19.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අභ්‍යන්තරයෙනුත් බාහිරවත් පිරිසිදු හා අවංක අය බවට පත්වන්න. දැන් ඔබ තුළ
කැත පුරුදු නොතිබිය යුතුයි.
ප්රශ්නය:
පරම පියාගෙන්
සම්පූර්ණ උරුමය අත්කර ගැනීම සඳහා, ඔබ බ්‍රාහ්මණ දරුවන් අවධානය යොමු කළ යුත්තේ කුමන
ධාරණයටද?
පිළිතුර:
1. මෙම උපතේදී පියාට අයිති වුවායින් පසු සිය ගුණයකින් දඬුවම් විඳීමට සිදුවන පාප
ක්‍රියා කිසිවක් නොකරන්න. 2. අතිශයින්ම සුමිහිරි වූ පරම පියා ඔබව ඔහු මෙන්ම
සුමිහිරි බවට පත් කරවනවා. එබැවින් ඔබේ කටින් අන් අයව දුකට පත් කළ හැකි අමිහිරි වචන
කිසිවක් කියන්න එපා. 3. දුක ඉවත් කර සතුට ලබාදෙන්නාගේ දරුවන් වී අන් සැම දෙනාගේම
දුක ඉවත්කරන්න. ඔබේ සිතිවිලි, වවන හා ක්‍රියාවෙන් සෑම දෙනාටම සතුට ලබා දෙන්න. 4.
ප්‍රශංසාව සහ නින්දාව අතර සමානතාවය රැකගන්න.
ඕම් ශාන්ති.
සත්ගුරුගේ
දිනය (බ්‍රහස්පතින්දා) වෘක්ෂ දේවතාවගේ දිනය ලෙසද හැඳින්වෙනවා. වෘක්ෂයේ අධිපතිගේ
දිනය යනු පරම පියාගේ දිනයයි.මාසයේ පළවෙනි දවසේ අඳුරු අමාවක දිනය අවසන් වී දවස පටන්
ගන්නවා: හඳ වර්ධනය වෙන්න පටන්ගන්නවා. එම දිනවල මිනිසුන් මළගිය ප්‍රාණ කාරයන්ට
ආරාධනා කර ඔවුන් කැමති ආහාර දී ඔවුන්ගේ ආශාවන් සන්සිඳවනවා. එවිට ඔවුන් වෙන දේවල්
ඉල්ලා සිටින්නේ නැහැ. ඒ සැමව තෘප්තිමත් කරනවා. එක් වරක් ඔවුන් දහවලට ගියොතින් ආපසු
ඔවුන්ට රාත්‍රියට පැමිණීමට ඇති අවශ්‍යතාව කුමක්ද? ඒකයි චාරිත්‍රය, කෙනෙකු මියගොස්
මාස දොළහකට පසු ඔහුගේ නෑදෑයින් එම ප්‍රාණයට කවා සියල්ල අහවර කරයි. ඉතින්, ඔවුන් ඇයි
අඳුරු රාත්‍රියට එම ප්‍රාණ කරුවන් ගෙන්වන්නේ? කෙසේ වෙතත්, බ්‍රාහ්මණ පූජකවරු
නිර්මාණය කළ සිරිත දිගටම කරගෙන යනවා. ඔවුන්ට නොකඩවා දන් ලැබෙනවා. එය සීමිත අමාවක
(අඳුර) වේ. එහෙත් දැන් පරම පියා ඇවිත් ඉන්නේ අසීමිත අඳුරෙහිය. දැන් පරම පියා ඇවිත්
සිටිනවා. අඩ කල්පයක් පුරා තිබූ අඳුර අහවර වෙන්නයි යන්නේ. පසුව ස්වර්ණමය යුගයේදී
ආලෝකයම පමණයි තිබෙන්නේ. එහිදී මිනිස්සු මිය ගිය ප්‍රාණයන්ට කවන්නේ නැහැ. මෙය දැන්
අසීමිත වූ අඳුරයි. බ්‍රහ්මාගේ අඳුරත් බ්‍රහමින්වරුන්ගේ අඳුරත් දැන් අහවර වෙමින්
තිබෙන අතර දවාල ඇරඹෙනවා. ඉන්පසු මිය ගිය ප්රාණකරුවන්ට කවන්නේ නැහැ. ඇත්තෙන්ම එහි
බ්‍රාහ්මණ පූජකවරු නැහැ. කිසිම කෙනෙක් නොමැරෙනවා කියා නොවෙයි. නමුත් එහි මෙවැනි
සිරිත් තිබෙන්නේ නැහැ. මෙහි නොයෙක් විදියේ බ්‍රාහ්මණ පූජකවරු සිටිනවා. ඔවුන්
සියල්ලන්ටම අවශ්‍ය එකම ලොවක් හා එකම ජාතියක්. මෙතරම් මිනිසුන්ගෙන් යුත් එකම ජාතියක්
තිබිය නොහැකියි. ඔව්. එකම රාජ්‍යයක් හා එකම ක්‍රම සහ විධි තිබුණේ ස්වර්ණම යුග
කාලයේයි. පරම පියා පැමිණ එය ස්ථාපනය කරයි. එහිදී සෑම කෙනෙක්ම මිහිරි වන අතර දුකක්
ඇත්තේම නැහැ. ඔවුන් කිසිම විටෙක තිත්ත වචන කතා කරන්නේ පාප ක්‍රියා කරන්නේ නැහැ.
