18.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබට ඇහෙන කිසිම ඕපාදුපයක් විශ්වාස කරන්න එපා. කිසියම් කෙනෙක් යම් නිවැරදි
නොවන දෙයක් ඔබට පැවසුවහොත් එය එක් කණකින් අසා අනිත් කණීන් පිට කර දමන්න.
ප්‍රශ්නය:
ඥානයේ සතුටින්
සිටිනා දරුවන්ගේ ගති ලක්ෂණ මොනවාද?
පිළිතුර:
ඔවුන් සෑම විටම තමන් විසින් කළ අතීත ක්‍රියා මත විඳීමට සිදුවන කර්ම වේදනාවන්
සතුටින් යටපත් කරගන්නවා. ඥාන සතුට ඇති විට වේදනාව, දුක හා විඳවීමේ ලෝකය අමතක වී
යයි. තමන් දැන් සතුටු ලෝකයට යනවායි යන සිහිය දැන් ඔබ බුද්ධියේ ඇත. රාවන ඔබට සාප කර
ඔබව දුකට පත් කරවා ඇත. පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ ඔබව මෙම දුකින් හා
වේදනාවෙන් පිරි ලෝකයෙන් මුදවා ගෙන සතුටු ලෝකයට ගෙන යාමටයි.
ගීතය:
ඔබ සොයා
ගැනීමෙන් අප මුලු ලොවම සොයා ගතිමු. අහසත් පොළොවත් සියල්ල අයිති අපටයි.
ඕම් ශාන්ති.
ඔය මිහිරිම
මිහිරි, ආධ්‍යාත්මික දරුවන් ගීතයට ඇහුම් කන් දුන්නා. සතුට තරම් පෝෂණයක් තවත් නැහැයි
කියා කියනා නිසා ඔය දරුවන් තුළ හිරිගඩු පිපෙනා තරම් සතුටක් ඇති විය යුතුයි. ඔය
සියලුම ආධ්‍යාත්මික දරුවන් දැන් අසීමිත පියාව සොයා ගෙන සිටිනවා. සිටින්නේ එකම එක
අසීමිත පියෙක් පමණයි. අනිත් අය ද පරමාත්ම පියාට අයිති වී ඔහුගේ දරුවන් වුණු විට
ඔවුන් තුළත් හිරිගඩු පිපෙනා සතුටක් ඇති වේවි. තමන්ට රාජ්‍යයක් තිබුණු බවත් එය අහිමි
වුණු බවත් ඔය දරුවන් දන්නවා. ඔබ දැන් නැවතත් වතාවක් අධිරාජ්‍යය දිනා ගනිමින්
සිටිනවා. මෙය භාරතීය වැසියන්ට හොඳ ආරංචියක්. කෙසේවෙතත්, එය එසේ වන්නේ මෙයට හොඳින්
ඇහුම් කන් දී හොඳින් එය තේරුම් ගත හොත් පමණයි. මෙය සැබවින්ම සතුටට කරුණක්. පරමාත්ම
පියා සෑම කල්පයකදීම පැමිණෙනවා. පරමාත්ම පියාගේ උපත සිහි කෙරෙන්නේ මෙහිදීයි. සෑම
උත්සවයක්ම මේ කාලයටයි. පරමාත්ම පියා පැමිණ ඔබට ඉතාමත් පහසු මඟක් පෙන්වා දෙනවා.
