18.10.26    Avyakt Bapdada      Sinhala Murli     02.02.2012    Om Shanti    Madhuban


දැන් ස්මරණයේ ප්‍රතිමූර්තියකගේ අත්දැකීමේ අධිකාරියෙක් වන්න. ගිණි කන්දක් වැනි යෝගාවෙන්, සියලු දෙනාට ආලෝකයේ සහ බලයේ කිරණ වල සහයෝගය ලබා දෙන්න.


අද දින, බාප්දාදා ඔහු ඉදිරියේ සහ අන් සෑම තැනකම සිටින ඔහුගේ පුංචි ලෝකයේ ජීවාත්ම දැක සතුටු වනවා. මෙම ලෝකය කුඩා නමුත් එය ඉතාම ආදරණීයයි, මන්ද, මේ ලෝකයේ සෑම ජීවාත්මයක්ම ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්. කෝටි ගණනකින් අතලොස්සක් වන්නේ මේ ජීවාත්මයි. පරම පියාගේ උරුමයට අයිතියක් තිබෙන්නේ මේ ජීවාත්මයන්ටයි. සෑම දරුවෙක්ම දැකීමට බාප්දාදා සතුටු වනවා; සෑම දරුවෙක්ම රජ දරුවෙකි. බාප්දාදා සෑම දරුවෙක්වම ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති සහ ලෝක ආධිපත්‍යයට අයිතියක් ඇති දරුවෙක් බවට පත් කර තිබේ. මෙකල, සියලු දෙනාම ස්ව-ආධිපත්‍යය ඇති අයයි, එනම්, ඔවුන් තම මනස, බුද්ධිය, සංස්කාර සහ භෞතික ඉන්ද්‍රියන්ගේ රජවරුන්ය. ඔබ භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට හසු වන්නේ නැත. එමෙන්ම ඔබ, ඔබගේ මනසේ ද පාලකයන්ය. ඒ අන්දමින්ම, ඔය සෑම දරුවෙක්ම, තමන්ගේ මනසේ පාලකයෙක් මෙන්ම ඔබගේ සංස්කාර වලද පාලකයෙක් බව ඔබ සලකනවාද? විටෙක ඔබ මනසේ පාලකයෙක් වන අතර තවත් විටෙක මනස ඔබගේ පාලකයා වන්නේ නැහැ නේද? ඔබ කියන්නේ, ‘මගේ මනස’ කියා; ‘මා වන මනස’ කියා ඔබ නොකියයි. එබැවින් ඔබට අයත් දේහි පාලකයා ඔබයි. විටෙක ඔබගේ මනස පාලකයා නොවන්නේද කියා පරීක්ෂා කර බලන්න. මෙකල, බාප්දාදා, ඔය සෑම කෙනෙක්ව ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති ආසනයේ ඉඳුවා ඇත. ඔබ වත්මන් කාලයේ ස්ව-අධිපතියන් වන අතර අනාගත රාජධානිය කොහොමත් ඔබගේය. ඔබට දෙගුණයක ආධිපත්‍යයකට අයිතියක් තිබේ. ස්ව-ආධිපත්‍යයට අයිතියක් තිබීමත් සමගම, සෑම දරුවෙකුටම ආත්ම-අභිමානයක් ඇති බව, බාප්දාදා දකිනවා. එබැවින් මෙම අවධානය ඇතිව අසුන් ගන්න, ‘මම ස්ව-අභිමානය ඇති ජීවාත්මයක්’ එවිට ස්ව-ආධිපත්‍යයේ ඉතා දිග නම්බු නාම ලැයිස්තුවක් ඔබ ඉදිරියට පැමිණෙන අන්දම ඔබ දකියි. බොහෝ විවිධ අන්දමේ ස්ව-අභිමානයේ මල්දමක් ඔබ ඉදිරියට පැමිණෙනවා නේද?

