19.06.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ පූජා කරන මල් ශිව බාබාට භාර ගන්න බැහැ. මන්ද, ඔහු වන්දනාවට සුදුසු තත්ත්වයේ සිට වන්දනාකරුවෙක් බවට පත් වන්නේ නැහැ. ඔබත් මෙම සංගම යුගයේදී මල් මාලා නොපැළඳිය යුතුයි.

ප්‍රශ්නය:
අනාගත රාජ්‍යයේ සිහසුන හිමි කර ගත හැක්කේ කාටද?

පිළිතුර:
මේ කාලයේදී මවගේත්, පියාගේත් හදවතේ සිහසුන ජය ගත්තෝ අනාගත සිහසුන මත අසුන් ගන්නන් බවට පත් වේ. තම දෙමාපියන් පරදවා දරුවන් ජයග්‍රහණය ලැබීම පුදුමයක්. ඔවුන් උත්සාහ කොට තම දෙමාපියන්ටත් වඩා ඉහළට යනවා.

ගීතය:
ඔබගේ සිහසුන අහසෙහි තබා පොළොවට එන්න!

ඕම් ශාන්ති.
සුමිහිරි, ආදරවන්ත, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වී සිටින දරුවන් ගීතයට සවන් දුන්නා. සර්ව ව්‍යාප්තිය ගැන කියැවෙන කියමන මින් අහෝසි වී යනවා. භාරතයේ මිනිසුන් බොහෝ අසතුටින් සිටින නිසා තමයි ඔවුන් දැන් ඔහුව සිහිපත් කරන්නේ. මේ සෑම ගීතයක්ම නිර්මාණය වී තිබෙන්නේ නාටකයට අනුවයි. ලෝකයේ කිසිම මිනිසෙක් මෙය දන්නේ නැහැ. පරමාත්ම පියා අපිරිසිඳුතාවය පිරිසිඳු කර ලීමටත්, මිනිසුන්ව ඔවුන් වැටී සිටින දුකින් මුදවා සතුට ලබා දීමටත් පැමිණ සිටිනවා. දරුවන් දන්නවා ඒ පියාම තමයි මේ ඇවිත් ඉන්නේ කියා. දරුවන් වන ඔබ ඒ හැඳින්වීම ලබාගෙන තිබෙනවා. ඔහුම පැමිණ මෙහිදී ඔබට විස්තර කරනවා මම සාමාන්‍ය ශරීරයකට ඇතුලු වී මුලු ලෝකයේම මුල, මැද හා අග පිළිබඳ සියලු රහස් ඔබට කියනවා. මෙහි තිබෙන්නේ එකම එක ලෝකයක්. එය දරුවෙක් ළමා අවදියේ දී අලුත් ශරීරයක සිට පසුව එය මහලු වන්නාක් සේ අලුත් වීමත්, පැරණි වීමත් පමණයි සිදුවන්නේ. අලුත් හා පැරණි වශයෙන් ශරීර දෙකක් තියෙනවා කියලා ඔබ කියන්නේ නැහැ නේ. අලුත් වන්නේත්, පැරණි වන්නේත් එකම ශරීරයයි. ඒ වගේම මෙහි තිබෙන්නේත් එකම ලෝකයක් එය දැන් අලුත් බවින් පැරණි වී තිබෙනවා. එය අලුත් ලෝකයක් ලෙස තිබුණේ කවදාද? කිසිම කෙනෙක්ට මෙයට පිළිතුරු දිය නොහැකියි. පරම පියා පැමිණ විස්තර කරනවා ලෝකය අලුත් වූ කල භාරතයත් අලුත් වූවා. එය හැඳින්වූයේ රන් යුගය ලෙසයි. එම භාරතයම දැන් පැරණි වී තිබෙනවා. මෙය හඳුන්වන්නේ පැරණි ලෝකය ලෙසයි. අලුත් ලෝකය දැන් පැරණි වී තිබෙන අතර දැන් අනිවාර්යෙන්ම නැවතත් එය අලුත් විය යුතුයි. දරුවන් අලුත් ලෝකය පිළිබඳ දර්ශන දැක තිබෙනවා. හොඳයි, ඒ නව ලෝකයේ පාලකයන් කවුද? සත්‍ය වශයෙන්ම ලක්ෂ්මි හා නාරායන තමයි. එම ලෝකයේ පාලකයන් වූයේ ආදී සනාතන දෙවි දේවතාවෝයි. පියා දරුවන් වන ඔබට මෙය විස්තර කරනවා. පියා කියනවා දැන් නිරන්තරයෙන්ම මෙය සිහිපත් කරන්න. පරමාත්ම පියා අපට ඉගැන්වීම උදෙසා ඒ උත්තරීතර දේශයේ සිට පැමිණ සිටිනවා. ඔහු අපට රාජයෝගා ඉගැන්වීම සඳහා පැමිණ සිටිනවා. සෑම ප්‍රශංසාවක්ම අදාල වන්නේ ඔහුටයි. මොහු ගැන කිසිම ප්‍රශංසාවක් ඇත්තේ නැහැ. වර්තමානයේ සෑම කෙනෙකුගේම බුද්ධීන් පරිහාණියට පත්ව තිබෙන අතර ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. මේ නිසා තමයි මා මෙහි එන්නේ. මේ ගීත ප්‍රබන්ධ වී තිබෙන්නේත් මේ නිසයි. සර්ව ව්‍යාප්තිය ගැන කියැවෙන කියමන මෙම ගීතයෙන් අහෝසි වී යනවා. සෑම කෙනෙක්ටම තමාට අදාල වූ චරිත කොටසක් තිබෙනවා. පියා නැවත නැවතත් ඔබට කියනවා ශරීර අවධානය අත්හැර ජීවාත්ම අවධානයට පත් වී ඔබගේ භෞතික ඉන්ද්‍රිය මාර්ගයෙන් මේ දැනුම් කරුණු ධාරණය කර ගන්න. මේ බාබා ඇවිදිමින් සිටිනවා දැක්කා වුවත්, ශිව බාබාව සිහි කරන්න. සෑම දෙයක්ම කරන්නේ ශිව බාබා බව සළකන්න. ඔබට පෙනෙන්නට තිබෙන බ්‍රහ්මාගේ ස්වරූපයක් හෝ නැති බව සළකන්න. ඔබගේ බුද්ධිය යා යුත්තේ ශිව බාබා වෙතටයි. ශිව බාබා මෙහි සිටියේ නැතිනම් මොහුගේ ශරීරයෙන් හෝ ජීවයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ශිව බාබා මොහු තුළ සිටින බවත්, මොහු මාර්ගයෙන් ඔහු උගන්වන බවත් සෑම විටම සිහිපත් කරන්න. මොහු ඔබගේ ගුරුවරයා නොවේ. ඔහු තමයි උත්තරීතර ගුරුවරයා. ඔබ සිහිපත් කළ යුත්තේ ඔහුවයි. කිසිම විටෙක ශරීරය සිහි කරන්න එපා. ඔබගේ බුද්ධිය පරම පියා සමඟ සම්බන්ධ කරගන්න. දරුවන් නැවතත් ඔහුට, මෙහි පැමිණ දැනුම හා යෝගා උගන්වන්න කියා කතා කරනවා. උත්තරීතර පියා, උත්තරීතර ජීවය හැර වෙන කිසිම කෙනෙකුට රාජයෝගා ඉගැන්විය නොහැකියි. ගීතාවේ දැනුම විස්තර කරන්නේ ඔහු පමණක් බව දරුවන්ගේ බුද්ධිය තුළ තිබෙනවා. පසුව මෙම දැනුම අතුරුදන් වී යනවා. රාජ්‍යය ස්ථාපනය වී ඔබ විමුක්තිය ද ලබා සිටින විට එම දැනුමෙහි අවශ්‍යතාවයක් නැහැ. දැනුම දෙන්නේ ඔබව පරිහාණියෙන් මුදා විමුක්තිය ලබා දීම උදෙසායි. අනෙක් සෑම දෙයක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. භක්ති මාර්ගයේ කරන ඒ යැදිලි, තපස්යා, දානමාන ආදියෙන් කිසිම කෙනෙක්ට මා ලබාගත