මිනිසුන්ට විවිධාකාරයේ දුක් කරදර තිබෙනවා. මෙම ඥානයේ සතුට ඇති විට සියලු දුක් වේදනා
යට වී යනවා. අසනීපයෙන් සිටි අයෙක් පූර්ණ සුවයට ලඟා වන විට එය සැමටම සතුටක්. රෝගයත්
දුකත් අමතක වෙනවා. ඔවුන්ගේ පවුලේ අය, ඥාති හිත මිතුරන් සෑම කෙනෙක්ම සතුටු වෙනවා. ඔබ
සෑම කෙනෙක්ම ලෝක පාලකවරුන්ව සිටි බවත් රාවන ඔබට සාප කළ බවත් ඔය දරුවන් දන්නවා. මෙය
දුකින් වේදනාවෙන් පිරි ලෝකයයි. එවිට හෙට, එය සතුටු ලෝකය වේවි. සතුටු ලෝකය සිහි කළ
විට, සෑම දුක් වේදනාවක්ම අමතක වී යනවා. මෙය තමෝප්‍රධාන් ලෝකයයි. විවිධාකාරයේ කර්ම
විඳවීම් තිබෙනවා. අහිංසක අය නොයෙක් ලෙසින් හිංසනයට ලක් වෙනවා. විවිධාකාරයේ බාධක
පැමිණෙනවා. එම බාධකත් මෙම කර්ම විඳවීමේ දිනත් පවතින්නේ තව ටික දවසයි. පරමාත්ම පියා
ඔබට ඉවසීම දෙනවා: තව ටික දවසයි තිබෙන්නේ. මෙය මීට පෙර කල්පයේදීත් සිදු වුණා. කර්ම
විඳවීම් වල ගිණුම් පියවිය යුතුයි. ඒ සෑම දෙයක්ම සතුටින් ගෙවා දමන්න. පරමාත්ම පියාව
හා උරුමයම සිහි කරන්න. වැරදි ක්‍රියා කරන්න එපා. නැතිනම්, දැඩි දඬුවම් විඳීමට
සිදුවන අතර ඔබගේ තත්වය විනාශ වී යාවි. එකම එක පරමාත්ම පියාව සිහි කිරීම දරුවන්ගේ
රාජකාරියයි. පරමාත්ම පියා කියනවා: මා සිහි කරන්න. ඔබගේ පාප දුරුවී යාවි. ඔබගේ කර්ම
වේදනාවන් පියවී යාවි. තව කෙටි කලයි ඉතිරිව තිබෙන්නේ. නොනවත්වාම ඔබගේ කර්ම ගිණුම්
පියවා දමමින් යන්න මන්ද, ඔබ අන්ධයින්ට සැරයටියකි. මෙය සිහි තබා ගෙන අන් අයටත් මඟ
පෙන්වන්න. බාධක රැසක් පැමිණේවි. හැකි උපරිමයෙන්. පරමාත්ම පියාව සිහි කරන්නැයි කියා
සැමටම කියන්න. මෙම වචන ඉතාමත් ප්‍රසිද්ධයි. "මන්මනාභව": අහෝ! ජීවාත්මයණි!
නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. ඔබගේ සියලු පාප දැවී හළුවී යාවි. මේ සම්බන්ධයෙන්
පටලැවිල්ලට පත් විය යුත්තේ නැහැ. සරළවම පරමාත්ම පියාව සිහි කරන්න. ඔබ තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් වේවි. තමන් උපත් 84 චක්‍රයක සිටි බව ඔබලා දන්නවා. දිගටම චක්‍රය
වටා ගිය ඔබ ඉදිරියටත් යනු ඇත. මෙය පැරණි ලෝකය වන අතර පැරණි ඇඳුමයි. මෙය අමතක කර
දමන්න. මෙය ජීවාත්මයන්ගේ අසීමිත අත්හැරීමයි. ඔවුන්ගේ අත්හැරීම සීමිතයි. ඔවුන්
කරන්නේ තම ගේ දොර දරුපවුල් අතහැර දමා යාමයි. එය නාටකයේ ඔවුන්ගේ චරිත කොටස වී ඇති
අතර ඔවුන් නැවතත් එයම කරාවි. පසුවන සෑම තත්පරයක්ම නාටකයයි. පසුව, ඒ නාටකයම නැවතත්
ක්‍රියාත්මක වේවි. සෑම ආගමික ග්‍රන්ථයක් භක්ති මාර්ගයේ පොත්ය. භක්තියෙන් පසුව
ඥානයයි. ඉණිමඟ පෙන්වන පින්තුරය පැහැදිලි කිරීම හරිම පහසුයි. ප්‍රධාන පිනතූර ඔබගේ
නිවසේත් එල්ලා තැබිය හැකියි. ත්‍රිමූර්තිය හරිම පැහැදිලියි. ඉහළින්ම සිටින්නේ
ශිවායි. බ්‍රහ්ම, විශ්නු හා ශංකර් සූක්ෂම කලාපයේ වැසියන් වන අතර පරමාත්ම දෙවියන්
ඉහළම ඉහළ කෙනා වේ. පරමාත්ම පියා සිටිනා ස්ථානය ඔය ජීවාත්මයන්ගේත් නිවහන බව ඔය
දරුවන් දනී. නිර්වාණ දේශය හෝ සාම දේශය කියා කිව්වත් දෙකම එකයි. ශාන්ත දේශය යන්න
නිවැරදියි. නිර්වාණ දේශය යනු ශබ්දයෙන් එහා ඇති හෙවත් නිහඩ දේශයයි. එය ශාන්ත දේශය වන
අතර එතැනින් සතුටේ, සාමයේ හා සෞභාග්‍යයේ දේශය ඇත. ඉන් පසුව දුක හා කලබලයේ දේශයයි.
