20.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සේවය කිරීම සමඟම නිරතුරුවම සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටින්න. කිසිම
විටෙක මෙම ආධ්‍යාත්මික වන්දනා ගමනේ මන්දගාමී නොවන්න.
ප්රශ්නය:
ආධ්‍යාත්මික
සේවය කිරීමට දරුවන් උනන්දු නොවන්නේ ඇයි?
පිළිතුර:
ඔබ ආධ්‍යාත්මික සේවය කිරීමට ලැදියාවක් නොදක්වන්නේ නම්, නියත වශයෙන්ම ශරීර අවධානයේ
නරක දශාවන් තිබේ. ගමන් කරද්දී, ඔබ එකිනෙකා සමඟ නොරොක් වී, සේවය කිරීම නතර කරන්නේ,
ශරීර අවධානය නිසාය. ඔබ එකිනෙකාගේ මුහුණු දකින විටම, සේවය කිරීමේ සියලු සිතිවිලි
ඉගිලී යයි. මේ නිසයි බාබා පවසන්නේ: මෙම නරක දශාවන් ගැන ප්‍රවේසම් වන්න.
ගීතය:
අපගේ වන්දනා
ගමන අසහායයි.
ඕම් ශාන්ති.
ගීතයේ මෙම පද
පේළියෙන් ඔය දරුවන්ට අනතුරු ඇඟවීමක් කළා. ඔබට කීවේ කුමක්ද? ඔබ වන්දනා ගමනක යෙදී
සිටින බවත්, මෙම වන්දනා ගමන අසහාය බවත්, ඔබගේ බුද්ධිය තුළ තබා ගන්න. මෙම වන්දනා ගමන
අමතක නොකරන්න. සෑම දෙයක්ම රඳා පවතින්නේ මෙම වන්දනා ගමන මතයි. වෙනත් සියලුම මිනිසුන්
භෞතික වන්දනා ගමන්වල ගොස් ඉන්පසුව නැවත ආපසු පැමිණෙයි. ඔවුන් උපතින් උපතට දිගින්
දිගටම වන්දනා ගමන් වල යයි. ඔවුන් අමරනාථ (අමරණීයත්වයේ ස්වාමි) වෙත ගොස් ඉන්පසුව
නැවතත් ආපසු මරණීය දේශයට පැමිණෙන ආකාරය මෙන් නොවෙයි, අපගේ වන්දනා ගමන. ඔබගේ වන්දනා
ගමන එසේ නොවන නමුත්, අන් සියලුම මනුෂ්‍යයන්ගේ වන්දනා ගමන් එවැනිය. මිනිසුන් වන්දනා
ගමන් ගොස් එහි සංචාරය කර, නැවත පැමිණ අපවිත්‍ර වෙයි. වන්දනා ගමන් විවිධයි.
දේවතාවියන්ටද බොහෝ දේවාල තිබේ. මනිසුන් වන්දනා ගමන් යන්නේ, පාපයේ ගැලෙන අය සමඟයි.
ඔය දරුවන්, පාපයෙන් මිදී සිටීමට පොරොන්දු වී ඇත. මෙම වන්දනා ගමන, පාපයෙන් මිදී
සිටින, ඔය සැම දෙනාගේය. සදා පාරිශුද්ධ, පාපයෙන් තොර පියා සිහි කරන්න. ජල සාගරයකට,
පාපකාරී හෝ පාපයෙන් තොර විය නොහැක, තවද සාගරයෙන් මතු වන ගංඟා නදියද, කිසි කෙනෙක්
පාපයෙන් තොර නොකරයි. මනුෂ්‍යයන් කෙතරම් අපවිත්‍ර වී ඇද්ද යන්න, ඔවුන්ට කිසි දෙයක්
නොවැටහෙයි. එම භෞතික වන්දනා ගමන්, ටික කාලයකට පමණක් පවතින, තාවකාලික වන්දනා ගමන්ය.
