20.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, යාචක තත්ත්වයෙන් රාජකුමාර වීමට පදනම වන්නේ පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධ
ලෝකයේ රජදහන ඔබට දිනා ගත හැකි වන්නේ පාරිශුද්ධ වීමෙන් පමණයි.
ප්‍රශ්නය:
මානව බවින්
ඔබව දේවතා කරවන්නේ මෙම පාසලේ කුමන පාඩමින්ද?
පිළිතුර:
මෙම පාසලේ දී ඔබ දිනපතා තමන් ශරීරයක් නොව ජීවාත්ම සත්ථාවක්ය යන පාඩම ඉගෙන ගන්නවා.
ජීවාත්ම අවධානයට පත් වීමෙන් පමණයි ඔබ මානවයෙකුගෙන් දේවතාවරයෙක් නැතිනම් සාමාන්‍ය
මිනිසෙකුගෙන් නාරායන කෙනෙක් බවට පත් වන්නේ. මේ කාලයේ සෑම කෙනෙක්ම වන්දනාකරුවෙකි.
ඔවුන් අපිරිසිඳු අය වන අතර ශාරිරික අවධානයෙන් සිටින්නනුයි. මෙන්න මේ නිසා තමයි
ඔවුන් නිතරම පාරිශුද්ධකරු වන පරමාත්ම පියාට කන්නලව් කරන්නේ.
ගීතය:
අහසේ සිහසුන
අතහැර දමා මහ පොළොවට වඩිනු මැනව!
ඕම් ශාන්ති.
"ඕම් ශාන්ති"
කියා කිව්වේ කවුදැයි කියා දරුවන් දන්නවා. කුමන දරුවන්ද? කාගේ ජීවය ද " ඕම් ශාන්ති"
කියා කිව්වේ කියා ඔබ දන්නවාද? පරමාත්ම පියා. පරමාත්ම ජීවය තමයි කිව්වේ. මානව
ජීවාත්මයක් නොවෙයි එය කීවේ කියා ඔය දරුවන් දන්නවා. පරමාත්ම පියා, පරමාත්ම ජීවය වත
ශිවායි මෙය කිව්වේ. ඒ සියලු දෙනාගේම පරමාත්ම පියා තමයි ඉහළම ඉහළ කෙතා. භාරතය
පුරාවටම මායාගේ සෙවනැල්ල වැටී ඇති බව ඔබට ගීතයෙන් ඇසුණා. ඔවුන් ඉතාමත් අපිරිසිඳු
වෙලා. ඒ නිසා තමයි ඔවුන් කන්නලව් කරන්නේ: ඔහෝ පාරිශුද්ධකරුවාණනි, නැවතත් වතාවක්
පැමිණ අපව පාරිශුද්ධ කරනු මැනව. පරමාත්ම දෙවියන් කියා හඳුන්වනා පරමාත්ම පියාට කතලව්
කරන්නේ ජීවාත්මයනුයි. ඔහුම පමණයි පාරිශුද්ධකරුවන්නේ කියා ඔවුන් කියනවා. එකම එක
කෙනෙක්ව පමණයි ප්‍රශංසාවට ලක්ව තිබෙන්නේ. ඔහු සෑම ජීවාත්මයකම අසීමිත පියායි. මෙහි.
සෑම කෙනෙක්ම අපිරිසිඳු වෙලා. මෙන්න මේ නිසා තමයි ඔවුන් කන්නලව් කරන්නේ: පරමාත්ම
පියා, පරමාත්ම ජීවය. ඥාන සාගරය හා පාරිශුද්ධකරුවන්නේ ඔහුම පමණයි. ඔහු තමයි පරමාත්ම
පියා. පරම ගුරුවරයා, ඥාන සාගරය මෙන්ම ලෝක අධිපති වන්නේත් ඔහුමයි. ඒවගේම ඔහු සියලුම
වේද ග්‍රන්ථ. ආගමික ග්‍රන්ථ ආදියත් දන්නා කෙනාවේ. ධර්මධර වන්නේ ඔහුම පමණයි. මේ
කාලයේ දී සෑම කෙනෙක්ම අසතුටින් සිටිනා නිසා එලොවින් සිටිනා පරමාත්ම පියාට කන්නලව්
කරනවා. ඔහුට නමකුත් තිබිය යුතුයි. ඔහු වෙනුවෙන් සිහි කෙරෙනා නම ශිව බාබා යන්නයි.
