21.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සෑම දෙයක්ම අතුරින් ඉතාමත් මිහිරිම මිහිරි සැකරිනය බාබායි. එමනිසා, අන්
සියල්ල අත්හැර දමා එකම එක පියාව පමණක්ම සිහිපත් කරන්න, එවිට ඔබත් මිහිරි සැකරින බවට
පත් වේවි.
ප්‍රශ්නය:
පියාගෙන්
ශ්‍රීමත් ගනිමින් ඔබ තමාව පුරවා ගන්නේ කුමන සංස්කාරයෙන්ද?
පිළිතුර:
කිසිදු උපදේශකවරයෙකුගේ අවශ්‍යතාවකින් තොරව අනාගත අධිරාජ්‍යය පාලනය කිරීමේ
සංස්කාරයයි. ඔබ මෙහි පැමිණ සිටින්නේ ඔබගේම අනාගත අධිරාජ්‍යය පාලනය කිරිම සඳහා
ශ්‍රීමත් ලබා ගැනීමටයි. කල්ප බාගයකටම කිසිදු කෙනෙකුගෙන් ශ්‍රීමත් ගැනීමේ
අවශ්‍යතාවයක් ඔබට ඇති නොවන ආකාරයේ ශ්‍රීමත් බාබා ඔබට දෙනවා. උපදෙස් අවශ්‍ය වන්නේ
දුර්වල බුද්ධියක් ඇති අයටයි.
ගීතය:
ඔබමයි මව
ඔබමයි පියා ...
ඕම් ශාන්ති.
ඉතාමත් ආදරණීය
ආධ්‍යාත්මික දරුවන් ගීතයට ඇහුම් කන් දුන්නා. ඉතාමත් ආදරණීය. ආධ්‍යාත්මික දරුවනි
කියා කිව්වේ කවුද? අනිවාර්යයෙන්ම එය කියන්න ඇත්තේ ආධ්‍යාත්මික පියාම වෙන්න ඇති.
ඉතාමත් ආදරණීය ආධ්‍යාත්මික දරුවන් වන ඔබලා දැන් පියා ඉදිරියේ අසුන් ගෙන සිටින අතර
ඔහුත් ඉතාමත් ආදරෙන් ඔබලාට කරුණු පැහැදිලි කර කියා දෙනවා. ආධ්‍යාත්මික පියා හැරෙන්න
ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක්ට සියලු දෙනාටම සතුට හා සාමය දීමටවත් ඔවුන්ව දුකින්
මුදවා ගැනීමටවත් නොහැකි බව ඔබලා දැන් දන්නවා. මෙන්න මේ නිසා තමයි මිනිස්සු දුකක්
දැනුණු සෑම විටෙකම පියාව සිහිපත් කරන්නේ. දරුවන් වන ඔබලා දැන් පියා ඉදිරියේම අසුන්
ගෙන සිටිනවා. බාබා දැන් ඔබලාව සතුටු දේශයට යාමට සුදුසු අය බවට පත් කරවන බව ඔබලා
දන්නවා. ඔබලා දැන් පැමිණ සිටින්නේ තමාව අඛණ්ඩ සතුටක් ඇති දේශයක පාලකවරුන් බවට පත්
කරවනා පියා ඉදිරියටයි. ඔහු ඉදිරියේම හිඳ ඔහුට ඇහුම් කන් දීමත් දුර ඈත ඉදගෙන
ඇහුම්කන්දීමත් අතර ලොකු වෙනසක් ඇති බව ඔබලාට දැන් තේරෙනවා. ඔබලා ඔහු ඉදිරියටම එන්නේ
මධුබන්හිදීයි. මධුබන් යනු ඉතාමත් ප්‍රසිද්ධ තැනක්. ව්‍රන්දාවන්හි මධුබන් ක්‍රිෂ්ණාව
පෙන්වා තිබෙනවා. කොහොම නමුත්, ක්‍රිෂ්ණා දැන් මෙහි නැහැ. මෙහි දරුවන් වන ඔබලාව මුණ
ගැහෙන්නේ අශාරීරික පියායි. තමන් සෑම කෙනෙක්ම ජීවයය යන විශ්වාසය නිරන්තරයෙන් ඔබලා
තුළ තිබිය යුතුයි. ජීවය වන මම මගේ පියාගෙන් මට අයිති උරුමය දිනා ගන්නවා. මුළු
කල්පයෙන්ම මෙය කිරීමට ඇති එකම කාලය මෙයයි. කලාපයේ ඉතාමත් ලස්සනම සංගම යුගය මෙයයි.