මෙය දීර්ඝ වන්දනා ගමනකි. ඔය දරුවන් අසුන් ගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන එන විට,
වන්දනා ගමන ගැන සිතිය යුතුයි. මිනිසුන් වන්දනා ගමනක යන විට, ඔවුන් තම ව්‍යාපාර සහ
සියලු දෙනා සමඟ ඇති ගෘහස්ත සම්බන්ධතා අමතක කළ යුතුයි. ඔවුන් යන ගමන් දිගටම මෙසේ
ගායනා කරයි, ’අමරණීයත්වයේ ස්වාමීට ජයවේවා.‘ ඔවුන් මාසයක් හෝ දෙකක් වන්දනා ගමනක ගොස්
ඉන්පසුව අපිරිසිඳු ක්‍රියාකාරකම් වල නියැලීමට නැවත ආපසු පැමිණෙයි. ඉන්පසුව ඔවුන්
ගොස් ගංඟා නදියේ ස්නානය කරයි. ඔවුන් දිනපතාම අපවිත්‍ර වන බව ඔවුන්ට අවබෝධ වන්නේ
නැත. ගංඟා නදිය සහ යමුණා ගඟ අසබඩ ජීවත් වන අය පවා, දිනපතාම අපවිත්‍ර වෙයි. ඔවුන්
දිනපතාම ගොස් ගංඟා නදියේ ස්නානය කරයි. එක් හේතුවක් වන්නේ එය ඔවුන්ගේ දින චර්යාව වීම
වන අතර ඔවුන් වැදගත් දිනයක එහි ස්නානය කිරීමට යන අනෙක් හේතුව වන්නේ, ගංඟා නදිය
පාරිශුද්ධකරු බව, ඔවුන් සැලකීමය. එක් විශේෂිත වූ දිනයක පමණක් ගංඟා නදිය
පාරිශුද්ධකරු වී, අනෙක් දිනවල එසේ නොවී තිබෙනවා නොවෙයි. මේලාව සිදුවන විට ගංඟා නදිය
පාරිශුද්ධකරු වනවා නොවෙයි නැහැ. එය සෑම විටෙකම එක හා සමානයි. මිනිසුන් කොහොමත්
දිනපතාම එහි ස්නානය කිරීමට යයි. ඔවුන් තවමත් මේලාව කාලයේදී, විශේෂ දිනයන්හි, එහි
ස්නානය කිරීමට යයි, නමුත් එහි කිසිම අරුතක් නැත. එය ගංඟා නදිය වුවත් යමුණා නදිය
වුවත් සිදුවන්නේ එකම දේය. ඔවුන් ගඟට මළමිණි පවා දමයි. ඔය දරුවන් දැන් ආධ්‍යාත්මික
වන්දනා ගමනේ සිටිය යුතුයි. අප දැන් ආපසු නිවසට යනවා. මේ සඳහා, ගංඟා නදියේ ස්නානය
කිරීමට හෝ ආගමික ග්රන්ථ පාඩම් කිරීමට අවශ්‍ය නැත. පියා පැමිණෙන්නේ එක් වරක් පමණයි.
මුළු ලෝකයම අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ එක් වරක් පමණයි. ස්වර්ණමය යුගය නව ලෝකය
බවත් කලි යුගය, අපවිත්‍ර ලෝකය බවත් ඔබ දන්නවා. නව ලෝකය ස්ථාපිත කිරීමට සහ පැරණි
ලෝකය විනාශ කිරීමට පියා නියත වශයෙන්ම පැමිණිය යුතුයි. ඔහුගේ කාර්යය මෙයයි.
