19.07.25 Avyakt Bapdada
Sinhala
Murli 18.01.2011 Om Shanti Madhuban
මෙම ජීවිතය ගත කරන
අතර බ්‍රහ්ම පියා මෙන් ජීවන-මුක්ති ස්ථිතියේ සතුට අත්විඳින්න.
ඔබගේ මනස ජයගෙන ඒ අනුව ලෝකය ජය ගැනීමෙන් පරම පියාට සෙනෙහසේ තිළිණයක් ලබා දෙන්න.
අද, බ්‍රහ්ම පියා
අව්‍යක්ත වූ, ඔහුගේ විශේෂ ස්මරණයේ දිනයයි. ඔය සියලුම දරුවන්ගේ දෑස් තුළ බ්‍රහ්ම
පියා කෙරෙහි සෙනෙහස මුසු වී තිබේ. අද දින, පෙ:ව 4.00ට පෙර සිටම ඔය දරුවන්ගේ සෙනෙහස,
සූක්ෂම දේශයට ළඟා විය, එබැවින් ඔබ බ්‍රහ්ම පියා සමග හමුවක් සැමරුවා. සෙනෙහසේ සංඛේත,
හදවතින් සෙනෙහස් සලකුණු, මල් මාලා ලෙස බ්‍රහ්ම පියා වෙතට ළඟා විය. සෑම මල් මාලාවකම
සුගන්ධය තුළ, ඔය දරුවන්ගේ සෙනෙහස මුසු වී තිබේ. සෑම දරුවෙකුගේම දෙනෙත් සහ දෙතොලග
සිනහව, හදවතේ කාරණා ගැන පැවසුවා. බ්‍රහ්ම පියාද එක් එක්කෙනාට සෙනෙහසේ ප්‍රතිඋපකාරය
ලබා දුන්නා. දෑස්වල භාෂාවෙන් දැන් පවා සෑම දරුවෙක්ම ඔහුගේ හදවතේ සෙනෙහස ලබා දෙන බව
පියා දුටුවා. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සෑම දරුවෙක්ව පහසුවෙන් පියාට අයත් කරවයි.
මෙම අලෞකික (ආධ්‍යාත්මික) සෙනෙහස, බාබා මගෙයි, යන අත්දැකීම තුළින්, ඔහුව ඔබට අයිති
කරවයි: ‘මේරා බාබා’. ඔය දරුවන් මෙසේ පැවසූ බැවින්: ‘මගේ බාබා’, මෙම සෙනෙහස ඔබව පරම
පියාගේ සම්පත් වල පාලකයන් බවට පත් කරවයි. ඔබ ‘මගේ බාබා’ කියා පැවසූ සැනින්, ඔබ
සියලු සම්පත් වල පාලකයෙක් බවට පත් වෙයි. මෙම සෙනෙහස ඔබට තත්පරයකදි ඔබගේ ශරීරය
පිළිබඳ අවධානය අමතක කරවා ඔබව ජීව අවධානයට පත් කරවයි. පියා හැර වෙනත් කිසිවක් ඔය
ජීවාත්මයන්ව ආකර්ෂණය නොකරයි. මෙම දිනයට විශාල වැදගත්කමක් තිබෙනවා. එය සිහි කිරීමේ
දිනය පමණක් නොවෙයි, නමුත් එය බලයේ දිනයයි, මන්ද, මෙම දිනයේ පරම පියා සෑම දෙයක්ම
කරවන කෙනා (කරවන්හාර්) බවට පත් වී, දරුවන්ට ලෝක සේවය වෙනුවෙන් කරන්නන්ගේ (කරන්හාර්)
තිලකය ලබා දුන්නා. පියාව පෙන්වන පුතණුවන්, යන කාර්යය සිදු කිරීමට උපකරණයක් බවට පත්
කරන ලදි. ඔහු කරවන්හාර් වී, සේවයේ සාර්ථකත්වය තිබීමට, දරුවන්ව කරන්හාර් බවට පත්
කළා. සේවයේ සාර්ථකත්වය ලබා ගැනීමේ ක්‍රමය වන්නේ මෙම අවධානය තිබීමයි: “මම කරන්හාර්
වන අතර කරවන්හාර් මා ලවා සෑම දෙයක්ම කරවයි.” මෙම අවධානය අවශ්‍යයි, මන්ද උපත් 63ක්ම
ඔබව ශරීර අවධානයට පැමිණ වූ, “මම” යන අවධානය ඔබට තිබුණි. කරවන්හාර් මා ලවා සෑම
දෙයක්ම සිදු කරයි. මම, උපකරණයක් වන කරන්හාර්ය. තමන් උපකරණයක් බව සැලකීමේ මෙම
අවධානයෙන්, ඔබගේ ශරීර අවධානය අවසන් වෙයි. මේ නිසයි ඔහු ඔය දරුවන්ව “කරන්හාර්” බවට
පත් කර, ඔහු “කරවන්හාර්” බවට පත්වුනේ. ඔබ කරන්හාර් වන විට, ඔබ ඉබේටම උපකරණයක් සහ
නිරහංකාර වෙයි. දැන් පවා, බාප්දාදා දරුවන්ව සේවය වෙනුවෙන් උපකරණ බවට පත් කළ නිසා,
සාර්ථකත්වයේ ස්වරූපයෙන් සේවයේ ඵලය, තාරකාවන් වන සේවාධාරීන්ගේ නළලේ දිලිසෙන අයුරු
පරම පියා දුටුවා. දරුවන් බහුතරයකගේ සේවය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා, මේ නිසයි
බ්‍රහ්ම පියා විශේෂයෙන් එවන් දරුවන්ට සුබ පතමින් මෙසේ පවසන්නේ: ‘අපූරුයි දරුවනේ!
