20.09.26    Avyakt Bapdada      Sinhala Murli     30.11.2011    Om Shanti    Madhuban


අම්රිත් වේලාවේ, විශේෂයෙන් සියලු බලයන්ගේ අත්දැකීම් ඇති ප්‍රතිමූර්තියක් වී, වාතාවරණයට යෝගාවේ සකාශ් බෙදා හරින්න. ඔබගේ මනස නිරතුරුවම කාර්යබහුලව තබා ගන්න.
කාලයේ ඇමතුම වන්නේ: ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වේවා.


අද දින, සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ගේ නළලේ, බාප්දාදා, භාග්‍යයේ දිදුලන තාරකා දකිනවා. එකක් ඔබගේ උපතේ භාග්‍යය වන අතර දෙවැන්න ඔබගේ සම්බන්ධතා සහ තුන්වැන්න ලැබීම්ය. තුන් ආකාරයේම භාග්‍යය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔබගේ උපතේ භාග්‍යය ඔබ දන්නවා - ඔය සියලු දෙනාට මෙම දිව්‍යමය උපත, මෙම බ්‍රහ්මින් උපත ලබා දුන්නේ, භාග්‍යය පිරිනමන්නාම බව. එබැවින් ඔබගේ භාග්‍යය කෙතරම් ශ්‍රේෂ්ඨද කියා ටිකක් සිතන්න! ඒ සමගම, සම්බන්ධතා තිබෙනවා. ඒවායේ විශේෂතා ගැන ඔබ දන්නවා: එක් පියා තුළ ඔබට පියා, ගුරුවරයා සහ සත්ගුරු යන සම්බන්ධතා තුනම තිබෙන බව. සම්බන්ධතා තුනම ඒකායන කෙනා සමගයි. ඔබ ලැබීම් ගැනත් දන්නවා. පරම පියා ඇති තැන, ලැබීම් තිබේ - සියල්ලම සහ අසීමිත. සම්බන්ධතා තුනම ඒකායන කෙනා තුළ තිබේ. සාමාන්‍යයෙන් මෙම සම්බන්ධතා තුන ජීවිතයට අවශ්‍යයි. කෙසේවෙතත්, ලෝකයේ මිනිසුන්ට, සම්බන්ධතා සියල්ලම එකිනෙකට වෙනස්ය, නමුත් ඔබට සම්බන්ධතා තුනම තිබෙන්නේ ඒකායන කෙනා සමගයි. ඒකායන කෙනා තුළ සම්බන්ධතා තුනම තිබීම නිසා, ඔබ පහසුවෙන් සිහිපත් කිරීම අත්විඳියි. ඔබ සියලු දෙනාටම සම්බන්ධතා තුනෙන්ම අත්දැකීම් තිබෙනවා නේද? පියාගෙන් ඔබට ලැබෙන්නේ කුමක්ද? උරුමයක්. ඔබට බොහෝ ශ්‍රේෂ්ඨ උරුමයක් ලැබෙන අතර මෙම උරුමය බොහෝ දීර්ඝ කාලයක් පවතී, මන්ද ඔබට එය ලැබෙන්නේ පියා වන පරමාත්ම දෙවියන්ගෙන් නිසා. දෙවන සම්බන්ධතාවය ගුරුවරයාගේ සබැඳියාවයි. ඉගැන්වීම්, ඔබගේ ආදායම් මාර්ගය බව කියයි. එබැවින් ඔබ සියලු දෙනාටම ගුරුවරයාගෙන් ලැබෙන ලැබීම්, අති විශාලයි. ඔබ ඒ ගැන දන්නවා නේද? පරමාත්ම ජීවය, පියාගෙන් හැර ඔබට මෙතරම් විශාල ලැබීමක් වෙන කිසිම කෙනෙකුගෙන් ලබා ගත නොහැක. ඉගැන්වීම් තුළින් ඔබට තත්ත්වයක් හිමි වන අතර ඔබට ශ්‍රේෂ්ඨ ලැබීමක් තිබෙයි. ලෝකයේ, උසස් තත්ත්වයක් බව කියන්නේ රාජකීය තත්ත්වයකටයි. ඔබටත් ගුරුවරයාගෙන් රාජකීය තත්ත්වයක් ලැබී ඇත. දැන් පවා, ඔබ ස්ව-අධිකාරියේ රජවරුන්ය. ඇයි? රාජ යෝගීවරයෙක් වීම නිසා, ඔය ජීවාත්ම, තමන්ගේ පාලකයන් වෙයි. ඔය සෑම කෙනෙක්ම තමන්ව පාලනය කරයි. ඔබගේ භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට ඔය ජීවාත්ම ලක් වන්නේ නැත. ජීවාත්ම, තම භෞතික ඉන්ද්‍රියන්ගේ පාලකයන් සහ රජවරුන් වෙයි. ඉතිං, ඔබට දැන් ස්ව-අධිකාරිය තිබෙන අතර අනාගතයේද ඔබගේ රාජධානියේ භාග්‍යය ඔබට හිමි වෙයි. එබැවින්, ඔබට ද්විත්ව රාජධානියක් තිබේ: දැන් සහ අනාගතයේද ඔබට හිමි වන තත්ත්වය. තුන්වන සම්බන්ධතාවය වන්නේ සත්ගුරුගේ එකය. ඔබට සම්බන්ධතා තුනම ලැබී තිබෙනවා නේද? පියා, ගුරුවරයා සහ තුන්වැන්න සත්ගුරුය. ඔබට ගුරූගේ ශ්‍රීමත්, සත්ගුරූගෙන් ලැබෙයි. ඔබට ලැබෙන උපදෙස් කෙතරම් උසස්ද! තමන්ව පරීක්ෂා කර බලන්න: මා නිරන්තරයෙන් ශ්‍රීමත් අනුගමනය කරනවාද, නැත්නම් මගේ බුද්ධිය, ඇතැම් විටෙක මගේ හෝ අන් අයගේ උපදෙස් දෙසට හැරෙනවාද? ඔබ තමන්ව පරීක්ෂා කර බැලුවාද? ඔබ නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨ උපදෙස්, ශ්‍රීමත් අනුගමනය කරන බව, ඔබ විශ්වාස කරන්නේ නම්, එනම් ඔබ කිසිම විටෙක, සිහිනෙන් වත් තමන්ගේ හෝ අන් අයගේ උපදෙස් අනුගමනය නොකරන්නේ නම්, අත් ඔසවන්න! නිරන්තරයෙන් ශ්‍රීමත් පිළිපදින සහ කිසිම විටෙක තමන්ගේ හෝ අන් අයගේ උපදෙස් අනුගමනය නොකරන අය අත් ඔසවන්න!