නොහැකියි. ජීවයේ අත්තටු කැඩිලා. ජීවයන්ට තිබෙන්නේ ගල් බුද්ධියක්. ඒ ගල් බවට පත්වී ඇති අයව දේවත්වයට පත් කිරීම සඳහා මා පැමිණිය යුතුයි. පියා කියනවා මනුෂ්‍යයන් බොහොමයක් ඉන්නවා. මුළු ලෝකයම පුංචි අබ ඇට ගොඩකින් පිරිලා වගෙයි. දැන් සෑම කෙනෙක්ම විනාශ වීමටයි යන්නේ. රන් යුගයේ එතරම් මනුෂ්‍ය සංඛ්‍යාවක් ඇත්තේ නැහැ. නව ලෝකයේ ඔබට බොහෝ සැප පහසුකම් තිබෙන අතර මිනිසුන් ඉන්නේත් බොහොම ස්වල්පයයි. මෙහි කොතරම් මනුෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවාද කියතොත් ඔවුන්ට කෑමට ආහාරත් මදි. දැන් පොළොව බොහෝ නිසරු වී ඇති අතර පසුව එය නැවතත් අලුත් වනවා. එහිදී, සෑම දෙයක්ම අලුත්. මුල්ම නම ඉතාමත් මිහිරියි දිව්‍ය ලෝකය, බහිස්ත්, දේවතාවන්ගේ නව ලෝකය. හදවත ආශා කරන්නේ පරණ දෙය විනාශ කර දමා අලුත් දෙය මත අසුන් ගැනීමටයි. දැන් ඒ නව ලෝකය නම් වු දිව්‍ය ලෝකයට යාම ප්‍රශ්නයක්. මේ පරණ ශරීරයේ කිසිම වටිනාකමක් නැහැ. ශිව බාබාට ඔහුටම කියා ශරීරයක් නැහැ. දරුවන් කියනවා අපට බාබාට මල් මාලාවක් දැමීමට ඕනෑයි කියා. කොහොමනමුත්, ඔබ මොහුට මල් මාලාවක් දැමුවහොත් ඔබගේ බුද්ධිය සම්බන්ධ වන්නේ ඔහු සමඟයි. ශිව බාබා කියනවා මල් මාලා අවශ්‍ය නැහැ. වන්දනා ලබන්නේත්, වන්දනා කරන්නේත් ඔබ පමණයි. ඔබ, ඔබ විසින්ම වන්දනා ලැබීමට සුදුස්සන් වී පසුව ඔබ විසින්ම වන්දනාකරුවන් බවට පත්වනවා. එමනිසා, ඔබ ඔබගේම පිළිරූ වලට වැඳීමට පටන් ගන්නවා. බාබා කියනවා මම වන්දනාවට ලක් වන්නේ නැහැ. මට මල් අවශ්‍යත් නැහැ. මම මොකටද ඒවා පළඳින්නේ? මේ නිසා තමයි බාබා කිසිම විටෙක මල් මාලා පිළිගන්නේ නැත්තේ. ඔබ වන්දනා ලැබීමට සුදුස්සන් බවට පත්වනවා. ඉතින් එමනිසා, පසුව ඔබට සිතේ හැටියට මල්මාලා පැළඳිය හැකියි. මම තමයි ඔබගේ ආදරවන්තම, කීකරුම පියා. මා ඔබගේ ගුරුවරයාත්, සේවකයාත් වනවා. වැදගත් රාජකීය මිනිසුන් ලියුම් අත්සන් කරන විට ඔවුන් මෙසේ ලියනවා මින්ටෝ හෝ කර්සන් (අතීත දශකයක සිටි රාජකීයයන්). ඔවුන් කිසිම විටෙක තමාටම අහවල් අහවල් නායකයා කියා ලියා ගන්නේ නැහැ. මෙහිදී ඔවුන් ලියන්නේ ශ්‍රී ලක්ෂ්මි නාරායන, ශ්‍රී අහවල් අහවල් කෙනා ආදී වශයෙන්. ඔවුන් ඉතා ඉක්මණින් තමාට ඒ ’ශ්‍රී’ පදය යොදා ගන්නවා. පියා මෙහිදී විස්තර කරනවා දැන් මේ ශරීරය සිහි කරන්න එපා. ඔබ ජීවාත්මයක් යන විශ්වාසය තබාගෙන පරමාත්ම පියාව