21.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අද වන තුරු ඔබ අන් අයගෙන් ඇසුණු දේවල් මත පදනම් වී ඉදිරියට ගමන් කරමින් පැමිණියා. පියා දැන් ඔබට සෘජුවම දැනුම ලබා දි තමන් සේම ඔබවත් දැනුමෙන් පිරුණු අය බවට පත් කරවනවා.

ප්‍රශ්නය:
යහපත් උත්සාහය දරන්නන්ගේ තත්ත්වය හා ලක්ෂණ මොනවාද?

පිළිතුර:
හොඳට උත්සාහය දරන්නන් මවත් පියාත් සම්පූර්ණයෙන්ම අනුගමනය කරනු ඇත. ඔවුන් තමන් ගැන අනුකම්පාවෙන් ඉතාමත් හොඳ අවධානයක් තමා වෙත යොදවනවා. ඔවුන් අනිවාර්යෙන්ම දිනකට කෙටි කාලයක් හෝ බාබා සමඟ සිටීමට යොදා ගන්නවා. ඔවුන්ගේ තත්ත්වය නොසෙල්වෙන නිශ්චල හා ස්ථාවර එකක් වශයෙන් තිබෙනවා. මහාවීර් යනුවෙන් හඳුන්වන්නේ ඔවුනුයි.

ගීතය:
අහිංසකත්වයේ දෙවියන් තරම් අසහාය වූ කෙනෙක් තවත් නැත!

ඕම් ශාන්ති.
භක්ති මාර්ගයේදි ලෝකයේ මිනිස්සු නිකම්ම ගාථා ගයමින් සිටියා. ඔබ දරුවන්ද භක්ති මාර්ගයේදී අහිංසකත්වයේ දෙවියන්ගේ ගුණ ගායනා කරමින් සිටි බවත්, ඒ දෙවියන්ම දැන් තමාගේ ඉදිරියට පැමිණ සිටිනා බවත් දරුවන් වන ඔබ දන්නවා. ’අහිංසකත්වයේ දෙවියන්‘ යන වචන අයත් වන්නේ භක්ති මාර්ගයටයි. නමුත් ’ශිව බාබා‘ යන වචන අයත් වන්නේ දැනුම් මාර්ගයටයි. සදාතනිකව තීරණය වී තිබෙන නාටකයට අනුව උත්සාහ කිරිම සඳහා අප උනන්දු කරවීමට මෙම සංගම යුගයේදි පරම පියා පැමිණිය යුතු බව ඔබ තේරුම් ගෙන තිබෙනවා. සෑම කල්පයකදිම ඔහු මේ ආකාරයෙන් ඔබව උනන්දුවට පත් කෙරෙව්වා. ඔබ කොපමණ කාලයක් තිස්සේ භක්ති කරමින් පැමිණියාද යන්නත් ඔබට ඔහු පෙන්වා දෙනවා. මුලින්ම භක්තිය ආරම්භ කළ අය මෙහි පැමිණ දැනුම ලබාගෙන සුර්ය වංශයේ කොටස් කරුවන් බවට පත්වනු ඇත. සත් යුගයේදි සිටින්නේ එක ලක්ෂ්මි හා නාරායන කෙනෙක් පමණක් නොවෙයි. ඔවුන්ගේ පරම්පරාවක්ම සිටිනවා. එය හඳුන්වන්නේ දේවතා කුළය වශයෙනුයි. භාරතය තුළ දේවතා කුළයක් අතීතයේ තිබුණු අතර දැන් තිබෙන්නේ යක්ෂයින්ගේ කුළයක් පමණයි. මෙය සංගම යුගයයි. දැන් ඔබ යක්ෂ කුළයෙන් දේවතා කුළය වෙත යා යුතුයි. මෙතනත් කියැවෙන්නේ ඒ සඳහන් කර ඇති මහා භාරත යුද්ධය ගැනමයි. සිදු වී ඇති එකම වෙනස ශිවා වෙනුවට ක්‍රිෂ්ණාගේ නම යොදා තිබීමයි. එකම එක ගීතාව වැරදි අදහස් වලින් වෙනස් වීම නිසා සෑදුණු අනිත් ග්‍රන්ථ සියල්ලක්ම මිත්‍යාවක් බවට පත්වුණා. ප්‍රධානතම දෙය ගීතාවයි. ගීතාව හැදෑරීමට ඇති ස්ථාන (ගීතා පාඨශාලා) හා ගීතා නිවාස රාශියක් තිබෙනවා. ගීතා පාඨශාලාවක් යනු ගීතාවේ ඇතුලත් ධර්මය ගැන කතා කෙරෙනා ස්ථානයකුයි. දැනුම කියා දුන් අය ඔවුන්ම නොවුණත් තමන්ට පෙර කාලයේ සිටි අයගේ දැනුම ඔවුන් දැන් අන් අයටත් කියා දෙනවා. පියා දරුවන් වන ඔබට සෑම දිනකම කරුණු පැහැදිලි කර කියා දෙනවා. ඔවුන් ඉතාමත් ලොකු සෙනෙහසකින් යුතුව කියා දෙනවා. බාබා සෙනෙහසේ සාගරය බවත් දරුවන් වන ඔබ දන්නවා. ඔහු සෑම කෙනෙක්ටම විශාල සෙනෙහසකින් කියා දෙනවා. බාබාට කවදාවත් තරහා යන්නේ නැහැ. ඔහු සෑම විටම සෑම දෙයක්ම කියා දෙන්නේ සෙනෙහසිනුයි දරුවන් වන ඔබ සතෝප්‍රධාන්ව සිට දැන් නැවත උපත් ගැනීමෙන් අපිරිසිඳු වෙලා. මුලින්ම ඔබ අයිතිව සිටියේ දේවතා ධර්මයටයි යන්න පවා භාරතයේ මිනිසුන් වන ඔබට ඔහු පවසනවා. පළමුව උරුමය දිනා ගැනීම සඳහා පැමිණෙන්නේ කවුද? බාබා ඔබ හැරෙන්න අපට වෙන කිසි ශක්තියක් නැහැ යි පවසන්නේ මීට පෙර කල්පයේදිත් මෙලෙසම පැමිණ තම අයිතිය දිනාගත් අයයි. පියා ඔබට සමාව දෙන්නේ සංගම යුගයේදි පමණයි. රාවන්නේ රාජධානිය හා රාමාගේ රාජධානිය තිබුණේත් මෙහිමයි. දැන් මේ ඇත්තේ රාවණ්ගේ රාජධානියයි. අන්න ඒ නිසයි මිනිසුන්ට රාමාගේ රාජධානිය අවශ්‍ය වී තිබෙන්නේ. ඔබ ශිව බාබා ගැන කතා කරනා විට ඔබගේ සිහිය යොමු වන්නේ අශාරිරික කෙනා වෙතයි. එලෙස ඔබ සිහිපත් කරන්නේ අශාරිරික කෙනාවයි. එලෙස පියාට කතා කරන්නේ ජීවයනුයි. ජීවයන්ගේ වේදනාවේ හැඬීම් වලට ඇහුම් කන් දීම සඳහා දෙවියන් මඟ බලා ඉන්නවා කියා දෙයක් නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා නාටකයේ සැළසුමට අනුව අපිරිසිඳු අයව පාරිශුද්ධත්වයට පත් කරවීමට මම ශරිරයකට අතුළු වෙනවා. ඔබගේ හඬ ඇසී මම එන්නේ නැහැ. භක්තිය අවසන් වූ විට මම පැමිණිය යුතුයි. මෙම කරුණු හොඳින් තේරුම් ගත යුතුයි. දරුවන් වන ඔබ අමතා කතා කරනා දවසක් පැමිණේවි. ඔහු පැමිණෙන්නේ කවදාද කියා කොතැනකවත් සඳහන්ව නැහැ. චක්‍රයේ වැරදි කාල පරාසයක් ගැන නම් ඔවුන් සඳහන් කර තිබෙනවා. සෑම නිවසකම මෙම පිංතූරය තිබිය යුතුයි. එවිට ඔවුනට සෑම දිනකම එය බලා මේ බාබා, මේ දාදා, මේ උරුමය කියා එකිනෙක පැහැදිලිව සිහිපත් කළ හැකි වෙනවා. පියා කියනවා දරුවනි, සතෝප්‍රධාන් වීම සඳහා මා සිහිපත් කරන්න. එවිට ඔබ තුළ ඇති කහට ඉවත් වී යනු ඇත. මෙම ක්‍රමය කියා දෙන්නේ පියා පමණයි. මෙම පියාත් කියනවා මමත් උත්සාහ දරණවා. දරුවනි, එකිනෙකාට අනතුරු අඟවා ගනිමින් ඉදිරියට ගමන් කරන්න. මෙම පිංතූරවලින් පැහැදිලි කරන දේවල් ඉතාමත් හොඳයි. ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදු කරනවා. මහා භාරත යුද්ධය ඔබ ඉදිරියට පැමිණ ඇත. අසංඛ්‍ය ආගම් ගණනාවක් දැන් විනාශයට පත් වේවි. එමනිසා, අනිවාර්යෙන්ම යුද්ධයක් ඇති විය යුතුයි. දරුවන් වන ඔබ මේවා අමතක නොකළ යුතුයි. ඇත්තෙන්ම කලි යුගය දැන් ඇත්තේ අපායේ ගැඹුරු අගාධයේයි. මිනිසුන් එම ආගාධයට වැටී ඇත. ඉතින් එමනිසා විනාශය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. සත් යුගයේ තිබෙන්නේ එකම එක ධර්මයක් පමණයි. ඔවුන් උපත් 84ක චක්‍රය වටා ගමන් කළ අය විය හැකියි. මෙය ඉතාමත් පහසුයි. නමුත් ඒ ආගම් සියල්ලම අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. දැන් එකම ධර්මයේ ස්ථාපණය සත්‍ය වශයෙන්ම සිදු වෙනවා. සෑම කෙනෙක්ටම ගැලවීම ලබා දෙන්නා වන්නේ එකම එක පියා පමණයි. දරුවන් වන ඔබ පියාගේ උරුමය ලබා ගන්නවා. තමන් දැන් ඉගෙන ගන්නා ඉගැන්වීම්, අනාගත උපත් 21ක් සඳහාය යන වග දරුවන් වන ඔබ දන්නවා. පරමාත්ම දෙවියන් කියනවා මම ඔබට උගන්වා, උපත් 21ක් පුරාවට ස්වර්ගයේ පාලකයින් බවට පත් කරවමි. සුර්ය වාංශික හා චන්ද්‍ර වාංශික අධිරාජ්‍යයන් අනිවාර්යෙන්ම ස්ථාපණය වෙමින් පවතිනවා. ඔබ සෑම කෙනෙක්ම කුමන උත්සාහයක් දැරුවත් එම උත්සාහයේ තරමට ඔබට උසස් තත්ත්වයක් හිමි වනු ඇත. ශිව බාබා කියනවා මෙම මව හා පියා අනුගමනය කරන්න! සූක්‍ෂම කළාපයේ හා වයිකුන්ත් (පාරාදීසයේ) හිදිත් ඔවුන්ව පෙන්වා දී තිබෙනවා. ඔබම මෙය දැක ඇති, ඔබත් අධිරාජ්‍යයින් හා අධිරාජිණියන් බවට පත් වෙනවා. පාරාදීසයේ දර්ශන ඔබටත් ලැබෙනවා. ඔවුන් මෙය විශ්වාස කරනවා පමණක් නොවෙයි ඇත්තෙන්ම භාරතය පාරාදීසයක් වශයෙන් තිබුණා. එවිට එය ක්‍රිෂ්ණාගේ දේශය වශයෙන් පැවති අතර දැන් අදවන විට යක්ෂයින්ගේ දේශය බවට පත් වෙලා. හෙට දවස වන විට එය ක්‍රිෂ්ණාගේ දේශය බවට පත් වේවි. රාත්‍රිය ආලෝකය බවට පත් විය යුතුයි. කල්ප භාගයක් පුරා අසීමිත ආලෝකයකුත්, කල්ප භාගයක් පුරා අසීමිත රාත්‍රියකුත් පැවතුණා. මිනිස්සු දිගින් දිගටම අන්ධකාරයේම අතපත ගානවා. බ්‍රහ්මාගේ රාත්‍රිය බ්‍රහමිණ්වරුන් වන ඔබගේ රාත්‍රියයි. පසුව බ්‍රහමිණ්වරුන් වන ඔබ දේවතාවන් බවට පත් වෙනවා. සත් යුගයේ බ්‍රහමිණ්වරුන් කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. සිටින්නේ දේවතාවන් පමණයි. භාරතය පාරිශුද්ධ රජවරුන්ගේ දේශය (රාජස්ථාන්) බවත් පසුව එය අපිරිසිඳු රජවරුන්ගේ දේශය බවට පත් වුණු බවත් දරුවන් වන