20.04.25    Avyakt Bapdada      Sinhala Murli     18.01.2005    Om Shanti    Madhuban


තත්පරයකදී ශරීර අවධානයෙන් නිදහස් වී, ජීවන-මුක්ති ස්ථිතිය අත්විදීමෙන්
ඔබට මාස්ටර් මුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන්නෙක් විය හැක.


අද බාප්දාදා සෑම තැනකින්ම පැමිණි වාසනාවන්ත සහ ආදරණීය දරුවන් දෙස බලනවා. සෑම සියලු දරුවෙක්ම සෙනෙහසේ ගිලී සිටිනවා. මෙම දේවමය සෙනෙහස ආධ්‍යාත්මික සෙනෙහසයි. ඔය දරුවන්ව පරම පියාට අයත් කරවූයේ මෙම සෙනෙහසයි. ඔබව පහසුවෙන් ජයග්‍රාහී කරවූයේ සෙනෙහසයි. අද අම්රිත් වේලාවේ සිට සෑම දරුවෙක්ම සෙනෙහසේ මල්දමක් පියාගේ ගෙල වටා දැමුවා, මන්ද, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස, ඔබව කවුරු බවින්, කවුරු බවට පත් කරන්නේද කියා, ඔය සෑම දරුවෙක්ම දන්නා නිසා. සෙනෙහසේ අත්දැකීම කෙබදු වන්නේද යත්, එය ඔබව බොහෝ දේවමය සම්පත් වල පාලකයෙක් කරන අතර පරම පියා ඔය සියලුම දරුවන්ට සියලු දේවමය නිධානයන්ට රන් යතුර ලබා දී ඇත. රන් යතුර කුමක්ද කියා ඔබ දන්නවා නේද? මෙම රත්තරන් යතුර වන්නේ “මගේ බාබා”ය. ඔබ “මගේ බාබා” කියූ සැනින් ඔබ සියලු නිධානයන්ට අයිතියක් හිමි කරගනී; ඔබට සියලු ලැබීම් වලට සම්පූර්ණ අයිතියක් තිබේ. ඔබ සියලු බලයන්ගෙන් පිරිපුන් වෙයි. ඔබ මාස්ටර් සර්ව බලධාරී ජීවාත්ම වෙයි. එවන් පිරිපුන් ජීවාත්මයන්ගේ හදවතේ මතු වන ගීතය කුමක්ද? “බ්‍රහ්මණයන් වන අපගේ නිධන් ගබඩාවේ කිසිම අඩුවක් නොමැත.”