කෙනෙකු කෙතරම් දුරට උත්සාහ දරනවා ද, ඒ අනුව අනුපිළිවෙලින් තත්ත්වයක් ලබනවා. එහිදී
කිසිම කෙනෙක් කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. ඔවුන් පිටතින් මෙන්ම ඇතුළතිනුත්
පිරිසිදු හා අවංක වෙනවා. මෙහිදී, මිනිස්සු ඇතුළතින් එකක් පිටතින් තවත් එකක්.
එකිනෙකාට සෑහෙන පාඩු කරගන්නවා. මේ සෑම දේම රාවණාගේ රාජ්‍යයේ කිළිටි වූ විෂම සහගත
දේවල්. බාබා දැන් එය සම්පූර්ණයෙන්ම අහවර කරනවා. කෙසේ වෙතත්, සෑම කෙනෙකුගේම නරක
පුරුදු එක පාරට නවතින්නේ නැහැ. ඒ සඳහා කාලයක් යනවා. ඔබ බොහෝ යෝගාවෙහි යෙදෙයිද, සෑම
පියවරේම යෝගාවෙහි ඉන්නවා ද. එසේම යම් පාප ක්‍රියා කරනවාද යන්න පරික්ෂා කරනවා. මා
සුමිහිරි වී සිටිනවා ද, මා අන් අයව සුමිහිරි කරනවා ද? මා ම අමිහිරි සැර වවත කතා
කරනවා නම්, මා අන් අයව සුමිහිරි කරන්නේ කෙසේද? එවැනි අය මෙහිදී ඉක්මණින්ම පේනවා.
ඔවුන්ට සැඟවී ඉන්න බැහැ. පියා කියනවා : මගේ දරුවන් වීමෙන් පසුවත් ඔබ යම්කිසි වැරැදි
ක්‍රියාවක් කළොතින් සෑහෙන දඩුවම් විඳින්න සිදුවන අතර තත්ත්වයද විනාශ වී යනු ඇත.
පරමාත්ම දෙවියන්ම මෙහි ඉඳගෙන උගන්වන්නේ ඔබව දේවතාවන් බවට පත් කරවන්නයි. ඔවුන්
දේවතාවන්ගේ කීර්තිය ගැන ගායනා කරනවා. සියලු ගුණාංගයන්ගෙන් පිරි, සම්පූර්ණයෙන්ම
ගුණාංගයන්ගෙන් සපිරි සහ පරම අවිහිංසා ධර්මය අනුගමනය කරන්නන්. මෙහිදී, දෙයාකාරයක
හිංසා කිරීම් තිබෙනවා. මුලින්ම මිනිසුන් රාගය නම් වූ කඩුව පාවිච්චි කළ නිසා මුල සිට
අග දක්වාම දුක අත්දකිනවා. දෙවනුව, ඔවුන් කෝපයට පත් වූ විට එකිනෙකා හා ගහගෙන දුක
දීමෙත් අසතුටට පත්වෙනවා. මෙහිදී දරුවන්ට තම සිතිවිලි, වචන හා ක්‍රියා කිසිවකින්
එවැනි කිසිම ක්‍රියාවක් නොකිරීමට කියා තිබෙනවා. කිසිම කෙනෙකුට දුක් දෙන්න එපා. අප
දුක නැතිකර සතුට ලබාදෙන්නාගේ දරුවන්. එමනිසා, සෑම කෙනෙකුගේම දුක නැතිකර සතුට ලබාදිය
හැකි මාර්ගය කියන්න. එවිට පෙර කළ ක්‍රියාවල කර්ම ගිණුම් ගෙවී යාවි. මෙහිදී පරම පියා
පහදා දෙනවා : ඔබ මේ උපතේදී කර තිබෙන පාප ගැන බාබාට කියන විට ඉන් අඩක්ම අඩු වෙනවා.
