20.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා පැමිණ සිටින්නේ ඔබව මෙම පාපකාරී ලෝකයෙන් ඉවත් කර, සුව පහසුව ඇති
ලෝකයකට රැගෙන යාමටයි. ඔබට පියාගෙන් සතුට සහ සාමය යන ත්‍යාග දෙක ලැබෙයි.
ප්‍රශ්නය:
මුළු ලොවෙහිම
සිටින සත්‍ය මෙහෙණීන් ඔබලාය. සත්‍ය මෙහෙණීන් යැයි පවසන්නේ කාහටද?
පිළිතුර:
සත්‍ය මෙහෙණීන් යනු, බුද්ධියේ ඒකායන කෙනාගේ සිහිකිරීම පමණක් ඇති අයයි, එනම්, ඔවුන්
ඒකායන අය හැර අන් කිසිවෙකු සිහි නොකරයි. වෙනත් මෙහෙණීන්හටද, මෙහෙණීන් කියා අමතන
නමුත්, ඔවුන්ගේ බුද්ධීයේ සිටින්නේ ක්‍රිස්තු තුමා පමණක් නොවෙයි. ක්‍රිස්තු තුමාද
දෙවියන්ගේ පුතනුවන් බව කියයි, එබැවින් ඔවුන්ගේ බුද්ධියේ ජීවයන් දෙදෙනෙක් සිටියි,
නමුත් ඔබගේ බුද්ධියේ සිටින්නේ පියා පමණයි, ඔබලා සත්‍ය මෙහෙණීන් වන්නේ මේ නිසාය.
පාරිශුද්ධව සිටින ලෙසට ඔබට පියාගේ නියෝගය ලැබී තිබේ.
ගීතය:
මෙම පාකාරී
ලොවෙන් ඉවතට, සුව පහසුව ඇති ලොවකට අපව රැගෙන යනු මැන.
ඕම් ශාන්ති.
මිහිරිතම
ආධ්‍යාත්මික දරුවන්ට ගීතය ඇසුණා. එය ඇසුවේ කවුද? ජීවාත්ම. ජීවාත්මයන්ට, පරම ජීවය
යැයි කිව නොහැක. මනුෂ්‍යයන්ට, දෙවියන් යැයි කිව නොහැක. අච්චා. ඔබ දැන්
බ්‍රහ්මණයන්ය. මෙකල ඔබට දේවතාවන් යැයි කිව නොහැක. බ්‍රහ්මට වුවත් දේවතාවක් යැයි කිව
නොහැක. ඔවුන් ’බ්‍රහ්ම දේවතාවට නමස්කාර වේවා, විෂ්ණු දේවතාවට නමස්කාර වේවා’ යැයි
කියන නමුත්, බ්‍රහ්ම සහ විෂ්ණු අතර විශාල වෙනසක් තිබේ. විෂ්ණුට දේවතාවක් යැයි කිව
හැකි නමුත් බ්‍රහ්මට දේවතාවක් යැයි කිව නොහැක, මන්ද, ඔහු බ්‍රහ්මණයන්ගේ පියා
බැවින්. බ්‍රහ්මණයන්ට දේවතාවන් යැයි කිව නොහැක. මනුෂ්‍යයන්ට, මෙම දේවල් මනුෂ්‍යයන්ට
විස්තර කළ නොහැක. මෙම දේවල් විස්තර කළ හැක්කේ පරමාත්ම දෙවියන්ට පමණයි. මනුෂ්‍යයන්
අන්ධ විශ්වාසයෙන් ඔවුන්ගේ හිතට ඇතුළු වන ඕනෑම දෙයක් පවසයි. තමන් ජීවාත්ම බව සලකන
ලෙස, ආධ්‍යාත්මික පියා දැන් ඔබට උගන්වන බව ඔය දරුවන්ට වැටහෙයි. ජීවාත්මය වන මා මෙම
සිරුර ගන්නවා. ජීවාත්මය වන මා, උපත් 84ක් ගෙන තිබේ. ඔබට සිරුරක් ලැබෙන්නේ ඔබ සිදු
කර ඇති ක්‍රියා වලට අනුවයි. ජීවාත්මය, සිරුරෙන් වෙන් වූ විට, සිරුර කෙරෙහි සෙනෙහසක්
නැත. සෙනෙහස දැනෙන්නේ ජීවාත්මය වෙනුවෙනි. ජීවාත්ම, සිරුරු තුළ සිටියදී, ඒවා කෙරෙහි
සෙනෙහස දැනෙයි. මිනිසුන් වෙන්ව ගිය ජීව කැඳවයි. සිරුරු පුළුස්සා දමා ඇති නමුත්,
ඔවුන් තවමත් ජීවය සිහි කරයි, ඒ නිසයි ඔවුන් ජීවයට බ්‍රහ්මණ පූජකයෙකුගේ සිරුර තුළට
