18.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දේවතාවන්ටත් වඩා උසස් බ්‍රහ්මණ මුදුන් ගැටය බැවින්, ඔබගේ සිතිවිලි, වචන
සහ ක්‍රියාවන්හි ඔබ නිවැරදි විය යුතුයි.
ප්රශ්නය:
ඔය දරුවන් පවා
අපහසුවෙන් වටහාගන්නා, වඩාත්ම අදෘෂ්‍යමාන, සහ සූක්ෂම කාරණාව කුමක්ද?
පිළිතුර:
ශිව බාබා සහ බ්‍රහ්ම බාබා පිළිබඳ රහස වටහාගැනීම යනු, වඩාත්ම අදෘෂ්‍යමාන සහ සූක්ෂම
කරුණ වටහාගැනීමයි. සමහර දරුවන් මේ ගැන අවුලට පත්වෙයි. පියාම මෙම රහස බෙදාගනී
හිමිදිරි උදෑසනින් මා ඔය දරුවන්ට මෙම ශරීරය මඟින් උගන්වනවා. මම මුළු දවස පුරාම මෙම
රථය පදවන්නේ නැහැ.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා, ඔය ආධ්‍යාත්මික දරුවන්ට උගන්වයි. දරුවන් කවුරුන්ද? බ්‍රහ්මිණ්වරු. ඔබ
දේවතාවන් වීමට යන බ්‍රහ්මිණ්වරු බව කිසි විටෙක අමතක නොකරන්න. ඔබ වංශයද සිහි කළ
යුතුයි. මෙහිදී ඔබලා අතරේ, ඔබ සියලු දෙනාම බ්‍රහ්මිණ්වරුන්. අසීමිත පියා, ඔය
බ්රහ්මිණ්වරුන්ට උගන්වනවා. ඔබට උගන්වන්නේ මෙම බ්රහ්මා නොවෙයි, ඔබට උගන්වන්නේ ශිව
බාබාය. ඔහු බ්රහ්මිණ්වරුන්ට උගන්වන්නේ බ්රහ්මා මාර්ගයෙන් පමණයි. ශුද්‍රයින්ගෙන්
බ්‍රහ්මණයන් නොවී, ඔබට දේවතාවන් විය නොහැක. ඔබට උරුමයක් ලැබෙන්නේ ශිව බාබා ගෙන්ය.
ශිව බාබා, සෑම කෙනෙකුගේම පියාය. මෙම බ්‍රහ්මාට සීයා යැයි කියයි. සෑම කෙනෙකුටම ලෞකික
පියෙක් සිටියි. භක්ති මාර්ගයේ මිනිසුන් ලෝකයට එපිටින් සිටින පියාව සිහි කරයි.
බ්‍රහ්මාට දේවාලයක් තිබෙන නමුත්, කිසි කෙනෙක් නොදන්නා සූක්ෂම පියා මොහු බව, ඔය
දරුවන්ට වැටහෙයි. මෙහි පවා, ප්‍රජාවගේ පියා, ආදි දේව්ට දේවාලයක් තිබේ. ඔහුට මහාවීර
යැයිද කියයි. ඇතැමුන් ඔහුට දිල්වාලා යැයිද කියයි. කෙසේවෙතත්, ඇත්ත වශයෙන්ම ඔබගේ
හදවත් දිනාගන්නේ, බ්රහ්මා නොවෙයි, එය ශිව බාබාය. සියලුම ජීවාත්මයන් සතුටට පත් කර,
ඔවුන්ට ප්‍රීතිය ලබා දෙන්නේ, ඒකායන පියා පමණයි. මෙය දන්නේ ඔය දරුවන් පමණයි. ලෝකයේ
මිනිසුන් කිසි දෙයක් නොදනී. අප, බ්‍රහ්මණයන් වන අතර, අපි ශිව බාබාගෙන් අපගේ උරුමය
හිමි කරගන්නවා. ඔබටද මෙය නැවත නැවතත් අමතක වනවා. සිහිපත් කිරීම ඉතා පහසුයි.
