21.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ශ්‍රීමත් අනුගමනය කර සෑම කෙනෙක්ම සතුටට පත් කරවන්න. මේ වන තෙක් ඔබ යක්ෂ ගති
අනුගමනය කරමින් අන් අයව අසතුටට පත් කරමින් සිටීයා. දැන් සතුට ලබා දී සතුට ලබා ගන්න.
ප්‍රශ්නය:
බුද්ධිමත්
දරුවන් වන ඔබ උසස් තත්ත්වයක් ලබා ගැනීම සඳහා කිසියම් උත්සාහයක් දරන්නේ කිනම් රහස
තේරුම් ගැනීමෙන් ද?
පිළිතුර:
ඔවුන් තේරුම් ගන්නා දෙයනම් මෙම නාටකය සතුට හා දුක, ජයග්‍රහණය හා පරාජය යන දෙකෙන්
සෑදුනක් බවයි. සතුටින් පිරුණු නාටකය කල්ප භාගයක් පුරා ව්‍යාප්ත වනු ඇත. එහිදී කිසිම
දුකක් නැත. නව රාජ්‍යය පැමිණීමට නියමිතයි. ඒ සඳහා පරමාත්ම පියා දැන් තම නිර්වාණ
දනව්ව අතහැර තම දරුවන් සිටින මේ ලෝකය වෙත පැමිණ ඇත. උත්සාහ දරා අනිවාර්යෙන්ම එම
උසස් තත්ත්වය දිනා ගන්න.
ගීතය:
ලෝකය වෙනස්
විය හැකි නමුත් අපි කවදාවත් අපගේ පොරොන්දුව කඩ නොකරමු ...
ඕම් ශාන්ති.
සුමිහිරි
දරුවන් වන ඔබ ගීතයේ අර්ථය අවබෝධ කරගත්තා. කිසිම දිව්රුම් දීමක් අවශ්‍ය නැත. අවශ්‍ය
දෙය වන්නේ අවබෝධ කරගැනීමයි. මන්ද, ජීව ඉතාමත් තමෝප්‍රධාන්. ඔවුන් සම්පූර්ණයෙන්ම
අඥානී බවට පත් වී ඇත. තමන් අඥානීන් ලෙස සිටි ආකාරයත් දැන් ඥානවන්ත බවට පත්වන
ආකාරයත් දරුවන් වන ඔබ දැන් දන්නවා. වෙන කිසිම ආධ්‍යාත්මික කණ්ඩායමක් තුළ එවැනි
දෙයක් සිදුවන්නේ නැහැ. ඔවුන් රාමායන වැනි ග්‍රන්ථ කියවනවා. නමුත් එක් කනකින් අසා
අනෙක් කනින් පිට කර හරිනවා. ලබා ගන්නා කිසිම දෙයක් නැහැ. තපස්යා කර දාන මාන දී
නොයෙකුත් ආකාරයේ පින්දහම් කර යාගහෝම ආදියත් පවත්වනවා. මෙලෙස කෙතරම් රස්තියාදු වුවත්
ලබා ගන්නා කිසිම දෙයක් නැහැ. මේ ලෝකයේ ඉන්නා කිසිම කෙනෙක්ට සතුටක් නැහැ. පියා දැන්
ඔබට ඒ අවබෝධය ලබා දෙනවා. සෑම දෙනාටම සාමය හා සතුට ලබා දෙන්නේ එකම එක පියා පමණයි.
මිනිසුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේයි. භක්ති මාර්ගයේ සිටිනා මිනිසුන් ඕ දුක නැති
කරන්නාණනි! සතුට පිරිනමන්නාණනි! මුක්තිය ලබා දෙන්නාණනි! කියමින් කෑ ගසනවා. ලෝකයේ
සිදුවන දෙය දෙස බලන්න! සෑම දෙනාම සිටින්නේ දුකකිනි. පියා කවුද, එම පියාගෙන් අප ලබන
උරුමය කුමක්ද යන්න කිසිම මනුෂ්‍යයෙක් දන්නේ නැහැ. අසීමිත පියා ගැන ඔවුන් කිසිම
දෙයක් දන්නේ නැහැ. සාමය සොයමින් සෑම තැනම ඇවිදිනවා. මානසික සාමය අවශ්‍යයි කියා
කිව්වේ කවුද? මෙය කීවේ ජීවයයි. නමුත් මිනිස්සුන්ට මේ තරම් දෙයක් වත් තේරෙන්නේ නැහැ.
ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන්. සන්යාසීන්, පූජකවරුන් සෑම දෙනාම ඉන්නේ අසතුටින්.
ඔවුන්ටත් සාමයක් අවශ්‍යයි. පූජකවරුන්ට පවා නොයෙකුත් රෝග තිබෙනවා. හදිසි අනතුරු පවා
සිදුවනවා. දුක හැර වෙන කිසිම දෙයක් ලෝකයේ නැහැ. ඔබ දැන් ඥානවන්තයින් බවට පත් වී
සිටිනවා. පියා කියා තිබෙනවා නව ලෝකය හා පැරණි ලෝකය, දුක හා සතුට නිර්මාණය වී
තිබෙන්නේ මෙම නාටකයේ බව. දරුවන් වන ඔබගේ අගුළු පියා විසින් විවෘත කර දී ඇති නමුත්
අන් මිනිසුන් තුළ ඇත්තේ විවෘත කළ නොහැකි ගොඩ්රිච් අගුලකි. ඔවුන්ට ඇත්තේ
සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් වූ බුද්ධියක්. තමා විසින් දරණ උත්සාහයේ තරමට දරුවන් වන
ඔබ දැන් සියල්ල දැනගෙන සිටිනවා. ඇත්ත වශයෙන්ම ඔබ අසීමිත පියා සොයාගෙන තිබෙනවා.
ලෝකයේ මුල, මැද, අග ගැන හා මෙම නාටකය නිර්මාණය වූයේ කෙසේද යන්න ගැන වූ රහස් ඔහු ඔබට
කියා දෙනවා. සතුට ඇති තැන දුක පිළිබඳ සඳහනක් නැහැ. තමාගේ උරුමය වන සාමය, සතුට හා
සෞභාග්‍යය තමන් දැන් පියාගෙන් ලබා ගන්නා බව දරුවන් වන ඔබ දන්නවා. ස්වර්ණම යුගයේ
ආරම්භයේ සිට රිදී යුගයේ අවසානය දක්වා කිසිම දුකක් තිබෙන්නේ නැහැ. ඔබ දැන් සිටිින්නේ
ආලෝකයේ. අනෙකාට වඩා උසස් තත්ත්වයක් තමාගේ අධිරාජ්‍යයේ දී ලබා ගැනීමට ඔබ සෑම කෙනෙක්ම
උත්සාහ දරණවා. මෙය අසීමිත පාසැලක්. ඔබට උගන්වන්නේ අසීමිත පියායි. අතිමහත් වූ
කීර්තියක් ඇති ඔහු ඔබගේ ආදරණීය පියා වන බව ඔබ දන්නවා. ඒ ඉහළම ඉහළ පියා ඔබට ශ්‍රීමත්
ලබා දෙනවා. අනෙක් සෑම මිනිසෙක්ම කරන්නේ යක්ෂ උපදෙස් අනුගමනය කරමින් එකිනෙකාව අසතුටට
පත් කිරීමයි. නමුත් ඔබ ශ්‍රීමත් අනුගමනය කර සෑම දෙනාවම සතුටට පත් කළ යුතුයි. මෙම
නාටකය තුළ අප නළුවන් වූයේ කෙසේද යන්න කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. භාරතයේ
සිටිනා මිනිසුන්ට මෙම නාටකය තුළ සෑම අතින්ම දක්‍ෂව කළ යුතු වූ චරිතයක් හිමි වී
තිබෙන බව දරුවන් වන ඔබ දන්නවා. මීට පෙර ඔබ කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. අභෞතික
ලෝකය, සූක්‍ෂම කළාපය හා භෞතික ලෝකය ගැන ඔබ දැන් සෑම දෙයක්ම දන්නවා. දැන් ඔබට සත්‍ය
වූ දැනුමක් ලැබී තිබෙනවා. උත්තරීතර ජීවය වන උත්තරීතර පියා මොහු හරහා අපට උගන්වනවා.
ලෝකත්‍රය පිළිබඳ වූ දැනුම බාබා අපට ලබා දෙනවා. මෙය කටු සහිත කැළයක්. තමන් දැන් කටු
බවින් මල් බවට පත්වන බව එනම්, සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතාවන් බවට පත්වන බව
දරුවන් වන ඔබ දන්නවා. මෙහි සිටිනා බාල, මහළු සියලු දෙනාම එකිනෙකාට දුක් පමුණුවනවා.