කොහොම නමුත්, උපත් ගණනාවක සිට කළ නොයෙකුත් ක්‍රියා නිසා සිදු වූ පාපයන් බොහෝ ඔබේ
හිසමත තිබෙනවා. දැන්, පියා පැහැදිලි කරනවා. මේ උපතේදී පාප එකතු වන කිසිම ක්‍රියාවක්
නොකළ යුතුයි. ඒ වෙනුවට ඔබ යෝගා බලයෙන් උපත් ගණනාවක සිට මෙතෙක් කල් කළ සියලු පාප
පුළුස්සා දැමිය යුතුයි. මෙම උපතේදී පියාට අයිති වීමෙන් පසු කිසිම පාපකාරී ක්‍රියාවක
යෙදෙන්න එපා. බ්‍රාහ්මින් කෙනෙකු වන්නේ නැතිව ඔබට උරුමයක් ලද නොහැකියි. මේ බාබා හා
දාදායි. ඔබ උරුමයක් ලබන්නේ ඔහුගෙනුයි. මොහුගෙන් නොවේ. මොහු තමාටම කියා කිසිම නමක්
යොදා ගත්තේ නැහැ. ඔහු වාහනය පමණයි. ඔහුගෙන් කිසිම දෙයක් ඔබ ලබන්නේ නැහැ. මෙහිදී
වාහනයද සිහිපත් කර ඇත. හුසේන්ගේ වාහනයක් තිබෙනවා. ඔවුන් එම අශ්වයාව ඉතා හොඳින්
සරසනවා. මෙය අපිරිසිදු ශරීරයක්. ඔහුවත් දැන් සරසවමින් තිබෙනවා. ඔහුව සරසවන්නේ
ඔහුගේම උත්සාහයෙනි. බාබා කිසිසේත් ඔහුට පක්ෂපාතව උදව් කර නැහැ. බාබා ඇතැම් විට
විහිළු කර ඇති ඔහුට කුලියක් ගෙවිය යුතුයි කියා. කෙසේ වෙතත්, ඔහුද ඔබලා මෙන්ම උත්සාහ
කරන්න වෙනවා. කුලියක් ගන්න ඔහුට තණ්හාවක් නැහැ: බාබා එවෙලෙහි විහිළුවක් කළා.
ජීවාත්මයක් යෝගාවෙන් බලවත් විය යුතුයි. ඔබට යෝගාව බොහෝ තිබෙයිද, බොහෝ
පාරිශුද්ධත්වයට ඔබ පත්වෙනවා. ඉන්පසු ඔබ අන් අයවද ඔබ මෙන්ම කළ යුතු වෙනවා. හොඳ
සේවාධාරී දරුවන් ඉතාමත් ප්‍රසිද්ධ වන බව ඔය දරුවන් දන්නවා. එම දරුවයි බාබා සේවය
සඳහා යවන්නේ. ඔබ ඉතා මිහිරි බස් කතා කළ යුතු අතර කිසිවකු සමග රණ්ඩු නොවිය යුතුයි.