ඉහළම ඉහළ වන්නේත්, ඥාන සාගරය වන්නේත්. සතුටු සයුර හා ශාන්ත සයුර වන්නේත් ඔහුමයි.
මානව ජීවාත්මයන් තම පරමාත්ම පියාගේ ගුණ ගයනවා. කාගේ ජීවාත්මය ද ඉහළම ඉහළ වන්නේ?
පරමාත්ම පියා, පරමාත්ම ජීවයේයි. ඔහු තමයි පරමාත්මය. අපිරිසිඳු මානව ජීවාත්මයන් ඔහුව
සිහිපත් කරනවා. භාරතය පාරිශුද්ධව තිබුණු කළ ස්වර්ණමය යුගයේ තිබුණේ දේවතා රාජ්‍යයයි.
කිසිම අපිරිසිඳු කෙනෙක් එහි සිටියේ නැහැ. මේ තමෝප්‍රධාන් ලෝකයයි. මෙම ලෝකයේ සිටිනා
සෑම ජීවාත්මයක්ම පාපකාරී ජීවාත්මයන්ය. පාරිශුද්ධව තිබුණු මෙම භාරතය දැන් අපිරිසිඳු
වෙලා. මෙම කලි යුගයේ සිටිනා සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. ඥානයේ මහා සාගරය,
පාරිශුද්ධකරු, පරමාත්ම පියා, පරමාත්ම ජීවය පරම දනව්වේ සිට පැමිණ බ්‍රහ්මා හරහා
ඔබලාට උගන්වනවා. ඔහුට අනිවාර්යයෙන්ම ශරීරයක් අවශ්‍යයි. මේ දේවල් ග්‍රන්ථ වල සඳහන්
වන්නේ නැහැ. සියල්ලට අධිපති වන මහා ඥාන සාගරය පමණයි සියල්ලම දන්නේ. භාරතයේ විෂ්ණුගේ
පෙකණියෙන් මතු වන බ්‍රහ්මා කෙනෙකුත් ඔහු ග්‍රන්ථ අතේ ඇතිව සිටිනා ආකාරයත් පෙන්වනවා.
විෂ්ණු. සියලුම ග්‍රන්ථ වල සාරය කියා දෙන්නේ නැහැ. පරමාත්ම පියා, පරමාත්ම ජීවය, මහා
ඥාන සාගරය, බ්‍රහ්මා හරහා ඔබට සියලුම ග්‍රන්ථ වල සාරය කියා දේ. ඔහු බ්‍රහ්ම, විෂ්ණු
හා ශංකර්ව නිර්මාණය කළ කෙනාත් වේ. බ්‍රහ්මාට හෝ විෂ්ණුට ඥාන සාගරය යයි කියන්න බැහැ.
ශංකර්ව කෙසේවත් එසේ සැලකිය නොහැකියි. ඉතින් ඥාන සාගරය කවුද? අශාරීරික ඉහළම ඉහළ
ජීවාත්මය තමයි පාරිශුද්ධකරු, මේ එම පරම පියාගේ, පරමාත්ම ජීවයේ ගුණ සමුදායයි. මෙහිත්
ගුණ ගැයෙන්නේ ජීවයත් ගැනයි. ශරීරය හරහා කතා කරන්නේ ජීවාත්මයයි: මම ජනාධිපති, මම
නීතීඥවරයෙක්මි, මම ඇමති කෙනෙක්මි.තත්ත්වයක් ලබන්නේ ජීවාත්මයයි. ජීවාත්මය ශරීරය හරහා
කියනවා: මම ශරිරය අතහැර දමා තවෙකක් ගනිමි. පරමාත්ම පියා මෙකළ පැමිණ කියනවා: දරුවනි.