මවකගේ කුසේ සිටින ළදරුවෙක් පවා කරන්නේ මවට දුක් දීමයි. මෙය ඉතාමත් අපිරිසිදු පැරණි
ලෝකයක්. මෙම ලෝක චක්‍රය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. අප පැමිණියේ කොහි සිටද, අප
උපත් කීයක් ගත්තා ද, අප යා යුත්තේ කොහාට ද යන මේ කරුණු කිසිම කෙනෙක් දන්නේ නැහැ.
අසීමිත පියා, එනම්, සියලුම සීතාවරුන්ගේ එකම එක රාමා තමයි ඒ අශරීරික කෙනා වන්නේ. ඔබ
සියලු දෙනාම සීතාවරුන් වන අතර පියා මනමාලයා වේ. ඔබ සියලු දෙනාම මනමාලියන්. එකම එක
මනමාලයාගේ භක්තිවන්තයන්. සියලු සීතාවරුන් රාවන්ගේ දුකින් පිරුණු සිර කුටියේ සිර වී
සිටිනවා. ලෝකයේ සිටින සෑම මිනිසෙක්ම එකම එක දෙවියන්ව සිහිපත් කරනවා. සියලුම
භක්තිවන්තයින්ගේ ආරක්ෂකයා වශයෙන් සලකන්නේ ඔහුයි. ඔබ සියලු දෙනාම බ්‍රහ්මාගේ කටින්
උපන් බ්‍රහමින්වරුන්ය. ශිව බාබා තමන්ට උගන්වන බව ඔබ දන්නවා. ඔබ අනිවාර්යෙන්ම
බාබාගෙන් උරුමයක් ලබා ගන්නවා. දෙව්ලොව නිර්මාණකරු වන්නේ ශිව බාබායි. එය ඔබට දෙව්ලොව
කියා හෝ දිව්‍යමය අධිරාජ්‍යය කියා හෝ හැඳින්විිය හැකියි, එය දෙව්ලොව අධිරාජ්‍යයයි.
එහි පාලකයන් වන්නේ ලක්‍ෂ්මි හා නාරායනය. ඔබට දැන් මෙය තේරෙනවා. ස්වර්ණම යුගය ඇති
විට එහි තිබෙන්නේ ලක්‍ෂ්මි හා නාරායනගේ අධිරාජ්‍යයයි. දැන් ඇත්තේ කලි යුගයයි.
මිනිසුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේ වන නිසා දැන් මෙය කලි යුගයේ අවසානය වෙත පැමිණ
සිටින බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. විනාශය අත ළඟයි. සීතාවරුන් වන ඔබ සියලු දෙනාගේම
ගැලවුම්කරු වන්නේ එකම එක රාමායි. සියලුම සීතාවරුන් සිටින්නේ පරිහාණියකයි.
කොහොමනමුත්, තමන් පරිහාණියට පත්වෙමින් තිබෙන බව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් තමා
සතු ධනයෙන් පමණක් සතුටට පත් වී සිටිනවා. අපට හොඳ දේපළක් තිබෙනවා. හොඳට සල්ලි
තිබෙනවා. ලොකු මාළිගා තිබෙනවා වැනි දේ කියමින් සිටිනවා. දුකින් පිරුණු මෙම ලෝකය
වෙනස් වෙමින් පවතින බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. මාරයා ඔබ හිස මත්තට පැමිණ ඇත. සෑම
දෙයක්ම දූවිල්ලක් බවට පත්වීමටයි යන්නේ. පැරණි ලෝකය තුළ ඔබට දක්නට ඇති සෑම දෙයක්ම
විනාශ වීමට නියමිතයි. විනාශය සඳහා සෑම දෙයක්ම සූදානම් වෙමින් පවතිනවා. මේ ඒ මහා
භාරත යුද්ධයයි. ඒ ගීතාවේම දෙවියනුයි. කොහොමනමුත්, පියාගේ ජීවිත කතාව පිළිබඳ වූ
