19.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැන් මෙම ආධ්‍යාත්මික ව්‍යාපාරය ගෙන යා යුතුයි. ඔබ තමා ජීවයක් ලෙස
සලකමින් සියලුම ක්‍රියාවන් කරන විට ජීවාත්මය දිගින් දිගටම පාපයෙන් තොර තත්ත්වයට
පත්වනු ඇත.
ප්‍රශ්නය:
ස්වර්ණම යුගයේ
උරුමය ලැබීමේ පදනම කුමක්ද? සහ ස්වර්ණම යුගයේ උසස් තත්ත්වයක් ලබා ගැනීමේ පදනම
කුමක්ද?
පිළිතුර:
ඔබ බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් බවට පත් වූ විට ස්වර්ණම යුගයේ උරුමය ලබනු ඇත.
කොහොමනමුත්, එහි උසස් තත්ත්වයක් ලැබීමේ පදනම වන්නේ ඉගෙනීමයි. පියාට වෙන්වීමෙන් පසුව
ඔබ දිගින් දිගටම හොඳින් ඉගෙන, සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත්වුවහොත්, ඔබ රාජකීය
තත්ත්වයක් ලබනු ඇත. සම්පූර්ණයෙන් හොඳින් ඉගෙන නොගෙන කර්ම බන්ධන නිසා සම්පූර්ණ
පාරිශුද්ධත්වයට පත් නොවී, එම තත්ත්වයේ හිඳිමින් තම ශරීරය අත්හළහොත්, ඔවුන් ලබන්නේ
සේවකයන් අතර ඇති සාමාන්‍ය තත්ත්වයක් පමණයි.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබට විස්තර කරනවා. පිටස්තර ලෝකයේ සෑම තැනකම මිනිස්සු
භෞතික ව්‍යාපාර වල යෙදෙන අතර මෙහිදී ඔබ කරන්නේ ආධ්‍යාත්මික ව්‍යාපාරයකි. මෙහිදී
සිදුවන්නේ ජීවයන්ගේ ව්‍යාපාරයයි. ජිවාත්මය තමයි ඉගෙන ගන්නේ, ශරීරය මඟින් පාපයන්හී
යෙදෙන්නේ. මේ නිසා තමයි ’අපිරිසිඳු ජිවය’ හෝ ’පාපකාරී ජීවය’ කියා කියන්නේ. ජීවාත්මය
තමයි සෑම දෙයක්ම කරන්නේ. මේ කාලයේදී සෑම මනුෂ්‍යයෙක්ම ඉන්නේ ශරීර අවධානයෙන්. තමා
ජීවාත්මයක් ලෙස සිතනවා වෙනුවට ඔවුන් සිතනවා මා අහවල් අහවල් කෙනායි, මම මේ මේ
ව්‍යාපාර කරනවා, අහවල් අහවල් කෙනා කෝපවන සුලුයි, රාගාධිකයි ආදී වශයෙන්. ඔවුන් භාවිත
කරන්නේ ශරීරයට දී ඇති නමයි. මෙය හඳුන්වන්නේ ශරීර අවධානයේ ලෝකය, බැසගෙන යන තත්ත්වයේ
සිටින ලෝකය ලෙසයි. සත් යුගයේදී මෙය මෙසේ නැහැ. එහිදී සෑම කෙනෙක්ම ඉන්නේ ජීව
අවධානයෙන්. ඔබ දැන් ජීව අවධානයට පත් කරවනවා. තමා ජීවාත්මයක් යන විශ්වාසය තබා ගන්න
මා ජීවාත්මයක් වන අතර මෙම ශරීරය නම් වූ ඇඳුම මඟින් කොටසක් රඟ දක්වනවා. සාමාන්‍යයෙන්
නළුවන් වුවත් තම ඇඳුම වෙනස් කර නොයෙකුත් චරිත වලට මාරු වෙනවා. පරම පියා කියනවා
ජීවාත්මයන් වන ඔබ ප්‍රථමයෙන්ම සිටියේ සාම දේශයේයි. ඔබගේ නිවහන ඒ සාම දේශයයි. ඒවා
සාමාන්‍ය සීමිත වූ නාට්‍ය වන අතර මෙය අසීමිත වූ නාට්‍යයක්. සෑම ජීවාත්මයක්ම ඒ
