21.09.25    Avyakt Bapdada      Sinhala Murli     02.02.2007    Om Shanti    Madhuban


දේවමය ලැබීම් වලින් පිරිපුන් ජීවාත්මයක්, පූජනීයම, උසස්ම සහ ධනවත්ම කෙනෙකි.


අද දින, ලෝක පරිවර්ථක බාප්දාදා, ඔහුගේ සහකාර දරුවන්ව හමුවීමට ඇවිත්. සෑම දරුවෙකුගේම නළලේ ඔහු විශේෂ ලැබීම් තුනක් දකිනවා - පූජනීයම, උසස්ම සහ ධනවත්ම. මෙම දැනුමේ පදනම වන්නේ පූජනීය වීමයි, එනම්, පිවිතුරු වීමයි. එබැවින් සෑම දරුවෙක්ම වඩාත්ම පූජනීයයි; පාරිශුද්ධත්වය යනු බඹසර රැකීම පමණක් නොවෙයි, නමුත් සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සබදතාවන්හි පිවිතුරු බවය. ටිකක් බලන්න, ඔය දේවමය බ්‍රහ්මින් ජීවාත්ම තුන් කාලයේදීම පූජනීයම අයයි - ආරම්භයේ, මැදදී සහ අවසානයේ. ප්‍රථමයෙන්, ජීවාත්ම පරමදාමයේ වාසය කරන විට, එහිදි පූජනීයම අය, ඔබයි. ඉන්පසුව ඔබ ආරම්භයේ පහළට පැමිණි විට දේවතා ස්වරූපයෙන් පූජනීයම ජීවාත්ම ඔබයි. පූජනීයම ජීවාත්මයකගේ, එනම්, පිවිතුරු ජීවාත්මයකගේ විශේෂත්වය වන්නේ, පවුලක් සමග වාසය කරන අතර සම්පූර්ණයෙන් පිවිතුරුව රැදී සිටීමයි. වෙන අයත් පිවිතුරු වෙයි, නමුත් ඔබගේ පාරිශුද්ධත්වයේ විශේෂත්වය වන්නේ, ඔබගේ සිහිනෙන් වත් අපවිත්‍රතාවය ඔබගේ මනස හෝ බුද්ධිය ස්පර්ෂ නොකිරීමයි. ස්වර්ණමය යුගයේ ඔය ජීවාත්ම පිවිතුරු වන අතර ඔබගේ ශරීරත් පිවිතුරුයි. දේවතා ජීවාත්මයන්ගේ ජීවාත්මය සහ ශරීර යන දෙකම පිවිතුරු වීම ශ්‍රේෂ්ඨයි. ඔබ පූජනීයම අය වන සේම, ඔබ උසස්ම අයත් වෙයි. සියලුම බ්‍රහ්මින් ජීවාත්ම අතරින් උසස්ම වන්නේ ඔබ වන අතර ඔබ උසස්ම-උසස් පියාගේ දරුවන් වී ඇත. ආරම්භයේදි, පරම දනව්වේ, උසස්ම උසස් වන්නේ ඔබයි, එනම්, ඔබ වාසය කරන්නේ පරම පියා සමගයි. මැදදි පවා ඔබ වන්දනීය ජීවාත්ම බවට පත් වනවා. ඔබ වෙනුවෙන් බොහෝ අලංකාර දේවාල ගොඩනැගෙන අතර නිවැරදි අන්දමට බොහෝ විනයානුකූලව ඔබව වන්දනා කෙරෙනවා. ඔය දේවතාවන්ට දේවාල වල නිවැරදි ආකාරයට වන්දනා මාන සිදු කරනවා. ඒ අන්දමින්ම වෙනත් අයටත් දේවාල තැනෙන නමුත් නිවැරදි අන්දමට වන්දනා කෙරෙන්නේ ඔය දේවතා ස්වරූප වලට පමණයි. එබැවින් ඔබ පූජනීයම අය මෙන්ම උසස්ම අයයි. එයට අමතරව ධනවත්ම අයත් ඔබයි. ලෝකයේ මෙවන් කියමනක් තිබේ, “ලෝකයෙන්ම ධනවත්”, නමුත් කල්පයේ ධනවත්ම අය ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. කල්පය පුරාම ධනවත්ම අය ඔබලාය. ඔබගේ සම්පත් ඔබට මතකද? ඔබ කොපමණ සම්පත් වල පාලකයන්ද? මෙම එක උපතෙදි ඔබට ලැබෙන අවිනාශී සම්පත් බොහෝ උපත් ගණනාවක් පවති. වෙනත් කිසිවෙකුගේ සම්පත් බොහෝ උපත් ගණනාවක් පවතින්නේ නැහැ. කෙසේවෙතත්, ඔබගේ සම්පත් ආධ්‍යාත්මිකයි. බලයන්ගේ සම්පත්, දැනුමේ සම්පත, ගුණධර්ම වල සම්පත්, ශ්‍රේෂ්ඨ සිතිවිලි සම්පත සහ වත්මන් කාලයේ සම්පත: මේ සියලුම සම්පත් උපතින් උපතට නොනැසි පවතියි. එක් උපතකදි ඔබට ලැබෙන සම්පත්, ඔබ සමග යයි, මන්ද, ඔබට ඒවා හිමි වන්නේ සියලු සම්පත් පිරිනමන්නා වන පරමාත්ම දෙවි පියාණන්ගෙන් නිසා. එසේ නම් ඔබගේ සම්පත් අවිනාශී, යන කුල්මත් බව ඔබට තිබෙනවාද?

