18.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මේ මිහිතලයෙහි සිටින මුළු ලෝකයටම ආලෝකය පතුරුවා හරින සජීවී තාරකාවන් ඔබයි.
ප්රශ්නය:
ශිව බාබා
ඔබවන් ශාරීරික දරුවන්ව පාරිශුද්ධත්වයෙන් ආරක්ෂා කරනුයේ කෙසේද?
පිළිතුර:
බ්රහ්මා මව මාර්ගයෙන්, ඔහු ඔබට දැනුම නැමැති කිරි දීමෙන් ඔබේ ශරීර පවිත්‍ර කරවයි.
මේ නිසයි ඔහුව මේ ආකාරයෙන් වර්ණනා කරන්නේ: ඔබයි මගේ මව සහ පියා. දැන් ඔබේ මව වන
බ්‍රහ්මාගෙන් දැනුම නැමැති කිරි ලබා ගැනීමෙන් ඔබේ සියලු පාපයන් ඉවතලා
පාරිශුද්ධත්වයට පත්වන්න.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා මෙතැන සිටිමින් පැහැදිලි කර කියනවා : අහසෙහි තාරකාවන් දිදුලන්නා සේ ඔබවන්
දරුවන් මේ මිහිතලය මත දිදුලන තාරකාවන් සිහිපත් කරවන බව. ඒ තාරකාවන් අහසෙහි
දිව්‍යාංගනාවන් (නක්ෂත්ර විද්‍යාවේ - තාරකා මණ්ඩලයක නමක්) ලෙසත් හඳුන්වනවා. නමුත්
ඒවාට දිව්‍යාංගනාවන් යැයි කියන්න බැහැ. ඔබ වන් තාරකාවත් වඩාත් උසස් එමෙන්ම වැඩි
බලයකින්ද යුක්තයි මන්ද ඔබ මුළු ලෝ තලය පුරාම ආලෝකය පතුරුවා හරින බැවිනි. ඔබයි එවන්
දේවත්වයකට පත්වන්නේ. ඉහළටම නැඟ නැවතත් පහළටම ඇදවැටෙන්නේ ඔබයි. ඵ් තාරකාවන් තමයි මේ
පොළෝ තලයට ආලෝකය ලබාදෙන්නේ නමුත් ඔවුන් නියම දිව්‍යාංගනාවන් නොවෙයි. දේවත්වයට
පත්වන්නේ ඔබයි. දැන් දැඩි අන්ධකාරයක ගැලී ඇති මේ ලෝකය. ආලෝකමත් කරනුයේ ඔබයි. සියලුම
දෙනා අපිරිසිදු වෙලයි සිටින්නේ ඔබ වන් සුමිහිරි දරුවන්ව දේවත්වයට පත්කිරිමට බාබා
පැමිණ සිටිනවා මිනිස්සු හිතන්නේ ඒ නක්ෂත්ර විද්‍යාවේ පෙන්නුම් කරන තාරකාවන්
දිව්‍යංගනාවන් කියලයි. ඔවුන් කියනවා ඉරත් දෙවියෙක් කියලා. සමහර ප්‍රදේශ වල ඉර
වෙනුවෙන් කොඩියක් ඔසවනවා සමහරු තමන්වම හඳුන්වා ගන්නවා සුර්ය වංශයට අයත් අය ලෙස. ඒ
මොනව වෙතත් සුර්ය වංශයට අයත් වන්නේ ඔබයි. දරුවනි. බාබා කියනවා දැන් භාරතය දැඩි
අන්ධකාරයක ගැලිලයි සිටින්නේ ඔවුන්ට දැන් ආලෝකය අවශ්‍ය වෙලා දරුවනි. බාබා ඔබට දැනුම
නැමැති ආලේපනය දීලයි තියෙන්නේ ඔබ අන්ධකාරය නැමැති නිද්‍රාවට වැටිලයි හිටියේ බාබා
