19.02.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දැන් විශේෂයෙන් භාරතය මත සහ පොදුවේ ලෝකය මත ගුරුගේ දශාව තිබීමට යනවා. බාබා
ඔය දරුවන් මාර්ගයෙන් භාරතය, සතුටේ දේශය බවට පත් කරවනවා.
ප්‍රශ්නය:
දිව්‍යමය කලා
16 ක් පිරිපුන් වීම සඳහා ඔය දරුවන් දරන උත්සාහය කුමක්ද?
පිළිතුර:
1) යෝගා බලය රැස් කරගැනීමේ උත්සාහය. ඔබ කලා 16 ක් පිරිපුන් වන්නේ යෝගා බලය තුළින්ය.
මේ සඳහා පරම පියා පවසන්නේ පරිත්‍යාගයක් කරන්න, එවිට රාශීන්ගේ අපල ඉවත් වෙයි. ඔබව
වට්ටන කාමයේ පාපය පරිත්‍යාග කරන්න, එවිට ඔබ දිව්‍යමය කලා 16 න් පිරිපුන් වෙයි. 2)
ශරීර අවධානය අත්හැර ජීවාත්ම අවධානයට පත් වන්න. සිරුර පිළිබඳ සියලු සිහිය අත්හරින්න.
ගීතය:
මවත් ඔබයි,
පියාත් ඔබයි!
ඕම් ශාන්ති.
ඔය මිහිරිතම
ආධ්‍යාත්මික දරුවන්ට ඔබගේ ආධ්‍යාත්මික පියාගේ වර්ණනාව ඇසුණා. ඒ මිනිසුන් මෙය නොකඩවා
ගායනා කරන නමුත් ඔය දරුවන් එම බාබාගෙන් ප්‍රායෝගික ලෙස ඔබගේ උරුමය හිමි කරගන්නවා.
බාබා ඔබගේ මාර්ගයෙන් භාරතය සතුටේ දේශය බවට පත් කරවන බව ඔබට වැටහෙනවා. ඔවුන්ගේ
මාර්ගයෙන් එය බවට පත් කරන අය, අනිවාර්යෙන් සතුටු දේශයේ අධිපතියන් වෙයි. ඔය දරුවන්ට
බොහෝ සතුට තිබිය යුතුයි. බාබාගේ වර්ණනාවට සීමාවක් නැත. අප ඔහුගෙන් අපගේ උරුමය හිමි
කරගන්නවා. දැන් ඔය දරුවන් මත, එනම්, මුළු ලෝකය මතම බ්‍රහස්පතිගේ අවිනාශී දශා තිබේ.
දැන් විශේෂයෙන්ම භාරතය මත සහ පොදුවේ මුළු ලෝකය මතම බ්‍රහස්පතිගේ දශාව තිබෙන්නට යන
බව දන්නේ ඔය බ්‍රහ්මණයන් පමණයි, මන්ද, ඔබ දැන් දිව්‍යමය කලා 16 කින් පිරිපුන්
වෙමින් සිටියි. මෙකල කලාවන් නොමැත. ඔය දරුවන් තුළ බොහෝ සතුට තිබිය යුතුයි. ඔබ මෙහි
සිටින විට සතුට තිබී ඔබ පිටතට ගිය සැනින් එය අතුරුදහන් වීම සිදු නොවිය යුතුයි. ඔබ
වර්ණනා කරන ඒකායන කෙනා දැන් ඔබ ඉදිරියේ සිටිනවා. වසර 5000 කට පෙර, ඔබට රාජධානිය ලබා
දීමෙන් පසුව, ඔහු පිටත්ව ගිය බව, පරම පියා පහදා දෙනවා. ක්‍රම ක්‍රමයෙන් සියලු දෙනාම
නොකඩවා කන්නලව් කරන බව ඔබ දකීවි. ඔබ නොකඩවා පාඨ නිර්මාණය කරයි. එක ආගමක්, එක
භාෂාවක් සහ එක රාජධානියක් තිබිය යුතු බව ඉන්දිරා ගාන්ධි පැවසුවා. කතා කරන්නේ ඈ තුළ
ඇති ජීවාත්මයයි. භාරතයේ සැබවින්ම එක රාජධානියක් තිබුණු බවත් එය දැන් ඔබ ඉදිරියේ ඇති