බ්‍රාහ්මණයන් අමිහිරි ලෙස කතා කළොත් ඔවුන් තුළ කෝපයේ යක්ෂයා සිටිනවා යැයි කියනු
ඇත. ඔබ ප්‍රශංසාව සහ නින්දාව යන්නෙහි සමානතාවයක් පවත්වා ගත යුතුයි. බොහෝ අය තුළ
කෝපයේ යක්ෂ ගතිය තිබෙන අතර බොහෝ අය ඔවුන් සමග සිත් අවුල් කරගනී. ඒ කියන්නේ හැමෝම
තමන්ගේ කෝපය අත්හැරියා කියන එක නොවේ. ඔබ සැවොම පරිසමාප්ත වන කාලය එන තුරු මෙම
මිශ්‍ර ලෝහය ටිකෙන් ටික ඉවත් වෙමින් තිබෙයි. කිසිම කෙනෙකුට තමාට තරහා යන්නේ නැහැ
කියා කියන්න බැහැ. සමහරුන්ට වැඩියෙන් තිබෙයි සමහරුට අඩුවෙන් තිබෙයි. සමහර
මිනිසුන්ගේ කටහඬ පවා රණ්ඩු වෙනවා වගෙයි. ඔය දරුවන් ඉතාමත් සුමිහිරි විය යුතුයි.
මෙහි ඔබ සියලු ගුණාංග වලින් සම්පූර්ණ විය යුතුයි. බොහෝ වර්ගයේ පාප තිබෙනවා. කෝප වීම
සහ බොරු කීම යන දෙකම පාපයන්. පරම පියා කියනවා :දරුවනි, ඔබ දැන් කිසියම් පාප
ක්‍රියාවන් කළොතිත් එහිදී බරපතල දඬුවමට ලක්වනවා ඇත. එහි මා සමග සිටින ධර්මරාජ ඔබට
දඩුවම් දෙයි. මෙහිදී ඔබ පෙනෙන ලෙස දඩුවම් විඳිනවා. එහෙත් එහිදී ධර්මරාජගේ දණ්ඩනය
අදෘෂ්‍යමානයි. ජීවාත්මය ද ගර්භාෂ සිරකුටිය තුළ දඬුවම් විඳිනවා. ලෙඩ රෝගයකින් යම්
කෙනෙක් දුක් විඳීද එයද කර්මයේ විඳවීමකි. ජීවාත්මය දඩුවම් ලබන්නේ ධර්මරාජ්ගෙනි. මෙකල
ඔබ අතීතය හා වර්තමානය සඳහා දඬුවම් ලබනවා. පසුව ගර්භාෂ සිර කුටිය තුළත් දඬුවම්
ලබනවා. එය අදෘෂ්‍යමානයි. එහිදී ධර්මරාජ් දඬුවම් කරන්නේ නැහැ. මෙහි ජීවාත්මයට ශරීරය
තුළින් වේදනා විඳින්න වෙනවා. පරම පියා දැන් අපව එයින් මුදවමින් සිටිනවා. පරම්පිතා,
පරමාත්මා සහ ධමරාජ් යන දෙදෙනාම මෙහි ඉදිරියේ සිටිනවා. මෙය සැමගේම ගණන් පියවීමේ
කාලයයි. සෑම කෙනෙකුගේම විනිශ්චය සිද්ධ වෙනවා. මෙයද නාටකයේ නියම වී ඇත. ඔබ පරිසමාප්ත
විය යුතු බව තේරුම් ගත් දා සිට කිසිම පවක් ඔබ විසින් නොකළ යුතුයි. ඔබේ යහපතට
හැකිතාක් උපරිම උත්සාහයේ යෙදෙන්න. මෙය සෑම චක්‍රයේම සිදුවන දෙයක්. එම ඉගෙනුම එක්
උපතක් සඳහායි. ඔබේ ඊලඟ උපතේ තව දෙයක් ඉගෙන ගන්න වෙනවා. කෙසේ වෙතත්, මෙම ඉගෙනුම උපත්
21ක් සඳහා වේ. පරම පියා ඔබට උපත් 21ක් සඳහා අවිනාශී තත්වයක් ලබාගත හැකි අවිනාශී
අධ්‍යාපනයක් දෙනවා. ඔබ පරම පියා වෙතිත් උපත් 21ක් සඳහා උරුමයක් ලබනවා. මෙය පැරණි
ලොව බවත්, නව ලොවෙහි හුදෙක් භාරතය පමණක් තිබෙන බවත් ඔය දරුවන් දන්නවා. නැවතත්
චක්‍රය කැරකිය යුතුයි. නව ලෝකය ස්ථාපනය වීමත් පැරණි ලොව විනාශ වීමත් සිදුවිය
යුතුයි. පරම්පිතා පරමාත්මා ඇවිත් බ්රහ්මා තුළින් නව ලෝකය නිර්මාණය කරනවා කියා
සඳහන් කර තිබෙනවා. බ්‍රාහ්මණයන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එබැවින්, ඔවුන්
අනිවාර්යයෙන්ම පාරිශුද්ධ වෙනවා. එසේම රාජයෝගා ඉගෙන ගන්නවා. අප බ්‍රහ්ම කුමාර් සහ
බ්‍රහ්ම කුමාරින් පාරිශුද්ධත්වයට පත්වෙමින් සිටිනවා. පරම පියා කියන්නේ නැහැ ඔබට
ගෙවල් දොරවල් අතහැර දමා එන්න කියා. කොහෙත්ම නැහැ. ඔබේ පවුලේ අයත් සමග සිටිනා අතරේ
නෙළුම් මලක් සේ ජීවත් වන්න. "බාප්දාදා" කියන නම ඉතාමත් හොඳයි. ඔබ ඔබේ දාදා
(සීයා)ගෙන් උරුමය ලබනවා. ඔහු අති උසස්ම කෙනා වේ. බ්රහ්මා දැන් අපිරිසිදුයි. එහෙත්
මුලදී ඔහු තමයි වන්දනීයත්වයට සුදුසු අධිරාජ්‍යවරයා වී සිටියේ. දැන් අවසානයේදී ඔහු
අපිරිසිදු වී සිටිනවා. මෙය ඔහුගේ අවසාන උපතයි. මේ ලෝකයේ පිරිසිදුයි කියා
එක්කෙනෙක්වත් නැහැ. පිරිසිදු ලෝකයේදී කිසිම කෙනෙක් දෙවියන් සිහි කරන්නේ නැහැ.
පරමාත්මය සහ ජීවාත්මයන් දීර්ඝ කාලයක් වෙන්ව සිටියා කියා සඳහන් වී තිබෙනවා. මෙම ගණනය
කුමක්ද කියා ඔබ තේරුම් ගත්තා. සුර්ය වංශයට අයත් අය ඔවුන්ගේ උරුමය ලබන්නට මුලින්ම
එනවා. ජීවාත්මයක් ශරීරය අතහැර ගිය විට ඔවුන් කියනවා ඔහු ස්වර්ගයට ගියා කියා.
එහෙනම්, මොනවට ද ඔහුට අපායට එන්න කියා කතා කරන්නේ? ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැහැ.
සාදු සන්යාසී වැනි කෙනෙක් මිය ගියත් ඔවුන් ගේ පූජා කරමින් එය වාර්ෂිකව සමරණවා.
ජීවාත්මය ආලෝකය තුළ ගිලී යනවා කියා ඔවුන්ට කියා තිබෙද්දී සංවත්සරය සමරමින් භෝග ආදිය
පූජා කරන්නේ කුමකට ද? ශරීරය නැසී ජීවාත්මය වෙන්ව ගිය පසු කුමක් සඳහා එම ජීවාත්මයට
ආපසු අපායට කතා කරන්නේද? ජීවාත්මය ආලෝකය තුළට මුසු වූවා නම්, නැවත එන්නේ කොහොමද ?