කතන්දරයේදී පියා වෙනුවට ඔවුන් දරුවාගේ නම ඇතුලත් කර තිබෙනවා. ශිව බාබා දැන් ඔබට
රාජයෝගා උගන්වනවා. ලොකුම අත් වැරැද්ද නම් පියාගේ නම අතුරුදන් කර දැමීමයි. ඔබට මේ
උගන්වන්නේ මනුෂ්‍ය ජීවිියෙක්, සන්යාසී කෙනෙක් හෝ පූජකවරයෙක් නොවන බව ඔබ දන්නවා. අපට
උගන්වන්නේ ශිව බාබායි. පියා, ගුරුවරයා හා සත්ගුරු වන්නේ ඔහුයි. සියලුම දේ ඔහුයි. ඔබ
මෙය අමතක නොකළ යුතුයි. එහෙම නේද? පියා කියනවා සෑම කෙනෙක්ම මගේ දරුවන්. කොහොමනමුත්,
ඔහු සෑම කෙනෙකුටම උගන්වන්නේ නැහැ. පියා කියනවා භාරතයේ මිනිසුන් වන ඔබට රාජයෝගා
ඉගැන්වීම සඳහා නැවත වතාවක් මා පැමිණ සිටිනවා. භාරතයේ මිනිසුන් සිටියේ ස්වර්ණම යුග
වාසීන් ලෙසිනුයි. ඔවුන් දියමන්ති වශයෙන් සිට දැන් සිප්පි කටු බවට පත් වී සිටිනවා.
සෑම නිවසකම නොයෙකුත් කළබල. ඇතැම් අය කියනවා බාබා, මට කේන්ති ගියා. ඒ නිසා ළමයින්ට
ගැහුවා. මම මගේ පාප පහම ශිව බාබාට දී ඇති නිසා මම මේ ගැන වඩාත් සැළකිලිමත් වනවා,
ඉතින් ඇයි තවත් මා මෙවැනි දේ කරන්නේ? පියා පැහැදිලි කර දෙනවා මේ මොහොතේ දී සෑම දෙනා
මතම පාප පහේ අපළය බලපා තිබෙනවා. ශරීර අවධානය නම් වූ ග්‍රහයා පැමිණි විට අන් නරක
ග්‍රහයින් සියලු දෙනාමත් පැමිණෙනවා. පියා කියනවා දැන් ජීව අවධානයට පත් වන්න. ඔබ
දැන් මෙම අවබෝධය ලබා තිබෙනවා. සත් යුගයේ දී පවා අප ජීව අවධානයෙන් සිටියා. ජීවයේ මෙම
ශරීරය පැරණි වී ඇති බව ඔබට තේරෙනවා. මම දැන් මගේ ආයු කාලය සම්පූර්ණ කර හමාරයි.
එමනිසා, මම දැන් මෙය අතහැර අලුත් එකක් ලබා ගන්නවා. සර්පයකුගේ සම පැරණි වූ විට ඌ එය
අත්හැර අලුත් සමක් ලබා ගන්නවා. මෙය සත් යුගය පිළිබඳ වූ උදාහරණයකි. එහිදී ඔබ දුකක්
පිළිබඳ කිසිම සඳහනකින් තොරව තම ශරීරය අත්හැර දමනවා. මෙය දුකින් පිරී ඇත! ඇඬීම්
දෙඩීම් සෑම තැනම. මෙය පැරණි සමක් බව ඔබ දැන් දන්නවා. මෙහිදී ඔබට අලුත් සමක්
ලැබෙන්නේ නැහැ. ඔබට එපාම වූ අවසන්ම පරණ සපත්තුව මෙයයි. එහිදී ඔබ එක ශරීරයක් අත්හැර
ඉතාමත්ම සතුටින් තවත් ශරීරයක් ලබා ගන්නවා. මේ දේවල් ඔබට හොඳින් තේරෙනවා. අලුත් අය
රාශියක් මෙහි පැමිණෙනවා. නමුත් ඔවුන්ට මේවා තේරෙන්නේ නැහැ. දවස් දෙක තුනක් මෙය
තේරුම් ගැනීමට කියා පැමිණ පසුව සියලු දේම අමතක කර දමනවා. ඔව්, සෑම දෙයකටම ඉතාමත්ම
ප්‍රවේශමෙන් ඇහුම්කන් දී සතුටක් අත්දැක්කා නම් ඔවුන් පුරවැසියන් ලෙස පැමිණේවි.
