18.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා මඟ පෙන්වන්නා වන සේම, ඔබද ඒ අයුරින්ම මඟ පෙන්වන්නන් වී සෑම දෙනාටම නිවහනට යාමේ මඟ පෙන්විය යුතුයි. අන්ධයින්ට ආධාරකයක් වන්න.

ප්‍රශ්නය:
මෙම සනාතන, පෙර තීරණය වූ, නාටකයේ, ඔය දරුවන් පමණක් දන්නා රහස කුමක්ද?

පිළිතුර:
සනාතන, පෙර තීරණය කරන ලද්දා වූ නාටකයට, කිසිම නළුවෙක් එකතු කළ හෝ ඉවත් කළ නොහැක. කිසිවෙකුට සදාකාලික විමුක්තිය නොලැබේ. මෙම එන සහ යන චක්‍රය තුළට අපට ඇතුළු වීමට වුවමනා නැත යැයි සමහරුන් කියයි. බාබා පවසන්නේ : ඔව්, මෙය කාලයෙන් කොටසකට සිදු විය හැකි වුවත් කිසිවෙකුව තමන් ගේ චරිත කොටස රඟපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කළ නොහැක. මෙම නාටකයේ රහස දන්නේ ඔය දරුවන් පමණයි.

ඕම් ශාන්ති.
බෝලානාථ (අවිහිංසක ස්වාමී) කියන්නේ කාටද කියා ඔය සුමිහිරි දරුවන් දනී. සංගම් යුග දරුවන් වන ඔබ පමණයි ඔහුව දන්නේ. කලි යුග ජනයා ඔහුව අල්ප වශයෙන්වත් නොදනී. එකම එක පියා පමණයි දැනුමේ සාගරය වන්නේ. ලොවෙහි මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම දෙන කෙනා ඔහුයි. ඔහුම තමන්ගේ හැඳින්වීම ලබා දෙයි. ඔය දරුවන්ට දැන් මෙය වැටහෙයි. පෙර කල ඔබ කිසිවක් දැන සිටියේ නැත. පියා පවසන්නේ මා පැමිණ භාරතය දෙව්ලොව බවට පත් කරවන්නෙමි, ඔබ දැන් හිමි කර ගන්නා, ඔබගේ අසීමිත උරුමය මා ඔබට දෙන්නෙමි. ඔබගේ අසීමිත සතුටෙහි උරුමය, අසීමිත පියා ගෙන් ඔබ හිමි කරගන්නා බැව් ඔබ දැන් දන්නවා. නාටකය පෙර තීරණය වූ එකකි. කිසිම නළුවෙකු එකතු කළ හෝ ඉවත් කළ නොහැක. සෑම කෙනෙකුටම තමන්ගේම කොටස ලැබී ඇත. කිසිවෙකුට සදාකාලික විමුක්තිය ලබා ගත නොහැක. කුමන ආගමකට කෙනෙක් අයත් වන්නේ ද, ඔහු නැවතත් එම ආගමටම යයි. බෞද්ධයින් සහ ක්‍රිස්තියානුවන් ආදීය, දෙව්ලොව යාමට ආශා කරන මුත් ඔවුන්ට එහි යා නොහැක. ඔවුන්ගේ කොටස ආරම්භ වන්නේ, ඔවුන්ගේ ආගම ස්ථාපනය කරන්නා පැමිණි විට පමණයි. මෙය ඔය දරුවන්ගේ බුද්ධීය තුළ ඇත. මෙකල ලොවෙහි සෑම මනුෂ්‍යයෙක්ම දෙවියන් නොහඳුනන්නන්ය, එනම් ඔවුන් අසීමිත පියාව නොදනී. මෙය දැන ගත යුත්තේ මනුෂ්‍යයින් පමණයි, එසේ නොවේද? මෙය මනුෂ්‍යයින්ගේ රඟහළකි. සෑම ජීවයක්ම නිර්වාණ (ශබ්දයෙන් එහා) දේශයේ සිට ඔහුගේ කොටස රඟපෑම සඳහා පැමිණෙයි. ඉන්පසු, සෑම කෙනෙක්ම ආපසු නිර්වාණ දේශයට යෑම සඳහා උත්සාහ දරයි. බුදුන් වහන්සේ නිර්වාණයට ගිය බැව් ඔවුන් කියයි. කෙසේවෙතත්, බුදුන්ගේ ශරීරය නොව, එහි යන්නේ ජීවයයි. පියා විස්තර කරන්නේ දැනට එහි කිසිවෙකුට යා නොහැක කිසිවෙකුට නාටකයෙන් පිටවිය නොහැක ඔවුන්ට සදාතනික විමුක්තිය ලබා ගත නොහැක. මෙම නාටකය පෙර තීරණය වූ එකකි. සමහර මිනිසුන් තමන්ට සදාතනික විමුක්තිය ලබා ගත හැකි යැයි විශ්වාස කරති, එබැවින් ඔවුන් දිගටම උත්සාහ කරති ජයිනයින් මෙන්, ඔවුන් දිගටම උත්සාහ දරයි. ඔවුන්ට, ඔවුන්ගේම සිරිත් විරිත් සහ ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේම ගුරු ද සිටියි. කෙසේවෙතත්, කිසිවෙකුට සදාතනික විමුක්තිය නොලැබෙයි. ඔබ සියලු දෙනාම මෙම නාටකයේ නළුවන් බව ඔබ දනී. තමන් පැමිණියේ කවදාද, කෙසේ ආපසු යන්නේද කියා කිසිවෙක් නොදනී. සතුන් මෙය දන්නේ නැත. මනුෂ්‍යයින් කියන්නේ අප, අපගේ කොටස් රඟපාන නළුවන්ය. මෙය ජීවීන් ජීවත් වන කර්ම ක‍්ෂේත්‍රයයි. එයට (ජීව ලෝකය) කර්ම ක‍්ෂේත්‍රය යැයි කිව නොහැක. එය අශාරීරික ලෝකයයි. එහි විනෝද සහ ක්‍රීඩා ආදිය නොමැත එහි ක්‍රියාවන් සිදු කරන්නේ නැත. ඔබ අශාරීරික ලොවෙන්, ශාරීරික ලොවට පහත් වන්නේ, නැවත නැවතත් සිදුවන, ඔබගේ කොටස් රඟපෑම සඳහාය. සමූල ඝාතනය කිසි විටෙක සිදු වන්නේ නැත. මහාභාරත යුද්ධය ග්‍රන්ථ වල සඳහන් කර ඇත. යාදවයන් සහ කෞරවයන් මරණයට පත්වී, පාණ්ඩවයන් පස් දෙනෙකු පමණක් ඉතිරි වූ බව ලියා තිබේ. ඉන්පසු කඳුකරයේ ඔවුන් ද දියවී, මිය ගිය අතර කිසිවක් ඉතිරි නොවීය. මෙම හේතුව නිසයි ඔවුන් සමූලඝාතනය වූ බව විශ්වාස කරන්නේ. ඔවුන් ඉඳගෙන ඒ සෑම දෙයක්ම ගෙතුවේය. ඉන්පසු මුහුදේ, බෝ පත්‍රයක් මත, තම මහපටැඟිල්ල උරමින් දරුවෙකු පැමිණි ආකාරය ඔවුන් පෙන්වා දෙයි. දැන්, ඔහු මඟින් ලෝකය නිර්මාණය වන්නේ කෙසේද? මනුෂ්‍යයින්ට ඇසෙන ඕනෑම දේකට ඔවුන් එහෙමයි එහෙමයි කියයි. සෑම වර්ගයකම දේවල් ආගමික ග්‍රන්ථ වල ලියා ඇති බව ඔය දරුවන් දැන් දන්නවා! ඒ සෑම ග්‍රන්ථයක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. භක්තිකයන්ට තම භක්තියෙහි ඵලය ලබා දෙන, එක් දෙවි කෙනෙක්, පියා, පමණයි සිටින්නේ. සමහරුන්ට විමුක්තිය ලැබෙන අතර, අනෙක් අය ජීවනමුක්තියට යයි. තම කොටස ආරම්භ වීමට කාලය පැමිණි විට, සෑම ජීවයක්ම (නළුවෙක්) නැවත පහළට පැමිණෙයි. ඔය දරුවන් හැර අන් කිසිවෙකු නාටකයේ රහස් වටහා ගන්නේ නැත. අප නිර්මාණකරු හෝ නිර්මාණය හෝ නොදනී යැයි කියා තිබේ. මෙම නාටකයේ නළුවන් වන අය, නාටකයේ මුල, මැද හෝ අවසානය, හෝ එහි කාල වකවානුව නොදන්නේ නම් ඔවුන් අනුවණ බව කියැවෙයි. ඔබ ඔවුන්ට විස්තර කළත් ඔවුන්ට වැටහෙන්නේ නැත. උපත් මිලියන 8. 