පැමිණ නැවතත් ඔබව අවදි කළා බාබා කියනවා:කල්පයෙන් කල්පය නාටකයේ තීරණය වී තිබූ ආකාරයට
මේ මංගල්‍ය සංගම යුගයෙහිදී මම පැමිණෙනවා. මේ මංගල්‍ය සංගම යුගය ගැන කිසිම ආගමික
ග්‍රන්ථයක සඳහන් වී නැහැ. දරුවනි. ඔබ දැන් මේ යුගය ගැන දන්නවා "අහසේ දේවතාවන්ට
නමස්කාර " යනුවෙන් ඔවුන් නමස්කාර කරන දේවතාවන් බවට ඔබ වෙනස්වන යුගයයි මේ ඔබ දැන්
වන්දනා කරන්නන් බවින් වැඳුම් ලබන්නන් බවට පත් වෙනවා. ඔබ සත් යුගයේ සිටින විට ඔබ
වන්දනාවට සුදුසුයි. මේවත් තේරුම් ගන්න අවශ්‍යයි. ගුරුවරයකු ඔබට සාමාන්‍ය විදියට
උගන්වනවා නම් ඔබත් එලෙසම සාමාන්‍යාකාරයට ඉගෙන ගත යුතුයි. මේ ඉගැන්වීම ආධ්‍යාත්මික
ඉගැන්වීමක් මෙහිදී කිසිමාකාරයක පැටලැවිල්ලක් ගැන ගැටළුවක් නැහැ. මේ තැනැත්තා
(බ්රහ්මා) කවදාවත් කියන්න නැහැ "මමයි දෙවියන් වහන්සේ " කියලා දරුවනි. ඔබ අවබෝධ
කරගත්තා ඔබට උගන්වන්නේ අශාරීරික ශිව බාබායි. ඔහුට ඔහුටම කියල ශරීරයක් නැහැ. ඔහු
කියනවා:මම මේ වාහනය කුලියට ගන්නවා. භග්රිතාන්(වාසනාවන්ත වාහනය) සිහිපත් කරන්නේ ඇයි?
මන්ද මොහු ( බ්රහ්මා) ඉතා වාසනාවන්ත වාහනයක්. මොහු තමයි පසුව ලෝක පාලකයා බවට
පත්වන්නේ. මේ නිසයි ඔහුට වාසනාවන්ත වාහනය යැයි කියනුයේ එබැවින් මේ සියලු රහසිගත
තැන් ඔබ අවබෝධ කරගත යුතුයි. මේ ඉගැන්වීම තමයි සියලූ ඉගැන්විම් වලින්ම උසස්ම
ඉගැන්වීම. පිට ලෝකයේ බොරුව හැර වෙනත් කිසිවක් නැහැ. එහිදී කියැවෙනවා " සත්‍ය ඔරුව
හැප්පුනත් එය ගිලී නොයයි " අද කාලයේ දෙවියන් ලෙස විවිධාකාර රූප රාමු ගෙන හැර පානවා.
ඔවුන් දෙවියන් යැයි කිව්වද කම්නැත මුතුකැට සහ ගල්තලාවන්ද දෙවියන් ලෙස හඳුන්වනවා.
ඔවුන් මුළුමනින්ම දෙවියන් අහිමිකර ගත්තා. භෞතික පියෙක් ඔබට යමක් පැහැදිලි කර දෙන්නා
සේ තමයි බාබාත් ඔබට පැහැදිලිකර දෙන්නේ. නමුත් ඒ භෞතික පියා කිසි විටෙක ඔබේ
ගුරුවරයකු හෝ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නකු වන්නේ නැහැ. පළමුව. දරුවෙක් තම පියාට භාරව
උපත ලබනවා. පසුව. ඔහු ටිකක් වැඩුණු පසු ඔහුට ඉගැන්වීමට ගුරුවරයකු අවශ්‍ය වෙනවා.