ඔබ දන්නවා. භාරතය සෑම විටම රජවරුන්ගේ දේශයක් වශයෙන් පැවතුණා. අධිරාජ්‍ය ඉදිරියට පැවතියා. අනිකුත් ආගම්වලට ආරම්භයේ සිටම අධිරාජ්‍යයක් තිබුණේ නැහැ. මෙම අධිරාජ්‍යය ස්ථාපණය කරන්නේ පියා පමණයි. මෙහි පැමිණ ඔබට රාජයෝගා උගන්වන්නේත් පියා පමණයි. ඔහු අශාරිරික දැනුමේ සාගරයයි, සතුටේ සාගරයයි. තමන් දැන් බාබාගෙන් උරුමයක් ලබා ගන්නා බව ඔබ දැන් දන්නවා. අනිවාර්යෙන්ම ඔබගේ උත්සාහයට තවත් කාලයක් අවශ්‍යයි. ඔබට අවශ්‍ය තරමින් උත්සාහය දරා, අවශ්‍ය තරමින් අන් අයටත් මාර්ගය පෙන්වා දීමේ කාර්යය ඔබට කළ හැකියි. පියා කියනවා මා සිහිපත් කරන්න. එවිට ඔබ අපිරිසිඳුතාවයේ සිට පාරිශුද්ධත්වයට පත්වනු ඇත. ඔබ පාරිශුද්ධ ලෝකයේ පාලකයන් බවට පත්වනු ඇත. එය ඉතාමත් පහසු කාර්යයක්! භෞතික දෙමව්පියන් දැනුමේ සිටිනවා නම්, ඔවුන් තමාගේ දරුවන් තමා සහ සම මට්ටමකට ගෙන ආ යුතුයි. දෙමාපියන් සෑහෙන ආදායමක් උපයනවා නම්, තම දරුවන්ටත් එයම කිරිම සඳහා ඔවුන්ව දිරිගැන්විය යුතුයි. ඇතැම් දරුවන් ඉතාමත් හොඳයි. ඒ අය කියනවා මම මෙම ආධ්‍යාත්මික දැනුම ලබාගෙන සෑම නිවසකටමත් එය හඳුන්වා දෙන්නම්. පියා කියනවා පණිවිඩකරු මමයි. මම ඔබට පණිවිඩය ලබාදෙනවා නිවස බලා පිටත්වන්න! අනිත් ආගමික නාකයින් කරන්නේ තම ධර්මය ස්ථාපණය කිරිම පමණයි. සෑම කෙනෙක්ම දැන් නිවස බලා පිටත් විය යුතුයි යන පණිවිඩය මම සෑම කෙනෙකුටම ලබා දෙනවා. මෙම ලෝකය තවදුරටත් ජීවත්වීමට තරම් සුදුසු ලෝකයක් නොවෙයි. මා සිහිපත් කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. ඔබ පාරිශුද්ධව සිටි අතර දැන් රාවණ් ඔබව අපිරිසිඳු කරවා ඇත. මම දැන් පැමිණ ඇත්තේ ඔබව පාරිශුද්ධත්වයට පත්කර වීමටයි. මේ බෝම්බ ආදි සෑම දෙයක්ම තවත් කෙටි කලකින් පිට වේවි. එවිට සෑම කෙනෙක්ම තේරුම් ගනිවී මේ අර පෙර සඳහන් කළ මහා භාරත යුද්ධයම වන බව. පරමාත්ම දෙවියන් අනිවාර්යෙන්ම පැමිණේවි. කොහොමනමුත්, ඔවුන් විශ්වාස කරන්නේ ගීතාවේ දෙවියන් ශ්‍රී ක්‍රිෂ්ණා වන බවයි. පටලැවිලි රාශියක් ඇති වෙලා! මෙම පටලැවිල්ල තිබුණේ නැත්නම් පියාගේ පැමිණීමක තිබෙන අවශ්‍යතාවය කුමක්ද? භක්ති මාර්ගය වංකගිරියක් වශයෙන් හඳුන්වනවා. පියා කියනවා මා සිහිපත් කිරිමෙන් වැරදි කිරිම ඔබ නවතා දමනු ඇත. මීට පෙර ඔබ තමන් ශරිරයක් වශයෙන් සැලකුවා. දැන් ඔබ තමන් ජීවයක් වශයෙන් සලකනවා. පියා පමණයි ඔබට අනතුරු අඟවන්නේ දරුවනි, ජීව අවධානයට පත් වන්න! මෙහි ඔබ පියා ඉදිරියේ අසුන්ගෙන සිටියි. අනෙකුත් මධ්‍යස්ථානවලදි ශිව බාබා කියා දුන් දේ සහෝදරියන් විසින් පැහැදිලි කර කියා දෙනවා. මෙතනදි පියා ඔබට සෘජුවම කියනවා මම මෙහි සිට ජීව වන ඔබට කතා කරනවා. බාබා දැන් මොහු මාර්ගයෙන් ඔබට උගන්වන බව දරුවන් ඔබ දන්නවා. මෙය ඉතාමත් කරුණාවන්ත වූ හමු වීමකුයි. පියා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න! අප අපගේ ස්වර්ගයේ උරුමය පියාගෙන් දිනා ගත යුුතුයි. පියා හා ස්වර්ගය සිහිපත් කරන්න. කිසිම ආකාරයක පාපකාරි ක්‍රියාවක් කරන්න එපා! පාපකාරි ක්‍රියා එකක් හෝ කළහොත් සිය දහස් ගණනකින් එය වර්ධනය වේවි. ඔබ ලවා පාපකාරි ක්‍රියා සිදුකරවන්නේ මායායි. ඔබ ඇයගෙන් ජය ගත යුතුයි. මහාවීර් (ධෛර්යවන්ත යුධ භටයා) කෙනෙක් වූ හනුමන්ගේ කතාවක් තිබෙන්නේ මෙන්න මේ නිසයි. ඔබත් හනුමාන් වරුන්ය. මහාවීරවරයින්ය. අපි දැන් අයිති බාබාටයි. මායාට අපව පරාජය කරන්න බැහැ. බාබාව සිහිපත් කිරිමෙන් ඔබ සතෝප්‍රධාන් වී පාප ක්‍රියා මැඩලන්නෙක් බවට පත්වනු ඇත. ඔබ මේ බවට පත් නොවුණහොත් ඔබ තමන්ගේම තත්ත්වය විනාශ කර ගන්නවා. හොඳ උත්සාහවන්ත දරුවන් තමන් ගැන අනුකම්පාවක් තබා ගෙන සිටිනවා. කුමක් සිදුවුවත් ඔවුන් ස්මරණ වන්දනාවේම නිරත වි සිටිනවා. ඔවුන් නොසෙල්වී, නිශ්චලව සිටිනවා. විනාශය සිදුවිය යුතුයි. සෑම කෙනෙක්ගේම පිය පාර්ශවයේත්, මව් පාර්ශවයේත් සිටිනා සෑම නෑදෑයෙක්මත් සෑම ගුරු කෙනෙක්මත් විනාශ වී යාවි. සත්ගුරු කියනවා මම ඔබව මා සමඟ නිවස වෙත ගෙන යන්නම්. මිනිස්සු සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේයි. ශිව බාබා අපව ආපසු ඔහු සමඟ ගෙන යන බව ඔබ දන්නවා. මිනිස්සු කියනවා මරණය ඔහුව විනාශ කර ඇත. කොහොමනමුත්, මම ඔබ සාමයේ දේශය වෙත ගෙන යමි. ජීවයක් ශරීරය අතහැර දමා පිටත්ව යනවා. මරණය පැමිණ එම ජීවය ගෙන යනවා නොවෙයි. ජීවය පිටත් විය යුතුයි. මම පැමිණ තිබෙන්නේ ඔබව ආපසු නිවහන වෙත ගෙන යාමටයි. බාබා පැමිණ ඇත්තේ ඔබව මරන්නද? නැහැ! ඔබ තමන්ගේ පරණ ශරිරය අතහැර දැමිය යුතුයි. ජීව වන ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුතුයි. දැන් මහාභුත පවා තමෝප්‍රධාන්ය. ශරීරය පවා හැඩගැසි තිබෙන්නේ අන්න ඒ නිසයි. එහිදි ඔබගේ ශරීරය ඉතාමත් ලස්සනට තිබෙනවා. මන්ද, ඒවා සෑදි තිබෙන්නේ පිරිසිඳු මහා භුත එක්වීමෙනි. පියා කියනවා මම නැවත වතාවක් දේවතා ධර්මය ස්ථාපනය කරවමි. ඔබ උපත් 84ක් ගත් අයයි. ඔබ තමන්ගේ ආගම අමතක