20.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශ්‍රීමත් අනුගමනය කර මුක්තිය හා ජීවන මුක්තිය ලබා ගැනිමේ මඟ සැමට පෙන්වන්න. මුළු දවස පුරාම දිගටම මෙම කාර්යය කරන්න.

ප්‍රශ්නය:
ඉතාමත් පැහැදිලිව අවබෝධ කර ගත යුතු පියා විසින් කියා ඇති සියුම් කරුණු මොනවාද?

පිළිතුර:
1. සත් යුගය අමරණීය දේශයයි. එහිදි එක් ජීවාත්මයක් එක ඇඳුමක් අත හැර තවත් එකක් ගන්නවා. කොහොමනමුත්, එහි මරණය යන වචනය සඳහන් වන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි එය මරණීය දේශයක් ලෙස හඳුන්වන්නේ නැත්තේ. 2. ශිව බාබාගේ නිර්මාණය අසීමිතයි. නමුත් බ්‍රහ්මාගේ දරුවන් වන්නේ මේ කාලයේ සිටිනා බ්‍රහමීණ්වරු වන ඔබලා පමණයි. “ත්‍රිමුර්ති ශිවා” කියා කිව හැකිය. නමුත් “ත්‍රිමුර්ති බ්‍රහ්මා” කියා කිව නොහැකියි. මේ සියලුම සුක්ෂම කරුණු බාබා ඔබට කියා දී තිබෙනවා. ඒවා ගැන හොඳින් හිතා බලා තම බුද්ධිය සඳහා ආහාර තමා විසින්ම පිළියෙල කර ගන්න.

ඕම් ශාන්ති.
ත්‍රිමූර්ති ශිව දෙවියන් කතා කරයි. මිනිස්සු ත්‍රිමුර්ති බ්‍රහ්මා කෙනෙක් ගැන කතා කරනවා. පියා කියනවා: ත්‍රිමුර්ති ශිව දෙවියන් කතා කරයි කියලා. ත්‍රිමුර්ති බ්‍රහ්මා දෙවියන් කතා කරයි කියල කියන්නේ නැහැ. ත්‍රිමුර්ති ශිව දෙවියන් කතා කතා කරයි කියා කිව හැකියි. මිනිස්සු ශිවාවත් ශංකර්වත් එකිනෙකට පටලවා ගෙන. මේක හරිම පැහැදිලියි. මේ කතා කරන්නේ ත්‍රිමුර්ති බ්‍රහ්මා නොව ත්‍රිමුර්ති ශිව දෙවියනුයි. ශංකර් තම ඇස් විවර කළ විට විනාශය සිඳුවෙනවා කියා මිනිස්සු සඳහන් කරනවා. ඒ සියල්ලම බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. ප්‍රධාන චරිත ඇත්තේ තුන් දෙනෙකුට පමණයි. බ්‍රහ්මා හා විෂ්ණුට උපත් 84 ක ලොකු චරිතයක් තියෙනවා. විෂ්ණු හා ප්‍රජාපිතා බ්‍රහ්මා යන්නෙහි අර්ථය දැන් ඔබලා දන්නවා. චරිතයක් ඇත්තේ මේ තුන් දෙනාට පමණයි. ආදි දේව් හා ආදම් දේව් කියා කියන්නා සේ බ්‍රහ්මා යන නමත් සඳහන් ව තිබෙනවා. ප්‍රජාපිතා වෙනුවෙන් දේවාලයකුත් තිබෙනවා. මෙය විෂ්ණුගේ එනම් දැන් බ්‍රහ්මා යනුවෙන් තබා ඇති ක්‍රිෂ්ණාගේ අවසන් මෙන්ම 84 වෙනි උපතයි. බ්‍රහ්මා හා විෂ්ණු පැහැදිලි කර ගත යුතුයි. බ්‍රහ්මා හදා ගැනිමට ගත් කෙනෙක් වශයෙන් තමයි සැලකෙන්නේ. ඒ දෙදෙනාම ශිවාගේ දරුවන්. ඇත්තටම කියනවා නම් සිටින්නේ එකම එක දරුවෙකි. ඒ දිහා බැලුවොත් පේනවා බ්‍රහ්මා ශිවාගේ දරුවායි. ඔවුන් බාප් හා දාදා වෙනවා. විෂ්ණු ගැන සඳහනක් නැහැ. ශිව බාබා ස්ථාපන කාර්යය කරන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මා මඟිනුයි. විෂ්ණු තුලින් නොවෙයි. ශිව බාබාටත් දරුවන් සිටිනවා බ්‍රහ්ම බාබාටත් දරුවන් සිටිනවා. නමුත් විෂ්ණුට දරුවන් සිටිනවා කියන්න බැහැ. ඒ වගේම ලක්ෂ්මී හා නාරායන්ට දරුවන් රාශියක් සිටිනවා කියන්න බැහැ. මේ බුද්ධියට ආහාරයි. තමාගේ ආහාර තමා විසින්ම සපයා ගත යුතුයි. දිගම චරිත කොටසක් තිබෙන්නේ විෂ්ණුටයි කියා කිව හැකියි. මිනිසුන් විසින් පෙන්වන බහුරූපි ප්‍රතිමාව අයිති විය හැක්කේ විෂ්ණුට විය යුතුයි. බ්‍රහ්මාට නොවෙයි. ඒ බහුරූපි ප්‍රතිමාවෙන් අදහස් කරන්නේ විෂ්ණුයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නම පළමුවෙන්ම සඳහන් කළා වුණත් ඔහුට ඇත්තේ කෙටි චරිතයකි. මෙන්න මේ නිසා තමයි ඒ බහුරූපි ප්‍රතිමාව විෂ්ණුගේ කියා කියන්නේ. අත් හතරක් ඇතිව නිර්මාණය කර ඇති රූපය පවා විෂ්ණුගේයි. ඒ ආභරණ සියල්ල අයිති ඔබටයි. මේ කරුණු තේරුම් කර ගත යුතුයි. කිසිම මිනිසෙක් මෙය පැහැදිල කර දෙන්න බැහැ. පියා දිගටම අළුත් අළුත් ක්‍රම යොදමින් ඔබට කියා දෙනවා. පියා කියනවා: ත්‍රිමුර්ති ශිව දෙවියන් කතා කරයි කියා කීම හරි නේද? විෂ්ණු බ්‍රහ්මා හා ශිවා මෙහි ප්‍රජාපිතා බ්‍රහ්මා පමණයි දරුවා. විෂ්ණු දරුවෙක් කියා කියන්නේ නැහැ. නිර්මාණය ගැන කතා කළත්, ඒ බ්‍රහ්මාගේ නිර්මාණයයි. නැද්ද? පසුව එම නිර්මාණයේ විවිධ නම් හා රූප ගන්නවා. ඔහුගේ චරිතය තමයි ප්‍රධානම චරිතය. මෙකල බ්‍රහ්මාගේ චරිතය හරිම කුඩායි. විෂ්ණුගේ අධිරාජ්‍යය කෙතරම් කාලයක් පුරා තිබෙනවාද? මුළු ගසේම බීජය ශිව බාබායි. ඔහුගේ නිර්මාණය සලිග්‍රාමයින් වශයෙන් හැඳින්වෙනවා. බ්‍රහ්මාගේ නිර්මාණය බ්‍රහමිණ්වරුනුයි. බ්‍රහ්මාගේ නිර්මාණය ශිවාගේ නිර්මාණය තරම් ලොකු නැහැ. ශිවාගේ නිර්මාණය ඉතාමත් විශාලයි. සියළුම ජීවයන් ඔහුගේ දරුවන්ය. බ්‍රහමිණ්වරුන් වන ඔබලා පමණයි බ්‍රහ්මාගේ නිර්මාණය වන්නේ. ඔබ සීමිත වෙනවා නැද්ද? ශිව බාබාගේ නිර්මාණය සියලුම ජිව සම්බන්ධයෙනුයි. ඒක අසිමිතයි. ඔහු ජීව අසීමිත ගණනකට යහපතක් සලසනවා. ඔහු බ්‍රහ්මා හරහා දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. බ්‍රහමිණ්වරුන් වන ඔබලා පසුව දිව්‍ය ලෝකයට ගිහින් ඉන්නවා. වෙන කිසිම කෙනෙකුට දිව්‍ය ලෝකයේ වැසියන් කියා කියන්න බැහැ. අන් සෑම කෙනෙක්ම සාම දේශය කියාත් හඳුන්වන නිර්වාණ දේශයේ වැසියන් බවට පත්වෙනවා. ඉහළම සේවය ශිව බාබාගේයි. ඔහු සෑම ජීවයක්ම තමා සමඟ ආපසු ගෙන යනවා. එකිනෙකාගේ චරිතය එකිනෙකට වෙනස්ය. ශිව බාබා කියනවා මගේ චරිතය වෙනමම එකක්. මම ඔබ සෑම කෙනෙක්ටම ගිණුම් අවසන් කර ගැනිමට උදව් කරනවා. මම ඔබව අපිරිසිඳු තත්ත්වයෙන් පිරිසිඳු කරවා නැවත නිවස වෙත ගෙන යනවා. පාරිශුද්ධත්වයට පත් වීම සඳහා ඔබලා මෙහිදී උත්සහ දරනවා. අන් සෑම කෙනෙක්ම පියාඹන මොහොතේ දී තම ගිණුම් සියල්ල තුලනය කර ගනිමින් නිවස වෙත යාවි. ඔවුන් මුක්ති දේශයේ අසුන්ගෙන සිටිවී. ලෝක චක්‍රය දිගටම කැරකෙනවා. දරුවන් වන ඔබලා බ්‍රහ්මා මඟින් බ්‍රහ්මීන්වරුන් වී පසුව දේවතාවරුන් වෙනවා. බ්‍රහ්මීන්වරුන් වන ඔබලා ශ්‍රීමත් අනුගමනය කරමින් සේවය කරනවා. මුක්තිය හා ජීවන මුක්තිය ලබා ගැනිමට අවශ්‍ය නම් මේ ආකාරයෙන් එය ලබා ගත හැකියි කියා කියමින් ඔබ මිනිසුන්ට පාර පෙන්වනවා. ඒ දෙකේම යතුරු ඔබ අතේ තිබෙනවා. මුක්තියට යන්නේ කවුද ජිවන මුක්තියට යන්නේ කවුද යන්නත් ඔබ දන්නවා. මුලු දවස පුරාම මෙම කාර්යය පමණක් කරන්න. කෙනෙක් කුළු බඩු කඩයක් කරගෙන යනවා. මුළු දවස පුරාම ඔහු හිතන්නේ ඒ ගැනයි. ඔබගේ ව්‍යාපාරය නිර්මාණය, මුල, මැද හා අග ගැන දැනෙන මුක්තිය හා ජිවන මුක්තිය වෙත යාමේ මාර්ගය සැමට පෙන්වා දීමයි. මෙම ධර්මයට අයිති අය මතු වේවි. තම ආගම වෙනස් කරන්නේ නැති අනිත් ආගම් වල අය රාශියක් සිටිනවා. අනිකුත් ජාතින් තම ආගම් වෙනස් කලා වුණත් ඔවුන් තම රූපය වෙනස් කරන්නේ නැහැ. හුදෙක් ආගම් මාරු කිරීමක් පමණයි. එහෙම කලා කියලා හැඩරුව වෙනස් වන්නේ නැහැ. තවත් ආගමක් පිළිගැනිම පමණයි සිදුවන්නේ. දේවතා ධර්මය අතුරුදහන් වි ඇති නිසා ඇතැම් අය බෞද්ධ ධර්මය පිළිගන්නවා. තමන් ආදි සනාතන දේවි දේවතා ධර්මයට අයිති කෙනෙක් කියා එක් පුද්ගලයෙක්වත් කියන්නේ නැහැ. දේවතාවරුන්ගේ පින්තූර ඉතාමත් ප්‍රසිද්ධයි, ප්‍රයෝජනවත්. ජීව අවිනාශීයි. ඔවුන් කවදාවත් මිය යන්නේ නැහැ. ජීවයන් ශරිරය අතහැර