පියාව සිහි කිරීම අමතක කරනවා.උත්සාහයක්
අවශ්‍ය වන්නේ මෙම සිහි කිරීමටයි.ඔබ විසින් කල පාපකාරී ක්‍රියා වලට අනිවාර්යෙන්ම
කර්ම වේදනා ගෙවීමට සිදු වෙනවා.අවසානය තෙක්ම කර්ම වේදනාවන් තිබේවි.ඒ සඳහා කිසිම
සමාවට කරුණක් නැහැ.බාබා මට සමා වන්න කියා ඔබට කියන්න බැහැ.කිසිම සමාවක් නැහැ.සියල්ල
සිදුවන්නේ නාටකයට අනුවයි.සමාවක් තිබෙන්න බැහැ:කර්ම බන්ධන ගෙවා දැමිය
යුතුයි.තමෝප්‍රධාන් ඔබ සතෝප්‍රධාන් විය යුතුයි.ඔබට ශ්‍රීමත් ලැබෙන්නේ මෙන්න
මේකටයි.ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ ශ්‍රීමත් උපදෙස් පිළිපැද ඔබ ශ්‍රීමතුන් වෙනවා.ඔබව ඒ
තත්ත්වයට පත් කරවන්නේ ඉහළම ඉහළ පරමාත්ම පියායි.ඔබ දැන් මේ තත්ත්වයට පත් වෙමින්
සිටිනවා.බාබාසෑම කල්පයකදීම පැමිණ ඔබට උගන්වන බව ඔබට දැන් මතකයි.මෙම දැනුමින් ඔබ
කල්ප බාගයකටම ඵල ලබනවා.ඒ කාලයේදී කල්ප චක්‍රය කැරකෙන්නේ කෙසේද ආදී දේ ගැන
දැනුමක්අවශ්‍යවන්නේ නැහැ.සෑම කල්පයකදීම බාබා එකම එක වතාවක් පැමින ඔබට මේ දේවල් කියා
දෙනවා.ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද කියා ඔහු ඔබට කියා දෙනවා ඔබගේ රාජකාරිය ඉගෙන ගෙන
පාරිශුද්ධ වීමයි.යෝගාවේ සිටින්න.පරමාත්ම පියාට අයිති වීමෙන් පසුවත් ඔබ පාරිශුද්ධ
වුණේ නැතිනම්100%දඬුවම් විඳීමට සිදුවේවි.එය බාබාගේ නමට අපහාසයක් වෙනවා.සත්ගුරුට
අපහාස කරන්නන්ට ඉහළ තැනකට යන්න බැහැ කියා කියනවා.මෙය අදාල වන්නේ කාටදැයි කියා
මිනිස්සු දන්නේ නැහැ සත්ගුරු හා සැබෑම ගුරුවරයා වන්නේ සැබෑම පියායි.ඔහු ඔබට උගන්වන
අතර සැබෑ සත්ගුරු ද වෙනවා.පරමාත්ම පියා ඥාන සාගරය වන්නාක් සේ ඔබලාත් කුඩා ඥාන
සාගරයි.පරමාත්ම පියා ඔබට සියලුම ඥාන සම්භාරය දී තිබෙනවා.සෑම කෙනෙක්ම තම තමන් මීට
පෙර කල්පයේ කල ආකාරයන්ම මෙවරත් එය ධාරණය කර ගනීවි.ඔබ අනිවාර්යෙන්ම උත්සාහ දැරිය
යුතුයි.මෙහි කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොකර ඉන්න බැහැ.ඔබ කෙතරම් හතායෝගා කළත් එයත්
යම් කිරීමක්.ඒකත් ආදායම් මාර්ගයක්.ඔවුන් ප්‍රසිද්ධ වී ගිනි මත ඇවිද්දා කියා බොහෝ
මුදල් උපයනවා.පියාඹන්න විතරයි ඔවුන්ට බැරි.එයට ඉන්ධන අවශ්‍ය වෙනවා.කෙසේවෙතත්,ඒ
කිසිම දෙයක කිසිම ඵලයක් නැහැ:එයින් ඔවුන් පාරිශුද්ධවන්නේ නැහැ.විද්‍යාඥයින් පවා තරඟ
වදිනවා.ඔවුන් කරන්නේ විද්‍යා තරගයයි.ඔබ කරන්නේ නිහඬ තරඟයයි.සෑම කෙනෙක්ම ඉල්ලන්නේ
සාමයයි.පරමාත්ම පියා කියනවා:සාමය ඔබගේ පරම ධර්මතාවයයි.තමා ජීවාත්ම සත්තාවක් බව
සළකන්න.ඔබ සාම දේශය වන තම නිවහනට යා යුතුයි.මෙය දුක් දේශයයි.සාම දේශයෙන් අපි සතුටු
දේශයට යමු.මෙම දුක් දේශය අවසන් විය යුතුයි.හොඳින් මෙය ධාරනය කර ගෙන අන් අයටත් ධාරණය
කර ගැනීමට උනන්දු කරවන්න.ඉතිරි වී ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි.ඉගෙන ගැනීමෙන් අනතුරුව
සිසුන් ජීවන මාර්ගයක් සොයා ගැනීමට වෙහෙස දැරිය යුතුයි.ඔය වාසනාවන්ත දරුවන් දැන්
දන්නවා තමන් ඉගෙන ගත යුත්තේ කුමන ඉගෙනීමටද කියලා.ඒ දැනුමෙන් ඔබ ලබන්නේ මොනවාද මේ
දැනුමෙන් ලබන්නේ මොනවාද කියා ඔබ දන්නවා.මෙම ඉගෙනීමෙන් ඔබ උපත්21කට ලාභයක්
ලබනවා.එමනිසා,තමන් ඉගෙන ගත යුත්තේ කුමක්ද කියා මඳක් සිතා බලන්න.අසීමිත පියාගෙන් තම
උරුමය දිනා ගැනීමේ උවමනාවෙන් සිටිනා අය තමන්ම තීරණය කර මෙම අසීමිත අධ්‍යයනයේ නිරත
වේවි.කෙසේවෙතත්නාටකයේ හැටියට ඔවුන්ගේ වාසනාවේ නැතිනම් ඔවුන් අනිකුත් ඉගෙනීම් වල හිර
වී සිටිනවා.මෙම ඉගෙනුමට කාලයක් නැහැ යි කියා ඔවුන් මෙය හදාරන්නේ නැහැ.බාබා
අහනවා:වඩාත් හොඳ කුමන ඉගෙනීම ද?ඒ දැනුමෙන් ඔබ ලබන්නේ මොනවාද මේ දැනුමෙන් ලබන්නේ
මෙනවාද?ඔබ කියාවි:ලෞකික ඉගෙනීමකින් අප මොනවා ලබන්නද?ඇතැම් විට යම් මුදලක් උපයා ගත
හැකි වේවි.මෙහි ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියන්මයි.ඉගෙන ගෙන රාජකීය තත්ත්වයක් දිනා
ගැනීමට අපි කැමතියි.ඉතින් එම නිසා ඔබ අවධානය යොමු කළ යුත්තේ කුමන ඉගෙනීමටද?ඇතැම් අය
කියනවා:බාබා මම මෙන්න මේ පාඨමාලාව අවසන් කර එන්නම්.ඒ කියන්නේ මෙය ඔවුන්ගේ වාසනාවේ
නැති දෙයක් කියා එවිට බාබා තේරුම් ගන්නවා.තවත් ඉදිරියට යන විට මොනවාද වෙන්නේ කියා
බලන්න.ඔබගේ ශරීර වලට කිසිම සහතිකයක් නැහැ.ඉතින් එමනිසා මෙම සැබෑ ආදායම ඉපයීමට ඔබ තම
කාලය කැප කල යුතුයි.වාසනාවේ ඇත්තන් පමණයි තම වාසනාව අවදි කර ගන්නේ.ඔබගේ මුළු
ශක්තියම යෙදවිය යුතුයි:මම අනිවාර්යෙන්ම පරමාත්ම පියාගෙන් මගේ උරුමය දිනා
ගන්නම්.අසීමිත බාබා අපට රාජ්‍යයක් බාර දෙනවා.එම නිසා ඇයි අපි මෙම අවසන් උපතේදී
පාරිශුද්ධ නොවන්නේ?බොහෝ දරුවන් පාරිශුද්ධව සිටිනවා:ඔවුන් බොරු කියන්නේ නැහැ.සෑම
කෙනෙක්ම උත්සාහයක් දරනවා.ඔවුන් ඉගෙන ගන්නවා නමුත් අනිත් අය එය විශ්වාස කරන්නේ