කෙසේවෙතත්, මායා ඔබගේ බුද්ධි කෙතරම් තමෝප්‍රධාන් කර තිබේද යත්, ඔබට කිසි දෙයක්
නොවැටහෙයි. ප්‍රදර්ශන වලට බොහෝ වැදගත් මිනිසුන් පැමිණෙයි. සන්යාසීන් ද පැමිණෙයි,
නමුත් කෝටි ගණනකින් වැටහෙන්නේ අතලොස්සකට පමණයි. ඔබ සිය දහස්, කෝටි ගණනකට විස්තර කළ
විට පමණයි, කලාතුරකින් යම් දුර්ලබ ජීවාත්ම මතුවන්නේ. ඔබට බොහෝ දෙනෙකුට විස්තර
කිරීමට සිදුවෙයි. යථා කාලයේදී ඔබගේ සියලු විස්තර කිරීම් සහ පිංතූර පුවත්පත් වල
මුද්‍රණය කෙරෙයි. ඉනිමගේ පිංතූරයද පුවත්පත්වල පල වෙයි. ඔවුන් පවසන්නේ මෙය භාරතයට
පමණක් බලපාන නමුත් අන් සියලුම ආගම් වල අයට සිදුවන්නේ කුමක්ද? ’ගිණුම් පියවීමේ
කාලය‘ද සිහි කර ඇත. ’ගිණුම් පියවීමේ කාලය‘ යනු, ආපසු නිවසට යන කාලයයි. පැරණි ලෝකය
විනාශ වී, නව ලෝකය ස්ථාපිත වෙයි, එබැවින් සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම ආපසු නිවසට යයි.
සෑම කෙනෙක්ම විනාශ විය යුතුයි. නව ලෝකය ස්ථාපිත කෙරෙනවා. ඔය දරුවන් හැර වෙනත්
කිසිවෙකු මෙම දේවල් නොදනී. අපායේ වැසියන්ගේ විනාශය සහ දිව්‍ය ලෝකයේ වැසියන්ගේ
ස්ථාපනය සිදුවන බව, ඔබ දන්නවා. සෑම චක්‍රයකදීම එය මේ ආකාරයෙන් සිදුවෙයි. ඉතිරිව ඇති
කෙටි කාලයේදී බොහෝ දෙනෙකුට විස්තර කිරීම්, දිගටම ලැබෙන අතර මේලාවන් අඛණ්ඩව පැවතෙයි.
සෑම තැනකම මිනිසුන්, බාබාට ලියා මෙසේ විමසයි අපි මේලාවන් සහ ප්‍රදර්ශන පැවැත්විය
යුතුද? කෙසේවෙතත්, ඒවා සමඟම ඔබගේ සිහිපත් කිරීමේ වන්දනා ගමන ඔබ අමතක නොකළ යුතුයි.
සමහර දරුවන් ඉතා මන්දගාමී අන්දමකින් ගමන් කරයි. ඔවුන් සිහිපත් කිරීමේ වන්දනා ගමනේ
සිටින්නේ මහළු මිනිසුන් සේය. ඔවුන්ට කිසි ශක්තියක් නැතිවාක් මෙනි, ඔවුන් කිසි
ආහාරයක්වත් ගෙන නොමැති සේය. බාබා බොහෝ සැලකිලිමත් වෙයි. මේ සෑම දෙයක් ගැනම සිතන අතර
ඔහුට නින්ද පවා නොයයි. සෑම කෙනෙක්ම ඥානයේ මහා සාගරය කැලතිය යුතුයි. අසීමිත පියා අපට
උගන්වන බව ඔය දරුවන් දන්නවා. එබැවින් ඔය දරුවන්ට අසීමිත සතුට තිබිය යුතුයි. අපි
ලෝකයේ අධිපතියන් බවට පත් වන්නේ මෙම ඉගෙනුම තුළින්ය. ඇතැමුන්ගේ හැසිරීම, කකුළුවන්
මෙනි. පියා, කකුළුවන්ව දේවතාවන් බවට පත් කරනවා. ඒ තිබියදී තම හැසිරීම නිවැරදි
කරගන්නේ කලාතුරකින් කෙනෙකි. ඉනිමග පිංතූරයේ ඉතා හොඳ ඥානය පෙන්වා ඇති නමුත්, දරුවන්
එතරම් කාර්යයන් නොකරයි ඔවුන් වන්දනා ගමනේවත් නොයයි. ඔබගේ බුද්ධියේ අගුල් අඛණ්ඩව
විවර වී, ඔබගේ බුද්ධි ස්වර්ණමය වීමට, පියා සිහිපත් කරන්න. ඔය දරුවන්ට දිව්‍යමය
බුද්ධි තිබිය යුතු අතර ඔබ බොහෝ දෙනෙකුට යහපතක් සිදු කළ යුතුයි. සතෝප්‍රධාන් බවින්
ඔබ තමෝප්‍රධාන් වී ඇති අතර ඔබ නැවත වරක් සතෝප්‍රධාන් විය යුතුයි. පියා පවසන්නේ මා
සිහි කරන්න. ක්‍රිෂ්ණාට දෙවියන් යැයි කිව නොහැක. ඔහුට අවලස්සන කෙනා යැයි කියයි.