අපූරුයි!’.
බ්‍රහ්ම පියා
විශේෂයෙන් සතුටු වී, සේවයේ උපකරණ වී සේවය ඉදිරියට ගමන් කරවීම වෙනුවෙන් ඔවුන්ට සුබ
පැතූම් ලබා දුන්නා. බ්‍රහ්ම පියා දැන් වුවද ඔය දරුවන්ට සංඥා කරන්නේ ඔබට සුරදූත
ස්වරූපය ආරූඨ කරගෙන ඔහු මෙන් වීමට කියාය. ඔය දරුවන් අවධානය යොමු කරන බව බාප්දාදා
දුටුවා. බ්‍රහ්ම පියා නිරන්තරයෙන් සිටියේ ජීවන-මුක්තියෙන්. මෙතරම් විශාල පවුලක් රැක
බලා ගැනීම, සියලු දෙනාට යෝගී දිවි පෙවෙතක් ඇති කිරීම, මෙතරම් බොහෝ සේවයක් බලා කියා
ගැනීමේ වගකීම, සියලු දෙනාට නිරන්තරයෙන් සේවයේ ඉදිරියට ගමන් කිරීමට මග පෑදීම වැනි
විශාල වගකීමක් ඔහුට තිබුණු නමුත්, මේ සියලු වගකීම් තිබෙන අතර ඔහු ඒ තිබියදී
ජීවන-මුක්තියේ සතුට අත්වින්දා. මේ නිසයි භක්ති මාර්ගයේ බ්‍රහ්මව පද්මාසනයක පෙන්වා
තිබෙන්නේ. ඔහු ජීවන-මුක්තිය ලැබූ අතර මෙකල ජීවන-මුක්තියේ සතුට අත්විදිමින් ඔහු ඔය
සියලුම දරුවන්වත් ඒ හා සමාන බවට පත් කළා. දැන් වුවද ඔහු ඔය දරුවන්ව සුරදූතයන්
කිරීමට විවිධ ක්‍රම පෙන්වා දෙයි, මන්ද, ඔහුට අවශ්‍ය වන්නේ ඔබවත් ඔහු හා සමාන බවට
පත් කිරීමටයි.
සෑම දරුවෙකුටම හොඳ
අරමුණක් තිබෙන බව බාප්දාදා දුටුවා. ඔබගේ අරමුණ කුමක්ද කියා කෙනෙක් ඔබගෙන් විමසූ විට
ඔබ පවසන්නේ කුමක්ද? ඔබ පවසන්නේ කුමක්ද කියා ඔබට මතකද? ඔබ අනිවාර්යෙන්ම පියා හා සමාන
බවට පත් වන බවයි. ඔබ පියාට සමාන වන්නේ කුමන අන්දමින්ද? ඔබ මේ ජීවිතයෙදි,
ජීවන-මුක්තියේ දිවියක නිදසුනක් බවට පත් වීමෙන්. ඔබට ලබා දෙන ගෙදරවැඩට ඔබ අවධානය
යොමු කරන බව බාප්දාදා දුටුවා. ඔබට එම අත්තදැකීම් තිබෙනවා, නමුත් ඔබ එය සෑම විටම
සිදු කරන්නේ නැහැ. ඔබට මේ දැන් ලබා දුන් කාර්යය පිළිබදව, සමහර දරුවන් උත්සාහ දරා,
සෑම මසකම අවධානය යොමු කළ බවට වාර්ථාවක් බාබාට ලැබුණා. සමහර කලාප එක මාසයකදි හොඳ
ප්‍රතිඵලයක් වාර්ථා කර තිබෙනවා. වාර්ථා එවා ඇති කලාප වලට බාප්දාදා මෙසේ පවසා ඔවුන්ට
සුබ පතයි: ‘අපූරුයි දරුවනේ! අපූරුයි!’. බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද? ඔබ විටෙක
හොදින් සිටින නමුත්, බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම සෑම විටම මේ ආකාරයට සිටිය
යුතු බවයි. ඔබ හොඳ යෝගීවරු වී සිටියි, නමුත් ඔහුට දැන් අවශ්‍ය වී ඇත්තේ ඔබව නිරන්තර
යෝගීවරු බවට පත් කිරීමටයි. බාප්දාදා ඔය දරුවන්ට යම් කාර්යයක් දී තිබේ: නිරන්තර වීම
සඳහා, ඇතැම් විට, සෑම විටෙක, බවට වෙනස් කිරීමට හැකි වීම සඳහා සෑම පැයකදීම
ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට. මෙම කියමනට අනුව: තම මනස ජය ගන්නා අය ලෝකය ජය ගනියි.
බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ, ඔබගේ මනස ඇති කළ යුත්තේ, ඔබ එයට ඇති කිරීමට කියා පවසන
සිතිවිලි පමණක් වීමයි. ඇයි? ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියයන් ඔබට අවශ්‍ය දේ, ඔබට
අවශ්‍ය වෙලාවට සිදු කරනවා නේද? ඒ අන්දමින්ම, ඔබගේ මනසත් කළ යුත්තේ ඔබ එයට කිරීමට
නියෝග කරන දේය. ඔබ මෙය පුහුණු කරන නමුත් විටෙක, ඔබ එය පුහුණු නොකරයි. බාප්දාදාට
දැන් අවශ්‍ය වන්නේ, ඔබ බලයන්ගේ තෝන් ලණු භාවිතා කිරීමෙන් ඔබගේ මනසේ පාලනය, ඔබ අත්කර
ගත යුතු බවයි. ‘තම මනස ජය ගත් අය, ලෝකය ජය ගෙන තිබේ’ යන ප්‍රශංසාව අයත් වන්නේ කාටද?
එය ඔය දරුවන්ගේ ප්‍රශංසාවයි. ඔබ සෑම කල්පයකදීම මෙය අත්කර ගත් නිසයි මෙම ප්‍රශංසාව
තිබෙන්නේ. ඔබගේ භෞතික ඉන්ද්‍රියයන් සියල්ලක්ම ඔබට අයත් බව, ඔබ කියයි. ඒ අන්දමින්ම,
ඔබගේ මනස අයත් වන්නේද ඔබට බව, ඔබ කියයි. එය ඔබගේ බව පැවසීමෙන් අදහස් වන්නේ, ඔබ එහි
පාලකයා බවයි. ඔබගේ මනස ඇති කළ යුත්තේ කුමන සිතිවිල්ලද, එමෙන්ම එය කෙතරම් වේලාවක්
තිබිය යුතුද කියා ඔබ පතන්නේද, ඔබගේ මනස එය සිදු කළ යුතුයි, මන්ද, එය ඔබගේ මනස නිසා.
ඉතිං, මෙම සෙනෙහස් දිනයේ, ඔබට මෙම ගෙදරවැඩය ලබා දීමට බාප්දාදාට අවශ්‍යයි: ඔබට
අවශ්‍ය සිතිවිල්ල පමණක් ඇති කරන්න. ඔබට පිවිතුරු සිතිවිලි ඇති කිරීමට අවශ්‍ය වන
අතර, එවිට යම් නිෂ්ඵල සිතිවිල්ලක් පැන නගින්නේ නම්, ඔබගේ පිවිතුරු සිතිවිලි ඒවා
අවසන් කළ යුතුයි. ඔබට යෝගාවේ සිටීමට අවශ්‍ය වන නමුත් ඔබගේ සංස්කාර නිසා ඒ වෙනුවට
නිෂ්ඵල සිතිවිලි මතු වන්නේ නම්, හෝ ඔබ යෝගාවේ සිටීමේ සාර්ථක නොවන්නේ නම්, ඔබ මෙම
පාලනය වර්ධනය කරගත යුතුයි. ඔබට පැයක් යෝගාවේ සිටීමට අවශ්‍ය නම්, ඔබගේ මනසට බාධා ඇති
වීමට ඉඩ නොදෙන්න. ජීවාත්මය, පාලකයාය; පාලකයා මනස නොවෙයි. මනස, ජීවාත්මයේ සහකරුය.
එබැවින් සෙනෙහසින් ඔබගේ සහකරුට නියෝග කරන්න. ඔබගේ මනස ජයගන්නා කෙනෙක් වන්න. ඔවුන්ට
විටින් විට නිෂ්ඵල සිතිවිලි ඇති වන බවට තොරතුරු බාප්දාදාට බොහෝ දරුවන්ගෙන් ලැබෙයි.