සන්යාසීන් ’යෝගා‘ යන වචනය භාවිත කරයි. ඔබ කරන්නේ පියා සිහි කිරීම පමණයි. යෝගාව,
සුලබ වචනයකි. මෙයට යෝගා ආශ්රමයක් යැයි නොකියයි. පියා සහ දරුවන් මෙහි අසුන් ගෙන
සිටිනවා. අසීමිත පියාව සිහි කිරීම, දරුවන්ගේ වගකීමක්. අපි, බ්‍රහ්මිණ්වරුන් වන අතර,
බ්‍රහ්මාගේ මාර්ගයෙන් අපි සීයාගෙන් අපගේ උරුමය හිමි කර ගනිමින් සිටිනවා. මේ නිසයි
ශිව බාබා පවසන්නේ හැකි පමණින් නොකඩවා මා සිහි කරන්න. ඔබට පින්තූරද සිහි කළ හැක.
එවිට ඔබ බ්‍රහ්මණයන් බවත්, ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා බවත් ඔබට සිහි
වෙයි. බ්‍රහ්මණයන්ට කිසිදා ඔවුන්ගේ වංශය අමතක වෙයිද? ශුද්‍රයන්ගේ ආශ්‍රයේ සිටින
විට, ඔබ බ්‍රහ්මණයන් බව, ඔබට අමතක වනවා. බ්‍රහ්මණයන්, දේවතාවන්ටත් වඩා උසස්ය, මන්ද
ඔය බ්‍රහ්මණයන් ඥානයෙන් පිරිපුන්ය. දෙවියන්ට, ජනීජනන්හාර් (ඇතුලත ඇති සෑම දෙයක්ම
දන්නා කෙනා) යැයි කියයි. මින් කියැවෙන්නේ ඔහු අසුන්ගෙන, සෑම කෙනෙකුගේම හදවතේ ඇති දේ
බැලීම නොවෙයි. නැහැ ඔහුට ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය තිබේ. බීජය ඔහුයි.
බීජය, ගසේ මුල, මැද සහ අවසානය දනී. එබැවින් ඔබ එවන් පියෙක්ව බොහෝ සේ සිහි කළ
යුතුයි. මෙම කෙනාගේ ජීවාත්මයද පියාව සිහි කරනවා. එම පියා පවසන්නේ මෙම කෙනා
(බ්රහ්මා) මා සිහි කළ විට පමණයි, ඔහු එම තත්ත්වය හිමි කරගන්නේ. ඔබත් මා සිහි
කරන්නේ නම්, තත්ත්වයක් හිමි කරගනී. ආරම්භයේදී ඔබ ශරීර නොමැතිව, අශාරීරිකව මෙහි පහළට
පැමිණි අතර, ඔබ නැවතත් අශාරීරික වී ආපසු නිවසට යා යුතුයි. අන් සියලුම ශාරීරික
නෑදෑයින් ඔබට දුක ගෙන දෙයි, එබැවින් ඔබට මා හමු වී ඇති නිසා, ඔබ ඔවුන් සිහි කරන්නේ
මන්ද? මා පැමිණ ඇත්තේ ඔබව ආපසු නව ලෝකයට ගෙන යාමටයි. එහි දුක නොමැත. එහි තිබෙන්නේ
දිව්‍යමය සම්බන්ධතාවයන්ය. මෙහි, ස්ත්‍රිය සහ පිරිමියා අතර සම්බන්ධතාවයේදී, ඔවුන්
දූෂිත වන බැවින්, ආරම්භයේ දුක තිබෙයි. පාපයන් පිළිබඳ ප්‍රශ්නයක් නොමැති එම ලෝකයට,
මා දැන් ඔබව සුදුස්සන් කරවනවා. මෙසේ සිහි කර තිබේ ’විශාලතම සතුරා වන්නේ රාගයයි.‘
එයට හේතුව, එහි ආරම්භයේ සිට මැද, සහ අවසානය දක්වාම එය දුක ඇති කරන බැවිනි. කෝපය
ගැන, එය මුල සිට මැද, සහ අවසානය තෙක් දුක ඇති කරන බව ඔබ නොකියයි නැහැ. ඔබ රාගය
පරාජය කළ යුතුයි, මන්ද, එහි ආරම්භයේ සිට මැද, සහ අවසානය දක්වාම දුක ඇති කරන්නේ මෙය
වන නිසා එය ඔබව අපවිත්‍ර කරවයි. ’අපවිත්‍ර‘ යන වචනය භාවිත කරන්නේ පාපය ගැන හඳුන්වන
විටයි. ඔබ එම සතුරා පරාජය කළ යුතුයි. ඔබ ස්වර්ණමය යුගයේ දේවතාවන් වන බව, ඔබ දන්නවා.