තවෙකක් ගෙන දිගටම තම චරිතය රඟ දක්වනවා. ඒ ලෝකය මරණීය දේශයක් ලෙස හැඳින්විය නොහැකියි. එය අමරණීයත්වයේ දේශයයි. ජීව කරන්නේ හුදෙක් තම ඇඳුම මාරු කිරීම පමණයි. මේවා ඉතාමත් සියුම් කරුණු වන අතර හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේවා දළ දේවල් නොවෙයි. විවාහයකදී ඇතැම් අයට සෑම දෙයක්ම සිල්ලර වගේ ලැබෙනවා. අනිත් අයට තොග පිටින් ලැබෙනවා. ඇතැම් අය සියල්ලම පේන්නම දෙනවා. අනිත් අය පෙට්ටියකට දමා අඟුළුලා දමනවා. සෑම ආකාරයකම මිනිස්සු ඉන්නවා. ඔබ සෑම කෙනෙක්ටම තම උරුමය තොග පිටින්ම ලැබෙනවා. මන්ද ඔබ සෑම කෙනෙක්ම මනමාලියන්ය. පියා තමයි මනාලයා. ඔහු දරුවන් වන ඔබලා සරසා ලෝක ස්වාධිපත්‍යය ඔබට ලබා දෙනවා. ඔබ ලෝක පාලකවරුන් බවට පත්වෙනවා. ප්‍රධානම දේ ස්මර්ණයයි. දැනුම ඉතාමත් ම පහසුයි. ඒ ගැන සිතන විට එය හුදෙක් ඇල්ෆා සිහිපත් කිරීමක් පමණයි. නමුත් ඉක්මණින්ම ලිස්සා යන්නේ ස්මරණයයි. සාමාන්‍යයෙන් බොහෝ සාමාන්‍යයෙන් බොහෝ දෙනා කියන්නේ තමන්ට බාබාව අමතක වෙනවා කියලයි. අනෙක් අයට පැහැදිලි කරනා විට ස්මරණය යන වචනය පාවිචිචි කරන්න. යෝග යන වචනය වැරදියි. ගුරුවරයෙක් තම ශිෂ්‍යයන්ව සිහි කරනවා පියා උත්තරීතර ජීවයයි. ජීව වන ඔබලා උත්තරීතර අය නොවෙයි ඔබලා අපිරිසිඳුයි. දැන් පියාව සිහිපත් කරන්න. ගුරුන් මන්ත්‍ර කියවමින් මන්ත්‍ර ජප කරනවා. බාබාට ඇත්තේ එකම එක මන්ත්‍රයකි. මන්මනාභව් පසුව වන්නේ කුමක්ද මද්‍යාජිභව් පසුව ඔහු විෂ්ණුගේ දේශයට යාවි ඔබ සෑම කෙනෙක්ම රජවරුන් හා රැජිණියන් වන්නේ නැහැ. රජවරුනුත් රැජිණියනුත් පුරවැසියනුත් සිටිනවා. ප්‍රධානම දේ ත්‍රිමුර්තියයි. ශිව බාබාට පසු මානව ලෝකය නිර්මාණය කරනා බ්‍රහ්මා සිටිනවා. ඔහු බ්‍රහමිණ්වරුන් නිර්මාණය කරනවා. ඔහු මෙහි අසුන් ගෙන බ්‍රහමිණ්වරුන්ට උගන්වනවා. මෙය අළුත් දෙයක් නේද? බ්‍රහමිණ්වරුන් වන ඔබලා සහෝදර සහෝදරියන්ය. වැඩිහිටියනුත් කියන්නේ අපි සහෝදර සහෝදරියන් කියලයි. මෙය අභ්‍යන්තරව අවබෝධ කර ගත යුතු කරුණකි. අනවශ්‍ය කරුණු නොවෙයි. දෙවියන් ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා ලෝකය නිර්මාණය කරනවා. ඔබ සෑම කෙනෙක්ම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන නිසා ඔබ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන් වෙනවා. මේ කරුණු හොඳින් තේරුම් ගත යුතුයි. තමන්ට උගන්වන්නේ කවුද යන්න ගැන දරුවන් වන ඔබලා තුළ ලොකු සතුටක් තිබිය යුතුයි. ශිව බාබා. ත්‍රිමුර්ති ශිවා බ්‍රහ්මාගේ චරිතය පැවතෙන්නේ ඉතාමත් කෙටි කාලයකටයි. විෂ්ණුගේ චරිතය නම් සත් යුග රාජ්‍යයේ උපත් අටක් පුරා පැවතෙනවා. බ්‍රහ්මාට ඇත්තේ එක් උපතකට පමණක් සීමාවුණු චරිතයකි. එම නිසා දිගටම චරිතයක් ඇත්තේ විෂ්ණුටයි කියා කියනවා. ත්‍රිමුර්ති. ශිවා තමයි ප්‍රධානම කෙනා. පසුව දරුවන් වන ඔබලාව විෂ්ණුගේ දේශයේ පාලකවරුන් බවට පත්කරවනා බ්‍රහ්මාගේ චරිතය බිහි වෙනවා. බ්‍රහමිණ්වරුන් වන ඔබලා බ්‍රහ්මා මාර්ගයෙන් නිර්මාණය වුණු අයයි. පසුව ඔබලා දේවතාවරුන් වෙනවා. එම නිසා මොහු ඔබගේ ආධ්‍යාත්මික පියායි. ඔබ දැන් විශ්වාස කරනා මෙම පියා ඉන්නේ කෙටි කාලයකට පමණයි. ඔහු හඳුන්වන්නේ ආදි දේව්, ආදම් හා ඒව කියලයි. ඔහුගෙන් තොරව ලෝකය නිර්මාණය වන්නේ කෙසේද? ආදි දේව් හා ආදි දේවි සිටිනවා. බ්‍රහ්මාගේ චරිතය ඇත්තේ සංගම් යුගයේ දී පමණයි. දේවතාවරුන්ගේ චරිතය බොහෝ කලක් පැවතෙනවා. දේවතාවරුන් සිටින්නේ සත් යුගයේ පමණක් බව සඳහන් කෙරෙනවා. රිදී යුගයේ දී ඔවුන් හැඳින්වෙන්නේ ක්ෂත්‍රියන් වශයෙනුයි. ඔබට ලැබෙනා මෙම කරුණු ඉතාමත් ගැඹුරුයි. ඒ සියල්ලම ගැන ඔබට එක පාරම කතා කරන්න බැහැ. මිනිස්සු ත්‍රිමුර්ති බ්‍රහ්මා ගැන කතා කරනවා. ශිවාව ඉවත් කරවලා අපි කතා කරන්නේ ත්‍රිමුර්ති ශිවා ගැනයි. ත්‍රිමුර්ති බ්‍රහ්මා ගැන කතා කරන විට එහි බ්‍රහ්මා, විෂ්ණු, හා ශංකර් තුන් දෙනාම අන්තර්ගත වෙනවා. අපි කතා කරන්නේ ත්‍රිමුර්ති ශිවා ගැනයි. ඒ සෑම පින්තූරයක්ම අයිති භක්ති මාර්ගයටයි. මිනිසුන් බ්‍රහ්මා මාර්ගයෙන් නිර්මාණය වෙලා. ඔබලා දේවතාවරුන් වෙනවා. විනාශය සිදුවන මොහොතේ දී ස්වාභාවික ව්‍යසන ඇති වෙනවා. විනාශය සිදු විය යුතුයි. කලි යුගයට පසුව සත් යුගය බිහි වේ. මේ සෑම ශරීරයක්ම විනාශයට යනවා. සෑම දෙයක්ම ඒ ආකාරයෙන් සිදු වෙනවා. ඔහු ඔහුගේ ඇස් ඇරියා කියා පමණක් සියල්ල සිදු වන්නේ නැහැ. දිව්‍ය ලෝකය අතුරුදහන් වු කල භුමිකම්පා ආදියත් ඇති වෙනවා. ඒ වෙලාවට ශංකර්ගේ ඇස් ඇරීමක් සිදු වෙනවාද? ද්වාරය වතුරට යට වුණා කියා කියනවා. ඒ ගල් බුද්ධියක් ඇති අයව දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත් කරවීමට මා පැමිණ සිටිනවා කියා පියා දැන් පැහැදිලි කරනවා. මිනිස්සු වැඩියෙන්ම කනලව් කරන්නේ: අහෝ පාරිශුද්ධකරුවනි, පැමිණෙන්න. පැමිණ මේ ලෝකය පාරිශුද්ධ කරන්න. කොහොම නමුත් දැන් මේ ඇත්තේ කලි යුගය බවත් මින් අනතුරුව සත් යුගය පැමිණෙන බවත් ඔහුනට තේරෙන්නේ නැහැ. දරුවන් වන ඔබලා සතුටින් නැටිය යුතුයි. නීතිඥවරයෙක් තම විභාගය සමත් වුණොත් දැන් මට හොඳින් මුදල් ඉපයිය හැකියි. නිවසක් සෑදිය හැකියි. මේ වගේ දේවල් හිතනවා. දැන් ඔබලා සැබෑ ආදායමක් උපයා ගන්නවා. දිව්‍ය ලෝකයේදී ඔබට සෑම දෙයක්ම අළුතින් ලැබෙනවා. සෝමනාත් දේවාලය කොයි වගේ වේදැයි කියා මදක් සිතන්න. එය දැන් වසර 2500 ක් පැරණියි. එය සෑදිමට සෑහෙන කාලයක් ගත වෙන්න ඇති. එම දේවාලය වන්දනා කරමින් සිටි අයම පසුව එය මංකොල්ල කන්න ඇති. ගොඩනගපු ගමන් මංකොල්ල කෑමක් කරන්න නැතිව ඇති. තවත් දේවාල රාශියක් තිබෙන්න ඇති. වන්දනා කිරීම සඳහා දේවාල සාදනවා. පියාව සිහිපත් කරනා ගමන් තමන් සත් යුගයට යන බව ඔබලා දන්නවා. ජීව වන ඔබලා පාරිශුද්ධත්වයට පත් වේවි. ඔබ උත්සහයක් දැරිය යුතුයි. උත්සහයකින් තොරව කිසිවක් කෙරෙන්නේ නැහැ. එක් තත්ත්පරයක ජීවන මුක්තිය කියා සිහිපත් කර තිබෙනවා. කොහොම නමුත් කෙනෙක්ට එය නිකම්ම ලබා ගන්න බැහැ. දරුවෙක් වුනොත් අනිවාර්යයෙන්ම ඔබට එය ලැබේවි. දැන් ඔබලා මුක්ති දේශය වෙත යාමට උත්සහ දරමින් සිටිනවා. පියාව සිහිපත් කරමින් සිටිය යුතුයි. දවසින් දවස පියා ඔබ දරුවන්ගේ බුද්ධිය අළුත් කරවනවා. පියා කියනවා: මම ඔබට ඉතාමත් ගැඹුරු දේවල් කියනවා. ජීව තිත් වන ඔබවත් උත්තරීතර ජීවය තිතක් වන බවත් මීට පෙර ඔබට කීවේ නැහැ. ඇයි අපිට ඒක කල් තබා නොකියුවේ කිය ඔබ අසාවි. ඒක නාටකයේ නැහැ. මුලදීම ඔබට ඒ ගැන කියා තිබුණා නම් ඔබ කිසිම දෙයක් තේරුම් නොගෙන ඉන්න තිබුණා. සියල්ල ඔබට ක්‍රමානුකූලව පැහැදිලි කරනවා. මෙය රාවණ්ගේ රාජ්‍යයයි. රාවණ් රාජ්‍යයේ දී සෑම කෙනෙක්ම ශාරිරික අවධානයට පත්වෙනවා. සත් යුගයේදී සෑම කෙනෙක්ම සිටින්නේ ජීව අවධානයෙනුයි. තමන් ජීව බව ඔවුන් දන්නවා. ඔවුන්ගේ ශරීර සම්පූර්ණ පරිණත තත්ත්වයට පත්වුණු විට තමන් එය අතහැර දමා තවත් කුඩා ශරීරයක් ගත යුතු බව තේරෙනවා. ජීවයකට පළමුවෙන්ම කුඩා ශරිරයක් ලැබෙනවා. පසුව