අද දිනය සිහිපත් කිරීමේ දිනය ලෙස හැදින්වෙයි. අද සියලුම දරුවන් බොහෝ සේ විශේෂයෙන් ආදි දේව් බ්‍රහ්මව සිහි කරනවා. ඔය බ්‍රහ්මින් දරුවන් දැකීමට බ්‍රහ්ම පියා සතුටු වනවා. ඇයි? සෑම බ්‍රහ්මින් දරුවෙක්ම කෝටියක් අතරින් එක් භාග්‍යවන්ත දරුවෙකි. ඔබගේ භාග්‍යය ගැන ඔබ දන්නවා නේද? සෑම දරුවෙකුගේම නළලේ භාග්‍යයේ තාරකාවක් බැබලෙන අයුරු දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. මෙම ස්මරණ දිනයේ බාප්දාදා විශේෂයෙන් ලෝක සේවයේ වගකීමේ කිරුළ ඔය දරුවන්ට පිළිගැන්වූවා. එබැවින් මෙම ස්මරණ දිනය, ඔය දරුවන්ගේ අභිෂේක දිනයයි. එය දරුවන්ට ශාරීරික ස්වරූපයෙන් අධිෂ්ඨාන බල, විශේෂයෙන් පැවරීමේ දිනයයි. එය “පුත්‍රයා, පියාව පෙන්වයි” යන කියමන, ප්‍රායෝගික ස්වරූපයකට දැමීමේ දිනයයි. දරුවන් උපකරණ වී, පරහිතකාමී ලෝක සේවය සිදු කරන අන්දම දැක, බාප්දාදා සතුටු වනවා. කරන්කරවන්හාර් වීම නිසා, කරවන්හාර් දරුවන්ගේ සෑම පියවරක්ම දැකීමට බාප්දාදා සතුටු වනවා, මන්ද, සේවයේ සාර්ථකත්වයේ ප්‍රධාන පදනම වන්නේ: “කරවන්හාර් පියා, කරහන්හාර් ජීවාත්මයක් වන මා ලවා එය සිදු කරවනවා. ජීවාත්මයක් වන මා, උපකරණයකි.” මෙයට හේතුව, උපකරණයක් වීමේ හැගීමෙන් ඔබට ඉබේටම නිරහංකාරකමේ ස්ථිතිය ඇති වීමයි. ඔබව ශරීර අවධානයට පත් කරවන “මම” යන අවධානය, උපකරණයක් වීමේ හැගීමෙන් ඉබේටම අවසන් වෙයි. මෙම බ්‍රහ්මින් දිවියේ විශාලතම බාධකය නිර්මාණය කරන්නේ මෙම ශරීර අවධානයේ “මම” යි. “කරවන්හාර් මා ලවා එය සිදු කරවන අතර උපකරණයක් වන මා වන කරන්හාර් එය සිදු කරනවා” කියා ඔබ අත්දකින විට, ඔබ පහසුවෙන් ශරීර අවධානයෙන් නිදහස් වන අතර ජීවන-මුක්ති ස්ථිතියේ සතුට ඔබ අත්දකියි. අනාගතයේ ඔබට කොහොමත් ජීවන-මුක්තිය ලැබීමට තිබේ, නමුත් දැන්, සංගම යුගයෙදි, සංගම යුගයේ අලෞකික ආනන්දය, සැබවින්ම අලෞකිකයි. නිදසුනක් ලෙස ඔබ බ්‍රහ්ම පියාව දුටුවා: ක්‍රියා සිදු කරන අතර ඔහු සියලු ක්‍රියාවන්හි බන්දන ඉක්මවා සිටියා. ජීවිතයේදි, ඔහු නෙළුම් මලක් මෙන් විය, නොබැදී සහ ආදරණීය. විශාල ජීවමාන පවුලක් සිටීමේ මෙන්ම ඔබව යෝගීවරු බවට සහ ඉන්පසුව සුරදූතයන් බවට සහ පසුව දේවතාවන් බවට පත් කිරීමේ මෙතරම් විශාල වගකීමක් තිබෙන අතරත්, ඔහු සැහැල්ලු අධිරාජවරයෙක් ලෙසයි සිටියේ. මෙය ජීවන-මුක්ති ස්ථිතිය ලෙස හැදින්වෙයි. මේ නිසයි භක්ති මාර්ගයේදි ඔවුන් බ්‍රහ්මගේ ආසනය ලෙස නෙළුම් මලක් පෙන්වන්නේ. ඔවුන් ඔහුව පෙන්වා ඇත්තේ නෙළුම් මලක් මත අසුන් ගෙන සිටින ආකාරයටයි. එබැවින් ඔය සියලුම දරුවන් සංගම යුගයෙදි ජීවන-මුක්ති ස්ථිතිය අත්විදිය යුතුයි. ඔබට බාප්දාදාගෙන් මුක්තිය සහ ජීවන-මුක්තියේ උරුමය ලැබෙන්නේ මෙකල පමණයි. ඔබ මාස්ටර් මුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන්නන් විය යුත්තේ මෙකලයි. ඔබ මෙය බවට පත්ව ඇති අතර ඔබ එය විය යුතුයි. මුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන්නෙක් වන ආකාරය වන්නේ, තත්පරයකදි ශරීර පිළිබද අවධානයෙන් නිදහස් වීමය. මෙම පුහුණුව දැන් අවශ්‍යයි. ඔබගේ අත් පා වැනි භෞතික ඉන්ද්‍රියන් මත ඔබට අවශ්‍ය විටෙක සහ අවශ්‍ය ආකාරයක පාලන බලයක් ඇති සේම, එතරම් පාලන බලයක් ඔබගේ මනස මතද, තිබිය යුතුයි. එයට වෙලාවක් ගත වනවාද? ඔබගේ අත එසවිය යුතු බව ඔබ සිතන විට එයට කිසියම් කාලයක් ගත වෙනවාද? ඔබට එය කළ හැකියි, එහෙම නේද? ඔබට දැන් අත් ඔසවන්න කියා බාප්දාදා කියන්නේ නම්, ඔබ එය කරනවා නේද? දැන් කරන්න එපා, නමුත් ඔබට එය කළ හැකියි. ඒ අන්දමින්ම, ඔබට අවශ්‍ය ස්ථානයක ඔබගේ මනස එක්තැන් කිරීමට හැකි වන ආකාරයෙන්, එපමණ පාලන බලයක් ඔබට ඔබගේ මනස මත තිබිය යුතුයි. ඔබගේ අත් පා වලට වඩා එය සූක්ෂම වුවද, ඒ වුනත් එය ඔබගේ නේද? ඔබ කියන්නේ “මගේ මනස” එහෙම නේද? “ඔබගේ මනස” කියා ඔබ කියන්නේ නැහැ. එබැවින් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ඔබගේ පාලනය යටතේ තබා ගන්න ආකාරයෙන්ම, ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර ඔබගේ පාලනය යටතේ තිබිය යුතුයි, ඔබ අංක එකේ ජයග්‍රාහී ජීවාත්මයක් ලෙස හැදින්වෙන්නේ එවිට පමණයි. විද්‍යාඥයන්ට මේ ලෝකයේ ගමන් කළ හැක්කේ ඔවුන්ගේ රොකට්ටු සහ වෙනත් පහසුකම් වලින් පමණයි, එමෙන්ම වැඩිම වුනොත් ඔවුන්ට වෙනත් ග්‍රහලෝක කරා ළගා විය හැක. කෙසේවෙතත්, ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ට තුන් ලෝකයට ළගා විය හැක. තත්පරයක් ඇතුලත ඔබට සූක්ෂම කලාපයට, අශාරීරික ලෝකයට සහ භෞතික ලෝකයේ අඩු තරමින් මධුබන් වලට ළගා විය හැක, එහෙම නේද? ඔබගේ මනසට තත්පරයකදි මධුබන් වලට ළගා වීමට කියා ඔබ නියෝගයක් ලබා දෙන්නේ නම්, ඔබට එය කළ හැකිද? ඔබගේ සිරුරින් නොව, නමුත් ඔබගේ මනසින් එහි යන්න. ඔබ එයට මෙම නියෝගය දෙන්නේ නම්: “ඔබ සූක්ෂම කලාපයට හෝ අශාරීරීක ලෝකයට යා යුතුයි,” එවිට ඔබට තත්පරයකදි ඔබට යාමට අවශ්‍ය ඕනෑම තැනකට ඔබගේ මනස යැවිය හැකිද? ඔබට මෙම පුහුණුව තිබෙනවද? මෙම අභ්‍යාසයට දැන් වඩාත්ම වැඩි අවශ්‍යතාවයක් තිබේ. ඔබ මෙය පුහුණු වන බව බාප්දාදා දැක තිබෙනවා, නමුත්, ඔබට අවශ්‍ය ඕනෑම විටෙක සහ අවශ්‍ය ඕනෑම කාලයක්, ඒකාග්‍රතාවයට පත් වීමට, නොසැලී සිටීමට සහ කිසිදු කැලඹීමක් නොතිබීමට, දැන් වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙවන් කියමනකි, “තම මනස ජයගන්නා අය, ලෝකය ජයගනී”, නමුත් දැන් පවා තවමත් මනස ඇතැම් විටෙක ඔබව මුලා කරයි.