සිහිපත් කරන්න. මේ පරණ ලෝකයේ ජීවාත්මය හා ශරීරය දෙකම අපිරිසිඳුයි. කැරට් 9යේ රත්රන් නම්, එමඟින් තනන ආභරණයත් කැරට් 9යේ ආභරණයක්. රත්රන් සමඟ මළකඩ මිශ්‍ර කරනවා. ජිවාත්මය කිසිම විටෙක ක්‍රියාවන්ගේ ඵලයෙන් නිදහස් යැයි සිතන්න එපා. මේ කාලයේදි ඔබට මෙම දැනුම තිබෙනවා. කල්ප බාගයක්, උපත් 21ක් තුළ ඔබ එහි තිළිණය ලබන නිසා විශාල උත්සාහයක් දැරිය යුතු වනවා. කොහොමනමුත්, දරුවන් නැවත නැවතත් මෙය අමතක කර දමනවා. ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් අපට උගන්වනවා. බ්‍රහ්මාගේ ජීවය පවා ඔහුව සිහි කරනවා. බ්‍රහ්මා, විශ්ණු හා ශංකර් සූක්‍ෂම ලෝකයේ වැසියන්. පියා ප්‍රථමයෙන්ම සූක්‍ෂම ලෝකයක් නිර්මාණය කරනවා. නිර්වාණ දේශය තමයි උසස්තම වූ දේශය. ජීවයන් වෙසෙන නිර්වාණ දේශය තමයි සැමෙකකින්ම උසස්ම වූ දේශය. සෑම භක්තිවන්තයෙක්ම සිහිපත් කරන්නේ ඒ එකම එක දෙවියන්. කොහොමනමුත්, ඔවුන් තමෝප්‍රධාන් තත්ත්වයට පත්ව ඇති නිසාත්, පියාව අමතක වී ඇති නිසාත් දිගින් දිගටම ගස් ගල් ආදියට වන්දනාමාන කරනවා. සිදුවන ඕනෑම දෙයක් නාටකයේ වැදී (පටිගත වී) තිබෙන බව අපි දන්නවා. නාටකයේ එක් වරක් වැදී ඇති ඕනෑම දෙයක්, උදාහරණයක් ලෙස කුරුල්ලෙක් පියාඹා යෑමක් තිබුණහොත් නැවත නැවතත් දිගටම එය සිදුවීමට නියමිතයි. සරුංගලයක් පියාසරන දර්ශනයක් පටිගත වී තිබුණහොත්, නැවත නැවත දැම්මොත් දක්නට ලැබෙන්නේ එම දර්ශනයමයි. මෙහිදීත් නාටකයේ සෑම මොහොතක්ම දිගින් දිගටම නැවත නැවතත් සිදු වනවා, එය දිගින් දිගටම වැදෙනවා (පටිගත වෙනවා). මෙම නාටකය නැවත නැවතම සිදුවන්නක්. ඔබ නළුවන් වන නිසා මුළු නාටකයම බලන්නේ නොබැඳි නිරීක්‍ෂකයින් ලෙසයි. සෑම මොහොතක්ම ගෙවී යන්නේ නාටකයට අනුවයි. කොළයක් සෙළවුනත්, ඒ නාටකය සිදුවෙමින් යන ආකාරයක්. සෑම කොළයක්ම සෙලවෙන්නේ දෙවියන්ගේ උපදෙස් අනුවයි කියා දෙයක් නැහැ. මේ සෑම දෙයක්ම නාටකයේ ඇතුලත් වී තිබෙන දෙයක්. මෙය ඉතා පැහැදිලිව තේරුම්ගත යුතු වන දෙයක්. පරමාත්ම පියා පමණයි මෙහි පැමිණ රාජයෝගා උගන්වන්නේ. ඔහු පමණයි නාටකයේ දැනුමත් ඔබට දෙන්නේ. ඉතාමත් හොඳ පින්තූර නිර්මාණය වී තිබෙනවා. ඔරලෝසු කටුව පෙන්නුම් කරන්නේත් සංගම් යුගයේයි. එය තමයි කලි යුගයේ අවසානයේ හා රන් යුගයේ ආරම්භයේ සංගමය. පැරණි ලෝකයේ දැන් නොයෙකුත් ආගම් තිබෙනවා. නව ලෝකයේ මේවා ස්ථාපිත වන්නේ නැහැ. දරුවන් සෑම