ඇතුළු වන ලෙස ආරාධනා කරන්නේ. ඔවුන් පවසන්නේ අහවලාගේ ජීවාත්මය පැමිණෙන්න! පැමිණ මෙම
කෑම කන්න! මින් කියැවෙන්නේ එම ජීවාත්මය කෙරෙහි බැඳීමක් ඇති බවයි. පෙරදි බැඳීම
තිබුණේ සිරුරටයි, එමෙන්ම සිහි කෙරුනේ සිරුරයි. ඔවුන් අඬගසන්නේ ජීවාත්මයට බව, ඔවුන්ට
වැටහෙන්නේ නැත. සෑම දෙයක්ම කරන්නේ ජීවාත්මයයි. හොඳ සහ නරක සංස්කාර තිබෙන්නේ
ජීවාත්මය තුළයි. පළමුව ශරීර අවධානය තිබෙන අතර පසුව අනෙක් දුර්ගුණ පැමිණෙයි. සියලුම
දුර්ගුණ තිබෙන විට, එම කෙනා දූෂිත බව කියැවෙයි. මෙම දුර්ගුණ නොමැති කෙනෙකුට දුර්ගුණ
වලින් තොර කෙනෙක් යැයි කියයි. භාරතයේ දේවතාවන්ගේ රාජධානිය තිබුණු කල, ඔවුන්ට
දිව්‍යමය ගුණදම් තිබුණු බව, ඔබට වැටහෙයි. ලක‍්ෂ්මි සහ නාරායන අයත් වූයේ දේවතා
ධර්මයටයි. ක්‍රිස්තියානි ආගමේ පිරිමින් සහ ස්ත්‍රීන් සිටින ආකාරයෙන්, දේවතාවන්ද,
දේවී සහ දේවතා යැයි හැඳින්වෙයි. රජු, රැජිණ සහ පුරවැසියන් යන සියලු දෙනාම දේවතා
ධර්මයට අයත් වෙයි. මෙම ධර්මය ඉතාම උසස් වන අතර සතුට ගෙන දෙන එකකි. ඔය දරුවන්ට ගීතය
ඇසුණා. මෙසේ පැවසුවේ ජීවාත්මයයි බාබා, මට සුව පහසුව අත්විඳිය හැකි තැනකට මා රැගෙන
යන්න. එය සතුටු දේශය සහ සාම දේශයයි. මෙහි මිනිසුන් බොහෝ අසහනයෙන් සහ කැලඹීල්ලෙන්
සිටියි. ස්වර්ණමය යුගයේ අසහනයක් නැත. ඔබව සුව පහසුව ඇති තැනකට රැගෙන යා හැක්කේ බාබා
හැර වෙනත් කිසිවෙකුට නොවන බව ඔය ජීව දන්නවා. පියා පවසන්නේ සෑම චක්‍රයකදීම මා ඔබට
විමුක්තිය සහ ජීවන-මුක්තිය යන ත්‍යාග දෙක රැගෙන එමි. කෙසේවෙතත්, ඔබට මෙය අමතක වෙයි
ඔබට අමතක වීම නාටකයේ නියමිත වී තිබේ. මට පැමිණිය හැකි වන්නේ, සෑම කෙනෙකුටම අමතක වූ
විට පමණයි. ඔබ දැන් බ්‍රහ්මණයන් වී ඇති අතර ඔබ උපත් 84ක් ගෙන ඇති බවට විශ්වාසය
තිබේ. සම්පූර්ණ ඥානය ලබා නොගන්නා අය, නව ලෝකයට මුලින්ම යන අය විය නොහැක ඔවුන් රිදී
යුගයට හෝ රිදී යුගයේ අවසානයට යයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ උත්සාහයන් මතයි. එය
ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය වූ කල්හි, ස්වර්ණමය යුගයේ සතුට තිබුණි. අච්චා,
ඔවුන්ගේ පෙර භවයේදී ඔවුන් කවුරු වී සිටියේද? කිසිවෙක් මෙය නොදනී. ඔවුන්ගේ පෙර
භවයෙදී ඔවුන් බ්‍රහ්මණයන් විය. එයට පෙර, ඔවුන් ශුද්‍රයන් විය. ඔබට ඉතා හොඳින් විවිධ
වංශ ගැන විස්තර කළ හැක. ඔබට උපත් 21කට සුව පහසුව ලැබෙන බව ඔබට දැන් වැටහෙයි. බාබා
අපට එම මාර්ගය පෙන්වනවා. අපි දැන් අපවිත්‍රයි, අපි දුකෙන් මෙන්ම අසහනයෙන් සිටින්නේ