බවත් ජීවාත්මයට වැටහෙනවා. ඕනෑම වෙලාවක සෑම දෙයක්ම සම්පූර්ණයෙන් විනාශ විය හැකි බව
ඔබට වැටහෙනවා. මෙය අළුත් දෙයක් නොවෙයි. භාරතය අනිවාර්යෙන් නැවතත් දිව්‍යමය කලා 16
ක් පිරිපුන් විය යුතුයි. මෙම යෝගා බලයෙන් ඔබ දිව්‍යමය කලා 16 ක් පිරිපුන් වන බව ඔබ
දන්නවා. මෙවන් කියමනකි පරිත්‍යාගයක් කරන්න එවිට අපල රාශී ඉවත් වෙයි. පරම පියාද
පවසන්නේ පාපයන් සහ දුර්වලතා පරිත්‍යාග කරන්න. මෙය රාවණගේ රාජධානියයි. පරම පියා
පැමිණ ඔබව ඉන් මුදවාගන්නවා. සියලුම පාපයන්ගෙන් විශාලතම දුර්වලතාවය කාමයයි. ඔබ ශරීර
අවධානයට පත්ව ඇත. ඔබ දැන් ජීව අවධානයට පත්විය යුතුයි. ඔබ තම සිරුරු පිළිබඳ අවධානය
අත්හල යුතුයි. මේ දේවල් වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි ලෝකයාට මේ දේවල් වැටහෙන්නේ නැත.
කලා 16 ක් පිරිපුන්ව තිබුණු භාරතය, අංග සම්පූර්ණ දේවතාවන්ගේ රාජධානියව පැවතුණු අතර
එය දැන් ග්‍රහණයකට හසු වී ඇත. ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය තිබුණි. භාරතය දිව්‍ය
ලෝකකයව තිබුණු අතර එය දැන් පාපයන්ගේ ග්‍රහණය යට තිබේ, මේ නිසයි පරම පියා මෙසේ
පවසන්නේ පරිත්‍යාගයක් කරන්න එවිට අපල රාශීන් ඉවත් වෙයි. ඔබව වට්ටන්නේ කාමයේ පාපයයි.
පරම පියා මෙසේ පවසන්නේ ඒ නිසයි මෙය පරිත්‍යාග කරන්න එවිට ඔබ දිව්‍යමය කලා 16 කින්
පිරිපුන් වෙයි. ඔබ එය පරිත්‍යාග නොකරන්නේ නම් ඔබට මෙය විය නොහැක. ජීවාත්මයන්ට
තමන්ගේම චරිත කොටස් ලැබී තිබෙනවා, එහෙම නේද? ඔබගේ බුද්ධිය තුළ මෙය තිබේ. ඔය
ජීවාත්මයන්ට බොහෝ සේ ශ්‍රේෂ්ඨ චරිත කොටස් තිබේ! ඔබ ඔබගේ ලෝක රාජධානියේ භාග්‍යය හිමි
කරගන්නවා. මෙය බොහෝ නළුවන් සිටින අසීමිත නාටකයකි. අංක එකේ නළුවන් වන්නේ ලක්‍ෂ්මි සහ
නාරායන් අංක එකේ චරිත කොටස් තිබෙන්නේ ඔවුන්ටය. විෂ්ණු, බ්‍රහ්ම සහ සරස්වති බවට පත්
වන අතර ඉන්පසුව බ්‍රහ්ම සහ සරස්වති විෂ්ණු බවට පත් වෙයි. ඔවුන් උපත් 84 ක් ගන්නේ
කෙසේද? ඔබගේ බුද්ධිය තුළ මුළු චක්‍රයම තිබේ. ආගමික ශාස්ත්‍ර හැදෑරීමෙන් කිසිවෙකුට
කිසිවක් වැටහෙන්නේ නැත. සෑම චක්‍රයකම කාල වකවානුව වසර සිය දහස් ගණනක් බව ඔවුන් පවසා
තිබේ. එසේ නම් ස්වස්ථිකය සමාන කොටස් සතරකින් නිර්මාණය කිරීමට නොහැකි වෙයි.
ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ගිණුම් පොත්වල ස්වස්ථිකයක් අඳියි. ඔවුන් ගනේෂ් (ස්වස්ථිකය)
වන්දනා කරයි. එය අසීමිත ගිණුම් පොතකි. ස්වස්ථිකයේ කොටස් සතරක් තිබේ. ජගත්නාථ
දේවාලයේ ඔවුන් වළඳක බත් පිසින අතර එය පිස අවසන් වූ විට සමාන කොටස් සතරකට වෙන්වන බව
පෙනෙයි. එහි, ඔවුන් භෝග් ලෙස බත් පූජා කරයි, මන්ද, එහි මිනිසුන් වැඩි වශයෙන් ආහාරයට
ගන්නේ බත්ය. ශ්‍රීනාථ ද්වාරේ දේවාලයේ භෝග්වල බත් නැත. එහි, ඔවුන් සාදන සෑම දෙයක්ම
පිරිසිඳු වෙඬරු වලින් පෝෂිත කරයි. ඔවුන් ආහාර පිසින විට පිරිසිඳුකම රැකගැනීම සඳහා
රෙදි කඩකින් තම මුව වසා ගනී. ඉන්පසුව ඔවුන් එම පූජනීය ආහාරය බොහෝ ගෞරවයෙන් පූජා
කිරීමට රැගෙන යයි. පූජා කිරීමෙන් පසුව එය බ්‍රහ්මණ මාර්ගෝපදේශකයන්ට ලබා දෙයි. ඔවුන්
ඉන්පසුව විශාල සෙනඟ සිටින තම වෙළඳසැල් වලට එය ගෙන යයි. බාබා ද එය දැක තිබේ. ඔය
දරුවන්ට දැන් උගන්වන්නේ කවුද? වඩාත්ම ආදරණීය පරමාත්ම පියා පැමිණ ඔබගේ සේවකයා වෙයි.
ඔහු ඔබට සේවය කරනවා. ඔබට එතරම් කුල්මත් බවක් තිබෙනවාද? පරම පියා ජීවාත්ම වන අපට
උගන්වනවා. සෑම දෙයක්ම සිදු කරන්නේ ජීවාත්මයි. ක්‍රියාවල ඵලය, ජීවාත්ම මත බලපෑමක්
සිදු නොකරන බව මනුෂ්‍යයන් කියයි. ඔය ජීවාත්ම තුළ උපත් 84 ක අවිනාශී චරිත කොටස්
පටිගත වී ඇති බව ඔය ජීවාත්ම දන්නවා. ජීවාත්ම, ක්‍රියාවන්හි ඵලයේ බලපෑමට හසු නොවන බව
පැවසීම, දිවා රාත්‍රිය වැනි වෙනසකි. මිනිසුන් අසුන්ගෙන මෙම ඥානය සති හතරේ සිට 6 ක්
දක්වා වටහාගත් විට පමණයි මෙම කරුණු ඔවුන්ගේ බුද්ධිය තුළ සනිටුහන් වන්නේ. දිනෙන් දින
බොහෝ කරුණු මතුවෙයි. මේවා කස්තුරි (සුවඳ) වැනිය. දරුවන් තුළ සම්පූර්ණ විශ්වාසය ඇති
විට, පරම පියා, පරමාත්ම ජීවය, ඔවුන්ව පහත් බවින් විමුක්තිය වෙතට ගෙන යාමට සැබවින්ම
පැමිණෙන බව ඔවුන්ට වැටහෙයි. පරම පියා පවසන්නේ ඔබ මත දැන් ගුරුගේ දශාව තිබේ. මා ඔබව
දෙව්ලොව අධිපතියන් බවට පත් කළා, නමුත් රාවණ, රාහුගේ අපලවල රාශී සියලු දෙනා මත හෙලා
ඇත. පියා දැන් නැවත වරක් ඔබව දෙව්ලොව අධිපතියන් කරවීමට පැමිණ ඇත. එබැවින් ඔබ තමන්ට