පියා මෙහි අසුන්ගෙන අවලස්සන අපවිත්‍ර කෙනාගේ ජීවාත්මයට විස්තර කර දෙනවා. බාබා අපව
ලෝකයේ අධිපතියන් බවට පත් කරවන බව, ජීවාත්මය දන්නවා, එබැවින් ඔබගේ බුද්ධි, සතුටින්
පිරි තිබිය යුතුයි. මෙහිදී අහංකාරකම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා බොහෝ සේ
නිරහංකාරයි. ඔබගේ බුද්ධි තුළ බොහෝ සතුට තිබේ. හෙට දිනයේ අපි දියමන්ති සහ මැණික්
එබ්බවූ මාලිගා ගොඩනගාවි. අපි නව ලෝකයේ රාජධානිය පාලනය කරයි. මෙම ලෝකය සම්පූර්ණයෙන්ම
අපවිත්‍රයි. මේ ලෝකයේ මනුෂ්‍යයන්ගෙන් කිසිම ඵලක් නැත. ඔවුන් කිසි දෙයක් නොදනී. ඔබගේ
ජීවිත, දියමන්තියක් මෙන් වටිනා ලෙසින් තිබුණු බවත්, දැන්, උපත් 84ක් ගැනීමෙන් පසුව,
එම අයම වන ඔබලා, සිප්පි කටු මෙන් නොවටිනා අය බවට පත් වී ඇති බවද, ඔබ පෙන්වා දිය
යුතුයි. ඉනිමගේ පිංතූරය, අංක එකේ පිංතූරයකි. දෙවැනි අංකයේ පිංතූරය වන්නේ,
ත්‍රිමූර්තියයි. භාරතය, අනාගතයේ නොබෝ දිනයක, ශ්‍රේෂ්ඨත්වයට පත් වන බව ඔබ පවසයි.
ශ්‍රේෂ්ඨ ලෝකයේ සිටින්නේ, මිනිසුන් ඉතා සුළු පිරිසක්. දැන් මනුෂ්‍යයන් බොහෝ සිටියි.
මහා භාරත යුද්ධය තිබෙන්නේ ඔබ ඉදිරියේය. සියලුම ජීවාත්ම, මදුරු රැළක් මෙන් ආපසු යයි.
