19.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබේ යුතුකම ඔබටම කතා කර ගනිමින් පාරිශුද්ධියට පත් වීමයි. අන් අය ගැන
සිතමින් කාලය අපතේ නොහරින්න.
ප්රශ්නය:
ඔබේ පරණ වූ
පුරුදු සියල්ල කඩා දැමිය හැක්කේ බුද්ධියේ කුමන සිතිවිලි ගැනීමෙන්ද?
පිළිතුර:
අපි අසීමිත පියාගේ දරුවන් බවත් ලෝකයේ හිමිකරුවන් බවත් සිතට ගත යුතුයි. අපි දෙවි
දේවතාවරු වෙයි. මෙය ඔබේ බුද්ධියට ඇතුල් වුවොත් ඔබේ පැරණි පුරුදු සියල්ල කැඩී යයි.
එය ඔබට අමුතුවෙන් නොකිව්වත් නිරායාසයෙන් සිදුවනු ඇත. ඔබම ඔබේ වැරදි කෑම බීම සහ
මත්පැන් ආදිය අත් හරිනු ඇත. ඔබ කියයි: නියමයි! අපි ලක්ෂ්මි නාරායන බවට පත් විය
යුතුයි. අපි උපත් 21 කම රාජධානිය ලැබීමේ වාසනාව ඇතිව තිබිය දී ඇයි පාරිශුද්ධියට පත්
නොවන්නේ?
ඕම් ශාන්ති.
පියා නැවත
නැවතත් ඔබ දරුවන්ගේ අවධානය ඇති කරයි: ඔබ පියා පිළිබඳ සිහියෙන් සිටිනවාද? ඔබේ
බුද්ධිය වෙනත් දිසාවකට යන්නේ නැහැ නේද? ඒ නිසා ඔබ මෙසේ පියාව අමතයි බාබා, පැමිණ අපව
පාරිශුද්ධියට පත් කරන්න. ඔබ පිරිසිඳු විය යුතුමයි. ඔබට මේ දැනුම ඕනෑම කෙනෙකුට දිය
හැකියි. ඔබ විස්තර කළොත් ලෝක චක්‍රය කරකැවෙන අන්දම ඔවුන් එය වහා තේරුම් ගනීවි.
ඔවුන් පිරිසිඳු නොවූවත් ඥානය හදාරනු ඇත. මෙය ලොකු දෙයක් නොවේ. උපත් 84 හි චක්‍රය,
එක යුගයක කාල සීමාව සහ ඒවායේ ගන්නා උපත් ප්‍රමාණය - මෙය ඉතා පහසුයි! මෙහි ස්මෘතියට
සම්බන්ධයක් නැත. මෙය අධ්‍යයනයකි. පියා ඔබට හරිම හරි දේ විස්තර කරයි. එසේ නැතහොත්,
මෙය සතෝප්‍රධාන් වීමේ කාර්යය වන අතර එය සිදුවන්නේ ස්මෘතිය මඟිනි. ඔබට ස්මෘතිය
නැතිනම් ඔබ ලබන්නේ ඉතා පහළ තත්ත්වයකි. ඔබ උසස් තත්ත්වයක් නොලබන අතර ඒ නිසා මෙසේ
කියැවේ අවධානය! ඔබේ බුද්ධි යෝගය පියා වෙත තබන්න. ඔබ සතෝප්‍රධාන් විය යුත්තේ ස්මෘති
වන්දනාව මඟින් පමණි. ඉන්පසු නැවත ගෙදර යා යුතුයි. කොහොමනමුත්, අධ්‍යයනය පහසුයි.