පාඩුවක් සිදුකර නොගත යුතුයි. ව්‍යාපාරිකයන් සෑම විටම තම ගිණුම් නිසියාකාරව
පවත්වාගනී. තමන්ට පාඩුවක් සිදුකර ගන්නා අය, මෝඩයින් බව කියයි. මෙය දැන් විශාලතම
ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය සිදු කරන්නේ ඉතාම සුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්
පමණයි. මෙම ව්‍යාපාරය අවිනාශී ව්‍යාපාරයක් වන අතර ඉතිරි සියලුම ව්‍යාපාර දුහුවිලි
බවට පත් වීමට යනවා. ඔබ දැන් සැබෑ ව්‍යාපාරයක් කරනවා. පරම පියා ඥාන සාගරය,
ව්‍යාපාරිකයා මෙන්ම මැණික් වෙළෙන්දාය. බලන්න, ප්‍රදර්ශන වලට මිනිසුන් කී දෙනෙක්
එනවාද. මධ්‍යස්ථාන වලට එන්නේ ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසකි. භාරතය ඉතා විශාලයි. ඔබ
සෑම තැනකටම යා යුතුයි. ජල ගංඟා භාරතයේ සෑම තැනකම තිබෙනවා නේද? ගංඟා නදිය,
පාරිශුද්ධකරු නොවන බවත් ඔබ පැහැදිලි කළ යුතුයි. ඔය ඥාන ගංඟාවන් සෑම තැනකටම යා
යුතුයි. සතර දිශාවේම ප්‍රදර්ශන, මේලා ආදිය අඛණ්ඩව තිබෙයි. දිනෙන් දින පිංතූර නොකඩවා
නිර්මාණය කෙරෙනවා. ඒවා දැකීමෙන් මිනිසුන් සතුටට පත් වී, ඔබ විස්තර කරන දේ ඉතා හොඳ
බව ඔවුන්ට දැනෙන ආකාරයට, එම පිංතූර ඉතා ලස්සන විය යුතුයි. ලක්‍ෂ්මි සහ නාරායනගේ
රාජධානිය දැන් ස්ථාපිත කෙරෙනවා. ඉනිමගේ පිංතූරය අංක එකේ එකකි. බ්‍රහ්මණ ධර්මයත්
දැන් ස්ථාපනය කෙරෙනවා. ඔය බ්‍රහ්මණයන් ඉන්පසුව දේවතාවන් වෙනවා. ඔබ දැන් උත්සාහ
දරමින් සිටිනවා. එබැවින් නොකඩවා ඔබගේ හදවතින් විමසන්න මා තුළ කුඩා හෝ විශාල කටුවක්
තිබේද? මා තුළ කාමයේ කටුව තිබේද? කෝපයේ කුඩා කටුවක් වුවත් ඉතා නරකයි. දේවතාවන් තුළ
කෝපය නැත. ශංකර් ඔහුගේ ඇස විවර කළ විට විනාශය සිදුවන බව පෙන්වා තිබේ. එයත් බොරු
චෝදනාවක්. විනාශය සිදුවිය යුතුයි. ශංකර්ට සූක‍්ෂම කලාපයේ ඔහු වටා සර්පයෙක් ආදිය
සිටිය නොහැක. සූක‍්ෂම කලාපයේ හෝ අශාරීරික ලෝකයේ උයන්, මල් වතු හෝ සර්පයන් ආදිය
නොමැත. ඒ සියලු දේ තිබෙන්නේ මෙහිය. දිව්‍ය ලෝකකය තිබෙන්නේද මෙහිය. මෙකල මනුෂ්‍යයන්
කටු වැනිය, මෙය කටු කැලෑව ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. ස්වර්ණමය යුගය මල් උයනයි.