ගින්න පත්තු වීමට ඉතා ආසන්නයි. ඔවුන් සෑම දෙයක්ම ප්‍රතිසංස්කරණය කිරීමට වැඩියෙන්
තැත් කරන තරමට, සෑම දෙයක්ම වඩාත් නරක අතට හැරෙයි. පියා ඔය දරුවන්ට රාජයෝගාව
උගන්වනවා. ඔහු ඔය දරුවන්ව බොහෝ කුල්මත් කරයි. ඔබගෙන් ඇතැමෙක් මෙහි සිට පිටව ගිය
සැනින්, සියලුම ඥානය ඉගිලී ගොස් ඔබට සෑම දෙයක්ම අමතක වෙයි. එසේ නැත්නම්, ගොස් වෙනත්
අයට සේවය කිරීමේ කැමැත්ත තිබෙයි. ඔබගේ ගුණදම් දැක, පියා ඔය දරුවන්ව සේවය සඳහා
පිටත්කර යවයි. ඔබ මේ ගැන බොහෝ ප්‍රබෝදමත්ව සිටියි. සේවය කිරීමෙන් ඔබගේ සතුටේ රසදිය
කඳ ඉහළ නඟී. හොඳ, පැරණි දරුවන්, සුළු කාරණා මත එකිනෙකා සමඟ නොරොක් වෙයි. එම දේවල්
නිසා ඔබ සේවය නොකර සිටිය යුතු නැහැ. ඔබ සතුටින් සේවය කළ යුතුයි. ඔබ හොඳින් නොමැති
යම් කෙනෙකුගේ මුහුණ දකින විටම, සේවය කිරීමේ සිතිවිල්ල පියාඹා යයි. ඔබට සේවය කිරීමට
උනන්දුවක් නොමැති විට, ඔබ සෑම කෙනෙකුගෙන්ම ඉවත්ව යයි. එසේ නම්, ඥානය ඇති අය සහ ඥානය
නොමැති අය අතර වෙනසක් නොතිබෙයි. ශරීර අවධානයේ නරක දශා පැමිණ, තැන්පත් වනවා. අංක එකේ
රෝගය මෙයයි. පියා පවසන්නේ දරුවනි, ජීව අවධානයට පත්වන්න. සෑම දෙයක්ම සිදු කරන්නේ
ජීවාත්මයයි. දූෂිත වන්නේ සහ දුර්ගුණ වලින් තොර වන්නේ ජීවාත්මයයි. ඒවා දිව්‍ය
ලෝකයේදී දුර්ගුණ වලින් තොර විය. රාවණගේ රාජධානියේ ජීවාත්ම, දූෂිත වී ඇත. මෙම නාටකය,
මේ අන්දමින් කල් තියාම නියම වී තිබේ, මිනිසුන් මේ අන්දමින් අඬ ගසන්නේ මේ නිසයි අහෝ
පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! දුර්ගුණ වලින් තොරව සිටි අය, අපවිත්‍ර මෙන්ම දූෂිත
වී ඇත. ඔවුන් දුර්ගුණ වලින් තොරව සිටි බවත් දැන් දූෂිත වී ඇති බවත්, කිසි කෙනෙකුගේ
බුද්ධියට ඇතුළු වන්නේ නැත. ජීවාත්ම වන අප, අශාරීරික ලෝකයේ නිවැසියන්ය. එහිදී
ජීවාත්ම වන අප, දුර්ගුණ වලින් තොර වෙයි. මෙහිදී, අපගේ ශරීර තුළින් අපගේ චරිත කොටස්
රඟපාන අතර, අප දූෂිත වී ඇත. පියා මෙහි අසුන්ගෙන මෙය විස්තර කර දෙයි. සාම දේශයේ සිට
ජීව පැමිණෙන විට, ඔවුන් අනිවාර්යෙන්ම පිවිතුරුයි, පසුව ඔවුන් අපවිත්‍ර වෙයි. නව
ලෝකයේ මිනිසුන් 900,000ක් සිටියි. මෙතරම් ජීවාත්ම පැමිණියේ කොහේ සිටද? ඔවුන් නියත