පුරවැසියනුත් රාශියක් බිහිකරලිය යුතුයි. මෙය බාබාගේ නිවහනයි. දොරකඩයි. ඔබ සිටින්නේ
බාබාගේ නිවහනේයි. උත්තරීතර ජීවය තමාගේ උත්තරීතර දනව්ව අතහැර දැන් මේ සාමාන්‍ය
ශරීරයට පැමිණ සිටිනවා. එහිදී ජීව සිටින්නේ පියා සමඟයි. මෙහිදී අපිරිසිදු අය
පාරිශුද්ධත්වයට පත්කරවීම සඳහා බාබාම සංගම් යුගයට පැමිණ තිබෙනවා. අශරීරික ශිවා
යනුවෙන් හඳුන්වන්නේ ඔහුවයි. ජීව, අශරීරික පියා අමතා කතා කරනවා අහෝ දෙවියනි,
පියාණනි! මිනිස්සු කිසිම අවබෝධයකින් තොරව දෙවි පියාණනි කියා කියනවා. යුරෝපීයයන්
ලක්‍ෂ්මි හා නාරායන් දෙවි දේවතාවන් වශයෙන් හඳුන්වනවා. ඔවුන්ව ඒ තත්ත්වයට පත්
කෙරෙව්වේ කවුද? මිනිස්සු දේවතා පිළිම ළඟට ගොස් ඔබ ගුණධර්ම සියල්ලෙන්ම සම්පූර්ණයි.
කලා 16න්ම සම්පූර්ණයි කියා කියනවා. පසුව තමා ගැන මොනවාද කියා ගන්නේ? ඔවුන්
(දේවතාවන්) මනුෂ්‍යයින් වශයෙන් සිට භාරතය පාලනය කළ අය බව ඔවුන් දන්නේ නැහැ.
මිනිස්සු එම පිළිම ඉදිරිපිටට ගොස් ඔවුන්ගේ ගුණ ගායනා කරනවා. තමන් පරිහාණියට පත් වූ
අය වශයෙන් හඳුන්වා ගන්නවා. ක්‍රිෂ්ණා දේවාලයකට ගොස් ඔහුගේ ගුණ ගායනා කරනවා. ශිවා
ගැන මෙසේ ගුණ ගායනා කරන්නේ නැහැ. ඔහුගේ ගුණ වෙනම සඳහන් වූවක්. සාමාන්‍යයෙන් ශිව්
දේවාලයකට ගිය විට තමාගේ පසුම්බි පුරවා දෙන්නයි ඔවුන් ඉල්ලා සිටිනවා. පසුව ඔහු
කිසියම් මත්වන බීමක් බී විෂ සහිත මල් වර්ගයක් කෑවා කියාත් කියනවා. මත්වන බීම හෝ විෂ
සහිත මල් එහි තිබෙන්නේ කොහොමද? ඔවුන්ට කිසිම වැටහීමක් නැහැ. සෑම දෙයක්ම ඉල්ලනවා.
ස්වාමිපුරුෂයෙක්, අරක, මේක සෑම දෙයක්ම ඉල්ලනවා. දීපමාලා උත්සවයේදී ඔවුන් ලක්‍ෂ්මිට
ආරාධනා කරනවා. ඇය කවුද යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. අත් 8ක්, 10ක් තිබෙන කෙනෙක්
ඉන්න පුළුවන්ද? අත් 4ක් ඇති පිළිමයෙන් පෙන්වන්නේ පවුල් මාර්ගයයි. ඔවුන් එම පිළිම
විෂ්ණු යන නමින් හඳුන්වා තිබෙනවා. ලක්‍ෂ්මි හා නාරායන ජීවත් වන්නේ ස්වර්ණම යුගයේයි.
