21.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා පැමිණ සිටින්නේ ඔබලාට ධාරාවක් ලබා දීමටයි. ජීවාත්ම අවධානයට පත්වී එකම එක පියා වෙතට ඔබගේ බුද්ධිය සම්බන්ධ කර ගත් විට, මෙම ධාරාව ඔබට නොකඩවා ලැබෙනු ඇත.

ප්‍රශ්නය:
දරුවන් වන ඔබ තුළ කිසිඳු විටෙක නොතිබිය යුතු ලොකුම යක්ෂ ගතිය කුමක්ද?

පිළිතුර:
ලොකුම යක්ෂ ගතිය තමයි නොසන්සුන්තාවය පැතිරවීම. එවන් නොසන්සුන්තාවයක් පතුරවන්නන් නිසා මිනිසුන් ලොකු අපහසුතාවයකට පත්වෙනවා. එවන් පුද්ගල‍යෙක් යන යන තැන ඔවුන් පතුරවන්නේ නොසන්සුන්තාවයමයි. මෙන්න මේ නිසා තමයි සෑම කෙනෙක්ම සාමයේ ආශිර්වාදය සඳහා දෙවියන්ට යාඥා කරන්නේ.

ගීතය:
ගිණි දැල්ලත් කුණාටුවත් අතර වූ කථාන්දරය මෙයයි.

ඕම් ශාන්ති.
ගීතයේ එම පදවැල ඉතාමත් ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැතිවී සිට මේ දැන් හමුවුණු දරුවන් වන ඔබලාට ඇහුණා. එම ගීතය අයිති වන්නේ භක්ති මාර්ගයටයි. නමුත් එයට දැනුම ඇතුළත් කර තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට එය වෙනස් කිරීමට හැකියාවක් නැහැ. ඔබ සෑම කෙනෙක්මත් තම තමන් දරනා උත්සාහයේ තරමට, ගිණි දැල්ල කියන්නේ කුමක්ද, කුණාටුව කියන්නේ කුමක්ද කියා දන්නවා. ජීවාත්මයන්ගේ ආලෝකය නිවී ගොස් ඇති බව දරුවන් වන ඔබලා දන්නවා. පියා දැන් පැමිණ සිටින්නේ ඔබගේ පහන නැවතත් දැල්වීමටයි. කෙනෙක් මිය ගිය විට මිනිස්සු පහනක් දල්වනවා. එම දැල්වූ පහන නිවී ගියහොත් ඒ ජීවාත්මයට අඳුරේ යාමට සිදුවිය හැකියි කියා මිනිස්සු සිතනා නිසා ගිනි දැල්ල නිවී යාමට ඉඩනොදී තබාගන්නවා. මෙන්න මේ නිසා තමයි ඔවුන් පහනක් දල්වන්නේ. සත් යුගයේ එවන් දේවල් නැහැ. එහිදී ඔවුන් කොහොමත් සිටින්නේ ආලෝකයේයි. එහි බඩගින්නක් කියා දෙයක් නැහැ. කෑමට බොහෝ දේවල් ලැබෙනවා. මෙහි ඇත්තේ ඝන අන්ධකාරයයි. මෙම ලෝකය හරිම අපිරිසිදුයි. සෑම ජීවාත්මයකම පහන අඳුරුවෙලා. වැඩියෙන්ම අඳුරු වී ඇත්තේ ඔබ පහනුයි. පරමාත්ම පියා විශේෂයෙන්ම පැමිණෙන්නේ ඔබලා වෙනුවෙනුයි. පහන් වන ඔබලා අඳුරු වෙලා. ධාරාවක් ලබා ගතහැක්කේ කොහෙන්ද? ධාරාව ලබාගත හැක්කේ පරමාත්ම පියාගෙන්ම පමණක් කියා දරුවන් වන ඔබලා දන්නවා. බලවත් ධාරාවක් ලැබුණු විට තවත් බොහෝ දෙනෙකුගේ ආලෝකයත් තවත් වැඩි වේවි. එමනිසා, දැන් ඔබ ලොකුම යන්ත්‍රයෙන් ධාරාව ලබාගත යුතුයි. බොම්බේ වගේ නුවරක මිනිසුන් කොපමණ ඉන්නවාදැයි කියා ටිකක් බලන්න. එමනිසා, ලොකු ධාරාවක් අවශ්‍යයි. අනිවාර්යෙන්ම ලොකුම ජෙනරේටරයක් අවශ්‍ය වේවි. කොහොමනමුත්, මෙහි ඇත්තේ අසීමිතත්ත්වය පිළිබඳ කතාවකුයි. මුළු ලෝකයේම සිටිනා සෑම ජීවාත්මයකගේම ආලෝකය නිවී ගිහින්. ඔවුනටත් ධාරාවක් දිය යුතුයි. පියා පැහැදිලි කරනවා : ප්‍රධානම දෙය නම් ඔබගේ සිහිය පියා හා යෝගා කරගැනීමයි. ජීවාත්ම අවධානයට පත්වන්න. ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨ පියෙක්. ලෝකයේ සිටිනා සියලුම අපිරිසිදු මානව ජීවාත්මයන්ව පාරිශුද්ධත්වයට පත්කරවනා උත්තරීතර පියා දැන් සෑම කෙනෙකුගේ ම පහන් ආලෝකමත් කිරීමට පැමිණිය යුතුයි. ඔහු ලෝකයේ සිටිනා සියලුම මානව ජීවයන්ගේ පහන් ආලෝකමත් කරවනවා. පියා කවුද, ඔහු සෑම කෙනෙකුගේම පහන් දල්වන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහු ආලෝකයක් කියා මිනිස්සු කියනවා. ඒත් එක්කම ඔහු සර්ව ව්‍යාප්තියි කියාත් කියනවා. සෑම කෙනෙකුගේ ම ආලෝකය නිවී ගොස් ඇති නිසා, ඔවුන් ආලෝක ස්වරූපයට කන්නලව් කරනවා. මිනිස්සු සදාකාලික වූ ආලෝකය දර්ශන වලින් දකිනවා. මහා විශාල බලවත් ආලෝකයක් දුටු අර්ජුනා තමාට එම ආලෝක කිරණ දරාගන්න බැහැයි කියා කියු ආකාරය මිනිස්සු පෙන්වනවා. දරුවන් වන ඔබලාට දැන් මේ දේවල් තේරෙනවා. සෑම කෙනෙක්ම ජීවාත්මයක් බව, ඔබ සෑම කෙනෙක්ටම පැහැදිලිකර කියා දිය යුතුයි. ජීවාත්ම ඉහළ සිට පහළට පැමිණෙනවා. මුලදී ජීවාත්ම පිරිසිදුයි. ඔවුනට ධාරාවක බලයක් තිබෙනවා සේම ඔවුන් සතෝප්‍රධාන්. සත් යුගයේදී ජීවාත්ම පාරිශුද්ධයි, නමුත් පසුව ඔවුන් අපිරිසිදු විය යුතුයි. ඔවුන් අපිරිසිදු වුණු විට, දෙවියන්ට කන්නලව් කරනවා; අහෝ දෙවියනි, පැමිණ අපව නිදහස් කර ගනිත්වා, දුකින් මුදවා ගනිත්වා, නිදහස් කරවීම පාරිශුද්ධත්වයට පත් කරවීමට වඩා වෙනස් දෙයක්. ඔවුන් අනිවාර්යෙන්ම කවුරු හෝ කෙනෙක් මගින් අපිරිසිදුතාවයට පත්වෙන්න ඇති, ඒ නිසා තමයි: බාබා, පැමිණ අපව ගලාවා ගන්න, අපව පාරිශුද්ධත්වයට පත්කරවන්න කියා ඉල්ලා සිටින්නේ. මෙතනින් අපව සාමයේ දේශය වෙතට ගෙනයන්න, සාමයේ ආශිර්වාදය අපට ලබාදෙන්න. කිසිම කෙනෙකුට මෙහිනම් සාමයේ සිටිය නොහැකි බව පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. සාමය ඇත්තේ සාමයේ දේශය තුළ පමණයි. සත් යුගයේ ඇත්තේ එකම එක ධර්මයක් හා එකම එක රාජ්‍යයකි. එමනිසා, එහි සාමය තිබෙනවා. එහි කිසිම කලබලයක් නැහැ. මෙහි මිනිස්සු අපහසුතාවයට පත්වන්නේ නොසන්සුන් තාවය නිසා. එකම පවුලක් තුළ වුනත් සෑහෙන්න රණ්ඩු. ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර රණ්ඩුවක් ඇතිවුණහොත් අම්මා, තාත්තා, දරුවන් සහෝදර සහෝදරියන් සෑම කෙනෙක්ම ඉන් වෙහෙසට පත්වෙනවා. මන්ද, නොසන්සුන් මිනිසුන් තුළ ඇත්තේ යක්ෂ ගතියක්. ඔවුන් යන යන තැන පතුරවන්නේ නොසන්සුන්තාවයමයි. සත් යුගය සතුටේ දේශය යැයි කියා ඔබ දැන් දන්නවා. එම දේශය තුළ, සාමයත්, සතුටත් දෙකම තිබෙනවා. නමුත් උත්තරීතර දනව්වේ ඇත්තේ සාමය පමණයි. ඒ තැන හඳුන්වන්නේ මිහිරි නිහඬ නිවහන ලෙසයි. මුක්තියට යාමේ අදහසින් සිටිනා අයට මෙය හොඳින් පැහැදිලි කර දෙන්න: ඔබට මුක්තිය ඕන නිසා එකම එක පියාව සිහිපත් කරන්න. මුක්තියෙන් අනතුරුව අනිවාර්යෙන්ම ජීවන මුක්තිය ලැබෙනවා. පළමුව ඔබ නිදහසේ සිටිය යුතුයි පසුව ඔබ ගෙවන්නේ බන්ධන වලින් පිරි ජීවිතයක්. එය සම සමව ලැබෙනවා. සතෝප්‍රධාන්, සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් ඔබ අනිවාර්යෙන්ම පසුකර යා යුතුයි. අවසානයට පැමිණ උපත් එකක් දෙකක් පමණක් ගන්නා අය ලබනා සතුට හා දුක කුමක්ද? ඔබ සම්පූර්ණ සතුට විඳිනවා. තමන් උපත් කීයක් තිස්සේ සතුටින් සිටිනවාද, උපත් කීයක් තිස්සේ දුකින් සිටිනවාද කියා ඔබ දන්නවා. අනෙකුත් ආගම් වල අයට නව ලෝකයට පැමිණිය නොහැකි බවත් ඔවුන්ගේ චරිතය රඟදැක් ‍වෙන්නේ පසුවට බවත් ඔබ දන්නවා. හුදෙක් අළුත් තැනක් වුනාට, බෞද්ධයින්ගේ දේශය, ක්‍රිස්තියානිවරුගේ දේශය අළුත් දේශයන් වෙනවා වගේ ඔවුනටද එය අළුත්ම ලෝකයක් වගේයි. ඔවුනුත් තම සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් පසුකර යා යුතුයි. ගස පෙන්වන පිංතූරයේත් මේ දේම පෙන්නුම් කර තිබෙනවා. එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී පසුව ව්‍යාප්ත වෙනවා. පළමුවෙන්ම මතුවන අය තවමත් මෙහි පහළින් සිටිය යුතුයි. අළුත් කොළ බිහිවන්නේ කෙසේද කියා ඔබ දැක ඇති. පළමුව ලා කොළ පාට දළු මතු වී පසුව මල් බිහිවෙනවා. අළුත් ගසක් මුලදී හරිම පොඩියි. බීජයක් පැළ කළ විට, ඒ අළුත් පැළය හොඳින් පරිස්සමින් රැක බලාගත යුතුයි. නැතිනම් එය විනාශ වී යාවී. හොඳ පෝෂණයක් ලබා නොදුන් විට ඒවා විනාශ වී මැරී යනවා. පියා පැමිණ මිනිසුන්ව දේවතාවරුන් බවට පත් කරවනවා. ඔවුන් තම තමන්ගේ පිළිවෙලේ හැටියට දේවතාවරුන් වෙනවා. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. බොහෝ අය පරාජයට පත් වෙනවා. දරුවන් තම තමන්ගේ ඇතුලත මට්ටමේ හැටියට පියාගෙන් සෙනෙහස ලබනවා. ඇතැම් දරුවන්ට බාහිර සෙනෙහසක් පෙන්විය යුතුයි. ඇතැම් දරුවන් ලියනවා: බාබා, මම පැරදුණා. මම අපිරිසිවු වුණා. දැන් ඉතින් එවන් දරුවන් ගැන කරදර වෙන්න යන්නේ කවුද? ඔවුනට පියාගේ හදවතට එන්න බැහැ. මෙම උරුමය දිය හැක්කේ පාරිශුද්ධ ජීවාත්මයන්ට පමණයි. පළමුවෙන්ම, ඔබගේ තොරතුරු ගැන අසා පසුව වාර්තාව පරීක්ෂා කරනවා. ඔබට හිමි වන සෙනෙහස ඔබගේ තත්ත්වයට අනුව හිමි වෙන්නක්. ඇතැම් අයට බාහිර ආටෝපයට දෙන්න ඇති. නමුත් ඔහුට සේවය කළ නොහැකි නම් ඔහු අඥානයෙක් බව තේරුම් ගත හැකියි . ඔහු ගැන ටිකක් සළකා බැලීමට සිදු වෙනවා. අවිද්‍යා අඳුරු මාර්ගයේදී කෙනෙකු‍ගේ දරුවෙක් හොඳ ආදායමක් ලබනවා නම් ඔහුගේ පියා ඔහුට ගොඩක් ආදරය දක්වනවා. නමුත් ඔහු හොඳ ආදායමක් ලබන්නේ නැති නම්, එතරම් සෙනෙහසක් ඔහුගේ පියා ඔහුට දක්වන එකක් නැහැ. මෙහිදීත් එය ඒ වගේමයි. දරුවන් වන ඔබලා පිට සිටිනා අන් අයටත් සේවය කළ යුතුයි. ඒ අය කුමන ආගමකට අදාලව සිටියත් ඔබ ඔවුනට මෙය පැහැදිලි කර කියා දිය යුතුයි. පියාව හඳුන්වන්නේ ගැලවුම්කරු ලෙසයි. ගැලවුම්කරු පිළිබඳ හැදින්වීම ලබා දෙමින් ඔබලා ඔවුනට, මගපෙන්වන්නා කවුද යන්නත් කියා දිය යුතුයි. උත්තරීතර පියා වන පරමාත්ම දෙවියන් සෑම කෙනෙක්වම නිදහස් කර ගැනීම සඳහා පැමිණෙනවා. පියා කියනවා : ඔබලා ඉතාමත් අපිරිසිදු අය බවට පත් වෙලා; කිසිදු පාරිශුද්ධත්වයක් ඉතිරිවී නැහැ. දැන් මා සිහිපත් කරන්න. පියා සාදාකාලිකවම පාරිශුද්ධ කෙනායි. අන් සෑම කෙනෙක්ම පාරිශුද්ධ බවින් අපිරිසිදු බවට පත් වෙනවා. නැවත උපත් ගනිමින් ඔවුන් නොකඩවා පහළට පැමිණෙනවා. දැන් සෑම කෙනෙක්ම අපිරිසිදුයි. මෙන්න මේ නිසා තමයි බාබා ඔබට උපදෙස් දෙන්නේ : දරුවනි, මා සිහිපත් කරන්න. ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. මරණය ඔබ ඉදිරිපිටම සිටී. දැන් මේ ඇත්තේ පැරණි ලෝකයේ අවසානයයි. ඇතැම් මිනිසුන් කෙතරම් දුරට මායාගේ ආටෝපයේ සිටිනවාදැයි කියනවා නම් ඔවුන් සිතන්නේ මේ දිව්‍යලෝකය කියලයි. ගුවන් යානා, විදුලිය ආදී ඔබට පෙනෙන සෑම දෙයක්ම මායාගේ ආටෝපයන්. ඒ සියල්ල විනාශ වෙනවා. එවිට දිව්‍යලෝකය ස්ථාපනය වෙනවා. සත් යුගයෙත් විදුලිය ආදිය තිබෙනවා. මේ සියල්ල සත් යුගයට යන්නේ කෙසේද? මේ සියලුම දක්ෂතාවන් තිබෙන අය අවශ්‍යයි. ඉතාමත් දක්ෂ කාර්මිකයන් පැමිණේවි. ඔවුන් රාජකීය පවුලේ අය බවට පත්වන්නේ නැහැ. නමුත් අවම වශයෙන් පුරවැසියන් අතරටවත් පැමිණෙනවා. මෙම දක්ෂතාවන් හොඳින් ඉගෙන ගත් ඉතාමත් හොඳ ඉංජිනේරුවන් පවා පැමිණේවි. දැන් මේ එන විලාසිතා සියල්ල පිටරට වලින් දිගටම පැමිණේවි. එමනිසා, ඒ පිටරටවල අයටත් ඔබ ශිව බාබාගේ හැඳින්වීම ලබාදිය යුතුයි. ඔවුන්ට කියන්න : පියාව සිහිපත් කරන්න. යෝගාවේ සිටීමටත් ඔබ හොඳ දැඩි උත්සාහයක් දැරිය යුතුයි. මායාගේ කුණාටු රැසක් එන්නේ මේකටයි. බාබා ඉතාමත් සරළව කියන්නේ : අඛණ්ඩව මා පමණක් සිහිපත් කරන්න. මේක හොඳ දෙයක්. ක්‍රිෂ්තුන් වහන්සේ පවා ඔහුගේ නිර්මාණයක්. නිර්මාණකරු වන්නේ උත්තරීතර ජීවාත්මය පමණයි. අන් සෑම කෙනෙක්ම නිර්මාණයේ කොටස්. උරුමයක් ලැබෙන්නේ නිර්මාණ කරුගෙන් පමණයි. මේ හොඳ කරුණු සියල්ල සටහන් කරගන්න. බාබාගේ මූලිකම කාර්ය නම් සෑම කෙනෙක්වම වේදනාවන්ගෙන් නිදහස් කර ගැනීමයි. ඔහු, සාමයේ දේශයේත් සතුටේ දේශයේත් දොරටු විවර කරනවා. මිනිස්සු, ගැලවුම්කරුවාණෙනි, මේ දුකින් අපව ගලවා ගෙන සාමයේ දේශයට සතුටේ දේශයට අපව ගෙන යන්න කිය කියා කන්නලව් කරනවා. අපි අපගේ සතුටු දේශයේ සිටිනා විට, අන් සියලුම ජීවාත්ම සිටින්නේ සාමයේ දේශයේයි. සත් යුගයේ දොරටු විවර කළ හැක්කේ බාබාට පමණයි. ඔහු විසින් විවෘත කරනා එක් දොරටුවක් නම් නව ලෝකයේ දොරටුවයි. අනික නිහඬ දේශයේ දොරටුවයි. අපිරිසිදු වී සිටිනා සෑම ජීවාත්මයකටම බාබා මෙම උසස් උපදේශය දෙනවා : තමා ජීවාත්මයක් බව සළකා මා සිහිපත් කරන්න, ඔබගේ පාප දුරුවී යාවි. මෙම උත්සාහය දැරූ අය තම තමන්ගේ ආගම් වල ඉහළ තත්ත්වයක් දිනාගනු ඇත. උත්සාහයක් දැරුවේ නැතිනම්, ඔබට ලැබෙන්නේ අඩු තත්ත්වයක්. හොඳ කරුණු සටහන් කරගන්න. අවශ්‍ය මොහොතක ඒවා ඔබට ප්‍රයෝජනවත් වේවි. අපි ඔබට ශිව බාබාගේ රැකියාව ගැන කියන්නම් කියා ඔවුනට කියන්න. එවිට මිනිස්සු කියනවා: දෙවියන් වන ශිව පිතාගේ රැකියාව ගැන අපට කියා දෙන්න ඔබ කවුද? ඔවුනට කියන්න: ජීවාත්ම ස්වරූපයෙන් අප සෑම කෙනෙක්ම සහෝදරයින්. ඔහු ප්‍රජාපිතා