21.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔය ජීවාත්මයන්ගේ සෙනෙහස ඇත්තේ එක් පියාට පමණයි. ඔබගේ සෙනෙහස ශරීර වලට නොව
ජීවාත්මයන්ට තිබිය යුතු බව පියා ඔබට උගන්වා තිබේ.
ප්‍රශ්නය:
මායා බාධක
පමුණුවන්නේ ඔබ කුමන උත්සාහයක් දරණ අතරදීද? මායා ජයගන්නා ක්‍රමය කුමක්ද?
පිළිතුර:
ඔබ පියාගේ ස්මරණයේ සිටීමට උත්සාහ දරන්නේ ඔබගේ පාපයන් පුළුස්සා දැමීම සඳහාය. එබැවින්
මායා බාධක පමුණුවන්නේ මෙම ස්මරණයේය. පියා, අධිපති, ඔබට මායා ජයග්‍රහණය කරන මාර්ගය
පෙන්වා දෙයි. එම හඳුනාගැනීමෙන් පියාව ස්මරණය කරනා විට ඔබට සතුටින් සිටීමට හැකිවන
අතර ඔබ දිගටම උත්සාහයන්ද දරා බොහෝ සේවය ද කරයි. එවිට ඔබ මායා ජය ගනී.
ගීතය:
මෙම පාපී
ලොවින් අප මුදවා සැනසුම හා විවේකය ඇති තැනකට අප රැගෙන යන්න.
ඕම් ශාන්ති.
ඔය අධ්‍යාත්මික දරුවන් ගීතය අසා එහි තේරුම වටහා ගත්තේය. බාහිර ලොවෙහි කිසිවෙකු එහි
තේරුම දන්නේ නැත. ඔය ජීවාත්මයන්ගේ සෙනෙහස ඇත්තේ උත්තරීතර පියාට එනම්, උත්තරීතර
ජීවයට බව ඔය දරුවන්ට වැටහේ. ජීවාත්මයන් අඬගසන්නේ ඔවුන්ගේ පියාටයි එනම්, උත්තරීතර
පියාටයි. ඔබගේ සෙනෙහස ඇත්තේ ශරීර වලටද ජීවාත්මයන්ටද? පියා දැන් ඔබට උගන්වන්නේ ඔබගේ
සෙනෙහස තිබිය යුත්තේ ජීවාත්මයන්ට බවයි. ශරීර විනාශ වීමට යයි. සෙනෙහස ඇත්තේ ජීවාත්මය
තුළය. බාබා ඔබ හට විස්තර කර දෙන්නේ ඔබගේ සෙනෙහස දැන් තිබිය යුත්තේ පියාට බව එනම්,
උත්තරීතර ජීවයටයි ශරීර වලට නොවේ. ජීවාත්මයන් තම පියාට අඬගසන්නේ පැමිණ ඔවුන්ව
පුණ්‍යාත්මයන් ඇති ලොවකට රැගෙන යන්න කියාය. ඔබ පාපතර ජීවාත්මයන් වී සිටි අතර දැන්
පුණ්‍යාත්මයන් බවට පත්වෙන බව ඔබට වැටහෙයි. පියා ඔබව යුක්තියකට අනුව (නුවණැති මඟකට
අනුව) පුණ්‍යාත්මයන් බවට පත් කරවමින් සිටී. පියාම පැමිණ මෙය පැවසූ විට පමණයි ඔය
දරුවන්ට වැටහෙන්නේ සහ අත්විඳීමට හැකි වන්නේ තමන් පියාගේ ස්මරණය තුළින් පාරිශුද්ධ
පුණ්‍ය ජීවාත්මයන් බවට පත්වන බව. යෝගා බලයෙන් ඔබගේ පාපයන් පිළිස්සී යයි. ගංඟා නදියේ
නෑමෙන් පාපයන් සේදෙන්නේ නැත. මිනිසුන් ගංඟා නදියට ගොස් එහි මඩ සිරුරුවල තවරා ගෙන
ස්නානය කරති. එහෙත් එය කිරීමෙන් ඔවුන්ගේ පාපයන් සේදෙන්නේ නැත. ජීවය තුළ ඇති පාපයන්
ඉවත් කළ හැක්කේ යෝගා බලයෙන් පමණයි. අපද්‍රව්‍ය ඉවත් වෙයි. පියාව ස්මරණය කිරීමෙන්
ඔබගේ පාපයන් පිළිස්සෙන බව දන්නෙත් විශ්වාස කරන්නෙත් ඔය දරුවන් පමණයි. ඔබ තුළ
විශ්වාසය ඇත්නම් පියාව ස්මරණය කිරීමට ඔබ උත්සාහ ගත යුතුයි. ඔබ මෙම උත්සාහය ගන්නා