බලන්න, මව්වරු අත් එසවූවා. ඔබ ඒවා ඔසවන්නේ සෙමින්. විටෙක ඔබගේ බුද්ධිය එම දිශාව වෙතට යයි, එනම්, අන් අයගේ උපදෙස් හෝ තමන්ගේම උපදෙස් ඔබව මුලා කරයි. එසේ නම් වඩාත්ම වැදගත් ශ්‍රීමත් කුමක්ද? තමන් ජීවාත්මයක් බව සලකා, ඔබගේ පියා වන මාව සිහි කරන්න! මෙය පහසුද? අපහසුයිද? එය විටෙක අපහසුයිද? කෙසේවෙතත්, පියාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම, මෙම සම්බන්ධතා තුනෙන්, අඛණ්ඩව නිරන්තරයෙන් සියල්ලන්ටම වඩා ඉදිරියට පියාසර කළ යුතු බවයි. ඉතිං, බාප්දාදා ඔබගෙන් විමසන්නේ: ඔබලා අතරින් අත් එසවු නැති අය - තමන්ගේ මනසේ උපදෙස් සහ අන් අයගේ උපදෙස් අනුගමනය කිරීම ඔබට අද සිට අත්හළ හැකිද? ඔබට මෙය කළ හැකිද? අත් ඔසවන්න! අච්චා. බාප්දාදා ඔබට දැනටමත් මින් පෙර, කාලය ගැන සංඥාව ලබා දී තිබෙනවා. දැන් සංගම යුග කාලය උපරිම ලෙස වටින අතර වත්මන් කාලයට අනුව, සෑම දෙයක්ම සිදුවීමට යන්නේ හදිසියෙන් බවට සංඥාවත් බාප්දාදා ඔබට ලබා දී තිබෙනවා. එබැවින් ඔබ නිරන්තරයෙන් නිති-සූදානමින් සිටිය යුතුයි නේද? ඔබ සියලු දෙනාම එකට ආපසු නිවහනට යනවා නේද? එසේ නැත්නම් ඔබ පසුපසින් ගමන් කරනවාද? ඔබට බාප්දාදා සමග එකට ආපසු නිවසට යාමට අවශ්‍යයි නේද? ඔබ සූදානම් නේද? එකට ආපසු නිවහනට යාමට ඔබ සූදානම්ද? නිති-සූදානම්ද? නිකම්ම සූදානම් නොවෙයි, නමුත් නිති සූදානම්! බාප්දාදා ඔබට කාලය පිළිබඳ සංඥාව ලබා දෙනවා. මෙම එක උපතෙදී, ඔබ උපත් 21කට ඔබගේ ප්‍රතිලාභය නිර්මාණය කරගත යුතුයි. එබැවින් ඔබ කෙතරම් අවධානය යොමු කළ යුතුද කියා ටිකක් සිතන්න! පියා තුළ සෑම දරුවෙක් කෙරෙහිම සෙනෙහස තිබේ. පියාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම ඔහු සමග ආපසු ගොස් එකවර රාජධානියට අයිතියක් හිමි කරගත යුතු බවයි.