බාප්දාදා සෑම දරුවෙකුටම ස්ව-අභිමානයේ මල්දමක් පළඳා ඇත. ‘ස්ව-අභිමානය’ යන වචනය ඔබට ඇසුණු සැනින්, ස්ව-අභිමානයේ විවිධ නම්බු නාම ඔබගේ අවධානය තුළට පැමිණෙනවා නේද? සදාතනික ස්වරූපයේදි ඔබගේ ආත්ම-අභිමානය කෙතරම් ශ්‍රේෂ්ඨද කියා සිහියට නඟන්න. ඔබගේ සදාතනික ස්වරූපය තුළට ඔබ පිවිසියාද? සෑම කෙනෙකුගේම ආත්ම-අභිමානය වන්නේ: මම, පරම පියා සමග දිදුලන ජීවාත්මයක්. පියාගේ ඇසුර තිබීම නිසා, ඔබ විශේෂ දිදුලන ජීවාත්මයි. ඔබට එය පෙනෙනවාද? අහසේද, ඇතැම් තාරකා වලට විශේෂ දීප්තියක් තිබෙනවා. ඒ අන්දමින්ම, පරම පියා සමග සිටීම නිසා, ඔබ දිදුලන ජීවාත්මයි. ඔබගේ සදාතනික ස්වරූපය ඔබට මතකද? ඔබට තත්පරයකදි ඔබගේ සදාතනික ස්වරූපයේ තමන්ව ස්ථාවර කළ හැකිද? දැන්, තත්පරයකදී ඔබව එම සදාතනික ස්වරූපයේ, එක තත්පරයකට ස්ථාවර කරගන්න. ඔබ බොහෝ සේ කුල්මත් වෙයි! දැන් ඉදිරියට ගමන් කරන්න; ඔබ දැන් ලෝක චක්‍රයේ ආරම්භයට ඇවිත්. මෙම අභ්‍යාසය සිදු කරන්න: ස්වර්ණමය යුගය ආරම්භයේ ඔබගේ ස්වරූපය දකින්න. එය බොහෝ උසස් ස්වරූපයක්. සතුටේ ප්‍රතිමූර්තියක්. එය සියලු ලැබීම් වල ප්‍රතිමූර්තියක් වීමේ ස්වරූපයකි. දුකෙහි නමක් හෝ සලකුණක් නොමැත. පදාර්ථ පවා සෞන්දර්යයෙන් පිරි සහ සතෝගුණීය. සරළව ඔබගේ දේවතා ස්වරූපය අත්විඳින්න! තමන්ගේම ස්වරූපය ඔබට පෙනෙනවාද? යමෙක් රජ කෙනෙක්, උසස් ජීවාත්මයක් හෝ දේශපාලකයෙක් වුනත්, සියලු ලැබීම් වල ප්‍රතිමූර්තියක් වන කිසිවෙකු ඔබ දැක තිබෙනවාද? එබැවින් තත්පරයකට ඔබගේ දේවතා ස්වරූපයේ තමන්ව ස්ථාවර කරගන්න. ඔබගේ ස්ව-අභිමානය තුළ සිටීමෙන් ඔබ විනෝදයක් ලබනවා නේද? මම දේවතාවක්. බාප්දාදා මෙම අභ්‍යාසය මෙහෙයවනවා. ඉන්පසුව පහළට පැමිණෙන්න: මේ කුමන යුගයද? තඹ යුගයේදී ද, ඔබගේ ආත්ම-අභිමානය වන්නේ පිදුම් ලැබීමට සුදුසු වීමය. ඔබගේ ස්වරූපය වන්දනීයයි. ඔබගේ වන්දනීය ස්වරූපය ඔබට පෙනෙනවාද? සියලු දෙනා බොහෝ භක්තියෙන් සහ විනයකින් ඔබව වන්දනා කරයි. මෙතරම් විනයකින් වෙනත් කිසිවෙකු වන්දනා කෙරෙන්නේ නැත. කෙනෙක් ආගමක නිර්මාතෘ කෙනෙක් වුනත්, ගුරූ කෙනෙක්, දේශපාලකයෙක් හෝ නළුවෙක් වුනත්, වෙනත් කිසිවෙකු මෙතරම් විනයකින් වන්දනා කෙරෙන්නේ නැත. ඉතිං, ඔබගේ ස්ව-අභිමානය ඔබ දුටුවාද? ඔබ එය අත්වින්දාද? දැන්, සංගම යුගයට පැමිණෙන්න. ඔබ සියලු දෙනාම චක්‍රය වටා යනවාද? පිටුපස අසුන්ගෙන සිටින අය, චක්‍රය වටේ යනවාද? අත් ඔසවන්න! ඔබගේ ස්ව-අභිමානය දෙස බලන්න, මන්ද, ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති අය ඔබයි, එහෙම නේද? සංගම යුගයෙදි, පරමාත්ම දෙවියන්ම, ස්වාමීම, ඔය දරුවන්ගේ ජීවිත, පාරිශුද්ධත්වයේ විශේෂත්වයෙන් පුරවයි. මෙම පාරිශුද්ධත්වය, සියලු ආකාරයේ අවිනාශී සතුටේ ආකරයයි. ඔබව මෙය බවට පත් කළේ කවුද? පරමාත්ම දෙවියන්ම විසින්. දැන් වුවද, ඔබට ප්‍රායෝගික සාක්ෂියක් ලෙස, පරම පියාගෙන් පාරිශුද්ධත්වයේ දේපළ හිමි වී තිබේ. දැන් පරීක්ෂා කර බලන්න! සියලු ලැබීම් වල පදනම, පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වය තුළින් ඔබ සියලු දෙනාම මාස්ටර් සර්ව බලධාරීන් වෙලා. එබැවින් පරීක්ෂා කර බලන්න: මට සියලු බල ලැබී තිබෙනවාද? සමහර දරුවන් පවසන්නේ: පියා සියලු බල ලබා දී තිබෙනවා, නමුත් අපට අවශ්‍ය වන බලය පැමිණෙන්නේ ටික වෙලාවකට පසුවයි; සිදුවීම අවසන් වුනාට පසුවයි එය පැමිණෙන්නේ. එයට හේතුව කුමක්ද? පරම පියා වරදානයක් ලෙස ඔබට එය ලබා දුන් නමුත්, ඒ තිබියදී, අවශ්‍ය වෙලාවකදි එය ඔබ වෙතට නොපැමිණෙයි. එයට හේතුව කුමක්ද? ඔබ මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ආසනයේ අවධානය තුළ අසුන් ගෙන නොසිටීම. යමෙක් නියෝගයකට කීකරු වන්නේ, එම කෙනා ඔහුගේ තනතුර යන ආසනයේ අසුන්ගෙන එම නියෝගය ලබා දෙන විට පමණයි. ඔබ ඕනෑම බලයකට නියෝග කරන විට, ප්‍රථමයෙන් පරීක්ෂා කරන්න: මම අවධානය යන ආසනයේ අසුන්ගෙන සිටිනවාද? මම ස්ව-අභිමානය යන ආසනයේ අසුන්ගෙන සිටිනවාද? ඔබව අවධානය යන අසුනේ ස්ථාවර කරගන්න, එවිට සියලු බල අවශ්‍ය ඕනෑම වෙලවාකදි ඔබ වෙතට පැමිණීමට බැඳී සිටියි, මන්ද, සර්ව බලධාරී පියා, ඔබව මාස්ටර් සර්ව බලධාරීන් බවට පත් කර ඇති නිසා. එබැවින්, ඔබ එවන් බලවත් ස්ව-අභිමානයක් ධාරණය කරගෙන ගමන් කරනවා නේද? ඔබගේ ස්ව-අභිමානය ඔබ දැක තිබෙනවාද? සංගම යුගයට පසුව ඔබ යන්නේ කොහාටද? ඔබ ආපසු යන ගමනේ සිටිවි, නේද? මේ නිසයි බාප්දාදාට අවශ්‍ය වන්නේ, මුළු දවස පුරාම මෙම අභ්‍යාසය ඔබ සියලු දෙනාම නොකඩවා සිදු කළ යුතු බව. නැවත නැවතත් මෙයට කාලය සාදා ගන්න. ස්ව-අභිමානයේ මල්දම ඔබට පැළඳවීමෙන් සහ ඔබ එය අත්විඳීමෙන්, බාප්දාදා ඔබට ස්ව-ආධිපත්‍යයට අයිතියක් ලබා දී තිබේ. එබැවින්, එම ස්ව-අභිමානය ඔබගේ අණට කීකරු නොවීම, සිදු විය නොහැක්කකි. සරළව ඔබගේ ආසනයේ අසුන් ගෙන සිටින්න.

