18.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබේ අතීන්ද්‍රීය සතුට අත්විඳීමට නම්, නිරතුරුවම ඔබ කාගේ දරුවාද යන සිහිය
පවත්වා ගන්න. පරම පියා අමතක කළොත් ඔබේ සතුටද අහිමි වනු ඇත.
ප්‍රශ්නය:
පරම පියා
හමුවීමේ ස්ථීර සතුට ඇත්තේ කුමන දරුවන්ටද?
පිළිතුර:
පරම පියා සමඟ සියලු සබඳතා ඇති දරුවන්ටයි. එකම පියා සිහිකිරීමේ උත්සාහය ඇති කිසිඳු
ශරීර ජිවියෙක් සිහි නොකරන අයට ස්ථීර සතුටක් ඇත. ශරීර ජීවීන් සිහිකළහොත් ඔබට බොහෝ
හඬා වැලපීමට සිදුවේ. ලෝකයේ හිමිකරුවන් බවට පත් වීමට සිටින අය කිසිදා නොහඬයි.
ගීතය:
ඔබේ ළමා කාලය
අමතක නොකරන්න.
ඕම් ශාන්ති.
පරම පියා මෙසේ
කියයි: සුමිහිරි දරුවනි, ඔබ අසීමිත පරම පියාගේ දරුවන් බව අමතක නොකරන්න. එසේ අමතක
කළොත් ඔබට හඬා වැටීමට සිදුවන අතර ඔබේ බුද්ධිය කිලිටි ලෝකය කරා ඇදී යනු ඇත. පරම
පියාගේ ස්මෘතිය තබා ගැනීමෙන්, ඔබ අතීන්ද්‍රිය සතුට අත්විඳියි. පරම පියා අමතක කළොත්
එම සතුට අතුරුදහන් වේ. සැම විට සිහිකරන්න: ඔබ බාබාගේ දරුවන් බව. එසේ නොවුණොත්, ඔබට
ඇඬීමට සිදුවේ. සියලු දරුවන් පරමාත්ම දෙවියන්ගේය. සියලු දෙනා මෙසේ කියයි ඕ බාබා! ඕ
පරම පියාණනි, පරමාත්මාණනි, අපව ආරක්ෂා කරන්න! කොහොමනමුත්, බාබා ඔබව ආරක්ෂා කරන
අවස්ථාව කිසිවෙක් නොදනී. ඔබ විමුක්තිය හෝ ජීවන්මුක්තිය පරම පියාගෙන් ලබන අවස්ථාව
කිසිඳු මුණිවරයකු හෝ ශුද්ධවන්තයෙක් නොදන්නේ ඔවුන් දෙවියන් සැම දේකම සිටී යනුවෙන්
කියන නිසාය. ඔබ දරුවන් දැන් අසීමිත පියා ගැන දනී. ඔහු ඉතාම ආදරවන්ත පරම පියාය. ඔහු
තරම් ආදරවන්ත වෙන කිසිවෙකු නැත. එවැනි පියෙකු නොදැන සිටීම මහා වැරදීමකි. මිනිසුන්
ශිවාගේ උපන් දිනය සමරන්නේ ඇයි? ඔහු කවුද? කිසිවෙක් නොදනී. පරම පියා මෙසේ කියයි ඔබ
එතරම්ම නොතේරුම් බවකට පත් වී ඇත! බලන්න මායා, රාවණ්, ඔබට කර ඇති දේ. ඔබ දරුවන් දැන්
දන්නවා මේ මගේ උපන් ස්ථානය බව. මා හැම අවුරුදු 5000කින්ම එමි. ඔවුන් කියන්නේ ඔහු
එන්නේ කලි යුගය අවසාන වන අවුරුදු 40,000කින් පමණ කියාය. ත්‍රිමූර්ති පිංතූරය මෙහි
දක්වා ඇත. ඔවුන් ත්‍රිමූර්ති පාර යනුවෙන් මාර්ගයක් නම් කළත්, කිසිවෙක් පිංතූරයේ ඇති
බ්‍රහ්මා, විශ්ණු, ශංකර් ප්‍රතිමා ගැන නොදනී. බ්‍රහ්මාගේ කාර්යය කුමක්ද? විශ්ණු සහ
ශංකර් කරන්නේ මොනවාද? ඔවුන් සිටින්නේ කොහිද? මිනිසුන් කිසිවක් නොදැන සම්පූර්ණ
අන්ධකාරයක ගිලී ඇත. නිර්මාණකයා වන්නේ පරම පියාය. මේ නිර්මාණය එතරම්ම විශාලය! නාටකය
අසීමිත අතර එහි අසීමිත මිනිසුන් සංඛ්‍යාවක් ඇත. අවුරුදු 5000කට පෙර සත් යුගය තිබුණු
විට එනම්, භාරතයේ ලක‍්ෂ්මි නාරායන රජ දහන ඇති විට වෙන කිසිඳු රජ දහනක් නොතිබුණි.