ඔබගේ කැමැත්තට විරුද්ධව පවා ඔබට නිෂ්ඵල සිතිවිලි ඇති වෙයි. මෙය පාලකයෙක් වීම, ලෙස
ඔබට හැඳින්විය හැකිද? ඔබ තුළ බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? ඉතිං අද පියා
බොහෝ සෙනෙහසින් යුතුව ඔහුගේ හදවතේ ආශාව ඔබට පවසනවා. දැන් ඔබ අනිවාර්යෙන්ම ඔබගේ මනස
ජයගත්තෙක් විය යුතුයි, මන්ද, මෙය ඔබව ලෝකය ජයගත්තෙක් බවට පත් කරවයි. ඔබ බ්‍රහ්ම
පියාට මෙම සෙනෙහස් තිළිණය ලබා දෙනවාද? ඔබ තුළ සෙනෙහස ඇති විට ඔබ ලබා දෙන්නේ මොනවාද?
තිළිණයක් ලබා දෙනවා නේද? ඉතිං අද ඔබට මෙම තිළිණය ලබා දීමට කියා බ්‍රහ්ම පියා ඔබගෙන්
ඉල්ලා සිටිනවා. ඔබ එයට සූදානම්ද? අත් ඔසවන්න! අද සිට කිසිම නිෂ්ඵල සිතිවිල්ලකට
පැමිණීමට ඉඩ නොදෙන්න කියා ඔබට උපදෙසක් ලබා දෙන්නේ නම්, ඔබට එය කළ හැකිද? අද ඔබට
යෝගා ස්ථිතියක හිදිමින් ක්‍රියා කිරීමට හැකිද, එමෙන්ම ඒ සමගම පැය 2ක් හෝ 4ක් යෝගාවේ
සිටීමටද හැකිද? ඔබට මෙය කළ හැකිද? ඔබ එය කරනවාද? හොඳයි, දැන් අතීතය අතීතයේම තබන්න!
දැන් අද සිට සියලුම නිෂ්ඵල සිතිවිලි වලට තිතක් තැබීමට කියා ඔබගේ මනසට නියෝග කරන්න.
ඔබට එය කිරීමට සිදුවෙයි, එහෙම නේද?
අද යෝගාවේ මෙම අරමුණ
තබා ගන්න, ඉන්පසුව දවස පුරාම ඔබට එයට අනුව උත්සාහ දැරීමට සිදුවෙයි, එහෙම නේද? පියාට
ඇති සෙනෙහස නිසා, පියා පවසන දේ ඔබට කිරීමට සිදුවෙයි. සියලු නිෂ්ඵල සිතිවිලි අවසන්
කරන ක්‍රමය වන්නේ ඔබගේ හදවතින් බ්‍රහ්ම බාබාගේ සෙනෙහස සිහි කිරීමයි. ඔහුව ශාරීරික
ස්වරූපයෙන් ඔබ දුටුවත් නැතත්, ඔබ සියලු දෙනාම ඔබගේ බුද්ධියේ බලයෙන් ඔහුව දැක
තිබෙනවා නේද? ඔබ ඔහුව දැක තිබෙනවාද, නැද්ද? බාබාගේ සෙනෙහස සහ බ්‍රහ්ම පියාගේ පෝෂණය
දැක ඇති බව පවසන අය, ඔබ ගමන් කරන්නේ එයට අනුවද? එසේ නම් අත් ඔසවන්න! අච්චා. ඔබ අත්
එසවීමෙන් බාබාව සතුටු කළා. ඔබට අඩු තරමින් එම එඩිතරකම තිබීම ගැන බාබා සතුටු වනවා.