උත්තරීතර දනව්වේ සිට පැමිණ ශරීරයක් යොදාගෙන තම කොටස රඟ දක්වනවා. ජීවාත්මයන්ගේ නියම
නිවහන වන්නේ ඒ උත්තරීතර දනව්වයි. එම නළුවන්ගේ නිවස මෙතනයි. ඔවුන් ඉතා සාමාන්‍ය ලෙස
තම ඇඳුම වෙනස් කර තම කොටස රඟ දක්වනවා. පියා මෙහි අසුන් ගෙන විස්තර කරනවා ඔබලා
ජීවාත්මයන්. පරමාත්ම පියා කියනවා ’දරුවනි, දරුවනි!’. නමුත් සන්යාසීන් මෙසේ කියන්නේ
නැහැ. පියා කියනවා මා වන පාරිශුද්ධකරු තමයි, ජීවාත්මයන් වන ඔබ සියල්ලන්ගේම පියා,
දෙවියන් ලෙස හඳුන්වන පියා. පරමාත්ම දෙවියන්, පරමාත්ම පියා අශාරීරිකයි. බ්‍රහ්මා,
විශ්ණු හා ශංකර් පවා දෙවියන්, පියා ලෙස හැඳින්විය නොහැකියි. ඔවුන්ටත් ජීවාත්ම
තිබෙනවා. නමුත් මෙවැනි කතාවක් තිබෙනවා බ්‍රහ්ම දේවතාවා හට ආචාර, විෂ්ණු දේවතාවා හට
ආචාර ආදී වශයෙන්. දේවතාවන් මොනවද කරන්නේ? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඔබ නාටක
සැළැස්මට අනුව ඔබගේ චරිත කොටස රඟපාන්නේ කෙසේද යන්න විස්තර කර දෙන්නේ පරමාත්ම පියාගේ
පැමිණීමත් සමඟ පමණයි. මෙහි තිබෙන්නේ එකම ලෝකයකි. මීට පහළින් අපායකුත්, මීට ඉහළින්
තවත් ලෝකයකුත් තිබෙනවා කියා දෙයක් නැහැ. මෙහි තිබෙන්නේ චක්‍රය වටා යන එකම ලෝකයක්
පමණයි. මිනිස්සු කියනවා, ඔවුන් හෙඳන් ඉඩම් කැබැල්ලක් ගන්න යනවායි කියා. පියා විස්තර
කරනවා දරුවන් දැන් සම්පූර්ණයෙන් ණය ගැති තත්ත්වයෙන් මිදිය යුතුයි. භාරතයේ මිනිසුන්
ගැන මෙසේ කියනවා ඔබ බොහෝ ධනවත්, බුද්ධිමත් තත්ත්වයක සිටියා. ලක්ෂ්මි සහ නාරායන මුළු
ලෝකයම පාලනය කළා. කිසිම කෙනෙක්ට එය කොල්ල කා ගත නොහැකියි. එහි කිසිම වෙන් කිරීමක්
තිබුණේ නැහැ. මෙහි නම් සෑම තැනක්ම වෙන් කර තමයි තිබෙන්නේ! ඔවුන් සෑම දෙයක්ම කොටස්
වලට වෙන්කර ගෙන ඒවාට සටන් කර ගනිමින් ඉන්නවා. ඔබ තමයි මුළු ලෝකයේම පාලකයන්ව සිටියේ
අහස, පොළව, සාගරය සියල්ලම අයිති වූයේ ඔබටයි. ඒවායෙහි පාලකයන් වූයේ ඔබයි. එය දැන්
කෑලි වලට වෙන්ව ගොස් තිබෙනවා. භාරතය මුළු ලෝකයේම පාලකයා බව කිසිම කෙනෙක් දන්නේ
නැහැ. පියා විස්තර කරනවා ජීවාත්මය ලබා ගන්නා චරිත කොටස කිසිම විටෙක ගෙවී යන්නේ
නැහැ, එය සදාකාලිකවම තිබෙනවා. ඔබ දැන් නැවතත් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවත්වයට
පත් වනවා. පසුව ඔබ උපත් 84ක් ගන්නවා. ඔබගේ චරිත කොටස සදාකාලිකවම තිබෙනවා. එය කිසිම
විටෙක අවසන් වන්නේ නැහැ. කිසිම කෙනෙක් සදාකාලික විමුක්තිය ආදී කිසිවක් ලබන්නේ නැහැ.