සතුටු දේශයේ අසීමිත ධන වස්තුවක් ඇත. අද එය කෙසේද හෙට කෙසේ වේවිද? අද, මෙය කලි යුගයේ
අවසානයයි, හෙට එය ස්වර්ණමය යුගයේ ආරම්භය වේ. දිවා රෑ මෙන් වෙනසක් ඇත. බ්‍රහ්මාත්,
බ්‍රහ්මාගේ කටින් උපන් බ්‍රහමින් පරපුරේ දවස හා රාත්‍රිය කියා කියනවා. දේවතාවරුන්
සිටින්නේ දහවල වන අතර රාත්‍රියේ ශුද්‍රයින්ය. ඔය බ්‍රහමින්වරුන් සිටින්නේ ඒ
අතරමැදයි. මෙම සංගම් යුගය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මිනිසුන් සිටින්නේ ඝණ
අන්ධකාරයේයි. සෑම කෙනෙක්වම උපරිම ආලෝකයට ගෙන යාම ඔය දරුවන්ගේ රාජකාරියයි. ඒ මහාභාරත
යුද්ධයම ඔබ ඉදිරියේ ඇත. විනාශය සිදුවන මොහොතේදී සෙනෙහසින් තොර බුද්ධියකින්
සිටින්නන් විනාශය කරා ඇද වැටෙන බවත්, ආදරණීය බුද්ධියක් ඇත්තෝ ජය ලබන බවත් සඳහන් කර
ඇත. බබා දැන් නැවතත් වතාවක් ඒ රාජ්‍යයම ඔබට දෙන බව ඔය දරුවෝ දනිති. කිසිම කෙනෙකුට
එම රාජ්‍යය අපගෙන් උදුරා ගත නොහැකියි. රාවන සිටියේ තඹ යුගයේයි. රාවන අපගේ රාජ්‍යය
උදුරා ගත්තා. එමනිසා. ඔහුව සැලකිය යුත්තේ සතුරෙක් ලෙසිනුයි. සතුරෙකුගේ පමණයි පඹයෙක්
සාදා පුළුස්සන්නේ. ඔහු ඉතාමත් පැරණි සතුරෙකි. මෙය රාවන රාජ්‍යයයි කියා කිව්වත්, එය
කිසිම කෙනෙකුගේ සිහියට ඇතුලු වන්නේ නැහැ. එමනිසා, මෙය හඳුන්වන්නේ ඝණ අන්ධකාරය
ලෙසිනුයි. අසීමිත පියා ධර්මධරයි. ඔහු ඥාන ධර්මය දානය කරන්නායි. දිව්‍යමය ඇස දානය
කරන්නායි. දැන් ඔය සෑම ජීවාත්මයක්ම ඥානයේ තෙවෙනි ඇස ලබා ඇත. මීට පෙර, ඔබ මේ කිසිවක්
දැන සිටියේ නැහැ. දැන් ඔබ සියල්ලම දන්නවා. පරමාත්ම පියා ඥාන සාගරය වන නිසා ඔහු
අනිවාර්යෙන්ම ඥානය කතා කරයි. එහෙම නේද? ඔහු කතා කළේ නැතිනම් ඥානය එළිදරව් වන්නේ
කෙසේද? කල්ප බාගයකටම මුක්තිය ලැබෙන පරිදි පරමාත්ම පියා ඔබට ඥානය දෙන ආකාරය බලන්න.
භක්තිය කල්ප බාගයක් පුරාවට තිබිය යුතුයි. සංගම යුගයේ දී පමණයි ඥානය මඟින් විමුක්තිය
ලැබෙන්නේ. දරුවන්ගේ කිසිම දෙයක් කෙදිනකවත් සැඟවිය නොහැකියි. පරමාත්ම පියා කියනවා:
වැරදි දෙයක් ඔබ අතින් සිදුවුණු ඕනෑම වෙලාවක, එය බාබාට කියන්න. බොහෝ දෙනා නිතරම
වැරදි ක්‍රියා කරනා බව බාබා දන්නවා. මෙය රාවන රාජ්‍යයයි. මායා ඔබට දෙන්නේ කම්මුල්
පහරමයි. ඒ වුණත්, බොහෝ අය සියල්ල සඟවනවා. බාබා කියනවා:වැරැද්දක් කළ සෑම විටෙකම
එසැනින්ම එය බාබාට කියන්න. එවිට ඉදිරියේ දී එවන් දේ වලින් ආරක්ෂා වී සිටීමේ
ක්‍රමයක් බාබා ඔබට පෙන්වාවි. නැතිනම්, එය තව තවත් වැඩි වර්ධනය වේවි. ලොකුම සතුරා
රාගයයි. ඇතැම් අය බාබාට ලියනවා: බාබා, මායා හරියට එදිරිවාදිකම් කරනවා. මායාගෙන්
බේරි සිටිය හැකි තරමේ අඛණ්ඩ යෝගාවක් ඔබ කිසිම කෙනෙක් තුළ නැහැ. ඇත්තේ මහා ශාරීරික
අවධානයක්ය. බොහෝ අය මායාගේ කම්මුල්පහර කනවා. බාබාට නිතරම සෑම තැනකින්ම තොරතුරු
ලැබෙනවා. වැරදි කතාන්දර ගණනාවක් පුවත්පත් වල පළ කරළා. මේ දිනවල මිනිසුන්ට නොයෙකුත්
කතාන්දර සෑදිය හැකියි. ඔවුන් තමෝප්‍රධාන්. ව්‍යාස්ට රජෝ බුද්ධියක් තිබුණු කළ, ඔහු
ලිවේ මොනවාද කියා බලන්න. පරමාත්ම පියා ඔය දරුවන්ට පහදා කියන්නේ: අන් අයගෙන් අහන්න
ලැබෙන දේ විශ්වාස කර ඔබ කලබලයට පත් වෙන්න එපා. "අහවල් අහවල් කෙනා මෙහෙම කිව්වා. .
මෙහෙම කළා" ඒවා ඔබගේ ඔළුව විනාශ කරනවා. මෙය තමෝප්‍රධාන් ලෝකය බව ඔවුනට තේරෙන්නේ
නැහැ. මායා ඔබව බිම ඇද දැමීමට උත්සාහ කරාවි. කවුරු හෝ කෙනෙක් ඔබට මිත්‍යා කතාවක්
කියූ විට එය එක් කණකින් ගෙන අනිත් කණින් පිට කර දමන්න. මේ පණිවිඩය සෑම කෙනෙකුටම
දෙන්න. පරමාත්ම පියා කියනවා: මම සංදේශයක් ගෙන එමි. අසව්, අසව් ජීවාත්මයනි. දැන්
ශ්‍රීමත් පිළිපදිනු. නිතරම මා පමණක්ම සිහි කරන්න. මා සිහි කරනා අය තමන්ට යහපත උදා
කර ගනීවි. ජීවාත්මය විසින් සිහි කළ යුතුයි. මන්ද, එයට අමතක වී තිබෙනා නිසා. ඔබ දැන්
පරමාත්ම පියාගේ ශ්‍රීමත් ලබනවා. ආශිර්වාද, කරුණා දයාව අයදින්න අවශ්‍ය නැහැ. කිසිම
සැකයකින් තොරව මා සිහි කරන්න. කිසිම දෙයක් ඉල්ලීමට අවශ්‍ය නැහැ. ලෝක චක්‍රය
කැරකෙන්නේ කෙසේද කියා ඔබ අසා තිබෙනවා. ඒ ගැන කිසිම වාදයක් නැහැ. පරමාත්ම පියා
පැමිණෙන්නේ ඝණ අන්ධකාර රාත්‍රියේදීයි. මෙන්න මේ නිසා තමයි ශිව රාත්‍රිය සිහි