ඔබ සහජ යෝගීවරු වී ඇත්තේ මෙම ආධ්‍යාත්මික සම්පත් ලබා ගැනීමටයි. සිහි කිරීමේ බලයෙන් ඔබ මෙම සම්පත් රැස් කර ගනියි. එමෙන්ම ඔබ මෙකල, සියලු සම්පත් වලින් පිරිපුන් සැහැල්ලු අධිරාජවරුන්ය. ඔබට කිසිම කණස්සල්ලක් තිබෙනවාද? තිබෙනවාද? මෙම සම්පත් සොරෙකුට සොරා ගත නොහැක, කිසිම රජෙකුට ඒවා ගිල දැමිය නොහැක (ගත නොහැක), එමෙන්ම ජලයට ඒවා ගිල්විය නොහැක, මේ නිසයි ඔබ සැහැල්ලු අධිරාජවරු වන්නේ. එබැවින් මෙම සම්පත් ඔබගේ අවධානයේ නිරන්තරයෙන් තිබෙයි, එහෙම නේද? ඉතිං, සිහි කිරීම පහසු වන්නේ ඇයි? ඔබට වඩාත් වැඩි සිහි කිරීම තිබීමට පදනම වන්නේ ඔබගේ සම්බන්ධතාවය සහ ලැබීමයි. සබැදියාව වඩාත් ආදරණීය වන තරමට, ඔබගේ සිහි කිරීම වඩාත් ස්වාභාවික වෙයි, මන්ද, සම්බන්ධතාවයකදි සෙනෙහස තිබේ. සෙනෙහස ඇති තැන ඔබ සෙනෙහස පාන කෙනාව සිහි කිරීම අපහසු නැත; ඇත්ත වශයෙන් එම කෙනාව අමතක කිරීම අපහසුයි. එබැවින් පරම පියා සියලු සබදතා වෙනුවෙන් පදනම නිර්මාණය කර තිබේ. ඔබ සහජ යෝගීවරු බව ඔබ සියලු දෙනාම අත්දකිනවාද? එසේ නැත්නම් ඔබ, එය අපහසු බව අත්දකින යෝගීවරුන්ද? එය පහසුද? එසේ නැත්නම් එය විටෙක පහසු වන අතර විටෙක අපහසුද? ඔබ සම්බන්ධතාවයකින් සහ සෙනෙහසින් පරම පියාව සිහි කරන විට, සිහි කිරීම අපහසු නැත. තවද, ලැබීම් ද සිහි කරන්න. සියලු ලැබීම් පිරිනමන්නා, ඔබට සියලු ලැබීම් ලබා දී ඇත. එබැවින්, තමන් සියලු සම්පත් වලින් පිරිපුන් බව ඔබ අත්විදිනවාද? සම්පත් එක්රැස් කර ගැනීමේ පහසු අන්දමත් බාප්දාදා ඔබට පවසා තිබේ. සියලුම අවිනාශී සම්පත් ලබා ගැනීමේ ක්‍රමය වන්නේ තිතකි. බිංදුවක් එකතු කිරීමෙන් විනාශ වන සම්පත් වැඩි වන සේම, මෙම අවිනාශි සම්පත් එක්රැස් කරගැනීමේ ක්‍රමය වන්නෙත් තිතකි. තිත් තුන තිබේ. ජීවාත්මයක් තිතකි, පරම පියා තිතකි, එමෙන්ම නාටකයේ සිදුවන කුමක් වුනත් නැවතීමේ තිතකි, එනම්, තිතකි. එබැවින් ඔබ තිතක් තබන්නේ කෙසේද කියා දන්නවාද? තැබිය හැකි පහසුම විරාම ලකුණ කුමක්ද? තිතක් තැබීමය. එබැවින් සෑම ජීවාත්මයක්ම තිතකි, පරම පියා තිතකි සහ මෙම අවධානය තිබීමෙන් ඔබගේ සම්පත් ඉබේටම එක්රැස් වෙයි. තත්පරයකදි තිත සිහි කිරීමෙන්, ඔබට බොහෝ සතුට ලැබෙයි. මේ සියලු සම්පත් ඔබගේ බ්‍රහ්මින් දිවියේ අයිතිවාසිකම්ය, මන්ද, දරුවෙක් වීම යනු අයිතිවාසිකමක් තිබීමයි, එමෙන්ම ඔබට සම්බන්ධතා තුනට විශේෂ අයිතිවාසිකමක් තිබේ. ඔබ පරමාත්ම දෙවියන්ව ඔබගේ පියා, ඔබගේ ගුරුවරයා සහ ඔබගේ සත්ගුරු බවටද පත් කළා. මෙම සම්බන්ධතා තුන තිබීමෙන්, ඔබට පෝෂණය, ඔබගේ ආදායම් මාර්ගය වන මෙම ඉගෙනුම සහ සත්ගුරූගෙන් ආශිර්වාද ලැබෙයි. ඔබට ඉතා පහසුවෙන් ආශිර්වාද ලැබෙයි. පියාගෙන් ආශිර්වාද ලැබීම ඔය දරුවන්ගේ අයිතිවාසිකමක්.