නැහැ.පරමාත්ම පියා පැමිණෙන්නේ පැරණි ලෝකය අළුත් කල යුතු වෙලාවට පමණයි.පැරණි ලෝකයේ
විනාශය අතලඟයි.මෙය ඉතාමත් පැහැදිලියි.මෙයත් ඒ කාලයමයි.දැන් ආගම් ගණනාවක්
තිබෙනවා.නමුත් ස්වර්ණමය යුගයේ ඇත්තේ එකම එක ධර්මයකුයි.මෙයත් ඔබගේ සිහියේ තිබෙනවා.ඔබ
අතර සිටිනා ඇතැම් අය සිටිනවා තවමත් විශ්වාසය ඇති කර ගැනීමට උත්සාහ දරනා අය.ඔහෝ …
විශ්වාස කිරීමට එතරම් කාලයක් ගන්නේ ඇයි?ඔබගේ ශරීරයට කිසිම සහතිකයක් නැහැ.ඉතින් ඔබ
එක් අවස්ථාවක්වත් පැහැර නොහැරිය යුතුයි.කෙසේවෙතත්,වාසනාවේ නැතිනම් මෙය ඔවුන්ගේ
බුද්ධියට කිසිසේත්ම ඇතුළු වන්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සැබෑම
ආදායමක් උපයා ගෙන උපත්21කට වාසනාව නිර්මාණය කර ගන්න.ඔබගේ ශරීරය පිළිබඳව
කිසිමසහතිකයක් නොමැත.එමනිසා, ලැබෙන කිසිම අවස්ථාවක් අපතේ නොහරින්න.
2. බැඳීම් ජය ගත්තෙක්
වී රුද්‍රා ඥාන යාගයට තමා සතු සියල්ල බිලි දෙන්න.තමා සතු සියල්ලක්ම භාර
කරභාරකරුවෙක් වන්න.භෞතික පියාව (බ්‍රහ්ම පියාව)ආදර්ශයට ගන්න.
වරදානය:
දිව්‍යමය
කුල්මත් වීමෙන් ඔබ මේ පැරණි ලෝකය අමතක කර සියලු ජයග්‍රහණ වලින් පිරී ඉතිරී යත්වා.
අනෙක් කුල්මත් වීම
ඔබට සියල්ල අමතක කරවන ආකාරයටම, දිව්‍යමය කුල්මත් වීම ඔබට එම දුක්බර ලෝකය පහසුවෙන්
අමතක කරවයි. එම කුල්මත් වීම බොහෝ හානියක් කරන අතර ඕනෑවට වඩා පානය කිරීමෙන් ඔබවම මරා
දැමිය හැකිය, නමුත් මෙම කුල්මත් වීම ඔබව අවිනාශී කරයි. දිව්‍යමය කුල්මත් වීම
නිරන්තරයෙන් කුල්මත් වී සිටින අය සියලු ජයග්‍රහණවලින් පිරී යයි. එකම එක පරමාත්ම
පියාට මිස අන් කිසිවෙකුට අයත් නොවීමේ මෙම දැනුවත්භාවය ඔබේ කුල්මත් භාවය වැඩි කරයි.
මෙම දැනුවත්භාවය තිබීමෙන් ඔබේ බලය වැඩි වේ.
පාඨය:
එකිනෙකාව
අනුකරණය කරනවා වෙනුවට, පරමාත්ම පියාව අනුකරණය කරන්න.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
අභ්‍යන්තරිකව සිටින
අයට පමණක් මෙම දැනුමේ සෑම මැණිකකම ගැඹුරට යාමට හැකි වේ. එහි වැදගත්කම සහ එය භාවිතා
කළ යුත්තේ කවදාද, එය භාවිතා කරන්නේ කෙසේද සහ ඔවුන් කරන සේවයේදී එය භාවිතා කරන්නේ
කෙසේද යන්න තේරුම් ගැනීමට ඔවුන් මෙම දැනුමේ සෑම කරුණක්ම පිටුවහලක් වනු ඇත. මෙය මත
ගෑමෙන් මිහිරි බවේ ගැඹුරට යන්න, එවිට ඔබට ප්‍රමොදය අත්විඳීමට හැකි වනු ඇත.