19.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ ජීවාත්ම අවධානයට පැමිණෙන්න! මෙය දිගටම පුරුදු පුහුණු කිරීම ගමනේදී හා
සියලු කටයුතු වලදී කළොත් ඔබට ඉතා හොඳ ප්‍රගතියක් දිගටම ලැබෙයි.
ප්‍රශ්නය:
පියා පිළිබඳ
ස්මෘතිය නිවැරදිවම ලැබිය හැක්කේ කුමන ආකාරයේ දරුවන්ගේ බුද්ධියටද?
පිළිතුර:
පරම පියා හරිහැටියටම හඳුනාගත් දරුවන්ගේ බුද්ධියටයි. ඇතැම් දරුවන් අහනවා ලක‍්ෂ්‍යයක්
සිහිකරන්නේ කෙසේද කියා. භක්ති මාර්ගයේ දී, මිනිසුන් ඔහුව සිහිකළත් සදාතනික අනන්ත වූ
ආලෝකයක් ලෙස සලකමින්, දැන්, ඔහු ආලෝක ලක‍්ෂ්‍යයක් යැයි ඔබ කියන විට ඔවුන්
පටලැවිල්ලට පත් වේ. මේ නිසයි සියල්ලට පළමු පරම පියා එසේ සදාතනික අනන්ත ආලෝකයක් නොවේ
යැයි පැහැදිලි කර ගත යුත්තේ. ඔහු ඉතාමත් සූක්ෂම ලක‍්ෂ්‍යයක් යැයි ඔබ අවබෝධ කර ගත්
විට පමණයි නිවැරදිම ස්මෘතිය ලැබිය හැක්කේ.
ඕම් ශාන්ති.
ඔබ දරුවන්
සියලු දෙනාම ස්මෘතියෙන් සිටිනවා. මන්මනභාව්! ඇත්තෙන්ම මෙය සංස්කෘත පදයක් නොවේ. පරම
පියා ඔබට පහසු රාජයෝගා කියා දෙන විට ඔහු සංස්කෘත වචන පාවිච්චි කළේ නැත. මොහු
සංස්කෘත දන්නේ ද නැත. පරම පියා විස්තර කරන්නේ හින්දියෙන් පමණි. කෙනෙක් අයත් වන ආගම
අනූව ඔවුන්ගේ ම භාෂාවක් ඇත. මෙහිදී, හින්දි භාෂාව පමණක් යොදා ගනී. මේ භාෂාව ඉගෙන
ගැනීම පහසුයි. මේ පාසල විශ්මිතයි! මෙහිදී, ලියන කඩදාසි හෝ පැන්සල් අවශ්‍ය නැත.
මෙහිදී ඔබට ඇත්තේ එක වචනයක් වූ ‘පරම පියා’ සිහිකිරීමයි. හැම කෙනෙකුටම දෙවියන්,
ඊෂ්වර හෝ පරම පිතා පරමාත්මා සිහි නොකර සිටීම දුෂ්කරය. හැම කෙනෙක්ම ඔහුව සිහිකරන
නමුත් ඔවුන්ට ඔහුව හඳුනාගත නොහැක. පරම පියාම පැමිණ ඔහු පිළිබඳ හැඳින්වීම ලබා දෙයි.
වියපත් මව්වරු සහ ගල් බුද්ධියක් ඇති අය කුමක් තේරුම් ගනීද? මෙය ඉතා පහසුය. කුඩා
ළමුන්ට පවා මෙය තේරුම් ගත හැකිය. ‘බාබා’ යන වචනය අළුත් එකක් නොවේ. කෙනෙක් ශිව
සිද්ධස්ථානයකට ගිය විට ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වෙයි ඒ ශිව බාබා බවත් ඔහු අශරීරික
බවත්. සියලු මිනිසුන් ‘බාබා’ යන්න පවසයි. අප ජීවාත්මයන් සියලු දෙනාගේම පරම පියා
එක්කෙනාම වෙයි. සියලු ශරීරගත ජීවාත්ම සත්තාවන් ශරීර තුළ සිටිමින් පරම පියාව
සිහිකරයි. සියලු ආගම් වල අය නියතයෙන්ම පරම පිතා පරමාත්මා සිහිපත් කරයි. ඔහු වූ කලී
උත්තරීතර දනව්වේ පදිංචිකරුවාය. අපිඳු එහි වැසියන්ය. අපට දැන් ඇත්තේ පරම පියා
සිහිකිරීමයි. මිනිසුන්ට පාරිශුද්ධියට පත් වීමට අවශ්‍යය. ඔවුන් හඬගාන්නේ ද
පාරිශුද්ධකරුවාණනි, එන්න! යනුවෙන් කියමිනි. නව ලොව පාරිශුද්ධියෙන් තිබුණු අතර දැන්
එය වියපත් වී ඇත. එය තවදුරටත් අළුත් යැයි කිසිවෙක් නොකියයි. භාරතයේ මිනිසුන් දන්නවා
නව භාරතය පාලනය කළේ දෙවි දේවතාවන් බව. නව භාරතයට පළමු තිබුණේ කුමක්ද? සංගම යුගයයි.
ඊටත් වඩා පහසු පිළිතුරක් තිබේ. නව භාරතයට පෙර තිබුණේ ජරාජීර්ණ ලෝකයයි, අපායයි.
මිනිසුන්ට සංගම් යුගය ගැන තේරුම් ගැනීම එතරම් පහසු නැත. පරණ වූ ලෝකය සහ නව ලෝකය අතර
කාලය සංගම් යුගය යැයි ව්‍යවහාර කෙරේ. ඕ පාරිශුද්ධකරුවාණනි, එන්න! පැමිණ අපව
පිරිසිඳු කරන්න! යනුවෙන් කතා කරන්නේ පරම පියාටය. අප අපිරිසිඳු බවට පත් වී ඇත. නව
ලෝකයේ දී එසේ අඬගැසීමක් නැත. දැන් ඔබේ බුද්ධියට ඇතුළු වී තිබෙනවා භාරතය
පාරිශුද්ධියෙන් තිබුණු බව. ‘ඕ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න!’ මිනිසුන් බොහෝ කලක
සිට මෙසේ අඬගැසුවා. අපිරිසිඳු ලෝකය අවසානය ඔවුන් නොදනී. ඔවුන් කියන්නේ ආගමික ලේඛණ
අනූව ඔවුන් තව අවුරුදු 40,000ක් අපිරිසිඳුව සිටින බවයි. ඔවුන් සිටින්නේ පූර්ණ
අන්ධකාරයකය. ඔබ දැන් සිටින්නේ ආලෝකය තුළයි. පරම පියා දැන් ඔබව ආලෝකය වෙත රැගෙන විත්
ඇත. ලෝක චක්‍රය අවසන් වන්නේ අවුරුදු 5000ක ඇවෑමෙනි. ඔබේ පාලනය තිබුණු එම කාලය අද
ඊයේ මෙන් පෙනේ. එය සත්‍ය වශයෙන්ම ලක‍්ෂ්මි නාරායනගේ රජදහන විය. ඒ දිව්‍ය ලෝකයයි.
පිරිසිඳු ලෝකයේ කලබල ආදියක් තිබිය නොහැක. කලබල ඇත්තේ රාවණ් රාජ්‍යයේ පමණි. පියා
මෙහිදී මේවා ඔබට තේරුම් කරන අතර ඔබ ඒවා පෞද්ගලිකවම ඔබේ කනෙන් අසයි. අසන්නේ කවුද?