එබැවින් අද බලයේ දිනයේ, බාප්දාදා විශේෂයෙන් ඔබගේ අවධානය මෙම බලය වෙතට යොමු කරනවා. හේ, ස්ව-අධිරාජ්‍ය දරුවනේ, දැන් ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට මෙම පුහුණුව පරීක්ෂා කර බලන්න, මන්ද, දැන් කාලයට අනුව, හදිසියේ සිදුවන බොහෝ දේවල ක්‍රීඩා ඔබ දකිවි. මේ සදහා ඒකාග්‍රතාවයේ බලය අවශ්‍යයි. ඒකාග්‍රතාවයේ බලයෙන් ඔබට පහසුවෙන් අධිෂ්ඨාන බලය, වර්ධනය කිරීමට හැකි වන අතර, අධිෂ්ඨාන බලය, ඔබට සාර්ථකත්වය ලබා ගැනීමට ඉබේටම මගපාදයි. එබැවින් විශේෂයෙන් බලයේ දිනයේ, මෙම බලය අභ්‍යාස කිරීමට විශේෂයෙන් අවධානය යොමු කරන්න. භක්ති මාර්ගයේද මෙසේ කියන්නේ ඒ නිසයි, “මනස පරාජය වූවන් ලෝකය විසින් පරාජය වෙයි, එමෙන්ම මනස ජයගන්නා අය, ලෝකය ජයගනී.” එබැවින් එය ඔබගේ මනස කියා ඔබ පවසන නිසා, මනසේ පාලකයා වී, ඔබගේ බලයන්ගේ තෝන් ලණුවේ මාර්ගයෙන් ජය ගන්න. මෙම නව වසරේ මෙම ගෙදරවැඩට විශේෂ අවධානයක් යොමු කරන්න. මෙය කොහොමත් යෝගී වීම ලෙස හදුන්වන නමුත් ප්‍රයෝගීද (අත්හදා බලන ජීවාත්මයක්) වන්න.