ඉතිං, ඔබට එකට ආපසු නිවසට යාමට හැක, නමුත් ඔබට පියා සමග එකට ආපසු යාමට හැකි වන්නේ, ඔබ පියා හා සමානව පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වුනොත් පමණයි. මෙකල, මෙම කුඩා උපතෙදි, උපත් 21ක ලැබීම් සහතිකයි. එබැවින් සංගම යුගයේ මෙම කුඩා උපතේ සෑම විනාඩියක්ම කෙතරම් වටින්නේද කියා, ටිකක් සිතා බලන්න! මෙය ගණනය කර බලන්න: මෙම උපතෙදි ඔබ උපත් 21කට ඔබගේ රාජධානියේ භාග්‍යය හිමි කරගත යුතුයි, එබැවින් සංගම යුගයේ එක විනාඩියක් පවා කෙතරම් වටින්නේද! එබැවින් මෙම වටිනාකම දැනගෙන, ඔබ දැන් සිට කරන්නේ කුමක්ද?

ඔබ කාරණා දෙකකට විශේෂ අවධානය යොමු කළ යුතු බව, බාප්දාදා ඔබට මින් පෙරත් පැවසුවා. මෙම කරුණු දෙක මොනවාද? ඔබට මේවා මතකයි නේද? එකක් ඔබගේ කාලය වන අතර අනෙක ඔබගේ සිතිවිලිය. ඔබගේ සිතිවිලි අපතේ නොයා යුතුයි, ඔබගේ කාලය අපතේ නොයා යුතුයි. සෑම තත්පරයක්ම වටිනා ලෙස භාවිතා කළ යුතුයි. එබැවින් කතා කරන්න! ඔබ ඒතරම් අවධානයක් යොමු කළ යුතුයි, නේද? බාප්දාදා තුළ ඔය සියලුම දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ. කිසිම දරුවෙකුට ඔහුගේ ඇසුර අහිමි වනවාට ඔහු කැමති නැහැ. ඔබ සිටින්නේ එකටයි, ඔබ ආපසු එකට නිවහනට යනවා, ඔබ එකට රාජධානියට අයිතියක් හිමි කරගෙන නිරන්තරයෙන් ඔබගේ දිවියේ සතුට සහ සාමය අත්විඳියි. එබැවින් කතා කරන්න! ඔබ එකට ආපසු නිවසට යනවා නේද? යනවා නේද? ඔබව දමා යාමට සිදු වන්නේ නැහැ නේද? බලන්න, ආකාර තුනක භාග්‍යය සෑම කෙනෙකුගේම නළලේ දිදුලනවා. මේ ආකාර තුනේම භාග්‍යය ඔබගේ නළලේ දිස් වනවා නේද? සංගම යුගය ඔබගේ භාග්‍යවන්ත යුගයයි. ඔබගෙන් ඕනෑම කෙනෙකුට ඔබට අවශ්‍ය තරම් භාග්‍යය නිර්මාණය කරගත හැක. කෙසේවෙතත්, ඔබ දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කළ යුතුයි. ඉතිං දැන් ඔය සියලුම දරුවන් තමන්ගේ උත්සාහයට තීව්‍රතාවය දැමිය යුතුයි. ඔබ උත්සාහ දරන්නන්. ඔබ උත්සාහ දරන බව බාප්දාදා දකිනවා, නමුත්, සෑම කෙනෙක්ම දැන් දැඩි උත්සාහ දැරිය යුතුයි. බාප්දාදා දැන් දැකීමට පතන්නේ, සෑම දරුවෙක්ම, දරුවෙක් සහ පාලකයෙක් ලෙසයි. කුමක පාලකයෙක්ද? සියලු සම්පත් වල පාලකයෙක්. ඇතැම් විට සමහර දරුවන් බාප්දාදාට මෙසේ පවසනවා: බාබා, ඔබ සියලුම බල ලබා දී ඇති අතර අපි මාස්ටර් සර්ව