විටම මෙසේ සිතිය යුතුයි පියා අපට උගන්වන අතර, අපි දේව ශිෂ්‍යයන් වෙමු. පරමාත්ම දෙවියන් කතා කරනවා මා ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත්කරවනවා. රජවරුන් ලක්ෂ්මි හා නාරායනව වන්දනා කරනවා. මා තමයි ඔවුන්ව වන්දනා ලැබීමට සුදුස්සන් බවට පත් කරවන්නේ. වන්දනා ලැබීමට සුදුස්සන්ව සිටි අය දැන් වන්දනාකරුවන් බවට පත්ව සිටිනවා. වන්දනීයත්වයට පාත්‍ර වූවන්ව සිට, දැන් වන්දනාකරුවන් බවට පත්ව තිබෙන බව, දරුවන් වන ඔබට දැන් තේරෙනවා. බාබා එම තත්ත්වයට පත්වන්නේ නැහැ. බාබා කියනවා මම වන්දනා ලබන්නේත් නැහැ, වන්දනා කරන්නේත් නැහැ. මට මල් මාලා දමන්නේ නැත්තේත්, මා කාටවත් මල් මාලා දමන්නේ නැත්තේත් මේ නිසයි. එමනිසා, මම මල් මාලා පිළිගන්නේ ඇයි? ඔබට පවා ඒවා පිළිගත නොහැකියි. නීතියට අනුව ඒ දේවතාවන්ට නම් ඒවා පිළිගත හැකියි. මන්ද, ඔවුන්ගේ ජීවය හා ශරීරය යන දෙකම පිරිසිඳුයි. මල් පිළිගැනීමට හැකියාව ඇත්තේ ඔවුන්ට පමණයි. එහිදී, දිව්‍ය ලෝකයේ තිබෙන්නේ සුවඳවත් මල් පමණයි. මල් තියෙන්නේ සුවඳ විහිදුවන්නයි. ඒවා පැළඳීමටත් ගන්නවා. පියා කියනවා දරුවන් දැන් විශ්ණුගේ ගෙලෙහි මල් මාලාවක් බවට පත්වනවා. ඔබ සිහසුනේ ඉඳගන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. මීට ඉහත කල්පයේදී ඔබ සෑම කෙනෙක්ම දරණ ලද උත්සාහය කුමක්ද, එම උත්සාහයම ඔබ දැනුත් කරන අතර, ඉදිරියටත් කරනවා. එය අනුපිළිවෙලක් සහිතයි. අහවල් අහවල් කෙනා හොඳින් සේවයෙහි යෙදෙනවා කියා බුද්ධිය කියනවා. වෙළඳ සැලක කෙනෙක් අයිතිකරුවෙක්, සහකරුවෙක් හෝ කළමනාකරුවෙක් විය හැකියි. ඔහු යටතේ සිටින අයත් උසස්වීම් ලබනවා. මෙහිදී සිදුවන්නේත් එයමයි. දරුවන් මවත්, පියාත් පරදවා ජය ලැබිය යුතුයි. මවත්, පියාත් අභිබවා යන්නේ කෙසේද කියා ඔබ පුදුම වනවා. පියා දරුවන්ට උත්සාහ කිරීමටත්, ඔවුන්ව සිහසුනේ අසුන් ගැන්වීමටත් උදව් කරනවා. මේ නිසා තමයි කියමනක් තිබෙන්නේ මාගේ හදවත ජයගන්න. එවිට ඔබ අනාගත සිහසුන ලබනු ඇත. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන බවට පත්විය හැකි ආකාරයේ විශාල උත්සාහයක යෙදෙන්න. මෙහි තිබෙන්නේ එකම ප්‍රධානම වූ ඉලක්කයක් හා අරමුණකි. මෙහිදී ස්ථාපනය වන්නේ රාජ්‍යයක් නිසා, එහි විවිධාකාරයේ තත්ත්ව වල සිටින අය ඉන්නවා. මායා පරාජය කිරීමට සම්පූර්ණ උත්සාහය යොදන්න. ඔබ ඔබගේ දරුවන් සමඟ ඉතා ආදරයෙන් සිටිය යුතුයි. කොහොමනමුත්, භාරකාරයෙක් ලෙස ඉන්න. භක්ති මාර්ගයේදී ඔබ මෙසේ කිව්වා දෙවියනි, මේ සෑම දෙයක්ම දුන්නේ ඔබයි. අප වෙත විශ්වාසය තබා දුන් සියලු දේ ඔබ නැවතත් අරගත්තා. හොඳයි, එසේනම් වැළපීමට කාරණයක් නැහැ! කොහොමනමුත්, මේ තමයි වැළපෙන ලෝකය. මිනිස්සු නොයෙකුත් කතා කියනවා. ඔවුන් බැඳීම් අත්හළ රජකු ගැන කතාවක් කියනවා. ඔහුට කිසිම වේදනාවක් හෝ දැනෙන්නේ නැහැ. ඔහු තම ශරීරය අත්හැර තවත් ශරීරයක් ගත්තා. එහි කිසිමාකාරයක අසනීපයක් නැහැ. එහිදී උපත් 21ක් පුරා කිසිම අසනීපයකින් තොර සදා ශක්තිමත් වූ ශරීරයක් ඔබට ලැබෙනවා. සමහර දරුවන් එහි තිබෙන ක්‍රම සහ විධි සියල්ලත්, ඔවුන් අඳින ඇඳුම් හා විවාහ සිදුවන ආකාරය ආදී සියලු දේ පිළිබඳ දර්ශන දැක තිබෙනවා. ඒ කොටස දැන් අවසන්. ඒ කාලයේදී ඔබට එතරම් දැනුමක් තිබුණේ නැහැ. දැන් දිනෙන් දිනම දරුවන් විශාල ශක්තියක් ලබනවා. මේ සෑම දෙයක්ම නාටකයේ ඒ ආකාරයෙන්ම නිර්මාණය වී තිබෙන දේවල්. ඒක පුදුමයක්! උත්තරීතර පියා, උත්තරීතර ජීවයටත් වැදගත් වූ කොටසක් තිබෙනවා. ඔහුම මෙහි හිඳගෙන, තමන් භක්ති මාර්ගයේදි පවා උඩ ඉහළ හිඳිමින් කරන සෑම ක්‍රියාවක් ගැනම ඔබට විස්තර කරනවා. මුළු චක්‍රයේම මා මෙහි එන්නේ එකම එක අවස්ථාවකදී පමණයි. ඒ අශාරීරික තැනැත්තාට නිකම්ම වන්දනා කරන අයත් බොහොමයක් ඉන්නවා. කොහොමනමුත්, ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය පැමිණ අපට උගන්වනවාය යන කරුණ ඔවුන් නැතිකරගෙන තිබෙනවා. ඔවුන් ගීතාවට ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර තිබෙනවා. එමනිසා, ඒ අශාරීරික තැනැත්තා කෙරෙහි ඔවුන් තුළ තිබුණු සෙනෙහස කැඩුණා. පරමාත්ම දෙවියන්ම පැමිණ රාජයෝගා උග්නවා තමයි මේ ලෝකය වෙනස් කළේ. ලෝකය දිගින් දිගටම වෙනස් වනවා. යුගයන් දිගින් දිගටම වෙනස් වනවා. ඔබ දැන් මේ ලෝක නාටක චක්‍රය තේරුම්ගෙන තිබෙනවා. මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් සත් යුගයේ දේවතාවන් කියන්නේ කවුද කියාවත් දන්නේ නැහැ. දේවතාවන්ගේ සළකුණු පමණයි ඉතිරි වී තිබෙන්නේ. පියා විස්තර කරනවා සෑම විටම ඔබ ශිව බාබාට අයිති බවත්, ඔබට උග්නවන්නේ ඔහු බවත් සළකන්න. ශිව බාබා සෑම විටම බ්‍රහ්මා මාර්ගයෙන් උගන්වනවා. ශිව බාබා සිහිපත් කිරීමෙන්, එවිට ඔබ දිගින් දිගටම විශාල සතුටක් අත්දකිනවා. වෙන කාටද