එය වර්ධනය වෙනවා. මෙහි සිටිනා සෑම කෙනෙක්ම ඉන්නේ එක් එක් වයස් වල. ඇතැම් අය අකල් මරණ වලට ලක් වෙනවා. ඇතැම් අය වයස අවුරුදු 125 දක්වා ජීවත් වෙනවා. පියා කියනවා: පියාගෙන් තම උරුමය දිනා ගැනිම පිළිබඳව ඔබ තුළ ලොකු සතුටක් තිබිය යුතුයි. පිරිසිඳු විවාහයක් කර ගැනිම යන්න එතරම් සතුටට කරුණක් නොවෙයි. ඇත්තටම එය දුර්වලතාවයක්. ගැහැණු දරුවෙක් කියනවා නම් තමන්ට පාරිශුද්ධව සිටිමට කැමතියි කියා කිසිම කෙනෙක්ට ඇයට බලපෑම් කරන්න බැහැ. කොහොම නමුත් දැනුම අඩු නම් ඇය බය වේවි. දැරියකට සෑහෙන්න පහර දුන්නොත් ඇයට පුළුවන් පොලිසියට පැමිණිලි කරන්න. මිනිස්සු සතුන්ව මැරු විටත් එයට විරුද්ධව නඩු දමා දඩුවම් දෙනවා. දරුවන් වන ඔබට පහර දෙන්න කිසිවකුට බැහැ. කුමාරයන්ටත් පහර දීමට කාටවත් බැහැ. ඔවුන්ට තම ආදායම උපයා ගත හැකියි. තම ජීවිකාව සපයා ගත හැකියි. කුසට මහා ලොකු දෙයක් අවශ්‍ය නැහැ. එක් අයෙක් රුපියල් 4 ක් 5 ක් පමණක් අවශ්‍ය වන අතර තවත් කෙනෙකුට රුපියල් හාර පන්සීයක් උවමනා වේවි. ඇතැම් පුද්ගලයින්ට බොහෝ මුදල් ලැබුණු විට තණ්හාධික් වෙනවා. දුප්පත් අයට මුදල් නැහැ. ඒ නිසා ඔවුන් තණ්හාධික නැහැ. තමන් ලඟ ඇති වියලි චපාතිය ඔවුන්ව සතුටට පත් කරනවා. දරුවන් වන ඔබලාත් ආහාර වලට එතරම් ලොකු වැදගත්කමක් දිය යුතු නැහැ. හොඳ ආහාර ගත යුතුයි කියා ගොඩක් ආසා වෙන්න හොඳ නැහැ. එහිදී ඔබට ලැබෙන දෙයක් නැහැයි කියා දරුවන් වන ඔබලා දන්නවා. ඔබට අසීමිත රාජ්‍යයක් හා අසීමිත සතුටක් ලැබෙනවා. එහි කිසිම රෝගයක් ආදිය නැහැ. ඔබට සෞඛ්‍ය ධනය හා සතුට ලැබෙනවා. එහිදී ඔබට සියල්ල ලැබෙනවා. එහි පරණ යුගයේ දී පවා ඔබ ඉතාමත් හොඳින් සිටිනවා. ලොකු සතුටක් තිබෙනවා. කිසිම ආකාරයක අපහසුතාවයක් එහි නැහැ. පුරවැසියනුත් ඒ වගෙයි. කොහොම නමුත් තමන් පුරවැසියෙක් වුණොත් ඇතියි කියා පමණක් සිතන්න එපා. එහෙම නම් ඒක හරියට මෙහි වැසියන් වගේ විය යතුයි. සුර්ය වංශික ලක්ෂ්මී හා නාරායන වීමට නම් ඔබත් දැඩි උත්සහයක් දැරිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බ්‍රහ්මාගේ නව නිර්මාණය වන අපි සහෝදර සහොදරියන්ය. මෙය අභ්‍යන්තරව අවබෝධ කර ගත යුතු කරුණකි. ඒ ගැන අනෙක් අය හා කතා කළ යුතු නැහැ. සෑම විටම ශිව බාබා තමන්ට උගන්වනවාය යන සතුට රදවා ගන්න.