ළදරුවෙකුට වුවද තේරුම් ගත හැකියි. මෙම ස්මෘතිය සඳහායි මායා සමඟ සටන ඇත්තේ. ඔබ පියා
සිහිකරන විට මායාගේ ඇදීමෙන් එය අමතක වේ. ඔබ තුළ ශිව බාබා ඉන්නවා කියා හෝ ඔබ ශිවා
යැයි හෝ නොකියැ වේ. නැත. ඔබ ජීවාත්ම සත්තාවක් වන අතර ශිව බාබා සිහිකළ යුතුමයි. ඔබ
තුළ ශිවා ඉන්නේ නැත. එසේ විය නොහැකියි. පියා මෙසේ කියයි මම වෙන කිසිවෙක් තුළට ඇතුළු
නොවෙමි. මම මේ රථය පමණක් ගෙන ඔබ දරුවන්ට විස්තර කරමි. ඔව්. දරුවාට ඇත්තේ මොට්ට
බුද්ධියක් නම්, දැන ගැනීමට ආ තැනැත්තා ඉතා හොඳ නම් මා සේවය වෙනුවෙන් දරුවාට ඇතුළු
වී පැමිණි තැනැත්තාට දෘෂ්ඨිද දෙයි. මට ඒ දරුවා තුළ දිගටම සිටිය නොහැකියි. මට විවිධ
ස්වරූප ගෙන ඕනෑම කෙනෙකුට යහපත කළ හැකියි. කොහොමනමුත්, කිසිවෙකුට කිව නොහැකියි ශිව
බාබා ඇතුළු වූ බව හෝ මේ ශිව බාබායි කියන්නේ කියා. නැත. ශිව බාබා විස්තර කරන්නේ
දරුවන්ට පමණි. ප්‍රධානම දේ වන්නේ පාරිශුද්ධියට පත් වීමත් පිරිසිඳු ලෝකයට යා හැකි
වීමත්ය. උපත් 84 හි චක්‍රය ඉතා පහසුවෙන් විස්තර කෙරේ. ඔබ ඉදිරියේ පිංතූර තිබේ. පියා
හැර වෙන කිසිවෙකුට මෙම ඥානය දිය නොහැකියි. මේ ඥානය ලබන්නේ ජීවාත්ම සත්තාවයි. එයට
ඥානය නම් තෙවෙනි ඇස යැයි කියයි. සතුට හෝ දුක විඳින්නේ ද ජීවාත්ම සත්තාවයි. ජීවාත්ම
සත්තාවට මෙම ශරීරය හිමි වී ඇත. දෙවි දේවතා වන්නේ ජීවාත්ම සත්තාවයි. කවුරු හෝ
බැරිස්ටර් හෝ ව්‍යාපාරික වේ නම් එසේ පත් වන්නේ ජීවාත්ම සත්තාවයි. එසේ පියා මෙහි සිට
ඔබ ජීවාත්ම සත්තාවන්ට කතා කරමින් ඔහුවම හඳුන්වා දෙයි. ඔබ දෙවි දේවතාවුන් වූ කළ ඔබ
මනුෂ්‍යයින් වුවත් පිරිසිඳු ජීවාත්ම සත්තාවන් වේ. ඔබ දැන් පිරිසිඳු නැති නිසා ඔබට
දෙවි දේවතාවන් යැයි කිව නොහැකියි. දැන් දෙවි දේවතාවන් වන්නට නම් ඔබ නියතයෙන්ම
පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඒ සඳහා ඔබ බාබා සිහිකළ යුතුයි. සාමාන්‍යයෙන් මෙසේ