ජීවාත්ම අවධානයට පත් වන්න. ඔබගේ පරමාත්ම පියා වන මම මෙම පාඩම ඉගැන්වීම සඳහා පැමිණ
සිටිමි. මෙය මිනිස් බවින් දේවතා වීමට ඇති පාසලයි, සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන්
නාරායන, සාමාන්‍ය කාන්තා තත්ත්වයෙන් ලක්ෂ්මි වීමට ඇති පාසලයි. සෑම ජීවාත්මයක්ම
පරමාත්ම පියාට කන්නලව් කරනවා: අහෝ! පරම පියාණනි, පරමාත්ම ජීවය, දැන් ඔය අශාරීරක
ලෝකයේ සිට මෙම භෞතික ලෝකයට වඩිනු මැනව. ඔබගේ රූපය වෙනස්කර පැමිණෙන්න. අශාරීරික
ජීවාත්මය වන ඔබ ශරීරයකට ඇතුලු වුණු විට ඔබ ගර්භාෂයකට ඇතුලු වී පුනරුත්පත්තියක්
ලබනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඔබලා ගර්භාෂ මඟින් උපත් 84ක් ගෙන තිබෙනවා.
එක් ශරිරයක් අතහැර දමා ඔබලා තවත් දරුගැබකට ඇතුලු වෙනවා. ඔබලාගේ උපත් 84 ගැනීමේ
ක්‍රමය මෙයයි. මම ගර්භයකට ඇතුලු වන්නේ නැහැ. ඔය භාරතීය වාසීන් මුලින්ම දේවතා ධර්මයට
අයත්ව සිටි අයයි. ඉණිමඟේ පහළට පැමිණෙමින් ඔබලා ක්ෂත්‍රිය වෙළඳ හා ශුද්‍ර තත්වයන්ට
පත්වන විට කලා බසින්න පටන් ගන්නවා. භාරතය සොලොස් කලාවන්ගෙන් පිරී තිබුණා. පසුව එය
කලා දහ හතරක තත්ත්වයට අඩු වෙලා. භාරතයේ අය තමන්ගේම උපත් ගැනවත් දන්නේ නැහැ. උපත්
84ක් ගන්නේ භාරතීය ජනතාවයි. වෙනත් කිසිම ආගමක අය උපත් 84ක් ගන්නේ නැහැ. ඔබලා ස්ව
දර්ශන චක්‍රධාරීන් වී සිටිනවා. මෙය ඥානය සම්බන්ධ කරුණකි. ස්ව දර්ශන චක්‍රධාරින්
වීමෙන් ඔබලා දෙව්ලොව අගරජවරුන් වී ගෝලය පාලනය කරන්න පටන් ගන්නවා. තමන්ම මෙහි පැමිණ
සිටින්නේ අපිරිසිඳු බවින් පාරිශුද්ධ වීමටයි කියා ඔබලාට ඉතාමත් පැහැදිලිව අවබෝධ
වෙනවා. මෙය අපිරිසිඳු ලෝකයයි. පාරිශුද්ධකරු, සැමට ගැලවීම ලබා දෙන්නා වන්නේ එකම එක
පරමාත්ම පියායි. සෑම කෙනෙක්ම ඔහුට කන්නලව් කරනවා. ඔවුන් සිහි කරන්නේ පරමාත්ම
පියාවයි. ක්‍රිෂ්ණාව නොවෙයි. ක්‍රිෂ්ණා ගීතාව කීවේ නැහැ. ගීතාව සෑම ග්‍රන්ථයකටම වඩා
උසස්ම ග්‍රන්ථයයි. භාරතයේ ගීතාව කුමන ආගමේ ග්‍රන්ථය ද? ආදි සනාතන දේවි දේවතා
ධර්මයේ. ගීතාව කිව්වේ කවුද? ඔබට රාජයෝගා ඉගැන්වූයේ කවුද? පරමාත්ම පියා, පරමාත්ම
ජීවය මත පාරිශුද්ධකරු වන පියායි. අශාරීරික ඔය ජීවාත්මයන් භෞතික ශරීර ගෙන
සිටිනවා.ශරිර ඇති මනුෂ්‍යයින්ට කවදාවත් දෙවියන් යැයි කිව නොහැකියි. ලක්ෂ්මි සහ
නාරායන් සත්යුගයේ දී සිටියා වුවත් ඔවුන් දෙවියන් ලෙස හැඳින්වූයේ නැත. ඔවුන්ට දී
ඇත්තේ එක්තරා නම්බු නාමයක් පමණයි. නීති ප්‍රකාරව, ඇත්තේ එකම දෙවියෙක් පමණයි.