අතරයි මායා බාධක පමුණුවන්නේ. මායා බලසම්පන්න වී බලසම්පන්න අයත් සමඟ හොඳින් සටන්
කරයි. දුර්වල අයත් සමඟ ඇය කුමට සටන් කරන්නද? ඔය දරුවන් මායාව ජය ගත යුතු බවත් ලෝකය
ජය ගත යුතු බවත් නිතරම ඔබගේ අවධානය තුළ තිබිය යුතුයි. මායා ජය ගැනීමෙන් ලොව
ජයගන්නවා යන්නෙහි නියම තේරුම කිසිවෙකුට හරිහැටි වැටහෙන්නේ නැත. මායා ජය ගන්නා අන්දම
දැන් ඔය දරුවන්ට විස්තර කර දී ඇත. මායාද බලසම්පන්නය. ඔය දරුවන්ට අධිපතිව හමු වී ඇත.
එම අධිපතිව දන්නේ ඉතා සුළු කිහිප දෙනෙකු පමණයි. එයත් අංක අනුපිළිවෙලටයි. ඔහු දන්නා
අයට එම සතුට ඇත. ඔවුන් තමන්ම උත්සාහ දරණ අතර බොහෝ සේවාවන් ද කරයි. දැන් ලොවෙහි සාමය
ඇතිකළ හැක්කේ කෙසේදැයි සෑම මනුෂ්‍යයෙක්ම අසයි. ස්වර්ණමය යුගයේ සාමය හා සතුට තිබුණු
අයුරු ඔබ දැන් සෑම කෙනෙකුටම පෙන්වා දෙයි මුළු ලොව පුරාම සාමය තිබුණේය. එකල්හි
ස්වර්ණමය යුගයේ තිබුණේ ලක‍්ෂ්මී සහ නාරායන් ගේ රාජධානියයි එහි වෙනත් ආගම් තිබුණේ
නැත. අදට අවුරුදු 5000 කට පෙරයි ස්වර්ණමය යුගය පැවතුණේ. ලෝකය අනිවාර්යෙන්ම චක්‍රය
වටා යා යුතුයි. මෙය පිංතූර වල ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. පෙර චක්‍රයේදීද පිංතූර
නිර්මාණය විය. මේවා දවසින් දවස දියුණු වෙමින් පවති. සමහර විට දරුවන්ට පිංතූර වල දින
ආදිය ලිවීමට අමතක වෙයි. ලක‍්ෂ්මී සහ නාරායන්ගේ පිංතූර වල අනිවාර්යෙන්ම දින ආදිය
තිබිය යුතුයි. ඔබ දෙව්ලොව වැසියන් වී සිටි බවත් නැවත වරක් එයම වෙන බවත් ඔය දරුවන්ගේ
බුද්ධියෙහි ඇත. ඔබ දරණ උත්සාහයේ තරමට තත්ත්වයක් හිමිකර ගනී. පියා විසින් ඔබව දැන්
දැනුමේ අධිකාරීන් බවට පත්කෙරේ. භක්තිය අවසන් වීමට දැන් ඉතාමත් ආසන්නයි. ස්වර්ණම හා
රිදී යුගයන්හිදී කිසිම භක්තියක් නොමැත. පසුව චක්‍ර භාගයක්ම භක්තිය පවතී. ඔය දරුවන්ට
මෙය වැටහෙන්නේ දැනුයි. චක්‍ර භාගයකට පසුව රාවණ්ගේ රාජධානිය ආරම්භ වෙයි. මුළු නාටකයම
රඳා පවතින්නේ භාරත වැසියන් වන ඔබ මතයි. 84 චක්‍රය රඳා පවතින්නේ භාරතය මතයි. භාරතය
නොනැසෙන දේශය බව ඔබ මින් පෙර දැන සිටියේ නැත. ලක‍්ෂ්මී සහ නාරායන් හට දෙව්
දේවතාවරුන් යැයි කිවේය. ඔබ හිමි කරගන්නා තත්ත්වය එතරම් ශ්‍රේෂ්ඨය එනමුදු මෙම ඉගෙනුම
ඉතා පහසුය! අප 84 චක්‍රය නිමා කොට ඉන්පසු ආපසු නිවහන බලා යන්නෙමු. ඔබ 84 චක්‍රය ගැන
කතා කරන විට ඔබගේ බුද්ධිය ඉහළට ගමන් කරයි. ඔබට දැන් අශරීරික ලෝකය, සුක‍්ෂම ලෝකය සහ
ශාරීරික ලෝකය සිහිපත් වේ. මීට පෙර ඔබ සුක‍්ෂම ලෝකය යනු කුමක්ද කියා දින සිටියේ නැත.
එහිදි එකිනෙකා සමඟ ‘චලන‘ මඟින් සන්නිවේදනය කරන අයුරු ඔබ දැන් දන්නවා. පෙර කළ ‘චලන‘
(movie) චිත්‍රපට තිබුණේය. මෙය ඔබට විස්තර කර දීම පහසු කරයි නිශ්ශබ්ද, චලන සහ
කතානාද (silence, movie and talkie) මුළු චක්‍රයම ලක‍්ෂ්මී සහ නාරායන් ගේ රාජධානියේ
සිට වර්තමාන කාලය දක්වා දැන් ඔබගේ බුද්ධිය අවධානයේ ඇත. ඔබගේ පවුලත් සමඟ නිවසෙහි
වාසය කරන අතරතුර ඔබ සැළකිළිමත් විය යුතු එකම කරුණ වන්නේ ඔබ දැන් පාරිශුද්ධ විය යුතු
බවය. පියා විස්තර කර දෙන්නේ තම පවුලත් සමඟ නිවසෙහි වාසය කරන අතරතුර පැරණි ලොවට ඇති
සියලුම බැඳීම් අවසන් කරන්න. ඔබගේ දරුවන් ආදිය රැක බලා ගත යුතු නමුත් ඔබගේ බුද්ධිය
රැඳිය යුත්තේ පියා සමඟයි. ඔබගේ දෑත් වැඩෙහි යෙදෙන අතර බුද්ධිය පියා සමඟ විය යුතුයි
යැයි පැවසේ. ඔබගේ දරුවන්ට කවන විට නාවන විට ආදියේදි ද ඔබගේ බුද්ධිය තුළ පියා ගේ
ස්මරණය තිබිය යුතුයි මන්ද විශාල පාප කන්දරාවක් එකතු වී ඇති බව ඔබ දන්නා නිසා. මේ
නිසයි ඔබගේ බුද්ධිය පියා වෙතට යා යුත්තේ. එම ස්නේහවන්තයාව බොහෝ සෙයින් ස්මරණය
කරන්න. පියා, ස්නේහවන්තයා ඔබ සෑම ජීවාත්මයකටම පවසන්නේ මා ස්මරණය කරන්න! මෙම කොටස
දැන් රඟදැක්වෙමින් පවතින අතර එය නැවත වතාවක් වසර 5000 කට පසුව සිදුවෙයි. පියා ඔබට
මෙතරම් පහසු ක්‍රමයක් පෙන්වා දෙයි. වෙන කිසිම අපහසුතාවයක් නොමැත. මෙය තමන්ට කළ
නොහැකි බවත් ඔවුන්ට එය ඉතා අපහසු බවත් ස්මරණ වන්දනාව බොහෝ අපහසු බවත් සමහරු කියයි.
අහෝ! නමුත් ඔබට පියාව ස්මරණය කළ නොහැකිද? ඔබ පියාව අමතක නොකළ යුතුයි. පියාව ඉතා
හොඳින් මෙනෙහි කළ යුතුයි මන්ද මෙය තුළින් පමණයි ඔබගේ පාපයන් දුරු වී ඔබ සදා
නිරෝගීභාවයට පත්වන්නේ. නැතිනම් ඔබට මෙය වීමට නොහැකි වනු ඇත. ඔබට ලැබෙන්නේ ඉතා හොඳ
නැණවත් අවවාදයි. මෙය පූර්ණ ක්‍රියාකාරී ඖෂධයකි. මෙම යෝගා බලයෙන් උපත් 21 කට ඔබට
කිසිම ලෙඩ රෝගයක් නොවැළෙඳන බවට මා වගකීමක් දරන්නෙමි. පියාව ස්මරණය කරන්න! එපමණයි.