කර දමා ඇත. වෙන කිසිම කෙනෙක් තමන්ගේ ආගම අමතක කරන්නේ නැහැ. ආදි සනාතන දේවි දේවතා ධර්මයට අයත්ව සිටි ඔබ දැන් මෙතරම් විනාශයට පත් වූයේ කෙසේද යන්න දැන් ඔබ දන්නවා. පරම පියා සෑම කල්පයකදිම මෙය ඔබට පැහැදිලි කර කියා දෙනවා. ඔබගේ උපත් 84 දැන් අවසානයක් කරා පැමිණෙන අතර විනාශය අත ලඟට පැමිණ ඇත. ස්වර්ගයේ පාලකයින් බවට පත්වීමට ඔබව සුදුස්සන් බවට පත්කරවා ගන්න. ස්මරණය මඟින් ඔබ ඒ තත්ත්වයට පත් විය යුතුයි. උදේ පාන්දරින්ම අවදි වී බාබාව සිහිපත් කරන්න. බාබා ඔබ පැමිණෙන්නේ කෙසේද යන්න මහත් පුදුමයක්! ඔවුන් ගීතාව තුළ ක්‍රිෂ්ණාගේ නම සඳහන් කර තිබෙනවා. නමුත් දැන් පියාම ඔබ ඉදිරියට පැමිණ කතාකරන බව ඔබට තේරෙනවා. අන් අය විසින් කියා දුන්න ඒ දේවල් අදාල වන්නේ භක්ති මාර්ගයටයි. දැන් ජීව වන අප ඔබව සොයාගෙන සිටිමු. ඔබ අපේ පියාය. ජීව පියා සොයා ගත් විට ඔවුන් ඉතාමත් ලොකු සෙනෙහසකින් පැමිණ ඔහුව මුණ ගැසෙනවා. දරුවන් ලොකු සෙනෙහසකින් පැමිණ ඔහුව මුණ ගැසෙනවා. දරුවන් ලොකු සෙනෙහසකින් පියාව හමු වෙනවා. මෙහිදි අශාරීරික පියා අදෘෂ්‍යමාන කෙනෙකි. අන්න ඒ නිසා තමයි බාබා සෑම විටම කියන්නේ මොහු මුණ ගැසුණු විට ශිව බාබාව සිහිපත් කරනා ගමන් ඔහුට කතා කරන්න. මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔබ අතරිනුත් මා ගැන දන්නා ඇතැම් අය මට අයිති අය බවට පත් වී පසුව මාව අමතක කර දමනවා. ඔවුන් ශරිර අවධානයට පත්වෙනවා. බාබා, මම දැන් ඔබට අයිතියි කියා පවා ඔවුන් පොරොන්දු වෙනවා. ගැහැණු වුණත් පිරිමි වුණත් සෑම ජීවයක්ම මෙය කියනවා. කොහොමනමුත්, ශරීර වල සිටිනා විට ඔවුන් ස්ත්‍රී ලිංගික හා පුරුෂ ලිංගික වචන භාවිතයට ගෙන තිබෙනවා මම දැන් ඔබට අයිතියි. බාබා, මම මගේ මුළු උරුමයම ඔබගෙන් දිනා ගන්නම්. මම සම්පූර්ණයෙන්ම ඔබව සිහිපත් කරන්නම්. ස්මරණය ඇරෙන්න වෙන කිසිවකින් ඔබගේ මළකඩ ඉවත් කරන්න බැහැ, තමෝප්‍රධාන් තත්ත්වයෙන් ඔබට සතෝප්‍රධාන් වන්න බැහැ. සත් යුගයේදි ඔබ උපත් 21ක් වෙනුවෙන්ම සතුට, සාමය හා සෞභාග්‍යයෙන් පිරි අචල, ශක්තිමත් අධිරාජ්‍යක් ලබනවා. ස්වර්ගයේ නිර්මාණකරු වන පියා අනිවාර්යෙන්ම ඔබට මෙම තමාගේ උරුමය ලබා දේවි. බ්‍රහ්ම ලෝකයෙනුත් එහා ජීවත් වන උත්තරිතර ජීවය වන උත්තරිතර පියා සොයා ගැනීමට අප වඩාත් සැලකිලිමත් වුණා යැයි ගැයෙනවා. ඔහු මෙහි පැමිණෙන්නේ එක් වතාවක් පමණයි. මේවාත් තේරුම් ගත යුතු