කියයි බාබා, මා ශරීර අවධානයට පත් වූ නිසා මේ වරද සිදු වුණා. පියා මෙහි සිට ඔබ
දරුවන්ට විස්තර කරයි ඔබ නියතයෙන්ම පිරිසිඳු විය යුතුමයි. කිසිඳු පාපයකට නොයන්න. ඔබ
මෙහිදී සියලු ගුණාංගයන්ගෙන් පරිපූර්ණ විය යුතුයි. පාරිශුද්ධියට පත් වීමෙන් ඔබ යන්නේ
මුක්ති දේශයටයි. වෙනත් ප්‍රශ්න අවශ්‍ය නැත. ඔබ ඔබවම අමතා ගන්න. අන් අය ගැන සන්තාප
නොවන්න. ඔවුන් මෙසේ කියයි යුද්ධයෙන් මිලියන දෙකක් මළා. එම ජීවාත්ම සත්තාවන් ගියේ
කොහිද? ඔවුන් කොහි ගියත් ඔබට ඇති වැඩේ කුමක්ද? ඔබේ කාලය අපතේ හරින්නේ ඇයි? අනෙක්
ප්‍රශ්න ඇසීම අවශ්‍ය නොවේ. ඔබේ යුතුකම වන්නේ පාරිශුද්ධියට පත් වී පිරිසිඳු ලෝකයේ
හිමිකරුවන් වීමයි. වෙනත් දේ වලට යාමෙන් ඔබ පටලැවිල්ලට පත් වේ. කෙනෙකුට නියම
ප්‍රතිචාරයක් නොලැබුණොත් ඔහු පටලැවිල්ලට පත් වේ. පියා මෙසේ කියයි මන්මනභාව්! ඔබේ
ශරීරයත් ශරීරය හා බැඳි සියල්ලත් අතහරින්න. ඔබ මා වෙත ආ යුතුයි. කෙනෙක් මළ පසු ඔහුගේ
මෘත ශරීරය සොහොනට ගෙන යන විට මුහුණ පැත්ත සොහොනින් පිටතටත් කකුල් සොහොන පැත්තටත්
හැර විය යුතුයි. සොහොනට ළං වූ විට එය අනිත් පැත්ත හරවා මුහුණ සොහොන පැත්තට හැරවිය
යුතුයි. ඔබේ නිවහන ඇත්තේ ඉහළයි. අපිරිසිඳු අයට ඉහළ ආ නොහැකියි. පිරිසිඳු වීමට නම්
ඔබේ බුද්ධි යෝගය පියා හා සම්බන්ධ කරන්න. ඔබ මුක්ති දේශයේ පියා වෙත යා යුතුයි. ඔබ
මෙසේ හඬගාන්නේ ඔබ අපිරිසිඳු නිසාය පැමිණ අපිරිසිඳු අපව පිරිසිඳු කරන්න! අපව නිදහස්
කර ගන්න. පියා මෙසේ කියයි දැන් පිරිසිඳු වන්න! පියා හැම චක්‍රයේ දීම එකම භාෂාවකින්
විස්තර කරයි. ඒ මෙම කෙනාගේ භාෂාවයි. මෙකළ හින්දි සාමාන්‍ය භාෂාවයි. ඔහුට භාෂාව
වෙනස් කළ නොහැකියි. නැත, දෙවි දේවතාවන්ගේ භාෂාව සංස්කෘත නොවේ. හින්දු ආගමේ භාෂාව
සංස්කෘත නොවේ. එය හින්දි භාෂාවම වෙයි. ඉතින් ඔහු කුමටද සංස්කෘත භාෂාව යොදා ගන්නේ?