මේ නිසාය. සුව පහසුව ඇති ස්ථානය, සාමය සහ සතුට ඇති ස්ථානය, ලෙසද හැඳින්වෙයි. ඔය
දරුවන්ට දැන් මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය, ඔබගේ බුද්ධිය තුළ තිබේ. භාරතය
ස්වර්ණමය යුගයෙදී බොහෝ සතුටින් තිබුණු අයුරු ඔබට දැන් වැටහෙයි. දුක හෝ අසහනය පිළිබඳ
සඳහනක් නොවීය. ඔබ දැන් උත්සාහ දරන්නේ දිව්‍ය ලෝකයට යාමටයි. ඔබ දැන් පරමාත්ම
දෙවියන්ගේ සමාජයේ කොටසක් බවට පත් වී ඇති අතර, ඒ මිනිසුන් අයත් වන්නේ අසුර සමාජයටයි.
මෙසේ කියයි පාප ආත්මය. ජීවාත්ම බොහෝ වන නමුත් පරමාත්මය එක්කෙනෙකි. සියලු දෙනාම
සහෝදරයන්ය. සියලු දෙනාට පරමාත්මය විය නොහැක. මෙම සුළු කරුණ වුවද මනුෂ්‍යයන්ගේ
බුද්ධිය තුළ පතිත වන්නේ නැත. මෙම මුළු ලෝකයම අසීමිත දිවයිනක් බව, බාබා පහදා දී ඇත.
වෙනත් දිවයින් කුඩාය. රාවණගේ රාජධානිය අසීමිත දිවයින පුරා තිබේ. මනුෂ්‍යයින්ට මෙම
දේවල් වැටහෙන්නේ නැත. ඔවුන් කරන්නේ දිගින් දිගටම කතන්දර කීම පමණයි. කතන්දර වලට ඥානය
යැයි කිව නොහැක. ඒවා තුළින් මනුෂ්‍යයන්ට විමුක්තිය පිරිනැමිය නොහැක. විමුක්තිය
ලැබෙන්නේ ඥානය තුළිනි. ඒකායන පියා හැර වෙනත් කිසිවෙකු ඥානය ලබා දෙන්නේ නැත. පරමාත්ම
දෙවියන් පමණක් පැමිණ බැතිමතුන්ව ආරක‍්ෂා කරයි. මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන්ව ආරක‍්ෂා කළ
නොහැක. ශිව බාබා ඔය සෑම දරුවෙකුටම දායාදයක් ලබා දෙයි. පියා, ගුරුවරයා සහ සත්ගුරූ
ඔහුයි. එමෙන්ම ඔහු ඔබව මරණයේ යක‍්ෂයන්ගේ දඬුවම්වලින් නිදහස් කරන බැවින්, ඔහු
නීතිඥයා හෝ අධිනීතිඥයාද වෙයි. ස්වර්ණමය යුගයෙදී කිසි කෙනෙක් හිරේ යන්නේ නැත. පියා
සෑම කෙනෙක්වම හිරෙන් නිදහස් කරයි. ඔය දරුවන්ගේ සියලුම වඩාත් උසස් ආශාවන් දැන් ඉෂ්ඨ
කෙරෙයි. සියලුම අපවිත්‍ර ආශාවන් රාවණ විසින් ඉෂ්ඨ කරන අතර සියලුම පිවිතුරු ආශාවන්
පියා විසින් ඉටු කර දෙයි. ඔබගේ පිවිතුරු ආශාවන් ඉටු වන විට, ඔබ සෑම කලටම සතුටට පත්
වෙයි. අපවිත්‍ර ආශාවක් වන්නේ, අපවිත්‍ර සහ දූෂිත වීමටයි. පිවිතුරුව සිටින අයට
බ්‍රහ්මචාරීන් යැයි කියයි. ඔබත් පිවිතුරුව රැඳී සිටිය යුතුයි. පිවිතුරු වී පිවිතුරු
ලෝකයේ අධිපතියන් වන්න. ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කරන්නේ පියා පමණයි. පැවිද්දන්
සහ පූජකයන් උපත් ලබන්නේ පාපය තුළිනි. දේවතාවන් ගැන ඔබ ඒ අන්දමින් නොකියයි. එහි
පාපයන් නැත එය පිවිතුරු ලෝකයයි. ලක‍්ෂ්මි සහ නාරායන සම්පූර්ණයෙන්ම පිවිතුරු විය.