ඔබ සියලු දෙනාම අවධානය යොමු කරන බව බාප්දාදා දුටුවා, නමුත් දැන්, ඔබගේ දිනපතා කාල සටහන නිති-පතා පවත්වා ගෙන යන්න. විටින් විට, ඔබගේ ස්ව-අභිමන් අවධාන ස්වරූපයේ තමන්ව ස්ථාවර කරගන්න. නිදසුනක් ලෙස, ඔබ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන අන්දමින්ම, ස්ව-අභිමන් අවධානය වෙනුවෙන්, ඔබගේ දින චර්යාවේ ආරම්භක කාල වකවානුවේ සිට ආපසු යන ගමන දක්වා, අවධානය ඇති කිරීමට නිති-පතා වේලාවක් නියම කරගන්න. ඔබට ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට මෙය කළ හැක, මන්ද, ආසනය මත ඔබ අසුන් ගැන්වීමට සැලැස්විය යුත්තේ ඔබගේ මනස පමණක් නිසා. බාප්දාදා දුටුවා, එමෙන්ම ඔබට මින් පෙරද පැවසුවේ, ඔබ සියලු දෙනා යෝගාවේ සිටින නමුත් දැන් අවශ්‍ය වන්නේ කුමක්ද? මෙම සංවේදී කාලවල තත්ත්වය දැක, දෙගුණයක කාර්යය සිදු කරන ගිණි කන්දක් වැනි යෝගාව දැන් අවශ්‍ය බව ඔබට මින් පෙරද පවසන ලදි. පළමුව ඔබගේ පැරණි සංස්කාර ඔබට පුළුස්සා දැමීමට හැකි වෙයි. වර්තමානයේ ඔබගේ සංස්කාර ඔබ මරා දමයි, නමුත් ඔබ ඒවා පුළුස්සා දමන්නේ නැහැ. ඒවා මරා දැමීමෙන් පසුවත් ඒවා විටෙක අවදි වෙයි. රාවනව මරනවාට අමතරව ඉන්පසුව ඔහුව පුළුස්සා දමන සේම, විටින් විට ඔබගේ තීව්‍ර උත්සාහය අඩු කරන ඔබගේ පැරණි සංස්කාර ඔබ පුළුස්සා දැමිය යුතුයි. මේ සඳහා ඔබ ගිණි කන්දක් වැනි යෝගාවේ සිටිමට අවශ්‍යයි. ප්‍රථමයෙන් තමන් වෙනුවෙන්, ගිණි කන්දක් වැනි යෝගාවේ සිටීමෙන් ඔබ ආලෝකයේ සහ ශක්තියේ ස්වරූපයක් වන අතර දෙවනුව, ඔබ ඒ ස්වරූපයේ සිටින නිසා, ඔබගේ කිරණ වලින් ඔබට අන් අයට සහයෝගය ලබා දිය හැක. ඉතිං දැන් ඔබ සියලු දෙනා ඔබගේ යෝගාව, ගිණි කන්දක් වැනි යෝගාවට මාරු කළාද? දැන්, කාලයට අනුව, සියලු ජීවාත්මයන්ට ඔබගේ සහයෝගය අවශ්‍යයි. අම්රිත් වේලාවේ, බාප්දාදා සෑම දරුවෙකුටම සෙනෙහස ලබා දෙයි.