පියා මෙසේ විස්තර කරයි ඔබ මෙහි සිටින විට, පියා සිහිකරමින් වාඩි වී සිටින්න. වෙන
කිසි දෙයක නොයෙදෙන්න. මදුරුවන් මතු වේ. මතු වී කොහි යන්නද? භූමිකම්පාවකින් හිටි
ගමන් මිනිසුන් මළ විට එම ජීවාත්ම සත්තාවන් කොහි යන්නද? ඉතින් ඔබට මොකද? පියා ඔබට
ශ්‍රීමත් මෙසේ ලබා දෙයි. ඔබ ඔබේ දියුණුව සඳහා උත්සාහ කරන්න. අන් අය ගැන කරදර
නොවන්න. නොඑසේ වූ විට තව නොයෙකුත් දේ ගැන සැලකීමට සිදු වේවි. සරළ ලෙස මාව සිහිකිරීම
පමණක් කරන්න. එච්චරයි. ඔබ මට කතා කළ කාරණය පමණක් සඳහා මේ ක්‍රමය දිගටම කරන්න. ඔබ
ඔබේ උරුමය පියාගෙන් දිනාගත යුතුයි. වෙනත් දේ පටලවා නොගන්න. බාබා නැවත නැවතත් මෙසේ
කියන්නේ ඒ නිසයි සීරුවෙන් සිටින් ! (අවධානය). ඔබේ බුද්ධිය වෙනත් දිසාවකට යා දැයි
පරෙස්සම් වන්න. ඔබ දෙවියන්ගේ ශ්‍රීමත් වලට කීකරු විය යුතුයි. වෙන කිසිවක කිසි
යහපතක් නැත. ප්‍රධාන දේ පිරිසිඳු වීමයි. මෙය තහවුරුවම සිහිකරන්න. අපේ බාබා, අපේ
පියා, ගුරුවරයා සහ උපදේශකයා වෙයි. නියතයෙන්ම මෙය හදවතේ තබා ගන්න පියා පියාමයි. ඔහු
අපට උගන්වයි. ඔහු අපට යෝගා උගන්වයි. ගුරුවරයෙක් උගන්වන විට ඔබේ බුද්ධි යෝගය
ගුරුවරයා හා අධ්‍යයනය වෙත බැඳේ. මේ පියා මෙසේ කියයි දැන් ඔබ පියාට අයිතියි. ඔබ
දරුවන් වන අතර ඒ නිසාම මෙහි හිඳිමින් ගුරුවරයාගෙන් අධ්‍යයනය ලබයි. ඔබ කොහේ සිටියත්,
ඔබ පියාට අයිති වන අතර අධ්‍යයනය කෙරේ අවධානය යොමු විය යුතුයි. ඔබ ශිව බාබා
සිහිකළොත් ඔබේ පාප පිළිස්සී ගොස් ඔබ සතෝප්‍රධාන් බවට පත් වේ. මේ ඥානය වෙන කිසිවෙකුට
දිය නොහැකියි. මිනිසුන් ඉන්නේ අන්ත අන්ධකාරයේය. බලන්න ඥානයේ ශක්තිය කොතරම් ද කියා!
ඔබ මේ ශක්තිය ලබන්නේ කොයිබින්ද? ඔබ මෙය ලබන්නේ ඔබ පිරිසිඳු කරන පියා තුළිනි. එවිට
අධ්‍යයනය ඉතා සරළ වේ. අනෙක් අධ්‍යයන මාස ගණන් යයි. මෙහි එය හත් දින පාඨමාලාවකි.
එයින් ඔබ සියල්ල තේරුම් ගනී. ඉනික්බිතිව සියල්ල රඳා පවතින්නේ ඔබේ බුද්ධිය මතයි.
සමහරු දීර්ඝ කාලයක් ගන්නා අතර තව අය කෙටි කාලයකින් කර ගනී. සමහරු දින දෙක තුනකින්
සියල්ල තේරුම් ගනී. ප්‍රධානම දේ නම් පියා සිහිකර පිරිසිඳු බවට පත් වීමයි. මෙයයි
අපහසු නමුත් අධ්‍යයනය නම් ඉතා සරළය. ඔබ ස්වදර්ශන චක්‍රධාරී බවට පත් විය යුතුයි. එක
දවසක පාඨමාලාවෙන් වුවත් ඔබට සියල්ල තේරුම් ගත හැකියි. අපි අසීමිත පියාගේ දරුවන් වන
ජීවාත්ම සත්තාවන් වම්හ. ඒ නිසා අපි නියතයෙන්ම ලොව හිමිකරුවන්ය. මෙය ඔබේ බුද්ධියට
ඇතුළු වේ. ඔබ දෙවි දේවතාවරුන් වන්නට ඕනෑ නම්, දිව්‍යමය ගුණාංග උකහා ගත යුතුයි. මෙය
බුද්ධියේ ඇති අය ක්ෂණයකින් ඔවුන්ගේ සියලු පුරුදු අත් හරී. ඔබ කිව්වත් නැතත් ඔවුන්ම
එය කර ගනී. ඔවුන් ඔවුන්ගේ වැරදි ආහාර පුරුදු, බීම වර්ග, මධ්‍යසාර ආදී සියල්ල
අත්හරී. අපූරුයි ! මා මෙසේ වෙන්න ඕන (ලක්ෂ්මි සහ නාරායන්). මා උපත් 21කට රජ දහනේ
වාසනාව ලබනවා. ඉතින් අපි පිරිසිඳු නොවී ඉන්නේ ඇයි? එය තදින් තේරුම් ගන්න. ප්‍රධාන
වන්නේ ස්මෘති වන්දනා ගමනයි. කොහොමනමුත්, උපත් 84ක චක්‍රය පිළිබඳ ඥානය තත්පරයකින් ගත
හැකියි. එය දෙස බැලීමෙන් පමණක් වුවද තේරුම් ගත හැකියි. නව ගසක් නියතයෙන්ම කුඩාය.