ඔහුට අවු:60 ලැබූ විට ආධ්‍යාත්මික වශයෙන් මඟ පෙන්වන්නෙකු අවශ්‍ය වෙනවා. ශිව බාබාට
පමණයි පියා ගුරුවරයා සහ ආගමික මඟ පෙන්වන්නකු ලෙස තුන් ආකාරයෙන්ම පැවතිය හැක්කේ. ඔහු
කියනවා:මම ඔබ වන ජීවයන්ගේ පියායි. ඔබ වන ජීවයන් තමයි ඉගෙනුම ලබන්නේ. ජීවයන්ට
තියෙන්නේ ජීවය කියන නම විතරයි නමුත් ශරීර වලට විවිධාකාර නම් ගොඩක් තියෙනවා. මේ ගැන
සාමාන්‍ය ලෙස හිතන්න. මේ රඟපෑම අසීමිතයි. මේ රඟපෑමට අයත් කිසිවක නවතාවයක් නැහැ ඒවා
සදාකාලිකයි. මේ නාටකය දිගින් දිගටම නොනැවතී කැරකැවෙනවා. ජීවයන් තමයි නළුවෝ ජීවයන්
ඉන්නේ කොහේද? ඔබ කියන්නේ ඔබ ඉන්නේ උත්තරීතර දනව්වේ ඔබේ නිවහනේ කියලයි. පසුව ඔබ ඔබේ
අසීමිත කොටස රඟපෑමට මෙහෙට එනවා බාබා නිතරම ඉහළයි සිටින්නේ. ඔහු නැවත උපත් ලබන්නේ
නැහැ. බාබා. නිර්මාපකයා දැන් ඔබට ඔහු ගැනත් ඔහුගේ නිර්මාණය ගැනත් සියලු රහස්
කියනවා. ඔබ තමයි තමන්ගේ ස්වදර්ශන චක්‍රය මෙනෙහි කරන(ස්වදර්ශන චක්‍රධාරී) දරුවන්. මේ
රහස් වෙනත් කිසිවකු දන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ ස්වදර්ශන චක්‍රය කරකවන්නේ
විශ්ණු කියලයි. ඔවුන් ඔබෙන් අහනවා ඔබ මනුෂ්‍යයින්ට ස්වදර්ශන චක්‍රය කරකවන්නන් ලෙස
හඳුන්වන්නේ ඇයි ? ඔබ දන්නවා ඔබ ශුද්‍රයින් ලෙස සිටින විට ඔබ මනුෂ්‍යයෝ දැන් ඔබ
බ්‍රාහ්මින් තත්ත්වයට පත්වුවද ඔබ තවම මනුෂ්‍යයෝ ඔබ දේවත්වයට පත්වුවද ඔබත් මනුෂ්‍යයෝ
නමුත් එවිට ඔබේ චරිතය වෙනස් විය යුතුයි. පසුව රාවන් පැමිණ ඔබේ චරිතය නැවත ආපසු
දූෂිත කරනවා ස්වරණමය යුගයේ මේ පාපයත් නැහැ. බාබා ඔබට අමරණීයත්වයේ කථාන්තරය කියා
දෙනවා. භක්ති මාර්ගයේ ඔබ කථා බොහෝ ප්‍රමාණයක් අහල තියෙනවා. භක්තියේ කියන්නේ
අමරණීයත්වයේ නායකයාණන් ඒ අමරණීයත්වයේ කථාන්තරය පාර්වතීට කියා දෙන බවයි. නමුත් එහිදී
මේ අමරණීයත්ත්වයේ නායකයාණන් හඳුන්වන්නේ ශංකර් ලෙසයි. ඉන් කොහොමද ශිවා ගැන
කියැවෙන්නේ? ගැනිය නොහැකි සංඛ්‍යාවක් මිනිසුන් මේ කථාත්තර අහන්න යනවා බාබා ඔබට
භක්ති මාර්ගයේ විවිධාකාර අවස්ථාවන් පැහැදිලි කර දෙනවා. භක්තිය හොඳ නැතැයි බාබා
කියන්නේ නැහැ. ඇත්තටම නැහැ. ඒකෙනුත් සිදු කෙරෙන්නේ මේ සදාකාලික නාටකය පැහැදිලි