ඔවුන් මෙසේ කියයි ශ්‍රී ලක‍්ෂ්මි දේවිය සහ ශ්‍රී නාරායන දෙවියන් යැයි කියයි. රාමා
හා සීතාට පවා රාමා දෙවියන් හා සීතා දේවිය යැයි කියයි. නාරායන දෙවියන් හා ලක‍්ෂ්මි
දේවිය එන්නේ කොයිබින්ද? අතීතයේදී ඔවුන් පාලනය ගෙන ගිය නමුත් කිසිවෙක් ඔවුන්ගේ ජීවිත
කතාව නොදනී. ඔවුන්, දෙවියන් ගැන දුක් නැති කරන්නා සහ සතුට ලබා දෙන්නා යැයි ගැයුවත්
එය කරන්නේ කෙසේදැයි කිසිවෙකුගේ බුද්ධිය තුළ නැත. ඔහු හැම කෙනෙකුටම දුන්නේ
කුමනාකාරයේ සතුටක්ද? ඒ කවදාද? ඔවුන් ඒ කිසිවක් නොදනී. දරුවන් දැන් රජයෝගා මෙහිදී
හදාරන්නේ ලක‍්ෂ්මි දේවිය හා නාරායන දෙවියන් බවට පත් වීමටයි. රාමා දෙවියන්ද සීතා
දේවීන්ද මෙහි සිටිනා බව ද ඔබ දනී. ඔබ සත් යුගයේ උපත් අට සම්පූර්ණ කොට රාමා සීතා
රජදහනට ඇතුලු වේ. ඔබ මෙහිදී ඔබේ අසීමිත රජ දහනේ උපත් 21ම ස්ථාපණය කරමින් සිටියි.
දෙවි දේවතාවුන් වන ඔබ දෙව්ලොව හිමිකරුවන් බවට පත් වේ. දෙව්ලොව අහසේ තිබෙන දෙයක්
නොවේ. කිසිවෙක් මෙය නොදනී. ඔවුන්ට ඇත්තේ සම්පූර්ණයෙන් පිරිහුණු බුද්ධියකි. ඔවුන්
මෙසේ කියයි අහවලා දිවන්ගත වුණා. කොහොමනමුත්, ඔවුන් එයින් කිසිවක් අදහස් නොකරයි.
අච්චා. ඉතින්, කිතුණුවන් සහ බොදුනුවන් දෙව්ලොව යන්නන් ද? ඔවුන් ඔවුන්ගේ රජදහන
ස්ථාපනය කරගන්නේ පසුවී ඇවිත්ය. ඔවුන්ගේ ආගම ද සාදා ගනී. ඔවුන් දෙව්ලොව යන්නේ කෙසේද?