භාරතයද පිවිතුරු විය. ස්වර්ණමය යුගයේ පාරිශුද්ධත්වය තිබුණු විට, සාමය සහ සමෘද්ධියද
තිබුණු බව, ඔබට දැන් වැටහෙයි. සෑම කෙනෙක්ම සිටියේ සතුටින්ය. එය රාවණගේ රාජධානිය වූ
දා සිට, මිනිසුන් පහළට පැමිණියා දැන් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නැත. ඔවුන් මුළුමනින්ම
සිප්පි කටු මෙන් වී ඇත. ඔබ දැන් පියාගේ මාර්ගයෙන් දියමන්ති මෙන් වනවා. භාරතය
ස්වර්ණමය යුගය වූ කල්හි, එය දියමන්තියක් මෙන් විය. දැන් එය සිප්පි කටුවක් තරම්වත්
වටින්නේ නැත. ඔවුන්ගෙන් කිසිවෙකු තමන්ගේ ධර්මයවත් නොදනී. ඔවුන් දිගින් දිගටම පාපයේ
ගැලෙති. එහි, පාපය පිළිබඳ සඳහනක්වත් නැත. දේවතා ධර්මයට අයත් වන ඔබලා, ඉතා
සුප්‍රසිද්ධය. දේවතාවන්ගේ පිළිම බොහෝ තිබේ. වෙනත් ආගම්වල තිබෙන්නේ එක් පිළිමයක්
පමණක් බව, ඔබට දැකගත හැක. ක්‍රිස්තියානුවන්ට තිබෙන්නේ ක්‍රිස්තු තුමාගේ එක් පිළිරුව
පමණයි. බෞද්ධයින්ට තිබෙන්නේ බුදුරදුන්ගේ එක් පිළිරුව පමණයි. ක්‍රිස්තියානුවන් සිහි
කරන්නේ ක්‍රිස්තු තුමාව පමණයි. ඔවුන්ට මෙහෙණීන් යැයි කියයි. ‘මෙහෙණීන්’ යනු
ක්‍රිස්තු හැර වෙනත් කිසිවෙකු සිහි නොකරන අයයි. මෙසේ කියන්නේ ඒ නිසාය ඔවුන්
ක්‍රිස්තු හැර වෙනත් කිසිවෙක් සිහි නොකරයි. ඔවුන් බ්‍රහ්මචාරීව සිටියි. ඔබද
මෙහෙණීන්ය. ඔබ ගෘහස්ත මාවතට අයත් වී, මෙහෙණීන් බවට පත් වෙයි. ඔබ සිහි කරන්නේ එකම
පියා පමණයි ඒකායන කෙනා හැර වෙනත් කිසිවෙකු නැත. ඔබ අයත් වන්නේ ශිව බාබාට මිස වෙන
කිසිවෙකුට නොවෙයි. එම මෙහෙණීන්හට ජීවයන් දෙදෙනෙකු ඔවුන්ගේ බුද්ධිය තුළ තවමත්
සිටියි. ක්‍රිස්තු තුමා දෙවියන්ගේ පුත්‍රයා බව ඔවුන් විශ්වාස කරන නමුත්, දෙවියන්
පිළිබඳ කිසිම දැනුමක් ඔවුන්ට නැත. ඔය දරුවන්ට මෙම දැනුම තිබේ. ලෝකයේ කිසිම කෙනෙකුට
දෙවියන් (පරමාත්මය) පිළිබඳ දැනුම නැත. දෙවියන් වාසය කරන්නේ කොහිද, ඔහු පැමිණෙන්නේ