ජීවාත්ම සත්තාවයි. ඔබ ජීවාත්ම සත්තාවන් ඉතා සතුටින් සිටින්නේ ඔබට නැවතත් පරමාත්ම
පියා හමු වී ඇති නිසයි. ඔබ ඔබේ උරුමය ලබන්නේ පරම පියාගෙනි. ඔහු දැන් මෙසේ කියයි මාව
සිහිකරන්න! මේ සඳහා කිසිඳු ලියුම් කියුම් අවශ්‍ය නැත. කෙනෙක් ආ විට ඔහුගෙන් මෙසේ
අසයි ඔබ මෙහි ආවේ ඇයි? ඇතැමුන් උත්තර දෙන්නේ ඔවුන් ආවේ මෙහි සිටින මහත්මාව හමු වීමට
කියාය. ඇයි? ඔබට උවමනා කුමක්ද? මට කියන්න ඔබට යම් දානයක් අවශ්‍යද? ඔහු සන්‍යාසියෙක්
වූ විට ඔහුට අවශ්‍ය වන්නේ කෑමට යමකි. සන්‍යාසීන් මිනිසුන් හමුවට ගිය විට හෝ ඔවුන්
මඟදි හමු වූ විට එම ආගමික මිනිසුන් සිතන්නේ ඔවුන් පිරිසිඳුයි යමක් කෑමට දිය යුතුයි
කියාය. දැන් එම පාරිශුද්ධිය නැත. ලෝකය සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් වී ඇති අතර ඒ තුළ
බොහෝ කුණුකන්දල් තිබේ. මිනිසුන් එතරම්ම කඩා වැටීමකට ලක් වී ඇත! එවැන්නක් මෙහි නැත.
පරම පියා මෙසේ කියයි කිසිවක් ලිවිය යුතු නැත. ඔබ සටහන් කර ගන්නා කරුණු ඔබේ උකහා
ගැනීම පිණිසයි. වෛද්‍යවරුන් බොහෝ බෙහෙත් දනී. ඔවුන් ඒ සියල්ල ඔවුන්ගේ මතකයේ තබා
ගනී. නීතිවේදියෙකුට නීති කරුණු බුද්ධියේ තබා ගත යුතුය. ඔබ සිහිතබා ගත යුත්තේ
කුමක්ද? එකම දෙයයි, එයද ඉතා පහසුය. ඔබ මෙසේ කියයි එකම ශිව බාබාම සිහිපත් කරන්න. ඒ
මිනිසුන් මෙසේ අසයි ශිව බාබා පැමිණෙන්නේ කෙසේද? ඔබ මිස වෙන කිසිවෙකු මේවා තේරුම්
නොගනී. දෙවියන් කොහිද? ඔවුන් එක්කෝ ඔහුට නම හා ස්වරූපය අභිබවා සිටී යැයි කියයි.
නොඑසේ නම්, ඔහු සර්වව්‍යාපී යැයි කියයි. එම ප්‍රකාශ දෙක අතර දිවා රෑ සේ පරතරයක් ඇත.
නම හා ස්වරූපය අභිබැවූ කිසිවක් නැත. ඊළඟට ඔවුන් දෙවියන් බලු බළලුන් අතර සිටී යැයි
කියයි. ඒ දෙක එකිනෙකට විරුද්ධ අදහස්ය. පරම පියා ම ඔහුගේ හැඳින්වීම දෙමින් මෙසේ
කියයි ඔබේ පියා වන මා සිහි කරන්න! ‘පහසු රාජයෝගා’ යන්න සිහිපත් කරන්න. බාබා මෙසේ
කියයි ‘යෝගා’ යන වචනය ද අයින් කරන්න. මා සිහිකිරීම පමණක් කරන්න. කුඩා ළමයෙක් තම
දෙමාපියන් දුටු හැටියේ දිව ගොස් එල්ලෙයි. ඒ මව හා පියා කවුරුන්දැයි සිතමින්ද? නැත.