දෙව්ලොව යනු කුමක්ද පවා ඔවුන් නොදනී. සන්යාසීන් කියන්නේ ඔවුන් ආලෝකය තුළට ගිලී යන
බවයි. සමහරු නිර්වාණයට යනවා යනුවෙන්ද එය ලෝකයක් වශයෙන්ද විස්තර කරයි. එය එක්තරා
පදිංචි වීමකි. ආලෝකයට ගිලීමේ ප්‍රශ්නයක් පැන නොනඟී. එසේ වනවා නම් එය ජීවාත්ම
සත්තාවට විනාශයකි. නාටකය එයින් අවසන් වේ. නමුත් එසේ කිසිවෙකුට මේ නාටකයෙන් පිට වී
විමුක්තියක් ලැබිය නොහැක. කිසිවෙකුට සදාතනික විමුක්තියක් ලැබිය නොහැක. ගීතය
නොතේරෙනවා සේම කිසිවෙකුට ජීවන මුක්තිය යන්නෙහි තේරුමද නොතේරේ. ජීවාත්ම සත්තාව
යන්නෙහි හෝ පරමාත්මය යන්නෙහි ද තේරුම නොදනී. පරම පියා මෙසේ කියයි ඔබේ මුහුණු නම්
මනුෂ්‍යයින්ගේ මෙනි. දේවි දේවතාවන්ගේ ද සේය. දේවි දේවතාවන් සිටියේ සත් යුගයේ
ආරම්භයේ දීය. ඔවුන්ගේ රජදහන අවුරුදු 2500ක තිබේ. ඉන්පසු ඉතිරි අවුරුදු 2500දී,
අනෙක් ආගම් පැමිණියා. චක්‍රයේ කාල සීමාව අවුරුදු 5000ක් කීම වෙනුවට, ඔවුන් කියන්නේ
කල්ප වෘක‍්ෂය අවුරුදු සිය දහස් ගණනක් බවයි. නමුත්, ඔබ විස්තර කරන දේ තේරුම් ගැනීමට
ඔවුන් ඉදිරිපත් නොවේ. පසුගිය කල්ප චක්‍රයේ එසේ ආ අයම නැවත එසේ එයි. සියල්ලට පළමු
විස්තර කර දෙන්න, සන්‍යාසීන් ඔවුන්ගේ ගේදොර අඹුදරුවන් අතහැර කැලෑ වදින එක සීමිත
වර්ගයේ අත්හැරීමක් බව. මුලින්ම ඔවුන් සතෝප්‍රධාන් වූහ. දැන් ඔවුන් තමෝප්‍රධාන් වී
කැලයෙන් පිටට පැමිණ මහා මාලිගා හදාගෙන සිටී. ඔවුන්ගේ පාරිශුද්ධිය මත ඔවුන් භාරතයට
රුකුලක් වුණා. එය භාරතයට කළ සේවයක්. එවැනි ආගම් නොතිබෙන්නට, භාරතය සම්පූර්ණයෙන්
පාපයෙන් දැවී හළු වී අපිරිසිඳු වීමට ඉඩ තිබුණි. මෙම නාටකය පෙර නියමිත වූවකි. මුලින්
ඔවුන්ගේ පාරිශුද්ධියේ බලය මඟින් ඔවුන් භාරතයට රුකුලක් ද විය. භාරතය දේවි දේවතාවන්ගේ
රජදහනක් ලෙස තිබූ කල බොහෝ ධනවත්ය. ඔවුන්ට තිබුණේ දියමන්ති එබ්බවූ මහා මාලිගාය. ඒවාට
සිදු වූයේ කුමක්ද? ඒවා සියල්ල ගිලී බැස්සේය. ඔවුන් කියන්නේ ලංකා සහ ද්වාරකා මුහුදට
ගිළුණු බවයි. දැන් ඒවා නැත. එකල රන්මය මාලිගා තිබුණි. ඔවුන්ට සිද්ධස්ථාන වලට
දියමන්ති එබ්බවීමට හැකි වුණා නම්, ඔවුන්ට මොනවා නොතිබෙන්න ඇත්ද? ඔබ දරුවන්ට එතරම්ම
සතුටක් තිබිය යුතුයි. බාබා නැවත වරක් පැමිණ ඇත. ඔහු මෙසේ කියයි පරම පියා සිහිකරන්න!