වශයෙන්ම සාම දේශයේ සිට පැමිණෙන්ට ඇති. එය, සාමයෙන් පිරි අශාරීරික ලෝකයයි එහි සෑම
ජීවයක්ම පිවිතුරුයි. පසුව ඔවුන්ගේ චරිත කොටස් රඟපාද්දී, ඔවුන් සතෝ, රජෝ සහ තමෝ
තත්ත්ව හරහා යයි. ජීවාත්ම, පිවිතුරු බවින් අපවිත්‍ර විය යුතුමයි. එවිට පියා පැමිණ,
සියලු දෙනාව පිවිතුරු කරයි. මෙම නාටකය සෑම කල්හිම පැවතෙයි. පියා හැර, නාටකයේ මුල,
මැද සහ අවසානය පිළිබඳ රහස් වෙනත් කිසිවෙකුට ඔබට කිව නොහැක. එම පියාව කිසි කෙනෙක්
නොදනී. ඍෂිවරු සහ මුනිවරු ’නැති, නැති‘ (මෙයත් නොවෙයි, එයත් නොවෙයි) කියමින් සිට
ඇත. ’අපි පියාව හෝ ඔහුගේ නිර්මාණය නොදන්නෙමු.‘ ඉන්පසුව ඔවුන් පවසන්නේ, දෙවියන්, වන
පියාණන් දැනුමින් සපිරි බවයි. පරමාත්ම ජීවය, සියලුම ජීවාත්මයන්ගේ පියා, බීජයයි. ඔහු
සියලුම ජීවයන්ගේ බීජය වන අතර ප්‍රජාපිතා බ්‍රහ්ම, මනුෂ්‍ය ලෝකයේ බීජයයි. අශාරීරික
පියා මෙම කෙනා (බ්‍රහ්ම) තුළට ඇතුළු වී, මෙම මනුෂ්‍යයාගේ මාර්ගයෙන් මනුෂ්‍යයන්ට
විස්තර කරයි. ඔහුට මනුෂ්‍ය ලෝකයේ බීජය යැයි නොකියයි. ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියා
වන අතර මෙම බ්‍රහ්ම, ඔබට ඥානය ලබා දීම සඳහා පියා ඇතුළු වන කෙනාය, ඔහු මනුෂ්‍ය ලෝකයේ
මිනිසුන්ගේ පියාය. ජීවාත්මය, සිරුරෙන් වෙනස්ය. මනස, බුද්ධිය සහ මතකයන් (චිත්)
ජීවාත්මයේ කොටසක්ය. චරිතයක් රඟපෑම සඳහා, ජීවාත්මයක් පැමිණ, සිරුරක් තුළට ඇතුළු
වෙයි. කෙනෙක් ඔහුගේ සිරුර දමා යන විට, ඔහු ගොස් වෙනත් චරිත කොටසක් රඟපාන බව ඔබ
දන්නවා, එබැවින් හැඬීමෙන් කුමක් අත් වෙයිද? ඔහු අතහැර පිටව ගොස් ඇත, එබැවින් ඔහු
නැවත පැමිණ ඔබගේ මාමා හෝ බාප්පා වන්නේ නැත. ඇඬීමේ ඇති ඵලය කුමක්ද? ඔබගේ මම්මා පිටව
ගොස් නාටකයට අනුව දැන් චරිත කොටසක් රඟපානවා. ඒ අන්දමින් බොහෝ ජීව යයි. ඔවුන් ගොස්
වෙන තැනක උපතක් ගනී. ජීවාත්මයක් වැඩියෙන් කීකරු වන තරමට, ඔහු උපත ලබන නිවස වඩා හොඳ
එකක් වනු ඇති බව, ඔබට වැටහෙයි. මෙහි සිට යන අය, හොඳ නිවසකට යයි. එය අංකානුරූපයි ඔබ
කරන ක්‍රියා කෙබඳුද, එයට අනුව ඔබ නිවසකට යයි. අවසානයේදී ඔබ ගොස් රාජකීය පවුලක
උපදියි. රජවරුන් වෙත යන්නේ කවුරුන්ද කියා, ඔබටම වටහා ගැනීමට හැකි වෙයි. අඩු තරමේ ඔබ