මෙම විශ්වාසය ඇතිවන තුරු, ඔබට කිසිවක් ලබා ගැනීමට නොහැකි වෙයි. පියා විස්තර කරන්නේ
ඔය දරුවන්ටයි ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන් වල ඔබ නිවැරදි විය යුතුයි. මෙයට
උත්සාහයක් අවශ්‍යයි. ඔබ භාරතය දිව්‍ය ලෝකය බවට පත් කරවන බව, ලෝකයේ කිසිවෙකු නොදනී.
ඔබ තව දියුණුවත්ම ඔවුන්ට එය වැටහෙයි. ඔවුන්ට එක ලෝකයක්, එක් රාජධානියක්, එක් ආගමක්
සහ එක් භාෂාවක්ද අවශ්‍ය වී තිබේ. ඔබට මෙසේ විස්තර කළ හැක වසර 5000කට පෙර, එක්
රාජධානියක් සහ එක් ධර්මයක් තිබුණු අතර, එයට දිව්‍ය ලෝකය යැයි කියූහ. රාම රාජ්‍යය සහ
රාවණ රාජ්‍යය ගැන කිසිවෙක් නොදනී. ඔබද ඒ ගැන දැන සිටියේ නැත. ඔබ දැන් ඔබ දරණ
උත්සාහයට අනුව, අංක පිළිවෙලට, පිරිසිඳු බුද්ධීන් ඇති අය බවට පත් වනවා. පියා මෙහි
අසුන්ගෙන ඔබට විස්තර කරයි, එබැවින් ඔබ නියත වශයෙන්ම පියාගේ උපදෙස් පිළිපැදිය
යුතුයි. පියා පවසන්නේ ලෝකයේ ජීවත් වන අතර, නෙළුම් මලක් මෙන් පිවිතුරුව ජීවත් වන්න.
ඒ සමඟම නොකඩවා මා සිහි කරන්න. පියා විස්තර කරන්නේ ජීවාත්මයන්ටයි. මා මෙම
ඉන්ද්‍රියන් තුළින් ජීවාත්මයන්ට ඉගැන්වීමට පැමිණ සිටිමි. මෙය අපිරිසිඳු පැරණි
ලෝකයක් සහ අපිරිසිඳු සිරුරකි. ඔය බ්‍රහ්මණයන් වැඳුම් ලබන්නට සුදුසු නැහැ. ඔබ සුදුසු
වන්නේ ප්‍රශංසාවට පමණයි. වැඳුම් ලබන්නට සුදුසු වන්නේ දේවතාවන් පමණයි. ඔබ ශ්‍රීමත්
අනුගමනය කිරීමෙන්, ලෝකය, දිව්‍ය ලෝකය බවට පත් කරන නිසා, ඔබ ප්‍රශංසාවට ලක්වන නමුත්
ඔබට පිදුම් ලැබිය නොහැක. දේවතාවන් නොවෙයි නියත වශයෙන්ම ප්‍රශංසාවට ලක් වන්නේ,
බ්රහ්මණයන්ය. පියා ඔබව ශුද්‍රයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කරනවා. දේවතාවන්ගේ
ජීවාත්ම මෙන්ම සිරුරුද පිවිතුරුයි. ඔය ජීවාත්ම, දැන් දිගින් දිගටම පිවිතුරු වෙමින්
සිටිනවා ඔබගේ සිරුරු පිවිතුරු නැත. ඔබ දැන් පරමාත්ම දෙවියන්ගේ උපදෙස් පිළිපැදීමෙන්
භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කරවනවා. ඔබත් දිව්‍ය ලෝකයට යාමට සුදුස්සන් බවට පත්වනවා.