4 ක් ගැන ඔවුන් විශ්වාස කරන බැවින්, ඔවුන් කියන්නේ චක්‍රයේ කාලය අවුරුදු මිලියන ගණනක් බවයි. අප චක්‍රයෙන් චක්‍රයට බාබා වෙතට එන්නේ රාජධානියේ උරුමය හිමි කර ගැනීමට බව ඔබට දැන් වැටහෙයි. අප වසර 5000 කට පෙර ද අපගේ අසීමිත උරුමය හිමි කර ගැනීම සඳහා ඔබව මුණ ගැසුණෙමු යැයි ඔබ කියයි. රජවරුන්, රාජිණියන් මෙන්ම වැසියන් ද යන සෑම කෙනෙක්ම ලොව අධිපතියන් බවට පත් වෙයි. වැසියන්ද පවසන්නේ අප ලොවෙහි අධිපතියන් කියාය. ඔබ ලොව අධිපතියන් වන විට චනද්‍ර් වංශික රාජධානිය පවතින්නේ නැත. ඔය දරුවන් මුළු චක්‍රයම, මුල සිට මැද හරහා, නාටකයේ අවසානය තෙක්ම දනී. මනුෂ්‍යයින්, ඔවුන් භක්ති මාර්ගයේ වන්දනාමාන කරන අයවවත් නොදනී. වන්දනාමාන කරන අයගේ චරිත කතාව ඔවුන් දැන සිටිය යුතුයි. ඔය දරුවන් දැන් සෑම කෙනෙකුගේම චරිත කතාව පියා ගෙන් දැන ගෙන ඇත. ඔබ දැන් අයත් වන්නේ පියාටයි. ඔබ පියාගේ චරිත කතාව දන්නවා. පියා, පාරිශුද්ධත්වයට පමුණුවන්නා, විමුක්තිය ලබා දෙන්නා සහ මඟ පෙන්වන්නායි. ඔබට පාණ්ඩවයන් යැයි කියයි. ඔබ සෑම කෙනෙකුටම මඟ පෙන්වන්නන් වෙයි. ඔබ සෑම කෙනෙකුටම මඟ පෙන්වීම සඳහා අන්ධයින්ට සැරයටියක් බවට පත් වෙයි. පියා මඟ පෙන්වන්නා වන අයුරින්ම, ඔබද ඊට සමාන විය යුතුයි ඔබ සෑම කෙනෙකුටම මඟ පෙන්විය යුතුයි. ඔබ ජීව වන අතර, ඔහු උත්තරීතර ජීවයයි. ඔබ ඔහුගෙන් අසීමිත උරුමයක් ලබා ගනී. භාරතය අසීමිත රාජධානිය විය, එහෙත් එය දැන් නොපවති. ඔබගේ අසීමිත සතුටෙහි උරුමය, අසීමිත පියාගෙන් ඔබ හිමි කර ගන්නා බව ඔය දරුවන් දනී, එනම්, සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දෙවි දේවතාවරුන් බවට ඔබ පත් වෙමින් සිටියි. අප දෙවිදේවතාවරුන්ව සිට ඉන්පසු උපත් 84 ක් ගැනීමෙන් ශුද්‍රයින් බවට පත් වුණෙමු. පියා අපව ශුද්‍රයින්ගෙන් බ්‍රහ්මිණ්වරුන් බවට පත් කරවීමට පැමිණ සිටියි. බ්‍රහ්මිණ්වරුන් (පූජකයින්) අනිවාර්යෙන්ම යාගහෝමයකට අවශ්‍යයි. මෙය දැනුමේ යාගහෝමයයි. ඔවුන් භාරතයේ බොහෝ යාගහෝම නිර්මාණය කරයි. මෙයිනුත් විශේෂයෙන්ම ආර්ය සාමාජික ජන කොටස බොහෝ යාගහෝම පවත්වයි. මෙය මුළු ලොවම බිලි ගැනීමට යන රුද්‍රගේ යාගහෝමයයි. මේ සඳහා ඔබ දැන් ඔබගේ බුද්ධිය භාවිත කළ යුතුයි. කලි යුගයේ බොහෝ මනුෂ්‍යයින් සිටියි. එය ඉතා විශාල, පැරණි ලෝකයක් වන අතර ඒ සියල්ලම විනාශ වෙයි. කිසි දෙයක් ප්‍රයෝජන වන්නේ නැත. ස්වර්ණමය යුගයේ සෑම දෙයක්ම අළුත් වෙයි. මෙහේ බොහෝ කුණු ඇත. මනුෂ්‍යයින් බොහෝ සෙයින් අපවිත්‍රව සිටියි. ධනවත් අය ඉතා අලංකාර මාලිඟා වල වාසය කරති. දුප්පතුන් කුඩා මැටි ගෙවල් වල අපවිත්‍රව වාසය කරති. මෙම මැටි ගෙවල් දැන් විනාශ කරමින් සිටියි. ඔවුන්ට ජීවත් වීමට වෙනත් ස්ථාන ලබා දෙන අතර ඔවුන් (රජය) එම ඉඩම් විකුණයි. ඔවුන් පිට නොවන විට ඔවුන්ව බලෙන් පිටමං කරනු ලබයි. දුප්පතුන් බොහෝ සේ දුක් විඳින අතර, සතුටින් සිටින අයට ස්ථීර සතුටක් නොමැත. ඔවුන්ට එම සතුට තිබුණේ නම්, සතුට කපුටෙකුගේ අසූචි මෙනි, යැයි කියන්නේ ඇයි? ශිව දෙවියන් කතා කරයි මම මෙම මව්වරුන් ගේ මාර්ගයෙන් දෙව්ලොව දොරටු විවර කරන්නෙමි. දැනුමේ කලස, මව්වරුන්ගේ හිස මත තැබෙයි. ඔවුන් ඉන්පසු දැනුමේ අමෘතය සෑම කෙනෙකුටම බෙදා දෙයි. කෙසේවෙතත්, ඔබගේ මාර්ගය ගෘහස්ත මාර්ගයයි. ඔබ සැබෑ බ්‍රහ්මිණ්වරුන් බැවින්, ඔබ සෑම කෙනෙකුටම, දැනුමේ සෑය මත අසුන් ගැනීමට මඟ පාදයි. ඔබ දැන් දෙව් දේවතා ජන කොට්ඨාශයේ, කොටසක් බවට පත් වෙමින් සිටියි. අපවිත්‍ර ජන කොට්ඨාශය යනු රාවණ්ගේ රාජධානියයි. රාම රාජ්‍යයක් තිබිය යුතු බව ගාන්ධි පැවසූහ. ඔවුන් ’අහෝ පාරිශුද්ධත්වයට පමුණුවන්නා පැමිණෙන්න යැයි අඬ ගසන නමුත් තමන් අපවිත්‍ර බව සළකන්නේ නැත. පියා ඔය දරුවන්ව අවදි කර ඇත. උපරිම අන්ධකාරයෙන් ඔබ සම්පූර්ණ ආලෝකයට පැමිණ ඇත. ගංඟා නදියේ නෑමෙන් තමන් පාරිශුද්ධත්වයට පත් වෙතැයි මනුෂ්‍යයින් සිතයි. හරිද්වාර්හි අපද්‍රව්‍ය සියල්ලක්ම දමන්නේ ගංඟා නදියටයි. සමහර ස්ථාන වල එම අපද්‍රව්‍ය සියල්ලක්ම ගොවිතැන් වලට ගෙන යයි. ස්වර්ණමය යුගයේ මෙය සිදු නොවේ. එහි බොහෝ ධාන්‍ය තිබේ මුදල් වැය කිරීමට අවශ්‍ය වන්නේ නැත. බාබාට අත්දැකීම් තිබේ. පෙර කල, ධාන්‍ය ඉතා ලාභය. ස්වර්ණමය යුගයේ ඉතා සුළු ජනගහණයක් සිටින අතර සෑම දෙයක්ම ඉතාමත්ම ලාභයි. එබැවින් පියා පවසන්නේ සුමිහිරි දරුවනේ, ඔබ දැන් අපවිත්‍රභාවයෙන් පාරිශුද්ධත්වයට පරිවර්ථනය විය යුතුයි. ඔහු ඔබට ඉතා පහසු මඟක් පෙන්වයි තමන් ජීවයක් ලෙස සළකා පියා සිහිපත් කරන්න. ජීවයට අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇති නිසයි එය ආලේපිත එකක් වන්නේ. දිව්‍යමය බුද්ධී තිබූ අය දැන් ගල් වැනි බුද්ධි ඇති අය බවට පත් වී සිටියි. ඔය දරුවන් දැන් පියා වෙතට පැමිණ සිටින්නේ ගලෙහි ස්වාමීන්ගෙන්, දේවත්වයේ ස්වාමීන් බවට පත් වීමටයි. අසීමිත පියා ඔබව ලොව අධිපතියන් බවට පත් කරවයි, එයත් ස්වර්ණමය ලොවට අධිපතියන්ය. මෙය කලි යුග ලෝකයයි. පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ව දිව්‍යමය ලොවට අධිපතියන් බවට පත් කරවයි. මෙහි ඇති මාලිඟා ආදියෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බව ඔබ දන්නවා. ඒ සෑම දෙයක්ම විනාශ වෙයි. කොහොමනමුත්, මෙහි ඇත්තේ මොනවාද? ඇමරිකාවේ බොහෝ රත්තරං තිබේ. මෙහි මව්වරුන්ට ඇති සුළු රත්තරං ප්‍රමාණයද ගනු ලබයි, මන්ද ණය පියවීම සඳහා රත්තරං භාවිත කරන බැවින්ය. එහෙ ඔබට ඇත්තේ රත්තරංම පමණි, රත්තරං බොහෝය. මෙහේ සිප්පි කටු තිබෙන අතර එහෙ දියමන්ති තිබේ. මෙයට කියන්නේ කලි යුගය කියායි. භාරතය අවිනාශී දේශයයි එය කිසි දිනෙක විනාශ නොවේ. භාරතය සැමටම වඩා ශ්‍රේෂ්ඨතම දේශයයි. ඔය මව්වරුන් මුළු ලොවම ඉහළ නංවයි. ඔබට අනිවාර්යෙන්ම නව ලොවක් අවශ්‍යයි. පැරණි ලොව විනාශ විය යුතුයි. මෙම කරුණු වටහා ගත යුතුයි. ඔබගේ ශරීරයේ පැවැත්ම සඳහා ඔබ රැකියාවක් ද කළ යුතුයි. ඔබ කිසි දෙයක් අත්හැරිය යුතු නැත. බාබා පවසන්නේ සෑම දෙයක්ම කරන අතර තුරදී දිගටම මා මෙනෙහි කරන්න. භක්ති මාර්ගයේ වුවද ඔබ සිහිපත් කළේ, පෙම්බරයා වන මාවයි. පැමිණ, විරූපිව සිටින අපව රූමත් කරන්න යැයි ඔබ කීවේය. ඔහුට සංචාරකයා යැයි කියයි. ඔබ සැවොම සංචාරකයෝ නොවේද? ඔබගේ නිවහන ඇත්තේ එහේය, සියලුම ජීව වෙසෙන ස්ථානයේය. ඔබ සෑම කෙනෙකුටම, දැනුමේ සෑය මත අසුන් ගැනීමට අත දෙයි. ඔබ සැවොම, සියලුම ගිණුම් අවසන් කිරීමෙන් අනතුරුව, ආපසු නිවහනට යයි. ඉන්පසු ඔබ නැවතත් පැමිණ අළුතින් ආරම්භ කරයි. ඔබ වැඩියෙන් ස්මරණයේ සිටින තරමට, වැඩියෙන් පාරිශුද්ධ වී උසස් තත්ත්වයක් හිමි කර ගනී. මව්වරුන්ට කාලය ඇත. පිරිමින්ගේ බුද්ධී ඔවුන්ගේ ව්‍යාපාර ආදිය වටා භ්‍රමණය වෙමින් තිබෙයි. මේ නිසයි පියා, කළස මව්වරුන්ගේ හිස මත තබා ඇත්තේ. මෙහි, භාර්යාවකට තම සැමියා ඇයගේ දෙවියන්, ඇයගේ ගුරු, ඇයගේ සෑම දෙයක්ම වන බවත්, ඇය ඔහුගේ මෙහෙකාරිය බවත් කියා ඇත. පියා දැන් ඔය මව්වරුන්ව බොහො උසස් කරවයි. භාරතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ ඔය කාන්තාවන්ය. සමහරු, මෙම පැමිණිමෙන් සහ පිටවීමෙන් නිදහස් වීමට හැකි දැයි, බාබා ගෙන් අසයි. බාබා පවසන්නේ ඔව්, ටික කාලයකට. කෙසේවෙතත්, ඔය දරුවන් මුල සිට අග දක්වා, පූර්ණ වටයෙම යන කොටස් රඟපායි. අනෙක් අය