කෙරෙන්නේ. ක්‍රිෂ්ණාගේ උපතත් සැමරෙන්නේ රාත්‍රියේ දීයි. දේවාල වල රාත්‍රියට කීර්
පුඩිං හා පුරී සාදා දෙනවා. ශිවාට ඔබ හදන්නේ මොනවාද? ඔහු අශාරීරිකයි. බාබා
පැමිණෙන්නේ කොයි මොහොතේ දීද පිටව යන්නේ කොයි මොහොතේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ
නැහැ. ඔහු නිතරම මේ රථයේ සිටින්නේ නැහැ. ඇවිත් යනවා. තමන් දැන් ශිව් බබාගේ
මුණුපුරන් බව ඔබලාට තේරෙනවා. ඔබට ඔහුගෙන් උරුමයක් හිමි වෙනවා. බ්‍රහ්මාටත් ඔහුගෙන්
උරුමයක් හිමි වෙනවා. ඔහු මානව ජීවයකි. විමුක්තිය දිනා ගැනීමේ දී ශ්‍රී ක්‍රිෂ්ණා
සිටින්නේ ඉදිරියෙන්මයි. සතෝප්‍රධාන් ළමා කාලයේ සිටිනා නිසා ඔහු කාගෙත් ආදරයට ලක්
වෙනවා. මදක් වැඩිවියට පැමිණෙනු විට ඔහුගේ තත්ත්වය සතෝ වෙනවා. පසුව රජෝ හා තමෝ
මට්ටමට පැමිණෙනවා. ශ්‍රී රාධේ හා ක්‍රිෂ්ණා පසුව ලක්ෂ්මී හා නාරායන වෙනවා. පරමාත්ම
පියා මීට පෙර තමන් විසින් දුන් අයටම ඥානය දෙනවා. දේවතාවරුත් සිටියේ භාරතයේයි. අන්න
ඒ නිසා තමයි භාරතය පුරා දේවාල ගණනාවක් තිබෙන්නේ. ක්‍රිස්තියානුවරුන්ගේ පල්ලි වලට
වඩා ඔබට දක්නට ඇත්තේ ක්‍රිස්තුන්ව පමණයි. දේවතාවරුන්ට දේවාල ගණනාවක් තිබෙනවා.
පරමාත්ම පියා මිනිසුන්ව දේවතාවරුන් කරවීමට පැමිණ සිටිනවා. ඔහු පැමිණ සිටින්නේ භාරතය
දෙලොවක් කිරීමටයි. පරමාත්ම පියාව සිහි කර අපි පාරිශුද්ධ වෙනවා. පරමාත්ම පියා සමඟ
අපිත් භාරතය දෙව්ලොව බවට පත් කරවනවා. අපි හරියට පරමාත්ම පියා සමඟම පැමිණියා වගෙයි.
භක්ති මාර්ගයේදී මිනිස්සු දේවාල හා දේව පිළිම සෑදීමට විශාල මුදලක් වියදම් කරනවා.
ඒවා සාදා. රැක බලා ගෙන පසුව විනාශ කර දමනවා. දින නවයකින් ඔවුන් ඒ පිළිම වතුරේ
ගිල්වා දමනවා. ඔවුන් ඒවාට ඉතාමත් ආදරෙයි. කල්කටාවේ පිරිස නවරාත්‍රිය. නව දෙවඟනන්ගේ
රාත්‍රිය මහා ඉහළින් සමරණවා. ඒ සෑම දෙයක් සම්බන්ධයෙන්ම ඔබ දැන් පුදුමයට පත්වෙනවා. ඒ
දිනවල අපිත් එයට සහභාගී වුණා. රුපියල් මිලියන සිය දහස් මිලියන ගණනක් ඔවුන් ඒ
වෙනුවෙන් වියදම් කරනවා. මහා විශාල අන්ධ විශ්වාසයක් තමයි පැතිරී තිබෙන්නේ. රාමායනය
ආදිය කෙරෙහි ඔවුන් ලොකු සෙනෙහසක් තිබෙනවා. එයට ඇහුම්කන් දී සිටිනා අතර කඳුළු පවා
සලනවා. මේ සියල්ල භක්ති මාර්ගයයි. එහි කිසිම යහපතක් නැහැ. බබා දැන් අපව ඉතාමත්
ඥානවන්ත කරවනවා. මේ සියල්ලට ඔබ මෙහිදී ඇහුම්කන් දුන්නත් මෙහිදී අසා ගන්නා ඒ කිසිවක්