කෙසේවෙතත් ඔබට එඩිතරකම අහිමි වූ විට, සෑම විටම පරම පියා සමග ඇති ඔබගේ නෑ සබඳතා
මතකයට නගා ගන්න. නෑ සබඳතා කීයක් තිබෙනවාද? විටෙක ඔහු පියාය, විටෙක ඔහු දරුවා පවා
වෙයි. විටෙක ඔහු පියා වන අතර විටෙක ඔහු ඔබගේ මිතුරා පවා වෙයි. සම්බන්ධතා හෝ ලැබීම්
සිහියට නගා ගන්න. අද දින ඔබ ඒවා ඔබගේ හදවතින් සිහි කරනවා නේද, ඒ අන්දමට, ලැබීම් සහ
නෑ සබඳතා සිහි කරන්න. ඔබ මේ ආකාරයට සිහි කරන්නේ නම් ඔබ සෙනෙහස වර්ධනය කරගනිවි. අද
දින පවා ඔබ සියලු දෙනාම බ්‍රහ්ම පියාගේ සෙනෙහස ඔබගේ හදවතේ අත්විඳිනවා නේද? යමක්
නිවැරදි නොවන ඕනෑම විටෙක, එවිට සම්බන්ධතා සහ ලැබීම් සිහි කරන්න. පියා සෑම දරුවෙකුටම
සහයෝගය ලබා දෙයි. ඔබ කළ යුත්තේ ඔහුව සිහි කිරීම පමණයි. ඔබ අද කළ යුත්තේ කුමක්ද කියා
ඔබට වැටහුනාද? මෙම ප්‍රශංසාවේ ප්‍රතිමූර්තියක් වන්න: ‘මනස ජය ගන්නා අය ලෝකය
ජයගනියි.’ ඔබගේ නියෝගයෙන් මනස පාලනය කරන්න. දැන් ඔබ එය ටිකක් නිදහසේ තබා ඇති නිසා,
එය තමන්ටම අයත් කාර්ය කරයි. දැන් අවධානය යොමු කරන්න! ඔබගේ මනස ඔබගේ නියෝග යටතේ
ක්‍රියා කළ යුතුයි, ඔබ ඔබගේ මනසේ නියෝග වලට අනුව ක්‍රියා කරනවා නොවෙයි. ඔබට මෙම
දැනුමේ කාරණා ආවර්ජනය කිරීමට අවශ්‍ය වන නමුත් ඒ වෙනුවට නිෂ්පල සිතිවිලි ඔබගේ මනසේ
හට ගනි. එවිට සිදු වුනේ කුමක්ද? පාලකයා වන්නේ ඔබගේ මනසද, නැත්නම් පාලකයා ඔබද? ඔබ
සියලු දෙනාටම ඔබගේ ගෙදරවැඩ වැටහුනාද? ඔබගේ මනස ඔබ ජය ගත යුතුයි. ඔබගේ නියෝගය කුමක්
වුනත්, ඒ දෙයට එය, කීකරු විය යුතුයි; එය අනිවාර්යෙන් එයට කීකරු විය යුතුයි. ඔබ කළ
යුත්තේ අවධානය යොමු කිරීම පමණයි. මව්වරු සහ ගුරුවරු මෙය කළ හැකිද? කළ හැකිද?
ගුරුවරු අත් ඔසවන්න! ගුරුවරු අත් ඔසවනවා. මෙය කළ හැකි බව ඔබ සිතන්නේ නම් අත් වනන්න!
අඩු තරමින් පළමු පේළියේ අසුන්ගෙන සිටින අය අත් වනන්න! සහෝදරයන් අත් වනන්න! අපූරුයි!
මින් අදහස් වන්නේ ඔබ බ්‍රහ්ම පියාට සෙනෙහසේ තිළිණය ලබා දී ඇති බවයි. එයට සුබ
පැතුම්. සුබ පැතුම්.
එය හොඳයි. බාප්දාදාට
සෙනෙහස තිබීමෙන් ඔබට බොහෝ සහයෝගය ලැබෙයි. ඔබගේ හදවතින් ‘මගේ බාබා’ කියා ඔබ පවසන
විට, ඔබ ‘මගේ බාබා’ කියන විට, ‘මම’ යනු කවුද? පියාගේ බොහෝ කලක් නැතිව සිට දැන්
හමුවූ දරුවා. ඔබ සියලු දෙනා කී වතාවක් ‘මේරා බාබා, මේරා බාබා’ කියා කියනවාද? ඔබ කී
වතාවක් ‘මේරා බාබා’ කියා කියනවාද? පියාට එය ඇසී, ඔහු සෑම දෙයක්ම සටහන් කරගන්නවා. ඔය
ද්විත්ව විදේශිකයන්ද සවන් දෙමින් සිටිනවා නේද? මුළු වාරය පුරාම ද්විත්ව විදේශිකයන්
පෙනී සිටි බව බාප්දාදා දුටුවා. ඔබ සෑම රැස්වීමකදීම මධුබන් වල පෙනී සිටියා. දැන්
වුවද 350ක් සිටිනවා. ඔබගේ වාරයේ ඔබ පැමිණෙන අතර ටික දෙනෙක් එක් හෝ තව තැනකින් සෑම
වාරයකදීම පැමිණෙයි. දැන් බාප්දාදා නොකඩවා ප්‍රතිඵල දෙස බලන අතර ඔබ සියලු දෙනාද
නොබැඳි නරඹන්නන් ලෙස ඔබගේ ප්‍රතිඵලය දෙස බැලිය යුතුයි. ඔබ පාලකයන් බවට පත්වන බවට,
ඔබ පියාට පොරොන්දු වී ඇති බව පමණක් සිහියේ තබා ගන්න. අඩුම තරමින්, බාප්දාදාට සෑම
කලාපයකම සිටින සෑම දරුවෙකුටම මෙම කාර්යය ලබා දිය හැක: එළඹෙන සතියේ හෝ සති දෙකේදි,
ඔබ බාප්දාදාට ප්‍රතිඵලය ලබා දෙන්න, ඔබට නිෂ්ඵල සිතිවිලි නොතිබුණු බව නොවෙයි, නමුත්
මනසට ලබා දුන් විෂය, ඔබ එය සිදු කළාද, නැද්ද? ගුරුවරු ඔබ එකඟද? ඔබ එකඟද? කලාපයට
කාර්යයක් ලබා දිය යුතුද? ගුරුවරු අත් ඔසවන්න!
