19.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අසීමිත පරම පියාට විශ්වාසනීය වන්න, එවිට ඔබට සම්පූර්ණ ශක්තිය හිමි වෙයි. ඔබ
නොකඩවා මායා මත ජයගනී.
ප්‍රශ්නය:
පරම පියාට
තිබෙන්නේ කුමන ප්‍රධාන අධිකාරියද? එහි සලකුණ කුමක්ද?
පිළිතුර:
පරම පියාට ඇති ප්‍රධාන අධිකාරිය වන්නේ ඥාන අධිකාරියයි. ඔහු ඥාන සාගරයයි, එබැවින්
ඔහු ඔය දරුවනට මෙම අධ්‍යයනය උගන්වයි. ඔහු ඔබව, ඔහු හා සමානව, ඥානයෙන්-පිරිපුන්
කරවයි. ඔබට මෙම අධ්‍යයනයේ අරමුණක් සහ ඉලක්කයක් තිබේ. මෙම අධ්‍යයනය තුළින් ඔබ උසස්
තත්ත්වයක් හිමි කරගනී.
ගීතය:
ලෝකය වෙනස්
වුණත් මා නොසැලී ඉන්නම්.
ඕම් ශාන්ති.
බැතිමතුන්,
දෙවියන්ගේ වර්ණනාව ගායනා කරයි. ඔබ දැන් තව දුරටත් බැතිමතුන් නොවෙයි; ඔබ එම පරමාත්ම
දෙවියන්ගේ දරුවන් වී ඇත. විශ්වාසනීය දරුවන් අවශ්‍යයි. ඔබ සෑම අතින්ම විශ්වාසනීය විය
යුතුයි. සැමියෙකුගේ ද්‍රිෂ්ඨිය ඔහුගේ බිරිඳ හැර වෙනත් කෙනෙක් වෙත ඇදී යන්නේ නම්, හෝ
බිරිඳකගේ ද්‍රිෂ්ඨිය, ඇගේ සැමියා හැර වෙනත් කෙනෙක් වෙතට ඇදී යන්නේ නම්, ඔවුන් පතිවත
නොරකින අය ලෙස හැඳින්වෙයි. දැන්, මෙහි ඔබට අසීමිත පියා සිටියි. විශ්වාසනීය මෙන්ම
විශ්වාසය කඩ කරන දරුවන් ඔහු සමඟ සිටියි. විශ්වාසනීය වීමෙන් පසුව ඇතැමුන් විශ්වාසය
කඩ කරන අය බවට පත් වෙයි. පරම පියාණන් උසස්ම අධිකාරියයි; ඔහු සර්ව බලධාරියා, එහෙම
නේද? එබැවින් ඔහුගේ දරුවන් ඔහු මෙන් විය යුතුයි. පරම පියාට ශක්තිය සහ බලය තිබේ. ඔහු
ඔබට රාවණ පරාජය කළ හැකි ක්‍රමවේද පෙන්වයි. ඔහු සර්ව බලධාරී ලෙස හැඳින්වෙන්නේ ඒ
නිසයි. ඔබ ශක්ති සේනාවයි. ඔබද, තමන්ව සර්ව බලධාරීන් ලෙස හඳුන්වයි. පරම පියා ඔහුට
ඇති බලය අපට ලබා දෙයි. ඔහු ඔබට මායා රාවණ පරාජය කරන අන්දම පෙන්වා දෙයි. ඔබත්
ශක්තිමත් විය යුතුයි. පරම පියා ඥානයේ අධිකාරියයි. ඔහු ඥානයෙන් පිරිපුන් කෙනායි,
එහෙම නේද? ඒ මිනිසුන් ආගමික ශාස්ත්‍ර වල අධිකාරීන් වන ආකාරයෙන්ම ඔබ දැන් සර්ව
බලධාරීන් සහ දැනුමින්-පිරිපුන් අය බවට පත් වනවා. ඔබට දැනුමද ලැබෙයි. මෙය
පාඨශාලාවකි. මෙහිදි ඔබට ලැබෙන දැනුම අධ්‍යයනය කිරීමෙන් ඔබ උසස් තත්ත්වයක් හිමි
කරගන්නවා. එකම පාඨශාලාව මෙයයි. ඔබ මෙහිදි ඉගෙන ගත යුතුයි. ඔබට යාතිකා ආදිය කීමට
නැත. ඉගෙනගැනීමෙන් ඔබට ඔබගේ උරුමය හිමි වනවා. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබට තිබේ. පරම
පියා දැනුමින් පිරිපුන් බව ඔය දරුවන් දන්නවා. ඔහුගේ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම
වෙනස්ය. ඥාන සාගරය වන්නේ පරම පියා පමණයි, එබැවින් සියල්ල දන්නේ ඔහු පමණයි. ඔහු අපට
ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය ලබා දෙයි. වෙනත් කිසිවෙකුට මෙය අපට ලබා දිය
නොහැක. පරම පියා පෞද්ගලිකවම පැමිණෙන්නේ ඔබට දැනුම ලබා දීමටයි, ඉන්පසුව ඔහු පිටව
යයි. මෙම අධ්‍යයනයෙන් ඔබට හිමිවන ප්‍රතිලාභය කුමක්ද කියා ඔබ දන්නවා. සියලුම ආගමික
රැස්වීම් සහ ගුරූන් ආදීන් අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔබට දැන් ඥානය ලැබෙනවා. මෙම
වංශයට අයත් අය, භක්ති මාර්ගයෙන් මතු වන බවත් ඔබ දන්නවා. සේවය කිරීමට ඔය දරුවන්
විවිධ ක්‍රමවේද නිර්මාණය කළ යුතුයි. ඔබගේ අත්දැකීම් පැවසීමෙන් ඔබ තව බොහෝ දෙනෙකුගේ
භාග්‍යය නිර්මාණය කළ යුතුයි. ඔය සේවාධාරී දරුවන්ගේ මනෝ ස්ථීතිය, බොහෝ නිර්භීත, අචල
සහ යෝග්යුක්ත විය යුතුයි. යෝගාවේ සිටින අතර සේවය කිරීමෙන් ඔබට සාර්ථක විය හැක. ඔය
දරුවන් යමක් බලෙන් නොකිරීමට ප්‍රවේසම් විය යුතුයි; ඔබ බොහෝ යෝග්යුක්ත විය යුතුයි.
ඔබ සියලු දෙනාම ඇත්ත වශයෙන් විශ්‍රාමික අවදියේ සිටින බව, පරම පියා පහදා දී තිබේ; ඔබ
ශබ්දය ඉක්මවා සිටින අයයි. ඔබගෙන් විශ්‍රාමික අවදියේ සිටින අය වන්නේ, පරම පියාව සහ
ශබ්දයට එපිටින් ඇති නිවහන, සිහිපත් කරන අයයි. ඔබට වෙනත් ආශාවන් නැත. ඔබට හොඳ ඇඳුම්
ආදිය අවශ්‍ය බව පැවසීම, යන සියල්ල අපිරිසිදු ආශාවන්ය. ශරීර අවධානය ඇති අයට සේවය කළ
නොහැක. ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. පරමාත්ම දෙවියන්ගේ දරුවන්ට යෝගාවේ බලය
අවශ්‍යයි. යෝගාව බලයයි. බාබා ඔහුගේ සියලුම දරුවන්ව දන්නවා. ඔබට තිබෙන, ඉවත් කළ යුතු
දුර්වලතා මොනවාද කියා, බාබාට සැනෙකින් කිව හැක. බාබා විස්තර කර තිබෙන්නේ : ශිව
දේවාල වලට යන්න. ඔබට බොහෝ බැතිමතුන් එහි හමුවෙයි. බොහෝ දෙනෙක් කාශිවල ජීවත් වීමට