ඔබ ඉතා හොඳ අරමුණක් තබා ගන්න බව සහ ඔබ එඩිතරකමද පවත්වා ගන්න බව, බාප්දාදා දකිනවා. අම්රිත් වේලාවේ ඔබට කෙතරම් අවධානය තිබුණත් එය දවස තුළදි අඩු වෙයි. මෙයට හේතුව කුමක්ද? ඔබ ක්‍රියා කිරීමේ නියැලෙන විට, එමෙන්ම ඔබ කර්ම යෝගීවරයෙක් ලෙස ක්‍රියා සිදු කළ යුතුයි, එවිට වෙනසක් ඇති වෙයි. ඔබ නිකම්ම යෝගාවේ සිටින අය නොවෙයි, නමුත් ඔබ යෝගී දිවිපෙවෙතක් ඇති අයයි. ජීවිතයක් සෑම කලටයි, විටෙක පමණක් නොවෙයි. ඉතිං බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද? සාමාන්‍යයෙන් ඔබගෙන් බොහෝ දෙනෙක් සෙනෙහස යන විෂයෙන් සමත් වී ඇත. සෙනෙහස යන විෂයයෙන්, ඔබගෙන් බහුතරයක් ‘මගේ බාබා, මගේ බාබා’ යැයි පැවසීමෙන් සෙනෙහස අත්දකින බව, පියා දුටුවා. ඔබගෙන් බහුතරයක් සෙනෙහස යන විෂය අතින් සමත් වී ඇත. ඔබ දැන් සමත් විය යුත්තේ කුමකින්ද? පියාට සමාන වීම අතින්. ඔබ සියලු දෙනාට අවශ්‍ය වන්නේ කුමක්ද? ඔබ සියලු දෙනාට පියා හා සමාන වීමට අවශ්‍යද, නැත්නම් පරම පියා, පියා ලෙස සිටින අතර ඔබ දරුවන් පමණක්ද? එබැවින් ඔබ පරම පියා හා සමාන විය යුතුයි. සෙනෙහස තිබීම, යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ඉන් අදහස් වන්නේ ඔබ සෙනෙහස දක්වන කෙනා, ඔබට කිරීමට පවසන දේ, ඔබ අනිවාර්යෙන් කළ යුතු බවයි. ඔබ සියලු දෙනාම පරම පියාට සෙනෙහස දක්වන අතර පියා තුළ ඔබ කෙරෙහි සෙනෙහස තිබේ; එය එසේ නම් අත් ඔසවන්න! ඔබ තුළ සෙනෙහස තිබෙනවාද? හොඳයි. එසේ නම් දැන්, පියාට අවශ්‍ය වන්නේ, ඔබ තුළ සෙනෙහස තිබෙන සේම, පියාට සමාන වීමේ අරමුණත් ඔබ තුළ තිබිය යුතු බවයි. මෙයට ඔබගේ අත් ඔසවන්න! ඔබට මෙම විශ්වාසය තිබෙන අතර ඔබ ඉතා හොඳින් අත් ද ඔසවනවා. බාප්දාදා මෙය දකිනවා.

බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔය සෑම දරුවෙකුගේම මුහුණේ සහ ක්‍රියාකාරකම් වල සතුට සහ සතුටේ භාග්‍යය තිබීම දිස්විය යුතු බවයි, මන්ද, කාලයට අනුව ඔබගේ මුහුණ බොහෝ සේවය සිදු කරයි. මෙයට අවශ්‍යතාවයක් තිබෙයි. බාප්දාදාට අවශ්‍යයි, දැන් සිට ඔබ මෙම අරමුණ තබා ගත යුතු බව. එය දැන් ප්ලැටිනම් ජුබිලිය බැවින් සේවය කිරීමට සියලු දෙනා තුළ උනන්දුවක් සහ උද්යෝගයක් තිබේ. ඒ අන්දමින්ම, ඔබගේ මුහුණින් සේවය කිරීමට උද්යෝගයක් ඇති කරගන්න, මන්ද දිනෙන් දින, සංවේදී කාල අනිවාර්යෙන් පැමිණීමට යනවා. එවන් කාලයක ඔබගේ මුහුණ ජීවාත්මයන්ව ප්‍රබෝදමත් කළ යුතුයි.

අද, අම්රිත් වේලාවේ බාප්දාදා වටේ සංචාරයක යෙදුණා. ඔහු දුටුවේ කුමක්ද? ඔබ සියලු දෙනාම තමන්ගේ උනන්දුවෙන් අසුන් ගනී, නමුත් සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම අධිකාරිය වන්නේ, ඔබගේම අත්දැකීම් වල අධිකාරියයි. ඔබ අසුන් ගන්න බව බාබා දුටු නමුත්, ඔබ අත්දැකීමේ අධිකාරියෙක් විය යුතුයි. ඔබ එම අවධානයෙන් අසුන් ගනී, නමුත් ඔබ එම අවධානයේ ප්‍රතිමූර්තියක් වීම අත්විඳිය යුතුයි. ඔබ කෙටි කාලයකට අත්දැකීම්වල අධිකාරියෙක් වීමේ ආනන්දය අත්දකියි. ඔබ සිතන්නේ ඔබ බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන් ගෙන සිටින බවයි, නමුත් ඔබ අවධානයේ ප්‍රතිමූර්තියක් බව අත්විඳීම සහ එම අත්දැකීම තුළ ගිලී සිටීම - මෙය මීටත් වඩා වැඩි කළ යුතුයි, මන්ද, අත්දැකීම් වල අධිකාරිත්වය, උසස්ම අධිකාරියයි. අවධානයේ ප්‍රතිමූර්තියක් ලෙස රැඳී සිටීම හැඳින්වෙන්නේ අත්දැකීම් තිබීම ලෙසයි. එබැවින් එම අත්දැකීම තුළ ගිලෙන්න. ඔබගේ අවධානයේ ඇති ස්වරූපයේ අත්දැකීම තුළ රැඳී සිටින්න; මෙය මීට වඩා බොහෝ සේ අවශ්‍යයි, මන්ද අත්දැකීමක් කිසිදා අමතක නොවෙයි. ඇතැම් විට, ඔබ වෙනත් කෙනෙකුගේ අත්දැකීමෙන් යම් දෙයක් පැවසීමට තැත් කරයි, මන්ද අත්දැකීමක් බලපෑමක් ඇති කරන නිසා. ඔබ තමන්ව යම් විශේෂිත ස්වරූපයක අවධානයේ ප්‍රතිමූර්තියක් ලෙස තබා ගනී; ඉතිං එම අත්දැකීම තුළ ගිලී සිටින්න. එම අත්දැකීම ඔබගේ උත්සාහයටත් බොහෝ උපකාරී වෙයි. අත්දැකීම් වල අධිකාරීන් වීමේදී ඔබ අංකානුරූපි බව බාප්දාදා දුටුවා. ඉතිං දැන් අත්දැකීම් වල අධිකාරියෙක් වීමට වැඩි අවධානයක් යොමු කරන්න. අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමේ මනෝ ස්ථිතිය නිරන්තරයෙන් ඇතුලාන්තයේ මුසු වී ඇති අතර එවන් ජීවාත්මයකගේ මුහුණ සහ ක්‍රියාකාරකම් සේවය සිදු කරයි.

අද බාප්දාදා දරුවන්ගේ වාර්ථාව දෙස බැලුවා. පළමුව ගිණි කන්දක් වැනි යෝගාවේ සිටීමට වැඩි අවධානයක් යොමු කරන්න, එයින් ඔබගේ ස්වභාවය සහ සංස්කාර පරිවර්ථනය කිරීමට ඔබට උපකාර ලැබෙයි. දැන් පවා, ඔබ ස්වභාවය ලෙස හඳුන්වන ඔබගේ සංස්කාර, විටින් විට ඒවාටම අයත් ක්‍රියා සිදු කරයි. එසේ නැත්නම් බාප්දාදාට සතුටුයි. කුමක් ගැනද? බාප්දාදා සතුටු වන්නේ කුමක් ගැනද කියා ඔබ දන්නවාද? ඔබ මුරලියට සවන් දෙන බව බාප්දාදා දුටුවා. මේ දිනවල, ඔබගේ කාලසටහනට ඔබ වැඩි අවධානයක් යොමු කරනවා. ඔබගේ අවධානය වැඩි වී ඇති අතර ඔබගේ සංස්කාර වල ආතතිය නොකඩවා අඩුවෙයි. ආතතිය (tension) ඇති ඕනෑම විටෙක, සරළව ‘A’ අකුර එකතු කරන්න කියා බාප්දාදා ඔබට මින් පෙරද කියා තිබේ, එවිට අවධානය (attention) තිබෙයි. සියලු දෙනාම ආපසු යා යුතුයි. මෙය ස්ථිර පොරොන්දුවකි. අප එකට ආපසු ගොස්, එකට පාලනය කරයි. ඔබ සියලු දෙනා සතුටින්ද? එසේ නැත්නම් ඔබ සතුටින් සිටින්නේ ඇතැම් විට පමණයිද? ඇතැම් විට පමණක් නොව, සෑම විටම, ඔබ සතුටින් සිටින බව, විශ්වාස කරන අය, හොඳින් සිතා බැලීමෙන් පසුව ඔබගේ අත් ඔසවන්න! අච්චා. ඔබ සලකා බැලීමෙන් පසුව අත් ඔසවනවා. සතුට යනු ඔබට අයත් දෙයක්. ඔබට අයිති දෙයක් ඔබ නැති කරගන්නේ කුමටද? ඉතිං ඔබ දැන් කරන්නේ කුමක්ද? ඔබ ඉදිරියට ගමන් කළ යුතුයි. අපි දැන් කුමක්ද කළ යුත්තේ? සියලුම මධ්‍යස්ථාන වලට බාධක වලින් නිදහස්ව සහ නිෂ්ඵල සිතිවිලි වලින් නිදහස්ව සිටිය හැකිද? එය කළ හැකිද? නැත්නම් ඔබට මේ සඳහා කාලයක් අවශ්‍යද? ඔවුන්ගේ මධ්‍යස්ථානය නිරන්තරයෙන් බාධක වලින් නිදහස් බව සහ ඔවුන්ගේ සහකරුවන් හොඳින් සිටින බව, මේ වන තුරු බාප්දාදාට කිසිම මධ්‍යස්ථානයකින් වාර්ථාවක් ලැබී නැහැ. ඔබ පමණක් නොවෙයි, නමුත් ඔබගේ සහකරුවන්ද. එම කාලයත් පැමිණෙයි. එය සිදුවෙයි, මන්ද, මෙය බවට පත්විය යුත්තේ ඔය දරුවන්ය. අවසානයේ පැමිණ තීව්‍ර උත්සාහ දරන්නෙක් වී, ඉදිරියට යන වෙනත් කිසිම කෙනෙක් ආදර්ශයක් ලෙස නොමැත. බහුතරය ලෙස, ඉදිරියට යා යුත්තේ, ඔබ සියලු දෙනාය. ඔබගෙන් බහුතරයක් තුළ මුරලියට සෙනෙහස තිබෙන බව බාප්දාදා දුටුවා. කෙසේවෙතත්, ජගදම්බා ඇගේ ප්‍රායෝගික දිවියෙන් මෙය පෙන්වූ අන්දමට, පියා පවසන සෑම දෙයක්ම, ක්‍රියාවට නැංවිය යුතුයි. ඇය එම අරමුණ තබාගත් අතර එම උත්සාහයට අවධානයද යොමු කළා. පෙර ගමන් කණ්ඩායමට ගිය ඔබගේ දාදීන් සහ දීදීද, එම අවධානය යොමු කළ අතර ඔවුන් දැන් ඔබ එනතුරු බලා සිටියි. ඔවුන් සියලු දෙනාම විමසන්නේ: පරිසමාප්තියට දොරටු විවර වන්නේ කවදාද? දොරටු විවර කිරීමට යන්නේ එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණක් නොවෙයි. එබැවින් දොරටු විවෘත කිරීම සඳහා කාලය සමීපයට ගෙන ඒමට දැන් උත්සාහ දරන්න. පරිසමාප්ත වීම යනු කාලය සමීපයට ගෙන ඒමයි. අච්චා.

බාප්දාදා සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට ඔහුගේ හදවතින් සෙනෙහස ලබා දෙනවා. එය සමගම ඔහු ඔබට මාස දෙකකට ලබා දුන් ගෙදරවැඩ ගැනත් ඔබ සියලු දෙනාට මතක් කර දෙනවා. ඇයි? සාමාන්‍යයෙන් මෙම නිෂ්ඵල සිතිවිලි, ඔබගේ උත්සාහයන් තීව්‍ර කරනවා වෙනුවට, ඒවා සාමාන්‍ය බවට පත් කරයි. එබැවින් සෙනෙහස සහ ස්මරණය සමගම බාප්දාදා සෑම තැනකම සිටින ඔය සියලු දරුවන්ට මතක් කර දෙන්නේ: දැන්, සංගම යුග කාලය බොහෝ සුන්දරයි, එමෙන්ම ශ්‍රේෂ්ඨයි! ඔබට පරම පියාගෙන් සියලුම සම්පත් ලැබෙන්නේ මෙම සංගම යුගයේ පමණයි. සංගම යුගයේ සෑම තත්පරයක්ම ශ්‍රේෂ්ඨයි. එබැවින් සංගම යුගයේ වටිනාකම සෑම විටම ඔබගේ බුද්ධියේ තබා ගන්න. සංගම යුගයේ එක තත්පරයක් ඔබට බොහෝ ලැබීම් හිමි කරගැනීමට මඟපාදයි. ඔබගෙන් මෙසේ විමසන කෙනෙකුට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද: ඔබට ලැබී ඇත්තේ කුමක්ද? බ්‍රහ්මින්වරු වන අපගේ හදවත් වල කිසිම අඩුවක් නැහැ. අපට අවශ්‍ය දේ අපට හිමි විය. දැන්, එය භාවිතා කර, තීව්‍ර උත්සාහ දරන්නෙක් වී, කාලය සමීපයට ගෙන එන්න. අච්චා. සියලු දෙනා තුළ උද්යෝගය ඇති බව, බාප්දාදා දකිනවා. එබැවින් නිරන්තරයෙන් අඛණ්ඩව මෙම උද්යෝගය වැඩි කරන්න. අච්චා.