මෙය මහාරාශ්ත්‍රය
නේද? මහා රාශ්ත්‍රයේ අයට කිරීමට ලොකු වැඩක් ලබා දෙනු ඇත, එහෙම නේද? බාප්දාදා තුළ
සෑම කලාපයක් වෙනුවෙන්ම සෙනෙහස තිබෙන අතර මෙම දරුවා පියා ඉල්ලා සිටි දේ ඒ ආකාරයෙන්ම
සිදු කරන බව, ඔහු තුළ සෑම විටම විශ්වාසයක් තිබේ. එය එහෙමද? මහාරාශ්ත්‍ර, පියා ඔබට
යමක් කිරීමට පැවසූ අතර ඔබ එය සිදු කළා, එය එහෙමයි නේද? මහාරාශ්ත්‍ර වල අය අත්
ඔසවන්න! බොහෝ දෙනෙක් සිටිනවා. එය පංතියෙන් හතරෙන් තුනක්. සෑම කලාපයක්ම පියාගේ
උපදෙස් පිළිපදියි. සියලු දෙනාම හිස වනනවා. ඔහුගේ දරුවන්ගේ බුද්ධිය තුළ විශ්වාසය
තිබෙන බවට, පියා තුළද විශ්වාසය තිබේ.
බාප්දාදාට අවශ්‍ය
වන්නේ, ඔබ සෑම දිනකම දිනපතා ශ්‍රේෂ්ඨ වදන් (මුරලිය) ඔබගේ ගෙදරවැඩ ලෙස භාවිතා කළ
යුතු බවයි. දිනපතා මුරලියේ පරම පියා ඔබට කිරීමට පවසන දේ ඔය දරුවන් සිදු කරන්නේ නම්,
ඉන් අදහස් වන්නේ ඔබ පියාගේ දිගු කලක් නැතිව සිට දැන් හමුවූ දරුවන්, කීකරු දරුවන්
ලෙස ක්‍රියා කරන බවයි. ඔබ කළ යුත්තේ කුමක්ද? දිනපතා මුරලිය කියවන්න, මන්ද දරුවන්
බහුතරයක් මුරලියට ඇලුම් කරන බව බාප්දාදා දැක තිබේ. කෙනෙක් එයට ඇලුම් නොකළත්,
දරුවෙක් බාප්දාදාට මෙසේ කියන්නේ නම්: බාබා මා තුළ ඔබ කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ, පියා
සෙනෙහස දක්වන්නේ කුමටද? ඔහු ඇලුම් කරන්නේ මුරලියටයි. ඔහු බොහෝ දුර සිට පැමිණෙන්නේ
මුරලිය පැවසීමටයි. ඔබට ඉගැන්වීමට පමණක් මෙතරම් දුර සිට පැමිණෙන වෙනත් ගුරුවරයෙක්
සිටියිද? පියා මුරලියට ඇලුම් කරන බැවින් ‘මගේ බාබා’ කියා පවසන අය සහ මුරලියට ඇලුම්
කරන අය, ඔවුන්ගේ ප්‍රථම සෙනෙහස තිබිය යුත්තේද පරම පියාගේ මුරලියට සහ එය සමගම පරම
පියාටයි. බලන්න, බ්‍රහ්ම පියා එක දවසක් වත් මුරලිය අතපසු කළේ නැත. ඔහු එක් හෝ වෙනත්
හේතුවකට බොම්බායට ගිය විට පවා, ඔහු මුරලිය ලියූ අතර මාතේශ්වරී එම මුරලිය කියවයි.
අවසන් දිනයේ පවා, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවූ විට, එබැවින් ඔහුට උදෑසන
මුරලිය මෙහෙයවීමට නොහැකි විය, නමුත් ඔහු සවස පංතිය මෙහෙයවීමෙන් පසුව අව්‍යක්ත විය.