විවිධාකාර අදහස් තිබෙනවා. කෙනෙක් සදාතනික විමුක්තිය ලබාගත් විට, ආපසු එන්නේ නැතැයි
කියා කියා තිබෙනවා. ඇත්තෙන්ම කෙනෙක් සදාතතික විමුක්තිය ලැබ සිටී නම්, ඔවුන් ඉතාමත්
සතුටිත් එය සැමරිය යුතුයි. මන්ද, ඔහු තම චරිතය රඟදැක්වීමෙන් නිදහස් වූ නිසාය. එසේ
වූ කල ඔබ එම ජීවාත්මය සිහිපත් කළ යුතුද නැත. මෙය දන්නේ ඔබ පමණයි. සෑම මනුෂ්‍යයෙක්ම
අනිවාර්යෙන්ම සිහිපත් කරන්නේ ඒ එකම එක පියාවයි. සෑම කෙනෙක්ම සහෝදරයන් යැයි ද
මිනිස්සු විශ්වාස කරනවා. එමනිසා, සහෝදරයන් අනිවාර්යයෙන්ම පියාගෙන් උරුමයක් ලැබිය
යුතුයි. සැමට සත්ගතිය ප්‍රධානය කරන්නා එක්කෙනායි. සියලු ජීවාත්මයන් ආපසු නිවස කරා
යා යුතුයි. මනුෂ්‍යයෙක් තව මනුෂ්‍යයෙකුට මුක්තිය දෙන්නේ කෙසේද? එක් ගැලවුම් කරුවා
කියා ඉතා ප්‍රසිද්ධ වුණේ මේ නිසායි. ඥාන සාගරය සහ පාරිශුද්ධකරු ඔහුමයි. පරම පියා
ඇවිත් ඔබට රාජයෝග උගන්වා රාවණ රාජ්‍යයෙන් සැමව නිදහස් කරනවා. මෙය හඳුන්වන්නේ අමාවක
අසීමිත රාත්‍රිය ලෙසයි. අඩ කල්පයක් අසීමිත රාත්‍රියත්, අඩ කල්පයක් අසීමිත දහවලත්
වෙයි. මෙය නාට්‍යයක්. මිනිස්සු ආගමික සමුළු ආදිය පවත්වන විට ඔබට ආරාධනා කරනවා සාමය
ඇති කළ හැක්කේ කෙසේද යන්න ගැන කතා කිරීමට. ඔබ ඔවුන්ට කිව යුතුයි. එක් ධර්මයක් සහ
එක් මග පෙන්වීමක් ඇත්තේ ස්වර්ණමය යුගයේදී පමණක් බව. එය වසර 5000 කට පෙර තිබුණා. එහි
සතුට හා සාමය තිබුණා. අනෙක් සියලු ජීවාත්මයන් සිටියේ නිහඬ දේශයේයි. ඒ නව ලෝකයේ එක්
ධර්මයයි තිබුණේ. පැරණි ලෝකයේ මෙම වෘක්ෂය ඉතා විශාලව වැඩෙනවා: ගණන් කළ නොහැකි තරම්
ආගම්. එකම එක පියා පමණයි සියලු ආගම් විනාශ කොට එක් ධර්මයක් පමණක් ස්ථාපනය කිරීමේ
කාර්යය කරන්නේ. ශිව් බාබා කියනවා: මේක මගේ කාර්යයක්. සෑම කල්පයේම මා ඇවිත් මේ
කාර්යය කරනවා. සැබැවින්ම සංගම යුගයේ පමණයි ඔහු පැමිණ සත්යුග අධිරාජ්‍යය ස්ථාපනය
කිරීම සඳහා රාජයෝගා උගන්වන්නේ. ඔහු සියලුම අපිරිසිදු අයව පාරිශුද්ධ කරයි. ඔහු
කියනවා :මම එන්නේ මොහුගේ උපත් ගණනාවෙන් අවසාන උපතේ අන්තිම කාලයේදීය. මා උපත් 84ක්
සම්පූර්ණ කළ කෙනාගේ මේ වාහනය තුළින් පැහැදිලි කරනවා. එහි නව ලෝකයක් නැහැ. මා පැරණි
ලොවට පැමිණ එය අළුත් කරවනවා. මා අපිරිසිදු ලෝකය පිරිසිදු කරවනවා. මගේ නම දුක නැතිකර
සතුට ප්‍රධානය කරන්නා වේ. සතුට ඇතිකළ කිසිවකු මා සිහිපත් කරන්නේ නැහැ. දුක ඇති
විටයි කවුරුත් මා සිහිපත් කරන්නේ. ඔවුන් නිසැකවම සතුට ලබා තිබෙනවා. පියා කියනවා :මා
ඔබට ඉගැන්වීමට පැමිණිය යුතුමයි. දැන් ඉගෙන ගැනීම ඔබේ කාර්යයයි. මිනිස්සු ඉන්නේ
සම්පුර්ණ අඳුරේ. ඔබත් කිසිම දෙයක් දැන සිටියේ නැහැ. මේ කාලයේදී, මුළු ලෝකයේම ඔරුව
ගිලෙමින් තිබෙන අතර සෑම කෙනෙක්ම දුකින් පෙළෙනවා. ඔබ සෑම කෙනෙක්ම ඔරුව එගොඩ කරනා අතර
සෑම කෙනෙක්ම සාමයේ දේශය වෙත යනවා. මෙම කරුණු ඔබගේ බුද්ධියට යන්නේ අනුපිළිවෙලිනි.