යයි. කාශිවල ස්වාමී, ඔවුන්ට යහපතක් සිදුකරනු ඇතැයි ඔවුන් සිතයි. ඔබට එහිදි බොහෝ
පාරිභෝගිකයන් හමුවෙයි, නමුත් මේ සඳහා ඔබට ඉතා තියුණු බුද්ධියක් තිබීම අවශ්‍යයි. ඔබට
ගොස් ගංගා නදියේ ස්නානය කරන අයට වුවද විස්තර කළ හැක. ඔබට දේවාල වලට පවා ගොස් විස්තර
කළ හැක. ඔබට අදෘෂ්‍යමාන ලෙස ඇඳපැළඳ, එහි යා හැක. හනුමාන්ගේ නිදසුන තිබේ. ඇත්ත
වශයෙන්ම එම නිදසුනෙන් කියැවෙන්නේ ඔබ ගැනයි. එය පාවහන් මැද අසුන් ගැනීම පිළිබඳ
ප්‍රශ්නයක් නොවෙයි. ඔබ මෙයට බොහෝ නැණවත් සහ දක‍්ෂ විය යුතුයි. තවමත් කිසිවෙක්
කර්මතීට් වී නැති බව, බාබා විස්තර කර තිබේ; එක් හෝ තව දුර්වලතාවයක් තවමත් ඉතිරිව
තිබේ. සියලු දෙනාම පැමිණිය යුතු එකම වෙළඳසැල මෙයයි යන කුල්මත්භාවය ඔය දරුවන්ට තිබිය
යුතුයි. යම් දිනක ඒ සියලුම සන්යාසීන් ආදීන් පැමිණෙයි. තිබෙන්නේ මෙම එක වෙළඳසැල
පමණයි. එබැවින් ඔවුන් වෙන කොහේ යන්නද? බොහෝ සේ වටේ සැරි සරමින් හිඳ ඇති සියලු දෙනා
නිවැරදි මාවත සොයා ගනීවි. එකම වෙළඳසැල මෙය බව, ඔවුන්ට වැටහෙයි. සියලු දෙනාටම
විමුක්තිය පිරිනමන්නා ඒකායන පරම පියා, නොවේද? බොහෝ කුල්මත් බව තිබිය යුතුයි. පරම
පියාට තිබෙන්නේ එක සැලකිල්ලක් පමණයි; මා පැමිණියේ, අපවිත්‍ර අය පිවිතුරු කර ඔවුන්ට
සාම දේශයේ සහ සතුටු දේශයේ උරුමය ලබා දීමටයි. සියලු දෙනාටම යහපත ගෙන ඒම, ඔබගේද
ව්‍යාපාරයයි. මෙය පැරණි ලෝකයයි. එය කෙතරම් පැරණිද? මෙම පැරණි ලෝකය විනාශ වීමට තිබෙන
බව, ඔවුන්ට කෙටි කලකින් වැටහෙයි. පැරණි ලෝකය විනාශ විය හැකි වන්නේ, නව ලෝකය
නිර්මාණය කළ විට පමණක් බව, සියලුම ජීවාත්මයන්ගේ බුද්ධියට ඇතුළු වෙයි. ඔබ තව ඉදිරියට
යත්ම, පරමාත්ම දෙවියන් සැබවින්ම මෙහි සිටින බව, ඔවුන්ට වැටහෙයි. ඔවුන්ට පරම පියාව,
නිර්මාණකරුව අමතක වී ඇත. ඔවුන් ත්‍රිමූර්තියෙන් ශිවාගේ ප්‍රතිරුව ඉවත් කර තිබේ,
එබැවින් ඉන් ඵලක් නැත. ඔහු නිර්මාණකරුයි, එහෙම නොවේද? ත්‍රිමූර්තියේ, ශිවාගේ
පිළිරුව තිබෙන විට, බ්‍රහ්මාගේ මාර්ගයෙන් නිර්මාණය සිදුවන බව පැහැදිලි වෙයි.
ප්‍රජාපිතා බ්‍රහ්මා සිටින බැවින්, බ්‍රහ්ම කුමර කුමරියන්ද සිටිය යුතුයි.