එය හැඳින්වෙන්නේ ඉතාමත් උසස් යුගය කියලායි. සෑම මනුෂ්‍ය ජීවයක්ම උසස්ම උසස්
තත්ත්වයට පත් වන්නේ මෙම සංගම යුගයේ දීයි. සෑම මිනිසෙකුගේම ජීව දැන් තමෝප්‍රධාන් වී
සිටිනා අතර දැන් නැවතත් ඔවුන් සතෝප්‍රධාන් වෙමින් සිටිනවා. ජීව සතෝප්‍රධාන් වුණු
විට. මිනිස්සු ඉතාමත් උසස් අය වෙනවා. ජීව තමෝප්‍රධාන් වුණු විට මිනිස්සු දුෂිතයි.
ජීවයන්ගේ පියා මෙහි සිට දැන් ඔබට සියල්ල පහදා දෙනවා. මුළු චරිතයම රඟදක්වන්නේ
ජීවයයි. ශරීරය නොවෙයි. චරිතයක් රඟදැක්වෙන්නේ ජීවයත් ශරීරයත් දෙකම එකට එකතු වුණු
විටයි. ජීව වන ඔබලාගේ ආදිතම නිවස්නය වන්නේ සාමයේ දේශය වන අශාරීරික ලෝකයයි යන්න ඔබගේ
සිහියේ තිබෙනවා. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ වෙන
කෙනෙක්ට කියා දෙන්නත් ඔවුනට හැකියාවක් නැහැ. ඔබලාගේ බුද්ධියේ අඟුළු දැන් විවර වෙලා.
සැබවින්ම ජීව සිටින්නේ උත්තරීතර දනව්වේය යන්න ඔබලාට තේරෙනවා. එය අශාරීරික ලෝකයයි.
මෙය ශාරීරික ලෝකයයි. මෙහි ජීව වන අප සෑම කෙනෙක්ම නළුවන්ය. අපගේ චරිත රඟදැක්වීම සඳහා
පළමුවෙන්ම පැමිණි අය අපියි. පසුව අන් අය පිළිවෙලින් පහළට පැමිණෙනවා. සෑම නළුවෙකුටම
එකම වෙලාවට පහළට පැමිණෙන්න බැහැ. විවිධාකාරයේ නළුවන් දිගටම පැමිණෙනවා. සෑම කෙනෙක්ම
එන්නේ නාටකය අවසානයේදීයි. ජීව සෑම කෙනෙක්ම මුලින්ම සාම දේශයේ නේවාසිකයන් ලෙස සිටි
බවත් පසුව තම චරිතය රඟදැක්වීම සඳහා ඔවුන් පහළට පැමිණෙනවාය යන අවබෝධයත් දැන් ඔබලාට
ලැබී තිබෙනවා. පියා තම චරිතය රඟ දැක්වීම සඳහා සෑම විටම එන්නේ නැහැ. අපගේ චරිත
රඟදක්වනා ගමන් තමෝප්‍රධාන් වන්නේ අපියි. මුහුණට මුහුණ වාඩි වී බාබා කියනා දේට ඇහුම්
කන් දීමෙන් දරුවන් වන ඔබලා දැන් ලොකු සතුටක් විඳිනවා. මුරලියක් කියවීමෙන් එතරම්
වින්දනයක් ලබන්න බැහැ. මෙහිදී ඔබ සිටින්නේ ඔහු ඉදිරියේමයි. සත් යුගයේ ආදී සනාතන
දෙවි දේවතා ධර්මයට අයිති අය පළමුවෙන්ම එනවා. භාරතය දෙවි දේවතාවරුන්ගේ දේශයක් වශයෙන්
තිබුණු බව ඔබලා දන්නවා නමුත් දැන් ඒ තත්වය නැහැ. තවමත් එවන් පිළිම දක්නට ලැබෙන නිසා
එය අනිවාර්යයෙන්ම එසේ තිබෙන්න ඇති. පළමුවෙන්ම සිටියේ දේවතාවරුන්වන අපයි. ඔබට තමාගේ
චරිතය මතකයි නේද? නැතිනම් අමතක වෙනවා ද? පියා කියනවා. ඔබ ඒ චරිත රඟදැක් වූවා. නාටකය
මෙයයි. නව ලෝකය පසුව පරණ වෙනවා. මුලදීම ඉහළ සිට පහළට පැමිණෙන ජීව එන්නේ සත්
යුගයටයි. මේ සෑම දෙයක්ම දැන් ඔබගේ සිහියේ තිබෙනවා. සත් යුගයේ මුලදීම එම චරිත
රඟදැක්වීමට පැමිණියේ ඔබලායි. ඔබලා අධිරාජ්‍යවරුන් හා අධිරාජිනියන්, ලෝක පාලකවරුන්
වශයෙන් සිටියා. එය තිබුණේ ඔබලාගේ අධිරාජ්‍යය ලෙසයි. දැන් අධිරාජ්‍යයක් නැහැ. ඔබලා
දැන් අධිරාජ්‍යයක් පාලනය කරන්නේ කෙසේද යන්න ඉගෙන ගන්නවා. එහි උපදේශකවරුන් නැහැ.
එහිදී කිසිම කෙනෙකුට උපදෙස් දීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. ශ්‍රීමත් අනුගමනය
කර ඔබලා ඉතාමත් උසස් ජීව බවට පත් වන නිසා, කිසිම කෙනෙකුගෙන් උපදෙසක් ගැනීමේ
අවශ්‍යතාවයක් එහිදී නැහැ. කාගෙන් හෝ උපදෙස් ගැනීමට අවශ්‍ය නම්. ඉන් අදහස් වන්නේ
ඔබගේ බුද්ධිය දුර්වල බවයි. ඔබලා දැන් ගන්නා ශ්‍රීමත් සත් යුගයේ දීත් ඔබ වෙනුවෙන්ම
තිබෙනවා. ජීව වන ඔබලා දැන් නව පණක් ලබනවා. දරුවන් වන ඔබලා දැන් ජීව අවධානයට පත් විය
යුතුයි. සාම දේශයේ සිට ඔබලා පැමිණ සිටින්නේ කථන ලෝකයටයි. කථන තත්ත්වයට නොපැමිණ
ක්‍රියා කල නොහැකියි. මේ කරුණු තේරුම් ගත යුතුයි. පියා තුළ සම්පූර්ණ දැනුමම
තිබෙන්නාක් සේ ජීව වන ඔබලා තුළත් දැනුම තිබිය යුතුයි. ජීවය කියනවා: මම මගේ සංස්කාර
වලට අනුව එක් ශරීරයක් අතැර දමා තවත් ශරීරයක් ලබා ගන්නවා. අනිවාර්යෙන්ම
පුනරුත්පත්තියක් තිබෙනවා. ජීවයක් අනිවාර්යෙන්ම තමාට ලැබී ඇති චරිතය රඟදක්වමින්
දිගටම තම සංස්කාරයන්ට අනුව නැවත උපදිනවා. දවසින් දවසම ජීවයේ පාරිශුද්ධත්වයේ මට්ටම
පහළ බසිනවා. අපිරිසිඳු යන වචනය භාවිතයට පැමිණියේ තඹ යුගයෙන් පසුවයි. කොහොම නමුත්,
අනිවාර්යෙන්ම පොඩි වෙනසක් ඇති වෙනවා. අළුත්ම අළුත් ගොඩනැඟිල්ලක් හා එයම මාසයක්
පැරණි වුණු විට ඒ දෙක අතර වෙනසක් ඇති වෙනවා වගේ අනිවාර්යයෙන්ම වෙනසක් සිදු වෙනවා.