බාබා නිර්මාණය කරන්නේ කුමන ආකාරයක උයනක්ද කියා ඔබට දැකගත හැක. ඔහු එය ඉතා අලංකාර
කරවනවා. ඔහු සියලු දෙනාව ලස්සන කරවනවා. ඔහු සදා ලස්සනයි. ඔහු ඔය සියලුම මනාලියන්ව,
එනම් ඔය සියලුම දරුවන්ව ලස්සන කරවනවා. රාවණ ඔබව සම්පූර්ණයෙන් අවලස්සන කළා. ඔබ මත
බ්‍රහස්පතිගේ දශාව තිබීම ගැන ඔය දරුවන් දැන් සතුටු විය යුතුයි. කාලයෙන් භාගයක්
පමණක් සතුට තිබී කාලයෙන් ඉතිරි භාගයේ දුක තිබුණේ නම් ඉන් ඇති යහපත කුමක්ද? නැහැ
හතරෙන් තුනක් සතුටද, හතරෙන් එකක් දුකද තිබේ. මෙම නාටකය පෙර නියම වූවක්. නාටකය මේ
අන්දමින් නිර්මාණය වුණේ මන්ද කියා බොහෝ දෙනෙක් විමසයි. මෙම නාටකය සදාතනිකයි. එය
නිර්මාණය කළේ ඇයි කියා ඔබට ඇසිය නොහැක. මෙම සදාතනික සහ අවිනාශී නාටකය පෙර නියම
වූවක්. පෙර නියමිත වූ දේ සිදුවනවා. කිසිවෙකුට සදාකාලික විමුක්තිය ලැබිය නොහැක. මෙම
සදාතනික ලෝකය සෑම කල්හිම පවතින අතර එය දිගටම පැවතෙයි. කිසිම විටෙක මනුෂ්‍යයන්ගෙන්
සම්පූර්ණයෙන් තොර ලොවක් තිබිය නොහැක. පරම පියා ලෝකය අළුත් කරන නමුත් බොහෝ සූක‍්ෂම
කරුණු ඇතුලත්ය. මනුෂ්‍යයන් අපවිත්‍ර සහ දුකට පත් වූ විට, ඔහුට කන්නලව් කරයි.
පරමාත්ම පියා පැමිණ සියලු දෙනාගේ සිරුර පිවිතුරු කරවයි, එබැවින් කල්ප භාගයක් ඔබ
කොහෙත්ම අකල් මරණ අත්විඳින්නේ නැත. ඔබ මරණය ජයගනී. එබැවින් ඔය දරුවන් බොහෝ උත්සාහ
දැරිය යුතුයි. ඔබ හිමි කරගන්නා තත්ත්වය වඩාත් උසස් වන තරමට එය වඩාත් හොඳයි. වැඩි
ආදායමක් උපයා ගැනීමට සියලු දෙනාම උත්සාහ දරයි. දර අහුලන අය පවා පවසන්නේ ඔවුන්ට වැඩි
ආදායමක් උපයාගැනීමට අවශ්‍ය බවයි. සමහරු වංචාවෙන් උපයයි. ප්‍රශ්න වලට හේතුව මුදල්ය.