කවදාද, හෝ ඔහුගේ චරිත කොටස කුමක්ද කියා, කිසිවෙකු නොදනී. දෙවියන්ට (භගවාන්) සෑම
දෙයක්ම දන්නා කෙනා (ජනීජනන්හාර්) යැයිද කියයි. මෙම ගරු නාමයෙන් මිනිසුන් සිතන්නේ,
සෑම කෙනෙකුගේම හදවතේ ඇති දේ ඔහු දන්නා බවයි. පියා පවසන්නේ මා මෙය නොදනී. අසුන් ගෙන,
සෑම කෙනෙකුගේම හදවතේ ඇති දේ කියවීමට මට ඇති අවශ්‍යතාවය කුමක්ද? මා පැමිණ සිටින්නේ
අපවිත්‍ර අය පිවිතුරු කිරීමට පමණයි. කෙනෙක් පිවිතුරුව රැඳී නොසිට, මුසා බස් පවසයි
නම්, ඔහු සිදුකරන්නේ තමන්ට පාඩුවක් පමණයි. දේවතාවන්ගේ සමූහයේ අසුරයන් විත් අසුන්ගත්
බව සිහිකර තිබේ. එහි අමෘතය බෙදා දුන්හ. පාපයේ ගැලී, ඉන්පසුව රහසේ විත් සමුහයේ අසුන්
ගන්නා කෙනෙක් අසුරයෙකි. ඔහු තමන්ගේම තත්ත්වය විනාශ කරගනී. ඔබ සෑම කෙනෙක්ම තමන්ගේම
උත්සාහයන් සිදු කළ යුතුයි. එසේ නැතහොත් ඔබ මුළුමනින්ම තමන්ව විනාශ කරගනී. රහසේ විත්
සමූහය තුළ අසුන්ගත් බොහෝ දෙනෙක් සිටියා. ඔවුන් පාපයේ නොගැලෙන බව පවසන නමුත් ඔවුන්
එසේ කරමින් සිටියා. ඔවුන් තමන්වම රවටාගනී ඔවුන් තමන්ගේ සත්‍යය විනාශ කරගන්නා
බැවින්, ඒ නිසා තමන්ව මුළුමනින්ම විනාශ කර ගනි. ඔහුගේ දකුණත, ධර්මරාජ් වන, පරම
පියා, පරමාත්ම ජීවය, ඉදිරියේ ඔවුන් බොරු පවසන විට, ඔවුන් තමන්ගේම දඬුවම් කැඳවයි.
බොහෝ මධ්‍යස්ථාන වල එවන් අය බොහොමයක් සිටියි. බාබා පළමු වතාවට දිල්ලියට ගිය විට,
දිනපතාම මධ්‍යස්ථානයට පැමිණෙන, පාපයේද ගැලෙන කෙනෙක් සිටියා. ඔහු පාරිශුද්ධව නොසිටින
නමුත් මධ්‍යස්ථානයට පැමිණෙන්නේ මන්ද කියා විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ, ’මා මෙහි
නොපැමිණියේ නම්, මා පාපයෙන් තොර වන්නේ කෙසේද? මම පාරිශුද්ධත්වයට කැමති නමුත් මට
පිවිතුරුව සිටීමට නොහැක. කාලයාගේ ඇවෑමෙන් මා පරිවර්ථනය වෙයි. මා නොපැමිණෙන්නේ නම්,
මගේ ඔරුව මුළුමනින්ම ගිලෙයි. වෙනත් මඟක් නොමැති නිසයි මා මෙහි පැමිණිය යුත්තේ.’