බාප්දාදා සෑම දරුවෙකුගේම එක්රැස් කරගැනීමේ ගිණුම පරීක්ෂා කර බලනවා. ඔබ සියලු දෙනා සෑම මොහොතකදීම ඔබගේ රැස් කිරීමේ ගිණුම පරීක්ෂා කිරීම සිදු කළ යුතුයි. ඔබ යමක් රැස් කළේද, නැද්ද කියා පරීක්ෂා කරන අන්දම වන්නේ: ඔබ කුමන ක්‍රියාවක් සිදු කළත්, ඔබම තෘප්තිමත් වන අතර ඔබ මෙම ක්‍රියා සිදු කළේ කා සමග වුවත්, ඔවුන්ද තෘප්තිමත් විය යුතුයි. දෙදෙනා තුළම තෘප්තිය ඇත්නම්, ඔබගේ ගිණුමේ ඔබ යමක් රැස් කළ බව ඔබට වටහාගත හැක. ඔබ තුළ තෘප්තිය නොමැති නම් සහ ඔබ සමග එම ක්‍රියාව සිදු කළ කෙනා තුළ තෘප්තියක් නොමැති නම්, ඔබ කිසිවක් රැස් කරගෙන නොමැත.

එමෙන්ම බාප්දාදා නොකඩවාම ඔය සියලුම දරුවන්ට කාලය පිළිබදවත් අනතුරු අගවයි. මෙම වර්ථමාන සංගම යුග කාලය, මුළු කල්පයෙන්ම වඩාත්ම ශ්‍රේෂ්ඨ කාලයයි, මන්ද, ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්හි බීජ, පැළ කිරීමට ඇති කාලය, මෙම සංගම යුගයයි. එය ප්‍රායෝගික ක්ෂණික ඵලය ලබා ගැනීමේ කාලයයි. සංගම යුගයේ සෑම තත්පරයක්ම සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. ඔබ සියලු දෙනාටම තත්පරයකදි අශාරීරික මනෝ ස්ථිතියේ ස්ථාවර විය හැකිද? බාප්දාදා ඔබට පහසු ක්‍රමවේදයක් කියා දී ඇත; නිරන්තර සිහිපත් කිරීමේ ක්‍රමවේදය භාවිතා කරන්න. ඔබ සියලු දෙනා දවස පුරා වදන් දෙකක් කියන අතර ඔබ බොහෝ වාර ගණනාවක් එම වචන දෙක කියයි. එම වදන් දෙක වන්නේ “මම” සහ “මගේ”. ඔබ “මම” යන වචනය කියන විට, පරම පියා ඔබට “මම ජීවාත්මයක්මි” යන හැදින්වීම ලබා දී ඇත. එබැවින් ඔබ “මම” යන වචනය කියන ඕනෑම විටෙක, “මම ජීවාත්මයක්” බව සිහි කරන්න. “මම’ පමණක් සිහි නොකරන්න. මෙයට අමතරව “මම ජීවාත්මයක්” කියා සිතන්න, මන්ද, ඔබ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් බව, දේවමය පෝෂණය ඇති ජීවාත්මයක් බව සිතන්න. ඉන්පසුව ඔබ “මගේ” යන වචනය කියන විට, “මගේ” වන්නේ කවුද? “මගේ බාබා” එනම්, පරමාත්ම දෙවි පියාණන්. එබැවින් ඔබ “මම” සහ “මගේ” යන වදන් කියන ඕනෑම විටෙක, එයට මෙම එකතු කිරීමත් කරන්න, “ජීවාත්මය වන මම” සහ “මගේ බාබා”. ඔබ “මගේ” යන අවධානයට, පරමාත්ම පියාව වැඩියෙන් ගෙන එන තරමට, ඔබගේ සිහිපත් කිරීම වඩාත් පහසු වෙයි, මන්ද, තමන්ගේ වන කිසිම දෙයක් ඔබට කිසි විටෙක අමතක වන්නේ නැහැ. දවස පුරාම, ඔබ සිහි කරන්නේ ඔබට අයිති දේ පමණයි. මෙම ක්‍රමවේදය භාවිතා කිරීමෙන් ඔබට පහසුවෙන් නිරන්තර යෝගීවරු විය හැක. බාප්දාදා සෑම දරුවෙක්වම ස්ව-අභිමන් ආසනයේ ඉදුවා ඇත. ස්ව-අභිමානයේ ලැයිස්තුව, ඔබ තම අවධානයට ගෙන එන්නේ නම්, එය ඉතා දිග ලැයිස්තුවකි. ඔබගේ ආත්ම අභිමානයේ ඔබ ස්ථාවරව සිටින විට, ශරීර අවධානය තිබිය නොහැක. තිබිය හැක්කේ ශරීර අවධානය හෝ ආත්ම අභිමානයයි. ආත්ම අභිමානයේ අරුත පැමිණෙන්නේ, උසස් අවධානය යන ස්ථානයේ සිටයි, එනම්, ජීවාත්මයේ සිටය. එබැවින් ඔබ සියලු දෙනාම ඔබගේ ස්ව-අභිමානයේ ස්ථාවරයිද? ඔබගේ ස්ව-අභිමානයේ ඔබ වැඩියෙන් ස්ථාවර වන තරමට, අන් අයට ගෞරවය ලබා දීම වඩාත් ස්වාභාවික වෙයි. තමන්ගේ ස්ව-අභිමානයේ රැදී සිටීම ඉතාම පහසුයි.

ඔබ සියලු දෙනා සතුටින් සිටිනවාද? තමන්ම සතුටින් සිටින අය, අන් අයවත් සතුටට පත් කරවයි. බාප්දාදා සෑම විටම පවසන්නේ : දවස පුරා ඔබගේ සතුට කිසි විටෙක අහිමි කර නොගන්න. ඇයි? සතුට කෙබදුද යත්, එම සතුට තුළ නිරෝගිකම තිබේ, ධනය තිබේ, එමෙන්ම ඔබට සතුටත් තිබේ. සතුට නොමැති නම් ජීවිතයේ මිහිරියාවක් නොමැත. මෙවන් කියමනක් තිබෙන්නේ සතුට ගැනයි; “සතුට තරම් සම්පතක් නොමැත.” ඔබට කෙතරම් සම්පත් තිබුණත්, ඔබට සතුට නොමැති නම්, එම සම්පත් වලින් ඔබට කිසි දෙයක් ලබා ගත නොහැක. මෙසේ කියන්නේ සතුට ගැනයි; “සතුට මෙන් පෝෂණයක් නැත.” එබැවින් ධනය සතුටයි (කුෂී), නිරෝගිකම සතුටයි, එමෙන්ම ඔබගේ නාමය සතුටය, එබැවින් ඔබ කොහොමත් සිටින්නේ සතුටින්ය. එබැවින් සතුට තුළ මෙම කාරණා තුනම තිබේ. පරම පියා ඔබට අවිනාශී සතුටේ සම්පත ලබා දී ඇත. පියාගේ සම්පත් අහිමි කර නොගන්න. එසේ නම්, ඔබ නිරතුරුව සතුටින් සිටිනවාද?