බාබා දැන් තමාට උරුමය දෙන බව ඔබලාට තේරෙනවා. පියා කියනවා. මා පැමිණ සිටින්නේ දරුවන්
වන ඔබලාට උරුමය ලබා දීමටයි. ඔබලා තත්වයක් ලබන්නේ දරණ උත්සාහයට අනුවයි. පියා කිසිම
කෙනෙක්ව වෙනස් කර සලකන්නේ නැහැ. තමන් ජීව වන ඔබලාට උගන්වනවාය කියා ඔහු දන්නවා. ජීව
වන ඔබ සෑම කෙනෙක්ම උත්සාහ දරන්නේ තම තමන්ම වෙනුවෙනුයි. ස්ත්‍රී පුරුෂ දැක්මක් මෙහි
නැහැ. දරුවන් වන ඔබ සෑම කෙනෙක්ම උරුමය දිනා ගත්තේ අසීමිත පියාගෙනුයි. ජීව වත ඔබ සෑම
කෙනෙක්ම සහෝදරයින් වන අතර පියා ඔබලාට උගන්වා ඔබට උරුමය ලබා දෙනවා. ආධ්‍යාත්මික
දරුවන් වන ඔබලාට කතා කර - ඔහෝ. මගේ ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන්
හමු වුණු දරුවනි. දීර්ඝ කාලයක් තිස්සේ තම චරිතය රඟ දක්වමින් පැමිණ දැන් ඔබලා මෙහි
පැමිණ මා මුණ ගැසී ඔබගේ උරුමය දිනා ගන්නවා - කියා කියන්නේ පියා පමණයි. මේකත්
නාටකයේම තීරණය වී ඇත්තක්. මුල පටන්ම චරිත කොටස තීරණය වී හමාරයි. නළුවන් වන ඔබලා තම
චරිත රඟ දක්වමින් දිගටම ඉදිරියට යනවා. ජීව අවිනාශී වන අතර අවිනාශී චරිතයක් ඔවුන්
තුළ පටිගත වී තිබෙනවා. ශරිර දිගටම වෙනස් වෙනවා. පිරිසිඳු ජීව අපිරිසිඳු වෙනවා. සත්
යුගයේ දී ඔවුන් පාරිශුද්ධයි. මෙය හැඳින්වෙන්නේ අපිරිසිඳු ලෝකය කියලයි. දැන් සතුටු
දේශයක් ස්ථාපනය වෙමින් යනවා. අන් සියලුම ජීව මුක්ති දේශයේ නැවතී සිටීවි. දැත්
අසීමිත නාටකය අවසානයකට පැමිණ තිබෙනවා. සියලුම ජීව මදුරුරෑනක් සේ නිවස බලා යාවි. මේ
අපිරිසිඳු ලෝකයට එන ජීවයක වටිනාකම කොමණ වේවිද? නව ලෝකයට පැමිණෙන ජීවයන්ගේ වටිනාකමක්
තිබෙනවා. ඒ නව ලෝකය දැන් පරණ වෙලා. දුකක් පිළිබඳව කිසිදු සඳහනක් නොමැති නව ලෝකයේ
සිටියේ දේවතාවරුනුයි. පියා පැමිණ ඔබව දුකින් පිරි පරණ ලෝකයෙන් මුදවා ගන්නවා. රැයට
පසුව දහවල උදා වී දහවලට පසු රැය ඇරඹෙන්නාක් සේ මෙම පැරණි ලෝකය අනිවාර්යෙන්ම වෙනස්
විය යුතුයි. තමන් අනිවාර්යෙන්ම සත් යුගයේ පාලකවරුන් බවට පත් වෙනවා කියා ඔබට
තේරෙනවා. ඉතින් ඒ නිසා තමන් ජීවයන්ය යන විශ්වාසයෙන් ඇයි පියාව සිහි නොකරන්නේ?
කිසියම් උත්සාහයක්දැරිය යුතුයි. අධිරාජ්‍යයක් දිනා ගැනීම පහසු දෙයක් නොවෙයි. ඔබ
පියාව සිහිපත් කල යුතුයි. මායා ඔබට නිතර නිතරම මෙය අමතක කර වීම මහා පුදුමයක්. මේකට
කුමන හෝ උපක්‍රමයක් සොයා ගත යුතුයි. මට අයිති වුණු පළියට ස්මරණය ස්ථාවර වන්නේ නැහැ.