බ්‍රහ්ම බාබා සෙනෙහස දැක්වූයේ කුමටද? මුරලියට. බාබා කෙරෙහි ඔවුන් තුළ සෙනෙහස තිබෙන
බව සිතන අය, පියා ඇලුම් කළ දේටත් ඇලුම් කළ යුතුයි, නේද? මේ නිසයි ඔබ මුරලිය කියවිය
යුතුයි හෝ පංතියේ එය හැදෑරිය යුතු බව පියාට සිතෙන්නේ. මෙය කළ නොහැකි නම් සහ ඔබ
නිදහසට කාරණාවක් ලබා නොදෙන අතර පිළිගත හැකි හේතුවක් ඇත්නම්, ඔබට එය කියවන ලෙස වෙන
කෙනෙකුට පවසන්න. ඔබ මුරලියට එතරම් වැදගත් කමක් දෙන බව ඔබට හැගෙන්නේ නම් අත්
ඔසවන්න! අච්චා. මෙහි සිට සෑම දෙයක්ම පෙනෙනවා. පිටුපස අසුන්ගෙන සිටින ඔය සියලු
දෙනාවත් පියාට පෙනෙනවා. අච්චා. ඉතා හොඳයි. අද මුරලියට සවන් නොදුන්නේ කවුද කියන
පත්‍රය පියා විටින් විට ලබා ගන්නවා. ගුරුවරයා එය ලිඛිතව එවිය යුතුයි. ඔබ මෙයට
කැමතියි නේද? අච්චා. අද බ්‍රහ්ම පියා, සියලුම දරුවන්ව බොහෝ සෙනෙහසින් හමු වෙමින්
සෑම දරුවෙකුටම ඔහුගේ දෑස් වලින් සෙනෙහස ලබා දුන්නා. අච්චා.
ද්විත්ව විදේශික
සහෝදර සහෝදරියන්ට කතා කරමින්:
විදෙස් රටවල අයට සේවය
කිරීමට හොඳ උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙනවා; දිනෙන් දින මෙය වඩාත් දිස්වෙයි.
බාප්දාදා සියලු දෙනාටම පවසන්නේ: බොහෝ සේ සේවය කරන්න, මන්ද කාලය ඕනෑම මොහොතක වෙනස්
විය හැකි අතර එවිට ඔබට සේවය කිරීමට අවශ්‍ය වුනත්, ඔබට එය කිරීමට නොහැකි වෙයි. එවන්
කාලයක්ද පැමිණෙයි. මේ නිසයි ඔබට කිරීමට අවශ්‍ය දේ ඔබ දැන් කළ යුත්තේ. පසුව නොවෙයි,
දැන්! බාප්දාදා සෑම විටම පවසන්නේ: එය හෙටට කල් නොතබන්න. එය අදට කල් නොතබන්න, නමුත්
එය දැන් කරන්න. මන්ද, කාලය සහ පංච මහා භූතයන් පරම පියා වෙතට පැමිණ මෙසේ අසයි: අපට
කියන්න, මෙම දුක් වේදනා විඳීම තව කෙතරම් කාලයක් පවතීවිද? ඔවුන්ම දුක් විඳින බැවින්
ඔවුන් කුමක් කරන්නද? ඔවුන් මනුෂ්‍ය ජීවාත්මයන්ටත් දුක ගෙන දෙයි නේද? මේ නිසයි පැමිණ
ඇති ඔබ සියලු දෙනා, මෙම සිතිවිල්ල ඇති කළ යුත්තේ: බ්‍රහ්මින් ජීවිතය අවශ්‍ය වන සේම,
වත්මන් කාලයට අනුව, සෑම කෙනෙක්ම සේවය කිරීමත් අවශ්‍යයි. එය සිදු කරන්න හෝ අන් අය
ලවා එය සිදු කරවන්න. බාප්දාදා ලබා දී ඇති ගෙදරවැඩ: ඔබ අනිවාර්යෙන්ම ඔබගේ මනස ජයගත
යුතුයි සහ ඒ අනුව ලෝකය ජය ගත යුතුයි. එය ඔබගේ ප්‍රශංසාව වන අතර ඔබ කළ යුත්තේ එය
නැවත වරක් ඒ අයුරින්ම සිදු කිරීම පමණයි. අච්චා.
බාබාට දරුවන්ගෙන් සෑම
තැනකින්ම පණිවිඩ ලැබී තිබෙනවා. සෑම තැනකින්ම විවිධ වචන වලින් සෙනෙහසේ සහ සිහි
කිරීමේ මිහිරි හැඟීම් වලින් පිරි විවිධ ලිපි පැමිණ තිබේ. බාප්දාදා ඒ සියල්ලටම
ප්‍රතිචාර දක්වනවා: සෑම දරුවෙක්ම සෙනෙහසින් පරම පියාගේ හදවත තුළ මුසු වී සිටිනවා,
එමෙන්ම පරම පියා සහ දරුවන්ගේ මෙම අවිනාශී සෙනෙහස සදාතනිකයි, අවිනාශී. සංගම යුගය
පුරාවටම, පරම පියාගේ සහ දරුවන්ගේ හමුවීම් නියම වී තිබෙනවා. අච්චා.