විමුක්ති දේශයේ සිටියි. ඔවුන්ට රඟ පාන්නට ඇත්තේ කුඩා කොටස් පමණයි. ඔවුන් දිව්‍ය ලෝකයට නො යයි. පැමිණිමෙන් සහ පිටවීමෙන් විමුක්තිය ලැබීම, යැයි කියනු ලබන්නේ, අවසානයේ පැමිණ ඒත් සමඟම ආපසු යන අය පිළිබඳවයි. ඔවුන්ට දැනුම ආදියට සවන් දිය නොහැක. තම කොටස් මුල සිට අග දක්වා රඟපාන අයයි මෙම දැනුමට සවන් දෙන්නේ. සමහර ජීවයන් කියන්නේ, ඔවුන් එහෙ සිටීමට පමණක් කැමති බවයි, ඔවුන්ට නිකම් ඉහළ සිටීමට අවශ්‍ය බවයි. එය එසේ වන්නේ කෙසේද? එහි යෑමෙන් පසු, ඔවුන් අනිවාර්යෙන්ම අවසානයේ දි පැමිණිය යුතුය යන්න නාටකයේ නියම වී ඇත. ඉතිරි කාලයේදී ඔවුන් සාම දේශයේ සිටියි. මෙම නාටකය අසීමිතයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සත්‍ය බ්‍රහ්මණයෙකු වී සෑම දෙනාටම දැනුමේ අමෘතය බෙදා දෙන්න. සෑම කෙනෙකුටම දැනුමේ සෑය මත අසුන් ගැනීමට උපකාරී වන්න.

2. සෑම දෙයක්ම කරන අතර තුරදී සහ ඔබගේ ජීවිකාව වෙනුවෙන් ව්‍යාපාර කටයුතු වල යෙදෙන අතරම, අපවිත්‍රභාවයෙන් පාරිශුද්ධත්වයට පත්වීම සඳහා පියාව සිහිපත් කර, අන් සෑම දෙනාටමත් පියාව සිහිපත් කර දෙන්න.

වරදානය:
ඔබේ විශේෂතා දානය කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වන මහාදානී කෙනෙකු වීමට ඔබට හැකි වේවා.

ඔබ සියලු දෙනාම මෙම ඥානය දානය කරන නමුත් ඔබ විශේෂ ජීවාත්මයන් ඔබගේ විශේෂතා දානය කළ යුතුය. ඔබ ඉදිරියට එන ඕනෑම කෙනෙකුට ඔබ තුළ පියාගේ සෙනෙහස අත්විඳීමට ඉඩ දෙන්න. ඔබේ මුහුණෙන්, ඔවුන්ට පියාගේ මුහුණ දැකීමට ඉඩ දෙන්න, ඔබේ ක්‍රියාකාරකම් තුළින්, ඔවුන්ට පියාගේ චරිතය දැකීමට ඉඩ දෙන්න. ඔවුන් ඔබේ විශේෂතා දකින විට, ඔවුන්ට විශේෂ ජීවාත්මයන් වීමට පෙළඹවීම ලැබෙනු ඇත. ආරම්භයේ සිට අවසානය දක්වා, එනම්, වන්දනාවට සුදුසු වීමේ සිට වන්දනාකරුවන් වීම දක්වා ඔබ ශ්‍රේෂ්ඨව සිටින ආකාරයක එවන් මහාදානීවරුන් වන්න.

පාඨය:
නිරන්තරයෙන් ජීවාත්ම අවධානයෙන් සිටින අය, උතුම්ම ඥානවන්ත අය වෙති.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

පරමාත්ම පියා කෙරෙහි නිරන්තර සෙනහසේ මුසු වී "මම" යන අවධානය අත්හැරීමේ ආකල්පයක් ඇති දරුවන් තුළින් පරමාත්ම පියාව පෙන්නුම් කරයි. මෙම දැනුමේ පදනම මත, ඔබ දරුවන් පරමාත්ම පියාගේ ස්මරණයේ ගැලී සිටින අතර, මෙම මුසු වීම සෙනහසේ මුසු වීමේ අවධිය ලෙස හැඳින්වේ. ඔබ සෙනෙහසේ මුසු වූ විට, එනම්, ඔබ සෙනහසේ අතරමං වූ විට, ඔබ පියාට සමාන බවට පත්වනු ඇත.