ඔබ අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් විය යුතුයි. පියා අසුන්ගෙන උගන්වන්නේ, ඔය බ්‍රහ්මණයන්ට
පමණයි. බ්‍රහ්මණ වෘක්ෂය අඛණ්ඩව වර්ධනය වෙයි. ස්ථීර බ්‍රහ්මණයන් වන අය, ඉන්පසුව
දේවතාවන් වෙයි. මෙය අලුත් වෘක්ෂයක් වන අතර, එයට බලපෑම් ඇති කරන, මායාගේ කුණාටු
තිබේ. ස්වර්ණමය යුගයෙදි කිසිම කුණාටුවක් නොතිබෙයි. මෙහි, ඔබට බාබාගේ සිහි කිරීමේ
සිටීමට මායා ඉඩ නොදෙයි. ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ බාබාගේ සිහිපත්
කිරීමේ සිටීමෙන් පමණක් බව ඔබ දන්නවා. සෑම දෙයක්ම රඳා පවතින්නේ සිහිපත් කිරීම මතයි.
භාරතයේ පෞරාණික යෝගාව සුප්‍රසිද්ධයි. විදේශ රටවල මිනිසුන්ට අවශ්‍ය වී ඇත්තේ යමෙක්
පැමිණ ඔවුන්ට පෞරාණික යෝගාව ඉගැන්විය යුතු බවයි. යෝගා ක්‍රම දෙකකි - එකක් හත
යෝගීන්ගේ වන අතර අනෙක රාජ යෝගීන්ගේය. ඔබලා රාජ යෝගීන්ය. අනෙක බොහෝ කාලයක් පැවතී ඇත.
ඔබ දැන් රාජ යෝගාව ගැන දන්නවා. සන්යාසීන් රාජ යෝගාව ගැන දන්නේ මොනවාද? පියා පැමිණ
ඔබට පවසා තිබෙන්නේ මා පැමිණ ඔබට රාජ යෝගාව උගන්වනවා ක්‍රිෂ්ණාට එය ඉගැන්විය නොහැක.
මෙය භාරතයේ පෞරාණික යෝගාවයි. ඔවුන් මගේ නම වෙනුවට, ගීතාවේ ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර
ඇත. ශිවාගේ උපත සිදුවන විට, ක්‍රිෂ්ණාගේ රාජධානිය තිබෙන, ඔබගේ පාරාදීසියේ උපතද
සිදුවෙයි. ශිව බාබාගේ උපන් දිනය වන විට, ගීතාවේ උපතද, ඇති වීමට යන පාරාදීසියේ උපතද
සිදුවන බව, ඔබ දන්නවා. එවිට ඔබ පිවිතුරු වෙයි. පෙර චක්‍රයේ සිදුවුණු එම ආකාරයෙන්ම
ස්ථාපනය සිදුවෙමින් පවතිනවා. එබැවින්, ශිව බාබාගේ උපත යනු, දිව්‍ය ලෝකයේ උපතයි.
බාබාම පැමිණ, දිව්‍ය ලෝකය ස්ථාපනය කරයි. පියා පවසන්නේ දැන් මා සිහිපත් කරන්න! ඔබ මා
සිහි නොකරන නිසා, මායා ඔබ ලවා එක් හෝ තව පාපයක් සිදු කරවයි. ඔබ මා සිහි නොකරන විට,
ඔබ පහර කයි. සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබ පහර කෑමට ලක් නොවෙයි. සිදුවන මල්ලව පොරය
මෙයයි. ඔබගේ සතුරා, මනුෂ්‍යයෙක් නොවන බව ඔබ දන්නවා ඔබගේ සතුරා, රාවණයි. කුමරෙක් සහ
කුමාරියක් විවාහ වූ පසු, ඔවුන් අපවිත්‍ර වී, එකිනෙකාගේ සතුරන් බවට පත් වෙයි. ඔවුන්
මංගල උත්සවය වෙනුවෙන් රුපියල් සිය දහස් ගණන් වැය කරයි. පියා පවසන්නේ විවාහ වීම යනු,
තමන්ව විනාශ කරගැනීමයි. පාරලෞකික පියා, අණක් නිකුත් කර තිබේ දරුවනි, විශාලතම සතුරා
වන්නේ රාගයයි. එය පරාජය කර, පාරිශුද්ධත්වයේ පොරොන්දුවක් වන්න. කිසිවෙක් අපවිත්‍ර
නොවිය යුතුයි. මෙම පාපය නිසා, ඔබ උපතින් උපතට අපවිත්‍ර වී ඇති නිසයි, රාගය විශාලතම
සතුරා යැයි කියනු ලබන්නේ. ඔබ උපත් 84ක් ගෙන ඇත්තේ කෙසේද කියා, පියා ඉතා පැහැදිලිව
ඔබට විස්තර කරයි. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. ඔබට පිවිතුරු ආඩම්බරයක් තිබිය
යුතුයි ජීවාත්ම වන අප, පියාගේ උපදෙස් පිළිපැද, භාරතය දිව්‍ය ලෝකය බවට පත්කරවනවා.