දෙවියන්, නැතිනම් පියා බවට පත්විය හැක්කේ? පියා, ගුරුවරයා හා සත්ගුරු වන්නේ ඔහුමයි. සමහර පියවරුන් පාසල්වල උගන්වනවා. එමනිසා, ඔහුගේ දරුවන් කියනවා මගේ පියා තමයි මගේ ගුරුවරයාත්. කොහොමනමුත්, ඒ පියාම ගුරුද විය නොහැකියි. ඔව්, ඔහුට ගුරුවරයෙක් විය හැකියි. පියෙක්ට කිසිම විටෙක ගුරු කෙනෙක් බවට පත්විය නොහැකියි. මොහුගේ පියාත් ගුරුවරයෙක්. ඒ සීමිත පියෙක් හා ගුරුවරයෙක්. මොහු තමයි අසීමිත වූ පියා හා ගුරුවරයා. ඔබ දෙවියන්ගේ ශිෂ්‍යයන් ලෙස සැළකීම පවා උසස් වාසනාවක්. ඉතාමත් පැහැදිලිම කරුණ නම් පරමාත්ම දෙවියන්, පරමාත්ම පියා අපට උගන්වනවා! බාබා ඉතා මිහිරියි! ආදරවන්තයා හා ආදරවන්තිය අතර ඇති ආදරය වැනි මිහිරි දේ සිහිපත් වනවා. ඔවුන් එකිනෙකා හට ආදරය කරන්නේ පාපය සඳහා නොවේ. නිකම් දෙන්නාට දෙන්නා දිහා බලාගෙන ඉඳීම පමණයි. ජීවයන් වන අප උත්තරීතර ජීවයත් සමඟ සම්බන්ධ වනවා. ජීවය කියනවා බාබා තමයි දැනුම් සාගරය හා සෙනෙහසේ සාගරය. ඔහු මෙම අපිරිසිඳු ලෝකයේ අපිරිසිඳු ශරීරයකට ඇතුළු වී අපව බොහෝ උසස් තත්ත්වයට පත් කරවනවා. මෙම වැකිය මෙහිදී සිහි වනවා සාමාන්‍ය මිනිසුන් දේවතාවන් බවට පත් කරවීමට දෙවියන්ට එතරම් කාලයක් ගත වූයේ නැහැ. එක් මොහොතකින් ඔබ ඒ පාරාදීසය වෙත යනවා. එක් ක්‍ෂණයකින් ඔබ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත්වනවා. මෙය තමයි ඔබගේ ඉලක්කය හා අරමුණ. මේ සඳහා ඔබ ඉගෙනගත යුතුයි. ගුරූ නානක් පවා කිව්වා දෙවියන් අපිරිසිඳු, කිලිටි ඇඳුම් සෝදනවා කියා. ලක්ස් (ඉලක්කය) කියා සබන් කැටයක් තියෙනවා. බාබා කියනවා මම ඉතාමත් හොඳ රෙදි අපුල්ලන්නෙක්! මා ඔබගේ රෙදි, ජීවාත්මයන් වන ඔබව හා ඔබලාගේ ශරීර ඉතා හොඳින් පිරිසිඳු කරවනවා! ඔබ මොහුවත් (දාදා) සිහි නොකළ යුතුයි. මේ සම්පූර්ණ කාර්යභාරය ශිව බාබාගේයි. එමනිසා, ඔහු පමණක් සිහි කරන්න! ඔහු මොහුට වඩා සුමිහිරියි. ඔහු ජීවයන් වන ඔබට කියනවා : ඔබට ඔබගේ දෑස්වලින් බ්‍රහ්මාගේ වාහනය දෙස බැලිය හැකියි. නමුත් ශිව බාබාව සිහි කරන්න! ශිව බාබා මොහු මාර්ගයෙන් බෙලි කටු වන් වූ ඔබව දියමන්ති බවට පත් කරවනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ හදවත නම් සිහසුන දිනා ගැනීමට උත්සාහ කරන්න. පවුල තුළ භාරකාරයෙක් බවට පත් වී සෑම කෙනෙක් සමඟම ඉතා ආදරයෙන් සිටින්න. බැඳීම් පරාජය කළ අයෙක් බවට පත්වන්න.