කිරීමක් තමයි බාබා කියනවා දැන් ඔබ ජීවයක් බව අවධාරණයට ගන්න. බාබා කියන ප්‍රධානතම
දෙය තමයි:මන් මන භව්. මේකෙ තේරුම කුමක්ද? බාබා මේ කටින් ඔබට පැහැදිලි කර දෙනවා. ඒ
නිසා මේ කටේ සිහිවටනය තමයි ගවමුඛ(ගවයාගේ මුඛය) මේවත් ඔබට පැහැදිලි කර දෙනවා. ඔහු
තමයි මිනිස්සු හැමදෙනාම කියන ඔබයි මගේ මව සහ පියා ඉතින් ඔබ හැදී වැඩෙන්නේ මේ මවගෙන්
ශිව බාබා කියනවා දරුවනි. මම ඔබට දැනුම නැමැති කිරි ලබා දෙන්නේ මේ කටින් ඉතින් ඒ
සියල්ලම ග්‍රහණය කර ගැනීමෙන් ඔබේ සියලූම පාපයන් විනාශ වී යනවා. ජිව පළමුව පිරිසිදු
වෙනවා පසුව ඔබ පිරිසිදු ශරීරයක් ලබනවා. ඔබ සම්පුර්ණයෙන්ම පිරිසිදු වූවායින් පසුව
ක්‍රමක්‍රමයෙන් හිණිමඟෙහි පහළට බැසීමට පටන් ගන්නවා ජිව දැන් අවබෝධ කර ගන්නවා ඔබේ
ජිවයත් ශරීරයත් පිරිසිදු බව. පසුව. නාටකයට අනුව ඔබ උපත් 84 හි චක්‍රයට එනවා. දැන්
ඔබේ ශරීර පිරිසිදු නැහැ. ජීවයන්ගේ වටිනාකම කැරට් නවයයි. පාරිශුද්ධත්වය ඉතාම සුළු
ප්‍රතිශතයක් ඉතිරි වෙලා තියෙනවා:එය සේරමත් එක්කම අන්තරස්ධාන වෙලා නැහැ. සුළු සාමයක්
පවතිනවා. මේ සළකුණු බාබා ඔබට පෙන්වනවා. මේ ලක්ෂ්මි සහ නාරායන්ගේ පින්තුරය නොම්මර
එකයි. මුළු චක්‍රයම දැන් ඔබේ බුද්ධියේ තියෙන්නේ ඔබත් බාබා ගැන හැඳින්වීම් ලබාදිය
යුතුයි. දැනට ජීවය සම්පූර්ණ පාරිශුද්ධත්වයකට පත්නොවුවද බාබා ගැන හැඳින්වීම ඔබේ
බුද්ධියෙහි පැවතිය යුතුයි. බාබා ඔබට පාරිශුද්ධත්වයට පත්වන මාර්ගය පෙන්වා දෙනවා. ඔබේ
ජිවයට මිශ්‍ර වී ඇති දේවල් ඉවත් කරන්නේ කෙසේද? ඒ සඳහා ඔබට සිහි කිරීම නැමැති වන්දනා
ගමන අවශ්‍ය වෙනවා. මෙය යුධ පිටියක් එහි ස්වාධින සොල්දාදුවන් ඔබ තෝරාගත් තත්ත්වය කරා
ඔබ උත්සාහ දැරිය යුතුයි. උත්සාහ දැරීම ශිෂ්‍යයින්ට ඇති රාජකාරියයි. ඔබ යන යන තැන.
සැමදෙනාවම මේ වචනයට නැඹුරු කරවන්න: මන්මන බව් ඔබ ශිව බාබා සිහිකරනවාද? මේ සම්බන්ඳව
සියල්ලන්ටම හැඟවීමක් ලබාදෙන්න. බාබාගේ උගැන්වීමෙන් ඔබට ලැබෙන්නේ හැඟවීම්. මේ නිසයි
බාබා කියන්නේ: ඔබේ ශරීරය තත්ත්පරයකින් පිරිසිදු විය හැකියි. මම ඔබව ලෝක පාලකයකු
කරනවා. දැන් ඔබ බාබාගේ දරුවෝ. ඔබ ලෝක පාලකයෙකු විය යුතුයි. ඔබ ලෝක රාජ්‍යයය ලබනවා.