නිර්මාණකයා වූ කලී එක්කෙනාය. අන් සැම දෙවි දේවතාවන්ය. එය අවුරුදු 5000ක් පිළිබඳ
කරුණකි. එකල ලක්‍ෂ්මි නාරායන්ගේ රජදහන තිබුණු අතර ඔවුන්ට කීවේ අධිරාජයා සහ
අධිරාජණිය කියාය. දෙවියන් අධිරාජයෙක් නොවේ. ඔහු වූ කලී භාරතයේ මිනිසුන් දෙවි
දේවතාවුන් බවට පත් කරන මුල්ම පරම පියාය. දැන් කිසිවෙක් දෙවි දේවතා ආගමට අයිති නැත.
මෙයට කියන්නේ රාවණ් ප්‍රජාව කියාය. මක් නිසාද මේ රාවණ රාජ්‍යය නිසාය. රාවණ් පැරණිතම
වූ සතුරා නිසා සෑම අවුරුද්දකම දිගටම රාවන්ගේ පඹයා පුළුස්සයි. කොහොම නමුත්, භාරතයේ
මිනිසුන් ඔහු ගැන දන්නේ නැත. රාවණ් කවුදැයි ආගමික ලේඛණ වල සඳහන් ව නැත. ඔවුන් රාවණ්
හිස් 10ක් සහිතව පෙන්වන්නේ ඇයි? මේවා ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු කරුණුය.
මනුෂ්‍යන්ට ඇත්තේ මුළුමනින් ගල් වූ බුද්ධියකි. ලක්‍ෂ්මි සහ නාරායන් ආදීන් දිව්‍ය
බුද්ධිය ඇති අයයි. භාරතය මෙන් සතුටේ දේශය ලෙස වූ වෙනත් දේශයක් නැත. එය වූ කලී
දිව්‍යමය සාමිවරුන්ගේ සහ ආර්යාවන්ගේ රජ දහනක් ලෙස හැඳින්වේ. රජත් රැජිණත් ආකාරයට
වැසියන් ද වෙයි. භාරතය දෙව් ලොවක් ව තිබු කල කිසිඳු රෝගයක් දුකක් ආදිය නොවීය. එහි
සම්පූර්ණ සතුට තිබුණි. දෙවියන්ගේ පැසසුම අනන්ත යැයි කියවේ. එමෙන්ම භාරතයේ පැසසුමද
අනන්තය. සියල්ල රඳාපවතින්නේ පාරිශුද්ධිය මතය. ඔවුන් සියල්ලන්ම කෑගසන්නේ අපිරිසිඳුකම
නිසාය. සාමය හෝ සෞභාග්‍යය එහි නැත. භාරත වැසියන් වන ඔබ දැන් තේරුම් ගෙන සිටිනවා ඔබ
සූර්ය වංශික දෙවි දේවතාවුන්ව සිට ක්‍රමාණුකූලව අපිරිසිඳු වූ බව. දැන් මෙය මරණයේ
දේශයයි. එය ගිණි තැබිය යුතුව ඇත. මේ වූ කලී ශිව ඥානය නම් වූ යාග ගින්නයි. ඔවුන් එයට
රුද්‍රා ඥානය යැයි ද කියයි. මිනිසුන් එයට විවිධ නම් දෙයි. ඔවුන් ශිව ප්‍රතිමාවක්
දුටු තැන එයට නමක් දෙයි. එකම කෙනාට ඔවුන් විවිධ සිද්ධස්ථාන සාදා විවිධ නම් දෙයි.