එය සිතීම අවශ්‍ය නැත. ඔබට ඇත්තේ ශිව බාබා සිහිකිරීමමයි. භක්ති මාර්ගයේ දී ඔබ ශිවාට
මල් පිදුවා. සෝමනාථ සිද්ධස්ථානය ඉතා විශිෂ්ඨයි. පසුකලෙක මොහොමඩ් ගුස්නාවි පැමිණ එය
සොරකම් කළා. සෝමනාථ සිද්ධස්ථානය භාරතයේ ඉතා ප්‍රසිද්ධය. සියල්ලට පළමු ශිවා වන්දනාව
තිබිය යුතුය. මේ සියලු ඥානය දැන් ඔබ දරුවන්ගේ බුද්ධියේ ඇත. ඔබ වන්දනාව කළත්, තේරුම්
ගෙන සිටියේ නැහැ ඒ ප්‍රතිමා අජීවී බව. ශිව බාබා ආවේ නියතයෙන්ම සජීවී ස්වරූපයෙන් විය
යුතුයි. මිනිසුන් අවුරුදු පතා ඔහුගේ උපන් දිනය සමරන්නේ එහෙයිනි. ඔවුන් කියන්නේ
පරමාත්මා ශිවා අශරීරික බවත්ය. ජීවාත්ම සත්තාවක් දන්නවා ඔහුද අශරීරික බව. ඔබ දැන්
ජීවාත්ම සත්තා අවබෝධයට පත් වෙමින් සිටී. එය ඉතා පහසුය. ඔහු අපේ පරමාත්ම පියාය. ඔහු
ඥාන සාගරය, සතුටු සාගරය සහ පාරිශුද්ධකරුවාණන් ද වෙයි. ඔහුගේ කීර්තිය එතරම්ම විශාලය.
බ්‍රහ්මා, විශ්ණු හෝ ශංකර්ට එතරම් කීර්තියක් නැත. මිනිසුන් කීර්තිය පසසන්නේ එකම
එක්කෙනාගේ පමණි. ඔබ දරුවන් දැන් දන්නවා බාබා පැමිණ අපේ උරුමය ලබා දෙන බව. භෞතික
පියෙක් තම දරුවන්ට සියල්ල සපයන නමුත්, උගන්වන්නේ නැත. දරුවන් අධ්‍යයනය සඳහා පාසලට
ගොස් අනතුරුව විශ්‍රාම වයසේ දී ගුරු කෙනෙක් සොයාගනී. මෙකල, ඔවුන් කුඩා දරුවන්ටද
ගුරුන් සොයා දෙයි. මෙහිදී, ඔබ දරුවන්ට කියන්නේ ශිව බාබා සිහිකරන ලෙසයි. හැම
කෙනෙකුටම අයිතියක් ඇත. ඔබ සැම මගේ දරුවෝය. ඔබ අතරිනුත් සමහරෙක් මා ඉතා හොඳින්
සිහිකරයි. සමහරු මෙසේ අසයි බාබා, අප සිහි කළ යුත්තේ කවුද? අපි ලක‍්ෂ්‍යයක් සිහි
කරන්නේ කෙසේද? විශාල දෙයක් නම් සිහිකළ හැකියි. හොඳයි, ඔබ සිහිකරමින් සිටි පරමාත්මය
කුමක්ද? ඔවුන් කියන්නේ එය සදාතනික අනන්ත වූ ආලෝකයක් බවයි. කොහොමනමුත්, ඔහු එසේ
නොවේ. අනන්ත වූ ආලෝකයක් සිහිකිරීම වැරදියි. නිවැරදිම ස්මෘතිය තිබිය යුතුයි. නමුත්,
පළමුව ඔහු පිළිබඳව හරියටම නිවැරදිව දැන ගත යුතුයි. පරම පියා පැමිණ ඔහුම ඔහු ගැන
හඳුන්වා දෙයි. ඉක්බිතිව ඔහු ඔබ දරුවන්ට මුළු ලෝකයේ මුල, මැද, අග විස්තර සහිතව
කෙටියෙන් කියා ද දෙයි. පරම පියා දැන් මෙසේ කියයි දරුවනි, ඔබට පාරිශුද්ධියට පත් වීමට
අවශ්‍ය නම් ඇත්තේ එකම විසඳීමකි මාව සිහි කරන්න! පාරිශුද්ධකරුවාණන් කියන්නේ මට
පමණයි. ජීවාත්ම සත්තාවන්ගේ පිරිසිඳු බව ඇති කළ යුතුයි. ජීවාත්ම සත්තාව කියන්නේ ඔහු
අපිරිසිඳු බවට පත් වී ඇති බවයි. මා පිරිසිඳුව සිටියා, නමුත් දැන් අපිරිසිඳු බවට පත්
වී ඇත. සියලු දෙනා තමෝප්‍රධාන්ය. හැම දෙයක්ම පළමුව සතෝප්‍රධාන් අතර ඉක්බිතිව
තමෝප්‍රධාන් වෙයි. ජීවාත්ම සත්තාවක් ඔහුම තේරුම් ගන්නවා ඔහු අපිරිසිඳු වී ඇති බවත්
පිරිසිඳු වීම අවශ්‍ය බවත්. සාම දේශයේ අපිරිසිඳු අය එක්කෙනෙක් වත් නැත. මෙහි, සියලු
දෙනා අපිරිසිඳු අතර ඔවුන් සිටින්නේ අසතුටිනි. ජීවාත්ම සත්තාවෝ මෙසේ කියති අප දුකින්
නිදහස් විය හැකි ලෙස පාරිශුද්ධියට පත් කරන්න. ඔබ තේරුම් ගන්නවා හැම දෙයක් ම කරන්නේ
ජීවාත්ම සත්තාව බව. ජීවාත්ම සත්තාවක් විනිශ්චය කරුවෙක් හෝ නීතිවේදියෙක් වෙයි.