එහිදි කිසිවෙකුට ඔබගේ මුදල් පැහැර ගත නොහැක. ලෝකයේ සිදුවන දේ බලන්න. එහි කිසිම
දුක්බර දෙයක් නැත. ඔබ දැන් පරම පියාගෙන් ඉතා විශාල උරුමයක් හිමි කරගන්නවා! ඔබ
දෙව්ලොව යාමට සුදුසුද කියා තමන්ව පරීක‍්ෂා කර බලන්න. (නාරදගේ නිදසුන). මිනිසුන්
බොහෝ වන්දනා ගමන්වල යන නමුත් ඔවුන් ඉන් කිසිවක් අත්කර ගන්නේ නැත. මෙම ගීතයද තිබේ අප
සතර දිශාවේම ගිය මුත් තවම ඔබගෙන් දුරස්තව සිටිමු. පරම පියා ඔබට දැන් ඉතාම හොඳ
වන්දනා ගමනක් උගන්වනවා! මෙහි කිසිම අපහසුතාවයක් නැත. පියා පවසන්නේ සරළව මා
සිහිකරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. මා ඔය දරුවන්ට ඉතා හොඳ ක්‍රමවේදයක් පවසන
අතර ඔබ මෙයට සවන් දෙනවා. මෙය මා ණයට ගන්නා සිරුරයි. තම සිරුර බාබාට ණයට දීම ගැන, මේ
පියාට බොහෝ සතුට තිබේ. බාබා මාව ලෝකයේ අධිපති බවට පත් කරවනවා. මෙම සිරුරේ නම වන්නේ
’භාග්‍ය රථයයි’. ඔය දරුවන් දැන් රාමාගේ දේශයට යාමට උත්සාහ දරමින් සිටිනවා. එබැවින්
ඔබ තමන්ව උත්සාහ දැරීමේ සම්පූර්ණයෙන් කාර්යබහුල කරවිය යුතුයි. ඔබ කටුවක් වන්නේ
කුමටද? ඔබ බ්‍රහ්මණයන්. සෑම දෙයක්ම රඳා පවතින්නේ මුරලිය මතයි. මුරලිය නොමැතිව ඔබ
ශ්‍රීමත් ලබා ගන්නේ කොහෙන්ද? ඔබට අන් අයට විස්තර කර දීම සඳහා බොහෝ හොඳ ප්‍රදර්ශන
පිංතූර නිර්මාණය කර තිබේ. මෙම ප්‍රධාන පිංතූර ඔබගේ සාප්පුවේ තබන්න, එවිට බොහෝ
දෙනෙකුට ඉන් යහපතක් වෙයි. ඔවුන්ට කියන්න ඇතුලට එන්න, මෙම ලෝක චක්‍රය භ්‍රමණය වන
ආකාරය අප ඔබට විස්තර කරන්නම්. කෙනෙකුට සෙත සැලසීමට කාලය ටිකක් වැය වුණාට කමක් නැහැ.
ඒ ව්‍යාපාරය කරනවාත් සමඟම ඔබට මෙම ව්‍යාපාරයද කළ හැක. මෙය බාබාගේ අවිනාශී ඥාන මිණි
මුතු වල වෙළඳසැලයි. ඉනිමගේ පිංතූරය අංක එකේ පිංතූරයක්. ගීතාවේ දෙවියන් වන ශිවාගේ
පිංතූරයද තිබේ. ශිවාගේ උපන් දිනය මෙහි සමරන්නේ, ශිව දෙවියන් භාරතය තුළට පැමිණි
නිසාය. එම පරමාත්ම පියාණන් දැන් නැවත පැමිණ ඇත. යාග ගින්නද නිර්මාණය කර ඇත. ඔය
දරුවන්ට රාජයෝගාවේ ඥානය ලබා දෙනවා. පැමිණ, ඔබව රජවරුන්ගේ රජවරු බවට පත් කරවන්නේ පරම
පියා පමණයි. පරම පියා පවසන්නේ මා ඔබව සූර්ය වංශික රජවරු සහ රැජිනියන් බවට පත් කරවන
අතර පාපයේ ගැලෙන රජුන් ඔබගේ ප්‍රතිමා ඉදිරියේ හිස නමයි. දිව්‍ය ලෝකකයේ අධිරාජයෙක්
හෝ අධිරාජිනියක් වීමට පූර්ණ උත්සාහ දැරිය යුතුයි. ඔබට නිවාස තැනීමට බාබා තහනම්
නොකරයි ඔබට ඒවා තැනිය හැක. එසේ නැත්නම් මුදල් කොහොමත් දුවිලි බවට හැරවෙයි. ඒ වෙනුවට
නිවසක් තනා සුව පහසුවෙන් ජීවත් නොවන්නේ ඇයි? මුදල් භාවිත කළ යුතුයි. නිවාස ගොඩනගා
ආහාර සඳහාද මුදල් ටිකක් තබාගන්න. මිනිසුන් දන් දී පුණ්‍යකර්මද සිදු කරයි. නිදසුනක්
ලෙස, කාශ්මිරයේ රජතුමා ඔහුගේ සියලුම පෞද්ගලික දේපළ ආර්ය සාමාජිකයන්ට පරිත්‍යාග කළා.