අද දින, ආදරණීය, හදවතට සමීප කතා බස්, සෙනෙහසේ පැමිණිලි සහ සමාන වීමට උනන්දුව සහ උද්යෝගය: තුන් ආකාරයේම කතාබස් බාප්දාදා වෙතට ළගා විය. සෙනෙහසින් පිරි ස්මරණය සහ සෑම තැනකින්ම දරුවන්ගේ සෙනෙහසේ සිහි කිරීම බාප්දාදා වෙතට ළගා විය. ලිපි, හදවතට සමීප කතාබස් සහ පණිවිඩ බාප්දාදාට ළගා විය. බාප්දාදා දරුවන්ගේ සෙනෙහස පිළිගත්තා. ප්‍රතිචාරයක් ලෙස, බාබාද ඔහුගේ හදවතින් සෙනෙහස සහ සිහි කිරීම ලබා දුන්නා. බාබා ඔහුගේ හදවතින් ආශිර්වාදත් ලබා දුන්නා. එක් එක්කෙනාගේ නම සදහන් කළ නොහැක; ඔබලා බොහෝ දෙනෙක් සිටිනවා. කෙසේවෙතත්, සෑම කොනකින්ම, සෑම ගමකම, සෑම නගරයකම, බන්දන තුළ සිටින සියලු දෙනාගේ මෙන්ම කන්නලව් කරමින් සිටින සියලු දෙනාගේ සෙනෙහස සහ ස්මරණය බාප්දාදා වෙතට ළගා විය. බාප්දාදා සරළව පවසන්නේ : සෙනෙහසට ප්‍රතිඋපකාරයක් ලෙස දැන් තමන්ව හරවාගන්න; තමන්ව පරිවර්ථනය කරගන්න. දැන් වේදිකාව මත ඔබගේ අංගසම්පූර්ණ ස්වරූපය හෙළිදරව් කරන්න. ඔබ පරිසමාප්ත වන විට දුක සහ අසාමය අවසන් වෙයි. දැන් ඔබගේ සහෝදර සහෝදරියන්ට මීටත් වඩා දුක් දකින්නට ඉඩ නොදෙන්න. මෙම දුකින් සහ අසාමයෙන් ඔවුන්ට නිදහස් වීමට මගපාදන්න. ඔවුන් බොහෝ බියෙන් සිටියි. “මා කුමක් කරන්නද? කුමක් වෙයිද?” යන අන්ධකාරයේ ඔවුන් සැරිසරමින් සිටිනවා. දැන් ජීවාත්මයන්ට ආලෝකයට මාර්ගය පෙන්වන්න. ඔබට මෙම උනන්දුව තිබෙනවාද, ඔබට මෙම දයාව තිබෙනවාද? දැන් අසීමිතත්වය දෙස බලන්න. අසීමිත බව වෙත ඔබගේ ද්‍රිෂ්ඨිය හෙලන්න. අච්චා. ඔබගේ ගෙදරවැඩ ඔබට මතක් වෙයි නේද? එය අමතක නොකරන්න. එක සම්පූර්ණ මාසයක්ම, තම මනස මත පාලන බලයෙන්, තමන්ට අවශ්‍ය තැනක සහ අවශ්‍ය වෙලාවක්, තම මනස සම්පූර්ණයෙන් ඒකාග්‍රතාවයට පත් කළ හැකි අයට බාබා තෑග්ගක් දෙනවා. මෙම ප්‍රතිඵලය අත්කරගන්නා අයට බාබා තෑග්ගක් ලබා දෙනවා. මෙය හොදද? තෑග්ග ගන්නේ කවුද? පාණ්ඩවයන්? පළමුව පාණ්ඩවයන්? පාණ්ඩවයන්ට සුබ පැතුම්. කෙසේවෙතත්, ශක්තීන් ගැන කුමක්ද කියන්නේ? A1. පාණ්ඩවයන් අංක එක වන අතර ශක්තීන් A1ය. ශක්තීන් A1 නොවන්නේ නම්, එවිට පාණ්ඩවයන් එය වෙයි. දැන් ඔබගේ වේගය ටිකක් වැඩි කරන්න. එය සැප පහසු වේගයක් නොවිය යුතුයි. ඔබට සීඝ්‍ර වේගයක් තිබීමෙන් පමණයි, ජීවාත්මයන්ගේ දුක සහ අසාමය අවසන් වන්නේ. අනුකම්පාවේ වියන ජීවාත්ම මතට දමන්න. අච්චා.