ඉතින් ඔබලා දරණ උත්සාහය කුමක්ද? නැහැ. ජීවත්ව සිටිනා තාක් කල්. දිගටම උත්සාහ දරා
දැනුමේ අමෘතය පානය කල යුතුයි. මෙය තමාගේ අවසන් උපත බව ඔබලාටත් තේරෙනවා. තම ශරීරය
පිළිබඳ වූ අවධානය අතහැර දමා ජීව අවධානයට ලක් වන්න. තම ගෘහ ජීවිතයේම ජීවත් වෙමින්
අනිවාර්යයෙන්ම උත්සාහ දරන්න. තමා ජීවයක්ය යන ශ්‍රද්ධාව ඇතිව පියාව සිහි කරන්න.
ඔබමයි මව, ඔබමයි. පියා. ඒ සෑම ගුණ වර්ණනාවක්ම අයිති භක්ති මාර්ගයටයි. ඔබ කල යුත්තේ
ඇල්ෆා සිහි කිරීම පමණයි. සැකරිනය වන්නේ මා පමණයි. එමනිසා, ඔබ සෑම කෙනෙක්මත් සියල්ල
අතහැර දමා ඉතාමත් මිහිරි සැකරින් විය යුතුයි. ජීව වන ඔබලා දැන් තමෝප්‍රධාන් වෙලා.
ඉතින් එමනිසා ඔබලාව සතෝප්‍රධාන් කරවීමට නම්, මරණ වන්දනාවේ අසුන් ගන්න. සතුටේ උරුමය
පියාගෙත් දිනා ගන්න. සත්යුගයේ ඇත්තේ සතුටයි. පියා සතුටු දේශය ස්ථාපනය කරනවා. පියාව
සිහි කිරීම ඉතාමත් පහසුයි. නමුත් මායාගේ එදිරිවාදිකම් වල අඩුවක් නැහැ. එමනිසා. කෙසේ
හෝ උත්සාහ කර මා සිහිපත් කළොත් කහට මැකී යාවි. එක් තත්පරයකින් මුක්තිය ගැන
කියැවෙනවා. සෑම කෙනෙකුටම මෙම නාටකයේ තමාට අදාල චරිතය නැවත නැවතත් රඟ දැක්වීමට සිදු
වෙනවා. නාටකයේ ලොකුම චරිත ඇත්තේ අපටයි. ලොකුම සතුට විදින්නෙත් අපිමයි. පියා කියනවා:
ඔබගේ දේවතා ධර්මය ඔබට ලොකු සතුටක් ගෙන දෙන්නක්. අන් සෑම කෙනෙක්ම තම තමන්ගේ කර්ම
ගිණුම් අහවර කර දමා මුක්ති දේශයට යාවි. ඇයි තව තවත් දිගැස්සීම් වලට යන්නේ? පියා
පැමිණෙන්නේ සෑම කෙනෙක්වම ආපසු නිවස බලා ගෙන යාමටයි. ඔහු සෑම කෙනෙක්වම මදුරු රැනක්
සේ ගෙන යනවා. ශරීර විනාශ වී ගොස් අවිනාශී ජීව තම කර්ම ගිණුම් අවසන් කර දමා නිවස බලා
යනවා. ගින්දරට දැමීමෙන් ජීවයක් පිරිසිඳු වෙන්නේ නැහැ. යෝග අග්නි ස්වරූපයේ යෝගාවකින්
ජීවය පාරිශුද්ධ විය යුතුයි. යෝග අග්නිය මෙයයි. අග්නි ජාලාවක් මැදින් සීතා ගමන් කල
ආකාරය පෙන්වන නාටකයක් තිබෙනවා. ඒ අග්නි ජාලාව පසු කර යා යුත්තේ එක්කෙනෙක් පමණක්
නොවෙයි. පියා පැහැදිලි කර කියා දෙනවා: සීතාවරුන් වන ඔබ සෑම කෙනෙක්ම දැන් මේ කාලයේ
අපිරිසිඳුයි. ඔබලා සිටින්නේ රාවණ් රාජ්‍යයේයි. දැන් එකම එක පියාව පමණක් සිහි කරමින්
පාරිශුද්ධත්වයට පත් වන්න. සිටින්නේ එකම එක රාමා කෙනෙකුයි. අග්නි යන වචනය ඇසුණු විට
මිනිස්සු හිතන්නේ ඇය අග්නි ජාලාවක් මැදින් ගියා කියලයි. ඒ ගින්නත් මේ යෝගා ගින්නත්
අතර ලොකු වෙනසක් තිබෙනවා. උත්තරිතර ජීවය හා යෝග වීමෙන් අපිරිසිඳු ජීව පිරිසිඳු
වෙනවා. මෙහි දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. සෑම ජීවයක්ම සීතා කෙනෙක්. ඔවුන් සිටින්නේ
රාවණ්ගේ සිර කුටියේ. දුක් මඩුවේ. මෙහි ඇති සතුට කපුටෙකුගේ වර්චස් පිඩක් වගෙයි.