නමුත් උසස් තත්ත්වයක් ලැබීමට ඔබ මෙලෙස උත්සාහ දැරිය යුතුයි. කෙසේවෙතත්. තත්පරයකින්
ඔබ ජීවිතයට සතුට ලබනවා. මෙය සත්‍යයි ඔබ එක් එක්කෙනා වෙත වෙතම ස්වාධීනව උත්සාහ දැරිය
යුතුයි. බාබා සිහිකිරිමෙන් ඔබ සම්පූර්ණ පාරිශුද්ධත්වය ලබනවා ඔබ සතෝප්‍රධාන් ලෝකයේ
සතෝප්‍රධාන්ව සිටිනවා. බොහෝ කාලයකට පෙර ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් භාවයට පත්
වෙනවා. මේ චක්‍රය නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහි අවසානයක් නැහැ. බාබා සියලු
දේ පැහැදිලිවම විස්තර කර දෙනවා. ඔහු කියනවා:මම කල්පයෙන් කල්පයට එනවා. දරුවෝ මට මේ
දූෂිත ලෝකෙට එන්න කියා ආරාධනා කරනවා ඔබ මට කරන්නේ කිනම් ආකාරයක ආරාධනාවක්ද? ඔබ
කියනවා අපි තමයි අපිරිසිදු වුනේ පැමිණ අපව පිරිසිදු කරන්න ඔබේ ආරාධනාව කෙතරම්
අගනේද? ඔබ කියනවා:අපව සාම දේශයටත් සතුටු දේශයටත් ගෙන යන්න. එබැවින් මම ඔබේ කීකරු
සේවකයා. මේකත් නාටකයේ රඟපාන කොටසක් ඔබ තේරුම්ගත යුතුයි. කල්පයෙන් කල්පය ඔබ ඉගෙන
ගත්තේ මෙයයි. ඔබ රඟපාන කොටස මෙයයි. ජීවයන් තමයි තම කොටස රඟපාන්නේ මෙතැන සිටින විටත්
බාබා ඔබව දකින්නේ ජීව ලෙස ඔහු ඔබ තාරකාවක් ලෙස දකිනවා. සෑම ජීවයක්ම ඉතාමත් කුඩායි.
සමහර තරු ඉතා දීප්තිමත් සමහර තරු එතරම් දීප්තියක් නැහැ සමහර තාරකා හඳට ඉතා
කිට්ටුවෙන් සිටින අතර සමහර තරු ටිකක් ඈතින් ඉන්නේ ඒවගේම ඔබත් යෝගා බලයෙන් පිරිසිදු
වී දිදුලන්න බාබාත් කියනවා:දරුවනි. ඉතාම ලස්සන තාරකාව(අහසේ දේවතාවා) උදෙසා මලක්
පූජා කරන්න. දරුවනි. ඔබත් එකිනෙකා ගැන දන්නවා. ඔබෙන් සමහරු නිරන්තරයෙන්ම ඉතාමත්
දීප්තිමත් නමුත් අනෙක් අය අඳුරුයි. මේවැනි තාරකාවන්ට දිව්‍යාංගනාවන් යැයි කියන්න
බැහැ. ඔබ මනුෂ්‍යයෝ නමුත් බාබා ඔබව පිරිසිදු කර ලෝක පාලකයින් බවට පත්කරනවා. ඔබේ
උරුමය ලෙස බාබා ඔබට විශාල බලයක් ලබා දෙනවා මන්ද. ඔහු සර්වබලධාරි පියා බැවිනි. බාබා
කියනවා:මම ඔබට විශාල බලයක් දෙනවා. ඉන් කියැවෙන්නේ: ශිව බාබා ඔබ කෙතරම් පුදුම
සහගතද,ඔබ අපට උගන්වනවා සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවත්වයට පත්වන්නේ කෙසේද කියා
කිසි කෙනෙකුට අපව මෙලෙස වෙනස් කළ නොහැකියි. මේ ඉගැන්වීම ඔබ ලබන ධනයක් මුළු මහත්
මිහිතලයත් ආකාසයත් අයත් වන්නේ ඔබටයි. කිසිවෙකුට එය ඔබෙන් ඉවතට ඇද දැමිය නොහැකියි.
කිසිකෙනෙකුට විනාශ කළ නොහැකි නොසැලෙන රාජ්‍යයය මෙයයි. එය ගින්නට දැමිය හැකි
කිසිවෙකු නැත. එනිසා එවන් වූ පියෙකුගේ ශ්‍රීමත් ඔබ පිළිපැදිය යුතුයි. ඔබ එක්
එක්කෙනෙක් තම තමන් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි. දරුවෝ කෞතුකාගාර වගේ දේවල් හදනවා.