බලධාරීන් බව අපි පිළිගන්නවා. කෙසේවෙතත්, ඉන්පසුව බොහෝ දරුවන් පැමිණිලි කරයි: ඇතැම් විට, අපට අවශ්‍ය බලය, ඒ වෙලාවේ අප වෙතට නොපැමිණෙයි. කෙසේවෙතත්, එයට හේතුව කුමක්ද? පරම පියා සෑම සියලු කෙනෙකුටම සියලු බල ලබා දී තිබේ. ඔහු එය ලබා දී තිබෙනවාද, නැත්නම් ඔහු සමහරුන්ට අඩුවෙන් සහ තව අයට වැඩියෙන් ලබා දී ති‌බෙනවාද? මෙයටත් හේතුව ඔබ දන්නා නමුත්, ඒ වෙලාවේදි ඔබට එය අමතක වෙයි. සෑම දරුවෙකුටම උරුමයක් ලෙස සියලු බලයන්ගේ සම්පත ලැබී තිබෙනවා. පරම පියා සියලු දෙනාටම සියලු බලයන්ගේ උරුමය ලබා දී තිබෙනවා. ඔහු සමහරුන්ට අඩුවෙන් සහ තව අයට වැඩියෙන් ලබා දී නැත. ඔහු සියලුම බල ලබා දී තිබෙන නමුත්, ඒ වෙලාවට ඒවා ඔබ වෙතට නොපැමිණෙන්නේ ඇයි? ටිකක් සිතන්න: කෙනෙක් තම ආත්ම-ගෞරව ආසනයේ අසුන්ගෙන නොමැති නම්, ඕනෑම කෙනෙක් ඔහුගේ නියෝගය පිළිගනීද? එබැවින් එම බලය ඔබ වෙත නොපැමිණෙන විට, එයට හේතුව වන්නේ, ඔබ තමන්ව මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ආසනයේ තැනපත් නොකිරීමයි. එබැවින්, ඔබගේ අසුනේ ඔබ නොමැති විට, කිසි කෙනෙක් ඔබගේ නියෝගය පිළිගන්නේ නැත. එබැවින් සෑම විටම ඔබගේ අසුනේ අසුන්ගෙන සිටින්න. විටෙක ඔබට නිෂ්ඵල සිතිවිලි ඇති අතර විටෙක ඔබට ආතතියක් තිබෙයි, එබැවින් ඒ වෙලාවේ ඔබගේ ආත්ම-ගෞරවයේ ආසනය ඔබ අත්හරියි. බාප්දාදා ඔය සෑම කෙනෙකුටම ආත්ම-ගෞරවය වෙනුවෙන් බොහෝ කරුණු ලබා දී තිබෙනවා. ආත්ම-ගෞරවය සදහා ආසනය ඉතා විශාලයි! පියා ඔබට කෙතරම් ආත්ම ගෞරවයේ කරුණු ලබා දී තිබේද කියා ගණන් කර බලන්න. ඔබගේ ආත්ම-ගෞරවයේ අසුනේ ඔබ අසුන්ගෙන නොමැති විට, එවිට සිදුවන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබ එය දන්නවා නේද? ශරීර අවධානය ඇති වෙයි. තිබෙන්නේ ආත්ම-ගෞරවය නැතහොත් ශරීර අවධානය, යන දෙකෙන් එකකි. ඔබ ශරීර අවධානයේ ආසනයේ අසුන්ගෙන නියෝගයක් නිකුත් කරන විට ඔබගේ බල, ඔබට සවන් දෙන්නේ නැත. එසේ නැත්නම් මාස්ටර් සර්ව බලධාරීන් වන අයට, බල සවන් නොදීම, කිසිසේත් සිදුවිය නොහැකි දෙයක්. ඔබගේ අසුනේ තැන්පත්ව රැඳී සිටීම නිරන්තරයෙන් පුහුණු කරන්න. ඔබ කර්ම යෝගාව, සේවය හෝ මත ගෑම සිදු කරන්නේද කියා, පරීක්ෂා කර බලන්න; ඔබගේ ආසනයේ ඔබ තැන්පත්ව සිටිනවාද සහ ඔබගේ සියලු බල පෙනී සිටිනවාද කියා.