පරම පියා මෙහි සිට මෙසේ විස්තර කරයි. ඥානය, භක්තිය සහ අත්හැරීම ඇත. භක්තිය දැන්
අවසන් වෙමින් යන අතර ඔබ දැන් භක්තිය ගැන කලකිරී, එනම් මේ ජරාජීර්ණ ලෝකය එපා වී ඇත.
මෙය විනාශ විය යුතුයි. දරුවන් මෙසේ අසයි: බාබා, අප අපිරිසිඳු බවින් පිරිසිඳු බවට
පත් විය හැක්කේ කෙසේද? අළුත් අයට මෙහි ඒමට ඉඩක් නොදේ. එසේ ම කොලීජියකට නව සිසුවෙක්
ගිය විට ඔහුට කිසිවක් නොතේරේ. මනුෂ්‍යයින් දෙවි දේවතාවන් වන ආකාරය කිසිවෙක් නොදනී.
අපිරිසිඳු මිනිසුන් පිරිසිඳු බවට පත් වේ. මෙකල භාරතය සිඟමනට පත් වී ඇත. සත් යුගයේ
දී භාරතය කුමාර වේශයෙන් තිබුණා. ශ්‍රී ක්‍රිෂ්ණා සත් යුගයේ මුල්ම කුමාරයා විය.
සියළු යහගුණ වලින් සම්පූර්ණ විය. රාජධානිය ලක්‍ෂ්මි නාරායන්ගේ ලෙස කියැවේ.
ක්‍රිෂ්ණා කුමාරයෙක් වූ අතර රාධේ කුමාරිකාවක් විය. සිහිකරන පැසසුම ක්‍රිෂ්ණා
කුමරුගේය. ඒ මෙසේය: සියළු ගුණාංගයන්ගෙන් පිරුණු සහ දිව්‍ය කලා 16කින් සම්පූර්ණ වු.
ඔහු ගීතාව ප්‍රකාශ නොකලේය. ඔහු සත් යුගයේ කුමාරයෙක් විය. ඔහුට අපිරිසිඳු මිනිසුන්
පිරිසිඳු බවට පත්කිරීම සඳහා ඉගැන්විය නොහැකියි. ඒවා සඳහන් සියළු ආගමික ලේඛණ භක්ති
මාර්ගයට අයිතිය. ආගමික ලේඛණ වල බොහෝ පැසසුම් ඇත. සත් යුගයේ දී භක්ති මාර්ගයේ ලේඛණ
පිංතුර ආදිය කිසිවක් නැත. එහි ඇත්තේ, උපත් 21ක් තුළ වූ ඥානයේ ආනිසංසයි. ඔබ ඒ සත්යුග
රාජධානියේ වාසනාව නැවතත් ලබමින් සිටී. අවුරුදු 5000කට කලින් භාරතයේ මිනිසුන් සත්යුග
ලෝකයේ අයිතිකරුවන්ව සිටියා. එහි කිසිඳු බෙදීමක් නොවීය. එය අවුරුදු 5000කට එහා
දෙයකි. දැන් මේ කලි යුගයේ අවසානයයි. කල්ප විනාශය අත ලඟයි. දෙවියන් විසින් මෙම ඥාන
ගිණි යාගය සෑදුවේ අපිරිසිඳු කලි යුගය පිරිසිඳු සත් යුගය බවට පත් කිරීම සඳහාය. එම
නිසා, අපිරිසිඳු ලෝකය නිත්‍ය ලෙසම විනාශයට යා යුතුය. බ්‍රහ්මා තුළින් ආදී සනාතන
දෙවි දේවතා ධර්මය ස්ථාපනය වූ බව අනුස්මරණය කෙරේ. ශිව බාබා දැන් බ්‍රහ්මා හරහා එය
සිදු කරයි. ඔබ දැන් මනුෂ්‍යයන් බවින් දෙවි දේවතාවන් බවට වෙනස් වෙමින් සිටී.