ඔබගේ හිත මිතුරන්ට මෙලෙස කරුණු උපයෝගි කොට ගෙන පැහැදිලි කර දෙන්න බාබා නිරන්තරයෙන්ම
ඔබට උපදෙස් ලබා දෙනවා. සියල්ලන්ගෙන්ම යනු, ඔබ තෝරාගත්තා සෑම ප්‍රතිමාවක්ම නිර්මාණය
කරන්න. හැමෝගෙම බුද්ධිය ක්‍රියාත්මක වේවි. මේ සියල්ලක්ම ඔබ කළ යුත්තේ මිනිසුන්ගේ
සුභසෙත උදෙසායි. ඔබ තේරුම්ගත යුතුයි. මිනිසුන්ට ඔබේ මධ්‍යස්ථානයට පැමිණ ඒ මිහිර
ලබාදීමට ක්‍රියා කළ යුත්තේ කෙලෙසද කියා. කවුරු හෝ වැඩි මිහිරියාවක් ලබාදෙන්නේ නම්
ඔහුට එය භාර දෙන්න. මිනිස්සු එක එක්කෙනාට කියනවා එක් එක් වෙළඳ සැල් වලට යන්න කියා.
මෙහිදි ඔබ ලබන මිහිරියාව තමයි උසස්ම වන්නේ සියලු මිහිරෙන් නොම්මර එකේ මිහිරියාව
මෙවන් මිහිරක් වෙන කිසිවෙකුටත් ලබාදිය නොහැකියි. යම් කෙනෙක් මේ මිහිරියාව
අතදැක්කහොත්. ඔහු ගොස් අන් අයට ඒ ගැන කියාවි. භාරතයේ සියලුම දෙනා ස්වර්ණමය යුගයට එන
බව ඔබේ සිතෙහි තිබිය යුතුය. එනිසා එය ඉෂ්ට කිරිම උදෙසා ඔබ උත්සාහ දැරිය යුතුය. කෙසේ
වෙනත් ඔවුන්ගේ බුද්ධිය ගල්වෙලා. එනිසා. ඊට උත්සාහ දැරිය යුතුයි. දඩයමට ඔබ පුහුණු
විය යුතුයි. ප්‍රථමයෙන්ම කුඩා ගොදුරක් දඩයම් කිරිමට පුහුණු විය යුතුයි. ඉතා වැදගත්
දඩයමකට ඔබට සුළු ශක්තියක්ද තිබිය යුතුයි. එවත් උසස් උගතුන් සහ පණ්ඩිතයින් බොහෝ වේද
ග්රන්ථ සහ ආගමික ග්රන්ථ හදාරා තිබෙනවා ඔවුන් හිතනවා ඔවුන්ට විශාල බලයක් තිබෙනවා
කියා බෙනා රස්වල එවන් අයට හොඳ ඉහල ගරුනම්බු නාම දෙනවා. මේ නිසයි බාබා විස්තර කරන්නේ
පළමුවෙන්ම එවන් උගතුන් රැස්කර ගත්ත සුප්‍රසිද්ධ උගතුන් කථා කියන දේවල් ඕනෑම කෙනෙක්
අහනවා නොවැදගත් කෙනෙකුට සවන් දීමට කිසිවකුට අවශ්‍යතාවයක් නැහැ. ආගමික ග්රන්ථයන්හි
තමන්ට හොඳ බලයක් ඇතැයි හිතන සිංහයින්ට පැහැදිලි කර දෙන්න. ඔවුන්ට එවන් උසස් නාම
හිමිවෙනවා. ශිව බාබාටවත් එතරම් ගරුනාම නැහැ. මේ භක්ති රාජ්‍යයයේ මාර්ගයයි.