තමන්ගේම කුලයට සහ ආගමට අයත් අය වෙනුවෙන් මිනිසුන් සෑම දෙයක්ම සිදු කරයි. මෙහි එසේ
නොවෙයි. මෙහි, සියලු දෙනාම දරුවන්. මෙහි කුලය ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒවා
සීමිත කුල ආදියයි. මා ඔය ජීවාත්ම පිවිතුරු කර ඔබට ලෝකයේ ආධිපත්‍යය ලබා දෙනවා.
නාටකයට අනුව ඔය භාරතයේ ජනතාව ඔබගේ රාජධානියේ භාග්‍යය හිමි කරගන්නවා. ඔබ මත දැන්
බ්‍රහස්පතිගේ දශාව ඇති බව, ඔය දරුවන්ට වැටහෙනවා. ශ්‍රීමත් පවසන්නේ නිරන්තරයෙන් මා
පමණක් සිහි කරන්න. ඔබ වෙන කිසිවක් කළ යුතු නැහැ. භක්ති මාර්ගයේ ව්‍යාපාරිකයන් පිං
තකා යමක් පසෙක ලා තබයි. ඒ සඳහා ඔවුන්ගේ මතු භවයේ ඔවුන්ට තාවකාලික ප්‍රතිලාභයක්
ලැබෙයි. මා දැන් ඍජුවම මෙහි පැමිණ ඇත. එබැවින් ඔබ සෑම දෙයක්ම මෙම කාර්යය වෙනුවෙන්
භාවිත කළ යුතුයි. මට කිසිවක් අවශ්‍ය නැත. ශිව බාබාට තමන් වෙනුවෙන් නිවාස ආදිය
තැනීමට අවශ්‍යද? මේ සියල්ලම ඔය බ්‍රහ්මණයන්ටයි. දුප්පත් සහ ධනවත් දෙපිරිසම මෙහි එකට
සිටියි. පරමාත්ම දෙවියන් තුළ සියලු දෙනා කෙරෙහි සමාන දැක්මක් නැති බව සිතා, සමහරු
සිත්තැවුලට පත් වෙයි. ඔවුන් පවසන්නේ සමහරුන්ට ජීවත් වීමට මන්දිර ලබා දෙන අතර අනෙක්
අය පැල්පත් වල වාසය කළ යුතු බවයි. ඔවුන්ට ශිව බාබාව අමතක වෙයි. ඔවුන් ශිව බාබාගේ
සිහි කිරීමේ සිටින්නේ නම්, එවන් දේ කිසි විටෙක නොකියයි. සියලු දෙනා ගැන සැලකිලිමත්
විය යුතුයි. මිනිසුන්ට තම නිවෙස් වල ඒ ආකාරයට ජීවත් වී පුරුදු නම්, එයට සමාන
පහසුකම් ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ නිසයි සියලු දෙනාටම ආගන්තුක සත්කාර පුද කරන්නට
කියා ඔබට පවසා තිබෙන්නේ. ඔබට යමක් නොමැති නම් එය ඔබට ලබා දිය හැක. පරම පියා ඔහුගේ
දරුවන්ට ආදරෙයි. එතරම් සෙනෙහසක් වෙනත් කිසිවෙකුට තිබිය නොහැක. ඔබ උත්සාහ දැරිය යුතු
බව ඔය දරුවන්ට බොහෝ වාර ගණනක් පවසා තිබේ. අන් අය වෙනුවෙන් දක‍්ෂ ක්‍රමවේද නිර්මාණය
කරන්න. මේ සඳහා, දරුවන්ට නොකඩවා විස්තර කළ හැකි සේ අඩි තුනක භූමි ප්‍රමාණයක්
අවශ්‍යයි. යම් වැදගත් පුද්ගලයෙකුට විශාල ශාලාවක් ඇත්නම් ඔහුගෙන් විමසන්න අපට මෙහි
පිංතූර තැබිය හැකිද? උදේ සහ සවස පැයක් හෝ දෙකක් මෙහි පංති පවත්වා ඉන්පසුව අප පිටව
යන්නම්. අප සියලු වියදම් දරන්නම් එමෙන්ම ඔබගේ නම ප්‍රසිද්ධ වෙයි. බොහෝ දෙනෙක් පැමිණ
සිප්පි කටු වලින් දියමන්ති බවට පරිවර්ථනය වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. තමාව
පරීක‍්ෂා කර ඔබ තුළ ඇති සියලු කටු ඉවත් කරන්න. රාමාගේ (පරමාත්ම දෙවියන්) දේශයට යාමට
උත්සාහ දරන්න.