ශ්‍රේෂ්ඨතම වංශය, බ්‍රහ්මණ වංශයයි; ඔබ බ්‍රහ්මාගේ දරුවන්ය. බ්‍රහ්මා, ඔය
බ්‍රහ්මණයන් නිර්මාණය කරන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. ඔබව ශුද්‍රයින්ගෙන්
බ්‍රහ්මණයන් බවට පරිවර්ථනය කළ හැක්කේ පරම පියාට පමණයි. මේවා ඉතාම ගැඹුරු සහ වැදගත්
කාරණාය; ඒවා වටහාගැනීමට හැකි වන්නේ පියාම ඒවා පෞද්ගලිකව පහදා දුන් විට පමණයි.
දේවතාවන්ව සිටි අය, දැන් ශුද්‍රයින් බවට පත්ව ඇත. දැන්, ඔබ ඔවුන්ව සොයාගන්නේ කෙසේද?
බ්‍රහ්ම කුමාරීන්ගේ කාර්යය ශ්‍රේෂ්ඨ බව ඔවුන්ට වැටහෙන ලෙසින් මේ සඳහා ඔබ ක්‍රමවේද
සොයා ගත යුතුයි. බොහෝ පත්‍රිකා ආදිය බෙදා හැරෙයි. අහස් යානයකින් පත්‍රිකා බිම හෙලිය
යුතු බවත් බාබා විස්තර කර දී තිබේ. ඉනිමගේ පිංතූරය වැනි ප්‍රධාන කරුණු එයට ඇතුලත්
කළ හැකි ආකාරයට, ඒවා අඩු තරමින් පුවත්පතක් තරම් විශාල විය යුතුයි. ප්‍රධාන භාෂා
වන්නේ හින්දි සහ ඉංග්‍රීසිය. එබැවින් සේවය වැඩි කරන්නේ කෙසේද ගැන, ඔය දරුවන් දවස
පුරාම සිතිය යුතුයි. නාටකයට අනුව නොකඩවා උත්සාහ සිදු කෙරෙන බවත් ඔබ දන්නවා. කෙනෙක්
හොඳින් සේවය කරන විට, ඔහු උසස් තත්ත්වයක් හිමි කරගන්නා බව වටහාගත හැක. ඔබ මෙම
වැකියද ලිවිය යුතුයි; සෑම නළුවෙකුටම තමන්ගේම චරිත කොටස තිබේ. පරම පියාද අශාරීරික
ලෝකයේ සිට මෙම නාටකය තුළට පැමිණෙයි. ඔහුද තම චරිත කොටස රඟපෑම සඳහා භෞතික සිරුරක
ආධාරය ගනී. එක් එක් කෙනා රඟපාන චරිත කොටස දැන් ඔබගේ බුද්ධිය තුළ තිබේ. එබැවින් මෙම
වැකියද ඉතා වැදගත්. ලෝක චක්‍රය ගැන දැනගැනීමෙන්, ඔවුන්ට ත්‍රිකාලදර්ශි, ලෝක
පාලකයන්, ලොවට අධිපතියන්, විය හැකි බව ඔබ මිනිසුන්ට ඔප්පු කළ යුතුයි. ඔබට සම්පූර්ණ
දැනුම තිබෙනවා නේද? සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නාරායන බවට පරිවර්ථනය විය හැකි ගීතාවේ
දැනුම, පරම පියාට තිබේ. සම්පූර්ණ දැනුම ඔබගේ බුද්ධිය තුළ තිබෙන විට, සම්පූර්ණ
රාජධානියක්ද අවශ්‍ය වෙයි. එබැවින් ඔය දරුවන් තුළ එවන් සිතිවිලි තිබිය යුතු අතර පරම
පියාගේ සේවය සිදුකිරීමේ ඔබ තමන්ව නියැලිය යුතුයි. ජායිපූර්වල ආධ්‍යාත්මික කලාගාරය
සෑම විටම එහි තිබෙයි. මෙසේ ලියා තිබේ: මෙම ඥානය වටහා ගැනීමෙන් මනුෂ්‍යයන්ට ලෝකයේ
පාලකයන් විය හැක. එය දකින ඕනෑම කෙනෙක් අන් අයටත් ඒ ගැන කියයි. ඔය දරුවන් සෑම විටම
සේවයේ නියැලී සිටිය යුතුයි. මමා ද සේවයේ යෙදී සිටියි; ඇයව පත්කර තිබේ. සරස්වතී
කවරෙක්ද කියා කිසිදු ශාස්ත්‍රයක සඳහන් කර නැත. ප්‍රජාපිතා බ්‍රහ්මාට එක දියණියක්
පමණක් සිටිද? ඔහුට බොහෝ විවිධ නම් ඇති බොහෝ විවිධ දියණියන් සිටියි. ඔබ හා සමානව,
සරස්වතීවද දරුකමට හදාගත්තා. ආයතනයක නායකයා පිට වූ විට වෙන කෙනෙක් පත් කරයි. අගමැති
කෙනෙක් වෙනුවට පවා වෙන කෙනෙක් පත් කරයි. කෙනෙකුට හැකියාව තිබෙන බව සැලකෙන විට, ඔහුව
තෝරා ගනී. පසුව ඔහුගේ කාලය අවසන් වන විට, වෙනත් කෙනෙක් තෝරා ගනී. පරම පියා ඔය
දරුවන්ට උගන්වන ප්‍රථම ආචාරශීලි ධර්මය වන්නේ, අන් අයට ගරු කරන්නේ කෙසේද ගැනයි. අන්
අයට ගරු කරන්නේ කෙසේද කියා, නූගත් අය නොදනී. වඩා දක‍්ෂ අයට සියලු දෙනාම ගරු කළ
යුතුයි. ඔබ ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන විට, ඔබත් ඉගෙන ගනී. නූගත් අය බුද්ධූන්ය. පරම පියා
පැමිණ ඇත්තේ නූගත් අයව ඉහළ නැංවීමටයි. මෙකල ඔවුන් කාන්තාවන්ව ඉදිරියෙන් තබයි. ඔය
ජීවාත්ම, පරමාත්ම ජීවය සමඟ විවාහ ගිවිසගෙන ඇති බව, ඔය දරුවන් දන්නවා. ඔබ විෂ්ණු
දේශයේ පාලකයන් වීමට යෑම ගැන, ඔබ සිටින්නේ බොහෝ සතුටින්ය. ඔහුව දැක නොමැති වුවද,
කුමාරි කෙනෙකුගේ බුද්ධියේ යෝගාව, ඇය විවාහ වීමට යන තැනැත්තා මත සවි වී තිබේ.
ජීවාත්ම සහ පරමාත්ම ජිවය අතර විවාහ ගිවිසගැනීම ඉතා ආශ්චර්යමත් බව ඔය ජීවාත්ම
දන්නවා. ඔබ සිහි කළ යුත්තේ ඒකායන පරම පියාව පමණයි. ඒ මිනිසුන් පවසන්නේ ඔබගේ ගුරූව
සිහි කරන්න. අහවල් මන්ත්‍රය සිහි කරන්න. මෙහි පරම පියා සියල්ලයි. ඔහු පැමිණ, මෙම
කෙනාගේ මාර්ගයෙන් ඔබගේ විවාහ ගිවිසුම සූදානම් කරයි. ඔහු පවසන්නේ : මා ඔබගේ පියාය.
ඔබට උරුමය හිමි වන්නේද මගෙන්ය. කුමාරි කෙනෙක් ඇය විවාහ ගිවිසගෙන සිටින කෙනාව කිසි
විටෙක අමතක නොකරයි. ඔබට අමතක වෙන්නේ ඇයි? කර්මතීට් ස්ථීතියට ළඟා වීමට කලක් ගත වනවා.