ද්විත්ව විදේශිකයන්:
බාප්දාදා පවසන්නේ ද්විත්ව විදේශිකයන් යනු, ඔවුන්ගේ උත්සාහ දෙගුණ කිරීමෙන් ඉදිරියට යන අයයි. ඔබට ද්විත්ව විදේශිකයන් යන නම්බු නාමය තිබෙනවා; එය ඔබගේ නම්බු නාමය නේද? ඒ අන්දමින්ම, ද්විත්ව විදේශිකයන් යනු, අංක එක හිමි කරගැනීමේදි දෙගුණයක වේගයකින් ඉදිරියට ගමන් කරන අයයි. එය හොදයි. සෑම කණ්ඩායමකම ද්විත්ව විදේශිකයන් කිහිප දෙනෙක් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා, මන්ද, භාරතයේ ජනයාද ඔබ සියලු දෙනාව දැකීමට සතුටු වනවා. ලෝක හිතකාමීන් යන නම්බු නාමය දැකීමටත් බාප්දාදා සතුටු වනවා. දැන් ඔය ද්විත්ව විදේශිකයන් සාදන්නේ කුමන සැලසුම්ද? අප්‍රිකාවේ අය තීව්‍ර උත්සාහයේ යෙදීම ගැන බාප්දාදා සතුටු වනවා. එබැවින් ඔය සියලු දෙනා තුළත්, පණිවිඩය ලැබීමට ඉතිරිවී සිටින ඔබගේ සියලුම සහෝදර සහෝදරියන්ට පණිවිඩය ලබා දීමට උනන්දුවක් සහ උද්යෝගයක් තිබිය යුතුයි. කිසිම කෙනෙකුගෙන් පැමිණිලි නොතිබිය යුතුයි. වර්ධනය සිදුවන අතර එය අඛණ්ඩව සිදුවෙයි, නමුත් පැමිණිලි දැන් අවසන් විය යුතුයි. බාප්දාදා සෑම විටම ද්විත්ව විදේශිකයන්ගේ විශේෂත්වය ගැන පවසයි, එනම්, අවිහිංසක ස්වාමීව සතුටු කිරීමේ ක්‍රමවේදය වන්නේ, ස්වාමී අවංක හදවතක් සමග සතුටු වීමයි. ද්විත්ව විදේශිකයන්ගේ විශේෂත්වය මෙයයි. පරම පියාව සතුටු කරන ආකාරය ඔබ ඉතා දක්ෂ ලෙස දන්නවා. පියා අවංක හදවතකට ප්‍රිය කරන්නේ ඇයි? මන්ද, පරමාත්ම දෙවියන් හැදින්වෙන්නේ සත්‍යය ලෙසයි. එබැවින් බාප්දාදා තුළ පිරිසිදු සහ අවංක හදවත් ඇති අයට බොහෝ සේ සෙනෙහස තිබේ. එය එහෙමයි නේද? ඔබට පිරිසිදු හදවත්, අවංක හදවත් තිබේ. බ්‍රහ්මින් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය, සත්‍යයයි. බාප්දාදාට සෑම විටම ද්විත්ව විදේශිකයන්ව සිහි වෙන්නේ මේ නිසයි. විවිධ රටවල ජීවාත්මයන්ට පණිවිඩය ලබා දීමට ඔබ උපකරණ වී ඇත. බලන්න! බොහෝ රටවලින් දරුවන් මෙහි පැමිණෙයි. එබැවින් ඒ සියලු රටවල් වලට යහපතක් වී තිබෙනවා නේද? මෙහි, උපකරණ වී ඇති අය ඇවිත්, නමුත්, බාප්දාදා සෑම තැනකම සිටින ද්විත්ව විදේශික දරුවන්ට සහ උපකරණ වන සියලු දරුවන්ට සුබ පැතුම් ලබා දෙමින් සුභාශිංසන ලබා දෙනවා. නොකඩවා පියාසර කර, අන් අයවත් පියාසර කරවන්න. ඔබගේ පියාසර ස්ථිතියෙන් සියලු දෙනාටම අනිවාර්යෙන් යහපතක් සිදු වෙයි. ඔබ සියලු දෙනා නැවුම් වෙමින් සිටිනවාද? ඔබ නැවුම් වෙනවද? එය නිරන්තරයෙන් අමරණීයව (සදාකාලිකව) රැදී තිබෙයිද? එසේ නැත්නම් ඔබ ඉන් අඩක් මධුබන් වල තබා යනවද? එය ඔබ සමග රැදී තිබෙයිද? එය ඔබ සමග නිරන්තරයෙන් රැදී තිබෙයිද? ඔබට අමරණීයත්වයේ ආශිර්වාදය තිබෙනවා නේද? එබැවින් ඔබ සිදු කර ඇති කුමන හෝ පරිවර්ථනයක් තිබේද, එය සෑම විටම නොකඩවා වර්ධනය වෙයි. එය නොකඩවා වර්ධනය වන අතර එය අමරණීයව රැදී තිබෙයි. අච්චා. බාප්දාදාට සතුටුයි, ඔබටත් සතුටුයි, එමෙන්ම ඔබ දැන් අන් අයට සතුට ලබා දිය යුතුයි. අච්චා.