ඔබට ඇත්තේ ඒ එකම කෙනා සිහිකිරීම පමණක් වුවත් ඔබේ පව් අහෝසි කරනවා වෙනුවට ඔහු අමතක
කර ඔබ ශරීර ඇති අය සිහිකරයි. එසේ කිරීමෙන් කිසිඳු යහපතක් නැත. පරම පියා මෙසේ කියයි
නිරතුරුවම මා පමණක්ම සිහිකරන්න! ශරීර ඇති අය සිහි නොකරන්න. මව මළත් හල්වා කන්න. පරම
පියා සිහිකිරීමෙන් ම පමණක් යමක් උපයාගත හැකි වෙයි. අප ශිව බාබාගේ දරුවන් වන අතර
ඔහුගෙන් අපේ උරුමය ලබා ගත යුතුයි. මෙකල ඔබ පරම පියාව සිහි නොකළොත් ඔබට පශ්චාත්තාප
වී බොහෝ අඬන්නට සිදුවේ. ලෝකයේ හිමිකරුවන් බවට පත් වීමට සිටින අය අඬන්නට ඇති හේතුව
කුමක්ද? ඔබ පරම පියාව අමතක කළ පසුයි මායාගෙන් පහර කන්නේ. මෙම නිසයි බාබා නැවත නැවත
මෙසේ විස්තර කරන්නේ පරම පියාත් උරුමයත් සිහිකරන්න. අමරණීයත්වයේ ස්වාමියා එකම
පාර්වතියට පමණක් අමරණීයත්වයේ කතාන්තරය නොකියනු ඇත. බොහෝ අය සිටිනු ඇත. පරම පියා
සියලු මනුෂ්‍යයින්ට මෙසේ විස්තර කරයි දැන් අපිරිසිඳු නොවී සිටින්න! මෙම අවසන් උපතේ
දී පාරිශුද්ධියට පත් වන්න. දෙව්ලොව පාප නොමැත. එහිත් පාප තිබුණා නම් දෙව්ලොවත්
අපායත් අතර ඇති වෙනස කුමක්ද? මිනිසුන් දෙවි දේවතාවන් පිළිබඳව මෙසේ ගුණ ගයයි. ඔබ
සියලු ගුණාංගයන්ගෙන් පිරී සොළොස් කලාවන්ගෙන් පරිපූර්ණයි. පරමාත්ම දෙවියන් පැමිණ හැම
කෙනෙක්ම දෙවි දේවතාවන් බවට පත් කරවයි. පරමාත්ම දෙවියන්ට මිස වෙන කිසිවෙකුට මෙය කළ
නොහැකියි. ඇත්තේ එකම දෙවියන්ය. දේවී දේවතාවන්ගේ රජදහන සිහිපත් කෙරේ. එම රජත්
රැජිණත් වැසියනුත් සිටිනු ඇත. නමුත් ඔවුන්ට දෙවි දේවතාවන් යැයි නොකියයි. එයට ආදී
සනාතන දේවි දේවතා ධර්මය යැයි කියැවේ. කිසිවෙක් මෙය නොදනී. පරම පියා මෙම ජීවාත්ම
සත්තාවට (බ්‍රහ්මා) විස්තර කරයි. ජීවාත්ම සත්තා දෙකක් ඇත. එක්කෙනෙක් පරම පියා අනෙකා
දාදාය. එක ජීවාත්ම සත්තාවක් උපත් 84ක් ගන්නා අතර අනෙකා නැවත උපත අභිබවා සිටී. පරම
පියා කෙදිනකවත් නැවත උපතක් ගන්නේ නැත. ඔහු එක වරක් පමණක් එන අතර මුළු ලොවම පිරිසිඳු
කිරීම සඳහා අපට රාජයෝගා උගන්වයි. පරම පියා ඔබට මෙසේ විස්තර කරයි මම මොහුට ඇතුළු
වෙමි. මොහු උපත් 84ක් අත්විඳ ඇත. ඒ බොහෝ උපත් වල අවසාන උපතයි මේ. මා අශරීරිකය.
ඉතින්, ඔබ දරුවන්ට රාජයෝගා ඉගැන්වීමට මා කෙසේ ආ යුතුද? උනන්දු කිරීමෙන් පමණක්
කිසිවක් සිදු නොවේ. ක්‍රිෂ්ණා දෙවියන්ගේ කියුම් තිබිය නොහැකියි. ඔහු එන්නේ කෙසේද?