කොපමණ ගුරූන් සහ ආගමික ග්‍රන්ථ තිබෙනවාද, ඒ තරමටම අදහස් සහ දූෂණ ද වැඩිවනවා.
මනුෂ්‍යයන් අතර දැන් කිසිම සාමයක් නැහැ. ඔබ යන සෑම තැනකදීම, මිනිස්සු අහනවා අපි
කොහොමද මනසේ සාමය ඇති කර ගන්නේ? ඔවුන් මෙසේ කියන්නේ ශරීර අවධානය නිසයි. පියා විස්තර
කරනවා ජීවාත්මයේ ඉන්ද්‍රියන් වන්නේ මනස හා බුද්ධියයි. අනෙක් සෑම එකක්ම ශරීරයේ
ඉන්ද්‍රියන්. ජිවය කියනවා: මගේ මනස සාමය ලබන්නේ කෙසේද? සත්‍ය ලෙසම, මෙසේ කීම
වැරදියි. ඔබ ජීවාත්මයක් වන අතර, ඔබගේ මුල්ම ධර්මය වන්නේ සාමයයි. ඔබ මෙසේ කිව
යුතුමයි මා වන ජීවාත්මය සාමය අත්දකින්නේ කෙසේද? ඔබ ක්‍රියාවන්හී යෙදිය යුතුමයි.
මේවා විස්තර කර දෙන්නේ පරමාත්ම පියා පමණයි. ලෝකයේ කිසිම කෙනෙකුට මෙම ඥානය නැහැ. ඒ
තමයි භක්ති මාර්ගය. ඔවුන් ඥානය ගැන කිසිවක් දන්නේ නැහැ. ඔබට ඥානය දෙන්නේ ඒ එකම එක
පියා පමණයි. පියා ඔහු විසින්ම කියනවා මා සෑම චක්‍රයකදීම සංගම් යුගයේදී මෙහි එනවා.
කලි යුගය අවසානයේදී සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. මෙය රාවණ්ගේ රාජ්‍යයයි. භාරතයේ
මිනිස්සු තමයි රාවණ්ගේ පඹයෙක් සාදා එය පුළුස්සන්නේ. ඒ පාරිශුද්ධකරු වන පියාගේ උපත
සිදුවන්නේ මෙතැනයි. රාවණ් සෑම කෙනෙක්වම අපිරිසිඳු කරන නිසා තමයි ඔවුන් ඔහුගේ පඹයෙක්
සාදා එය පුච්චන්නේ. මෙම කරුණු කිසිම කෙනෙකුගේ බුද්ධියේ නැහැ. භාරතයේ මිනිස්සු
ක්‍රිෂ්ණාගේ උපන් දිනය සමරණවා ඔවුන් ක්‍රිෂ්ණා ආදීන්ගේ දිව්‍යමය ක්‍රියා ආදිය
පෙන්නුම් කරනවා. පියා කියනවා සත්‍ය වශයෙන්ම, ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ක්‍රියා කියා
දෙයක් නැහැ. ක්‍රිෂ්ණා කළේ කුමක්ද? ඔවුන් කියනවා ඔහු කාන්ස්ලාගේ දේශයේ උපත ගත්තා
යැයි කියලා. නමුත් කාන්ස් කියන්නේ යක්ෂයෙක්. ස්වර්ණම යුගයේ යක්ෂයින් සිටිය හැක්කේ
කෙසේද? ස්වර්ණම යුගයේ ක්‍රිෂ්ණා ජීවය සිටි බවත්, ඔහු උපත් 84ක් ගත් බවත් ඔබ දන්නවා.