එය එතරම් පහසු ක්‍රමයක්. භක්ති මාර්ගයේ මිනිසුන් දෙවියන්ව සිහිකරන්නේ අඥානයෙන්ය.
පියා දැන් මෙතැන අසුන්ගෙන ඔබ හට විස්තර කර දෙයි. ඔබ පෙර චක්‍රයේද බාබා වෙතට පැමිණි
බවත් එවිටද ඔබ උත්සාහ දැරූ බවත් ඔබට දැන් වැටහේ. ඔබ රාජධානිය පාලනය කළ බවත් ඉන්පසුව
එය නැති වූ බවත් යන ස්ථිර විශ්වාසය ඔබ තුළ දැන් ඇත. දැන් බාබා නැවත පැමිණ ඇති
බැවින් රාජධානියේ භාග්‍යය ඔහුගෙන් නැවත වරක් හිමි කර ගත යුතුව ඇත. පියා පවසන්නේ මා
සහ රාජධානිය ස්මරණය කරන්න! මන්මනභව්! ඔබගේ අවසන් සිතිවිලි ගමනානතය කරා ඔබව රැගෙන
යයි. නාටකය දැන් නිමාවට පත්වෙමින් තිබේ. අප ආපසු නිවහනට යා යුතුයි. මනාලයෙකු තම
මනාලිය නිවහනට කැඳවාගෙන යෑමට පැමිණෙන සේ බාබා සෑම දෙනාම ආපසු නිවහනට කැඳවාගෙන යාමට
පැමිණ ඇත. මනාලියන් තම නැන්ද-මාමාගේ නිවහනට යෑම ගැන බොහෝ සතුටු වෙයි. ඔබ සැවොම එක
රාමාට අයත් සීතාවන්ය. ඔබව රාවණ්ගේ සිරගෙයින් නිදහස් කරගෙන නැවතත් නිවහනට ගෙන යා
හැක්කේ රාමාට පමණයි. විමුක්තිය ලබාදෙන්නා එක් අයෙක් පමණයි. ඔහු ඔබව රාවණ්ගේ
රාජධානියෙන් මුදවාගනී. මෙය ‘රාවණ් ගේ රාජ්‍යය‘ යැයි මිනිසුන් කීවත් ඔවුන් එය
නිවැරදිව වටහා නොගනී. මෙය දැන් ඔය දරුවන්ට තේරුම් කරදෙනු ලබයි. අන් අයට විස්තර කර
දීමට ඔබට ඉතා හොඳ කරුණු දෙනු ලැබේ. පෙර චක්‍රයේදී මෙන්ම පියා විසින් ලොව තුළ සාමය
ස්ථාපනය කරමින් සිටී යැයි බාබා ඔබට ලිවීමට කියා ඇත. බ්‍රහ්මා ගේ මාර්ගයෙන් ස්ථාපනය
සිදුවෙමින් පවතී. විෂ්ණු ගේ රාජ්‍යය සමයේ ලොව තුළ සාමය පැවතුණේය. විෂ්ණු යනු
ලක‍්ෂ්මී සහ නාරායන් බව ඉතා සුළු දෙනෙකුට පමණයි වැටහෙන්නේ. ඔවුන් විෂ්ණු ලක‍්ෂ්මී
සහ නාරායන් රාධේ සහ ක්‍රිෂ්ණා වෙන් වශයෙන් සළකයි. ඔබට දැන් මෙය වැටහේ. ස්වදර්ශන
චක්‍රය බ්‍රමණය කරන්නන් ඔබය. ශිව් බාබා පැමිණ ඔබට ලෝක චක්‍රය පිළිබඳ දැනුම ලබා
දෙයි. දැන් ඔහු විසින් අපව දැනුමේ සාගරයට අධිපතියන් කරවනු ලබයි. ඔබ දැනුමේ
ගංඟාවන්ය. මෙම නම දෙනු ලබන්නේ ඔය දරුවන්ටයි. භක්ති මාර්ගයේ මිනිසුන් ස්නානය කිරීම
සඳහා කොතරම් රස්තියාදු වන්නේද. ඔවුන් බොහෝ පුණ්‍යකර්ම ද දාන ආදිය ද දෙති. ධනවත් අය
බොහෝ සේ දන් දෙති. ඔවුන් රත්රං පවා දන් දෙති. ඔබ කෙතරම් රස්තියාදු වූවාද කියා ඔබට
දැන් වැටහේ. ඔබ හත යෝගීන් නොව ඔබ රාජ යෝගීන්ය. ඔබ පාරිශුද්ධ වූ ගෘහස්ථ මාර්ගයට අයත්
වී ඉන්පසු රාවණ් ගේ රාජධානියේදී අපවිත්‍ර වූයේය. පියා දැන් නාටකයට අනුව ගෘහස්ථ ආගම
ස්ථාපනය කරමින් සිටියි. මෙම පාරිශුද්ධ මාර්ගය අන් කිසිවෙකුට නිර්මාණය කළ නොහැක. ඔබ
සියල්ලන්ම පාරිශුද්ධව සිටියහොත් ලොව පැවතෙන්නේ කෙසේදැයි මිනිසුන් ඔබගෙන් අසති.