බ්‍රහ්මා තුළින් පරම පිතා පරමාත්මා විසින් ස්ථාපනය සිදු වන බව සඳහන්ය. ඔහු
ප්‍රජාපිතා, මනුෂ්‍යයන්ගේ පියා වන අතර සියල්ලන් ඔහුගේ දරුවන්ය. දෙව් ලොව නියතයෙන්ම
බ්‍රහ්මා තුළින් ස්ථාපනය විය. අවුරුදු 5000කට කලින් මෙවැනි සංගම් යුගයේ දී මා
රාජයෝග ඉගැන්වීමට පැමිණියෙමි. ඒ ආවේ ක්‍රිෂ්ණා නොව මාය. ක්‍රිෂ්ණාට අපිරිසිඳු ලෝකයට
ආ නොහැකිය. එසේ එන්නේ පරම පියා පමණි. සියළු දෙනාට ගැලවීම ලබා දෙන්නා ඔහු පමණි.
මනුෂ්‍යයින්ට අන් මිනිසුන්ට ගැලවීම ලබා දිය නොහැකියි. සෑම කෙනෙක්ම සිහි කරන්නේ අර
එකම කෙනාය. එම පරම පියා පරමාත්මා වසන්නේ කොහිද? ඔබ දරුවන් දන්නවා ඔහු වසන්නේ
උත්තරිතර කලාපයේ බව. එය මහා බ්‍රහ්ම් දාතුවයි. එහි ජීවාත්ම සත්තාවන් සැවොම
මහත්මාවරුන් සේ පිරිසිඳුය. මෙහිද මහත්මා සත්තාවන් හා පාපී සත්තාවන් ගැන කතා කරයි.
ඇත්තම නම්, මෙහි එකඳු මහත්මා කෙනෙක් නැත. ජලය මඟින් නොව යෝගා සහ ඥානය මඟින්
පිරිසිඳු සතෝප්‍රධාන් බවට පත් විය හැක්කේ ජීවාත්ම සත්තාවටයි. අපිරිසිඳු වන්නේ ද
ජීවාත්ම සත්තාවයි. එයට අපිරිසිඳු දේ මිශ්‍ර වේ. ස්වර්ණමය, රිදී, තඹ සහ යකඩ බවට පත්
වන්නේ ජීවාත්ම සත්තාවයි. දැන් අපිරිසිඳු ජීවාත්ම සත්තාවත් පිරිසිඳු කළ හැක්කේ කාටද?
වෙන කිසිවෙකුට නොව ඔබ පිරිසිඳු කළ හැක්කේ පරම පියා පරමාත්මාටයි. පරමපියා මෙහි සිට
මෙසේ කියයි: නිරතුරුව මා පමණක් සිහිකළ විට ඔබේ පාප දුරු වී යයි. ඔබ මා සිහිකළ තරමට
ඔබ අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්වේ. ඒ සඳහා උත්සාහය අවශ්‍යය. ඔබේ බුද්ධියේ
වක්‍රය කැරකෙන්නේ කෙසේද? උපත් 84ක් ගන්නේ කෙසේද? සත්යුගය රජ දහන කොපමණ කල් පවතීද?