ඔහු මේ කාලයේදී අපිරිසිඳු වන අතර දැන් පාරිශුද්ධත්වයට පත් වී නැවතත් තම තත්ත්වය
ලබාගනු ඇත. ඒ ආකාරයෙන්ම ඔබත් ක්‍රිෂ්ණාගේ දේශයේ තමයි සිටියේ. ඔබ උපත් 84ක් ලබා ගත්
අතර නැවතත් ඔබගේ තත්ත්වය ලබනවා. ඇත්තෙන්ම ශිව බාබාගේ උපන් දිනය සැමරිය යුතුමයි. සෑම
කෙනෙක්වම අපායෙන් මුදවාගෙන දිව්‍ය ලෝකයට ගෙන යන ශිව බාබාගේ දිව්‍යමය ක්‍රියා ගැන
කිසිම සැමරුමක් නැහැ. ඔවුන් කියනවා අහෝ පාරිශුද්ධකරුවාණනි, බාබා, එන්න! පැමිණ අපව
අපායෙන් දිව්‍ය ලෝකය වෙත ගෙන යන්න! ඔබ අපගේ පියා. ඉතින් අපි දිව්‍ය ලෝකයේ සිටිය
යුතුමයි. අප මේ පාපතර ලෝකයේ ඉන්නේ ඇයි? මේ නිසා තමයි ඔවුන් කෑ ගසන්නේ අහෝ දෙවියනි,
පියාණනි, මේ දුක් සහිත ලෝකයෙන් අපව නිදහස් කරන්න! මෙයද නාටකයේ ඒ ආකාරයෙන්ම සටහන් වී
තිබෙන දෙයක්. පියා කියනවා කිසිම කෙනෙක් මෙම නාටකය ගැන දන්නේ නැහැ. ආගමික ග්‍රන්ථ වල
ඔවුන් සඳහන් කර තිබෙනවා, නාටකයේ කාල පරිච්ඡේදය ඉතා දීර්ඝයි කියා. නව ලෝකය පැරණි විය
යුතුම වන අතර සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසුකර යා යුතුමයි. මෙය අසීමිත වූ
කරුණක්. ඔබ දැන් නැවතත් ලෝක පාලකයන් බවට පත්වනවා. නව ලෝකයේ සිටි භාරතයේ මිනිසුන් වන
ඔබ උපත් 84ක් ගන්නවා. අනෙක් සෑම මනුෂ්‍යයෙක්ම අපිරිසිඳු වන අතර, ඔබ දැන්
පාරිශුද්ධත්වයට පත්වනවා. මේ නිසා තමයි ඔවුන් පාරිශුද්ධත්වයෙන් සිටි අයගේ පිළිරූ
ඉදිරියට ගොස් වඳින්නේ. පාරිශුද්ධ අය පාරිශුද්ධ වූ මිනිසුන්ට වඳිනවාද? සන්යාසීන්
පිරිසිඳු නිසා තමයි අපිරිසිඳු මිනිසුන් ඔවුන් ඉදිරියේ ගොස් වඳින්නේ. කුමාරීන්
පිරිසිඳු නිසා සෑම කෙනෙක්ම ඔවුන්ට වඳිනවා. ඔවුන් විවාහ වී තම නැන්දම්මාගේ ගෙදර ගිය
විට ඔවුන් අනෙක් අයට වැඳිය යුතු වනවා. ඒ අසීමිත පියා දැන් සෑම කෙනෙක්වම
පාරිශුද්ධත්වයට පත් කිරීමට පැමිණ සිටිනවා. ඒ සියලුම දෙනා දැන් කලි යුගයේ සිටින අතර
ඔබ ඉන්නේ සංගම යුගයේයි. ඔබ දැන් අපිරිසිඳු ලෝකයට යන්නේ නැහැ. මෙය තමයි කාරුණිකත්වයේ
යුගය. පියා පැමිණ සෑම කෙනෙක්ටම යහපතක් ගෙන එනවා. ඔබ දැන් ක්‍රිෂ්ණාගේ උපත සමරණවා.