ප්‍රදීපාගාරයක් බවට පත් වී සිටින අය නොකඩවා අනෙක් අයටත් මෙම මාර්ගය පෙන්වා දෙනු ඇත.
අනෙක් අයට මෙම මාර්ගය පෙන්වා දීම ඔවුන්ගේ යුතුකමයි. පියා ඔය දරුවන්ට උගන්වන ආකාරය
ගැන දරුවන් තුළ ස්ථිර සතුට තිබිය යුතුයි. මෙහි පැමිණි විට ඔබ ඉතා නැවුම් බවක්
ලබනවා. නමුත් පිටට ගිය සැනින්, ඔබගේ සියලු කුල්මත්භාවය නැතිවී යනවා. පියාගෙන් ඔබගේ
සම්පූර්ණ උරුමය ලබාගැනීම කෙරෙහි ඔබ තුළ ගැඹුරු ආශාවක් තිබිය යුතුයි. සෑම පියවරකදීම
නොකඩවා පියාගෙන් උපදෙස් ලබන්න. මුලදී, මිනිස්සු පයින්ම වන්දනා ගමන් යද්දී ඔවුන් ඒ
ගැන බොහෝ සැලකිලිමත් වුවා. දැන් ඔවුන් බස්වලින්, දුම්රියෙන් යනවා. මේ වනවිට මායාගේ
කීර්තිය බොහෝ සේ තිබෙනවා. සත් යුගයේ ඉතාමත් අලංකාර සැරසිලි තිබුණා. නමුත් තඹ යුගයේ
සිට ඒවා කෙමෙන් අඩු වෙන්න ගත්තා. දැන් මේ අවසානයේදී එය නැවතත් වර්ධනය වෙමින්
තිබෙනවා. මෙය තමයි මායාගේ පුහු දේවල් ලෙස හඳුන්වන්නේ. ඔබ අන් අයගෙත් දිව්‍යලෝකයට
යන්න ඕනද කියා ඇසුවහොත් ඔවුන් කියයි මෙහි අපට සෑම ආකාරයේම සතුට තිබෙනවා. රථ වාහන,
ගුවන් යානා ආදී සෑම දෙයක්ම තිබෙනවා. අපට මෙහි දිව්‍ය ලෝකයක් වාගේමයි කියා ඔවුන්
කියනවා. ඔවුන් ලඟ සෑම දෙයක්ම තිබෙනවා. ධනය, තානාන්තර, ස්වර්ණාභරණ ආදිය. ලක්ෂ්මී සහ
නාරායනුත් ස්වර්ණාභරණ පැළඳුවා. ඉතිත් අපටත් ඒවා පළඳින්න පුළුවන්. ඔබ කොතරම් පහදා
දුන්නත් ඔවුන් මතක්කරන්නේ අර විෂමයි. පාප විෂ ගැනීමෙන් ඔවුන්ට වැළකී සිටින්න බැහැ.
පියා කියනවා: ඔබ මා කියන දෙයට සවන් දෙන්නේ නැහැ. ඔබ පාරිශුද්ධත්වයට පත්වන්නට යන්නේ
නැතිනම්, අහෝ පාරිශුද්ධ කරුවාණනි, එන්න, කියා මට කතා කරන්නේ ඇයි? ඔබ මා සිහිපත්
නොකළහොත්, ධර්මරාජ් ගෙන් දඩුවම් විඳින්න වෙයි කියා සිහියේ තබාගන්න. ඔහුත් ඔබව බය
කරනවා. බොහෝ දරුවන් දිගින් දිගටම පාපයේ ගැලෙනවා. ඔවුන්ට කිසිම බයක් නැහැ. මොන තරම්
දඩුවම් ඔවුන් ලබන්න යනවා ද කියා මදක් සිතා බලන්න : ඒ ගැන අහන්නවත් එපා. ඔවුන්ගේ
තත්ත්වයත් විනාශ වී යනවා. ඔබ උත්සාහ දරා උසස් තත්වයක් ලබාගත යුතුයි. නරක ආශ්‍රයේ
බලපෑම නිසා ඔවුන් තමන්ගේ තත්වය මුළුමනින්ම නැතිකරගන්නා තත්ත්වයට ඇද වැටෙනවා.