ඔබට සතුටින් සිටීමට සහ සතුට බෙදා ගැනීමට බාප්දාදා ඔබට ගෙදරවැඩ දී තිබේ, මන්ද, සතුට කෙබදු වන්නේද යත්, ඔබ එය වැඩියෙන් බෙදා ගන්න තරමට එය තවත් වැඩි වෙයි. ඔබ මෙය අත්විද තිබෙනවාද? ඔබ මෙය අත්දැක තිබෙනවා නේද? ඔබ මෙය අත්දැක තිබෙනවාද? ඔබ සතුට බෙදා ගන්නේ නම්, ඔබ එය බෙදා දෙන විට, එය තමන් තුළ වැඩි වෙයි. ඔබ කෙනෙක්ව සතුටු කරන විට, ඔබද සතුටට පත් වනවා. ඉතිං ඔබ සියලු දෙනාම ඔබගේ ගෙදරවැඩ කර තිබෙනවා නේද? එය කළාද? එය කළ අය අත් ඔසවන්න! එය සිදුකළ අය - සතුටින් රැදී සිටිමින්, නිදහසට කාරණා සහ හේතු නොදී, ඒ වෙනුවට විසදුම් වල ප්‍රතිමූර්ති වූ අය - අත් ඔසවන්න! දැන් “මෙය සිදු වුණා” කියා ඔබ කියන්නේ නැහැ නේද? සමහර දරුවන් ඔවුන්ගේ ප්‍රතිඵලය කියා බාප්දාදාට ලිපි එවා තිබෙනවා, කොපමණ ප්‍රතිශතයකට ඔවුන් හොදින් සිටියාද කියා. ඔබගේ අරමුණ ඔබ තබා ගන්නේ නම්, ඔබ ඉබේටම අරමුණට සුදුසුකම් වර්ධනය කරගනියි. අච්චා.