ඉක්මනින්ම එහි දැනුම් මාර්ගය පිහිටනවා. දැනුම් මාර්ගයේ භක්තියක් නැහැ. පසුව භක්ති
මාර්ගයේ සම්පුර්ණයෙන්ම දැනුම අතුරුදහන්. එබැවින් බාබා පැමිණ සිටිනවා ඔබට මේ
සියල්ලක්ම පැහැදිලි කරදීමට බාබා ඔබව තාරකාවන් ලෙස දකිනවා. ඔබ ශරීරය පිළිබඳ අවධානය
අත්හල යුතුයි. තාරකාවත් ඉහළ අහසෙහි දිදුලන්නා සේ ඔබත් මෙහි දිදුලන තාරකාවන් ඔබෙන්
සමහරු ඉතාමත් දීප්තිමත් ආලෝක ධාරාවන් දේවතාවන් ලෙස හඳුන්වන ඔබ මිහිතලයෙහි තාරකාවන්.
මේ පොලෝතලය ඉතා විශාලයි. අසීමිතයි. බාබා පැහැදිලි කරනවා මෙහෙ පවතින රැයත් දවාලත්
සිමිතයි නමුත් කල්ප භාගයක අන්ධකාරය හා කල්ප භාගයක දවාල අසීමිතයි. දවස උදාවීමේදී
පමණයි සතුට ඇත්තේ. ඒ මොහොතට ඉබාගාතේ සැරිසැරිය යුතුවන්නේ නැහැ. දැනුම ඇති විට එතැන
සතුට ඇත. භක්තිය ඇති විට, එතැන ඇත්තේ දුකයි. ස්වර්ණමය යුගයෙහිදී දුකක සළකුණක්වත්
නැත. එහි මරණයක සළකුණක් ද නැත. ඒ අමරණීයත්වයේ දේශයයි. ඔබ අවබෝධ කරගත යුතුයි බාබා
ඔබට අමරණීයත්වයේ කථාන්තරය කියා දෙනුයේ ඔබව අමරණීයතවයේ දේශය කරා ගෙන යාම උදෙසායි. ඔබ
වැනි සුමිහිරි දරුවන්ගේ මනසෙහි නාටකයේ ආරම්භයේ සිට අවසානය දක්වාම රැදි තිබෙනවා. ඔබ
තේරුම් ගත්ත බ්‍රහ්ම ලෝකය ජීවයන්ගේ නිවහනයි. ඔබ තම නොම්මරය අනුව එහි සිට තම චරිතය
රඟ පෑමට මෙහි පැමිණෙනවා. එහි ජීව විශාල සංඛාවක් ඉන්නවා එක එක්කෙනාට වෙන වෙනම
පැහැදිලි කරවන්න ඔබට බැහැ බාබා ඉතා කෙටියෙන් පවසනවා. එහි ශාඛාවන් බොහොමයක් තිබෙනවා.
ඔවුන් නිරන්තරයෙන් මතුවන විට ගස වැඩෙනවා. ඔබ අතර බොහෝ අය ඉන්නවා තමන්ගේම ආගමවත්
නොදන්න අය බාබා පැමිණ ඔබට පැවසිය යුතුයි. ඔබ මූලික වශයෙන්ම අයත්වන්නේ දිව්‍ය ආගමට
බව. නමුත් පසුව ඔබේ ක්‍රියාවන් හා ආගමත් දූෂිත වනවා දරුවනි, ඔබ මුලික වශයෙන් සාම
දනව්වෙහි සිටි බවත් පසුව ලක්ෂ්මි නාරායන් රාජ්‍යයට පැමිණ තම කොටස රඟපාන බවත් ඔබේ
බුද්ධියෙහි තිබෙනවා. එය ඔවුන්ගේ දෛවය. ඔබ දැන් නැවතත් සංගම යුගයෙහි සිටිනවා බාබා
පැහැදිලි කරනවා ඔබ පළමුව සූර්ය වංශයටත් පසුව චන්ද්‍ර වංශයටත් ඉන්පසු වෛශ්‍ය වංශයටත්
අයත්වනවා. ඒ අතර එතරම් උසස් නොවූ කුලත් ඉන්නවා. මේ රඟපෑම සදාකාලිකයි. දැන් මේ
වෘක්ෂය ඉතා කුඩායි. මේ මොහොතෙදී බ්‍රාහ්මණ වංශය ඉතා කුඩායි නමුත් පසුව එය ඉතා විශාල