පියා පහදා දුන්නේ ඔබ වාතාවරණය අපිරිසිඳු කරනවා! ඔබ තව කෙතරම් කාලයක් මේ අන්දමින්
පැවතෙන්නට යනවාද? පිවිතුරු බවට පත්වෙමින් සිටින අය, අපවිත්‍රව රැඳී සිටින අයට
අකමැතිය. ඔවුන් පවසන්නේ, ’බාබා, මා මෙම කෙනා පිළියෙල කරන ආහාර කෑමට අකමැතියි.’ පියා
ඔබට මේ සඳහාද ක්‍රමයක් පෙන්වා දුන්නා ඔබගේ කෑම පිළිබඳ ප්‍රශ්නයක් ඇති විට, ඔබගේ
රැකියාව ආදිය අත්හරින්නට අවශ්‍ය නැත. ඔබ යම් ක්‍රමවේදයක් සොයා ගත යුතුයි. ඔබ යමෙකුට
විස්තර කරන විට ඔහු කලබල වෙයි ’මා පිවිතුරුව සිටින්නේ කෙසේද? මා කිසිදා මෙය අසා
නැහැ. සන්යාසීන්ට වුවත් නිවසෙහි පිවිතුරුව සිටිය නොහැක. ඔවුන්ගේ නිවෙස් සහ පවුලේ අය
අතහැර ගිය විට පමණයි ඔවුන්ට පිවිතුරුව සිටිය හැකි වන්නේ.’ කෙසේවෙතත්, ඔබට මෙහෙ
උගන්වන්නේ පාරිශුද්ධකරු, පරම පියා, පරමාත්ම ජීවය බව, කිසිවෙකු නොදනී. ඔවුන් මෙය
විශ්වාස නොකරන නිසා ඔවුන් විරුද්ධවාදිකම් කරයි. ඔවුන් පවසන්නේ, ’ශිව බාබා, බ්‍රහ්ම
ගේ සිරුර තුළට ඇතුළු වන බව පවසන ග්‍රන්ථයක් අපට පෙන්වන්න!’ ගීතාවේ ලියා තිබෙන්නේ මා
සාමාන්‍ය පරිණත සිරුරකට ඇතුළු වෙමි. ඔහු තමන්ගේම උපත් ගැන නොදනී. මෙය ගීතාවේ ලියා
තිබේ, එබැවින් ඔබ දෙවියන්, සාමාන්‍ය සිරුරකට ඇතුළු වන අන්දම ගැන විමසන්නේ කෙසේද?
ඔහු ඔබට මාර්ගය පෙන්වීමට අපවිත්‍ර සිරුරකට ඇතුළු වෙයි. ඔහු පෙරද ඔබට මාර්ගය
පෙන්වීමට පැමිණ, මෙසේ පැවසීය නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න! ඔහු උත්තරීතර
දාමයේ වාසය කරමින් මෙසේ පවසයි නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! මෙසේ පැවසීමට,
ක්‍රිෂ්ණාගේ සිරුර අශාරීරික ලෝකයේ වාසය නොකරයි නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න!
සාමාන්‍ය සිරුරක් තුළට ඇතුළු වී, ඔය දරුවන්ට මෙසේ පවසන්නේ පරම පියා, පරමාත්ම ජීවය
පමණයි නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට යෝගා ගින්නෙන් ඔබගේ පාපයන් කැපී
යයි. පියා පවසන්නේ ඔය ජීවාත්ම පිවිතුරුව සිටි විට, ඔබ දිව්‍යමය කලා 16කින් සපිරි
විය. දැන් කලාවන් නොමැත ඔබ සම්පූර්ණයෙන් අපවිත්‍ර වී ඇත. මා සෑම චක්‍රයකදීම පැමිණ,
ඔබට විස්තර කරනවා. ඔබ රාග කොතේ අසුන් ගැනීමෙන් අවලස්සන වනවා. එබැවින් මා පැමිණ, ඔබව
ඥාන කොත මත හිඳුවා, පාරිශුද්ධ කරන්නෙමි. පිවිතුරු ගෘහස්ත මාවත, භාරතයේ පැවතුණු
නමුත් දැන් අපවිත්‍ර ගෘහස්ත මාවත තිබේ. කිසිවෙකුට කිසිම විවේකයක් හෝ සුව පහසුවක්
නැත. පියා පවසන්නේ දැන් දෙදෙනාම ඥානයේ කොත මත අසුන් ගත යුතුයි. ජීවාත්ම වන අපට
සිරුරු ලැබෙන්නේ, අප සිදුකරන ක්‍රියාවන්ට අනුවයි. ඔවුන්ගේ මතු භවයන්වලද එම සැමියා
සහ බිරිඳම වනවා නොවෙයි. නැහැ එවන් තරඟයක් තිබිය නොහැක. මෙය ඉගෙනගැනීම පිළිබඳ
කරුණකි. එය අවිද්‍යා මාවතේ සිදු විය හැක, එහිදී ඔවුන්ට එකිනෙකා කෙරෙහි විශාල
සෙනෙහසක් තිබෙන බැවින් ඔවුන්ගේ ආශාවන් ඉටු විය හැක. එය අපවිත්‍ර දූෂිත මාර්ගයයි.