අද දින, බාප්දාදා අම්රිත් වේලාවේ වටේ සංචාරය කළ අතර සෑම තැනකම සංචාරය කරන අතර, මෙහි සහ විදෙස් රටවල - බාප්දාදාට සෑම තැනකටම යාමට වැඩි වේලාවක් ගත වන්නේ නැහැ - ඔහු දුටුවේ කුමක්ද? බාබා ඔබට එය කියන්නද? දරුවන්ගෙන් බහුතරයක් අම්රිත් වේලාවට අසුන්ගෙන සිටියා. ඔවුන් අවදි වී, තමන්ගේම ස්ථාන වල අසුන්ගෙන සිටියා. ඔවුන් එහි අසුන්ගෙන සිටි මුළු කාලයේම අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වීමට ඔවුන් උත්සාහ දරමින් සිටියා; ඔවුන්ට එය අවශ්‍ය විය, නමුත් බාබා දුටුවේ කුමක්ද? ඔබගෙන් සමහරු අත්දැකීම් වල ප්‍රතිරූ විය, මන්ද ශ්‍රේෂ්ඨතම බලය වන්නේ අත්දැකීම්ය: අත්දැකීම් වල ප්‍රතිමූර්තියක්, සියලු බලයන්ගේ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක්, මාස්ටර් දැනුමින් පිරිපුන් සහ සියලු බලයන්ගේ මාස්ටර් ප්‍රතිමූර්තියක්. කෙසේවෙතත්, ඔබ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමේදී යම් දෙයක අඩුවක් තිබුණි. ඔබ උත්සාහ දරනවා. ඒ තිබියදී බාප්දාදා ඔබට සුබ පැතුම් ලබා දුන්නා, මන්ද ඔබගෙන් බහුතරයක් පැමිණ උත්සාහ දරන නිසා. ඔබගෙන් බහුතරයක් අසුන් ගන්නා නමුත්, බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔබ ආලෝකයේ සහ බලයේ අත්දැකීමේ ප්‍රතිමූර්තියක් ලෙස අසුන්ගෙන සිටිය යුතු බවයි. මෙයට හේතුව, අම්රිත් වේලාවේ ඔබගේ යෝගාවේ සකාශ් වාතාවරණයේ සෑම තැනකම පැතිරී යන නිසා. මෙම අත්දැකීම මීටත් වඩා වැඩි කරන්න. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා. ඔහුගේ ස්ථිතිය, බොහෝ බලවත්, සුරදූතයෙකුගේ ස්වරූපය විය. අම්රිත් වේලාවේ, තමන්ගේම ආකාරයට, වෙහෙස නොබලා, අවධානය යොමු කරන්න. ආලෝකය සහ ශක්ති ස්වරූපයෙන් ඇතැම් දරුවන් එහි අසුන්ගෙන සිටින බව බාප්දාදා දුටුවා. ඔවුන් අසුන් නොගන්නවා නොවේ. ඔවුන් මේ ආකාරයට අසුන් ගන්නා නමුත් මෙම වේලාවේ (අම්රිත් වේලාවේ) උත්සාහයට ඔබට මීටත් වඩා අවධානය යොමු කිරීමට සිදුවෙයි. ඔබගේ මනස නිරන්තරයෙන් කාර්යබහුලව තබා ගත යුතු බව, බාප්දාදා ඔබට මින් පෙර දැනටමත් සංඥා කර තිබේ. ඔබ සේවය සිදු කරන්නේ මනසින්, වචන වලින් හෝ මත ගෑමේ බලයෙන් වුවද, ඔබගේ මනස කාර්යබහුලව තබා ගන්න. දැනුම මත ගාන්න. මත ගෑමේ බලය, ඔබගේ මනස ඒකාග්‍රතාවයට පත් කරවයි. සමහර දරුවන් හොඳින් මත ගාන නමුත් ඔබ දැන් දවස පුරාමත් ඔබගේ මත ගෑමේ බලය වැඩි කරගත යුතුයි, මන්ද අවසාන දරුවා කෙරෙහි පවා බාප්දාදා තුළ සෙනෙහස තිබේ. බාප්දාදාට අවශ්‍ය වන්නේ, අවසන් දරුවාද ඔහු සමග ආපසු නිවසට යා යුතු බවයි; ඔහුව දමා යා යුතු නැහැ. ඔහුව හැර දමා නොයා යුතුයි. එසේ නම් ඔබ කුමක්ද කරන්නේ? අවධානය යොමු කරන්න!