කරුණුයි. ඇතැම් අයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පසුව යුද්ධය සිදුවන විට ඔවුන්ගේ ඇස් විවෘත වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් මේ නිර්මාණය වී ඇත්තේ දැනුමේ යාගයයි. එයත් සටනක්. කිසිම කෙනෙක් මෙම යාගය ගැන දන්නේ නැහැ. රුද්‍රාගේ දැනුමේ යාගය නිර්මාණය වී ඇත්තේ විනාශය වෙනුවෙනුයි. එම මිනිස්සු විනාශයක් සිදු නොවන්නටත්, ඒ වෙනුවට සාමය ඇති වන්නටත් යාග හෝම පවත්වනවා. මෙම යාගය (දැනුමේ) නැවත සිදුවීමට ඇත. විනාශයට පසුව සිදු වන්නේ කුමක්ද කියා ඒ මිනිස්සු දන්නේ නැහැ. දරුවන් වන ඔබ දැන් මුළු ලෝකයේම මුල, මැද හා අග ගැන දන්නවා. සෑම කෙනෙකුගේ අසීමිත ජීවිත කතාව ගැන ඔබ දන්නවා. උත්තරිතර ජීවය වන උත්තරිතර පියාගේ ජීවිත කතාව ඔබට කියා දීමට අපට පුළුවන් කියා කියන්නට හැකි වෙන කිසිම කෙනෙක් නැහැ. සෑම කෙනෙක්ම දෙවියන්ට කතා කරනවා. ඔවුන් සෑම විටම ඔහුව සිහිපත් කරනවා. ඔවුන් කියනවා අපට දෙවියන් මේ දරුවා ගෙනත් දුන්නා, අරක කළා, මේක කළා කියා. ඔහු ආපසු ගෙන ගියේ තමන්ට අයිති දේවල් පමණක්ය යන්න ඇතැම් අය තේරුම් ගන්නවා. ඥානවන්ත අය කිහිපදෙනෙක් සිටිනවා. නොයෙකුත් ආකාරයේ මිනිසුන් සිටිනවා. ඔබ දැන් පියාව සොයාගෙන සිටිනා නිසා ඔහු පමණක් සිහිපත් කරන්න. ඔබ ආදායමක් උපයා ගන්නේ ස්මරණය මාර්ගයෙන් පමණයි. පසුව ඔබ විශ්නුගේ දේශයේ පාලකයින් බවට පත්වනු ඇත. සත් යුගයේ සිට කලි යුගයේ අවසානය දක්වාම ඇති මුළු චක්‍රය ගැනම ඔබ දැන් දන්නවා. පියාගේ බුද්ධියේ සෑම දෙයක්ම තිබෙනා ආකාරයෙන්ම දැන් ඔබගේ බුද්ධිය තුළත් සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම පවතිනවා. දැනුමේ සාගරය, දැනුමෙන් පිරි කෙනා කියා ඔහුව හඳුන්වන්නේ අන්න ඒ නිසයි. ඔබ දැන් පියාගෙන් ඔබගේ උරුමය දිනා ගන්නවා. දරුවන් වන ඔබ නොසෙල්වී ස්ථාවරව සිටිය යුතුයි. විටින් විට මායා ඔබව සොලවන තත්ත්වයක් උදා නොවිය යුතුයි. නිදිකුම්බා පැළයක් වගේ තත්ත්වයට පත් නොවිය යුතුයි. පියාව සිහි නොකිරීමෙන් ඔබ මැලවෙනවා. පියාව සිහි කිරිම සඳහා ඔබ උත්සාහ දරණවා. ඔබගේ උත්සාහය අවසානයක් වෙත පැමිණ තිබෙනා බවක් දිස්වෙන දවසක් උදා වේවි, එය අවසානයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ආධ්‍යාත්මික ඉගෙනීම හොඳින් ඉගෙනගෙන සැබෑ ආදායමක් උපයා ගන්නා අතර අන් අයවත් එයම කිරිමට උනන්දු කරවන්න. නැවත නිවස බලා යාමේ පණිවිඩය සැමට ලබා දෙන්න. දැන් තවත් පාපී ක්‍රියාවන්හී නිරත වන්න එපා.