දිව්‍යලෝකයේ ලොකු සතුටක් තිබෙනවා. දරුවන් වන ඔබලා ඒ නිසා තම සාක්කු දැනුමේ මිණිමුතු
වලින් පුරවා ගත යුතුයි. කිසිදු ගැටළුවක් තබා ගන්න එපා. ඔබ ශාරීරික අවධානයට ලක් වුණු
විට, විවිධ ප්‍රශ්න රාශියක් පැන නඟිනවා. එවිට ඔබ බාබා කරන්න කියා කියන දේ කරන්නේ
නැහැ. ප්‍රධානම කාරණය නම් අපිරිසිඳු ඔබ දැන් පිරිසිඳු විය යුතුයි. දැන් වෙන කිසිම
සිතුවිල්ලක් අවශ්‍ය වන්නේ නැහැ. මෙය අපිරිසිඳු ලෝකය වන අතර එය පාරිශුද්ධ ලෝකයයි.
ප්‍රධානම කාරණය පාරිශුද්ධත්වයට පත් වීමයි. ඔබව පාරිශුද්ධත්වයට පත් කරවන්නේ කවුද
කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මිනිස්සු අපිරිසිඳුයි කියා ඔවුන්ට කිව්වොත් ඔවුන්
කලබල වේවි. ඒ කිසිම කෙනෙක් තමන් දූශිත අය කියා සලකන්නැහැ. සෑම කෙනෙක්ම ගෘහවැසියෙක්.
රාමා - සීතා. ලක්ෂ්මි - නාරායන් පවා ළමයි හැදුවා. ඔවුන්ට ළමුන් සිටියා. එය පාපයෙන්
තොර ලෝකයක්ය යන්න ඔවුන්ට අමතක වෙලා. ඒක ශිව අසපුවක්. පියා දිගටම ඔබට නොයෙකුත් මාර්ග
පෙන්වා දෙනවා. මොහු පියා, ගුරුවරයා, සේම විමුක්තිය කරා සැවොම ගෙන යන ගුරුද වෙනවා.
ලෝකයේ ගුරු කෙනෙක් මිය ගිය විට ඔහුගේ දරුවාට ඔහුගේ ආසනය පිළිගන්නවා. ඔහු ඔබව
විමුක්තියට ගෙන යන්නේ කෙසේද? සැමට මුක්තිය දානය කරන්නේ එකම එක කෙනායි. රාවණ්ගේ
රාජ්‍යයේ ඇත්තේ පරිහාණීය වන අතර රාමාගේ රාජ්‍යයේ ඇත්තේ විමුක්තියයි. පියා සෑම
කෙනෙක්වම පාරිශුද්ධ කරවා නිවහන වෙත ගෙන යනවා. පසුව කිසිම කෙනෙක් එකපාරට අපිරිසිඳු
වෙන්නේ නැහැ: සතෝප්‍රධාන් තත්වයේ සිට සතෝ, රජෝ, හා තමෝ මට්ටම් පසුකර ඔවුන් ටික ටික
පහළට පැමිණෙනවා. උපත් 84ක චක්‍රය ඔබගේ සිහියේ තිබෙනවා. ඔබලා දැන් ආලෝක කුළුණු
වගේයි. මෙම චක්‍රය ගැනත් එය කැරකෙන ආකාරය ගැනත් ඔබලා දැන් දන්නවා. දැන් දරුවන් වන
ඔබලා අන් සැමට මාර්ගය පෙන්විය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම හමුදාවක්. ඔබලා අන් අයට මඟ
පෙන්වනා නියමුවන්ය. සෑම කෙනෙක්ටම කියන්න: දැන් සාමයේ දේශයත් සතුටේ දේශයත් සිහිපත්
කර දුක්ඛිත දේශය වන කලි යුගය අමතක කර දමන්න. අපි ඔබට ඉතාමත් හොඳ මඟක් පෙන්වා දෙනවා.