ඔබගේ දිව්‍යමය සංස්කාර ඔබත් සමඟ රැගෙන යයි. ඔබ බොහෝ අසීමිත බුද්ධී ඇතිව, ඥානයේ මහා
සාගරය මතගෑ යුතුයි. පියා, ඥානයේ මහා සාගරයයි. එබැවින් ඔය දරුවන්ද ඥානයේ මහා සාගර
විය යුතුයි. සෑම කෙනෙක්ම අංකානුරූපයි. ඔබ තව ඉදිරියට යත්ම, ප්‍රගතිය ඇති වන බව
වැටහෙයි. අද කිසිවක් කළ නොහැකි අය, නරක දශා ඉවත් වූ විට, හෙට දිනයේ වෙනත් බොහෝ අයට
වඩා ඉදිරියෙන් යෑම සිදු විය හැක්කක්. ඇතැම් අයට නරක දශා ඇති බැවින් ඔවුන් කානුවට ඇද
වැටී ඔවුන්ගේ අස්ථී බිඳී යයි. අසීමිත පියාට පොරොන්දුවක් වීමෙන් පසුව ඔවුන් ඇද
වැටෙන්නේ නම්, ධර්මරාජ්ගෙන් බොහෝ දඬුවම් විඳීමට සිදුවෙයි. අසීමිත පියා, අසීමිත
ධර්මරාජ්ද වෙයි, එබැවින් ඔබට අසීමිත දඬුවම් ලැබෙයි. ඔබ යම් දෙයක් ගැන ගැලවීමට කරුණු
කියන්නේ නම් හෝ යම් වැරදි දෙයක් කරන්නේ නම්, නිසැකවම දඬුවම් තිබෙයි. ඔබ දෙවියන්ට
අකීකරු වන බව, ඔබට අවබෝධ නොවෙයි. පියා මේ සෑම දෙයක්ම අඛණ්ඩව විස්තර කර දෙයි.
ශ්‍රීමත් අනුගමනය කර, සේවයේදී උදව්කරුවන් වන්න. සිහිපත් කිරීමේ වන්දනා ගමනේ රැඳී
සිටින්න. ඔබ පිංතූර විස්තර කිරීම පුහුණු වන්නේ නම්, ඔබ මෙම පුරුද්ද වර්ධනය කරගනී.
ඔබ උසස් තත්ත්වයක් හිමි කරගන්නේ වෙන කෙසේද? ලෞකික ජීවිතයේදී, සමහර දෙමව්පියන්ට ඉතා
කීකරු දරුවන් සිටින අතර වෙනත් අයට අකීකරු දරුවන් සිටියි. මෙහිද, සමහරු සැනෙකින්
බාබාගේ කාර්ය කරයි. එබැවින් ඔය දරුවන් අසීමිත සේවය කළ යුතුයි. අසීමිත ජීවාත්මයන්ට
යහපතක් සිදු කරන්න. ’මන්මනභව‘ යන පණිවුඩය ලබා දෙන්න. පියා සිහි කිරීමෙන් ඔබගේ
බුද්ධි තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. එය දැන් තමෝප්‍රධාන් කලි යුග ලෝකයේ
අවසානයයි. ඔබ දැන් සතෝප්‍රධාන් විය යුතුයි. එහි, ජීවාත්මයන්ගේ ලෝකය, අංක පිළිවෙලට
ඇති අතර, ඔවුන් පැමිණ ඔවුන්ගේ චරිත කොටස් රඟපාන්නේද අංක පිළිවෙලටයි. නාටකයට අනුව ඔබ
අංක පිළිවෙලට පහළට පැමිණෙයි. දැන් රාවණගේ රාජධානියේ සියලුම ජීවාත්ම අසතුටෙන් සිටින
නමුත් ඔවුන්ට මෙය වැටහෙන්නේ නැත. ඔහු අපවිත්‍ර බව ඔබ යමෙකුට කීවේ නම්, ඔහු පීඩාවට
පත් වෙයි. පියා විස්තර කරන්නේ මෙය දූෂිත ලෝකයකි. පියා පවසන්නේ ඔබගේ රාජධානියේ