ඔවුන්ට කියන්න සන්‍යාසීවරුන් බොහෝ දෙනෙක් පාරිශුද්ධව සිටින මුත් ලොව නතර වූවාද? ලෝක
ජනගහණය දැන් කොතරම් වැඩි වී ඇත්ද යත් මිනිසුන්ට ඇති තරම් කෑමට ආහාර නොමැත. අවශ්‍ය
තරම් ධාන්‍ය ද නොමැති බැවින් ලෝක ජනගහණය තවත් වැඩි කිරීමේ ඵලය කිමෙක්ද? බාබා දැන්
ඔබ ඉදිරියේ සිටින බව ඔය දරුවන්හට වැටහේ. එසේ වුවද ඔබගේ භෞතික ඇස් වලින් ඔබට ඔහු
නොපෙනේ. බාබා නිරතුරුවම ඔබ ඉදිරියේ සිට ඔබට උගන්වන බව ඔය ජීවාත්මයන් වටහා ගන්නේ
බුද්ධියෙනි. පියා දැන් ලෝක සාමය ස්ථාපනය කරමින් සිටින බව ලෝක සාමය ගැන කතා කරන අයට
කියන්න. මේ නිසා පැරණි ලෝකයේ විනාශය අප ඉදිරියේ ඇත. වසර 5000 කට පෙරද ලෝක විනාශය
සිදුවිය. දැනුදු සෑම කෙනෙකුගේම ඉදිරියේ විනාශය ඇත. ඉන්පසු ලොවෙහි සාමය ඇති වෙයි. ඔය
දරුවන්ගේ බුද්ධියේ පමණයි මෙම දේවල් ඇත්තේ. ලොවෙහි වෙනින් කිසිවෙකු මෙම දේවල් දන්නේ
නැත. අන් අයගේ බුද්ධිය තුළ මෙම දේවල් වල අවධානය නොමැත. ස්වර්ණමය යුගයේදී මුළු ලොවම
තුළ සාමය පැවතුණු බව ඔබ දනී. එකල්හි භාරතය හැරුණු කොට වෙනින් කිසිම භූමියක් තිබුණේ
නැත. අන් සෑම භූමියක්ම ඇතිවූයේ පසුවයි. දැන් බොහෝ භූමි තිබේ. දැන් මෙම නාටකයේ
අවසානයයි. දෙවියන් අනිවාර්යෙන්ම සිටින බව මිනිසුන් කීවත් ඔහු කවදා පැමිණෙන්නේද කුමන
ස්වරූපයෙන් පැමිණෙන්නේද කියා ඔවුන් නොදනී. එය ක්‍රිෂ්ණා විය නොහැක. කිසි කෙනෙකුට
තමන් ගේ බලයෙන් හෝ සංඥා ලබා දීමෙන් හෝ ඔබ ලවා කිසිවක් කරවීමට දිරිගැන්විය නොහැක.
පියා වඩාත්ම සෙනෙහෙබර කෙනාය. (most beloved). ඔබගේ උරුමය ලැබෙන්නේ ඔහුගෙනි. පියා
දෙව්ලොව නිර්මාණය කරයි. එබැවින් ඔහු අනිවාර්යෙන්ම පැරණි ලොවෙහි විනාශය දිරි ගන්වයි.