2. කෑම බීම වලට ලොකු වැදගත්කමක් දෙන්න එපා. කෑදරකම අතහැර දමා අසීමිත අධිරාජ්‍යයක සතුට සිහිපත් කරන්න.

වරදානය:
ඔබගේ බොහෝ ආකාරයේ "ගෘහස්ථ" වලින් නිදහස් වීමෙන්, ඔබ බැඳීම් ජය ගන්නෙකු සහ ස්මරණයේ ප්‍රතිමූර්තියක් බවට පත් වේවා.

ඔබගේම "ගෘහස්ථය", දිව්‍ය පවුලේ "ගෘහස්ථය", සේවයේ "ගෘහස්ථය" සහ සීමිත ලැබීම් වල "ගෘහස්ථය" කෙරෙහි බැඳීම් ජය ගන්නෙකු වීම යනු, ඔබ නොබැඳි බවට පත් වීමට, බාප්දාදාගේ සෙනෙහස් ස්වරූපය ඔබ ඉදිරියෙහි තබාගෙන ස්මරණයේ ප්‍රතිමූර්තියක් බවට පත් වීමයි. ස්මරණයේ ප්‍රතිමූර්තියක් වීමෙන්, ඔබ නිරායාසයෙන්ම බැඳීම් ජය ගන්නෙකු බවට පත්වේ. සියලු ආකාරයේ "ගෘහස්ථ" වලින් නිදහස් වීම යනු "මම" යන අවධානය අවසන් කර බැඳීම් ජය ගන්නෙකු වීමයි. මේ ආකාරයෙන් බැඳීම් ජය ගන්නන් වන ඔය දරුවන්, දිගු කාලයක් පුරා කරන උත්සාහය තුළින්, තම ත්‍යාගය සඳහා දිගු කාලයකට අයිතියක් හිමිකර ගනී.

පාඨය:
නෙළුම් මලක් මෙන් නොබැඳිව රැඳී සිටින විට ඔබ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස දිගටම ලබනවා ඇත.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

අංක එකේ සලබයන්ට ඔවුන් පිළිබඳව කිසිදු අවධානයක් නොමැත. මෙයින් අදහස් කෙරෙන්නේ ඔවුන්ට දවාල හෝ රාත්‍රිය වේවා, කුසගින්නෙන් හෝ පිපාසයෙන් සිටියත්, ඔවුන්ගේ සතුට හෝ සුවපහසුව සඳහා පහසුකම් පිළිබඳ ශරීර අවධානයක් නොමැති බවයි, ඔවුන් කිසිවක් මත රඳා නොපවතී. ඔවුන් තම ශරීර පිළිබඳ සියලු ආකාරයේ අවධානයට සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත, එනම්, ඔවුන් නිරන්තරයෙන් ගිනි දැල්ල කෙරෙහි ස්නේහයෙන් ගැලී සිටිති. දැල්ල ආලෝකයේ ස්වරූපයක්, ආලෝක සහ ශක්ති ස්වරූපයක් වන්නාක් මෙන්, ඒ ආකාරයෙන්ම, දැල්ල මෙන්, ඔවුන්ම ආලෝක සහ ශක්ති ස්වරූප බවට පත්වේ.