මනාලයා පසුපසින් යන මගුල් පෙරහැර යන තුරු, කර්මතීට් තත්ත්වය ලැබූ කිසිවෙකුට ආපසු
නිවහනට යාමට නොහැක. එය ශංකර් පිළිබඳ කාරණයක් නොවෙයි; එය ශිවාගේ මගුල් පෙරහැරයි.
ඉන්නේ එක මනාලයා පමණයි. අනෙක් සියලු දෙනාම මනාලියන්ය. මෙය ශිව බාබාගේ පෙරහැරයි.
කෙසේවෙතත්, ඔවුන් දරුවාගේ නම ඇතුල් කර තිබේ. ඔබට මෙම නිදසුනින් අන් අයට විස්තර කළ
හැක. පරම පියා පැමිණෙන්නේ සියලු දෙනාව ලස්සන කර ඉන්පසුව ඔවුන්ව නිවසට ගෙන යාමටයි.
ඔහු පැමිණ, රාග චිතකයේ අසුන් ගැනීමෙන් අපවිත්‍ර වී ඇති ඔය දරුවන්ව, ඥාන චිතකය මත
අසුන් ගන්වයි. ඔහු ඔබව ලස්සන කර, සියලු දෙනාව ඔහුත් සමඟ ආපසු නිවහනට රැගෙන යයි. මෙය
පැරණි ලෝකයක්, නොවේද? පරම පියා සෑම කල්පයකම පැමිණෙයි. මා සියලුම අපිරිසිදු අය ලස්සන
කරවා ඔවුන්ව පෙරලා නිවහනට ගෙන යනවා. රාවණ ඔබව අපිරිසිදු කරවන අතර ශිව බාබා ඔබව
ලස්සන කරවයි. බාබා අඛණ්ඩව විවිධ අන්දමින් විස්තර කරයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ආහාර පාන
ආදිය කෙරෙහි ඔබ තුළ ඇති අපිරිසිඳු ආශාවන් ඇත්නම්, ඒවා අත්හරින්න. ජීවාත්ම අවධානයට
පත්වී සේවය කරන්න. සිහිපත් කිරීමේ සිටීමෙන් ශක්තිය ලබාගෙන ඔබගේ මනෝ ස්ථීතිය, නිර්භය
සහ අචල කරගන්න.
2. මෙම ඉගෙනුමෙහි
දක‍්ෂයින්ට ගරු කරන්න. අවට සැරිසරන අයට මාවත පෙන්වීමට ක්‍රමවේද නිර්මාණය කරන්න.
සියලු දෙනාටම යහපත සලසන්න.
වරදානය:
ඔබේම වැදගත්කම
සහ ඔබේ කාර්යය දැනගෙන ඔබ නිරන්තරයෙන් දැල්වෙන ආලෝකයක් බවට පත්වේවා.
ඔබ දරුවන් ලෝකයට
ආලෝකයන් වන අතර එබැවින් ඔබේ පරිවර්තනය හරහා ලෝක පරිවර්තනය සිදුවනු ඇත. එබැවින්,
අතීතය අතීතය වීමට ඉඩ දී, ඔබේම වැදගත්කම දැනගෙන, ඔබේ කාර්යය දැනගෙන නිරන්තරයෙන්
දැල්වෙන ආලෝකයන් බවට පත්වන්න. තත්පරයකින් ඔබේ ස්වයං පරිවර්තනය තුළින් ඔබට ලෝක
පරිවර්තනයක් ඇති කළ හැකිය. එක් මොහොතක කර්ම යෝගීන් වීමට සහ ඊළඟ මොහොතේ ඔබේ කර්මතීත්
අවධියේ සිටීමට පුහුණු වන්න. ඔබේම නිර්මාණයක් වන, ඉඳිබුවෙක්, තත්පරයකින් තම සියලුම
අවයව ඉවත් කරගන්නා ආකාරයටම, ඔබ අධිපති නිර්මාණකරුවන්, මුසු වීමේ ඔබේ බලය මත පදනම්ව,
ඔබේ සියලු සිතිවිලි මුසුකර එක් සිතිවිල්ලක ස්ථාවර විය යුතුය.