අද සමූහය දැක, ව්‍යාප්තිය නියත වශයෙන්ම සිදු වීමට යන බව, බාප්දාදා දන්නවා. ඔබ 75 වන සංවත්සරය සමරා තිබේ. ඒ වෙනුවෙන් බාප්දාදා ඔය දරුවන්ට සුබ පතනවා. ඔය දරුවන් තුළ සේවයට ඇති ඇල්මත් බාප්දාදා දුටුවා. සෑම ස්ථානයකම අය තුළ උද්යෝගය තිබෙන අතර සේවයේ ඵලය සහ බලයත් දිස් වෙයි. දරුවන් සේවය කළ ස්ථාන වල, රජයේ උපකරණ වන ජීවාත්ම වැඩි සංඛ්‍යාවක් මතු වී ඇති බවත් බාප්දාදා විශේෂයෙන් දුටුවා. දුක සහ අශාන්තිය වැඩි වන වත්මන් කාලයට අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ තෝරාගෙන ඇති මාතෘකාවත් අවශ්‍ය බව බාබා දන්නවා, මන්ද, ඔවුන්ට වැඩියෙන් සාමය අවශ්‍ය ප්‍රමාණයට අනුව අසාමය ඒ පමණට වැඩිවෙයි. අසාමයේ කුමන හෝ ස්වරූපයක් අනිවාර්යෙන් පැමිණෙන අතර, මේ නිසා, සෑම තැනකම ආතතිය වැඩි වනවා. රජයට අවශ්‍ය වන්නේද භාරතය ආතතියෙන් නිදහස් විය යුතු බවයි. එබැවින් සේවය කළ සියළුම දරුවන්ට බාප්දාදා සුබ පතනවා. තවද සේවය කිරීමට යන අයට බාප්දාදා කල් තියා සුබ පැතුම් ලබා දෙනවා.

බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ සෑම සියලු දරුවෙක්ම පියාව අනුගමනය කර, අනිවාර්යෙන් පියා හා සමානව පරිසමාප්ත විය යුතු බවයි. ඔය සියලුම දරුවන් උත්සාහ දරන බව බාප්දාදා දුටුවා. උත්සාහ දැරීමට ඔබ ප්‍රිය කරන අතර ඔබ තමන්ටම පොරොන්දු පවා සිදු කරයි: ‘මා තව දුරටත් මේ දේ කරන්නේ නැහැ! මම තව දුරට මෙය කරන්නේ නැහැ!’ කෙසේවෙතත්, මෙයට හේතුව කුමක්ද? හේතුව වන්නේ, ඔබගේ උත්සාහය තුළ අධිෂ්ඨානයේ අඩුවයි. ඒ අතරමැදට නොසැලකිල්ල පැමිණෙයි. ‘එය සිදුවෙයි, මා එය වෙනවා...’ මෙම නොසැලකිල්ල ඔබගේ උත්සාහයන් මන්දගාමී කරවයි. එසේ නම් ඔබ දැන් කිරීමට යන්නේ කුමක්ද? දැන් මෙයට විශේෂයෙන් අවධානය යොමු කරන්න. මුළු දවස පුරාම ඔබගේ මනස කාර්යබහුලව තබා ගන්නා සේ, තමන් වෙනුවෙන් ඔබගේම වැඩසටහන් සාදා ගන්න. ඔබ තමන්ගේම වැඩසටහන් සාදා ගත යුතුයි. ඔබගේ මනස කාර්යබහුලව තබා ගැනීම සඳහා, තමන්ටම කාලසටහනක් සාදා ගන්න. ඔබ මතගෑවත්, සේවය කළත්, එකිනෙකාගේ අවධානය යොමු කළත්, ඔබගේ මනස කාර්යබහුලව තබා ගන්න! ඔබගේ මනසින් කාර්යබහුලව රැඳී සිටින්න. ශාරීරික වශයෙන් ඔබ කොහොමත් කාර්යබහුලයි, නමුත් දැන් ඔබගේ මනසින් කාර්යබහුලව රැඳී සිටින්න. ඔබගේ මනස කාර්යබහුලව තබා ගැනීමෙන් අංක එකේ ව්‍යාපාරිකයෙක් වන්න. ඔබට මෙය කළ හැකිද? ඔබ මෙය කරනවාද? කරනවාද? ඔබ කරනවාද? බ්‍රහ්ම පියාත් ඔබ වෙනුවෙන් මග බලා සිටින බව ඔබ දන්නවා, එමෙන්ම ඔබගේ පෙර ගමන් ගිය අයත් ඔබ වෙනුවෙන් බලා සිටිනවා. කාලය සමීපයට ගෙන ඒමට වග කියන අය ඔබ නිසා, ඔබ කාලය සමීපයට ගෙන එන්නේ කවදාද? තමන්ව පරිසමාප්ත කර ගැනීම යනු කාලය සමීපයට ගෙන ඒමයි.