ඔබ අමතක නොකළ යුතුයි. සියල්ලම සිහියේ තබා ගන්න. මෙතැනින් පිටව යාමට පෙර
සම්පූර්ණයෙන්ම ප්‍රාණවත් වී ඔබ යා යුතුයි. තමා ජීවාත්ම සත්තාවක් බව සලකා ඔබගේ ශරිරය
ද ඇතුලුව සියල්ලම අමතක කර දැමිය යුතුයි. මේ සියල්ල සොහොන් බිමකි. දිල්ලි නුවර ඇති
බිර්ලා දේවාලයේ (ලක්ෂ්මි- නාරායන): භාරතය සුර දේවතාවරුන්ගේ දේශයව පැවති බවත් එය
ස්ථාපනය කළේ ධර්මරාජ් බවත් සඳහන් කර තිබෙනවා. මෙම ලෝකය දැන් සොහොන් බිමක් බවට
පත්වීමට ඇති බව ඔය දරුවන්ට තේරෙනවා. පරමාත්ම පියා කියනවා: රාග ගින්නේ අසුන්
ගැනීමෙන් සෑම කෙනෙක්ම මුලුමනින්ම දැවී හළුවී ගිහින්. "කෝප ගින්න" කියා කියන්නේ
නැහැ. "රාග ගින්න" කියා කියනවා. ඒ තුළ යම් කුල්මත් බවක් තිබෙනවා. පරමාත්ම පියා මෙහි
සිට කරුණු පහදා දෙන්නේ ඔය දරුවන්ට පමණයි. පහත් අවමානීය දරුවෙක් ඇති විට ඔහු තම
පියාගේ රැවුලේ ගෞරවය කෙලෙසනවායි කියා කියනවා. අසීමිත පියාත් කියන්නේ . ඔබගේ මුහුණ
අවලස්සන කර ගත් විට දේවතාවරුන් වීමට සිටිනා බ්‍රහමින් කුලයේ අලංකාරයට අපහාස කරනවායි
කියා කියනවා. පාරිශුද්ධත්වයේ බලයෙන් ඔබලා නැවතවතාවක් භාරතය උතුම් දේවතාවරුන්ගේ
දේශයක් බවට පත් කරවනා බව ඔය දරුවන් දන්නවා. ඔබට මෙය සාමාන්‍ය දෙයක්. මහාභාරත යුද්ධය
අතේ දුරින් බව ඔබට පෙනෙනවා. දෙව්ලොව දොරටු විවර වන්නේ මෙම යුද්ධයෙනි. ග්‍රන්ථ වල
මහා භාරත යුද්ධය පෙන්වා තිබෙනවා. ඉන් අනතුරුව සිදු වූයේ කුමක්දැයි කියා ඔවුන්
පෙන්වා නැහැ. සියල්ල ශුන්‍ය වී ගියා කියා නිකම් කියනවා. එක් අතකින්. ක්‍රිෂ්ණා තම
මවගේ කුසින් උපදින ආකාරය පෙන්වා ඇති අතර අනිත් පැත්තෙන් තම මහපට ඇඟිල්ල උරමින්
ක්‍රිෂ්ණා බෝ කොළයක පා වී ගෙන එන ආකාරයත් පෙන්වා තිබෙනවා. ඔවුන්ට කිසිම දෙයක්
තේරෙන්නේ නැහැ. එහිදී ඔබලා ගර්භ මාළිඟාවේ ඉහළම සුවයෙන් සිටිනවා. කොළයක් මත සාගරයේ
පාවී එන්න ඔහුට පුළුවන්ද? එය සිදුවිය නොහැක්කක්. මුලු නාටකයම කල් තබාම තීරණය වූවක්
වන අතර ඒ ගැන දන්නේ ඔබලාම පමණයි. සෑම කල්පයක දීම එය ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. ඔය
දරුවන් දැන් තමන්ටත් අන් අයටත් යහපත සැලසිය යුතුයි. ප්‍රධානම දෙය මෙයයි. පරමාත්ම
පියා දෙව්ලොව නිර්මාණකරුයි. ඔහුව හඳුන්වන්නේ දෙව්ලොව දෙවි පියාණන් කියලයි. එමනිසා,
අප දරුවන් දෙව්ලොව පාලකවරුන් විය යුතුයි. මිනිස්සු භාරතයේ දී ශිව ජයන්තිය සමරණවා.