ද්විත්ව විදේශිකයන්: ද්විත්ව විදේශිකයන්, ඔබට ඔබගේ ආදිතම විදෙස් ස්ථානය අමතක වන්නේ නැහැ නේද? ඔබ මුලින්ම පැමිණියේ කොහේ සිටද? ඔබට එය මතකයි නේද? සියලු දෙනාම ඔබව ද්විත්ව විදේශිකයන් ලෙස හදුන්වන්නේ ඒ නිසයි. ඔබ නිකම්ම විදේශිකයන් නොවෙයි, නමුත් ද්විත්ව විදේශිකයන්ය. එබැවින් බොහෝ විට ඔබගේ මිහිරි නිවහන ඔබට කිසිදා අමතක නොවනවා විය හැක. ඉතිං ඔබ වාසය කරන්නේ කොහේද? ඔබ අසුන්ගෙන සිටින්නේ බාප්දාදාගේ හදවත් සිහසුනේ නේද? බාප්දාදා පවසන්නේ : ඕනෑම විශාල හෝ කුඩා ගැටළුවක් පැමිණි විට, එය ගැටළුවක් නොවෙයි, නමුත් ඔබව දියුණු කිරීමට ප්‍රශ්න පත්‍රයකි. ඉතිං බාප්දාදාගේ හදවත් සිහසුන ඔබගේ අයිතිවාසිකමක්. හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින්න, එවිට ගැටළුව, සෙල්ලම් භාණ්ඩයක් වෙයි. එවිට ඔබ ගැටළුවට බිය නොවන අතර එය ක්‍රීඩා භාණ්ඩයක් නිසා එය සමග ක්‍රීඩා කරයි. ඔබ සියලු දෙනාම පියාසර ස්ථිතියක් තිබෙන අය නේද? ඔබට පියාසර ස්ථිතිය තිබෙනවාද? එසේ නැත්නම් ඔබ ඇවිදගෙන යන අයද? ඔබ පියාසර කරන අයද, ඇවිදින අයද? පියාසර කරන අය අත් ඔසවන්න! පියාසර කරන අය. ඔබ අත් ඔසවන්නේ භාගෙට. ඔබ පියාසර කරන අයද? අච්චා. විටෙක පියාසර කිරීම ඔබ නතර කරනවාද? එය මෙසේ නොවිය යුතුයි: “මා ගමන් කරමින් සිටිනවා.” සමහරු බාප්දාදාට මෙසේ කියයි, “බාබා අපි ඉතා හොදින් ගමන් කරමින් සිටිනවා.” එබැවින් බාප්දාදා විමසන්නේ: “ඔබ ඇවිදිනවාද, පියාසර කරනවාද?” එය දැන් ඇවිදීමට කාලය නොවෙයි; එය දැන් පියාසර කිරීමේ කාලයයි. ඔබ සියලු දෙනාටම උනන්දුව, උද්යෝගය සහ එඩිතරකමේ පියාපත් තිබේ. එබැවින් ඔබගේ පියාපත් වලින් ඔබ පියාසර කළ යුතුයි. ඒ නිසා දිනපතාම පරීක්ෂා කර බලන්න: මා පියාසර ස්ථිතියේ පියාසර කරනවාද? එය හොදයි. විදෙස් රටවල මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි වන බව බාප්දාදා ප්‍රතිඵලයේ දැක තිබෙන අතර ඒවා වැඩි විය යුතුයි. ඔබ ද්විත්ව විදේශිකයන් වන සේම දැන් ඔබගේ මනසින් මෙන්ම වදන් වලින්ද දෙගුණයක සේවය සිදු කරන්න. සියලුම ජීවාත්මයන්ට ආධ්‍යාත්මික ආකල්පයක් ඇති කිරීමට ඔබගේ මනසේ බලය භාවිතා කරන්න. වාතාවරණයක් නිර්මාණය කරන්න. දුක වැඩි වන අන්දම දැක ඔබට අනුකම්පාවක් නොදැනෙයිද? ඔබගේ අජීවී ප්‍රතිමා ඉදිරියේ මිනිසුන් කන්නලව් කරමින් සිටිනවා. “අපට අනුකම්පා කරන්න! අපට අනුකම්පා කරන්න!” දැන් සානුකම්පිත සහ කරුණාබරිත වන්න. තමන්ට මෙන්ම ජීවාත්මයන්ටත් අනුකම්පා කරන්න. ඔබ සෑම වාරයකම, සෑම ඍතුවකම පැමිණීම හොදයි. සියලු දෙනාටම මෙම සතුට තිබෙනවා. එබැවින් නොකඩවා පියාසර කර, අන් අයවත් පියාසර කරවන්න. එය හොදයි. ඔබ තමන්ව පරිවර්ථනය කිරීම අතින් දැන් වේගයෙන් යන බව, බාප්දාදා ප්‍රතිඵලයේ දැක තිබෙනවා. එබැවින් ස්ව-පරිවර්ථනයේ වේගය, ලෝක පරිවර්ථනයේ වේගය වැඩි කරයි. අච්චා.

ප්‍රථම වතාවට පැමිණි අය සිටගන්න! ඔබගේ බ්‍රහ්මින් උපත වෙනුවෙන් ඔබ සියලු දෙනාටම සුබ පැතුම්! අච්චා. ඔබට කොහොමත් තෝලි ලැබෙයි, නමුත් බාප්දාදා ඔබට දිල්කුෂ් තෝලි (සතුටු හදවත්) කවනවා. ප්‍රථම වතාවට මධුබන් පැමිණීම වෙනුවෙන්, සෑම විටම මෙම දිල්කුෂ් තෝලි මතකයේ තබා ගන්න. එම තෝලිය ඔබ මුව තුළට දැමූ සැනින් අවසන් වෙයි, නමුත් මෙම අවිනාශී දිල්කුෂ් තෝලිය ඔබ සමග සෑම කල්හිම රැදී තිබෙයි. ඔබව සාදරයෙන් පිළිගන්නවා! බාප්දාදා මෙන්ම මේ දේශයේ සහ විදෙස් රටවල මුළු පවුලම ඔබව, අපගේ සහෝදරයන් සහ සහෝදරියන්ව දැක ගැනීමට සතුටු වනවා. සියලු දෙනාම නරඹනවා. අමරිකාවේ අය නරඹනවා. අප්‍රිකාවේ, රුසියාවේ සහ ලන්ඩන් නුවර අයත් ඔබ සියලු දෙනාව නරඹනවා. මහද්වීප පහේම අය ඔබව නරඹනවා. එබැවින් එහි අසුන්ගෙන සිටින අතර ඔබගේ උපන් දිනය දවසේ සියලු දෙනාම ඔබට සුබ පතනවා. අච්චා.