දියමන්ති ආදියෙන් පිරි ආකර හිස්වන බවත් පසුව ඒවා පිරෙන බවත් ඔබ දන්නවා. රත්රන් හා
දියමන්ති කඳු තිබෙනවා. ඔවුන් දියමන්ති හාරා ගත්විට මුලින්ම ඒවා ගල්කැට වාගෙයි
පෙනෙන්නේ. නමුත් පසුව ඒවා මැදීමෙන් පසු දියමන්ති බවට පත් කරනවා. ඔබත් දැන් මේ ඥානය
නම් වූ මදින ගලින් ඔපවත් කරනවා. එවිට ඔබ ඉතාමත් යහපත් කෙනෙක් බවට පත් වනවා ඇත.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙය ගණන්
බේරුම් කිරීමේ කාලයයි. එබැවින් පාපකාරී ක්‍රියා කිසිවක් නොකරන්න. ඔබගේ යහපතට උත්සාහ
දරන්න. ඉතා සුමිහිරි වන්න. කෝපය අත්හරින්න.
2. පරම පියාගෙන් ඔබේ
පූර්ණ උරුමය ලබන්නට ගැඹුරු ආශාවක් ඇතිකර ගන්න. පරම පියාගෙන් සෑම පියවරේම උපදෙස්
ගන්න. දුක නැති කර සතුට ප්රදානය කරන්නකු වී පියාට සමාන වන්න.
වරදානය:
ඔබේ භාග්‍යය
සහ එම භාග්‍යය ලබා දෙන්නා පිළිබඳව නිරන්තර සිහියෙන් සිටීම තුළින්, ඔබ මාස්ටර්
නිර්මාණකරුවෙකු බවට පත්ව සියලු ගැටළු වලින් නිදහස් වේවා.
ඔබේ මනස තුළ
නිරන්තරයෙන්ම, "අපූරුයි! මගේ භාග්‍යය" සහ "අපූරුයි! භාග්‍යය ලබා දෙන්නා" යන සියුම්
හඬ අසමින්, සතුටින් නටන්න. ඔබට දැන ගැනීමට අවශ්‍ය වූ සියල්ල ඔබ දැන් දන්නා අතර, ඔබට
ලබා ගැනීමට අවශ්‍ය වූ සියල්ල ඔබ ලබාගෙන ඇත. මෙම අත්දැකීම තුළ ස්ථාවරව සිටින්න; එවිට
ඔබ සියලු ගැටළු වලින් නිදහස් වනු ඇත. ගැටළු වල සිරවී සිටින ජීවාත්මයන්ව සොයා ගැනීමට
දැන් කාලය එළඹ ඇත. එබැවින් ඔබ, මාස්ටර් සර්ව බලධාරී සහ මාස්ටර් නිර්මාණකරුවෙකු බව
සිහි තබා ගන්න; සුළු සුළු, ළදරු මට්ටමේ කාරණා වෙනුවෙන් ඔබේ කාලය නාස්ති නොකරන්න.
පාඨය:
පද්මාසනයක
අසුන් ගෙන සිටින තැනැත්තාට පමණක් මායාගෙන් ඔබ්බෙහි සිටීමටත්, පරම පියාගේ සෙනහසින්
පිරී සිටීමටත්, උසස් කර්ම යෝගීවරයෙකු වීමටත් හැකියාව ඇත.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
පරිපූර්ණ අවස්ථාවේ
ලක්ෂණය සහ සුදුසුකම නම්, ඔබේ උත්සාහයන් ඉතා සරළ වීම සහ ඔබේ සංස්කාර බ්‍රහ්ම බාබාගේ
සංස්කාර හා සමාන වීමයි; එනම්, ලෝකයෙන් ඔබ්බෙහි සිටින සහ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස
කටයුතු කිරීමයි. මෙය සම්පූර්ණ සහ පරිසමාප්ත අවස්ථාවේ ලක්ෂණය මෙන්ම සුදුසුකම ද වේ.
එබැවින්, මෙවැනි සංස්කාර හා සමාන වන්න. ඔබ තුළ මෙම ගුණාංග පිහිටි විට, ඔබට සැමගේ
හදවත් දිනා ගැනීමට හැකි වනු ඇත. සංගම යුගයේ දී සැමගේ හදවත් දිනා ගන්නා අය,
අනාගතයේදී ලෝක අධිරාජ්‍යයන් වනු ඇත.