2. උදේ පාන්දරින් අවදී වී ඉතාමත් ලොකු සෙනෙහසකින් පියාව සිහිපත් කරන්න. ඉතාමත් කුඩා සාමාන්‍ය සිදුවීම් අරබයාත් නිදිකුම්බා පැළයක් වැනි තත්ත්වයට පත්වන්න එපා. ඔබගේ තත්ත්වය නොසෙල්වෙන හා නිශ්චල තත්ත්වයට පත් කර ගන්න.

වරදානය:
මෙම ඥානයේ ආලෝකයෙන් සහ බලයෙන් ඔබේ වාසනාව අවදි කර සාර්ථකත්වයේ නිරන්තර ප්‍රතිමූර්තියක් බවට ඔබ පත් වේවා.

මෙම ඥානයේ ආලෝකයෙන් සහ බලයෙන් ආරම්භය, මැද සහ අවසානය දැන ගනිමින් උත්සාහ කරන දරුවන් නිසැකවම සාර්ථකත්වය අත්කර ගනී. සාර්ථකත්වය අත්කර ගැනීම ද වාසනාවේ ලකුණකි. ඥානයෙන් පිරී සිටීම යනු ඔබේ වාසනාව අවදි කිරීමේ මාධ්‍යයයි. මන්ද, එය නිර්මාණකරු සහ නිර්මාණය පිළිබඳ දැනුම තිබීම පමණක් නොවේ, ඥානයෙන් පිරී සිටීම යනු ඔබේ සෑම සිතිවිල්ලකින්ම, වචනයකින් සහ ක්‍රියාවකින්ම මෙම ඥානයේ ප්‍රතිමූර්තියක් වීමයි. එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත්වනු ඇත. නිවැරදි උත්සාහයක් දරන අතරතුර පවා ඔබට සාර්ථකත්වය දැකිය නොහැකි නම්, එය ඔබේ අසාර්ථකත්වය නොව ඔබට වඩාත් පරිණත හා ශක්තිමත් වීමට මාර්ගයක් බව ඔබ තේරුම් ගත යුතුය.

පාඨය:
ඔබේ භෞතික ඉන්ද්‍රියන් ක්‍රියා කිරීමට සලස්වන අතරතුර නොබැඳිව සිටින්න, එවිට ඔබට පහසුවෙන් ඔබේ කර්මතීත් අවධිය අත්විඳිය හැකිය.

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

ඔබ යෝගාවේ අසුන්ගෙන සිටින විට, තත්පරයකින් අනෙක් සියල්ල ඒකාබද්ධ කිරීමට ඔබට බලය තිබිය යුතුය. සේවය පිළිබඳ සියලු සිතිවිලි ඒකාබද්ධ විය යුතුය. ඔබට එතරම් බලයක් තිබිය යුතු අතර, ඔබ "නවත්වන්න" යැයි පැවසූ විගසම සම්පූර්ණ නැවතුමක් තැබිය හැකිය. දුර්වල තිරිංගයක් නොව බලවත් තිරිංගයක් යෙදිය යුතුය. මෙය කිරීමට තත්පරයකට වඩා වැඩි කාලයක් ගත වේ නම්, එයින් අදහස් වන්නේ ඒකාබද්ධ වීමට ඔබේ බලය දුර්වල බවයි.