ඔබ දන්නවා ලක‍්ෂ්මී සහ නාරායන් ස්වර්ණමය යුගයේ සිටි බව. ඔවුන් නැවත වතාවක් ඔවුන්ගේම
උත්සාහයෙන් එයම බවට පත්වෙයි. මෙම කුල්මත්භාවය තිබිය යුතුයි. ඔවුන් භාරතය පාලනය
කළෝය. ශිව් බාබා එම රාජධානිය ලබා දී පිටත් වුණේය. ශිව් බාබා එම රාජධානිය පාලනය කොට
පිටත්ව ගියේය කියා ඔබ නොකියනු ඇත. නැත. භාරත ජනයාට එම රාජධානිය ලබා දී ඔහු පිටව
ගියේය. එම රාජධානිය පාලනය කළේ ලක‍්ෂ්මී සහ නාරායන්ය. බාබා නැවත වතාවක් අපහට
රාජධානිය ලබා දීමට පැමිණ ඇත. සුමිහිරි දරුවනි, මා ස්මරණය කරන්න ඒ සමඟම ස්වදර්ශන
චක්‍රය බ්‍රමණය කරන්න යැයි ඔහු පවසයි. ඔබ ජන්ම 84 ගෙන ඇත. කෙනෙක් අඩුවෙන් උත්සාහ
දරණ විට ඔහු අඩුවෙන් භක්තියෙහි යෙදී ඇති බව ඔබට තේරුම් ගත හැක. වැඩිපුර භක්තියෙහි
යෙදුණු අය වැඩියෙන් උත්සාහ ගනී. බාබා සෑම දෙයක්ම ඉතා පැහැදිලිව විස්තර කර දෙයි.
කෙසේ වුවද එය ඔබගේ බුද්ධියෙහි රැඳිය යුතුයි. උත්සාහ කිරිම ඔබගේ යුතුකමයි. ඔබ
අඩුවෙන් භක්තියෙහි යෙදී ඇත්නම් ඔබට යෝගාවේ සිටිය නොහැක. ශිව් බාබාගේ මතකය ඔබගේ
බුද්ධියෙහි නොරඳෙයි. උත්සාහ කිරීමේදී කිසි විටෙක මන්දගාමී නොවන්න. මායා කෙතරම්
බලසම්පන්නද කියා ඔබ දුටු විට හදවත ක්‍රියා විරහිත කරගන්න එපා. මායා ගේ කුණාටු බොහෝ
සේ පැමිණේ. සෑම දෙයක්ම කරන්නේ ජීවය බව ඔය දරුවන්ට විස්තර කර දී ඇත. ශරීරය විනාශ
වෙයි. ජීවයක් ශරීරය අත්හළ විට එම ශරීරය දුහුවිලි බවට පත්වෙයි. එම ශරීරය නැවත
නොලැබෙයි. ඉතිං එසේනම් එය මතක් කරමින් හැඬීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? එම ශරීරයම නැවත
ගනු ලබයිද? එම ජීවය පිට වී තවත් ශරීරයක් ගෙන හමාරය. ඔබ දැන් අති විශාල ආදායමක් උපයා
ගනිමින් සිටියි! ඔබ ඔබගේ ගිණුමට බැර කරමින් සිටින අතර අන් සෑම කෙනෙක්ම තම ගිණුම්
අඩු කර ගනිමින් සිටිති. බාබා අවිහිංසක ව්‍යාපාරිකයාය. මේ නිසයි ඔහු හාල් මිටක්
වෙනුවට ඔබට උපත් 21 කට මාලිගාවන් ලබා දෙන්නේ. ඔහු කොතරම් පොළී ලබා දෙයිද! අනාගතය
වෙනුවෙන් ඔබට අවශ්‍ය තරම් රැස් කර ගත හැක. කෙසේවෙතත්, ඔහුට අවසානයේදී එය දීමට හැක
යැයි සිතන්නට එපා. ඒ කාලයේ ඔහු එය රැගෙන කුමක් කරන්නද? ඔහු මෝඩ ව්‍යාපාරිකයෙකු
නොවේ. ඔහුට එය භාවිත කිරීමට නොහැකි ව පොළී ගෙවීමට සිදුවුවහොත් එයින් ඇති ප්‍රයොජනය
කුමක්ද? එවැනි මිනිසුන්ගෙන් ඔහු කිසිවක් නොගනී. ඔබ හාල් මිටක් වෙනුවෙන් උපත් 21 කට
මාලිගාවල් ලබා ගනී. ඔබහට පොළිය බොහෝ සේ ලැබේ. මම නොම්මර එකේ අවිහිංසක කෙනාය යැයි
බාබා පවසයි. ලෝක රාජධානිය මම ඔබට ලබා දෙන්නෙමි. මා හට අයත් වී සේවය කරන්න. ඔහු
අවිහිංසක අධිපතියා නිසයි සැවොම ඔහු ස්මරණය කරන්නේ. ඔබ දැන් සිටින්නේ දැනුමේ මාවතේය.
දැන් පියාගේ ශ්‍රීමත් අනුගමනය කොට ඔබගේ රාජධානිය හිමි කරගන්න. ඔබගේ රාජධානියේ උරුමය
එනම්, සූර්ය වංශික උරුමය ලබාගැනීමට ඔබ පැමිණ ඇති බව බාබාට ඔබ කියයි. අච්චා. ඔබගේ
මුව සුමිහිරි වේවා (මෙය ප්‍රායෝගිකව සිදුවේවා). අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත්
අනුගමනය කිරීමෙන් රාජධානිය උරුම කරගන්න. හාල් මිටක් දී උපත් 21 කට මාලිගාවක් හිමි
කරගන්න. අනාගතයට ආදායමක් රැස් කරගන්න.
2. තම පවුලත් සමඟ
නිවසෙහි වාසය කරන අතර පැරණි ලොවට ඇති සෑම බැඳීමක්ම අවසන් කොට සම්පූර්ණයෙන්ම
පාරිශුද්ධත්වයට පත්වන්න. සෑම දෙයක්ම කරන අතරතුර තම බුද්ධිය පියා මත එල්ල කොට තබා
ගන්න.
වරදානය:
ලෝක
දානපතියෙකු වී, අන් අය කෙරෙහි ඔබේ මනසෙහි ඇති සුබ පැතුම් මඟින්, ඔවුන්ට ඉදිරියට
යාමට ඉඩ සලසත්වා.
යමෙකු යම් වැරැද්දක්
කරන්නේ නම්, එම පුද්ගලයා යම් බලපෑමකට ලක්ව ඇති බව සලකා ඔහුව පරිවර්තනය කිරීමට ඔහුට
කරුණාවේ දෘෂ්ටිය ලබා දෙන්න. ඒ ගැන සාකච්ඡා නොකරන්න. යමෙකු පර්වතයක් ඉදිරිපිට නතර
වුවහොත්, ඔබේ යුතුකම වන්නේ එයින් ඔබ්බට ගොස් ඔබේ සහකරු ලෙස ඔහුටත් එතෙර වීමට ඉඩ
සැලසීමයි. මේ සඳහා, එක් එක් අයගේ විශේෂත්වය දෙස බලා ඔවුන්ගේ දුර්වලතා නොසලකා හැරීම
දිගටම කරගෙන යන්න. දැන් ඕනෑම කෙනෙකුට වචන වලින් අවවාද කිරීමට කාලය නොවේ, නමුත්
ඉදිරියට ගොස් අන් අයට ඔබේ මනසෙහි ඔවුන් කෙරෙහි ඇති සුබ පැතුම් මඟින් සහයෝගයෙන්
කටයුතු කිරීමෙන් ඉදිරියට යාමට ඉඩ සලසන කාලයයි, මන්ද, එවිට පමණක් ඔබ ලෝක දානපතියෙකු
යැයි කියනු ලැබේ.
පාඨය:
ඔබේ
අධිෂ්ඨානයේ බඳ පටිය තද කරගන්න, එවිට ඔබ ඔබේ අසුනේ අසුන්ගෙන කලබල නොවනු ඇත.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
පාරිශුද්ධත්වයේ දැල්ල
සෑම තැනකම දැල්වූ විට හෙළිදරව්වේ සූර්යයා නැග එයි. ඔවුන් එම දැල්ල රැගෙන සෑම තැනකටම
යන සේම, පාරිශුද්ධත්වයේ දැල්ල, සෑම තැනකම බැබලිය යුතුයි, එවිට සියලු දෙනා පියාව
දැක, ඔහුව හදුනාගෙන, පාරිශුද්ධත්වය වෙනුවෙන් ජයග්‍රහණයේ හඩ නැගෙයි.