නැතිනම් මිනිස්සු සිතයි ඔබ අදේවවාදීන් කියා. ඇත්තෙන්ම පරමාත්ම පියාව හෝ මෙම
නිර්මාණයේ මුල, මැද හා අග නොදන්නා අය අදේවවාදීන් තමයි. මේ කාලයේදී සෑම කෙනෙක්ම
අනාථයෙක් බවට පත්වෙලා. සෑම නිවසකම රණ්ඩුසරුවල් ඇතිවනවා. එකිනෙකා මරා දැමීමට ඔවුන්
එතරම් කාලයක් ගන්නේ නැහැ. මේ නිසා තමයි මෙය අදේවවාදීන්ගේ ලෝකය, පරම පියා ගැන
නොදන්නා අයගේ ලෝකය ලෙස හඳුන්වන්නේ. ඔහුව දන්නා අය වන්නේ ඔබයි. ඔබට ගල් බුද්ධියක්
තිබුණු බවත්, පියා දැන් ඔබගේ බුද්ධිය දිව්‍යමය බුද්ධියක් බවට පත් කරවන බවත්, ඔබට
දැන් වැටහෙනවා. එහි තවත් අපහසුතාවයක් නැහැ. පරම පියා කියනවා සාමාන්‍ය ලෙස එක පැයක්
ඉගෙන ගන්න. ඔබ ජීවාත්මයක් ලෙස සිතා, මා ඔබගේ පරමාත්ම පියාම බව සිහි කරන්න. ඔබ ශරීරය
සිහි කළොත් ඔබ සිහි කරන්නේ ඔබගේ නෑදෑයන්වයි. ඔබ ජීව අවධානයෙන් සිටියහොත් ඔබ මාව,
ඔබගේ පියාව සිහි කරයි. මෙය තමයි පාපකාරී ලෝකය. සෑම කෙනෙක්ම විෂ සාගරයේ කිමිදෙනවා.
විශ්ණුව පෙන්නුම් කර තිබෙන්නේ, කිරි සාගරයක් මත වැතිරී සිටින අයුරින් යැයි ඔවුන්
කියනවා. එහිදී, ගිතෙල් වලින් සැදි ගංඟා ගලා යනවා කියා ද කියනවා. මෙහි ඔබට පැරෆින්
වත් මිලයට ගැනීමට නොහැකියි. එහි විශාල වෙනසක් තිබෙනවා. දරුවන්ට ද විශාල සතුටක්
තිබිය යුතුයි. පියා, තොටියා ලෙසත් හඳුන්වනවා. ඔවුන් ගායනා කරනවා මාගේ ඔරුව එගොඩ
කරවන්න. මේ සෑම කෙනෙක්ම ඔරුවක් වන අතර, පරම පියා තමයි තොටියා. ඔබ ඔබගේ ශරීරය මෙහි
අත්හරින අතර ජීවාත්මය, සාම දේශයට යනවා. පසුව, එතැන් සිට ඔබව සතුටේ දේශය වෙතට
යැවෙනවා. උත්තරීතර පියා, උත්තරීතර ජීවය තොටියා ලෙසත් හඳුන්වනවා. මිනිස්සු නොයෙකුත්
ආකාරයෙන් පියාගේ ප්‍රශංසනීයත්වය ගැන ගායනා කරනවා. ඔබ දැන් පාරිශුද්ධත්වයට පත් වන
අතර පිරිසිඳු ලෝකයේ පාලකයන් බවට පත් වනවා. ශ්‍රී ශ්‍රී ශිව බාබා ඔබව උසස් කිරීමට
පැමිණ සිටිනවා. දෙවියන්ම කියනවා මෙය තමයි දූෂිත වූ ලෝකය. ඔබ දැන් උත්තරීතර පියා,
උත්තරීතර ජීවයේ ශ්‍රීමත් අනුගමනය කර උසස් තත්ත්වයට පත් වනවා. මේවා දරුවන් වන ඔබ
පමණක් තේරුම් ගන්නා සූක්‍ෂම වූ විනෝදජනක කරුණුයි. අනෙක් අයට මේවා තේරුම් ගත
