20.09.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ පියා මෙන් පරමාත්ම දෙවියන්ගේ සහායකයන් විය යුතුයි. පරම පියා සංගම යුගයේ දී ඔබ දරුවන්ගේ සේවය පිණීස පැමිණෙයි.

ප්‍රශ්නය:
ඉතාමත් සුබදායක සංගම යුගය අති සුන්දර සහ පරහිතකාමී වන්නේ කෙසේ ද?

පිළිතුර:
ඔබ දරුවත් මේ කාලයේ දී ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයම, ඉතාමත් උසස් අය බවට පත්වනවා. මෙම සංගම යුගය ඇත්තේ යකඩ යුග අවසානයේ සහ ස්වර්ණම යුගයේ ආරම්භයේ අතර මැදි කාලයේය. මේ කාලයේ දී තමයි මෙම දේව(ඊෂ්වර්ය) විශ්ව විද්‍යාලය ඔබව මනුෂ්‍ය බවෙන් දේවතාවන් බවට වෙනස් කිරීමට, පරම පියා ඔබ දරුවන් උදෙසා විවෘත කරන්නේ. එවන් විශ්ව විද්‍යාලයක් සමස්ථ චක්‍රය මුළුල්ලේම වෙනත් කිසිම අවස්ථාවක නොතිබේ. සැමට සුගතිය ලැබෙන්නා වූ එකම කාලය මෙය වේ.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි ඉඳිමින් ඔබ ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කර දෙනවා. මෙහි ඉඳිනා විට ඔබ පළමුවෙන් සිහි කරන්නේ පරම පියාවයි මන්ද, පාරිශුද්ධකරු ඔහු වේ. ඔබේ අරමුණ නම් ඔහුගේ ස්මෘතියෙන් පාරිශුද්ධ සහ සස්තෝප්‍රධාන් වීමයි. හුදෙක් සතෝ ස්ථිතියට ලඟා වීම නොවෙයි ඔබේ අරමුණ. ඔබ සතෝප්‍රධාන් විය යුතු නිසායි ඔබ අනිවාර්යෙන්ම පරම පියා සිහිපත් කළ යුතු වන්නේ. අනතුරුව ඔබ සුමිහිරි නිවස ද සිහිපත් කළ යුතු වන්නේ ඔබ එහි යා යුතු නිසාවෙනී. ඉන් අනතුරුව, ඔබට සෞභාග්‍යයද අවශ්‍යයි. ඉතින්, ඔබ ස්වර්ග භූමිය සිහිපත් කළ යුතු වන්නේ එම ප්‍රාප්තිය ඔබට තිබෙන නිසාවෙනී. ඔබ පරම පියාගේ දරුවත් වී සිටිනවා කියා ඔය දරුවත් දන්නවා. ඔබ පරම පියාගෙන් ඉගෙනුම ලබා දිව්‍ය ලෝකෙට යන්නේ ඔබේ උත්සාහයට අනුව අංක අනු පිළිවෙලින්ය ඉතිරි සියලු ජීවාත්මයත් සාම දේශයට යනවා ඇත. සියලු දෙනාම නියතවම නිවසට යා යුතුවේ. මෙය දැන් රාවණ රාජ්‍යය බව ද ඔය දරුවන් දනී. මේ හා සැසඳීමෙන් දිව්‍ය ලෝකෙට රාම රාජ්‍යය කියා නම් කර ඇත. පසුව එහි කලා දෙකක අඩුවීමක් ඇත. එකක් සූර්ය වංශය සහ අනෙක චන්ද්‍ර වංශය කියා හැඳින්වේ. එහි එක් ක්‍රිස්තියානි රාජ වංශයක් තිබෙනා සේම මෙහිත් තිබෙන්නේත් එක් රාජ වංශයයි. කෙසේවෙතත්, එහි සූර්ය වංශ සහ චන්ද්‍ර වංශ ඇත. මේවා මොනම හෝ ග්‍රන්ථ වල ලියා නොමැත. පරම පියා මෙහි ඉඳිමින් පැහැදිලි කරනවා. මෙයටයි ඥානය කියන්නේ. දිව්‍ය ලෝකය ස්ථාපිත වූ කල. ඥානයේ අවශ්‍යතාවය නොතිබේ. මෙම ඥානය ඔබ දරුවන්ට උගන්වන්නේ අති උසස්ම සංගම යුගයේ දී පමණයි. මෙය ඔබේ මධ්‍යස්ථාන වලත් ප්‍රදර්ශනාගාර වලත් ලොකු අකුරින් ලියන්න: සහෝදර සහෝදරියනි, එක් වතාවකට පමණක් උදාවන ඉතාමත් සුබ මංගල මුහූර්තයක් වන සංගම යුගය මෙය වේ. ඔවුන්ට "ඉතාමත් සුබ මංගල මුහූර්තය වූ සංගම යුගය" යන්නෙහි අර්ථය ඔවුන්ට නොවැටෙහෙන බැවින් ඔබ මෙසේද ලිවිය යුතුය: යකඩ යුග අවසානයේ සහ ස්වර්ණම යුග ආරම්භයේ අතර මැද හමුවන සංගම යුගය මෙය වේ. එමනිසා, මෙම සංගම යුගය ඉතාමත් සුන්දර සහ ත්‍යාගශීලී යුගයකි. පරම පියා කියයි: මා පැමිණෙන්නේ මෙම සුබම මුහුර්තය වූ සංගම යුගයේ දීය. ඉතින්, මෙම සංගම යුගයේ අර්ථයත් ඔබට පැහැදිලි කර දී තිබෙනවා. වෛශ්‍යාලයේ අවසානය සහ ශිවාලයේ ආරම්භය. සංක්‍රමණ කාලයට අත්‍යන්ත සුබදායක සංගම යුගය කියති. මෙහි සියල්ලන්ම කුරිරු (විකාරි) අය වන අතර එහි සියල්ලන්ම නිකෙළෙස් (නිර්විකාරි) අයයි. එමනිසා, සැබැවින්ම, නිකෙළෙස් වූවන්ට අති උසස් අය වශයෙන් කියා ඇත. ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ම අති උසස් වෙති. එබැවින් අති උසස් මානව ජීවයන් (පුරුෂෝත්තම) ඔවුන්ගේ නාමය විය. මෙය සංගම යුගය කියා ඔය දරුවනුත් පියාත් හැරෙන්න අන් කිසිවෙකුත් නොදනී. ඉතාමත් සුබදායක සංගම යුගයේ දී එය කිසිවෙකුගේත් බුද්ධියට ඇතුල් වන්නේ නැත. පරම පියා දැන් පැමිණ සිටිනවා. ඔහු මානව වෘක්ෂයේ බීජයයි. ඔහුව බොහෝ සෙයින් වර්ණනා කර ඇත. ඔහු ඥාන සාගරයයි. ප්‍රමෝදයේ සාගරය සහ පාරිශුද්ධකරුවා වේ. ඔහු සැමට ඥානයෙන් සත් ගතිය ලබා දෙයි. භක්ති කිරීමෙන් සත් ගතිය ලැබේ යැයි ඔබ කිසි විට නොකියනු ඇත. සත් ගතිය ඇත්තේ ස්වර්ණම යුගයේයි. එය සිදුවන්නේ ඥානය තුළිනී. එමනිසා. ඔහු සැබැවින්ම යකඩ යුග අන්තයේ සහ ස්වර්ණම යුග ආරම්භ වන කාලය වූ සංගම යුගයේ දී පැමිණෙනවා. පරම පියා පැහැදිලි කර දී සියල්ල හොඳින් නිශ්චිත කරවයි. අළුත් අය සෑම චක්‍රයේම පැමිණී ආකාරයෙන් ම නොකඩවා ඒවි. රාජධානිය ස්ථාපනය සිදුවීමට ඇත්තේ මේ අයුරිනි. ඔබ දෙවියන්ගේ සත්‍ය සහායකයන් බව