දැන්, පෞද්ගලිකවම
මෙහි පෙනී සිටින සියලුම දරුවන් සහ දුර සිට නරඹන අය, සෑම රටකම මධ්‍යස්ථාන වලින්,
බාබාව දැකීමට සහ සවන් දීමට බොහෝ උත්සාහ සිදු කළ බව බාප්දාදාට අසන්නට ලැබුණා. ඇතැම්
රටවල්වල රාත්‍රියේ කුමන වේලාව වුනත්, ඔවුන්ද බාබාව නරඹනවා. විද්‍යාවේ මෙම ක්‍රමවේද
නිපදවනු ලැබුවේ ඔබ වෙනුවෙන් වන අතර ඒවා ඔබට යහපතක් සලසනවා. විනාශය සිදුවන්නේ
විද්‍යාවෙන් වුනත්, එය ඔබගේ රාජධානිය වෙනුවෙන්ය. සෑම තැනකම සිටින ඔය ආදරණීය
දරුවන්ට, විශේෂ සෙනෙහස සහ සිහි කිරීම, හදවතින් සෙනෙහස සහ බ්‍රහ්ම පියාගේ හදවතින්
බොහෝ සෙනෙහස කාරුණිකව පිළිගන්න.
වරදානය:
අවංකකම සහ
පිරිසිදුකම ධාරණය කරගැනීමෙන් ඔබ සමීප බව අත්විඳ, අංගසම්පූර්ණත්වයේ ප්‍රතිරුවක්
වේවා.
සියලුම ගුණධර්ම
අතරින් ධාරණය කරගැනීමට ඇති ප්‍රධාන ඒවා වන්නේ අවංකකම සහ පිරිසිදුකමයි. ඔබගේ හදවත්
තුළ එකිනෙකා වෙනුවෙන් සම්පූර්ණ පිරිසිදුකම තිබිය යුතුයි. පිරිසිදු දෙයක් තුළ සෑම
දෙයක්ම පැහැදිලිව පෙනෙයි. ඒ අන්දමින්ම, එකිනෙකා වෙනුවෙන් ඔබගේ චේතනා සහ හැගීම්
පැහැදිලිව දිස්විය යුතුයි. අවංකකම සහ පිරිසිදුකම ඇති තැන සමීපත්වය තිබෙයි. ඔබ
බාප්දාදාට සමීප වන සේම, ඔබගේ හදවත් තුළ එකිනෙකා කෙරෙහි සමීප බවක් තිබිය යුතුයි.
ඔබගේ ස්වභාවයන්හි ඇති වෙනස්කම් අවසන් කරන්න. මේ සඳහා, ඔබගේ මනසේ සහ ඔබගේ ස්වභාවයේ
හැඟීම් ඔබ සුසංයෝග (harmonise) කරගත යුතුයි. ඔබගේ ස්වභාවයන් තුළ වෙනසක් නොපෙනෙන
විට, එවිට ඔබ අංගම්පූර්ණත්වයේ ප්‍රතිරුවක් බව කිව හැක.
පාඨය:
නරක් වී ඇති
දෙයක් නැවත තිබුණු තත්ත්වයටම පත් කිරීම, සියල්ලට වඩා උසස්ම සේවයයි.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
ඔබගේ යෝගාව ගින්නක්
තරම් තීව්‍ර කිරීමට, තත්පරයකදි තිතක ස්වරූපයක් බවට පත්වී, ඔබගේ මනස සහ බුද්ධිය
ඒකාග්‍රතාවයට පත් කිරීම නොකඩවා පුහුණු කරන්න. ඔබ ‘නවතින්න’ කියා පැවසූ සැනින්, ඔබගේ
මනස පසහ බුද්ධිය සියලු ශාරීරික අවධානයෙන් ඉවත්ව ඒකාග්‍ර කරගන්න. දවස පුරාම මේ
ආකාරයේ පාලන බලය භාවිතා කරන්න. මෙම බලවත් තිරිංගයෙන් ඔබගේ මනස සහ බුද්ධිය පාලනය
කරන්න. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මතට තත්පරයකදී ඔබගේ මනස සහ බුද්ධිය යොමු කරන්න.
විශේෂ නිවේදනය: මාසයේ
තෙවන ඉරුදිනය වෙනුවෙන් යෝග අභ්‍යාසය.
අද මාසයේ තෙවන
ඉරුදිනය වන අතර සියලු සහෝදරයන් සහ සහෝදරියන් ප:ව: 6.30 සිට 7.30 දක්වා සාමූහිකව
යෝගාවේ අසුන් ගනි. ඔබගේ සුරදූත ස්වරූපයෙන්, දුකින් සහ අසාමයෙන් සැරිසරන ජීවාත්මයන්ට
සතුට සහ ශාන්තියේ පිවිතුරු කිරණ ලබා දී, ඔවුන්ට පරම පියා, පරමාත්ම ජීවය, ආධාර
පිරිනමන්නා ගැන මතක් කර දීමේ සේවය සිදු කරන්න.