බාප්දාදා දැනටමත් ඔබට එක විශේෂ මාසයක් ලබා දී තිබෙනවා. මෙම එක මාසය තුළ, ඔය සෑම කෙනෙක්ම තීව්‍ර උත්සාහ දරන්නෙක් විය යුතුයි, සාමාන්‍ය උත්සාහ දරන්නෙක් නොවෙයි, නමුත් අනිවාර්යෙන් තීව්‍ර උත්සාහ දරන්නෙක් වන්න. ඔබ මෙයට එකඟද? ඔබ මෙයට සූදානම්ද? අත් ඔසවන්න! අච්චා. සුබ පැතුම්. දැන් ඔය සෑම කෙනෙක් තුළම අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබිය යුතුයි. ඉන්පසුව ඔබගේ මුළු දවස ගැන බාප්දාදාට ඔබ ලබා දීමට යන්නේ කුමන වාර්ථාවක්ද? තීව්‍ර උත්සාහය පිළිබඳ. ඔබගේ සාමාන්‍ය උත්සාහය ගැන නොව, නමුත් ඔබගේ තීව්‍ර උත්සාහය ගැන. ඔබ මෙයට සූදානම්ද? ඔබ සූදානම්ද? අත් දෙකම ඔසවන්න! බොහොම හොඳයි. එසේ නම්, බාප්දාදා හදිසියේම අතර මැදදි ප්‍රතිඵලය ඉල්ලයි. ඔහු ඔබට දිනය ලබා දෙන්නේ නැහැ. හදිසියේම, මාසයේ ඕනෑම දවසක, බාප්දාදා ප්‍රතිඵලය ඉල්ලා සිටිනවා. ‘මා මෙය කළ යුතුයි.’ තමන්ට මෙම පොරොන්දුව වන්න. බාප්දාදාට ඔබ ලවා මෙම පොරොන්දුව සිදු කළ හැක, එමෙන්ම ඔහු එය නිතරම කරන නමුත්, දැන් තමන්ම මෙම සිතිවිල්ල ඇති කරගෙන එය ප්‍රායෝගිකව සිදුකර පෙන්වන්න. ‘මා අනිවාර්යෙන්ම මෙය සිදුකළ යුතුයි.’ ‘මා කිසියම් වෙලාවකදි එය කරන්නම්’ නොවෙයි, දැන්, මා එය යම් වෙලාවක කරන්නම් කියා පැවසීම හොඳ නැහැ. කාලය දැන් ඉදිරියට ගමන් කරනවා. එය එහි අන්තයට ගමන් කරනවා. එබැවින් කාලය පරිවර්ථනය කිරීමට යන ඔය මුතුන්මිත්තනේ, ඔබගේ දුකින් සිටින පවුලේ අය ගැන ඔබට අනුකම්පාවක් නොමැතිද? සානුකම්පිත වන්න! ඔබගේ සිතිවිලි, වචන හෝ නෑ සම්බන්ධතා වලින් වුවද, දුකින් සිටින අයට සතුටට මාර්ගය පෙන්වන්න. ඔවුන් ඔබගේ පවුලේ අය නේද? එබැවින් ඔබගේ පවුලේ අයගේ දුක ඔබ ඉවත් කළ යුතුයි. දයාවෙන් පිරිපුන් වන්න! අච්චා.