බ්‍රහ්මා තුළින් නිර්මාණය බිහි කරනවා. එමනිසා, අපි සහෝදර සහෝදරියන් වෙනවා. ගැලවුම්කරු, මගපෙන්වන්නා කියා හඳුන්වන පියාගේ රැකියාව ගැන අපි ඔබට කියන්නම්. අපට මෙය කියා දුන්නේ අනිවාර්යෙන්ම පරමාත්ම දෙවියනුයි. ඒ නිසා ඒකම ඔබටත් කියන්න අපට පුළුවන්. දරුවා පියාව පිළිඹිඹු කරයි. ජීවාත්ම හරියට කුඩා තාරුකාවක් වගේ කියාත් ඔබට පැහැදිලි කළ හැකියි. කෙනෙකුගේ පියවි ඇසින් ජීවාත්මය දකින්න බැහැ. දිව්‍යමය දර්ශනයකින් පමණයි දැකිය හැක්කේ. ජීවාත්ම යනු ආලෝක තිත් පමණයි. එය දැකීමෙන් ඵලයක් නැහැ. පරමාත්ම පියාත් ආලෝක තිතක්. නමුත් ඔහු උත්තරීතර ජීවාත්මය කියා හඳුන්වනවා. සෑම ජීවාත්මයක්ම එක වගෙයි. නමුත් ඔහු උත්තරීතරයි. දැනුමෙන් පිරි කෙනා, ප්‍රමෝදයෙන් පිරි කෙනා, ගැලවුම්කරු හා මඟ පෙන්වන්නායි. ඔහු ඉතාමත් හොඳින් ප්‍රසංශා කළ යුතුයි. පියා අනිවාර්යෙන්ම මෙහි පැමිණිය යුතුයි. ඔබව ආපසු ගෙනයාමට ඔහුට හැකිවන්නේ එවිට පමණි. ඔහු පැමිණ ඔබට දැනුම දෙනවා. ජීවාත්ම ඉතාමත් කුඩා බවත් තමනුත් ඒ තරම්ම කුඩා තිතක් කියාත් ඔබට කියන්නේ බාබාම පමණයි. ඔබට දැනුම දීමට නම් ඔහු අනිවාර්යෙන්ම ශරීරයකට පැමිණිය යුතුයි. මා පැමිණ මෙම ජීවාත්මයට ළගින් පැත්තකින් වාඩි වෙනවා. මා ළඟ බලය තිබෙනවා. මට ඉන්ද්‍රියන් ලැබුණ විට මා පාලකයා වෙනවා. මා මෙහි අසුන් ගෙන මෙම ඉන්ද්‍රියන් හරහා ඔබට පැහැදිලි කර කියා දෙනවා. මොහුවත් හඳුන්වන්නේ ආදම් ලෙසයි. පළවෙනිම මිනිසා ආදම්ය. මානව ජීවයන්ගේ පරම්පරා ගසක් තිබෙනවා. ඔහු මවක් මෙන්ම පියෙකුත් වෙනවා. ඔහු තුළින් පසුව නිර්මාණය බිහි වෙනවා. වැඩිමහල්ම කෙනා ඔහුයි. ඔහුව හදාගෙන තිබෙනවා, නැතිනම්, බ්‍රහ්මා එන්නේ කොහෙන්ද? බ්‍රහ්මාගේ පියාගේ නම කුමක්දැයි කියා කිසිම කෙනෙකුට කියන්න පුළුවන්ද? බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් අනිවාර්යෙන්ම කාගේ හෝ නිර්මාණයක්. සිටින්නේ එකම එක නිර්මාණ කරුවෙකුයි. පියා නිර්මාණකරු ඔහුව හදාගෙන තිබෙනවා. පොඩි දරුවන් මෙහි ඉදගෙන මේ සියලුම කරුණු පහදා දෙන්න පටන් ගතහොත් මිනිස්සු සිතාවි: මෙම දැනුම ඉතාමත් ශ්‍රේෂ්ඨයි. මෙම දැනුම හොඳින් උකහා ගත් දරුවන් පමණයි හරි සතුටින් සිටින්නේ. ඔවුන් කවදාවත් ඈණුම් අරින්නේ නැහැ. කිසිම දෙයක් හරියට තේරෙන්නේ නැති අය දිගටම ඈණුම් ඇර ඇරමයි ඉන්නේ. ඔබ කවදාවත් මෙහිදී ඈණුම් ඇරිය නොයුතුයි. ආදායමක් උපයන වෙලාවක කිසිම කෙනෙක් ඈණුම් අරින්නේ නැහැ. පාරිභෝගිකයින් නැතිව, ව්‍යාපාරය පාළු වී ගෙන යන විට තමයි ඈණුම් යැවෙන්නේ. මෙහදීත් ඇතැම් අය හරියට දැනුම උකහා ගන්නේ නැහැ. ශාරීරික අවධානය නිසා ඇතැම් අය කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් හැම තිස්සේම බාහිර ලෝකයේ ඇති දෙයක් ගැනම සිත සිතා සිටිනවා. කරුණු සටහන් කරගන්නවත් ඔවුනට බැහැ. තියුණු බුද්ධියක් ඇති අය ඉක්මණින්ම කරුණු සටහන් කර ගනීවි: මේ කරුණ හරිම හොඳයි. සිසුන්ගේ හැසිරීම දකින්න ගුරුවරයෙකුට පුළුවන්. ඥානවන්ත ගුරුවරයකුගේ ඇස් හැම තැනටම යනවා. ඒ අධ්‍යාපනය සඳහා සහතිකයක් දීමට ඔහුට හැකි වන්නේ මේ නිසායි. සිරිත් විරිත් සඳහාත් සහතිකයක් දෙනවා. පැමිණිමේ ලේඛණයකුත් තිබෙනවා. මෙහි සිටිනා ඇතැම් අයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කිසිම උකහා ගැනීමක් නැහැ. ඇතැම් අය කියනවා: මට ඇත්තේ මෝඩ බුද්ධියක් ඒ නිසා මට කිසිවක් තේරුම් ගන්න බැහැ. ඉතින් ඒකට බාබා මොනවා කරන්නද? ඒක ඔබගේ කර්ම ගිණුම. පියා සෑම කෙනෙක්වම එකම උත්සාහය දැරීමට උනන්දු කරවනවා. ඔබගේ වාසනාවේ නැතිනම් ඔහු මොනවා කරන්නද? පාසලකත් ඇතැම් අය සමත් වෙනවා. ඇතැම් අය අසමත් වෙනවා. අසීමිත පියාට පමණක් ඉගැන්විය හැකි මෙය අසීමිත හැදෑරීමක්. ගීතාවේ සඳහන් දේවල් අනිත් ආගම්වල අයට තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ රටේ ඒ ජාතියේ හැටියට ඔවුනට පැහැදිලි කර කියා දිය යුතුයි. පළමුවෙන්ම, ඉහළම ඉහළ පියා පිළිබඳ වූ හැඳින්වීමත් ඔහු ගැලවුම් කරු හා මග පෙන්වන්නා වන්නේ කෙසේද යන්නත් පිළිබඳ වූ දැනුම ඔවුන්ට ලබා දෙන්න. දැනට මේ ඇත්තේ යක්ෂ රාජ්‍යයයි. මේ ලෝකය පැරණියි. ඒක සත් යුග ලෝකයක් කියා හඳුන්වන්න බැහැ. මේ ලෝකය අළුත්වට තිබුණා නමුත් දැන් පරණ වෙලා. සේවය කිරීමට ආසාවෙන් සිටිනා දරුවන් මේ කරුණු සටහන් කරගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම අධ්‍යාපනය හරහා උපයාගත හැකි ආදායම ඉතා විශාලය. එමනිසා, ඔබ එම ආදායම ලොකු සතුටකින් ඉපැයිය යුතුයි. ඉගෙන ගන්නා වේලාවේදී කිසිම විටෙක ඈණුම් අරිමින් ඔබගේ බුද්ධියේ යෝගාව වෙන වෙන තැන්වලට රස්තියාදු කරවන්න එපා. දැනුමේ කරුණු සටහන් කරගනිමින් දිගටම හොදින් ඒවා ග්‍රහණය කරගන්න.