2. යෝගා බලයෙන් ජීවාත්මය පිරිසිඳු කර ගන්න. ඔබගේ දෑස් වලින් සෑම දෙයක්ම බලන අතරතුර ඒ එකම එක පියා පමණක් සිහිපත් කරන්න. මෙහිදී මල් මාලා පිළිගන්න එපා, නමුත් සුවඳ හමන මල් බවට පත් වන්න.

වරදානය:
ඔබ ඕනෑම ප්‍රතිලාභක් සඳහා ඇති සියලු ආශාවන් අත්හැර හොඳ උත්සාහයක් දරන උසස් උත්සාහයක නියැලෙන්නෙකු වේවා.

උසස් උත්සාහයක නියැලෙන්නෙකු යනු තම උත්සාහයන් සඳහා යම් ප්‍රතිලාභයක් අත්විඳීමට කිසිදු ආශාවක් නොමැති අයෙකි. ආශාවන් ඇති තැන, පිරිසිදුකම අවසන් වන අතර ඔබ නිරන්තරයෙන් සිතිවිලි ඇති අයෙකු බවට පත්වේ. මෙහි ප්‍රතිලාභ අත්විඳීමට කැමති අය තම අනාගත ආදායම් රැස් කර ගැනීමෙන් වැළකී සිටිති. එබැවින්, "ආශාව" (ඉච්චා) යන වචනය වෙනුවට, "යහපත්" (අච්චා) යන වචනය මතක තබා ගන්න. උසස් උත්සාහයක නියැලෙන්නෙකු නිරතුරුවම දෝෂ රහිත වීමට උත්සාහ කරයි. ඔහු හෝ ඇය කිසි විටෙකත් කිසිවකින් අසාර්ථක නොවේ.

පාඨය:
පහසුකම් නෙළුම් මලක් ලෙස භාවිතා කරන්න, මන්ද ඒවා ඔබේ කර්ම යෝගයේ ඵලයයි.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

පූර්ණ අත්හැරීම් ඇති දරුවන්ට නිසැකවම පහසුව සහ ඉවසීම යන ප්‍රධාන ගුණාංග ඇත. එවැනි දරුවන් ප්‍රබෝධමත්ව සිටින අතර ඔවුන් සියල්ලන්ම ආකර්ෂණය කරයි. ඔවුන් එකිනෙකාට සෙනහස දක්වයි. පහසුව නොමැති නම්, සෙනහස තිබිය නොහැක. ඔබ ඔහුව සකාර් ස්වරූපයෙන් දුටුවේ ඔහු ඥානයෙන් පිරිපුන් වී තරමට ඔහුගේ ස්වභාවය ඒ අනුව පහසු සහ සරල බවයි - පරිණත අය සමඟ පරිණතව ද සහ දරුවන් සමග දරුවෙකු ලෙස ද ඔහුගේ ස්වභාවය විය.