ඉන්පසුව, අප දිව්‍ය ලෝකයේදී රාජධානිය පාලනය කරයි. ඔබ රජෙක්, රැජිනක්, හෝ
පුරවැසියෙක් වන්නේද යන තත්ත්වයන් ඔබ හිමි කරගන්නේ ඔබ දරණ උත්සාහයට අනුවයි. රජවරුන්
සහ රැජිනියන් නිර්මාණය වන අන්දම ඔබ දකිනවා. මෙසේ සිහි කර ඇත පියා අනුගමනය කරන්න.
මින් හැඳින්වෙන්නේ වර්තමාන සමය ගැනයි ඉන් කියැවෙන්නෙ ලෞකික සම්බන්ධතා ගැන නොවෙයි.
පියා ඔබට උපදෙසක් ලබා දෙයි නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු
වෙයි. ඔබ ඉතා හොඳ උපදෙස් පිළිපදිමින් බොහෝ ජනතාවට සේවය කරන බව, ඔබට වැටහෙයි.
දරුවන්, පියා වෙතට පැමිණෙයි, එබැවින් ශිව බාබා ඔබව නැවුම් කරන අතර මෙම කෙනාද ඔබව
නැවුම් කරවයි. මෙම කෙනාද ඉගෙන ගනී. ශිව බාබා පවසන්නේ මා පැමිණෙන්නේ උදෑසනයි. හොඳයි,
කෙනෙක් මා මුණගැසීමට පැමිණි විට, මෙම බ්‍රහ්මාට කිසිවක් විස්තර කළ නොහැකිද? ඔහු
මෙසේ පවසයිද? ’බාබා, ඔබ පැමිණ විස්තර කරන්න, මා විස්තර කරන්නේ නැහැ. මේවා ඉතා
අදෘෂ්‍යමාන මෙන්ම, ගැඹුරු කරුණුයි. හොඳින්ම විස්තර කළ හැක්කේ මටයි. විස්තර කරන්නේ
ශිව බාබා පමණක් බවත්, මෙම කෙනාට කිසිවක් විස්තර කළ නොහැකි බවත් ඔබ සිතන්නේ ඇයි? මෙම
කෙනා පෙර චක්රයේදීද විස්තර කළ බවත්, ඔහු එම තත්ත්වය හිමි කරගත්තේ ඒ නිසා බවත් ඔබ
දන්නවා. මමා ද විස්තර කළා. ඇයත් උසස් තත්ත්වයක් හිමි කරගන්නවා. ඔබ බාබාව, එහි
සූක්ෂම දේශයේදී දකිනවා. ඔය දරුවන් ඔහුව අනුගමනය කළ යුතුයි. තමන්ව කැප කරන්නේ
දුප්පත් අය පමණයි ධනවත් අයට කැප විය නොහැක. මෙසේ පවසන්නේ දුප්පත් අයයි බාබා, මේ සෑම
දෙයක්ම ඔබගේය. පිරිනමන්නා, ශිව බාබාය ඔහු කිසිවක් නොගනී. ඔහු ඔය දරුවන්ට පවසන්නේ මේ
සෑම දෙයක්ම ඔබගේය. මා මෙහි හෝ එහි, මා හට මාලිගාවක් තනාගන්නේ නැත. මම ඔබව දිව්‍ය
ලෝකයේ අධිපතියන් බවට පත් කරවමි. ඔබ දැන් ඥානයේ මිණිමුතු වලින් ඔබගේ ඒප්‍රන පුරවා ගත
යුතුයි. මිනිසුන් දේවාල වලට ගොස් මෙසේ කියයි මගේ ඒප්‍රනය පුරවන්න! කෙසේවෙතත්, එය
කුමන ඒප්රනයද එමෙන්ම, එය පිරවිය යුත්තේ කුමකින්ද? සෑම කෙනෙකුගේම ඒප්‍රන පුරවන්නේ
ලක්ෂ්මිය. මන්ද, ඇය මුදල් ලබා දෙන බැවින්. මිනිසුන් ශිවා වෙතට නොයයි. ඔහු ගීතාව