සහ රාවණ් එන්නේ කෙසේද? යන්නද පිළිබඳ ඥානය ඇත. රාවණ් කවුදැයි කිසිවෙක් නොදනී.
රාවණ්ගේ පඹයා පිළිස්සීමට පටන් ගත්තේ කවදා දැයි කිසිවෙක් නොදනී. ඔවුන් හැම
අවුරුද්දකම ඔහුව පුළුස්සයි. සත්යුගයේ එසේ නොකරයි. දැන් රාවන්ගේ රජදහනයි. කිසිවෙකුට
රාම රාජ්‍යය ස්ථාපණය කළ නොහැකියි. එය පරම පියාට පමණක් කළ හැකි දෙයකි. අපිරිසිඳු
මනුෂ්‍යයින්ට එය කළ නොහැකියි. ඒ සියළු දෙනාම විනාශ වීමට නියමිතය. අපිරිසිඳු ලෝකය
විනාශ විය යුතුමය. සත්යුගයේ දී කිසිම කෙනෙක් මෙසේ නොකියයි: පාරිශුද්ධකරුවාණනි,
පැමිණෙන්න! එය වූ කලී පිරිසිඳු ලෝකයයි. ඔබ දැන් දන්නවා ලක්‍ෂ්මි නාරායන් දෙව් ලොව
අයිතිකරුවන් බවට පත් කළේ කවුද? සහ ඔවුන් උපත් 84ක් ගත්තේ කෙසේද කියා. උපත් 84ක්
ගන්නේ ආදී සනාතන දේවි දේවතා ධර්මයට අයිති අය පමණි. මෙකළ ශුද්‍ර වංශයේ කොටස් කරුවන්
වී ඇත්තෙන්ද ඔවුන්ය. ඔවුන් දැන් බ්‍රහ්මිණ් වංශයේ කොටස් කරුවන් බවට පත් වෙමින්
සිටී. ඉහළම බ්‍රහ්මිණ්වරු ඔබය. බ්‍රාහ්මණ වංශයේ සැරසිල්ල වන්නේ ඉහළම ඉහළ ඔබ
බ්‍රහ්මිණ්වරු වන අතර ඔබ බ්‍රහ්මාගේ මුවින් උපන් අයය. ඔබ දැන් ශිව බාබාගේ දරුවන් ද
වෙයි. ඔබ මුණුබුරන් සහ මිණිබිරියන් වේ. ඔබ ශිවාගේ වංශයට අයිති වන බ්‍රහ්ම කුමරුන්
සහ කුමරියන්ය. ඔබ උරුමය ලබන්නේ සීයා වෙතිනි. පරම පියා මෙසේ කියයි: නිරතුරුවම මා
පමණක් සිහිකරන්න. පිරිසිඳු බවට පත්වී මා ළඟට විමුක්ති දේශයට පැමිණෙන්න. පසුගිය
චක්‍රයේ මෙය තේරුම් ගත්ත අය පමණක් දැන් මෙය තේරුම් ගනී. එවැනි අය දහස් ගණනින් ඇත.
සමහරු බීකේවරු කොපමණ ඇත්දැයි අසයි. කියන්න, අපි දහස් ගණනින් සිටිනා බව. මේ දිව්‍යමය
වෘක්‍ෂය දිගටම වර්ධනය වේ. ආදී සනාතන දේවි දේවතා පැලය නැවතත් රෝපණය කර ඇත්තේ එම
දේවතා ධර්මය දැන් නැති නිසාය. සියළු අය කියන්නේ ඔවුන් හිංදු කියාය. ඔවුන් වෙනත්
ආගම් වලට වෙනස් කර ඇත. ඔවුන් සැම නැවත පැමිණ මතු වී පරම පියාගෙන් උරුමය ලබා ගනී. ඔබ
අසීමිත පියා වෙත පැමිණ ඔබේ උරුමය වන අසීමිත සතුට එනම්, මනුෂ්‍ය බවින් දෙවි දේවතාවන්
බවට පත් වීම සිදු කර ගනී. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අපිරිසිඳු
බවින් පාරිශුද්ධ වීමට මෙම ඥානයෙන් හා යෝගාවෙන් සවිමත් වන්න. ස්මරණීය උත්සාහය දරා
ජීවාත්මයෙන් සියලු කහට ඉවත් කරගන්න.