දැන් ඔය සෑම කෙනෙක්ම කොහේ අසුන්ගෙන සිටියත්, ඔබ රූපවාහිනියෙන් නරඹමින් සිටියත්, මෙහි විවිධ ස්ථාන වල අසුන්ගෙන සිටියත්; අන් අයත් රූපවාහිනියෙන් නරඹනවා. බාප්දාදා සෑම දරුවෙකුටම ‘තීව්‍ර උත්සාහ දරන්නෙක්’ යන නම්බු නාමය ලබා දෙනවා. දැන් සෑම විටම මෙම නම්බු නාමය මතකයේ තබා ගන්න. ඔබ කවුරුන්ද කියා ඔබගෙන් කෙනෙක් විමසන්නේ නම්, සරළව මෙසේ කියන්න: ‘තීව්‍ර උත්සාහ දරන්නෙක්’. මෙය හොඳද? සියලු දෙනා එකඟද? එකඟද? දැන්, දිගටම මන්දගාමී අන්දමකින් උත්සාහ දැරීම හරි යන්නේ නැහැ. කාලය වේගයෙන් දිව යයි, මේ නිසයි, ඔබ අනිවාර්යෙන් තීව්‍ර උත්සාහ දරන්නන් විය යුත්තේ. එය කාලයේ ඇමතුමයි. ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වේවා! ඔය සියලුම දරුවන්ට බොහෝ බොහෝ සෙනෙහස සහ ස්මරණය, එමෙන්ම බාබා ඔබට තීව්‍ර උත්සාහ දැරීමේ තෑග්ගත් ලබා දෙනවා.

වරදානය:
ඔබ මායා පිළිබඳ සෑම දැනුමක් ගැනම නොදැනුවත් වී, මෙම දැනුමේ ‘සාන්තුවරයෙක්’ සහ සම්පූර්ණයෙන් පිවිතුරු වේවා.

ස්වර්ණමය යුගී ජීවාත්ම, පාපයන් පිළිබඳ සියලු දැනුම ගැන නොදැනුවත් වන සේම, එම සංස්කාරම ඔබගේ අවධානය තුළද පැහැදිලිව ඇත්නම්, එවිට ඔබ මායා පිළිබඳ සෑම දැනුමක් ගැනම නොදැනුවත් (අහිංසක) වෙයි. කෙසේවෙතත්, අනාගත සංස්කාර ඔබගේ අවධානයේ රැඳී තිබෙන්නේ ඔබගේ අවධානය තුළ සෑම විටම ඔබගේ ජීව-අවධාන ස්වරූපය පැහැදිලිව තිබෙන විට පමණයි. ඔබගේ සිරුර පැහැදිලිව දිස්වන සේම, ජීවාත්මයක් වන ඔබගේ ස්වරූපයත්, පැහැදිලිව දිස්විය යුතුයි, එනම්, එය අත්විඳිය යුතුයි. එවිට ඔබ මායා පිළිබඳ නොදැනුවත් සහ මෙම දැනුමේ ‘සාන්තුවරයෙක්’, එනම් සම්පූර්ණයෙන් පිවිතුරු බව කියයි.

පාඨය:
ඔබ තුළ ඇති ඕනෑම අපවිත්‍රතාවයක්, ඔබ සම්පූර්ණයෙන් පිවිතුරු වීමේදි බාධාවක් ඇති කරයි.

අව්‍යක්ත සංඥාව: දැන් ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.

විශේෂ නිවේදනය: මාසයේ තෙවන ඉරුදින සඳහා යෝග අභ්‍යාසය.

අද, මාසයේ තෙවන ඉරුදින වන අතර සියලු සහෝදර සහෝදරියන් ප:ව: 6.30 සිට 7.30 දක්වා සාමූහිකව යෝග තපස්යාවේ අසුන් ගනී. දැනුමේ ප්‍රතිමූර්තියක් වීමේ ස්ථිතියේ ස්ථාවර වී, සියලු ජීවාත්මයන්ට දැනුමේ ආලෝකය සහ යෝගාවේ බලය ලබා දී, ඔවුන් මෙම සත්‍ය මාවතේ අඛණ්ඩව ගමන් කරන අන්දමට සෑම ජීවාත්මයක් වෙතටම, මෙම ශක්තියට ළඟා වීමට සලස්වන්න. ඔබගේ පිවිතුරු සිතිවිලි වලින් ලොවට සෙත සැලසීමේ මෙම සේවය සිදු කරන්න.