2. පාරිශුද්ධත්වයට පත්ව බාබාගේ හදවතේ සෙනෙහස දිනා ගැනීමට හිමිකම් ලබන්න. සේවය කිරීමට දක්ෂ වන්න. හොඳ ආදායමක් උපයාගනිමින් අන් අයවත් ඒ සඳහා උනන්දු කරවන්න.

වරදානය:
ඔබ කරම යෝගිවරයෙකු වී, ඔබේ ජීවමරණයේ උපත පිළිබඳව දැනුවත්ව සිටීමෙන් සියලු කරම බන්ධන අවසන් කරත්වා.

මෙම ජීවමරණයේ ජීවමාන උපත කරම බන්ධන ජීවිතයක් නොවේ; එය කරම යෝගි ජීවිතයකි. මෙම ආලෝකික්, දිව්‍ය ජීවිතයේ දී, බ්‍රාහ්මණ ජීවාත්ම ස්වාධීන ය, යැපෙන්නන් නොවේ. ඔබේ ශරීර ණයට ගෙන ඇති අතර පරමාත්ම පියා ඔබේ සියලු පැරණි ශරීර බලයෙන් පුරවා මුළු ලෝකයටම සේවය කිරීමට සලස්වයි. මෙය ඔබේ නොව පරමාත්ම පියාගේ වගකීමයි. පරමාත්ම පියා ඔබට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දී ඇත. ඔබ නිදහස් වන අතර සෑම කෙනෙකුම චලනය කරන තැනැත්තා එය කරයි. මෙම විශේෂ දැනුවත්භාවය තිබීමෙන්, සියලු කරම බන්ධන අවසන් කර කරම යෝගිවරයෙකු වන්න.

පාඨය:
කාලයේ සමීපතාවයේ පදනම අසීමිත නිරාශාව පිළිබඳ ආකල්පයකි.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ඔබ වැඩියෙන් සිහි කිරීමේ සිටින තරමට, ඔබ තනිව නොමැති බවත්, බාප්දාදා නිරන්තරයෙන් ඔබ සමග සිටින බවත් ඔබ වැඩියෙන් අත්විදිනු ඇත. ඔබ ඉදිරියට කුමන ගැටළුවක් පැන නැග්ගත් ඔබ ඒකාබද්ධව සිටින බව අවධානයේ තබාගන්න එවිට ඔබ බියට පත් නොවෙයි. ඔබගේ ඒකාබද්ධ ස්වරූපයෙන් ඔනෑම අපහසු කාර්යයක් පහසු වෙයි. ඔබගේ සියළුම බර පරම පියාට භාරදී සැහැල්ලු වන්න, එවිට තමන් භාග්‍යවන්ත බව ඔබ නිරන්තරයෙන් අත්විද, සුරදූතයෙක් මෙන් නොකඩවා නර්ථනය කරයි.