2. බ්‍රහ්මාගේ කටින්
උපන් දරු පරපුර වන අප බ්‍රහමිණ්වරුන් ඉහළින්ම සිටිනා අයයි යන කුල්මත් බවින්
සිටින්න. උරුමයට අයිතියක් ඇත්තේ බ්‍රහමිණ්වරුන්ට පමණයි. මන්ද, අප සෑම කෙනෙක්ම ශිව
බාබාගේ මුණුපුරන්ය.
වරදානය:
ඔබගේ බලවත්
ආකල්පයෙන් ඕනෑම අපිරිසිදු වාතාවරණයක් පරිවර්තනය කරන ඔබ මාස්ටර් පාරිශුද්ධකරුවෙකු
වේවා.
වාතාවරණය කෙබඳු
වුවත්, ඔබගේ බලවත් ආකල්පයට එම වාතාවරණය පරිවර්තනය කළ හැක. වාතාවරණය පාපී–දුර්ගුණ
වලින් පිරී තිබුණත්, ඔබගේ ආකල්පය පාපයෙන් තොර විය යුතුය. අපිරිසිදු අයව පවිත්‍ර කරන
අයට අපිරිසිදු වාතාවරණයක බලපෑමට යටවිය නොහැක. මාස්ටර් පාරිශුද්ධකරුවෙකු වී ඕනෑම
අපිරිසිදු හෝ දුර්වල වාතාවරණයක් ඔබේ බලවත් ආකල්පයෙන් අවසන් කරන්න. ඒ ගැන කතා
කිරීමෙන් එවැනි වාතාවරණයක් නිර්මාණය නොකරන්න. දුර්වල හෝ අපිරිසිදු වාතාවරණයක් ගැන
කතා කිරීම ද පාපයකි.
පාඨය:
දැන්,
පෘථිවියේ පරමාත්ම දෙවියන්ගේ හැඳින්වීමේ බීජය වපුරන්න, එවිට හෙළිදරව්ව සිදුවනු ඇත.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
යෝගාව යනු
නිශ්ශබ්දතාවයේ බලයයි. මෙම නිශ්ශබ්දතාවයේ බලයට ඉතා පහසුවෙන් තමා සහ අන් අයව
පරිවර්තනය කළ හැකිය. පදාර්ථ මෙන්ම ජීවාත්මයන් ද මෙම බලයෙන් පරිවර්තනය වේ. වචන වලින්
ඔවුන්ට මාර්ගය කියා දීමෙන් ඔබ ජීවාත්ම පරිවර්තනය කරයි, නමුත්, පදාර්ථ පරිවර්තනය
කිරීම සඳහා, ඔබට නිශ්ශබ්දතාවයේ බලය අවශ්‍ය වේ; යෝගාවේ බලය අවශ්‍ය වේ. අනෙක් සියලුම
සිතිවිලි නිහඬ වී, බාබා සහ මම යන එකම එක සිතිවිල්ල ඇති විට ඔබේ යෝගාව බලවත් විය
හැකිය. පරම පියා හමුවීමේ අත්දැකීම හැර අනෙකුත් සියලුම සිතිවිලි අතුරුදහන් විය
යුතුය. එවිට පමණක් ඔබට අවංකවම කිව හැක්කේ ඔබේ ස්මරණය පරිවර්තනය සිදුවිය හැකි
ගින්නක් මෙන් බලවත් බවයි.