පැවැත්ම සිදුවන්නේ ලක්‍ෂ්මි හා නාරායනගේ ස්වරූප දෙක වන විෂ්ණුගෙන් බව මිනිස්සු
තේරුම් ගෙන නැහැ. ලක්‍ෂ්මිගේ පිළිම පවා අත් 4කින් පෙන්වා තිබෙනවා. අත් 4ක් ඇති
කෙනෙක්ට අත් 4ක් ඇති දරුවනුත් ඇති. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ! බාබා පැමිණෙන
තෙක් තමාටවත් කිසිම දෙයක් නොතේරුණු බව ඔබ දන්නවා. මුළු ලෝකයේම මුල, මැද හා අග ගැන
දැන් ඔබ දන්නවා. පියා පැමිණ අපිරිසිදු ලෝකය පාරිශුද්ධත්වයට පත් කරවනවා. ඕ
පාරිශුද්ධකරුවාණනි පැමිණෙන්න! කියා මිනිස්සු කෑ ගසා කතා කරනවා. දෙවියන් පැමිණෙන්නේ
කොහොමද? ඔහු අපිරිසිදු අයව පාරිශුද්ධත්වයට පත් කරවන්නේ කෙසේද? පරම පියා කියනවා මම
වසර 5000ට පෙර දේවතා රාජ්‍යය ස්ථාපනය කළා. මීට පෙර තමන් උපත් 84ක් ගත්තේ කෙසේද යන්න
ගැන ඔබ දැනගෙන සිටියේ නැහැ. මේ බ්‍රහ්මාවත් කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. ඔහුත්
රාධේ හා ක්‍රිෂ්ණා, ලක්‍ෂ්මි හා නාරායනට වන්දනා කිරීම දිගින් දිගටම කළා.
කෙහොමනමුත්, රාධේ හා ක්‍රිෂ්ණා ඔවුන්ගේ විවාහයෙන් පසුව ලක්‍ෂ්මි හා නාරායන වන බව
ඔහු දැනගෙන සිටියේ නැහැ. රාධේ කුමරිය, ක්‍රිෂ්ණා කුමරු කියා කිව්වේ අන්න ඒ නිසයි.
විවාහයෙන් පසුව ඔවුන් අධිරාජ්‍යවරයා, අධිරාජ්‍යවරිය බවට පත් වෙනවා. එම තත්ත්වයට
පත්වන මොහුවත් එය දැනගෙන සිටියේ නැහැ. කෙනෙක්ට දර්ශන ලැබී තිබුණා වුණත් ඔහුට කිසිම
දෙයක් තේරෙන්නේ නැහැ. මම තවමත් භක්තිවන්තයින්ට තාවකාලික කාලයක් සඳහා ඔවුන්ගේ ආශාවන්
සම්පූර්ණ කිරීමට දර්ශන දෙනවා. මෙහි ධ්‍යාන හෝ දර්ශන ගැන බලන්න අවශ්‍ය නැහැ. පියා
පැහැදිලි කර කියා දෙනවා මායා ඔබේ දර්ශන වල පෙනී සිටියහොත් එවිට ඔබ ලබනා තත්ත්වය
විනාශ වේවි. නොයෙකුත් අය ශිව බාබා ළඟට පැමිණ දර්ශන ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
කලාමැදිරියෙක් කොපමණ කුඩාද කියා ඔබට කියා දී තිබෙනවා. මේ ඇස්වලින් උන්ව දකින්න
පුළුවන්. ජීවය එයටත් වඩා කුඩා එකක්. ජීවය කොයි ආකාරයේද උත්තරීතර ජීවයෙහි ස්වරූපයත්
ඒ වගේමයි. දර්ශනයක් දුන්නත් එය ඉතා කුඩා තිතක රූපයක් විය හැකියි. නළල මධ්‍යයේ
සිටින්නේ ඉතා කුඩා ජීවයක් පමණයි. ජීවයක දර්ශනයක් ලැබුවා වුවත් ඔවුන් කිසිම දෙයක්
තේරුම් ගන්නා එකක් නැහැ. තමන් ශිව බාබාගේ දරුවන් වන බව දැන් ඔබ දන්නවා. බ්‍රහ්ම
කුමාරයින් හා කුමාරියන් වන ඔබ සියලු දෙනාම දැන් ශිව බාබාගෙන් තමාගේ උරුමය දිනා
ගන්නවා. මෙය අපගේ අරමුණ හා ඉලක්කයයි. ඔබ ශිෂ්‍යයින්ය. තමන් දැන් පියා සමඟ පහසු
රාජයෝගාව ඉගෙනගැනීමට පැමිණ තිබෙනා බව ඔබ දන්නවා. මෙය ඔබගේ අරමුණ හා ඉලක්කයයි.