භාග්‍යය ඔබ හිමි කරගනී. විනාශය සිදුවන විට අන් සියලුම දෙනා ආපසු නිවසට යයි. අන්
සියලුම ආගම් විනාශ වී, එක් ධර්මය ඉතිරි වන සේ, මහා භාරත යුද්ධය සිදුවෙන බව, සිහි කර
තිබේ. දිව්‍ය ලෝකයේ දොරටු විවෘත වන්නේ මෙම යුද්ධයට පසුවයි. බාබා ඉතා හොඳින් ඔය
දරුවන්ට විස්තර කරයි. ඔබ තව දියුණුවත්ම, මිනිසුන් දිගටම ඔබට සවන් දී, අඛණ්ඩව මෙහි
පැමිණෙයි. අපවිත්‍ර වී ඇති සූර්ය සහ චන්ද්‍ර රජ පෙළපත්, අංක පිළිවෙලට පැමිණ,
ඔවුන්ගේ උරුමය හිමි කරගනි. බොහෝ පුරවැසියන් නිර්මාණය වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිසි විටෙක
දෙවියන්ගේ උපදෙස් වලට අකීකරු නොවන්න. අසීමිත සේවයේදී කීකරු දරුවෙක් වී, උදව්කරුවෙක්
වන්න.
2. ඥාන ධනයේ
අදෘෂ්‍යමාන සතුටින්, ඔබගේ බුද්ධිය පුරවා තබාගන්න. කිසි විටෙක එකිනෙකා සමඟ නොරොක්
වන්නට එපා.
වරදානය:
ඔබ සෑම
පියවරක්ම උපදෙස් පරිදි තබමින් මායාව ඔබට යටත්ව තබා ගන්නා සහජ යෝගීවරයෙකු වේවා.
උපදෙස් අනුව සෑම
පියවරක්ම තබන දරුවන්ට මුළු ලෝකයම යටත් වේ. ඒ සමඟම, මායා ඇයගේ මුළු ප්‍රජාවම සමඟ ඔබට
යටත් වනු ඇත. ඔබ පළමුව පරමාත්ම පියාට සම්පූර්ණයෙන්ම යටත් වූ විට, මායා දෙවනුව ඔබට
යටත් වනු ඇත. ඔබේ උසස් ආත්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින්, සෑම අණක්ම පිළිපදින්න; එවිට
ඔබ උපතින් උපතට සියලු දුෂ්කරතා වලින් නිදහස් වනු ඇත. දැන් ඔබ සහජ යෝගීවරයෙකි;
අනාගතයේ දී ඔබට ඉතා පහසු ජීවිතයක් හිමි වනු ඇත. එබැවින්, ඔබේ ජීවිතය ඉතා පහසු
කරගන්න.
පාඨය:
ඔබේම
පරිවර්තනය තුළින් තවත් බොහෝ ජීවාත්ම පරිවර්තනය කිරීම යනු ඔවුන්ට ජීවිතය නම් දානය
ලබා දීමයි.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
යම් විශේෂ ස්ථිතියක
ස්ථාවර වීමට සිතා, ඔබ එම ස්ථිතියෙහි ස්ථාවර වන විට, එය පරම පියාට සමාන වූ සම්පූර්ණ
අවස්ථාවයි; එසේත් නැතිනම් එය කර්මාතීත් අවසාන ස්ථිතියයි. ඔබ මෙම සම්පූර්ණ ස්ථිතියට
කොතරම් සමීප වේද - එනම්, ඔබ පරම පියාට සමීපතම වේ - ඒ අනුව ඔබට රාජ්‍යය සහ අනාගත
ප්‍රතිලාභය හිමිකර ගැනීමේ අයිතිය ලැබෙනු ඇත. ඔබට කොතරම් අධ්‍යාත්මික කුල්මත්භාවයක්
තිබේද, ඒ අනුව ඔබේ කර්මාතීත් ස්ථිතිය නම් ඉලක්කය ඔබට වඩාත් සමීපව දැකගත හැකි වනු
ඇත.