ඔහු කලා 16කින් සම්පූර්ණ සත් යුග කුමාරයාය. ඉන්පසු ත්‍රේත යුගයේ දී ඇත්තේ දිව්‍ය
කලා 14කි. ඉතින් එසේ නම්, ඇයි ඔවුන් ක්‍රිෂ්ණා ද්වෝපූර් යුගයට ඇතුල් කළේ? ඔහු ආ
යුත්තේ ප්‍රථමයෙන්මය. පරම පියා මෙසේ විස්තර කරයි පළමුව පරම පියා සිහිකරන්න නැතහොත්
මායා ඔබට තදින් පහර දේවි. ‘මා නොඅල්ලන්න’ නම් වූ පැළෑටිය ඔබ ස්ඵර්ශ කළ සැනින්
හැකිලේ. ඔබේ තත්ත්වයද ඒ හා සමානය. පරම පියා සිහි නොකරන විට හැම එකක්ම නැති වේ. ඔබ
ගීතයේ ඇසුවා, ‘ඔබේ ළමා කාලය අමතක නොකරන්න’ යනුවෙන්. ඔබ පරම පියා අමතක කළොත් කුමන
ආකාරයෙන් හෝ ඔබට හානි වනු ඇත. පරම පියා මෙසේ කියයි ඔබ මගේ දරුවෝ නේද? ඔබේ ශරීර හැදී
ඇත්තේ විෂ මඟින් වන අතර ඒ භෞතික දෙමාපියන් ඔබේ ශරීරයේ දෙමාපියන් පමණි. අර කෙනා ඔබේ
අශරීරික පරම පියා වන අතර මොහු අලෞකික ආධ්‍යාත්මික පියාය. මොහු කලින් සීමිත වූ අතර
දැන් අසීමිත වී ඇත. බලන්න, මේ ලෞකික දියණිය වන දාදී නිර්මලා ශාන්තා මෙහි වාඩි වී
සිටින්නේ. එනම්, ලෞකික කෙනා, ආධ්‍යාත්මික කෙනා වන අතර අනෙකා සියල්ල අභිබැවූ
පාරලෞකික කෙනාය. ශිව බාබාට කිසිඳු සහෝදර සහෝදරියෙක් ලෞකිකව හෝ ආධ්‍යාත්මිකව හෝ
පාරලෞකිකව හෝ නැත. එය එතරම්ම වූ වෙනසකි! එකම පරම පියාට අයත් වීම යනු නැන්ද මාමලාගේ
දිහා යනවා මෙන් නොවේ! එවැනි පරම පියා හා සමඟ සම්බන්ධ වීම සඳහා කාලය අවශ්‍යය. ශිව
බාබාගේ ස්මෘතිය ඇතිව සිටීමට බොහෝ උත්සාහයක් අවශ්‍යය. අවුරුදු 50ක් තරම් මෙහි ගැවසෙන
දරුවන් ඇතත් ඔවුන් මුළු දවස පුරා බාබා සිහි නොකරයි. අන් සැම කෙනෙක්ම අමතක කර බාබා
සිහිකිරීමට දැඩි උත්සාහයක් අවශ්‍යයි. සමහරු සියයට එකක් සමහරු සියයට දෙකක් හා
ඇතැමුන් සියයට භාගයක්වත් සිහි නොකරයි. මෙය ඉතා උසස් ඉලක්කයකි, ගමනාන්තයකි. පරම පියා
මෙසේ විස්තර කරයි ඔබේ ළමා කාලය අමතක නොකරන්න. ඔබ පරම පියාගෙන් ඔබේ දෙව්ලොව උරුමය
ලබයි. ඔබ දන්නවා ඔබ ජීව මරණයට පත් වී පරම පියාට අයිති වූයේ නව ලෝකයට යාම සඳහාය.