දැන් ගස විශාල වී තමෝප්‍රධාන් වී ඇත. හෙට එය නවතාවයෙන් කුඩා වනු ඇත. ඔබ දන්නවා මේ
ඥානය වෙන කොහෙන්වත් කිසි කලෙක ලද නොහැකි බව. මෙය ඉගෙනීමකි. ඔබ දැන් ලබන මුල්ම
ඉගැන්වීම නම් පියා සිහිකරන්න ! පියා ඔබට උගන්වන බව පිළිබඳ විශ්වාසය තබන්න. දෙවියන්
කතා කරයි මම ඔබට රාජයෝගා උගන්වමි. කිසිම මනුෂ්‍යයෙකුට මෙය කිව නොහැකියි. ගුරුවරයෙක්
උගන්වන විට ඔබට ඔහුව සිහිවෙයි. ඔහු ඔබේ අසීමිත පියාද වෙයි. ඔහු අපව දෙව් ලොව
අයිතිකරුවන් කරවන නමුත් ජීව සත්තාවන් පිරිසිඳු වන්නේ කෙසේද? කිසිවෙකුට මෙය කිව
නොහැකියි. ඔවුන් දෙවියන් හෝ වෙනකෙක් හෝ කිව්වත් ඔවුන්ට ඔබව පිරිසිඳු කළ නොහැකියි.
මෙකළ බොහෝ අය දෙවිවරු වී ඇත ! මිනිසුන් පැටලී ඇත. ඔවුන් කියන්නේ බොහෝ ආගම් මතු වී
ඇති අතර කුමක් හරිද කියා කෙසේ කියන්නද යන්නයි. ඔබ ඔබේ ප්‍රදර්ශන සහ කෞතුකාගාර ඔවුන්
ලවා විවෘත කරන නමුත් ඔවුන්ට කිසිවක් නොතේරෙයි. ඇත්ත නම් දැනටම විවෘතය සිදු වී ඇත.
පළමුව පදනම දමා ගොඩනැගිල්ල ඉදිකර අවසන් වූ විට විවෘත කිරීම සිදු වේ. පදනම දැමීමටත්
මිනිසුන්ට ආරාධනා කෙරේ. පියා මෙම ස්ථාපනය සිදු කරන නමුත් නව ලෝකයේ විවෘත කිරීම
නියතයෙන්ම සිදු වේ. කිසිවෙකුට එම විවෘත කිරීමේ අවශ්‍යතාවයක් නැත. විවෘත කිරීම එය
විසින්ම කෙරේ. අප මෙහිදී ඉගෙනීම කර නව ලෝකය කරා යන්නෙමු. ඔබ දැන් තේරුම් ගන්නවා නව
ලෝකයේ ස්ථාපනය සඳහායි ඔබ උත්සාහ කරන්නේ කියා. විනාශය සිදු වූ පසු ලෝකය වෙනස් වේ.