පැවසූ බව, ක්‍රිෂ්ණා පිළිබඳව ඔවුන් කියයි, නමුත් ඔවුන් ක්‍රිෂ්ණාට මෙසේ නොකියයි,
’අපගේ ඒප්‍රන පුරවන්න!‘ ඔවුන් ගොස් මෙය පවසන්නේ ශංකර්ටය. ශිවා සහ ශංකර් එක්කෙනෙක්
බව ඔවුන් විශ්වාස කරයි. ඔවුන්ගේ ඒප්‍රන හිස් කරන කෙනා ශංකර්ය. කිසිවෙකුට අපගේ
ඒප්‍රන හිස් කළ නොහැක. විනාශය සිදුවිය යුතුයි. මෙසේ සිහි කර ඇත විනාශයේ ගිණිදැල්
මතු වූයේ රුද්‍රාගේ ඥානයේ යාග ගින්නෙන්ය. කෙසේවෙතත්, කිසිවෙකු එය විශ්වාස නොකරයි.
ඔය දරුවන් ඔබගේ නිවෙස් වල වාසය කළ යුතු අතර ඔබගේ ව්‍යාපාරික කටයුතුද කරගෙන යා
යුතුයි. ඔහුට මෙසේ හැඟෙන බැවින්, පියා සෑම කෙනෙකුගේම නාඩි අල්ලා බලා ඉන්පසුව අවවාද
ලබා දෙයි දරුවන්ට පිළිපැදීමට නොහැකි වන අවවාද මා ලබා දෙන්නේ කුමටද? ඔහු සෑම
කෙනෙකුගේම නාඩි අල්ලා බැලීමෙන් පසුව අවවාද ලබා දෙයි. ඔබ මෙම කෙනා වෙතට පැමිණිය
යුතුයි ඔහු ඔබට නිවැරදි අවවාද දෙයි. ඔබ සෑම කෙනෙක්ම මෙසේ විමසිය යුතුයි බාබා මෙම
අවස්ථාවේදී මා කළ යුත්තේ කුමක්ද? මා දැන් කළ යුත්තේ කුමක්ද? පියා ඔබව දිව්‍ය ලෝකයට
යවයි. අපි දෙව්ලොව වැසියන් වීමට යන බව ඔබ දන්නවා. වර්තමානයේ අපි අපායේ වැසියන්ය. ඔබ
දැන් අපායෙත් නැත, දෙව්ලොවත් නැත. බ්‍රහ්මණයන් බවට පත් වී ඇති අයගේ නැංගුරම මෙම
අපිරිසිඳු ලෝකයෙන් ඉහළට එසවී තිබේ. ඔබ දැන් කලි යුග ලෝකයේ වෙරළ අතහැර තිබේ. සමහර
බ්‍රහ්මණයන් සිහිපත් කිරීමේ වන්දනාවේ ඉතා වේගයෙන් යන අතර සමහරු සෙමින් යයි. ඇතැමුන්
පියාගේ හස්තය අත්හැරිය විට, ඔවුන් සිර වී, ගිලෙයි, එනම් ඔවුන් නැවතත් කලි යුගයේම
අවසන් වෙයි. තොටියා දැන් ඔබව එගොඩට ගෙන යන බව ඔබ දන්නවා. බොහෝ විවිධ ආකාරයේ භෞතික
වන්දනා ගමන් තිබෙන බව, ඔබ දන්නවා. ඔබගේ වන්දනා ගමන එකක් පමණක් වන අතර එය මුළුමනින්ම
අසහායයි. ඔව්, කුණාටු පැමිණෙන අතර, ඒවා ඔබගේ සිහි කිරීම බිඳ දමයි. මෙම ආධ්‍යාත්මික
වන්දනා ගමන බොහෝ සෙයින් ස්ථාවර කරගැනීමට උත්සාහ දරන්න. ඔබලා කර්මයෝගීන්ය. හැකි තාක්
පමණින් ඔබගේ දෑත් ලවා කාර්යයන් කර, ඔබගේ හදවත් සිහිපත් කිරීමේ තබාගන්න. ඔබ
චක්‍රයෙන් බාගයක්ම ආදරවන්තයන් වී ඇති අතර, ඔබගේ ප්‍රේමවන්තයාව සිහි කරමින් සිට ඇත.