එමනිසා, ඔබට ස්ථීර සතුටක් තිබිය යුතුය. ඕ, අපි ඔටුණු දෙකක් ඇත්තෝ වෙමු! මිනිසුන්
දන්නේ නැත දෙවි දේවතාවන්ට දෙව්ලොව දී දිව්‍ය කලා 16කින් සම්පූර්ණ හෝ 14කින්
සම්පූර්ණ අය යැයි කියන්නේ ඇයි කියා. ඔවුන් කිසිවක් නොදනී. භක්ති මාර්ගයේ ග්‍රන්ථ
නැවත බිහිවනු ඇත. හතායෝග හා වන්දනා ගමන්ද නැවත ඇති වන නමුත් ඒවායින් සිදුවන්නේ
කුමක්ද? ඒවායින් කිසිවෙක් හෝ දෙව්ලොව යයි ද? නැත! මිනිසුන් ඍධි බලෙන් බොහෝ දේවල්
කරයි. එවැනි අය බොහෝ ඇත. දහස් ගණන් මිනිසුන් ඔවුන් පසුපස යයි. ඔවුන් ඔරලෝසු ආදිය
මතුකර පෙන්වයි. ඒවා ඉතා තාවකාලික බව කිසිවෙක් තේරුම් ගන්නේ නැත. ඒ සඳහා බොහෝ මහන්සි
විය යුතුව ඇත. ඍධි බලය පිළිබඳ පොත් පවා තිබේ. සිය දහස් ගණනින් මිනිසුන් ඔවුන් පසුපස
යයි. ඔබ දරුවන් දන්නවා බාබාගෙන් ඔබ දෙව්ලොව උරුමය ලබා ගන්නා බව. ඇසට පෙනෙන මානයේ
කිසිවක් ඉතිරි වන්නේ නැත. පරම පියා මෙසේ විස්තර කරයි ඔබ ශරීර නොමැතිව පැමිණ, ශරීර
වලින් යම් චරිත කොටස් රඟපෑවා. ඒ ගැන ඔබට මිලියන 8.4 උපත් යැයි ගණන් බැලුවොත් ඒවා
කීමට මාස 12ක්වත් ගතවේ. එය කළ නොහැකියි! උපත් 84ක විස්තරය නම් කළ හැකියි. ඔබ දිගටම
උපත් 84ක චක්‍රය වටා යයි. සූර්ය වංශය තිබෙන විට චන්ද්‍ර වංශය නොතිබෙයි. සූර්ය වංශය
අවසාන වූ කළ චන්ද්‍ර වංශය ඇති වේ. ඔබ දන්නවා දැන් ඔබ බ්‍රාහ්මණ වංශයේ වන අතර ඉන්පසු
දෙවි දේවතා වංශයට යන බව. ඔබ මේවා ඉගෙන ගන්නේ ඒ නිසාය. ඉන්පසු ඉණිමගේ පහළට බසිමින්
වෛශ්‍යයන් හා ක්ෂුද්‍රයන් වේ. දැන් ඔබ උපත් 84 සිහි කරයි. ඔබ මේ චක්‍රය ද සිහිකළ
යුතුයි. පරම පියා සිහි කිරීමෙන් ඔබ සදා නිරෝගී වන අතර සදා ධනවත් වී පාප කපාහරී.
චක්‍රය පිළිබඳ දැනුවත් වීමෙන් ඔබ පෘථීවි ගෝලයේ පාලකයන් බවට පත් වේ. ඔබ දන්නවා මේ
ජරාජීර්ණ ලෝකය සොහොනක් වී කිසිවක් ඉතිරි නොවී සියල්ල අහවර වේ. ‘රාමාත් ගියා,
රාවණුත් ගියා’ යැයි කියමනක් ඇත. සත් යුගයේ දී රාමාගේ පවුල ඉතා කුඩාය! දැන් රාවණා
පවුල ඉතා විශාලය! ඔබ දන්නවා රජදහන නිමවෙමින් තිබෙන බව. පළමුව හැම දේකටම උත්සාහය
තිබිය යුතුය. පරම පියා ද මෙසේ දිරිගන්වයි දරුවනි, මා සිහිකරන්න! ඔබ දෙව්ලොව අසීමිත
ස්වාධිපත්‍ය ඔබට ලබාදෙන පරම පියා සිහි නොකරන්නේද? ඔබට දෙව්ලොව අයිති වී තිබුණා යැයි
පරම පියා නැවත නැවත සිහිගන්වනවා. දැන් තව වතාවක් උත්සාහ කර දෙව්ලොව හිමිකරුවන් බවට
පත් වන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම
අවස්ථාවක ‘මාව නොඅල්ලන්න’ යන පැළෑටිය සේ නොවන්න. ඔබේ දිව්‍ය ළමා කාලය අමතක නොකරන්න.