නොහැකියි. ඒ දිව්‍ය ආගමේ පැළෑටිය දැන් සිටුවන බව ඔබ දන්නවා. දිව්‍ය ධර්මයට අයත් වූ
අයත්, පසුව අනෙක් ආගම් වලට බැඳුණු අයත් බ්‍රහමිණ් දරුවන් ලෙස එනවා. බ්‍රහ්ම කුමර හා
කුමරියන් නොවී ඔබට ස්වර්ණම යුගයේ උරුමය ලබා ගත නොහැකියි. බ්‍රහ්ම කුමරුන් හා
කුමරියන් වන ඔබ දැන් ස්වර්ණම යුගයේ උරුමය ලබා ගන්නවා. ඔබ උත්සාහ දරා, අනෙක් අයවත්
මීට පොළඹවන තරමට, ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට හැකි වනවා. සෑම කෙනෙක්ටම එකම
දේ කළ නොහැකියි. ඔබ සම්පූර්ණයෙන් ඉගෙන ගත්තේ නැත්නම් කුමක් වේද? ඔබ දැන් ඔබගේ ශරීරය
අතහැරියහොත් ස්වර්ණම යුගයට යයි, නමුත් ඔබ ලබන්නේ සේවකයන් අතරේ සාමාන්‍ය තත්ත්වයක්
පමණයි. ඔබ පියාට වෙන්වී හොඳින්ම ඉගෙනගතහොත් රාජකීය තත්ත්වයක් ලද හැකියි. ඉගෙන
නොගතහොත් එයින් තේරෙන්නේ එය ඔබගේ වාසනාවේ නැති බවයි. ඔබ පාරිශුද්ධත්වයෙන් සිට ඉගෙන
ගතහොත් උසස් තත්ත්වයක් ලබනු ඇත. ඔබ අපිරිසිඳු වුවහොත් පියාව සිහිපත් කළ නොහැකිය.
මෙවැනි බොහෝ අය ඉන්නවා. සෑම දෙයක්ම තීරණය වන්නේ ඔබ ඔබගේ කර්ම බන්ධන අවසන් කිරීමෙන්
පසුවයි. වාහනයක රෝද හොඳින් කැරකේ නම්, වාහනයට හොඳින් ඉදිරියට යා හැකියි. දෙදෙනාම
පාරිශුද්ධත්වයෙන් සිටිය හොත් ඔවුන්ට ඥානය නැමති ගින්න මත අසුන් ගත හැකියි. නැතිනම්
දිගින් දිගටම ප්‍රශ්න ඇති වනවා. දරුවන් කියනවා බාබා අප දන්නවා සත් යුගයේ පළමු කුමරා
ක්‍රිෂ්ණා කියා. එසේනම් ඇයි අප එය සමරන්නේ නැත්තේ? අච්චා. මට ක්‍රිෂ්ණාගේ ජීවාත්මයට
කතා කළ හැකියි. එම ජීවයට සෙල්ලම් කරන්නත්, නටන්නත් පුළුවන්. ඔහු තවත් මොනවද කරන්නේ?
ගෝපීවරු සහ ගෝපීන් ඉන්නේ මෙහියි. එහිදී, කුමර කුමරියන් එකට හමුවී එකිනෙකා සමඟ
නැටුම් නටනවා. ඔහු රත්රන් බට නලාවක් පිඹිනවා. අවසානයේදී ඔබ මේ සෑම සෙල්ලමක්ම
දකිනවා. මේ සියල්ල දිගින් දිගටම සිදු වනවා. මුලදී ඔබට එය දර්ශනය කළ අතර ඔබ උත්සාහ
දැරීමට පටන් ගත්තා. දැන් අවසානයේදී සෑම කෙනෙක්ම ලබා ගන්නා තත්ත්වයන් කුමන ආකාරයේ
වේද යන්නත් ඔබට දර්ශනය වීමට පටන් ගන්නවා. මෙය දන්නේ ඔබ පමණයි. පියා මෙහිදී ඔබට මේ
සියලු රහස් විස්තර කරනවා. මිනිස්සු ඔබෙන් අහනවා ඔබ ආගමික ග්‍රන්ථ විශ්වාස කරනවාද?