ඔබට බාප්දාදාගේ ආධ්‍යාත්මික අභ්‍යාසය මතකද? (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය). දැන් බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම, පැරණි හෝ අළුත්, කුඩා හෝ ජ්‍යෙෂ්ඨ - ඇත්ත වශයෙන් කුඩා අයට විගසින් පරම පියා මෙන් විය හැක - ඉතිං දැන් ඔබගේ මනස, තත්පරයකදි, ඔබට අවශ්‍ය ඕනෑම විටෙක ස්ථාවර සහ ඒකාග්‍ර විය යුතුයි. නිරන්තරයෙන් අඛණ්ඩව මෙම ඒකාග්‍රතාවයේ අභ්‍යාසය සිදු කරන්න. දැන් තත්පරයකදි ඔබගේ මනසේ පාලකයෙක් වී, මෙම අවධානය තුළ ස්ථාවර වන්න, “මා සහ මගේ බාබා මගේ ලෝකයයි, එසේම වෙනත් කිසිවෙක් නොමැත.” අච්චා.

සෑම තැනකම සිටින සියලුම තීව්‍ර උත්සාහ දරන දරුවන්ට, උනන්දුව සහ උද්යෝගයේ පියාපත් සමග පියාසර ස්ථිතියේ අත්දැකීමේ ප්‍රතිමූර්ති වන දරුවන්ට, තම ස්ව-අභිමන් ආසනයේ නිරන්තරයෙන් අසුන්ගෙන සිටින දරුවන්ට, ඔවුන්ගේ මනසේ බලයෙන් ලෝකයේ ජීවාත්මයන්ට සතුට සහ සාමයේ බිදක් ලබා දෙන නිරතුරුව කරුණාබරිත සහ දයාවෙන් පිරිපුන් දරුවන්ට, පරම පියාගේ සෙනෙහසේ නිරන්තරයෙන් ගැලී සිටින සහ ඔහුගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

ඔබ සියලු දෙනා බොහෝ බොහෝ බොහෝ සතුටින්ද? ඔබ ඉන්නේ සතුටින්ද? ඔබ බොහෝ සතුටින්ද? ඔබ කෙතරම් සතුටකින්ද සිටින්නේ? ඉතිං නිරන්තරයෙන් එසේ සිටින්න. කුමක් සිදුවුනත්, එය සිදුවුනාදේ. දැන් ඔබ කළ යුත්තේ සතුටින් රැදී සිටීම පමණයි. ඔබ පියාසර කළ යුතුයි; කිසිවෙකුට ඔබව පහතට ගෙන ආ නොහැක. එය ස්ථිර කරගන්න. මෙය ස්ථිර පොරොන්දුවක්ද? එය කෙතරම් ස්ථිරයිද? සරළව සතුටින් රැදී සිට, සියලු දෙනාට සතුට ලබා දෙන්න. ඔබ යම් දේකට අකමැති වුනත් ඔබගේ සතුට අහිමි කර නොගන්න. ඔබට හැකි අන්දමකින් සිදුවීම කළමනාකරණය කරගන්න, නමුත් ඔබගේ සතුට අහිමි කර නොගන්න. සිදුවීම කොහොමත් අවසන් වෙයි, නමුත් ඔබගේ සතුට ඔබ සමග යා යුතුයි නේද? කෙසේවෙතත්, ඔබ සමග යා යුතු දේ, ඔබ අත්හරින අතර, ඔබ කොහොමත් අත්හළ යුතු දේවල්, එමෙන්ම ඔබ අත්හැර යා යුතු දේවල්, ඔබ තමන් සමග තබා ගන්නවා! එසේ නොකරන්න! අම්රිත් වේලාවේ දිනපතාම, ප්‍රථමයෙන්ම තමන්ට සතුටේ පෝෂණය කවාගන්න! අච්චා.