ඔය දරුවන් දන්නවා. ඔහු උගත්වන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොවේ. එක් අයෙක් ඉගෙන ගනී. ඉන්පසු ඔබ ඔහුගෙන් ඉගෙන ගෙන අන් අයට උගන්වයි. මේ අයුරිත් මේ ලොකු විශ්ව විද්‍යාලය මෙහි විවෘත වීමට තිබේ. මුළු ලොව පුරාවටම මෙවත් තවත් විශ්ව විද්‍යාලයක් නොතිබෙනා අතර දේව විශ්ව විද්‍යාලය වැන්නක් තිබිය හැකි ද කියාවත් ලොව නොදනී. ගීතාවේ දෙවියන් වන ශිවා පැමිණ මෙය විවෘත කරන බව ඔබ දරුවන් දන්නවා. ඔහු ඔබව නව ලොවේ අධිපතීන් හෙවත් දේවතාවන් බවට පත්කරවයි. තමෝප්‍රධාන් වූ ජීවාත්මයන් නැවත වතාවක් සතෝප්‍රධාන් වනවා. මෙකල සියල්ලන්ම තමෝප්‍රධාන්ය. ඇතැම් කුමර කුමරියන් සහ සන්යාසීන් පිවිතුරුව සිටියා වුවත් මෙකල එ පාරිශුද්ධිය නොතිබේ. මුලින්ම පහළට බැස එන ජීවාත්මයන් පාරිශුද්ධව සිටිති. ඉන්පසු ඔවුන් අපවිත්‍ර වෙති. සියල්ලන්ම සස්තෝප්‍රධාන්, සතෝ, රජෝ, සහ තමෝ යන තත්ත්ව තුළින් ගමන් කරන බව ඔබ දන්නවා. අවසානයේ දී, සියල්ලන්ම පාහේ තමෝප්‍රධාන් වෙති. පරම පියා දැන් මෙහි ඉඳිමින් පුද්ගලිකවම ඔබට පැහැදිලි කරයි: මෙම වෘක්ෂය දැන් සම්පූර්ණ දිරාපත් තමෝප්‍රධාන් තත්ත්වයට ලඟා වී තිබේ එය පරණ වී ඇත. එමනිසා, එය විනාශ විය යුතුයි. මෙය විවිධ ආගම් වල වෘක්ෂය වන නිසයි මෙයට අසීමිත විවිධාංග සහිත නාටකයක් වී කියා කියන්නේ. මෙම වෘක්ෂය ඉතාමත් ලොකුයි, සහ අසීමිතයි. ඒවා අජීවමාන වෘක්ෂ වේ. ඔබ බිජ වැපිරීමෙන් ඉස්මතු වේ. මෙය විවිධ ආගම් වල විවිධාකාර පින්තූරයයි. සියල්ලන්ම මනුෂ්‍යයන්ය. එහෙත් ඔවුන් අතරේ විශාල වශයෙන් විවිධත්වයක් ඇත. අන්න ඒ නිසයි මෙයට අසීමිත විවිධාංග රැසක් සහිත නාටකය යැයි ඔවුන් කියන්නේ. සියලු ආගම් අනුපිළිවෙලින් පැමිණෙන ආකාරය දන්නේ ඔබ පමණයි. සියලු දෙනාම ආපසු ගොස් නැවත ආ යුතුයි. මෙය කලින් නියම වූ නාටකයයි. එය ආශ්චර්ය ජනක නාටකයයි. පුදුමය නම් එවන් කුඩා ජීවයක් එනම් පරමාත්මය සතුව ඒ තරම් ලොකු චරිත කොටසක් වාර්තා වී තිබීමයි. (පරම ජීවසත්තාව) වන පරමාත්මයට දෙවියන් කියති. ඔබ ඔහුට බාබා කියයි. මන්ද ඔහු සියලු ජීවාත්මයන්ගේ පරම පියා වේ. ජීවාත්මයන් තමයි සියලු චරිත කොටස් රඟ දක්වන්නේ යන්න ඔබ දරුවන් දනී. මිනිසුන් එය නොදනී. ඔවුන් කියන්නේ: ජීවාත්මයන් ක්‍රියාවන්හී බලපෑම් වලට ප්‍රතිශක්ත බවයි. ඇත්තෙන්ම එම කතාව වැරැදියි. ඔබ ලොකු අකුරින් මෙසේ ලියන්න ඕන: ජීවාත්මයන් තම ක්‍රියාවන්හී බලපෑම් වලට ප්‍රතිශක්ත නොවේය කියා. සෑම ජීවාත්මයක්ම ඔහු කළ හොඳ හෝ නරක ක්‍රියාවන් වල ඵලය ලබනවාමයි. ජීවාත්ම අපවිත්‍ර සංස්කාර වලින් අපවිත්‍ර වනවා. ඒ නිසායි ඔවුන් ගොස් දේවතා පිළිම ඉදිරියේ ඒ අයගේ ගුණ ගායනා කරන්නේ. ඔබේ උපත් 84 ගැන දැන් ඔබ දන්නවා. ඔවුන් අසයි: සියලු ආගමීක ග්‍රන්ථ බොරුද? ඔවුන් අසා ඇත්තේ මනුෂ්‍යයන් මිලියන 8.4ක් ජීවරාශීන් තුළට යනවා කියායි. දැන් පරම පියා මෙහි ඉඳිමින් ඔබට පැහැදිලි කරන්නේ ඇත්තවශයෙන්ම, සියලු ග්‍රන්ථයන් හී මිණීමුතුව ගීතාව පමණකී, කියායි. පරම පියා දැන් අපට රාජයෝග උගන්වමින් සිටිනවා. වසර 5000කට පෙරත් ඔහු ඉගැන්වූවා. අප පාරිශුද්ධව සිටි බවත් පිවිතුරු ගෘහස්ථ ධර්මයට අයත්ව සිටි බවත් ඔබ දන්නවා. එය ධර්මයක් කියා දැන් නොකියනු ඇත. මිනිස්සු අධර්මිෂ්ට වෙලයි සිටින්නේ එනම්, ඔවුන් පාපතර වී සිටී. ඔබ දරුවන් දැන් මේ නාටකය වටහා ගත්තා. නොකඩවා සෑම වසර 5000කට වරක් නැවැත කෙරෙන අසීමිත නාටකය මෙයයි. කිසිම කෙනෙකුට වසර සිය දහස් ගණනක කිසිවක් වටහාගත නොහැක. මෙය ඊයේ ඔබ ශිවාලයෙහි සිටින හා අද ඔබ වෛශ්‍යාලයේ සිටින කාරණාව වේ. හෙට, නැවතත් ඔබ ශිවාලයෙහි සිටිනවා ඇත. ස්වර්ණම යුගයට ශිවාලය, දිව්‍ය ලෝකය කියන අතර රිදී යුගයට සෙමි දිව්‍ය ලෝකය කියති. ඔබ එහි බොහෝ කාලයක් ඉඳීවි. ඔබට පුනරුත්පත්ති ගැනීමට සිදු වේ. මෙයට කියන්නේ රාවණ රාජ්‍යය කියායි. අඩ චක්‍රයක් පුරා ඔබ අපවිත්‍ර වීමට ඇත. පරම පියා දැන් කියන්නේ: නිවසේ ඔබේ පවුලේ අය සමඟ ඉඳිමින් පිවිතුරු නෙළුම් මලක් සේ ඔබට ජීවත් විය හැකියි. ඔබව උපත් 21කට අපවිත්‍ර වීමෙන් ආරක්‍ෂා කරද්දී ඔබ අපවිත්‍ර වීමේ පුරුද්ද තවත් කාවද්දා ගත්තේ කුමකට ද? ඔබේ පවුලේ සහ සමාජයේ අයගේ අදහස් ඔබට අත් හරින්න සිදු වෙනවා. මෙය අසීමිත කාරණාවකි. සෑම ආගම් වලම අවිවාහකයන් බොහෝ සිටිනවා. එහෙත් ආරක්‍ෂා සහිතව සිටීම මඳක් අසීරු වේ. මක්නිසාද යත්, ඔවුන් සිටින්නේ රාවණ රාජ්‍යයේය. විදේශයේ විවාහ නොවී සිටිනා බොහෝ අය සිටී, ඉන්පසු ඔවුන් මහළු වියේ දී මිත්‍රත්වය උදෙසා විවාහ වෙති. එසේ විවාහ වන්නේ අශිෂ්ට දැක්මක් ඇතිව නොවේ. ලොවෙහි එවන් මිනිස්සු බොහෝ සිටිනවා. ඔහුව ඉතා හොඳින් බලා ගනී. ඔහු මැරෙන මොහොතේ තම සහකාරියට යමක් ඉතිරි කර යම් කොටසක් පින් කටයුතු වලටත් දෙනවා. ඔවුන් යාමට පෙර අරමුදලක් වෙන් කර තිබෙයි. ඔවුන්ට විදෙස් වල ලොකු අරමුදල් ද තිබෙයි එය පසුව මෙහි උපකාරය වේ. මෙහි, ඉන්දියාවේ විදෙස් වලට උපකාර පිණීස අරමුදල් නොතිබේ. මෙහි මිනිස්සු දුප්පත්ය. ඉතින් ඔවුන් කෙසේ උදව් කරන්නද? එහි. ඔවුන්ට බොහෝ මුදල් ඇත. භාරතය දුප්පත් රටකි. බලන්න භාරතයේ මිනිසුන්ගේ තත්ත්වය! කිරුළු පළන් භාරත දේශය වූයේ පෙර දිනයේය. ඔවුන්ම කියනවා වසර 3000කට පෙර එය පාරාදීසයක් කියා. එය නිර්මාණය කරන්නේ පරම පියා පමණයි. පරම පියා අපවිත්‍ර අයව පවිත්‍ර කිරීම සඳහා ඉහළ සිට පහළට පැමිණෙන්නේ කෙසේ ද යන්න ඔබ දන්නවා. ඔහු ඥාන සාගරයයි. පාරිශුද්ධකරුවායි. එසේම සියල්ලන්ටම සත් ගතිය පිරිනමන්නායි. එනම්, සෑම දෙනාවම පාරිශුද්ධ කරන්නේ ඔහුම වේ. ඔය දරුවන් දන්නවා සැවොම මාගේ වර්ණනා ගයනවා. මා මෙහි අපවිත්‍ර ලොවට පැමිණීයේ ඔබව පාරිශුද්ධ කිරීමටයි. ඔබ පාරිශුද්ධ වන නිසා ඔබ මුලින්ම පාරිශුද්ධ ලොවට යනවා. ඔබ බොහෝ සේ සතුට අත්විඳීමෙන් පසු, ඔබ රාවණ රාජධානියට ඇද වැටෙයි. මිනිස්සු පරම්පිතා පරමාත්මා තමයි ඥාන සාගරය, ශාන්ති සාගරය සහ පාරිශුද්ධකරු යැයි ගැයූවත්, ඔහු ඔබව පාරිශුද්ධ කිරීමට පැමිණෙන්නේ කවදා ද යන්න ඒ කිසිම කෙනෙක් නොදනී. පරම පියා කියයි: ඔබ මා වර්ණතා කළා. මා දැන් පැමිණ මගේ හැඳින්වීම ඔබට ලබා දෙමින් සිටිනවා. මා සෑම වසර 5000කම ඉතාමත් සුබදායක සංගම යුගයේ දී පැමිණෙනවා. මා පැමිණෙන්නේ කෙසේද යන්නත් ඔබට පැහැදිලි කළා. එහි පින්තූරත් තිබෙනවා. බ්‍රහ්මා සූක්‍ෂම කලාපයෙහි නොසිටී. බ්‍රහ්මා සිටින්නේ මෙහිය. බ්‍රහමිණ්වරු සිටින්නේත් මෙහිය. ඔහුට මී මුත්තා කියන අතර එහි ඔහුගේ මානව වෘක්ෂයත් ඇත. මනුෂ්‍ය ලොවේ මානව වෘක්‍ෂය ඇරඹෙන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මා ගෙනී. ඔහු ප්‍රජාවගේ පිතා වූ කල එහි ඔහුගේ ජනතාවත් සිටිය යුතුයි. ඔවුන් ඔහුගේ භෞතික නිර්මාණයක් විය නොහැක. එමනිසා, නියතවම ඔවුන් භාරගත් අය වේ. ඔහු මී මුත්තා වූ නිසා නිසැකවම සෑම දෙනාවම භාරගෙන