ඉන්පසු ඔබ නව ලෝකයේ පාලනයට පැමිණේ. පියා ස්වර්ණමය යුගයේ ස්ථාපනය සිදු කරයි. ඔබ
ආවායින් පසු දිව්‍ය රාජ්‍යය ලැබෙන නමුත් විවෘත කිරීමේ උත්සවය කරන්නේ කවුද? පියා
දෙව්ලොව නොඑයි. ඔබ ඉදිරියට යන විට දිව්‍යලෝකයේ දැකිය හැක්කේ මොනවාද අවසානයේ
සිදුවන්නේ මොනවා ද යැයි පෙනේවි. ඔබ ඉදිරියට යන විට සියල්ල වැටහේවි. ඔබ දරුවන්
දන්නවා පාරිශුද්ධිය නැතිව ගෞරවයෙන් දෙව්ලොව යා නොහැකිය. ඔබට එතරම් තත්ත්වයක්
නොලැබේ. පියා මෙසේ කියයි බොහෝ උත්සාහ දරන්න! ඔබ ව්‍යාපාර කරන නමුත් විශාල මුදල්
ප්‍රමාණයකින් ඔබ කුමක් කරන්නද? එය කෑමට නොහැකියි. ඔබේ දරුවන් සහ මුණුබුරන්ට එය
ආහාරයට ගත නොහැකියි. කිසිවෙකුට එය පැවරිය නොහැකියි. දුප්පතුන් හැම දෙයක්ම ඉක්මනින්ම
පවරා දෙයි. භක්ති මාර්ගයේ දී ඔවුන් හැම දෙයම මාරු කර දෙන නමුත් එය වක්රාකාරය. මෙය
ඍජුය. අපිරිසිඳු මනුෂ්‍යයින් අපිරිසිඳු අය සමඟම දීම ගැනීම කරයි. දැන් පියා පැමිණ
ඇති අතර ඔබ දැන් අපිරිසිඳු අය සමඟ ගණුදෙනු නැත. ඔබ බ්රාහ්මණවරුය. ඔබ
බ්රාහ්මණවරුන්ට උදව් කළ යුතුයි. සේවාව කරන අයට උදව් අනවශ්‍යය. දුප්පතුන් පොහොසතුන්
මෙහි එන නමුත් කෝටිපතියන් මෙහි එන්නේ කලාතුරකිනි. පියා මෙසේ කියයි මා දුප්පතුන්ගේ
ස්වාමියාය. භාරතය දුප්පත් රටකි. පියා මෙසේ කියයි මම භාරතයට එන අතර එයිනුත් මහා
වන්දනීය ස්ථානය වන පියා පැමිණ මුළු ලොවටම ගැලවීම ලබා දෙන අබු කරා එමි. මෙය අපායයි.
ඔබ දන්නවා අපාය දෙව්ලොව ලෙස වෙනස් වන ආකාරය. ඔබේ බුද්ධියේ මුළු ඥානය ඇත. පියා
සියල්ලන්ටම යහපතක් වන පිරිසිඳු වන ක්‍රමය පෙන්වා දෙයි. සත් යුගයේ දී පාඩුවක් පිළිබඳ
ප්‍රශ්නයක් හෝ දුක් වැලපීම් ආදිය නැත. මෙකළ පියාගේ පැසසුම වූ කලී ඔහු ඥාන සාගරය සහ
සතුටු සාගරය යන්නයි. පියාගේ පැසසුම ඔබේත් මෙකල පැසසුම වෙයි. ඔබ ද ප්‍රමෝද සාගරයයි.
ඔබ බොහෝ අයට සතුට දෙයි. එවැනි සංස්කාර ඔබ නව ලෝකයට ගෙන ගිය විට පැසසුම වෙනස් වේ.