මැලවී නොයන්න. ඔබේ ඇසින් දුටුවත් නොදැක ඉන්න.
2. යමක් උපයා ගත
හැක්කේ එකම පරම පියා සිහිකිරීමෙන් පමණි. එමනිසා, ශරීර ඇති අය සිහිකිරීම නිසා
හඬාවැටීම නොකරන්න. පරම පියාත් උරුමයත් සිහිකර ලෝකයේ ආධිපත්‍යය ලබාගන්න.
වරදානය:
උසස් උපදෙස්
අනුගමනය කිරීමේ පදනම මත ඔබ බලයේ ප්‍රතිමූර්තියක් වී එමඟින් මායා ඇසුරේ බලපෑමෙන්
ඔබ්බෙහි රැඳී සිටීමට ඉඩ ලබත්වා.
සමහර දරුවන්ගෙන්
පැමිණිල්ලක් තිබේ, එනම් ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ට සවන් නොදෙන බවත්, ඔවුන්ට හොඳ ඇසුරක්
නොමැති බවත්, මේ නිසා ඔවුන්ට බලවත් විය නොහැකි බවත්ය. කෙසේවෙතත්, මෙම ඥානයේ
ප්‍රතිමූර්තියක් ලෙස සහ එම බලයේ ප්‍රතිමූර්තියක් ලෙස ඔබ ආශිර්වාද ලබා ඇත. එබැවින්,
උසස් උපදෙස් අනුගමනය කිරීමේ පදනම මත ඔබේ අවධිය නොසැලෙන බවට පත් කර ගන්න. නොබැඳි
නිරීක්ෂකයෙකු ලෙස එක් එක් පුද්ගලයාගේ චරිත කොටස නිරීක්ෂණය කරන්න. ඔබේ සතෝගුණී චරිත
කොටස ඉටු කිරීමේදී ස්ථාවරව සිටින්න. නිරන්තරයෙන් පරම පියාගේ ඇසුරෙහි රැඳී සිටින්න,
එවිට ඔබ තමෝගුණී ජීවාත්මයන්ගේ ආශ්‍රයේ කිසිදු වර්ණයකින් වර්ණවත් නොවනු ඇත.
පාඨය:
කර්ම
යෝගීවරයෙකු යනු ක්‍රියාවල කල්ප වෘක්ෂයේ අත්තක වාඩි වී, ක්‍රියාවන් සිදුකරන විට ඉන්
ඔබ්බෙහි සිටින අයෙකි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
සමහර ජීවාත්මයන්ට
විශේෂිත ස්වභාවයක් ඇති අතර ඔවුන් ඔවුන්ගේ අවධානය කැමැත්තට එරෙහිව පවා එම ස්වභාවය
සමඟ ගමන් කරවයි. ඔවුන් කියනවා: මට ඒක කරන්න ඕන නෑ, නමුත් ඒක මගේ ස්වභාවය. ඒ හා
සමානව, ඔබ දරුවන්ට එතරම් පහසු සහ සරළ ස්වභාවයන් තිබිය යුතු අතර, සෑම කෙනෙකුම ඔබව
පහසු සහ ස්වාභාවික යෝගීන් ලෙස අත්විඳිය යුතුයි. මට කුමක් කළ හැකිද? මට යෝගා කළ
හැක්කේ කෙසේද? ඒ සියලු දේවල් අවසන් විය යුතුයි. ඔබ නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු
කරයි, එයයි යෝගීවරයෙකු වීම. මෙම එක් අංගය ඔබේ ස්වාභාවික ස්වභාවය බවට පත් කිරීමෙන්,
ඔබ සියලු විෂයයන්හි පරිපූර්ණ වනු ඇත.