වරදානය:
සෙනෙහසේ ගැලී සිටින ඔබගේ මිහිරි නිහඬ මනෝ ස්ථිතියෙන්, ඔබ බැඳීම් ජයගන්නෙකුගේ බලවත් ස්වරූපයක් වේවා.

ඔබට සිරුරක්, නෑදෑයින් සහ එම සිරුරේ සංස්කාර තිබෙනවා, එමෙන්ම මිනිසුන් සහ දේපළ, වාතාවරණය සහ චිත්ත තරංග තිබේ, නමුත් ඒ එකකට වත් ඔබව ආකර්ෂණය කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. මිනිසුන් හඬා වැටෙනවා ඇති නමුත් ඔබ නොසැලී රැඳී සිටිය යුතුයි. පදාර්ථ සහ මායා ඔවුන්ගේ අවසන් ක්‍රීඩා සිදුකර ඔබව ඔවුන් වෙතට ඇද ගැනීමට කෙතරම් තැත් කළත්, සෙනෙහසේ ගිලී සිටින ස්ථිතියේ, නොබැඳිව සහ පියාට ආදරණීය ස්ථිතියේ රැඳී සිටින්න. මෙය හැඳින්වෙන්නේ දකින නමුත් නොදකින, ඇසෙන නමුත් නෑසීම ලෙසයි. මෙය සෙනෙහසේ ගැලී සිටින මිහිරි නිහැඬියාවේ ස්ථිතියයි. ඔබ එවන් ස්ථිතියක් නිර්මාණය කරගත් විට, ඔබ බැඳීම් ජයගත්තෙකුගේ බලවත් සිථිතියේ ආශිර්වාදය ලත් ජීවාත්මයක් ලෙස හැඳින්වෙයි.

පාඨය:
පූජනීය හංසයෙක් වී, දුර්වලතාවයන්ගේ වැලි කැට සහ ගල් පසෙකට දමා, අඛණ්ඩව යහපත් බවේ මුතු කැට අහුලා ගන්න.

අව්‍යක්ත සංඥාව: දැන් සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.

ගිණි කන්දක ස්වරූපය බවට පත්වීම සඳහා, ඔබ දැන් ආපසු නිවහනට යා යුතු බව සෑම විටම මතකයේ තබා ගන්න. ආපසු යාම යනු, ඉක්මවා රැඳී සිටීමයි. ඔබට ඔබගේ අශාරීරික නිවහනට යාමට තිබෙන බැවින්, ඔබගේ ඇඳුම ඔබ එයට අනුකූලව සාදා ගත යුතුයි. ඉතිං ඔබ ආපසු යා යුතු අතර ඔබ අන් අයවත් රැගෙන යා යුතුයි. මෙම අවධානය තබා ගැනීමෙන්, ඔබ ඉබේටම සියලු නෑ සබඳතා සහ පදාර්ථ වලට ඇති ආකර්ෂණය ඉක්මවා යයි, එනම්, ඔබ නොබැඳි නරඹන්නෙක් වෙයි. නොබැඳි නරඹන්නෙක් වීමෙන් ඔබ පහසුවෙන් පරම පියාගේ සහකරුවෙක් වී, පියාට සමාන වෙයි.

නිවේදනය: අද තෙවැනි ඉරු දින ලෝක භාවනා පැයයි, මෙදින සියලුම රාජ යෝගී තපස්වි සහෝදර සහෝදරියන් ප:ව 5.30 සිට 7.30 දක්වා සාමූහික යෝගාවේ අසුන් ගනී. යෝගාවේ සිටින වේලාවේ, ඔබගේ සූක්ෂම, සුරදූත ස්වරූපයේ ස්ථාවරව සිට, බැතිමතුන්ගේ හඬට සවන් දී ඔවුන්ව ඉහළ නංවන්න. “මාස්ටර් දයාවෙන් පිරිපුන්” සහ කරුණාබරිත වී, සියලු දෙනා මත දයානුකම්පාවේ බැල්මක් හෙලා, ඔවුන්ට මුක්තිය සහ ජීවන-මුක්තියේ ආශිර්වාදය ලබා දෙන්න.