ඔවුන්ට කියන්න ඔව්, ඇයි අප විශ්වාස නොකරන්නේ? ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ
සැරසිලියි. ඒවායේ කිසිම ඥානයක් නැහැ. ඒ එකම තැනැත්තා පමණයි ඥානය දෙන්නේ. ඔබ ඥානය
ලත් විට, භක්තිය නිරායාසයෙන්ම නවතිනවා. ඔබ කෝවිලකට ගිය විට, ලක්ෂ්මි හා නාරායන
නැවතත් ඒ නව ලෝකයේ පාලන බලය ලබා ගන්නා බව ඔබගේ බුද්ධියේ තිබෙනවා. ඔබ දෙපැත්තේම
වගකීම ඉටු කළ යුතු වන බව දරුවන්ට පියා විස්තර කරනවා. ගෙදර සිටින අතරම ඔබ
පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ශ්‍රීමත් හී සඳහන් වන්නේ සම්පූර්ණයෙන්
පාරිශුද්ධත්වයට පත්වන්න කියාය. සම්පූර්ණ වෛශ්නවයින් බවට පත් වී විශ්ණු රාජ්‍යය හිමි
කර ගන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. යෝගා මඟින්
කර්ම බන්ධන සියල්ල අවසන් කර පාරිශුද්ධත්වයට පත්වන්න. ඥානය නම් වූ ගින්න මත අසුන්
ගන්න. සම්පූර්ණ වෛශ්නවයින් බවට පත්වන්න. එනම්, සම්පූර්ණයෙන් පාරිශුද්ධත්වයට
පත්වන්න.
2. ඔබගේ මුල්ම සාමයේ
ධර්මය මත ස්ථාවර වන්න. සෑම කෙනෙක්ටම සාම දේශය ගැන සිහි කරවන්න. කිසිම විටෙක සාමය
නැතිකර ගන්න එපා.
වරදානය:
ඔබ 'මාස්ටර්
බීජය' බවට පත්ව, ශබ්දයෙන් ඔබ්බෙහි වූ (නිශ්ශබ්ද) අවස්ථාවේ ස්ථාවරව සිටිමින් සියලු
ගුණාංග අත්විඳින අයෙකු වේවා.
සම්පූර්ණ වෘක්ෂයක්
එහි බීජය තුළ ගැබ් වී පවතින්නාක් සේම, සංගම් යුගයේ සියලු විශේෂ ගුණාංග, ඔබේ
ශබ්දයෙන් ඔබ්බෙහි වූ අවධිය තුළ අත්විඳිය හැකිය. 'මාස්ටර් බීජය' වීම යනු හුදෙක්
සාමකාමීව සිටීම පමණක් නොවේ; සාමය සමඟම, මෙම දිව්‍යමය ඥානය තිබීම සහ
ඉන්ද්‍රියයන්ගෙන් ඔබ්බෙහි වූ ප්‍රීතිය, සෙනහස, පරම ආනන්දය සහ බලය ආදී සියලු ප්‍රධාන
ගුණධර්ම අත්විඳීම ද ඊට ඇතුළත් වේ. ඔබම මේවා අත්විඳිනවා පමණක් නොව, අනෙකුත් සියලුම
ජීවාත්මයන්ට ද ඔබේ මුහුණ තුළින් එම සියලු ගුණාංග දැක බලා අත්විඳිය හැකි වනු ඇත.
සියලු ගුණාංග මෙම එක් ගුණාංගය තුළ ගැබ්ව පවතී.
පාඨය:
යහපත්කම
(ගුණාත්මක බව) තුළ පිහිටන්න, නමුත් යහපත්කම ගැන මෝහයට හෝ ආකර්ෂණයට පත් නොවන්න.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
බ්‍රාහ්මණ ජීවාත්ම වන
ඔබේ මුල්ම සහ සදාතනික සංස්කාරය වන්නේ පාරිශුද්ධත්වයයි. ඔබ මෙම ස්වභාවික සංස්කාරය
භාවිත කරන විට, අපවිත්‍රත්වය ඔබේ සිහින තුළ හෝ සිතිවිලි තුළ පවා මතු නොවිය යුතුය.
දැන්, එවැනි සිතිවිලි ඇතිවීමෙන් ඔබ්බට ගොස්, පාරිශුද්ධත්වය ඔබේ ස්වභාවික සංස්කාරය
බවට පත් කර ගැනීමෙන් ඒවා ජය ගන්න. එවිට මෙම විෂයය සම්බන්ධයෙන් විශේෂ උත්සාහයක්
දැරීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.