පාරිශුද්ධකරුවන්නේ එකම එක අශාරීරික පියායි. ඔහු සිහි කිරීමෙන් ඔබ පාරිශුද්ධත්වයට
පත් වෙනවා. ජීව වන ඔබලා වටා බැඳී ඇති මළකඩ ඉවත් වෙනවා. දෙවියන් කතා කරයි:
මත්මනාභව්, ශිව දෙවියන් කතා කරයි: විනාශය සිදුවන මොහොතේ අනාරදයෙන් පිරි සිහියක්
ඇත්තෝ විනාශ වී යාවි, නමුත් විනාශය සිදු වන මොහොතේ දී උත්තරීතර ජීවය වන උත්තරිතර
පියා කෙරෙහි ශ්‍රද්ධාවන්තව සිටින්නා ජය ගනු ඇත. ඔබගේ සිහියේ වැඩි වැඩියෙන් සෙනෙහස
තිබුණු තරමට වඩාත් ඉහළ තත්ත්වයක් ඔබට දිනා ගත හැකි වනු ඇත. ශාරීරික අවධානයට ලක්
වීමෙන් ඔබට උසස් තත්ත්වයක් දිනා ගත හැකි වෙන්නේ නැත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමේ
මිණිමුතු වලින් තම සාක්කු පුරවා ගන්න. කිසිම ආකාරයක ගැටළුවක් තබා නොගන්න. හැකි
උපරිමයෙන් පියාව සිහි කිරීමට උත්සාහ දරා පාරිශුද්ධත්වයට පත් වන්න. ප්‍රශ්න වල
ව්‍යාප්තියට යන්න එපා.
2. එකම එක පියා
කෙරෙහි වූ සැබෑ සෙනෙහසින් පියා සේම මිහිරි සැකරින් බවට පත් වන්න.
වරදානය:
ඔබ
'ඥාන-සූර්යයා' ඉදිරියේ නිරන්තරව රැඳී සිටීමෙන් නිරන්තරයෙන් අභ්‍යන්තරගත වී, ඔබේ
ස්ව-ගෞරවය තුළ ස්ථාවරව සිටිත්වා.
පාඨය:
නිරන්තරයෙන්
'පියාසර කරන අවධියේ' සිටීම යනු ඕනෑම 'ජමේලා' (අවුල් සහගත තත්ත්වයන් හෝ බාධක) නම්
කන්දක් තරණය කිරීමයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
පවිත්‍රත්වය යනු
ශ්‍රේෂ්ඨත්වයයි. මෙය යෝගී ජීවිතයක පදනමයි. යමෙකු කෙරෙහි සුළු හෝ අපවිත්‍රත්වයේ
සලකුණක් තිබේ නම්, පාරිශුද්ධ වූ පියාගේ සැබෑ ස්වරූපයෙන් සහ තත්ත්වයෙන් සිහි කිරීමට
නොහැකි වනු ඇත. එබැවින්, ඔබේ මනසේ ඇති අපවිත්‍රත්වයේ ඕනෑම සලකුණක් අවසන් කර
සම්පූර්ණයෙන්ම පවිත්‍ර වන්න. නිරන්තරයෙන් මෙම සිහිය පවත්වා ගන්න: "මම මෙම ශරීරය නම්
දේවාලයෙහි වාසය කරන, වන්දනාවට සුදුසු ජීවාත්මයක්මි."