එය ග්‍යාන් සරෝවර් වල 10 වන සියවසයි. අච්චා. එය හොදයි. ග්‍යාන් සරෝවර් එක් විශේෂත්වයක් ආරම්භ කළා. ග්‍යාන් සරෝවර් ආරම්භ වූ පසු ප්‍රභූවරුන්ට සහ අති ප්‍රභූවරුන් වෙනුවෙන් විශේෂ නිල මට්ටමේ වැඩසටහන් ආරම්භ විය. අඛණ්ඩව සෑම අංශයකම වැඩසටහන් නොකඩවා සිදු වෙමින් පවතිනවා. ග්‍යාන් සරෝවර් වලට පැමිණෙන ජීවාත්ම වෙනුවෙන් භෞතික සේවා මෙන්ම ආධ්‍යාත්මික සේවාවන් විශාල උනන්දුවකින් සිදු වෙන බව දැක තිබේ. එබැවින් බාප්දාදා ග්‍යාන් සරෝවර් වල අයට විශේෂ සුබ පැතුම් ලබා දෙනවා, මන්ද, ඔබගේ සේවයේ ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් සියලු දෙනාම සතුටින් ආපසු යන අතර ඔවුන් සතුටින් වෙනත් සහකරුවන්ව රැගෙන ආපසු පැමිණෙයි. සෑම තැනකටම හඩ විහිදුවා හැරීමට ග්‍යාන් සරෝවර් උපකරණයක් වී ඇත. එබැවින් සුබ පැතුම් සහ ඔබට සෑම විටම නොකඩවා සුබ පැතුම් ලැබේවා. අච්චා.