2. අවිනාශී ඥාන මිණි
මුතු සමඟ ව්‍යාපාර කර, යමෙකුට සෙත සැලසීමට කාලය යොදන්න. ලස්සන වී අන් අයවත් ලස්සන
කරවන්න.
වරදානය:
තමෝගුණී
වාතාවරණයක වුවද, මාස්ටර් සර්වබලධාරී අධිකාරියක් ලෙස, ඔබේ අවධිය නිරන්තරව, නොසැලෙන
සහ නිශ්චලව තබා ගැනීමට ඔබට හැකි වේවා.
දිනෙන් දින සිදුවීම්
වඩ වඩාත් තමෝප්‍රධාන් වන අතර පරිසරය නරක අතට හැරෙනු ඇත. නෙළුම් මලක් මෙන් නොබැඳිව
සිටීමට සහ ඔබේ අවධිය සතෝප්‍රධාන් බවට පත් කිරීමට නම්, ඔබට එතරම් ධෛර්යයක් සහ බලයක්
තිබිය යුතුය. ඔබ මාස්ටර් සර්වබලධාරී අධිකාරියක් වීමේ ආශිර්වාදය ඔබේ අවධානයේ තබා
ගන්නා විට, පදාර්ථය, භෞතික සබඳතා හෝ දිව්‍ය පවුල හරහා ඔබ ඉදිරියේ කුමන පරීක්ෂණයක්
පැමිණියත්, ඔබ සැමවිටම නිරන්තර, නොසැලෙන සහ නිශ්චල වනු ඇත.
පාඨය:
ආශිර්වාද
දානපති වන පරමාත්ම පියාණන්ව ඔබේ සැබෑ සහකරු බවට පත් කර ගන්න, එවිට ඔබේ ඒප්‍රනය
ආශිර්වාදවලින් පිරී පවතිනු ඇත.
අව්‍යක්ත සංඥාව:
එකමුතුකම සහ විශ්වාසයේ විශේෂත්වයෙන් සාර්ථකත්වයෙන් පිරිපුන් වන්න.
ලෝකයේ එක් ආගමක්, එක්
රාජ්‍යයක් සහ එක් දිශාවක් ස්ථාපිත කිරීම සිදුවන්නේ මෙම දේවමය ඥානය හරහා පමණි. ඔබගේ
මෙම බ්‍රාහ්මණ සමූහයේ විශේෂත්වය එවිට දේව ස්වරූපයෙන් ප්‍රායෝගික ආකාරයකින් දිගටම
පවතිනු ඇත. මෙම විශේෂත්වය ආශ්චර්යයන් සිදු කරනු ඇත. මේ හරහා නම ප්‍රශංසාවට පත් වන
අතර හෙළිදරව් වීම සිදුවනු ඇත. එබැවින්, මෙම විශේෂත්වයේ අංක එක වන්න. මේ සඳහා, ඔබගේ
ප්‍රධාන සංස්කාර අවසන් කරන්න, බාප්දාදාගේ සංස්කාර පිටපත් කර සම්පූර්ණ හා පරිපූර්ණ
වන්න, එවිට පරම පියා ඔබ සෑම කෙනෙකු තුළින්ම දෘශ්‍යමාන වන අතර හෙළිදරව් වීම සිදුවනු
ඇත.