එනම්, ඔබට කියන්නේ සියලු ගුණාංගයන්ගෙන් සම්පූර්ණ කියාය. ඔබ දැන් සිටින්නේ අපාය
තුළය. මෙය කටු අකුලකි. පියා ම පමණි උයන අයිති කරු සහ බෝට්ටු කරුවා වන්නේ. ඔවුන්
අසතුටින් නිසා මෙසේ ගයයි අපේ බෝට්ටුව එතෙර කරන්න. ජීව සත්තාවන් කෑ ගසන්නේ එසේය.
ඔවුන් ඔහුගේ පැසසුම එසේ ගැයුවාට කිසිවක් තේරෙන්නේ නැත. ඔවුන් සිතට එන හැම දෙයම
කියයි. ඔවුන් ඉහළම ඉහළ දෙවියන්ට දිගින් දිගට අපහාස කරයි. ඔබ කියන්නේ ඔබ සත්‍යවාදීන්
කියාය. සියලු දෙනාගේම ගැලවුම්කාරයා වන්නේ පියා වන අතර දැන් ඔබ ඔහු ගැන දනී. පියාම
ඔහුගේ හැඳින්වීම ලබා දී ඇත. ඔවුන් ඔබට ගරහන්නේ ඔබ භක්තිය තව දුරටත් නොකරන නිසාය.
ඔවුන් වැඩි පිරිස වන අතර ඔබ අයත් වන්නේ අඩු පිරිසටය. ඔබේ පිරිස වැඩි වූ විට ඔවුන්ගේ
බුද්ධියේ ඉබි යතුරු විවෘත වනු ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ ම
ඉදිරි ගමන ගැන පමණක් සළකන්න. වෙනත් දෙයක නොයෙදෙන්න. ඉගෙනීමට සහ ස්මෘතියට සම්පූර්ණ
අවධානය යොමන්න. ඔබේ බුද්ධියට අයාලේ යන්න නොදෙන්න.
2. පියා දැන් ඍජුවම
මෙතනට පැමිණ සිටී. ඒ නිසා උපක්රමිකව ඔබට තිබෙන සෑම දේම දානය කරන්න. අපිරිසිඳු
ජීවාත්ම සත්තාවන් සමඟ කිසිඳු හුවමාරුවක් නොකරන්න. ගෞරව සහිතව දෙව්ලොව යාමට නම් ඔබ
නියතයෙන්ම පිරිසිඳු විය යුතුයි.
වරදානය:
ඔබේ මනස සහ
බුද්ධිය නිෂ්ඵල දේවලින් නිදහස්ව තබාගෙන පාලකයෙකු ලෙස බ්‍රහ්මින් සංස්කාර නිර්මාණය
කරත්වා.
ඕනෑම කුඩා නිෂ්ඵල
අවස්ථාවක්, නිෂ්ඵල වාතාවරණයක් හෝ නිෂ්ඵල දර්ශනයක් මුලින්ම ඔබේ මනසට බලපාන අතර පසුව
ඔබේ බුද්ධිය එයට සහයෝගය දක්වයි. ඔබේ මනස සහ බුද්ධිය ඒ ආකාරයෙන් එකට ක්‍රියා කරන
විට, සංස්කාරයක් නිර්මාණය වේ. එවිට බ්‍රහ්මින් සංස්කාර නොවන විවිධ සංස්කාර ඔබට
දැකගත හැකි වනු ඇත. ඕනෑම නිෂ්ඵල සංස්කාරයක බලපෑමට ලක්වීම, ඔබ සමඟ සටන් කිරීම, ඔබේ
සතුට නැවත නැවතත් නැති කර ගැනීම රණශූරයෙකුගේ සංස්කාර වේ. බ්රහ්මින්වරයෙකු යනු
නිෂ්ඵල සංස්කාරයන්ගෙන් නිදහස් වූ, බාහිර කිසිවකින් යැපෙන්නේ නැති තමා මත පාලකයෙක්
යන්නයි.
පාඨය:
මාස්ටර්
සර්වබලධාරියෙකු යනු ස්ථිර පොරොන්දුවකින් සියලු ගැටළු පහසුවෙන් ජය ගන්නා අයෙකි.