වැන්දඹුවද ඇගේ සැමියාගේ සොහොන් කොත මතට නඟියි. එවිට ඇය ගොස්, ඔහුගේ මතු භවයේදී ඔහුව
මුණගැසෙයි. කෙසේ වුවත් ඔවුන්ගේ මතු භවයේදී ඒ පිළිබඳ මතකයක් ඔවුන්ට නොතිබෙයි. ඔබ
බාබා සමඟ ඥානයේ කොතෙහි අසුන් ගනී. ඔබගේ අපිරිසිඳු සිරුරු හලා දමා ආපසු නිවසට යයි.
ඔබ මෙකල මේ ගැන දන්නා නමුත්, ඔවුන්ගේ පෙර භවයන්වලදී ඔවුන් සහකරුවන්ව සිටි බව ඔවුන්
නොදනී. ඔබටද පසුව එහිදී මෙම දේවල් මතකයේ නොතිබෙයි. දැන් ඔබගේ බුද්ධිය තුළ අරමුණ සහ
ඉලක්කය තිබෙයි. මම්මා සහ බාබා, ලක‍්ෂ්මි සහ නාරායන වෙයි. විෂ්ණු දේවතාවක්ය.
ප්‍රජාපිතා බ්‍රහ්මට දේවතාවක් යැයි කිව නොහැක. බ්‍රහ්ම, දේවතාවක් බවට පත් වෙයි.
බ්‍රහ්ම, විෂ්ණු බවට පත් වන අන්දම සහ විෂ්ණු, බ්‍රහ්ම බවට පත් වන්නේ කෙසේද කියා ඔබට
දැන් වැටහෙයි. විවේකය සහ සුව පහසුව තිබිය හැක්කේ දිව්‍ය ලෝකයේදී පමණක් බව, ඔබට දැන්
වැටහෙයි. කෙනෙක් මිය ගිය විට, මිනිසුන් පවසන්නේ ඔහු දෙව්ලොව ගිය බවයි, එනම්, ඔහු
විවේකය සහ සුවය ඇති ස්ථානයකට ගිය බවයි. අසහනයෙන් සිටින්නේ අපවිත්‍ර අයයි. පියා
පවසන්නේ තමන් ජීවාත්මයක් බව සලකා, පරමාත්ම පියා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන්
දුරු වී යයි. ඉතිරිය, වටහාගත යුතු විස්තරාත්මක කරුණුය. පියා ඥානයෙන් සපිරිය,
එබැවින් ඔහු ඔය ජීවාත්මයන්වත් ඔහු හා සමානව, ඥානයෙන් සපිරි බවට පත් කරවයි. පියාව
සිහිපත් කිරීමෙන් ඔබ සතෝප්‍රධාන් වෙයි. මෙය, ජීවයන්ගේ තරඟයකි. ඔහුව වැඩියෙන් සිහි
කරන අය, වඩාත් විගසින් මෙය බවට පත්වෙයි. මෙය යෝගාවේ සහ ඉගෙනුමෙහි තරඟයකි. පාසැල්වලද
තරඟ පැවැත්වෙයි. බොහෝ ශිෂ්‍යයන් සහභාගී වෙයි. අංක එකට පත්වන අයට ශිෂ්‍යත්වයක්
ලැබෙයි. එක් ඉගෙනුමකට රුපියල් සිය දහස් මිලියන ගණනක් වැය වෙන බැවින්, එතරම් පාසැල්
සංඛ්‍යාවක්ද තිබෙයි. ඔබ දැන් මෙම ඉගෙනුම හැදෑරිය යුතුයි. සෑම කෙනෙකුටම මෙම මාවත
පෙන්වන්න. අන්ධයින්ට සැරයටි වී, සෑම නිවසකටම මෙම පණිවිඩය ලැබෙන්නට සලස්වන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැන්
අපවිත්‍ර ආශාවන් අත්හැර පිවිතුරු ආශාවන් ඇති කරගන්න. පිවිතුරුම ආශාව වන්නේ,
පාරිශුද්ධත්වයට පත් වී, පිවිතුරු ලෝකයේ අධිපතියෙක් වීමය. කිසිම වරදක් සඟවා, තමාව
මුලාවට පත් කර නොගන්න. සෑම විටෙකම පියා, ධර්මරාජ්ට අවංක වන්න.