ජීවාත්ම සත්තාවක් මෙසේ කියයි මා රජෙකි. මා අහවලාය. මට දැන් මේ ශරීරය අතහැර වෙනෙකක්
ගත යුතුව ඇත. මෙයට ජීවාත්ම සත්තා විඥානය හෙවත් ශරීරයක සිටියදීම ජීවාත්ම සත්තා
අවධානයට පත් වීම යනුවෙන් ව්‍යවහාර කළ හැකිය. රාවණ් රාජ්‍යයේ දී ඔවුන් සිටින්නේ ශරීර
අවධානයෙනි. දැන් පමණයි පරම පියා ඔබව ජීවාත්ම අවධානයට ලක් කරවන්නේ. මෙකල, ජීවාත්ම
සත්තාවන් අපිරිසිඳු හා අසතුටින් නිසා ඔවුන් පියාට මෙසේ අඬගසයි ඕ බාබා, පැමිණෙන්න!
ඔබ දන්නවා ඔබ දිගටම නාටක සැලසුම අනූව අපිරිසිඳු බවින් පිරිසිඳු බවටත් පිරිසිඳු
බවින් අපිරිසිඳු බවටත් පත් වුණා. චක්‍රය දිගටම කැරකේ. ඔබ උපත් 84 ගත් ආකාරය දැන්
ඔබේ බුද්ධියේ ඇත. දැන් මෙය අමතක නොකරන්න! ස්වදර්ශන චක්‍රධාරී ව සිටින්න. ඔබට විවිධ
කටයුතු අතරේත් වාඩි වී සිටියදීත් ඇවිදින විටත් බුද්ධිය තුළ මේ සියලු ඥානය ඇත. ඔබ
තේරුම් ගන්නවා අසීමිත පියාගෙන් අසීමිත උරුමය ඔබ හිමි කරගන්නා බව. පරම පියා විස්තර
කරනවා ඔබ දරුවන් සිහිකළ යුත්තේ එකම පියා පමණක් බව. ඔබ කළ යුත්තේ පරම පියා සිහිපත්
කරන්න සහ චපාතියක් කන්න, එපමණයි! පරම පියා නැවත නැවත ඔබ ඉමිහිරි ආදරවන්ත කාලයක්
නැතිවී දැන් හමුවුණ දරුවන්ට කියන්නේ දරුවනි, ඔබේ බඩට අවශ්‍ය චපාතියක් පමණක් බවයි.
බඩට ගොඩක් දේ අවශ්‍ය නැත. ඊට අවශ්‍ය පිටි අවුන්සයකුත් පරිප්පු හා රොටි පමණයි!