පාඨය:
සෙනෙහසේ ගිලී
යාමේ අවධිය අත්විඳීමට නම්, මතකය සහ අමතක වීම අතර සටන නවත්වන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ජීවාත්මය වන මාගේ
කරවන්හාර් (සියලු දෙනාව දිරිගන්වන කෙනා), පරමාත්ම ජීවයයි. කරවන්හාර් යන පදනමට අනුව,
මා, සෑම දෙයක්ම කරන උපකරණයකි. මම කරන්හාර් (කරන කෙනා) වන අතර ඔහු කරවන්හාර්ය. ඔහු
මාව චලනය කරවන අතර මා චලනය වෙයි. ජීවාත්මය වන මා සමග, ස්වාමී සෑම විටම සෑම
උපදේශයකින්ම සිටියි - මගේ සෑම සිතිවිල්ලක, වචනයක සහ ක්‍රියාවක. මා වන මෙම ජීවාත්මය,
නිරන්තරයෙන් ස්වාමී සමග සිටින්නේ මේ අන්දමටයි. මෙම ඒකාබද්ධ ස්වරූපයෙන් නිරතුරුවම
රැදී සිටින්න.
මාතේශ්වරීගේ සුමිහිරි
ශ්‍රේෂ්ඨ අමිල වදන්
කල්ප භාගයක ඥානය,
බ්‍රහ්මාගේ දහවල වන අතර කල්ප භාගයක භක්තිය, බ්‍රහ්මාගේ රාත්‍රියයි.
කල්ප භාගයක් එය
බ්‍රහ්මාගේ දහවල වන අතර කල්ප භාගයක්, එය බ්‍රහ්මාගේ රාත්‍රියයි. දැන් රාත්‍රිය
අවසන් වීමට ඇති අතර උදෑසන පැමිණීමට තිබේ. පරමාත්ම දෙවියන් දැන් පැමිණ, අන්ධකාරය
අවසන් කර ආලෝකය ගෙන එයි. දැනුම තුළින් ආලෝකය තිබෙන අතර භක්තිය තුළින් අන්ධකාරය
තිබේ. ගීතයේ මෙසේ ගායනා කර තිබේ: මෙම පාපී ලෝකයෙන් ඉවතට, අපව විවේකය සහ සුවය ඇති
තැනකට ගෙන යන්න. මෙය විවේකය නොමැති අවිවේකි ලෝකයයි. මුක්තියේ, විවේකය හෝ අවිවේකය
නැත. විවේකී ලෝකය වන්නේ, ස්වර්ණමය සහ රිදී යුග වන අතර සියලු දෙනාම එම සතුටු දේශය
සිහි කරයි. එබැවින් ඔබ දැන් විවේකී ලොවට යනවා. අපවිත්‍ර ජීවාත්මයන්ට එහි යා නොහැක.
අවසානයේ, ඔවුන් ධර්මරාජ්ගෙන් දඬුවම් විඳ, ඔවුන්ගේ කර්ම බන්දන වලින් නිදහස් වී
ඉන්පසුව ඔවුන්ගේ පිවිතුරු සංස්කාර ඔවුන් සමඟ ගෙන යයි, මන්ද, එහි කිසිදු අපවිත්‍ර
සංස්කාරයක් හෝ පාපයක් නැත. ජීවාත්මයන් තම සැබෑ පියාව අමතක කළ විට, කල්තියා නියමිත
වූ, අවුල් ජාලයේ සහ ජය පරාජයේ මෙම නාටකය, තිබේ. එබැවින්, සර්ව බලධාරී, පරමාත්ම
ජීවයගෙන් ශක්තිය ලබාගෙන, පාපයන් ජයගෙන, උපත් 21 කට රාජධානියේ ඔබගේ භාග්‍යය හිමි
කරගන්න. අච්චා. ඕම් ශාන්ති.