බාබා, අපට මෙහි බොහෝ දුක තිබේ. දැන් අපව සතුටු දේශයේ අධිපතියන් බවට පත් කරන්න! ඔබ
සිහිපත් කිරීමේ වන්දනා ගමනේ යෙදී සිටින්නේ නම්, ඔබගේ පාපයන් අවසන් වෙයි. ඔබ දිව්‍ය
ලෝකයේ උරුමය හිමිකරගත් අතර, දැන් එය අහිමි කරගෙන ඇත. භාරතය, දිව්‍ය ලෝකය වූ අතර,
මිනිසුන් පෞරාණික භාරතය ගැන කතා කරන්නේ මේ නිසාය. එය විශාලතම මෙන්ම පැරණිතම නිසා,
මිනිසුන් භාරතයට බොහෝ සේ ගෞරවය දක්වයි. විනාශය අත ලඟ බව, ඔබ දන්නවා. සෑම දෙයක්ම
හොඳින් වටහාගන්නා අයට ඇතුලාන්තයේ බොහෝ සතුට තිබේ. බොහෝ දෙනෙක් ප්‍රදර්ශන ආදියට
පැමිණෙයි. බලන්න, කෙතරම් විවිධ ආකාරයේ පූජකයන් සහ තාපසයන් අහමදාබාද් වලට පැමිණෙන
අකාරය දෙස. ඔවුන් පවසන්නේ, ’ඔබ කියන්නේ ඇත්ත.‘ කෙසේවෙතත්, තමන් පියාගෙන් උරුමය හිමි
කර ගත යුතු බව, ඔවුන්ගේ බුද්ධියේ සනිටුහන් වන්නේ නැත. ඔවුන් මෙහි සිට පිටව ගිය
සැනින්, සෑම දෙයක්ම අවසන් වෙයි. පියා දැන් අපව දිව්‍ය ලෝකයට රැගෙන යන බව, ඔබ
දන්නවා. එහි මව් කුසක සිර මැදිරියක් හෝ අනෙක් සිරමැදිරියද නොතිබෙයි. ඔබ සිරගේක
මුහුණවත් නොදකී. දෙයාකාරයේම සිරගෙවල් නොපවතියි. මෙහි, මේ සියල්ලම මායාගේ
පම්පෝරියයි. මෙකල සෑම දෙයක්ම සිදුවන්නේ විගසින්ය. මරණය පවා දිගින් දිගටම සිදුවන්නේ
විගසින්ය. ස්වර්ණමය යුගයේ, එවන් කිසිම ව්‍යසනයක් සිදු නොවෙයි. මෙහි මරණය විගසින්
සිදුවන අතර බොහෝ දුකද ඇති වෙයි සෑම දෙයක්ම අවසන් වෙයි. මුළු පොළෝතලයම අලුත් වෙයි.
ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ රාජධානිය පැවති අතර, එය නියත වශයෙන්ම නැවතත් පැවතෙයි. ඔබ
තව තවත් දියුණුවත්ම සිදු වන්නේ කුමක්ද කියා ඔබ දකියි. එය බොහෝ භයංකාර දර්ශනයක්
වෙයි. ඔය දරුවන්ට දර්ශන ලැබී ඇත. දරුවන්ට තිබිය යුතු ප්‍රධානතම දේ වන්නේ, සිහිපත්
කිරීමේ වන්දනා ගමනයි. මෙය ඉහළ නැඟීමේ ස්ථීතියේ වන්දනාවයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබලා
බ්රහ්මණයන්ය, යන අවධානය සෑම විටෙකම තබාගන්න. පරමාත්ම දෙවියන් උගන්වන්නේ
බ්‍රහ්මණයන් වන අපට පමණයි. අපි දැන් දේවතාවන් වීමට යන බ්‍රහ්මණයන් බවට පත් වනවා.
2. ඥානයේ මිණි මුතු
වලින් ඔබගේ ඒප්‍රන පුරවා, ඒවා දන් දෙන්න. මෙම අපිරිසිඳු කලි-යුග ලෝකයේ වෙරළ අතහැර
යන්න. මායාගේ කුණාටු වලට බිය නොවන්න.
වරදානය:
ඔබ,ඔබේ ජන්ම
උරුමය පිළිබඳ ඇති කුල්මත්භාවය තුළින්, ඔබේ සුදුසුකම් ඔබේ ඉලක්කයට සමාන මට්ටමකට ගෙන
එන උසස් භාග්‍යයක් හිමි තැනැත්තෙකු වේවා!
ලෞකික ජීවිතයේ දී,
භෞතික ධනය ඔබේ ජන්ම උරුමයයි. ඒ හා සමානව, මෙම බ්‍රාහ්මණ උපත තුළ, ගුණධර්ම,
ආධ්‍යාත්මික සතුට සහ බලය යන ධනය ඔබේ උපත් උරුමය වේ. ඔබේ ජන්ම උරුමය පිළිබඳ මෙම
කුල්මත්භාවය ස්වභාවිකවම ඔබ තුළ පවතී නම්, ඒ සඳහා වෙනම වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවේ.
මෙම කුල්මත්භාවය තුළ සිටීමෙන්, ඔබේ සුදුසුකම් ඔබේ ඉලක්කයට සමාන වනු ඇත. ඔබ සිටින
ආකාරයෙන්ම ඔබව හඳුනාගෙන පිළිගනිමින්, ඒ සමඟම ඔබේ උසස්ම පියා වන පරමාත්ම පියා සහ
පවුල පිළිබඳව ද අවධානයෙන් සිටීමෙන්, ඔබ උසස් භාග්‍යයක් හිමි තැනැත්තෙකු බවට පත්වේ.
පාඨය:
ඔබේ සැබෑ
ස්වභාවය තුළ ස්ථාවරව සිටිමින් සෑම ක්‍රියාවක්ම කරන්න; එවිට ඔබ ඉතා පහසුවෙන්
සාර්ථකත්වයේ තාරකාවක් වනු ඇත.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
තත්පරයකින් කතානාද
ලෝකයට (ක්‍රියාකාරී ලෝකයට) පැමිණෙන්න, තත්පරයකින් නැවත ශබ්දයෙන් ඔබ්බට නිහැඬතාවයට
යන්න. එක් මොහොතක ශබ්දය මැද සිටින්න, ඊළඟ මොහොතේ ශබ්දයෙන් ඔබ්බට යන්න. මෙම අභ්‍යාසය
සරළ සහ පහසු දෙයක් වන විට, පරිපූර්ණත්වය ඉතා ආසන්න බව ඔබට වටහා ගත හැකිය. දැන්, ඔබේ
භෞතික ඉන්ද්‍රියන්ට දිගටම ක්‍රියා කිරීමට ඉඩ දෙන්න; ඒවා "එසේය ස්වාමීනි", "මා ඔබ
ඉදිරියේ ස්වාමීනි" යැයි පවසමින් ක්‍රියා කරනු ඇත. ඔබේ භෞතික ඉන්ද්‍රියන්
නිරන්තරයෙන් ඔබව - එනම්, ඔබ වැනි රාජකීය පාලකයන්ව - පිළිගනිමින්, ඔබට ආචාර කරමින්
සිටින විට, ඔබට සම්පූර්ණයෙන්ම කර්මාතීත් තත්ත්වයට පත්විය හැකි වනු ඇත.