කෙනෙකුට රුපියල් 10 කින් කෑම ගත හැකියි. නැත්නම් රුපියල් 10,000 කින් ද කෑම ගත
හැකියි. දුප්පතුන් කන්නේ මොනවාද? ඒත් ඔවුන් ශක්තිමත්ව සිටී! වෛද්‍යවරුන්ද අවවාද
කරන්නේ එක වර්ගයක ආහාර ගත් විට අසනීප නොවන බවයි. ඒ නිසා පරම පියාද මෙසේ විස්තර කරයි
චපාතියක් පමණක් කන්න. ඔබට ලැබෙන දේකින් සතුටු වන්න. රොටි සහ පරිප්පු තරම් දෙයක්
තවත් නැත. වැඩි කෑදර කම නොතිබිය යුතුයි. සන්‍යාසීන් කරන්නේ කුමක්ද? ඔවුන් ගේ දොර
පවුල අතහැර කැලේට යයි. ඔවුන් ආලෝක දාතුව දෙවියන් යැයි සලකමින් එය සිහිකර බ්‍රහ්ම
දාතුවට ගිලී යන බව සිතයි. කොහොමනමුත්, එය එසේ වන්නේ නැත. ජීවාත්ම සත්තාවන්
අමරණීයයි. ජීවාත්ම සත්තාවන්ගේ ගිලී යාම පිළිබඳ ප්‍රශ්න පැන නොනඟී. පිරිසිඳු හා
අපිරිසිඳු වන්නේ ජීවාත්ම සත්තාවන්ය. ඔබට මෙතරම් හොඳ ඥානයක් ලැබී තිබෙනවා. ඔබ ඒ ඵලය
විඳ ඥානය අමතක කරනවා. එවිට ඔබ ඉණිමඟේ පහළට බැසිය යුතු වේ. ඔබේ බුද්ධියේ දැන්
තිබෙනවා, ඔබ උපත් 84ක් ලබන ආකාරය පිළිබඳ සියලු ඥානය. කිසිවෙකුගේ චරිත කොටස අවසානයට
පත් නොවේ. මේ නාටකය පූර්ව නියමිත අතර එය දිගටම කැරකේ. ඔබට ඇසිය නොහැකියි කවදා,
කොහොම, කොහිදී දෙවියන් මේ නාටකය නිර්මාණය කළාද කියා එය සැමදා දිගටම කැරකෙමින් පවතී.
ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් සිදුවේ. කිසිවෙක් මේවා තේරුම් ගන්නේ නැත. ඔබ
නම් දන්නවා නාටක සැලසුම අනූව ඔබ මෙහි ආ බව. ඔබ නැවතත් නාටකය අනූව ඔබේ රජ දහන ලබා
ගනී. වෙන අයට මෙය තේරුම් ගත නොහැක. මෙසේ අසා තිබේ සර්ව බලධාරී වන්නේ නාටකය ද පියාද?
ඔවුන් කියන්නේ දෙවියන් සර්ව බලධාරී බවයි. ඔවුන්ගේ හැඟීම ඔහුට හැම එකක්ම කළ හැකි
බවයි. පරම පියා මෙසේ කියයි මා ද නාටකයෙන් බැඳී ඇත. මා මෙහි ආවේ අපිරිසිඳු අය
පිරිසිඳු කිරීමටයි. සත් යුගයේ දී ඔබ සතුටට පත් වේ. මා ගිහින් උත්තරීතර දනව්වේ විවේක
ගන්නවා. ඔබ මගේ හිසේ ද නඟී. ඉක්බිතිව ඔබ සිංහයන් පිටේ යයි. (ඒ සත් යුගයේ දීය.) ඔබ
තේරුම් ගන්නවා තත්පරයෙන් තත්පරේ සිදුවන කුමක් වුවත් නාටකයේ නියමිත බව. ඔබට ඉතා හොඳ
ඥානයක් තිබෙනවා. දැන් ඔබට ඇත්තේ පියා හා උරුමය සිහිකරමින් සිටීමයි! ලියන කඩදාසි හෝ
පැන්සල් ආදිය අවශ්‍ය නැත. බ්‍රහ්ම බාබා පවා ඉගෙන ගන්නා නමුත් ඔහු කිසිවක් තබා
නොගනී. ඔබට ඇත්තේ පියා සිහිකිරීමෙන් උරුමය ලබා ගැනීම පමණි. එය එතරම්ම පහසුය!