දැන් ඔබට තත්පරයකදි ඔබගේ මනස ස්ථාවර කර එය ඒකාග්‍රතාවයට පත් කළ හැකිද? සියලු දෙනාම තත්පරයකදි තිතක ස්ථිතියේ ස්ථාවර වන්න. (බාබා අභ්‍යාසය මෙහෙයවීය.) අච්චා.

ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට මෙය නොකඩවා පුහුණු කරන්න.

සෙනෙහසේ ගැලී සිටින සෑම තැනකම සිටින ආදරණීය ජීවාත්මයන්ට, නිරන්තරයෙන් සානුකම්පිත වී, ජීවාත්ම ඔවුන්ගේ දුකින් සහ අසාමයෙන් නිදහස් කරන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, පාලන බලයෙන් තම මනස, බුද්ධිය සහ සංස්කාර නිරන්තරයෙන් පාලනය කරන මහාවීර ජීවාත්මයන්ට, පියාට සමාන සහ නිරන්තරයෙන් සංගම යුගයෙදි ජීවන-මුක්ති ස්ථිතිය අත්දකින ජීවාත්මයන්ට, බාප්දාදාගේ කෝටි-ගුණයක සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ දයාවෙන් පිරි පියාගේ දයාවෙන් පිරි දරුවන් වී, සියලු දෙනාට ඔවුන්ගේ ගමනාන්තය පෙන්වන්න.

දයාවෙන් පිරිපුන් පියාගේ ඔය දයාවෙන් පිරි දරුවන්, යම් කෙනෙක් යාචකයෙක් ලෙස ක්‍රියා කරන බව දකින්නේ නම්, ඔබ තුළ එම ජීවාත්මය කෙරෙහි අනුකම්පාවක් ඇති වෙයි, ඔහුට යහපතක් සිදුවී ඔහුගේ ගමනාන්තය සොයාගත යුතු බව. ඔබගෙන් ඕනෑම කෙනෙක් එවන් ජීවාත්මයක් සමග සම්බන්ධ වන විට, ඔබ අනිවාර්යෙන්ම ඔහුට පියාගේ හැදින්වීම ලබා දෙනු ඇත. ඔබගේ නිවසට යමෙක් පැමිණි විට, ඔබ ප්‍රථමයෙන් ඔහුට වතුර ටිකක් පිළිගන්වන අතර, එම කෙනා කිසිවක් පිළිනොගෙන පිටත්ව යන්නේ නම් එය නරක බව සැලකෙයි. ඒ අන්දමින්ම, ඔබ සමග කවුරු සම්බන්ධ වුනත්, ඔබ අනිවාර්යෙන් ඔහුට පියාගේ හැදින්වීමේ ජලය පිළිගැන්විය යුතුයි, එනම්, දානපතිගේ දරුවන් ලෙසින් දානපතියන් වී, ඔවුන්ට ඔවුන්ගේ ගමනාන්තයට ළගා වීමට අනිවාර්යෙන් යමක් දෙන්න.

පාඨය:
“නිරාශාවේ නිවැරදි ආකල්පයක්” යන්නෙහි සරළ අරුත වන්නේ, ඔබ නොබැදී සිටින තරමටම ආදරණීය වීමය.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

“මම සහ මගේ බාබා”. මෙම අවධානයෙන් ඒකාබද්ධව සිටින්න, එවිට ඔබ මායා ජයගන්නෙක් වෙයි. “කරන්කරවන්හාර්” යන වචනය තුළ, පියා සහ ඔය දරුවන් සිටින්නේ ඒකාබද්ධවයි. එය දරුවන්ගේ අත් සහ පරම පියාගේ කාර්යයයි. ඔබගේ දෑත දිගු කිරීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබෙන්නේ ඔය දරුවන්ට පමණයි, නමුත් එහි අත්දැකීම වන්නේ, සෑම දෙයක්ම කරවන කෙනා, ඔබ ලවා එය සිදුකරන බවයි. ඔහු ඔබව උපකරණ බවට පත් කොට ඔබ ලවා සෑම දෙයක්ම සිදු කරයි. ඔබගේ මනසේ නිරන්තරයෙන් මතුවන හඬ මෙයයි.