වරදානය:
ඔබගේ ස්වරූපය තුළින් ඔබගේ බැතිමතුන්ට ඔබගේ ආලෝක කිරුළේ දර්ශනයක් ලබා දී, විශේෂ ආදරණීය දේවතාවක් වේවා.

ඔබ පරම පියාගේ දරුවන් වී, පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් වූ විට, ඔබට ප්‍රතිලාභයක් ලෙස ආලෝක කිරුළක් හිමි විය. මෙම ආලෝක කිරුළ සමග සසඳන විට, මැණික් එබ්බවූ කිරුල සුළු දෙයකි. ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළට ඔබ අඛණ්ඩව වැඩියෙන් පාරිශුද්ධත්වය ධාරණය කරගන්න තරමට, ඔබගේ ආලෝක කිරුළ වඩාත් පැහැදිලි වී, එවිට ඔබගේ බැතිමතුන් ඉදිරියේ ඔබ විශේෂ ආදරණීය දේවතාවක් ලෙස හෙළිදරව් වෙයි.

පාඨය:
නිරන්තරයෙන් බාප්දාදාගේ ආරක්ෂක වියන යට සිටින්න, එවිට ඔබ බාධක විනාශ කරන්නෙක් වෙයි.

අව්‍යක්ත සංඥාව: අන් අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.

බාප්දාදා ඔය දරුවන්ට සෑම කාර්යයකදීම සහයෝගය ලබා දෙන අතර අවසානය දක්වාම ඔහු එය නොකඩවා සිදු කරයි. බාප්දාදා කිසිම කෙනෙකුට අකමැති නැහැ. ඔහුට අපහාස කරන අය කෙරෙහි පවා ඔහුට සෑම විටම ධනාත්මක සිතිවිලි තිබේ. එබැවින් පියාව අනුගමනය කරන්න. නිරන්තරයෙන් සෑම ජීවාත්මයක් කෙරෙහි පිවිතුරු චේතනා සහ ධනාත්මක හැගීම් තබා ගන්න. කෙනෙක් යම් දෙයක් සිදු කළේ මන්ද, කියා සිතනවා වෙනුවට, සෑම ජීවාත්මයකටම ඔබට සෙතක් සැලසිය හැක්කේ කෙසේද කියා සිතන්න. එවිට සියලු දෙනා කෙරෙහි ධනාත්මක සිතිවිලි ඇති ලොවට සෙත සලසන ජීවාත්මයක් ලෙස ඔබව හඳුන්වයි.

විශේෂ දැන්වීම: මාසයේ තෙවන ඉරුදින සඳහා යෝග අභ්‍යාසය.

අද මාසයේ තෙවන ඉරු දිනයයි. සියලු සහෝදර සහෝදරියන් ප:ව 6.30 සිට 7.30 දක්වා සාමූහිකව යෝගාවේ අසුන් ගනි. ඔබගේ ශාන්ත ස්වරූපයේ ස්ථාවර වී, සාම සාගරයේ පතුලට කිමිදී, ගැඹුරු, පරම ශාන්තිය සහ සිසිලස අත්විඳින්න. සියලු ජීවාත්මයන්ට ශාන්තියේ දානය දීමේ සේවය සිදු කරන්න.