ඇත. ඔබ සියල්ලන්ම භාරගත් දරුවන් වේ. ඔබ දැන් බ්‍රහමිණ්වරු වී සිටිනවා ඉන්පසු ඔබ දේවතාවත් වන්න ඕන. ශුද්‍රයින්ගෙන් බ්‍රහමිණ්වරු බවටත් බ්‍රහමිණ්ගෙන් දේවතාවන් බවටත් වෙනස් වීම කරණම් ගැසීමකි. එහි විවිධ හැඩයෙන් යුත් රූපයක් ඇත. සැවොම එහි සිට මෙහි අනිවාර්යෙන් පැමිණීය යුතුයි. සැවොම පහළට පැමිණී විට, නිර්මාතෘවරයාත් පැමිණෙනවා. ඔහු නිර්මාතෘවරයා, සහ අධ්‍යක්‍ෂකවරයා එසේම ඔහු රඟපෑමත් කරනවා. පරම පියා කියයි: ඕ ජීවාත්මයනි, ඔබ මා ගැන දන්නවා. ඔබ ජීවාත්ම සියල්ලන්ම මාගේ දරුවන්ය. ඔබ ස්වර්ණම යුගයෙහි පළමුවෙන් ශරීර ගෙන සතුටේ එවන් වූ හොඳ කොටස් රඟපානවා. උපත් 84ක් ගනිද්දී ඔබ බොහෝ සේ දුකට පත්වෙනවා. එහි නාට්‍යයන් කරන නිර්මාතෘ අධ්‍යක්‍ෂක සහ නිෂ්පාදකවරු සිටිනවා. මෙය අසීමිත නාටකයයි: මේ අසීමිත නාටකය ගැන කිසිම කෙනෙක් නොවෙයි දන්නේ. ඔවුන් භක්ති මාර්ගයේ එවැනි දේවල් පෙන්වන්නේ ඒවා මිනිසුන්ගේ බුද්ධි වල සවි වෙලයි තියෙන්නේ. පරම පියා දැන් කියනවා: සුමිහිරි දරුවතී. ඒ සැමෙකක්ම භක්ති මාර්ගයේ පොත් වල තිබෙන විෂයන්ය. භක්ති මාර්ගයේ අලංකාර බොහෝ වේ. හුදෙක් බීජයක පැතිරීම ශාකය වූ සේ - එවත් විශාල ශාකයක් පැතිරී ඇත්තේ එවන් කුඩා බීජයකිනී – භක්තියේ පැතිරීමත් බොහෝ සේ ඇත. ඥානය බීජය වන අතර ඒ සඳහා වෙනත් මෙවලම් අවැසි නොවේ. පරම පියා කියයි: ඔබ තමාව ජීවාත්මයක් සේ සලකා පරම පියා සිහිපත් කරන්න. වෙනත් දිව්රුම් හෝ ශික්‍ෂාවන් නොමැත. ඒ සියල්ලක්ම අවසන් වීමටයි යන්නේ. වතාවක් ඔබට සත් ගතිය ලැබේද වෙනත් කිසිවක අවශ්‍යතාවයක් නොතිබේ. ඔබ බොහෝ සේ භක්ති කළා. එමනිසා, එහි ඵලය දීමට මා පැමිණ සිටිනවා. දේවතාවරු සිටින්නේ ශිවාලයේය. ඒ නිසයි මිනිස්සු කෝවිල් වලට ගොස් ඔවුන්ගේ ප්‍රශස්තිය ගයන්නේ. පරම පියා දැන් පැහැදිලි කරන්නේ: සුමිහිරිතම දරුවනි, මා වසර 5000කට කලිනුත් ඔබට පැහැදිලි කළා: ඔබව ජීවාත්ම වශයෙන් සලකන්න කියා. සියලු ශරීර සම්බන්ධතා අත්හරින්න. ඔබේ පියා වූ මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබේ පාපයත් මෙම යෝගා අග්නියෙන් පිළිස්සී යාවි. පරම පියා දැන් කුමක් පැහැදිලි කරයිද එය සෑම චක්‍රයේම ඔහු විසින් පැහැදිලි කර තිබෙනවා. ගීතාවේත් ඇතැම් හොඳ වදන් ඇත. "මත්මනාභව්" යන්නෙහි අර්ථය මා පමණක් ස්මරණය කරන්න යන්නයි. ශිව බාබා කියයි: මා දැන් පැමිණ සිටිනවා. කාගේ ශරීරයටද මා ඇතුල්වී සිටින්නේ යන්නත් මා කීවා. මා සියලු වේද ශාස්ත්‍ර ග්‍රන්ථ ආදියේ සාරය ඔබට කියනවා. මිනිස්සු මේ පින්තූර පෙන්වනවා නමුත් ඒවායේ අර්ථය ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ශිව බාබා බ්‍රහ්මාගේ ශරීරය තුළින් ඔබට සියලු ග්‍රන්ථ වල සාරය කියන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙනවා. ඔහු උපත් 84 හි නාටකයේ රහස් ද ඔබට පැහැදිලි ද කරනවා. මොහුගේ බොහෝ උපත් වලින් අන්තිම උපතේ දී මා පැමිණෙනවා. මොහු එවිට ශ්‍රේෂ්ඨතම රජකුමරෙක් වී උපත් 84 මුළුල්ලේ ගමන් කරනවා. අච්චා.

සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. රාවණ රාජධානියේ ජීවත් වෙමින් අපවිත්‍ර පවුල් සමාගමේ නීති රීති සහ සමාජයේ අභිප්‍රායන් අත්හැර දමා අසීමිත පරම පියා කියනා දේ පිළිගන්න. ඔබ නිවසේ පවුලේ අය සමඟම ඉඳිමින් නෙළුම් මලක් මෙන් ජීවත් වන්න.

2. මෙම අසීමිත විවිධාංග නාටකය ඉතා හොඳින් වටහා ගන්න. මෙහි ජීවාත්මයන් ඔවුන්ගේ චරිත කොටස් කරන්නේ කර්ම ඵලයේ බලපෑමට ප්‍රතිශක්තව නොවේ. ජීවාත්ම හොඳ සහ නරක ක්‍රියාවන් කර ඒවායේ ප්‍රතිඵල ලබනවා. මෙහි වැදගත්කම දැන උසස් ක්‍රියාවන් නිරූපණය කරන්න.

වරදානය:
ඔබ පරමාත්ම පියාගේ සංස්කාර ඔබේ මුල් සංස්කාර බවට පත් කරගෙන සියලු දෙනා කෙරෙහිම සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති කරගනිත්වා.

මේ වන විටත් සමහර දරුවන්ට අප්සෙට් වීම, පැත්තකට වීම සහ අන් අය ගැන කතා කිරීම, ඒවාට සවන් දීම වැනි විවිධ සංස්කාර තිබේ. ඔවුන් ඔවුන් ගැන පවසන්නේ, “මා මොනවා කරන්නද? මේ මගේ සංස්කාරයි. " මෙම "මගේ" යන වචනය ඔබගේ ප්‍රයත්න තුළ ඔබ මන්දගාමී කරවයි. ඒවා ඔබට නොව රාවණට අයිති දේවල්ය. ඇත්ත වශයෙන්ම, පරම පියාගේ සංස්කාර මොනවාද, ඒවා බ්‍රහ්මින්වරුන්ගේ මුල් සංස්කාරයන්ය. ඒ සංස්කාර යනු අනුන් කෙරෙහි පිරිසිදු සිතිවිලි තබා ගැනීම මගින් ලොවට යහපත සලසන්නෙකු වීමය. සැමට සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් ඇති අයෙකු වන්න.

පාඨය:
බලය ඇති අය සියලු බලවල නිධානයට අයිතියක් ඇති අයයි.