එසේනම් ඔහු අනිවාර්යයෙන්ම ඉන්න ඇත්තේ භාරතයේයි. දැන් ඔහු ඔබට දෙව්ලොව ස්වාධිපත්‍යය
දෙනවා. පරමාත්ම පියා විමුක්තිය දානය කරන්නායි. ඥාන සාගර පරමාත්ම පියා පමණයි පැමිණ
ඔබට ඥානය දෙන්නේ. පරමාත්ම පියා දැන් ඔබට ඥානය දෙනවා. වසර 5000කට පසුව ඔහු නැවතත්
මෙහි පැමිණේවි. බ්‍රහ්මණ කුලයට අයිතිව සිටි අය නැවතත් මෙහි පැමිණෙන බවට ඔය දරුවන්
විශ්වාස කරනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත්
පිළිපැද තමාටත් අත් අයටත් යහපත සලසා ගන්න. කෙනෙක් ඔබ හා මුසා බස් දොඩනා විට ඒවාට
ඇහුම් කන් දුන්නත් ඒ කියනා දේ ගණන් නොගෙන සිටින්න. කලබල වන්න එපා.
2. දේවතාවරුන් වීමට
සිටිනා බ්‍රහ්මණ කුළයේ අලංකාරයට අපහාස නොවන බවට වගබලා ගන්න. කිසිදු විටෙක වැරදි
ක්‍රියාවක් කරන්න එපා. පැරණි කර්ම ගිණුම් සමනය කර දමන්න.
වරදානය:
ඔබට ඔටුන්නක්
සහ 'හද සිහසුන' හි අසුන් ගැනීමේ භාග්‍යය ලැබ අධ්‍යාත්මික අභිමානය සහ ඔබේ ඉලක්කය
පිළිබඳ සිහිය තුළින්, ඔබේ භෞතික ඉන්ද්‍රියයන් ඔබේ අණ පරිදි ක්‍රියා කරත්වා.
සංගම යුගයේ දී, ඔබ
සියලු දරුවන්ට බාප්දාදා වෙතින් ඔටුන්නක් සහ සිහසුනක් ලැබී ඇත. එහි පාරිශුද්ධත්වයේ
ඔටුන්න මෙන්ම වගකීම් වල ඔටුන්න ද ඇත; එසේම අමරණීය සිහසුන මෙන්ම හද සිහසුන ද ඇත. ඔබ
ද්විත්ව ඔටුනු පැළඳ ද්විත්ව සිහසුනක අසුන් ගන්නා විට, ඔබේ අධ්‍යාත්මික අභිමානය සහ
ඉලක්කය ඔබට ඉබේම සිහිපත් වේ. එවිට ඔබේ භෞතික ඉන්ද්‍රියයන් පවසන්නේ "එසේය, මාගේ
ස්වාමීනි!" යනුවෙනි. තම ඔටුන්න සහ සිහසුන අත්හරින අයගේ අණ ඔවුන්ගේ සේවකයින් පවා
පිළිගනු නොලැබේ.
පාඨය:
දුර්වල
සිතිවිලි ඇති කර ගැනීමෙන් බොහෝ ප්‍රශ්න ඇති වෙනවා සේම හදවතේ සතුට ද නැති වේ.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
පරමාත්ම දෙවියන්ගේ
සේවයේ ඇති උතුම්ම පුණ්‍යකර්මය වන්නේ පාරිශුද්ධත්වය දානය කිරීමයි. ඔබ පාරිශුද්ධ වී
අන් අයව ද පාරිශුද්ධ කිරීම යනු පුණ්‍යවන්ත ජීවාත්මයක් වීමයි; මන්ද, ඔබ ජීවාත්මයක්
සියදිවි නසා ගැනීමේ මහා පාපයෙන් මුදා ගන්නා බැවිනි. අපවිත්‍රත්වය යනු ආත්මයේ
සියදිවි නසා ගැනීමක් වන අතර, පාරිශුද්ධත්වය යනු ජීවිතය දානය කිරීමකි.