වන අතර ඔබට එක් එක්කෙනා හමුවී ඔවුන්ට සතුටිත් සංග්‍රහ කිරිමටවත් නොහැකි වේවි. ඔබ
දැන් විවිධාකාර ප්‍රදේශ කරා රොක් විය යුතුයි. බාබා කියනවා දිල්ලි හා බෙතාරස් වටා
රොක් වන්න බාබාත් කියනවා: ඔබයි මුළු ලොව වටාම රොක් වන්නේ ඔබ යෝගා බලයෙන් මුළු ලොව
වටා එකම රාජ්‍යයයක් ගොඩනංවනවා. ඔබ අසීමිත සතුටක් අත්දකිනවා. ඔබෙන් සමහරු එක්
ප්‍රදේශයකට යන අතර අනෙක් අය වෙනත් තැනකට යනවා. මෙකළ ඔබට කිසිවකු සවන් නොදේවි වැදගත්
උගතුන් ආ විට එය පත්තර වල පල කරන්න. එවිට ඔවුන්ද තේරුම් ගනිවී. මේ කාලයේදී සිදුවන
සියල්ල ඉතා පහසු දඩයම්. මෙහෙ සිටින ගොඩක් ධනවත් මිනිසුන් හිතනවා ඔවුන් ඉන්නේ දිව්‍ය
ලෝකයේ කියලා. දුප්පත් අය තමයි පැමිණ උරුමය දිනාගත්තේ. ඔවුන් කියනවා බාබා මට ඉන්නේ
ඔබ පමණයි වෙන කිසිවකු නැහැ. කෙසේවෙතත්, ඔවුන්ගේ පැරණි ලොව කෙරෙහි බැඳීම් තවම ඉවත්
වීමට තිබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ
පාරිශුද්ධත්වයෙන් යුතු වූ ජීවාත්මයන් බවට පත් වීමට නම් සෑම කෙනෙක් හටම මන්මනාභව්
තත්ත්වයට පත් වීම සඳහා උනන්දු කරවන්න. යෝගා බලයෙන්, පිරිසිඳු දිදුලන තාරකාවන් බවට
පත් වන්න.
2. මේ සදාකාලික වූ
දෛවෝපගත වූ නාටකය පැහැදිලිව තේරුම් ගෙන තමාගේම ස්ව දර්ශන චක්‍රය කරකවන්න. දැනුම නම්
වූ බෙහෙත මඟින් සෑම මනුෂ්‍යයෙක්ම මේ අවිද්‍යාව නම් වූ අඳුරෙන් මුදවාගන්න.
වරදානය:
ඔබට
ස්වයං-පරමාධිපතියෙකු වී සියලු වස්තූන් ඔබේම කර ගැනීමට දරුවෙකු සහ මාස්ටර් යන
දැනුවත්භාවය ඇති වේවා.
මෙම අවස්ථාවේදී, ඔය
දරුවන් නිකම්ම දරුවන් නොවන නමුත් ඔබ මාස්ටර් දරුවන් ය: එක් අයෙක්
ස්වයං-පරමාධිපතියෙකු වන අතර අනෙකා පරමාත්ම පියාගේ උරුමයේ මාස්ටර් වේ. ඔබ ස්වයං
පරමාධිපතියෙකු වන බැවින් ඔබ ඔබේ සියලු භෞතික ඉන්ද්‍රියන් පිළිවෙලට තබා ගනී.
කෙසේවෙතත්, වරින් වර, ඔබට ඔබගේ මාස්ටර් බව අමතක වන අතර ඔබේ මනස ඔබව පාලනය කිරීමට
පටන් ගනී. එබැවින් පරමාත්ම පියාගේ මන්ත්‍රය "මන්මනාභව" වේ. ඔබ “මන්මනාභව” හි රඳී
සිටින විට, නාස්තිකාර දෙයකට හසු නොවන අතර, ඔබ සියලු නිධාන ඔබට අයිති ලෙස අත්විඳියි.
පාඨය:
පරමාත්ම
දෙවියන්ගේ සෙනෙහස් ඔංචිල්ලාව තුළ සිටින පියාසර ස්ථිතියේ ප්‍රීතිය අත්විඳීම ඔබේ
උසස්ම වාසනාවයි.