දරුවන් වන ඔබ මෙය අමතක නොකළ යුතුයි. භක්ති මාර්ගයේදී මිනිස්සු දේවතාවන්ගේ පිළිම තමා
ලඟ තබාගෙන සිටිනවා. එමනිසා, ඔබත් ඔබගේ සාක්කුව තුළ ත්‍රිමූර්ති පිංතූරයක් තබාගෙන
සිටිය යුතුයි. අපි ශිව බාබා මඟින් ලක්‍ෂ්මි හා නාරායන බවට පත් වෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශිව බාබාට
දුර්ගුණ දානය කළ පසු නැවතත් ඒවා ආපසු ගන්න එපා. ශරීර අවධානය නම් වූ නපුරු
ග්‍රහයාගෙන් තමාව ආරක්ෂා කර ගන්න. අනිත් නපුරු ග්‍රහයන් සියලු දෙනාමත් පැමිණෙන්නේ
මේ ග්‍රහයා නිසයි. එමනිසා, ජීව අවධානයෙන් සිටීම පුරුදු පුහුණු කරන්න.
2. ධ්‍යාන වලට යාමට
හෝ දර්ශන ලබා ගන්න ආශාවෙන් සිටින්න එපා. ඔබගේ අරමුණ හා ඉලක්කය තමා ඉදිරිපිට තබාගෙන
උත්සාහ දරන්න. ශ්‍රීමත් අනුගමනය කර සෑම දෙනාටම සතුට ලබා දෙන්න.
වරදානය:
කරවන්හාර්
(ක්‍රියාවන්ට අනුබල දෙන තැනැත්තා) පිළිබඳව අවධානයෙන් සිට සැමවිටම ඔබ කරන සේවයේ
නිර්මාණාත්මක කාර්යයක් ඉටු කරන කර්ම යෝගීවරයෙකු වේවා.
ඕනෑම ක්‍රියාවක් කර්ම
යෝගීවරයෙකුගේ අවධියෙන් පරිවර්තනය කරන්න. ඔබ ක්‍රියා කරන කෙනෙකු නොවේ, නමුත් ඔබ කර්ම
යෝගීවරයෙකි. කර්මය යනු සම්බන්ධතාවයක් වන අතර යෝග යනු දෙවියන් උදෙසා වන අතර, එබැවින්
දෙකෙහි සමතුලිතතාවයක් තිබිය යුතුය. ඔබේ ශරීරයේ ජීවනෝපාය රැකබලා ගන්නා අතරතුර,
ජීවාත්මයක් වන ඔබේ ජීවනෝපාය අමතක නොකරන්න. ඔබ කරන ඕනෑම ක්‍රියාවක්, එය දේව සේවය
සඳහා වේවා. සේවය සඳහා මෙවලමක් පමණක් වීම පිළිබඳ කියමන සැමවිටම මතක තබා ගන්න සහ
කරන්හාර් (ක්‍රියා කරන තැනැත්තා) වීම පිළිබඳව අවධානයෙන් සිටින්න. කරවන්හාර් අමතක
නොකරන විට, ඔබ කරන සේවයේ දී ඔබ නිර්මාණාත්මකව කටයුතු කරනු ඇත.
පාඨය:
සේවයේ, බාධක
ඇතිවීමට හේතුව ඇසුරු කරන්නන් සහ සම්බන්ධතා වල පැරණි සංස්කාර වන අතර දැන් එම සංස්කාර
කෙරෙහි නිරාශාවක් ඇති කර ගන්න.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
අසුන් ගත යුතු වඩාත්ම
උසස් සිංහාසනය බාප්දාදාගේ හද සිහසුනයි. කෙසේවෙතත්, මෙම සිංහාසනයේ අසුන් ගැනීමට පෙර,
ඔබට නොසැලෙන, අචල සහ නියත අවධියක සිංහාසනය අවශ්‍ය වේ. ඔබට නියත මනෝ ස්ථිතියක
සිංහාසනයේ ස්ථාවරව සිටිය හැක්කේ ඔබේ අමරණීය සිංහාසනයේ අසුන් ගැනීමේ පුහුණුව ඇති විට
පමණි. එම තපස්වීවරු සැමවිටම ආසනයක වාඩි වී සිටින ආකාරයටම, ඔබ නියත ජීවාත්මයක
සිංහාසනයේ ස්ථාවරව සිටිය යුතුය. මෙම ආසනයෙන් ඉවත් නොවන්න, එවිට පමණක් ඔබට අනාගත
සිහසුන හිමිවනු ඇත.