ස්මෘතිය මඟිින් ඔබ සදා නිරෝගී වෙයි. මෙය උකහා ගැනීම පිළිබඳ කරුණකි. ලියා ගැනීමෙන්
ඇති වන ඵලය කුමක්ද? සියල්ල විනාශ වෙයි. කොහොමනමුත්, සමහරු ලියන්නේ එය සිහිකර ගැනීමට
උදව්වක් වශයෙනි. සමහරෙක් යමක් සිහිකර තබා ගැනීමට ගැටයක් ගසා තබා ගනී. ඔබ ද ගැටයක්
ගසා තබා ගෙන ශිව බාබාත් උරුමයත් සිහිකළ යුතුය. එය ඉතා පහසුය. යෝගා යනු ස්මෘතියයි.
සමහරු මෙසේ කියයි බාබා, මට ස්මෘතිය තබා ගෙන සිටිය නොහැකියි. මා යෝගා වල සිටින්නේ
කෙසේද? ඕ! නමුත් ඔබට භෞතික පියා, වාඩි වී සිටිය දී ඇවිදිත්දී සහ කොහේ ගියත් සෑම
කටයුත්තක්ම කරත්දී සිහි වෙනවා. එසේම ඔබත් ස්මෘතියේ රැඳී සිටිය යුතුයි. එපමණයි! එවිට
ඔබේ බෝට්ටුව එතෙර වනු ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ස්වදර්ශන
චක්‍රධාරී වෙමින් උපත් 84 චක්‍රය දිගටම ඔබේ බුද්ධිය තුළ කරකවන්න. අසීමිත පරම පියා
සිහිකර ඔබේ අසීමිත උරුමය ලබා ගන්න. පාරිශුද්ධ බවට පත් වන්න.
2. කිසිවකට කෑදර
නොවන්න. ඔබට ලැබෙන කුමකට හෝ සතුටු වන්න. චපාතියක් පමණක් කමින් පරම පියා සිහිකරමින්
වසන්න.
වරදානය:
සෑම කෙනෙකුගේම
හදවතේ රහස් දැනගෙන ඔවුන් සතුටු කිරීමෙන් ඔබ නිරන්තරයෙන් ජයග්‍රාහී වේවා.
ජයග්‍රාහී වීමට නම්,
සෑම කෙනෙකුගේම හදවතේ රහස් දැන ගන්න. කෙනෙකුගේ තොල් වලින් නැඟෙන ශබ්ද වලට සවන්
දීමෙන්, ඔබට ඔහුගේ හෝ ඇයගේ හදවතේ රහස් දැනගෙන ජයග්‍රාහී විය හැකිය. කෙසේවෙතත්,
කෙනෙකුගේ හදවතේ රහස් දැන ගැනීමට, ඔබට අභ්‍යන්තරගත වීම අවශ්‍ය වේ. ඔබ අභ්‍යන්තරගත වන
තරමට, ඔවුන්ගේ හදවතේ රහස් දැනගෙන ඔවුන් සතුටු කිරීමට හැකි වනු ඇත. අන් අය සතුටු කරන
අය ජයග්‍රාහී වෙති.
පාඨය:
නිරාශාව
කෙතරම් සාරවත් භූමියක්ද යත්, ඔබ එහි සිටුවන ඕනෑම දෙයක් නිසැකවම ඵල දරනු ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
ඔබේ උනන්දුව සහ
උද්‍යෝගය නිරන්තරයෙන් පැවතීම සඳහා, ඔබ සමඟ සම්බන්ධතාවයට පැමිණෙන ඕනෑම අයෙකු, ඔවුන්
සිසුන් හෝ සහකරුවන් වේවා, සෑම කෙනෙකුම තෘප්තිමත් කිරීමට උද්‍යෝගය තිබිය යුතුය. ඔබ
කවුරුන් දුටුවත්, සෑම මොහොතකම ඔවුන්ගෙන් ගුණධර්ම උකහා ගැනීම දිගටම කරගෙන යන්න. සෑම
කෙනෙකුගේම ගුණධර්ම වල බලය ලබා ගැනීමෙන්, ඔබේ උද්‍යෝගය නිරන්තරව පවතිනු ඇත. ගුණධර්ම
ලබා ගන්නා කෙනෙකු වන්න. බලන්න නමුත්, කිසිම අඩුපාඩුවක් දකින්න එපා.