2. දැනුම කොතෙහි
අසුන්ගෙන, මෙම ඉගෙනුමෙහි තරඟ වැදී, අනාගත නව ලෝකයේ උසස් තත්ත්වයක් හිමි කරගන්න.
යෝගා ගින්නෙහි පාපයේ ගිණුම පුළුස්සා දමන්න.
වරදානය:
ඔබේ බුද්ධියේ
සෙනහස ඒකායන ආදරවන්තයා සමඟ සම්බන්ධ කිරීමෙන් ඔහු නිරන්තරයෙන් පෞද්ගලිකවම ඔබ ඉදිරියේ
සිටින බව අත්විඳින ජයග්‍රාහී මැණිකක් බවට ඔබ පත් වේවා.
සෙනහසින් පිරි
බුද්ධිය යන්නෙන් අදහස් වන්නේ බුද්ධියේ සෙනහස එකම ආදරවන්තයා සමඟ සම්බන්ධ වී තිබීමයි.
එම ඒකායන තැනැත්තා කෙරෙහි සෙනහස ඇති අයට තම සෙනහස වෙනත් කිසිදු පුද්ගලයෙකු හෝ
දේපළක් සමඟ සම්බන්ධ කළ නොහැක. ඔවුහු නිරන්තරයෙන්ම බාප්දාදා පෞද්ගලිකව තමන් ඉදිරියේ
සිටින බව අත්විඳිති. ශ්‍රීමත් වලට පටහැනි නිෂ්ඵල හෝ පාපකාරී සිතිවිලි පවා ඔවුන්ගේ
මනසට නොඑයි. "මම ඔබ සමඟ ආහාර ගන්නෙමි, මම ඔබ සමඟ හිඳ ගනිමි, මම ඔබ තුළින් සියලු නෑ
සබඳතා සපුරා ගනිමි" යන වචන සැමවිටම ඔවුන්ගේ මුවින් සහ හදවතින් මතු වේ. නිරන්තරයෙන්ම
සෙනෙහෙවන්ත බුද්ධි ඇති අයට පමණක් ජයග්‍රාහී මැණික් බවට පත්විය හැකිය.
පාඨය:
"මට මෙය
අවශ්‍යයි, මට මෙය අවශ්‍යයි" යන සිතිවිලි තිබීම යනු යමක් ඉල්ලා සිටීමේ "රාජකීය"
ක්‍රමයකි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
මෙම සංගම යුගයේ දී,
බාප්දාදා ඔබ සියලු දරුවන්ට පළමු ප්‍රතිඥාව ලබා දුන්නේය: "ඔබ සම්පූර්ණයෙන්ම පවිත්‍ර
වේවා." මෙම පාරිශුද්ධත්වයේ ප්‍රතිඥාව හුදෙක් බ්‍රහ්මචර්යාව පිළිබඳ ප්‍රතිඥාවක්
පමණක් නොවේ; බ්‍රහ්ම පියා මෙන්, ඔබේ සෑම වචනයකම පවිත්‍රත්වයේ කම්පනය මුසු වී තිබිය
යුතුය. සෑම සිතිවිල්ලකම පවිත්‍රත්වයේ වැදගත්කම තිබිය යුතුය. සෑම ක්‍රියාවකම කර්ම
යෝගී ජීවිතයක අත්දැකීම තිබිය යුතුය. මෙය 'බ්‍රහම්චාරී' (පියවර අනුගමනය කරන්නා) සහ
'බ්‍රහ්මචාරී' (බ්‍රහ්මචාරී කෙනෙක්) වීම ලෙස හැඳින්වේ.